අඹ යාලුවෝ

Friday, June 18, 2010

දැලි රැවුල ඇයි...කැපිලා ගියේ...?



අපි පහුගිය දවසක පෝස්ට් එකක් දැම්මනෙ කිරි කොකුන් මැද කණ කොකෙක් කියලා.ඒකෙන් කියවුණේ උපාසක මුලින්ම සුදු දිග කලිසමක් ඇදල ඉස්කෝලෙ ගිය දවස ගැනනෙ.

"කොල්ලෙක්ගෙ ස්කූල් ලයිෆ් එකේ,තමන්ගෙ පෙනුම සම්බන්ධයෙන් ගොඩක්ම වැදගත් වෙන දවස් දෙකෙන් එකක් තමයි ඔය මුලින්ම සුදු දිග කලිසමක් ඇදලා ඉස්කෝලෙ යන දවස.අනිත් දවස තමයි රැවුල කපල මුලින්ම ඉස්කෝලෙ යන දවස."

කියල අපි ඒ ලිපියෙන් කිව්වා.අද එහෙනං ලෑස්ති වෙන්නෙ ඒ අනිත් දවස ගැන කියන්න.ඒ කියන්නෙ මුලින්ම රැවුල කපපු දවස.අපේ පූසන්ගෙන් මුලින්ම රැවුල කැපුවෙ පුරුපුරු.ඔය සිද්දිය වුණේ මෙහෙමයි.

මේ 2001 අවුරුද්ද.ඒ කියන්නෙ
පුරුපුරුල 9-M පන්තියෙ හිටපු දවස්වල.ඔය කාලෙ මෑන්ස් තමන්ගෙ වයසෙ අනිත් ළමයින්ට වඩා සාපේක්ෂව ටිකක් විතර වැඩියෙන් වර්ධනය වෙලා හිටියෙ.අපේ කතන්දර උන්නැහෙගෙ වගේ නෙවෙයි, පුරුපුරුගෙනං යන්තං යන්තං හතේ අටේ ඉදලා එන්න පටන් ගත්තු දැලි රැවුල නවය වසර වෙද්දි කපන්න ඕනෙ ගානට වැවිල තිබුනෙ.

ඔය කාලෙට ඉතිං දන්නවනෙ කට්ටි‍යගෙ හැටි.හැමදාම උදේ හවස කණ්ණාඩිය ගාවට ගිහින් බලන්නෙ ඊයෙට වඩා අද රැවුල වැවිලද කියල.රැවුල කපනකං නින්ද යන්නෙ නෑ.ඇයි ඉතිං රැවුල කැපුවට පස්සෙ මූව සලකන්නෙ පොඩි-වැඩිහිටියෙක් කියලනෙ.මිනිස්සු වැඩිහිටියෙක් වුණාට පස්සෙ ආපහු ළමයෙක් වෙන්න කොච්චර ආස වුනත් ළමයි සන්දියෙදි හැමෝම කැමති පුලුවන් තරං ඉක්මනට වැඩිහිටියෙක් වෙන්ට නොවැ!
පුරුපුරුත් ඉතිං අනිත් කොල්ලො වගේම රැවුල කපන්න මාර ආසාවෙන් හිටියෙ.

9 වසරෙ මැද හරියක් ගියාට පස්සෙ
ඉස්කෝලෙ පුරුපුරුලගෙ ශ්‍රේණියෙ කොල්ලො කීප දෙනෙක්ම රැවුල කපල හිටියලු.ඒත් මෑන්ස්ගෙ පන්තියෙනං කවුරුවත් රැවුල කපල හිටියෙ නැහැලු.පන්තියෙ හිටපු කොල්ලන්ගෙන් වැඩියෙන්ම රැවුල තිබුනෙ පුරුපුරුට.ඒ කියන්නෙ පන්තියෙ හිටපු වාසනාවන්තම කොල්ල තමයි පුරුපුරු.ඇයි ඉක්මනටම රැවුල කපන්න හම්බවෙන්නෙ එයාටනෙ.

