ඔයාලා දන්නවද හයවන ඉන්ද්රිය ගැන? අපේ පූසො සෙට් එකටනම් එහෙම එකක්
තියෙනවා. මොකක් හරි අසමජ්ජාති වැඩක් වෙන්න යනකොට ඒක පූසන්ගෙ හයවෙනි
ඉන්ද්‍රියට දැනෙනවලු.
ඔන්න ඉතිං
අද අපි කියන්න යන්නෙ අපේ උපාසකට වෙච්චි සිද්දියක් ගැන. 2008 අවුරුද්දෙ තමයි
මේක වුණේ. මේ වෙද්දි උපාසක කොළඹ පැත්තෙ නැවතිලා තොරතුරු තාක්ෂණය ගැන
පාඨමාලාවක් හදාරමිනුයි හිටියෙ. ඉතිං මාසෙකට දෙවතාවක් විතර සති අන්තයෙ තමයි මෑන්ස් ගෙදර ආවෙ.
මෙහෙම සෙනසුරාදා දවස් කීපයකදිම ගෙදර එද්දි ගම්පහ
ස්ටේසමේදි උපාසකගෙ රේඩාර් එකට අහුවුනු ගෑනු ළමිස්සියෙක් හිටියා. සුදු පොඩි
බෝලයක් වගේ ගෑනු ළමයෙක්ලු ඉතිං. ගම්පහ ස්ටේසමේ ඇතුලෙ තියෙනවලු එක ප්ලැට්ෆෝර්ම් එකක ඉඳලා අනිකට මාරු වෙන්න හදපු පඩිපෙලක්. ඔය පඩිපෙලේ කොළඹට
කෝච්චි යන පැත්තෙ පාමුල තියෙනවලු ටැප් එකක්. ඉතිං ඔන්න ඔතනම තියෙන බංකුවෙ තමා
මේ ගෑනු ළමයා හැමදාමත් වාඩිවෙලා හිටියේ. අපේ උපාසකත් ඉතිං කරන්නෙ
කොළඹ ඉඳන් එන ට්‍රේන් එකේ ඇවිත් අදාල ප්ලැට්ෆෝර්ම් එකෙන් බහින්නෙ නැතුව
අනිත් පැත්තෙන් කෝච්චි පාරට පැනලා අර ගෑනු ළමයා ඉන්න හරියෙන් ගොඩවෙන එකයි.
මෙහෙම ඉතිං
සති කීපයක් ගෙවිලා ගියාලු. කෝස් වර්ක් එක්ක අම්බානට බිසී හින්දා ඉස්සර චංචලාට ට්‍රයි කරන කාලෙ වගේ ගෑනු ළමයාගෙ විස්තර
හොය හොයා කාලයක් තිබුනෙත් නැහැලු අපේ උපාසකට. ඒ නිසා උපාසක තීරනය කළාලු ඉක්මණින්ම
වැඩේට එන්ටර් වෙන්න.
ඔන්න ඉතිං ඊළඟ සෙනසුරාදා දවසත් උදා වුණාලු. උපාසකත් දැන්
කොළඹ ඉඳන් කෝච්චියෙ ආවලු. ඇවිත් ගම්පහ නැවැත්තුවට පස්සෙ වෙනදා වගේ රේල
පාරට පනින්නෙත් නැතුව, පූසා හෙමීට අහිංසක විදියට පඩිපෙල දිගේ නැගලා එහා පැත්තට
සැපත් වුනාලු. සැපත් වෙලා බැලින්නම් මෙන්න වෙනදා වගේම ඉන්නවලු අර ගැනු ළමයත්. මියෙම්වා
රැකෙම්වා කියලා හිතට පූස් ධෛර්යය අරගත්තු අපේ පූසා කෙලින්ම ගිහින් වාඩි
වුණාලු අර ගෑනු ළමයා ගාවින්. අනේ මේ කෙල්ලත් ඉතිං ඔලුව උස්සල බලලා උපාසකට ලාවට
හිනාවකුත් දැම්මලු. උපාසකත් ඉතිං පොඩි හිනාවක් එහෙම දාලා කතාවට එන්ටර්
වුනාලු.
මේ ගෑනු ළමයා උපාසකට කලින් දැකලා පුරුදු ගතියකුත් තිබුන හින්දම,
උපාසක :- හායි, ඔයා 2006ද ඒලෙවල් කලේ? මට ටිකක් දැකලා පුරුදුයි වගේ ඒකයි ඇහුවෙ.
