අඹ යාලුවෝ

Monday, August 23, 2010

හොස්ටල් ලයිෆ් - රාත්‍රී ප්‍රහාරක බලකාය 3






ඉතිං යාලුවනේ පහුගිය දවස්වල අපි පළකරානෙ රාත්‍රී ප්‍රහාරක බලකාය 1 සහ 2 කොටස්.අද අපි කියන්න යන්නෙ මේ සීරීස් එකේ 3 වෙනි කොටස.ඊට කලින්, සීරීස් එකේ පරණ ලිපි බලපු නැති යාලුවන්ට මෙතනින් ගිහින් ඒවා බලලා එන්න පුලුවන්.

රාත්‍රී ප්‍රහාරක බලකාය 1
රාත්‍රී ප්‍රහාරක බලකාය 2

‍ඉතිං අපි කිව්වනෙ අන්තිමට කොහොමද රාත්‍රී ප්‍රහාරක බලකායයි, ලෝඩ් කොක් බලකායයි සාම ගිවිසුමක් ගැහුවෙ කියලා.දැන් මේ ක්‍රියාත්මක වෙන්නෙ සාම කාල සමය.දැන් ඉතිං දෙගොල්ලො හොද යාලුවොලු.ඔහොම ටික දවසක් යද්දි තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේ.යෝජනාවට කලින් ඉතිං බැක්ග්‍රවුන්ඩ් එක කියල ඉන්න එපායැ!

දැන් අපේ හොස්ටල් කතා කියවල කියවලාම, හොස්ටල් හිටපු නැති යාලුවොත් දල වශයෙන් දන්නවා හොස්ටල් එකක් කියන්නෙ මොකද්ද කියලා.ඉතිං ඒක හින්දා හොස්ටල් එකේ හැම ළමයෙකුටම කබඩ් එක ගානෙ තිබුනයි කියලා අපි අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නොවැ!ඉතිං අපේ ලයිමෝල්ටත් තිබුනලු ලස්සන කබඩ් එකක්.ඒක ඇරපු අතක් නෑ, ඔය උඩ රූපෙ තියෙන කබඩ් එක වගේමයි.හැබැයි අනිත් ළමයින්ගෙ කබඩ් වලට වඩා ලයිමෝල්ගෙ කබඩ් එකේ විශේෂත්වයක් තිබුනා.

සාමාන්‍යයෙන් කිසිම ළමයෙක් තමන්ගෙ කබඩ් එකේ ගොඩාක් වටින දේවල් දාගෙන හිටියෙ නෑ.ඒවයෙ තිබුනෙ ඇදුම්, පොත්පත් වගේ හොරකම් කළාට වැඩක් නැති දේවල්.ඉතිං තමන්ගෙ කබඩ් එක හැම තිස්සෙම ලොක් කරලා තියාගන්න කාටවත් ඕනෙකමක් තිබුනෙ නැහැ.තමන්ට වියදම් කරන්න අවශ්‍ය සල්ලි තිබුන ඇතුල් ලාච්චු විතරයි ගොඩක් වෙලාවට ලොක් කරලා තිබුනෙ.ඒත් ලයිමෝල්ගෙ කබඩ් එක තිබුනෙ හැම තිස්සෙම ලොක් කරලලු.නිකං නෙවෙයි, යතුරට අමතරව තඩි ඉබ්බෙකුත් දාලා.ඒ කියන්නෙ මෑන්ස්ගෙ කබඩ් එක කඩනවානං හොරාට ඉබ්බවත් කඩලා, යතුරු ලොක් එකත් කඩන්න වෙනවා.

ඒ වගේම ලයිමෝල් කවදාවත් කබඩ් එකේ දොර සම්පූර්ණයෙන් අරින්නෙ නෑ.කවුරුවත් බලන් ඉන්නවද කියලා දෙතුන් පාරක් වට පිට බලලා එහෙම තමයි දොර බාගෙට අරින්නෙ.ඒ වගේම ඇරපු හැටියෙම බොහොම ඉක්මනට දොර වහනවා.මේ ඔක්කොම කාරනා බලද්දි ඕන මනුස්සයෙකුට තේරෙනවා ලයිමෝල් තමන්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවා හරි වටින දෙයක් හංගගෙන ඉන්න බව.ඉතිං හොස්ටල් එකේ සගයොත් ලයිමෝල්ගෙ කබඩ් එක ගැන හිතුවෙ එහෙමයි.