දැන්
පුරුපුරුට හරිම හදිස්සිලු රැවුල කපන්න.ඒ වුණාට තවම ඉස්කෝලෙන් මෑන්ස්ට දැනුම් දුන්නෙ නෑ රැවුල කපන්න කියලා.ඔහොම ඉදලා ඉදලා එක දවසක් පුරුපුරුලගෙ පන්තියට ආපු ප්‍රිෆෙක්ට් කෙනෙකුට වැඩේ මීටර් වුණාලු.මෑන්ස් පුරුපුරුට කිව්වලු පහුවදා එනකොට රැවුල කපාගෙන ආවොත් හොදයි කියලා.මොකද ඉස්කෝලෙ සාමාන්‍යයෙන් කලින් රැවුල කපලා නැති කෙනෙකුට අනිවාර්යයෙන් රැවුල කපාගෙන එන්න කියන සිරිතක් තිබුනෙ නෑ.

දැන් ඉතිං
පුරුපුරුට රජ මගුල් වගේලු.අද හවසනං රැවුල කපනවාමයි කියල හිතාගෙන මෑන්ස් ගෙදර ගියාලු.ගෙදර කට්ටියට වෙච්ච සිද්දියත් කිව්වලු.ඒ වුණාට අවාසනාවක මහත!පුරුපුරුගෙ ප්ලෑන් ඔක්කොම වතුරෙ ගියා.මොකද පුරුපුරුගෙ තාත්ත කැමති වුණේ නෑ අපේ පූසා දැන්මම රැවුල කපනවට.

"
ඔය ළමයෙක් කපන්න කිව්වට දැන්ම රැවුල කපන්ඩ ඕනෙ නෑ"

පුරුපුරුගෙ තාත්ත කිව්වලු.බලාපොරොත්තු කඩවෙච්ච පුරුපුරු සුපුරුදු විදිහට පහුවදා ඉදලා දැලි රැවුලත් අරගෙනම ඉස්කෝලෙ යන්න පටන් ගත්තලු.ඊටපස්සෙත් ප්‍රිෆෙක්ට්ලා කීපදෙනෙක්ම පුරුපුරුට අවවාද කළත් තාත්තගෙ විරෝධය හින්ද මෑන්ස්ට රැවුල කපන්න වුණේ නෑලු.ඔහොම ඉන්නකොට තමයි එක දවසක් පුරුපුරු ගෙදරවැඩ කරගෙන ආවෙ නැතුව සෞඛ්‍ය උගන්නපු කොඩි සර්ට මාට්ටු වුණේ.

කොඩි සර් :-
පුරුපුරු, තමුසෙ මොකද ගෙදරවැඩ කරගෙන ආවෙ නැත්තෙ?

පුරුපුරු :- ....................................(සයිලන්ට් එකේ)

කොඩි සර් :- තමුසෙට ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්න බෑ, තොත්ත බබා වගේ ඉන්න හැටි? ඒ උනාට මොකෝ තඩි රැවුලකුත් වවාගෙන ඉන්නෙ!

මේ කතාව අහපු පන්තියෙ කොල්ලො ටික බඩවල් අල්ලගෙන හිනාවෙන්න පටන් ගත්තලු.ඒ වුණාට පුරුපුරුටනං කිසිම දුකක් නෑලු.මෑන්ස්ට ගිහිං කොඩි සර්ව බදාගන්න තරං හැපියක් ආවලු.රැවුල කපන්න මේ තරං හොද හේතුවක් වෙන කිසිම ගුරුවරයෙක් ලබල දුන්න එකක්යැ!පුරුපුරුත් ඉතිං මේ කතාව ගෙදර ගිහිං කිව්වෙ එක දෙක කරල.මේ පාරනං පුරුපුරුගෙ අම්මවත් තාත්තවත් රැවුල කැපීම සම්බන්දෙන් කිසිම විරුද්ධත්වයක් පළ කළේ නෑ.ඉස්කෝලෙ සර් කෙනෙක්නෙ කියල තියෙන්නෙ.