ගැනු ළමයා :- ඔව්! මම සයන්ස් කළේ, මට මතකයි ඔයා බ්ලැක් ඔෆිසර් සර්ගෙ ෆිසික්ස් ක්ලාස් ආවා.
උපාසක :- (හුටා මාව දන්නවත් වගේ!!! තව මොනව දන්නවද දන්නෙ නෑ.)
"ආ...ඔව් ඔව්!! ආවා නේන්නං! එහෙනං ඒක තමා මටත් ඔයාව මීටර් වෙලා තිබුනෙ. මම මැත්ස් කළේ.
ගෑනු ළමයා :- ආ... ඒක තමයි ඔයාව අනිත් ක්ලාස් වලදි දැකලා නැත්තෙ.
(දකින්න ඉතිං මේ ළමයා දන්නෙ නෑ නොවැ අපේ උපාසක ක්ලාස් ගිය හැටි :) )
උපාසක :- ඉතිං මොකක්ද ඔයාගෙ නම? මමනං උපාසක.
ගෑනු ළමයා- මම නිසූපා.
උපාසක- නිසූපා? හ්ම්ම්... නිසූපා ඔයා හැමදාම මේ වෙලාවට මෙතන ඉන්නවා නේද? මොනාහරි ක්ලාස් එකකටවත් යනවද?
නිසූපා - මම යක්කල ආයූර්වේදෙ ඉගෙන ගන්නව අනේ. සෙනසුරාදාට ඉක්මනට ගෙදර එනවා.
උපාසක- ආ... වෙද නෝනා කෙනෙක්නෙ, ඒක හොඳයි හදිස්සියකට ලෙඩකටවත් බේත් ගන්න බැරියැ!!
(අපේ පූසාට තියෙන පික්සුවට තාම බේත් ලොවෙත් නෑලු)
ඔහොම ඉතිං උපාසක ටෝක් එක ඉතාම සාර්ථක විදිහට ඉස්සරහට අරගෙන ගියාලු. වාසනාවට
වගේ ස්ටේශන් එකේ අංකලුත් කෑගහලා කිව්වලු කොළඹ පැත්තට යන කෝච්චිය ලේට් කියලත්. දැන් ඉතිං අපේ මෑන්ස්ට මල් හතයි. දෙන්න ඔහොම පැයක් විතර අනං මනං ඕප දූප කියෝ කියෝ හිටියලු. ඔහොම
කතාවෙන් කතාවෙන් උපාසක ඩේටා බේස් එකට දාගත්තු විස්තර තමා මෙව්වා.
නම - නිසූපා.
ඉන්නෙ - ගම්පහයි කොළඹයි අතරේ.
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් - දෙන්නම අඳුරන යාලුවොත් ගොඩක් ඉන්නවා.
ඉතිං මෙහෙම කතා කර කර ඉද්දි තමයි තවත් දන්න අඳුරන ඩයල් එකක් ඒ පැත්තට ඇවිදගෙන එනවා
උපාසක දැක්කේ. බැලින්නං මෙන්න බොලේ රෝහණදීර කට කනේ හිනාවක් දාගෙන පූසා ඉන්න පැත්තට එනවලු. ඔයාලා දිගටම බ්ලොග් ගඩොල් බැලුවනං රෝහණදීරව අමතක වෙන්න කොහෙත්ම පුලුවන්කමක් නෑ නොවැ! මතකනෙ අර පූස්ගම හොල්ලගෙන හිටපු චණ්ඩියා?
ඔය විදිහට උපාසකව දැක්ක රෝහණදීරත් ඉතිං එතනට ආවලු හිනාවත් දාගෙනම. උපාසකත් ඉතිං රෝහණදීරත් එක්ක කතා කළාලු. හැබැයි මෙහෙම ටික වෙලාවක් කතා කරගෙන යද්දි උපාසකගෙ හයවන ඉන්ද්‍රියට නිකන් අවුල් අවුල් වගේලු.
රෝහණදීර :- ආ මලයා කොහොමද ඉතිං? මොකද මේ පැත්තෙ?
උපාසක :- ඔහෙ ඉන්නවා රෝහණදීර අයියා, මේ බෝඩිමේ ඉඳලා ගෙදර යන ගමන් යාලුවෙක්ව හම්බ වුණා.
