මේ සිද්දි වුණේ ගඩොල් පූසො ටික 10 - 11 වසරවල ඉන්නකොට.ඔය දවස්වල කට්ටිය ගියාලු පූස්ගම තිබුන ඕ ලෙවල් විද්‍යාව පන්තියකට.පූස්ගම කිව්වට පූස්ගමමත් නෙවෙයි.සෑහෙන ඇතුලට යන්න ඕනෙලු.හරියටම කිව්වොත් චාටර්මාලිගෙ ගෙවල් තිබුන හරියෙ.
ඉතිං සිකුරාදා හවස තමයි මේ පන්තිය තිබුනෙ.පුරුපුරුයි මාලුකට්ටයි හොස්ටල් එකේ ඉදලා, ස්කූල් වෑන් එකේ හරි බස් එකේ හරි පන්තියට එනවලු.ස්කූල් වෑන් එකේ ආවොත් ඤාව්වයි සව්සිරියිත් සෙට් වෙනවා.ඉතිං කට්ටිය විද්‍යාව පන්තියට හැරෙන පාර ළගින් බහිනකොට උපාසකයි වේයන්ගොඩයයිත් කලින්ම එතනට ඇවිත්ලු.
ඉතිං කට්ටියම එකතු වෙලා ඊට පස්සෙ විද්‍යාව පන්තිය දක්වා සංචාරෙ පටන් ගන්නවලු.විද්‍යාව පන්තියට යන්නනං අර කලින් කියපු පාර දිගේ විනාඩි විස්සක් විසිපහක් විතර ඇවිදින්න ඕනෙලු.ඔය පාරත් ඉතිං මහ පාලු පාරක්ලු.ජීවිතේට බස් එකක් දැකල නෑ.බස් එකක් තියා ඔය පාර රෝද හතරෙ වාහනයක් දකින්නෙත් කලාතුරකින්ලු.ඉතිං පූසන්ට හැමදාම පන්තියට පයින්ම ගාටන්න තමයි සිද්ද වුණේ.හැබැයි ඉතිං පයින් සංචාරෙත් නරකම එකක් වුණේ නැහැලු.
කලින් කිව්ව වගේ ඔය පාර වස පාලුයි.ඉතිං වැඩිය සෙනගත් නැහැලු.ඒක හින්ද අපේ යාලුවො කට්ටිය කරන්නෙ පාර දිගට තියන පලතුරු ගස්වල ගෙඩි කඩ කඩා යන එකලු.ඔය අඹ, රඹුටන්, ජම්බු වගේ ගස් පූසන්ට පෙන්නන්න බැරිලු.අයිතිකාරයට මීටර් වෙන්න කලින් ගස්වල ගෙඩි අතුරුදහන් කරන එක කට්ටියට මහ කජ්ජක් නෙවෙයි.ඉතිං ඔය පාරෙ හිටපු ගොඩක් මිනිස්සුන්ට රාහු කාලය උදාවෙන්නෙ සිකුරාදා හවසටලු.
ඔහොම යද්දි ලොකු වෙලකුත් හම්බවෙනවලු.ඉතිං වෙල අයිනෙ ඇලේ ඉන්න මාලුන්ගෙත් දුක සැප බලල යන්න පූසො අමතක කරන්නෙ නෑ.ඊට පස්සෙ හම්බවෙන්නෙ පොඩි ගෙස්ට් හවුස් එකක්.ඔතන ඉස්සරහ "කාමර පහසුකම් ඇත" කියල ලොකු යකඩ බෝඩ් එකක් ගහල තියනවලු.ඒ දවස්වල කට්ටියට මාර ප්‍රශ්නෙ බස් එකක්වත් නැති පාරක "කාමර පහසුකම්" මොකටද කියලා.ඉතිං යාලුවො ටික කරන්නෙ තඩි ගල් ගෙඩියක් අරගෙන අර බෝඩ් එකට ගහල පැනල දුවන එකලු.පළාතම මහ සද්දෙන් දෙවනත් වෙද්දි අපේ පූසො කට්ටිය අතුරුදහන් වෙලා ඉවරයිලු.(අනේ පව්! ඔය කාමරවල හිටපු කට්ටිය බයවෙන්න ඇති කියල ඒ දවස්වල පූසන්ට මීටර් වුණේ නෑ නොවැ!!)