ඔය ඕනෙම දෙයක් හංගගෙන ඉන්නකොට ඒක ගැන හොයන්න තියෙන කුතුහලය තව තවත් වැඩි වෙනවා නොවැ!ඉතිං ලයිමෝල්ගෙ කබඩ් එකට අපල කාලය උදාවුණේ ඔන්න ඔය හේතුව හින්දයි.මෑන්ස්ගෙ කබඩ් එක ඒ දවස්වල "ආදරය" වගේ මාතෘකාවක්.ඕක ගැන හැමෝම කතාකරන්න උනන්දු වෙනවා.ඒ වගේම කවුරුත් ඕක ගැන හරියට දන්නෙත් නෑ.ඉතිං කුතුහලය වැඩිකමටම ගොඩක් දෙනෙක් ලයිමෝල්ගෙ කබඩ් එක කඩලා බලන්න බලාගෙන හිටියලු.

ලයිමෝලුත් දැනගෙන හිටියෙ තමන්ගෙ කබඩ් එකට බැච් එකේ අනිත් ළමයින්ගෙ තිබුන ආදරේ.ඒක නිසා මෑන්ස් පුලුවන් හැම වෙලාවෙම කබඩ් එක ඇහැට පේන තෙක් මානෙ තමයි හිටියෙ.කොහෙහරි ගමනක් ගියත් ලයිමෝල් ආපු හැටියෙ කරන්නෙ ඇවිත් කබඩ් එක චෙක් කරලා බලන එක.කොටින්ම පොර තමන්ගෙ දිවි පරදුවට තියලා තමයි කබඩ් එක රැක්කෙ.ඒක හින්දම මීට කලින් මෑන්ස්ගෙ කබඩ් එක කඩන්න එක එක ළමයි කරපු මිෂන් ගණනාවක්ම ෆේල් වෙලා තිබුනා.

අපි කලින් ලිපියෙ කිවුවනෙ ලයිමෝල් හිටියෙ ලෝඩ් කොක් බලකායෙ කියලා.ඒ වුණත් බලකායෙ ඉතුරු සාමාජිකයො වෙච්ච ලෝඩ් කොක්වත්, පොන්ටින්වත් දැනගෙන හිටියෙ නෑ මෑන්ස්ගෙ කබඩ් එක ඇතුලෙ මොනවද තිබුනෙ කියලා.ඉතිං හිතාගන්න පුලුවන්නෙ ලයිමෝල්ගෙ සිකියුරිටි මෙෂර්මන්ට් ගැන.මේ දවස්වල පුරුපුරුටයි, මාලුකට්ටටයිත් මේ කබඩ් එක හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනෙ.

ඔය අතරෙ තමයි ලෝඩ් කොකුයි, පොන්ටිනුයි ඇවිත් පුරුපුරුලාට අර අපූරු යෝජනාව ඉදිරිපත් කළේ.දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ මොකද්ද යෝජනාව කියලා.ඒක තමයි ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.කරන්න බැහැ කියලා සම්මත වෙච්ච, මෙච්චරකල් කාටවත් කරන්න බැරිවෙච්ච, කාගෙත් එකම හීනය වෙච්ච, ලයිමෝල්ගෙ කබඩ් එක කඩන වැඩේ.ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි ලෝඩ් කොක් බලකායයි, රාත්‍රී ප්‍රහාරක බලකායයි එකතු වෙලා කරන පළවෙනි මිෂන් එක.