රෝහණදීර :- ඉතිං ඉතිං තාම ස්ටඩීස් එහෙම ඉවර නැද්ද? කෝ පූසො සෙට් එක එහෙම? කස්ටිය දැක්කෙවත් නෑ කාලෙකින්.
රෝහණදීර මෙන්න මෙහෙම උපාසකගෙන් ප්‍රශ්න පත්තරයක්ම අහන්න ගත්තලු. උපාසකත් ඉතිං ඒවාට උත්තර
දුන්නට පස්සෙ රෝහණදීර එකපාරටම නිසූපා පැත්තට හැරිලා මෙහෙම ඇහුවලු.
රෝහණදීර :- අද කෝච්චි පරක්කුයි වගේ නේද නංගි?
නිසූපා :- ඔව් අයියේ! අද ගොඩක් පරක්කුයි වගේ.
ඔන්න එතකොටයි උපාසකට තේරුනේ මේ දෙන්නත් අදුරන දෙන්නෙක් බව. ඒත් ඉතිං අවුලක් නෑනෙ කියලා හිත හදාගත්තු උපාසක දිගටම රෝහණදීර එක්ක කතාව කරගෙන ගියාලු.
දැන් උපාසකයි, නිසූපයි එක ළඟ වාඩි වෙලා ඉන්නවා, රෝහණදීර ඉස්සරහින් හිටගෙන කතා කරනවා. උපාසකගෙ හයවන ඉන්ද්‍රියත් දිගට හරහට මෑන්ස්ට මැසේජ් එවනවා මොකක්හරි අවුලක් කියලා. මේ වෙද්දිනං අපේ උපාසකට උපරිම ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ. ඇයි දෙයියනේ නිදහසේ වැඩක් කිරරගන්න හදද්දිම කොහෙවත් හිටපු රෝහණදීරයෙක් ආවා නොවැ උදැල්ල දාන්න. ඉතිං අන්තිමේදි පූසා තීරණය කළාලු රෝහණදීරව වහාම එතනින් පිටමං කළේ නැත්තං තමන්ගෙ මිෂන් එක ගොඩදාගන්න තියෙන සම්භාවිතාව එකට පනස්දාහට බහිනවයි කියලා. අන්තිමේදි උපාසක නැගිටලා රෝහණදීරට පැත්තකට අඬගැහුවලු.
උපාසක :- මේ රෝහණදීර අයියේ, පොඩ්ඩක් මෙහාට එන්නකෝ
රෝහණදීරත් ඉතිං උපාසකත් එක්ක ටිකක් එහාට ගියාලු. මේ වෙද්දි ඉතිං නිසූපාටත් ටිකක් මීටර් වෙලයි තිබුනේ මොකක්හරි අබ්ලික් කේස් එකක් එතන ක්‍රියාත්මක වෙමින් තිබුන බව.
උපාසක :- මේ රෝහණදීර අයියේ උඹට වෙන වැඩක් නැද්ද බං? මම මේ පොඩි සීන් එකක උච්ඡතම අවස්තාවෙ ඉන්නේ, ඒක කරගන්න දීලා මෙතනින් කැපියන්කො තරහ නැතුව.
රෝහණදීර :- කැපෙන්නෙ? කැපෙන්න නෙවේ #%!#$!# මගෙන් අහගන්නෙ නැතුව පලයන් මෙතනිං. මේ
මගෙ කෑල්ල යකෝ. සතියකට සැරයයි ඒකිව මට හම්බවෙන්නෙ. ඒකටත් හැමදාම තෝ වගේ ගෝතයෙක් පාත්
වෙනවනෙ!!!
ඔන්න එතකොට තමයි අපේ උපාසකට තරු පේන්න ගත්තේ. මොනවා කරන්නද ඉතිං, අර ගිය මොකක්ද එක ආයෙ ඇත්තු ලවාවත් අද්දවන්න බැහැ කියලා කතාවක් තියෙනවා නොවැ! ඉතිං
උපාසක රෝහණදීරට පොඩි බටර් පාරක් ගාලා ෂේප් කරගෙන, වැඩිය චාටර් නෑ කියලා හිත
හදාගෙන ඒ වෙලාවෙම ගෙදර ආවලු. රෝහණදීර පූසො සෙට් එකත් එක්ක ෆිට් බුවා නිසා හොඳයි
ඉතිං. නැත්නං එදා උපාසකට ගෙදර එන්න වෙන්නෙ කොටස් වශයෙන්ලු.