ඊට පස්සෙ හම්බවෙන්නෙ ස්කූල් වෑන් එකේම ගිය ඇලිගේටර් අක්කලගෙ ගෙදර.ඇලිගේටර් අක්ක ගියෙ වජිර බාලිකාවට.අර ලකීගෙ සෙට් එකේ තමයි හිටියෙ.ඇලිගේටර් අක්කගෙ අම්ම කළේ මල් බිස්නස්.(හික් හික්!! ඔන්න වැරදියට හිතන්න එපා.විසිතුරු මල් හොදේ!)ඉතිං ගෙදර ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගහල තියනවලු මෙන්න මෙහෙම
"මීවණ විකිණීමට ඇත"
ඉතිං පූසො ටික එක දවසක් ඔතනින් ගියාට පස්සෙ බෝඩ් එක වෙනස් වුණාලු මෙන්න මෙහෙම
"මී උණ විකිණීමට ඇත"
තව, ඇලිගේටර් අක්කලගෙ ගේ ඉස්සරහ පාර අයිනෙ තිබුනලු ලොකු මාංසල කොළ තියෙන පදුරක්.ඉතිං අපේ යාලුවො කට්ටිය ඔය පදුරෙ කොළවලත් මොනව හරි ලියල යන්න අමතක කරන්නෙ නෑලු.උදාහරණයක් විදිහට
"ඇලිගේටර් අක්කේ, ඔන්න අපි ආවා - මීට උපාසක"
"ගේ ඉස්සරහ තියෙන බෝඩ් එක දිහා බලන්න"
"ඇවිදල ඇවිදල හරිම මහන්සියි"
වගේ දේවල්.ඉතිං අනිත් සතියෙ බලද්දි ඇලිගේටර් අක්කගෙ අම්ම අර අකුරු ලිව්ව කොළ ටික පදුරෙන් අයින් කරල දාලා.ඔය විදිහට ගිහිං අන්තිමට පදුරෙ ඉතුරු වුණේ කොළ දෙකයිලු.ඉතිං පූසො ටික ඒ කොළ දෙකේ ලිව්වලු මෙන්න මෙහෙම
"මාව කපල දාන්න එපා, අරයව කපල දාන්න"
"නෑ නෑ, මාව නෙවෙයි අරයව තමයි කපන්න හොද"
අනේ! ඊළග සතියෙ යද්දි අර පදුර තිබුන තැනවත් හොයාගන්න නෑලු.දැන්නං ඇලී රජරට පැත්තෙ කැම්පස් එකක කුඹුරු කොටනවලු.
ඇලිගේටර් අක්කගෙ ගෙදරින් පස්සෙ හම්බවෙන්නෙ අපේ සව්සිරිගෙ ගෙදර.මෑන්සුත් පුරුපුරුලගෙ ස්කූල් වෑන් එකේම තමයි ගියෙ.ඉස්කෝලෙ ගියෙනං තුම්මුල්ල කොලීජියට.සව්සිරි පූසන්ට මෑන්ස්ගෙ වත්ත හතර මායිමේ පස් පාගන්න දෙන්නෙ නෑ.මොකද පුසන්ව ළගින් ආශ්‍රය කරන ඩයල් එකක් වශයෙන් එයා දන්නවලු පූසන්ගෙන් වත්තකට වෙන්න පුලුවන් ඩැමේජ් එක.එක පාරක් ගඩොල් පූසො රඹුටන් කාලෙ පොරගෙ වත්තට පැනල, තිබුන රඹුටන් ගහට ගේම දීල තිබුනා.හැබැයි මෑන්ස්ට ෆ්ලවර් ජම්ප් වුණේ ඒකට නෙවෙයි, එදායින් පස්සෙ කවදාවත් ඒ ගහේ ආපහු රඹුටන් ගෙඩියක් හැදුනෙ නෑලු.
විද්‍යාව පන්තියට කලින් හම්බවෙන අන්තිම වැදගත් තැන තමයි අන්නාසි වත්ත.ඔතෙන්දි තමයි පූසන්ට ජීවිතේට අමතක නොවෙන අත්දැකීමකට ෆේස් කරන්න වුණේ.ඉතිං ඒ මොකද්ද කියල අපි ඊළග ලිපියෙන් කියන්නංකෝ.....
ප.ලි - ඩැමේජ් කියන එක ටයිප් කරද්දි මතක් වුණේ, කොම්පියුටර් ක්‍රිකට් ගේම් එකක දර්ශන ගමගේට කියන්නෙ දර්ශන ගැමේජ් කියලා........
හැම වාක්‍යයක්ම 'ලු' කියල ඉවර කරල තියෙන්නෙ මොකද? කියන දේ ගැන තමන්ටවත් විශ්වාසයක් නැති නිසාද? එහෙම නැත්නම් සිංහල භාෂාවේ අළුත් ව්‍යාකරණ රීතියක්ද? මොකද ගොඩක් බ්ලොග්වල ඔය ක්‍රමය අනුගමනය කරන බවක් පේන්න තියෙනවා. කොහොම වුනත් ඕක හොඳ පුරුද්දක් නොවෙයි. ඒකෙන් කියන කතාවේ රසයට වගේම භාෂාවටත් වෙන්නේ ලොකු හානියක්.
ReplyDeleteපූසො ආවොත් පලාතට ම සුනාමි නේ :r
ReplyDeletecomputer games වල විතරක් නෙවෙයි ඉස්සරකාලෙ commentators ලා ඇත්තටම අපේ අයට එහෙම තමා කිවුවෙ.. රුවන් කැල්පේජ්, දුලිප් ලියනේජ්..
ReplyDeleteමමනම් කියන්නෙ නමේ තමයි වැරුද්ද තියෙන්නෙ...