සාමාන්‍යයෙන් ඔය මුලින්ම රැවුල කපන වැඩේ, නැකතක් කාරිය එහෙම බලලා කිරිබත් කාලා එහෙම චාරිත්‍රානුකූලව තමයි කරන්නෙ.අපේ රටේ ඉතිං ඕනෙම සතුටු අවස්ථාවක් සමරන්නෙ කිරිබත් කාලනෙ!ඒ වුණාට පුරුපුරුට තිබුන හදිස්සියට ගෙදර කට්ටියට කිරිබත් උය උයා ඉන්න වෙලාවක් තිබුනෙ නෑ.තාත්තගෙ රේසරේකුත් අරගෙන පහුවදා උදේම රැවුල කපපු පුරුපුරු ස්කූල් වෑන් එකෙන් ගිහිං වාඩිවුණාලු.ටිකක් එලිය වැටෙද්දි මෑන්ස්ව දැක්ක ඤාව්ව, ලකී ඇතුලු හැමෝටම හරි පුදුමයි.පුරුපුරු රැවුල කැපුවට පසසෙ අදුරගන්න බැරි තරම් වෙනස් වෙලාලු.ඉස්කෝලෙට ගියාම ඉස්කෝලෙ යාලුවො කිව්වෙත් ඒ ටිකමලු.

කොහොම හරි රැවුල කැපුවට ඉතිං
"අපරාදෙ දැලි රැවුල" කියලත් පුරුපුරුට හිතිච්ච අවස්ථා තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ දවස්වල ආසාව තිබුනට පස්සෙ තමයි මෑන්ස්ට තේරුණේ මේක මහ කරදරකාර එපාවෙන ජාතියෙ වැඩක් කියලා.දැන්නං පුරුපුරුට තමන්ගෙ දින චරියාවෙ පෙන්නන්නම බැරි වැඩේ තමයි රැවුල කපන එක!

ප.ලි -
අපි පොඩි මත විමසුමක් කොරන්ට තීරණය කළා. ඔබේ ජීවිතයේ වැඩියෙන්ම ෆන් ගත්තේ මොන කාලෙද? පුලුවන්නං ඔය එහා පැත්තෙ තියෙන කොටුවෙ ඡන්දෙ දාල අපේ මත විමසුමට එකතු වෙන්නකො.




27 comments:

  1. ‍රැවුල මහ වදයක් බන්..එප වෙනවා.... කප කප ඉන්න.......

    ReplyDelete
  2. අපොයි මට නම් එපාම කරපු වැඩේ බන්.

    ඔන්න මම වෝට් කලා. ඇයි දෙය්යනේ උසස් පෙල කාලේ තරම් හොද කාලයක් කොහෙද තව.

    ReplyDelete
  3. පවු අනේ, පූසලගෙ රැවුල කැපුවම එයාල රිංගන්න බැරි තරම් චූටි හිල් වලින් රිංගන්න ගිහින් හිර වෙනවා.

    ReplyDelete
  4. අඩේ.....මගේ නම තියෙන සර් කෙනෙක් :e
    මටත් මතකයි ඒ කාලෙ කොච්චර ආසද කියල රැවුල කපන්න. හැබැයි පස්සෙ තමයි තේරුනෙ කට්ට :h

    ReplyDelete
  5. මටත් එපාම කරපු වැෙඩ් රවුල කපන එක

    ReplyDelete
  6. පස්සේ කාලේ වුනේ දෙතුන් වතාවක් කියලත් රැවුල කපන්නේ නැති කොල්ලන්ව ගේට්ටුව ගාව හිටෝලා තියෙන එක. පුරු පුරුට එච්චර සබ්බුවක් හම්බුණේ නැති එක හොඳයි.

    මටත් හැමදාම රැවුල කපන එක නම් අල්ලන්නේම නැති වැඩක්. දවස් 2 කට 3 කට සැරයක් තමා මම නම් රැවුල කපන්නේ...............