ඉතිං මුලින්ම තෝරගන්න වුණේ ලයිමෝල් විතරක් ඩෝම් එකෙන් එළියට යන වෙලාවක්.මෑන්ස් කවදාවත් සෙල්ලම් කරන්න ගිය මනුස්පයෙක් නෙවෙයි.ස්පෝර්ට්ස් මොනවත් කළෙත් නෑ.ඉතිං ලයිමෝල් ඩෝම් එකෙන් චුත වෙන්නෙ එක්කො නාන්න ගියාම, නැත්තං බොගට ගියාම.ඒත් පොරට බොගට ගිහින් එන්න විනාඩි දෙකක්වත් යන්නෙ නැති නිසා කබඩ් එක කඩන වැඩේට බොග ටයිම් එක යොදාගන්න එක එච්චර ප්‍රැක්ටිකල් අයිඩියා එකක් වුණේ නැහැ.ඉතිං මේ විදිහට බැලුවාම වැඩේට සුදුසුම වෙලාව වුණේ මෑන්ස් නාන්න යන ටයිම් එක.

හැබැයි මෙතනත් පොඩි ප්‍රශ්නයක් තිබුනා.ලයිමෝල් සාමාන්‍යයෙන් නාන්නෙ දවස් හතරකට විතර සැරයක්.හික්ස්...සමහරවිට වතුර අපතේ යවන එක නරක වැඩක් හින්දා වෙන්නැති.ඉතිං පොර නාන්න යන වෙලාව මගඇරුනොත් වැඩේ තව දවස් ගානකට කල්දාන්න වෙනවා.ඒ වගේම ලයිමෝල්ට නාන්න යන්නෙත් විනාඩි කීපයක් විතරයි.ඉතිං අපේ යාලුවො ටික කළේ ලයිමෝල්ගෙ දිනචරියාව ගැන ඔත්තු බලන්න බුද්ධි අංශ ප්‍රධානී මාලුකට්ටාව යොදවපු එක.

ඉතිං ඔහොම දවසක් දෙකක් යනකොට හදිස්සියෙන්ම මාලුකට්ටාගෙන් සුභ පණිවිඩයක් ආවලු.ඒ තමයි ලයිමෝල් නාන්න ගියයි කියන පණිවිඩේ.වහාම ක්‍රියාත්මක වෙච්ච රාත්‍රී ප්‍රහාරක බලකාය සහ ලෝඩ් කොක් බලකාය කෙලින්ම ලයිමෝල්ගෙ කබඩ් එක ළගට දිව්වලු.ආ..කියන්න බැරිවුණානෙ.මේ මිෂන් එකට විශේෂ පුද්ගලයෙක් විදිහට සංජුවත් යොදාගෙනයි තිබුනෙ.මොකද මෑන්ස් වඩුවැඩ වලට බොහොම දක්ෂ ළමයෙක්.ඉතිං පුරුපුරුලා ප්ලෑන් කරපු විදිහට කබඩ් එක කඩන්න වඩුබාස් කෙනෙක්ගෙ සහයත් අත්‍යාවශ්‍යයි.

මීට කලින් ඔය කබඩ් එක කඩන්න ට්‍රයි කරපු හැමෝම ට්‍රයි කරලා තිබුනෙ ඉස්සරහ පැත්තෙන් කබඩ් එක කඩන්න.ඒ කියන්නෙ කබඩ් එකේ ලොක් කඩලා ඒක අරින්න.ඒත් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කබඩ් එකේ පිටිපස්සෙන් ඒක කඩන්න.කඩන්න කිව්වට කපන්න.ඉතිං අපේ යාලුවො සෙට් එක ලයිමෝල්ගෙ කබඩ් එක ළගට ගිහින් වැඩේ පටන් ගත්තලු.මේකට ඕනෙ වුණේ නියනකුයි, නියනට ගහන්න ලොකු දෙකේ දෙකේ පොල්ලකුයි විතරයි.ඉතිං සංජු වගේ ප්‍රොෆෙෂනල් බාස් කෙනෙකුට කබඩ් එක පිටිපස්සෙන් පොඩි හොර දොරක් කපන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

දැන් තමයි හැමෝම බලාපොරාත්තුවෙන් හිටපු වෙලාව.ලයිමෝල්ගෙ කබඩ් එක ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා බලන්න මේ වෙද්දි ඩෝම් එකේ හිටපු හැමෝම ඇවිල්ලලු.ඉතිං සුබ මොහොතින් සංජු හොර දොර ඇරියට පස්සෙ තමයි කට්ටිය දැක්කෙ ලයිමෝල් මෙච්චර කල් හංගගෙන හිටියෙ මොනවද කියලා.