ප:ලි:- එදා ඉඳලා ඉතිං උපාසක එක්ක රෝහණදීර වගේම නිසූපාත් සෑහෙන්න ෆිට් වුණාලු. හැබැයි ඉතිං උපාසකනං නිසූපා එක්ක කතා කළේ මූණටම හම්බවුණොත් විතරයි. නැත්තං මෑන්ස් කළේ නිසූපාව දැක්කාම හිමීට එතනින් ඌර්ධවපාතනය වෙලා යන එක. ඇයි ඉතිං වෙච්ච දේ හැටියට හිත හදාගෙන එයාට ෆේස් කරන්නේ කොහොමද? ඒ වගේම දැන්නං හැබයි රෝහණදීරගෙයි නිසූපාගෙයි මෙව්වා එක නැහැ කියලා තමයි ආරංචි.
කාලෙකින් පූසෝ එළි බැහැලා තියෙන්නේ...
ReplyDeleteමොනවා උනත් රෝහණධීරයා හොඳ එකා... මෑන්ස් හරියට නිකං උඹලගේ ඉෂ්ඨ දේවතාවා වගේ පොරක්... මං හිතන්නේ පූසන්ට අධිපති ආරක්ෂක දේවතාවාද කොහේද...
ඔව් මාරයියෙ කාලෙකට පස්සෙ කස්ටියටම නිවාඩුවක් ලැබුනෙ.
Deleteපූසන්ට අධිපති ආරක්ෂක දේවතාවා... හැබෑ නේන්නම්, ඕක කලින් හිතුනෙ නැති හැටි..
අද නම් කථාව උපරිමයි...ගම්පහ ස්ටේශන් එකේ ටැප් එක...ඒතන මමත් හොදට දන්නවාඅ
ReplyDeleteගම්පහ පැත්තෙ කරක් ගහපු ඒක නොදන්න කෙනෙක්නැතුව ඇති :ඩී
Deleteගම්පහ ස්ටේෂන් එකේ ටැප් එක..? දැන් ඒක එතන නැහැ.
Deleteඔන්න බලහං වෙන වැඩ. අරූ යාලුවම වෙච්ච එක හොඳට ගියා. නැත්තං පූස ඉස්පිරිතාලෙ තමා.නියම නැගල යන කතාව මචෝ.තව වචනෙකුත් අල්ලගත්තා මෙතැනින් /ඌර්ධවපාතනය /මොකක්ද බං මේකේ තේරුම.
ReplyDeleteමම සමකය වටේ ලියන නලීන්
මට මතක විදිහට නම් ඝණ අවස්ථාවේ තියෙන යමක් ද්‍රව අවස්ථාවට නැතුව කෙලින්ම වායු අවස්ථාවට පත් වීමට තමයි ඌර්ධවපාතනය කියන්නේ. මේ සඳහා විශාල ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. රසායන විද්‍යාව පන්තියේ හිටපු නැති නිසා මෙය නිවැරදිම පිලිතුර යැයි සහතික කළ නොහැක. වරදක් ඇතොත් තතු දත්තෝ නිවැරදි කරත්වා....
Deleteඑකෙන්ම ඔය තියෙන්නෙ. වෙච්ච සිද්දියෙ හැටියට පූසා ඌර්ධවපාතනය නොවී තියෙයිද :)
Deleteඅපි වලක් හෑරුවොත් එකෙත් ගෙම්බෙක්.. නේද බං. :D
ReplyDeleteගෙම්බෙක්නම් කමක් නෑ, වලෙත් ගස් ගෙම්බෙක් බං..!
Deleteඋපසාක තව ඩිංගෙන් කනවා.... හික්ස්...
ReplyDeleteඅනිවා මචෝ!! හික් හික්!!
Deleteයක්කල මම නොදන්න කෑල්ල කවුද පූසෝ???
ReplyDeleteයක්කල කිව්වට ඉන්නෙනම් මේ ගම්පහ කොළඹ අතර ස්ටේසමක් කිට්ටුවලු. යක්කල ආයුර්වේදෙ තමා ඒ කාලෙ ඉගෙනගෙන තියෙන්නෙ..
Deleteවෙද මහත්තයා ආයුර්වේදේ ඉගෙන ගන්න ගිහින් මොනවද දන්නේ නෑ ඉගැන්නුවේ... ඔන්න මට හිනා යන්න එනවා....