ReplyDeleteDamage = ඩැමේජ් නම්
Gamage = ගැමේජ් වෙන්න ඕනනෙ.
-AD
:o
ReplyDeleteඅර උඩින් ස්ක්‍රොල් වෙන වොනින් එක නම් පට්ට
ReplyDelete:q :q
ReplyDeleteනියම කතාව ලු. ඉතුරු කොටසත් දාන්න ලු.
ReplyDeleteපූසො දැනුත් කොහේ හරි ගියොත් එහෙමද?
ReplyDeleteමට හිතෙන්නේ මේ ලූ යොදලා තියෙන්නේ පුරු පුරු මල්ලී. එයා ලියන එව්වා කියෙව්වාම නිකම් ම හිතෙනවා මේ පුරු පුරු නාම ධාරියා ලියලා තියෙන්නේ කියලා. ඉතිං ලූ දැම්මාම ඒක මග හැරෙයි කියලා අවිහිංසක පැතුමක් වගෙයි.
ReplyDelete:q :e
ReplyDeleteඅන්නාසි වත්තට මොකද උනේ...........?
ReplyDeleteසුනාමි පූසෝ ටිකක්ම තමා මෙයාලා.. :q
ReplyDelete@ ජයන්ත & RanDil - වෙනම ලිපියකින් උත්තර දුන්නා යාලුවනේ!
ReplyDeletehttp://bloggadol.blogspot.com/2010/07/blog-post_22.html
@ කොඩී & Shadow/හේමලයා - :b:b:b:b:b
@ Buratheno & ano - හැබෑටම අපේ කට්ටියගෙ නම් ගම් සුද්දන්ට කියවන්න බැරිවීම ගැන පුදුම වෙන්න ඕනෙ නෑ නොවැ!ඒ අයගෙ භාෂාව අපිට වඩා කොච්චර වෙනස්ද?
ReplyDeleteහැබැයි අපිටනං ලෝකෙ ඕනෙම භාෂාවක වචන ගේමක් නැතුව උච්ඡාරණය කරන්න පුලුවන් :t:t:t:t:t
@ වැම්පයර් - හික් හික්!! තැන්ක්යූ වේවා!තැන්ක්යූ වේවා! කෝකටත් කියල එහෙම එකකුත් දැම්ම මචෝ! :q:q
@ හා පැටික්කි - :f:f
@ Praසන්ன - හික් හික්!!බොහොම ස්තුතියි ලු.ඉතුරු කොටස අද හෙටම දානව ලු.:q:q:q:q:q
ReplyDelete@ priyantha.ඒබී - අපෝ නැ සහෝ!!හික් හික්!! දැන්නං කට්ටිය සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ තමයි තැනකට ගියාම හැසිරෙන්නෙ.දැන් ඉතිං ලොකු ළමයි නොවැ!!:q:q:q:q:q
@ හිඟන්නා - :b:b:b:b:b
@ isimbuwa - හික් හික්!!අන්නාසි වත්තට වෙච්ච දේ ඊළග ලිපියෙන් කියන්නංකො යාලුවෙ!:f:f:f:f:f
@ හසී - හික් හික්!! බොහොම ස්තුතියි සහෝදරී :q:q:q:q:q
අවාසනාවට ඇත්ත කතාවක් :b
ReplyDeleteඉතින් ඊට පස්සේ...............
ඩැමේජ් ලියනකොට ගැමේජ් මතක් වෙන්නෙ, phonetic keyboard එකකින්ද කොටන්නෙ? :D
ReplyDelete@Anonymous:
නමේ වැරැද්දක්?? එතකොට ගමගේ කියල ලියන්න වෙන්නෙ Gamagay කියලද? :D
:b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b
ReplyDeleteළඟින් ගියොත් ඇහැක් නෑ.....................
මේක පොඩ්ඩක් වෙනස් කරල ළඟින් ගියොත් වත්තම නෑ කියලා හදමු.........
@ Hasitha - හික් හික්!! ඊළගට දාන්නෙ ඒ ලිපිය තමයි සහෝ...:b:b
ReplyDelete@ ගයන්ත - අපෝ නෑ.නිකම්ම ඔලුවට ආපු අයිඩියා එකක් මචෝ!
ගම + ගේ = ග්‍රාමීය සමරිසියා
:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f:f
@ කැන්ඩි - හික් හික්!!වත්තෙ පළතුරු ටිකත් නෑ...:e:e:e
අපෝ උබල අපේ පළාතක නොහිටි එකමයි හොඳ හික් හික්
ReplyDelete@ පිස්සා - අපරාදෙ, දන්නවනං ඒ පැත්තටත් එනවා! හික් හික්!!:m:m:m
ReplyDeleteඅදත් ආවා ඔන්න..
ReplyDelete:b
@ Ansh - කොච්චර දෙයක්ද ආපු එක :b:b
ReplyDelete:a
ReplyDeleteඅද තමයි මේ පැත්තෙ ආවෙ. ආතල් බ්ලොග් එකක්... :d
ReplyDelete@ indik - තැන්ක්යූ වේවා මචෝ!!:b:b:b
ReplyDelete