කබඩ් එකේ එක කොනක තිබුනෙ පුස්කාපු කේක්, පුස් බිස්කට් වගේ දේවල්.පුස්කාපු නැති බිස්කට් පැකට් දෙකකුත් තිබුනා.අනිත් කොනේ තිබුනෙ සන්ලයිට් වගේ රෙදි හෝදන සබනුයි, ඇගේ ගාන සබනුයි මහ ගොඩක්.ඊට අමතරව මෑන්ස්ගෙ ඇදුම් පොත්පත් වගේ දේවල් තමයි තිබුනෙ.මදෑ ඉතිං කට්ටිය වටින දේවල් දකින්න බලාපොරොත්තුවෙන් මහා මිෂන් එකක් කොළා!

බලාගෙන යද්දි වෙලා තියෙන්නෙ මේකයි.ලයිමෝල් කියන්නෙ ඒ දවස්වල නියම ලෝබයා.ඉතිං ගෙදරින් හම්බවෙන කේක්, බිස්කට් වගේ කෑම අනිත් ළමයින්ට දෙන්න වෙයි කියලා හොරෙන් තනියම කන එක තමයි මෑන්ස්ගෙ වැඩේ.කෑවට පස්සෙ ඉතුරු කෑම පස්සෙ කන්න කියලා තමයි කබඩ් එකෙන් අරන් තියල තියෙන්නෙ.ඒත් මෑන්ස් කන සීඝ්‍රතාවයට වඩා වේගෙන් කෑම ලැබෙන නිසා අන්තිමට වෙන්නෙ කබඩ් එකේ කෑම ගොඩගැහෙන එක.ඉතිං ලයිමෝල් වෙන කාටවත් කෑම දෙන්නෙ නැති නිසා ඒවා ටික දවසක් යද්දි පුස් කනවලු.

ඒ වගේම මෑන්ස් ලෝබයා නිසා සබන් කෑලිත් අනිත් ළමයින්ගෙන් තමයි ගන්නෙ.ඉතිං අනිත් ළමයිනුත් පොර ගාව සබන් නැහැයි කියලා හිතලා තමන්ගෙ සබන් මෑන්ස්ට දෙනවා.අන්තිමට ලයිමෝල්ගෙ සබන් කන්ද ටික ටික ගොඩගැහෙනවා.මේ දේවල් අනිත් අයට මාට්ටු වෙනවට තමයි ලයිමෝල් තමන්ගෙ කබඩ් එකේ ඇතුල මෙච්චරකල් අනිත් අයගෙන් හංගලා තිබිල තියෙන්නෙ.

ඉතිං මෙහෙම කබඩ් එක චෙක් කර කර ඉන්න අතරෙ තමයි, මාලුකට්ටාගෙන් මැසේජ් එකක් ආවෙ ලයිමෝල් නාලා ඉවර බව.ඉතිං කට්ටිය වහාම හොර දොර වහලා තමන් හිටිය තැන් වලට ආපහු ගියාලු.ලයිමෝලුත් නාල ඇවිත් කබඩ් එකේ ඉබ්බා යහතින් ඉන්නවා දැකලා සැනසීමට පත්වුණාලු.ඊට පස්සෙ තමයි හොද සිද්දි ටිකක් වුණේ.අපි ඒ සිද්දි මොනවද කියලා රාත්‍රී ප්‍රහාරක බලකාය 4 (අවසාන) කොටසින් බලමුකො නේද?

ප.ලි - අපි කලින් ලිපියෙ කියපු සරුංගලේ අද සවස් යාමයේ කඩාගෙන යන ලදී.