Deleteවෙද මහත්තය දන්න කෑලි දැන් වයසයි
Deletepau wade
ReplyDeleteබොහොම ස්තුතියි සහෝදරී
Deleteඅඩේ රෝහණධීරය පූසගෙ තරහකාරයෙක් උනානං මිනිහගෙ කැරැට්ටුවෙ හැටියට උපාසකගෙ කෑලි ටික අහුලන්න වෙනව ස්ටේසමේ හිටපු මිනිස්සුන්ට.
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ!!! හොඳ වෙලාවට අපි රෝහණදීරයාගේ ගජ මිත්‍රයෝ නොවැ!!!
Deleteශ්‍රී ලංකාවේ අයටත් පීඩියාවක් අරඹුවා ඔන්න ඔයාලත් එන් http://sinhapedia.blogspot.com/
ReplyDeleteදැනුම බෙදාගන්න.
සෑම සෙනසුරාදාම-තොරතුරු තාක්ෂණ ලිපිය
සෑම ඉරිදාම ඉතිහාස ලිපිය
බොහොම ස්තුතියි!!!
Deleteහම්මෝ යන්තං කතාවක් දාලා...
ReplyDeleteරෝහණධීර නිෂාම හොධයි නෙහ්...
:P
අනිවා සහෝ. බොහොම ස්තුතියි.
Deleteපූසෝ ටිකක් ෆ්‍රී වුනා කාලෙකට පස්සෙ. ඉස්සරහට කතා කීපයක්ම දාන්නයි හිතාගෙන ඉන්නෙ..
Deleteකාලෙකින් පූස් කතාවක්,,රෝහණදීරයා නෙලුවද මන්දා එතනම දාගෙන
ReplyDeleteනෑ බං. රෝහණදීරයා හිත හොඳ එකා :)
Deleteඅඩේ මම දැක්කෙ නෑ නේ ඒ ටැප් එක..හිටාං හෙට බලල එන්න ඒක....ගොඩ කාලෙකින් නේ මේ පැත්තෙ
ReplyDeleteදැන්නං තියෙනවද දන්නෙත් නෑ බං. මේ 2008 වෙච්ච සීන් එකක්. බොහොම ස්තුතියි.
Deleteබැලුව..දැක්ෙක නෑ බං :/
Deleteදැන් ඒක එතන නැහැ. ගලවල අයින් කරල, ඊට ටිකක් එහායින් හයි කරල.
Delete:D :P
ReplyDeleteබොහොම ස්තුතියි සහෝ!!!
Deleteඅපේ බ්ලොග් ලියන නිසූපගෙ කවුරුවත්ද ?
ReplyDeleteනිසූපා හෙට්ටිවත්ත සහෝදරිය සහ මේ නිසූපා අතර කිසිම සම්බන්ධයක් නැත. ස්තුතියි මකරෝ
Deleteමේ නිසූපා යක්කල ආයුර්වේද වන අතර ඒ නිසූපා මොරටු ඉංජිනේරු වන බව කරුනාවෙන් සලකන්න
Deleteමාර සිද්දියනෙ. :D පොලව පලාගෙන ගිහිල්ල ඇමරිකාවෙන් මතුවෙන්න හිතෙන්නෙ ඇති. :D
ReplyDeleteඒක නෙමෙයි ඔය ගෑණු ළමයගෙ නම් නිසුපමද? මම හිතන් හිටියෙ ලංකාවටම ඉන්නෙ නිසුපල එක්කෙනයි කියල. :D (අපේ නිසුපා හෙට්ටිවත්ත සහෝදරිය)
නිසූපා හෙට්ටිවත්ත සහෝදරිය සහ මේ නිසූපා අතර කිසිම සම්බන්ධයක් නැත. බොහොම තෑන්ක්ස් සහෝ :)
Deleteනම - නිසූපා.
ReplyDeleteඉන්නෙ - ගම්පහයි කොළඹයි අතරේ.
වයස - උපාසකලගෙ වයසේමයි.
අධ්‍යාපනය - යක්කල ආයුර්වේද ආයතනයේ ඉගෙන ගන්නවා.
පවුලේ තොරතුරු - මල්ලියෙක් ඉන්නවා
මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස් - දෙන්නම අඳුරන යාලුවොත් ගොඩක් ඉන්නවා.
මේක දැකලා වෙන්නැති මාර්ක් අයියා ෆේස්බුකියට ප්ලෑන ඇන්දෙ! හිකිස්! ඔහොම කතා නං අපිටත් කියන්න තියනවා පූසො! පස්ට!!