    ReplyDelete
  7. @ ඉලංදාරියා,පිස්සා සහ ගීත් - සිරාවට මචංස්ලා! එපාම එපා කරපු වැඩක් තමයි ඔය රැවුල කැපිල්ල :h

    @ පිස්සා - ඒ වුණාට සහෝ චන්ද ප්‍රතිඵල බැලුවම ඒ ලෙවල් කාලෙට වඩා වෙන කාලවල ෆන් ගත්ත අයත් ඉන්න බව පේනව

    @ චානක අරුණ - හික් හික්!! පුසන්ගෙ රැවුල් ගස් කපන්න ගිහිං එක මනුස්සයෙක්ට වෙච්ච දේ වෙනම පෝස්ට් එකකින් දාන්නංකො!:f

    @ කොඩි - ඔව් ඔව්!!නෑදෑයෙක්ද දන්නෙ නෑ..:b

    ReplyDelete
  8. ඇත්තටම මම නම් හිතන්නේ ඕනේ කෙනෙක්ගේ හොඳම කාලෙ තමයි පාසල් කාලය. ඒකෙත් උ.පෙල කාලය.

    ‍රැවුල ගැන නම් කතා කරලා වැඩක් නෑ. එපා වෙලා තියෙන්නේ කැපිල්ල.

    ReplyDelete
  9. @ හසිත - ඒ දවස්වලනං එහෙම හිටවල තියන්නෙ ඔය රැවුල් කොට පිටින් ඉස්කෝලෙට එන උසස් පෙළ ළමයිව එහෙම.දැන් එහෙනං ඉස්කෝලෙ ඒ දවස්වලට වඩා තද නීති තමයි පාවිච්චි කරනවා ඇත්තෙ!:a

    @ DReeZone - ගොඩක් දෙනෙක් සම්බන්දෙන් ඒ කතාව ඇත්ත වගේ.කොහොම වුණත් එක එක්කෙනාගෙ අත්දැකීම් උඩ තමයි ඒක තීරණය වෙන්නෙ :b

    හික් හික්!! හැමෝටම එපා වෙලා වගේ රැවුල...රැවුල් විරෝධීන්ගෙ සංගමයක් පටන් ගනිමුද?? :q

    ReplyDelete
  10. ශොක්ක්ක්,,, කතාව... :D

    ReplyDelete
  11. හි... හි.... කටියට කියන්න මන් මුලින්ම රැවුල කැපුවෙ ගෙද‍රට හොරෙන්නෙ. මන් ඉතින් ලැජ්ජ බය ඇතුව කොන්වන්ට් එකේ හැදිච්ච කොල්ලෙක්නෙ. හික්ස්.

    ReplyDelete
  12. කතාව නියමෙට ලියල තියෙනවා. රැවුල කැපිල්ල ගැනනම් කතා කරල වැඩක් නෑ.

    ReplyDelete
  13. @ හිතුවක්කාර සිත & Praසන්ன - බොහොම ස්තුතියි යාලුවනේ!!:b
    රැවුල කැපිල්ල හැමෝටම ප්‍රශ්නයක් වගේ!!

    @ අනුරාධ - :r ඉතිං කැපුවට පස්සෙ ගෙදර කට්ටිය දැක්කෙ නැද්ද?මොකද්ද කොන්වන්ට් එක??

    ReplyDelete
  14. "ආ... රැවුල කපලා නේද...." කියල කින්ඩියට වගේ අහුව මතකයි.... මම ඉතින් "හ්ම්.." කියලා හෙමිහිට මාරු වෙලා ගියා. කොන්වන්ට් කතාව ජොක් එකට කිව්ව එකක් බන්.