27 comments:

  1. මේ ගොල්ලෝ නම් ප්‍රොෆෙශනල් බලකායක්ද කොහෙද....... :a :a

    පවුනේ ලයිමෝල් අයියා....... කොහොමටත් ඉතින් ඔය බලකායට ඇහ ගැටුනනම් ලයිමෝල් අයියට කේක් කුඩක් වත් ඉතිරි වෙයිද?????? :r :r

    හංගන් හිටි එකත් නම් වරදි තමා....... ඉක්මනට ඉතුරු කොටසත් ලියමු අයියා....... :b

    ReplyDelete
  2. අමතක උනා අහන්න සරුංගලේ තිතක් කරලම ඇරියද????

    ReplyDelete
  3. හෆොයි......ඉතින් ඊට පස්සේ....

    ReplyDelete
  4. අපෙත් හිටිය ඔය වාගෙ එකෙක් දැන් මම නෙට් ලොග් වෙන්නෙත් උගෙ මැසිමෙන්..පොර ගෙදර ගිහින්....

    ReplyDelete
  5. පට්ට කතා ටික මම ඉස්සැල්ලා කොටස් ඕක්කෙම බැලුවා. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකො

    ReplyDelete
  6. malli monawa gena liwuwath kamak nehe, oya kurunduwatte hostel eke kolu seens gena nam liyanna epa

    ReplyDelete
  7. හප්පේ මුං ටික අර අසරණයට කරල තියෙන අපරාදෙ. :k

    ReplyDelete
  8. ඊළඟ කොටසත් දාමු ඉක්මනින්... :e
    අපරාදේ සරුංගලේ. අපේ සරුංගලේ මේ පාරත් උඩ යන්නේ නෑනේ.අනේ මන්දා :s :s

    ReplyDelete
  9. රාත්‍රී ප්‍රහාරක බලකාය 1,2,3 එක හුස්මට කියෙව්වා....කෝ කෝ දැම්මනම් 4ත්‍‍‍.....කතා ටික පට්ටම පට්ට...
    සරුංගලේ ගැන නම් දුකයි.පොඩි කාලේ මගේ සරුංගලයක නූල කැඩිලා ගිහින් මම දවස් දෙක්ක ඇඩුවා... :s :s :s :s :s :s

    @ හසී...
    අයියෝ වැඩබැරි දාසලයි දාසිලයි... :p :p :p :p :p :p :p

    ReplyDelete
  10. :bමරු මරු:e

    ReplyDelete
  11. කියන්ට දෙයක් නෑ වෙනද වගෙම පට්ට කතාව මචං..
    අර ලයිමෝල්ගේ කබඩ් එකෙයි ආදරෙයි ගැන කිව්ව එකනම් ඊටත් වඩා පට්ටම පට්ට... :b

    ReplyDelete
  12. ඉතිහාසෙ වෙච්ච දේවල් ගෙඩිය පිටින්ම ආයෙ වෙනවා වගේ. අපෙත් එකෙක් හිටිය ඔය වගේ. අපි කබඩ් එක කැඩුවෙ නම් නෑ. ඩුප්ලිකේට් යතුරක් තියාගෙන හිටියා.මෑන්ස් ගෙ තාත්තා ඇවිල්ලා කෑම බීම ගෙනත් දීලා යනවා.අපි තාත්තට පින් දිදී ඒව කාලා දානවා.මෑන්ස් අපේ දෙමව්පියන්ට පින් දිදී අන්දොස් වෙලා ඉන්නවා.

    කතා ටික කියාගෙන යන්නකො.මදි පාඩුව සහ ලුණු ඇඹුල් මගේ ගානෙ දෙන්නම්. රිචා සර්, අමරෙ සහ රත්තිපාල අන්කල් සමග ඩැනි අන්කල් කතා සීරිස් එකකුත් පටන් ගන්නකෝ...

    ReplyDelete
  13. මුන්නම් යක්ෂම යක්ෂ පූසො ටිකක් . . . දොර කඩපු එකේ මහන්සිය යන්නත් එක්ක ඉතින් කෑවෙ නැද්ද පුස් කේක් .. . ? (පූස් කේක් නෙමෙයි, පුස් කේක්)

    ReplyDelete
  14. ඉටිකිරිස් සෙට් එකක් නෙව.. එල එල..