බොහොම ස්තුතියි සහෝ! අනිවා. මේ ලෝකෙ හැම දෙයක්ම හොයාගත්තෙ හෙළයො නොවැ! :)
Deleteඅඩේ උපාසක පවු අප්පා....
ReplyDeleteමගේ දෑහට දාඩියත් දැම්මා...
මටත් ඕම සීන් වෙලා තීනවානේ...
ඒ කියන්නේ උඹ ඇඬුවද? හික් හික්!! තෑන්ක්ස් වේවා සහෝ
Deleteආ පුරු පුරු....
ReplyDeleteඅදනම් කෑලි නැතුව එකෙන්ම ගොඩ දාලා තියෙන්නේ.
උපාසකට වෙන්නෙම ඔහොම සීන්නේ. දැන්වත් කෑල්ලක් (/ෆුල් එකක් වත්) ඉන්නවද පොරට?
සුදු පූසීත් එක්ක මන් තරහයි කිව්වා කියලා කියන්න. දැන් පුරු පුරුවට මේ පැත්තෙවත් එන්න බැරි ඒ හින්දනේ. (තරහා නෑනේ. Just a joke)
දැන්නං ෆුල් එකක් ඉන්නවා මචෝ. අනික මේ කතාව ලියලා එව්වේ උපාසකමයි. හික් හික්!! ඔන්න මම සුදුපූසිට කිව්වා...
Deleteඅඩෝ...පව් බං ඩයල් එක :)
ReplyDeleteයක්කල කිව්වා නෙහ්? හොදට දන්න පැත්තක්නේ
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තැන්ක්යූ වේවා රජතුමනි :)
Deleteගම්පහ ඔය කියන තැන කෝච්චියෙ යද්දි හැමදාම දකින තැනක්.
ReplyDeleteඔතෙන්ට බහින්නෙ පැනියොයි පැනි කිරිල්ලියොයි තමා
ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් දාල තියෙනව දැක්කෙ. ගොඩක් සතුටුයි. නිවාඩුවක් තියෙනව කිව්වනෙ. පහුගිය කාලෙ බැරි උන ඒවටත් එක්කම ලිපි ගොඩක් දාන්න පූස් මල්ලිල..........
ReplyDeleteඅනිවාර්යෙන් අයියෙ, පුලුවන් විදියට දිගටම ලියනවා..
Deleteමේ වගේ දේවල් නොවිච්ච කොල්ලෝ ජීවත් වෙලා කුමටද?
ReplyDeleteඅනිවා ඩෙෆා තමා!
Deleteඅදුරන එකෙක් නොවෙන්නම් උපාසක ට අබ සරණයි.
ReplyDeleteඅම්මෝ වෙලාවට මම නෙවේ. ඇත්තටම එයාගෙ නම නිසුපාද?
ReplyDeleteහොයල බලන්න වටිනවා. :D
ඔව් මම දැක්කා මාධව අයියත් කියලා තියෙනවා නිසුපලා එක්කෙනෙයි ඉන්නෙ කියලා.. :ඩී
Deleteඔහොම වැඩම් මටත් වෙලා තියෙනවා බන්,
ReplyDeleteබස් එකක හිටිය කෙල්ලෙක් පෙන්නල ළග හිටිය යාළුවාට කිව්ව "මචං එළ කෑල්ල් නේද කියලා", අරු කිව්වේ නැදද "ආ ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ මචන්" කියලා
ශ්‍රී පතිරණ සර්ගෙ කෙමිස්ට්‍රි පන්තියේදි මම එක කෙල්ලෙකුට පෙරුව දිගට හරහට. පස්සෙ දන්නෙ මගෙ සහායක ඩැනිය තමයි ඒකිගෙ කොල්ල කියල. හැබැයි අන්තිමේදි කෙල්ල අරූව හලල මට සෙට් උනා . . . ඒකෙත් අන්තිමට බලද්දි අරූ ඉදල තියෙන්නෙ කෙල්ලව හලාගන්න බැරුව
ReplyDeleteරෝහණධීරයාට කෝකටත් කියලා ආයුර්වේද බෙහෙත් ටිකක් ගන්න හිතෙන්න ඇති :D
ReplyDeleteඅගපත් වේදනාවටත් හොදා නොවැ! :)
DeletePHP Emoji Characters
ReplyDeletePHP Basic HTTP Authentication
PHP send emojis in email
PHP Contact Form with CAPTCHA
Import a CSV file into MySQL
PHP Export data from MySQL to CSV