    ReplyDelete
  15. මගෙ මුහුණෙ රැව්ල වැවෙන්නෙ මුව ආසන්නයෙ ප්‍රදෙශයෙ විතරයි, එක නිසා වැඩි වදයක් නැහැ රැව්ල කපන්න.. හරිම ලෙහෙසියි, පහසුයි. රැව්ල කපන්න ආසයි, මිනින්තු දෙකයි, වැඩෙ ගොඩ, අලුත් රෙසර් එකකින් මුහුනෙත් පැත්තක් ඉවරයි.. :s

    ReplyDelete
  16. @ අනුරාධ - එළ එළ!!:b

    @ හසී - :q

    @ රවා - ඔන්න පලවෙනි පාරට හම්බවුණා රැවුල කැපිල්ල ආසාවෙන් කරන යාලුවෙක්! හැමෝගෙම ඔය වගේ රැවුල වැවුනනම් වැඩේ ගොඩ නොවැ!! :f

    ReplyDelete
  17. කැවුම් කිරිබත් කන්නත් ඕනද රැවුල කපන්න. මම නම් ඔහේ ඇදල ඇරියා. දඅන්නම් එපා වෙනව. මොනව කරන්නද වවාගෙන ගියොත් කවුරු හරි එකෙක් අහයි ඇයි මොකුත් ප්‍රශ්නයක්ද කියල.

    ReplyDelete
  18. මටත් එපාමකරපු වැඩේ තමයි ‍රැවුල කපන එක.ඒක නිසා ඒ වැඩේ මම අත ඇරියා.දැන් ජූජක බමුණා වගේ ‍රැවුල වවනවා.:j නියම කතාව මචං.ඔන්න මමත් vote කලා.AL කාලෙ තරම් fun කාලයක් වෙන කොයින්ද? :e

    ReplyDelete
  19. [ මිනිස්සු වැඩිහිටියෙක් වුණාට පස්සෙ ආපහු ළමයෙක් වෙන්න කොච්චර ආස වුනත් ළමයි සන්දියෙදි හැමෝම කැමති පුලුවන් තරං ඉක්මනට වැඩිහිටියෙක් වෙන්ට නොවැ! ]

    මේ වචන ටික මගේ මතකයත් පහුගිය කාලෙට වේගයෙන් ඇදගෙන යනවා.ඔෆිස් එකේ මොන ප්‍රශ්නෙ හිටියත් මේ බ්ලොග් එකට ආපුවාම දැනෙන සතුට සැහැල්ලුව කියන්න බැරි තරම්.අලුත්ම ලිපිය බලලා ආයෙත් මේසෙ පැත්තට හැරෙන්නෙ පුදුම සැහැල්ලුවකින්..

    ReplyDelete
  20. @ priyantha.ඒ.බී - හික්ස්! පුරුපුරු වගේම තමයි එහෙනං රැවුල කපල තියෙන්නෙ!!:b

    @ අරවින්ද - ඇත්තටම මචෝ ගොඩක් අය වැඩිම ෆන් අරන් තියෙන්නෙ AL කාලෙ බව පේනවා.
    රේසර් වලට යන සල්ලිත් ඉතුරුයි නෙව!:f

    @ නිපුන චාමින්ද - අහන්නත් සතුටුයි සහෝ!අපේ වැඩ හින්ද මිනිස්සුන්ට සතුටු වෙන්න පුලුවන්නම් අපේ සතුටත් ඒකමයි!!:d

    ReplyDelete
  21. :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e :e

    ReplyDelete
  22. හි හි.... මගෙනං මුල් කට් එක ගැහුවෙ ඉස්කෝලෙංමයි...:q

    කීපවතාවක්ම කොන්ඩෙත් කපල තියනව....

    ReplyDelete
  23. @ Anonymous -
    @ සහන් -
    :b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:bb:b:b:b:b:b:b

    ReplyDelete
  24. නමය වසරෙදි රැවුලේ ප්‍රශ්නේ කැන්ඩිටත් ඔය විදියටම තිබුණ......

    ReplyDelete
  25. මටත් රැවුල කැපිල්ල තරං වෙන වදයක් නං නෑ බං! ඒත් මොනා කරන්නද?

    ReplyDelete
  26. Mage rawula tikak itara wawila tbuna dwsaka mama andunana nangi kenek ahuwa aiye mkd dan razor wala ganan wadi welada kyala.
    Matath muladi tube light.
    Math itin ekaparatama qwa ladies ewwa gena dane na.
    Api rawula kapana ewa nam na kiyala.;>

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???