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. පූසන්ගෙ වැඩ තමයි වැඩ !!!

    ReplyDelete
  17. @ හා පැටික්කි - හික් හික්!! කුඩක්වත් ඉතුරු වෙන්නෙනං නෑ තමා හා පැටික්කියෙ.ඒත් හැමෝටම ඒ දවස්වල අත්වුණ ඉරණම ඒක තමයි.ලයිමෝල්ගෙ ලෝබ වැඩ නිසා තමයි මෑන්ස්ට මෙහෙම වුණේ.:f:f:f

    සරුංගලේ ඩොට් වෙන්න යැව්වා.ඊට පස්සෙ නූල් ඔතද්දි තමයි කඩලා ගියේ.:s:s:s

    @ හේමලයා - ළගදිම දානවා සහෝ!:b:b:b

    @ indi - හපොයි! ඒ වගේ එකෙක් එක්ක ඉන්නෙ කොහොමද බං?:j:j:j

    @ කසුන් නදීශන - එළකිරි සහෝ! ඉක්මනටම දානවා...:b:b:b

    ReplyDelete
  18. @ Anonymous - :l:l:l

    @ Praසන්ன - හික් හික්!! බොහොම ස්තුතියි සහෝ!:i:i:i

    @ හසී - හපොයි! අපේ හා පැටික්කිටයි හසීටයි සරුංගල් දෙකක් හදලා ඊමේල් කරන්න ඕනෙ වෙලාවක.ඊලග කොටස ඉක්මනට දාන්නම් :f:f:f

    @ හසියා - බොහොම ස්තුතියි සහෝ! මමනං සරුංගලේට යන්න ඇරලා ඉතුරු නූල් ටිකත් ඔතාගෙන ගෙදර ආවා.දැන් ඉතිං පොඩි එවුන් වගේ සරුංගල් පස්සෙන් දුවන්න බෑ නොවැ!:j:j:j

    ReplyDelete
  19. @ Hansi - බොහොම ස්තුතියි සහෝදරී!!:b:b:b

    @ පුතා - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    @ නසරාණියා - හික් හික්!! මටත් පේන්නෙ ඒ වගේ තමයි.බොහොම ස්තුතියි සහෝ.
    :rනරකද සීරීස් එක දැන්මම පටන් ගත්තොත්?
    එතකොට අපි දෙන්නට දෙපැත්තෙ ඉදලා හොස්ටල් කතා ලියන්න පුලුවන්...:b:b:b

    @ දුමී - හික් හික්!! ඒ කොටස ඊළග ලිපියෙ මචෝ!:b:b:b

    ReplyDelete
  20. @ Ansh - :b:b:b

    @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    @ Tikirimalee - බොහොම ස්තුතියි සහෝදරී!!:b:b:b

    ReplyDelete
  21. හොස්ටල් ලයිෆ් එකට ආපහු ගියා වගේ දැනෙනවා.

    ReplyDelete
  22. අෆෝ... කැඩුවටත් පාඩුයි නොවැ..! :n

    ReplyDelete
  23. (දැන් නම් අර වෙබ් පේජ් ප්‍රශ්නය අහවරයි ‍වගේ මලේ)

    කෑවා නේද කට්ටිය පැන පැන පුස් කේක් සමග පුස් බිස්කට්.

    ReplyDelete
  24. @ Charmi - දැනගන්න ලැබීම ලොකු සතුටක් සහෝ!

    @ priyantha - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    @ ගයන්ත - ඒකනෙ බං!:j:j:j

    @ RanDil - හික් හික්!! පුස්කාපුවානං කෑවෙ නෑ අක්කෙ.හොද ඒවා තෝරලා ඒවා විතරයි කෑවෙ...:f:f:f

    හරි පුදුමයි.මම අද ඔය ගැන අහලා ඊමේල් එකක් එවන්න හිටියෙ...:o:o:o

    ReplyDelete
  25. අනේ අපොයි ලයිමෝල්...........
    මාර බලකායක්නෙ මේක....
    :f :f :f :f :f :f :f :f :f :f :f :f :f

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???