අඹ යාලුවෝ

Tuesday, February 1, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9 (තීරණාත්මක දවස)



විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8

ඉතිං යාලුවනේ කලින් ලිපියෙන් අපි කිව්වෙ අපේ පුරුපුරුගෙ ඕ ලෙවල් රිසාල්ට්ස් ආපු කතාවනෙ. දැන් ඉතිං මෑන්ස්ට ඉවසිල්ලක් නෑ විදූශාව මීට් වෙනකං. ඔය අතරෙ අනිත් පූසොත් පාටි එකක් ඉල්ලනවා. ඉතිං අන්තිමට පුරුපුරු තීරණය කළා පූසන්ටයි, විදූශාගෙ සෙට් එකටයි, ඉස්සාටයි, මැක්නාත්ටයි ඊළගට බයෝ ක්ලාස් එක තියෙන දවසට පාටි එකක් දෙන්න. වැඩේට තෝරගත්තෙ ගම්පහ. මොකද කෙල්ලො කොල්ලො සෙට් එකකට එකට කන්න බොන්න හොඳ තැනක් පූස්ගම තිබුනෙ නෑ. අනිත් එක ක්ලාස් ඉවරවෙලා ඒ ගමන්ම පාටි එක දීලා ගෙදර එන්නත් පුලුවන්.

ඉතිං ඔය විදිහට බයෝ ක්ලාස් එක තියෙන දවසත් උදාවුණා. මේ වෙනකොට 2004 ඒ ලෙවල් බැච් එකට සිලබස් ඉවර කරලා තිබුණු නිසා පුරුපුරුලගෙ ක්ලාස් එක තිබුනෙ, නියමිත වෙලාව වෙච්ච සෙනසුරාදා හවස් වරුවෙමයි. ඊට කලින් ක්ලාස් එක තිබුනෙ සතියේ දවසක උදේ වරුවෙ. ඉතිං මේ හින්දා මැත්ස් ක්ලාස් ‍යන උපාසකවයි, ඤාව්වාවයිත් දැන් පුරුපුරුටයි, මාලුකට්ටාටයි සෙනසුරාදා හවසට හම්බවෙනවා. කොහොමහරි උපාසකයි ඤාව්වායි කලින්ම කියලා තිබුනෙ ක්ලාස් ඉවරවෙලා පාටි එක තියන්න නියමිත වෙලා තිබුනු තැනට ගිහින් ඉන්නම් කියලා.

ඉතිං බයෝ ක්ලාස් ගිය අපේ පූසො දෙන්නා, ක්ලාස් එක පටන් ගන්න කලින්ම ඉස්සාටයි, මැක්නාත්ටයිත් පාටි එකේ විස්තරේ කිව්වා. ඒ දෙන්නා කොහොමත් පුරුපුරුගෙන් පාටි එකක් ගන්නමයි කියන්නත් කලින් ලෑස්ති වෙලා ඉදලා තියෙන්නේ. ටික වෙලාවකින් මෙන්න බොලේ විදූශා ඇතුලු යාලුවො තුන් දෙනා ක්ලාස් එකට එනවා. තුන්දෙනාම ඇදගෙන ඉන්නේ නිල්පාට ඩෙනිම් කලිසනුයි, සුදුපාට අත්දිග බ්ලවුසුයි. නිකං ත්‍රී සිස්ටර්ස්ලා වගේ. දැන් තුන්දෙනා ක්ලාස් එකට එද්දි, ක්ලාස් එකේ ඔක්කොම ළමයි හැරි හැරී බලනවා. කොටින්ම දැන් විදූශාලා සන්ලයිට් වගේ ඇඩ් එකක් වෙලා තියෙන්නේ.

පුරුපුරුටයි ඉස්සාටයිත් හිතාගන්න බෑ ඇයි මේ කට්ටිය එකවගේ ඇඳගෙන ඇවිත් තියෙන්නෙ කියලා.

" උන් කලින්ම දැනගෙන පාටියට ලෑස්තිවෙලා ඇවිත්ද කොහෙද? අපරාදෙ අපිත් කලින් දන්නවානං ඔය වගේම ඇඳගෙන එනවා "

මැක්නාත් තමන්ගෙ අදහස ඉදිරිපත් කළා.

එදා කොහොමහරි විදූශා පුරුපුරු එක්ක බස් එකේ නොයන්න නියමිත වෙලා තිබුනු දවසක්. ඒත් අපේ පූසා හිතාගෙන හිටියේ එදා විශේෂ දවසක් නිසා, කොහොමහරි කියලා විදූශාව තමන් එක්ක බස් එකේ යන්න කැමති කරවාගන්න.

ඉතිං ඔය විදිහට වෙලාව ගතවෙලා ක්ලාස් එකත් ඉවරවුණා. දැන් ළමයි කට්ටිය ක්ලාස් ඉවරවෙලා බස්ටෑන්ඩ් තියෙන පැත්තට යනවා. ඉතිං පුරුපුරුයි ඉස්සායි ගිහින් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ලාව මුණගැහුණා.

ඉස්සා :- අද මොකද කට්ටිය එක වගේ ඇඳගෙන?

තිලංකා :- හික් හික්!! නිකං අනේ! ඇයි අපිට එක වගේ අදින්න හොද නැද්ද?

ඉස්සා :- අද පුරුපුරු පාටි එකක් දෙනවා. ඔය කට්ටියත් එන්න.

තිලංකා :- අයියෝ! අද රොෂානිට බඩු වගයක් ගන්න යන්න තියෙනවනෙ.

මේ කතාව ඇහුවාමනං පුරුපුරුට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණා. මෑන්ස් හිතුවේ විදූශා මෑන්ස්ව දැක්ක ගමන් ඇවිත් සුභපතයි කියලා. ඒත් විදූශා හිටියේ කිසිම විශේෂත්වයක් නෑ වගේ. අඩුගානෙ තමන්ගෙ ප්‍රතිඵලේ මොකද්ද කියලාවත් විදූශා පුරුපුරු එක්ක කිව්වේ නෑ. පුරුපුරු මුලින්ම හිතුවේ විදූශාගෙ රිසාල්ට්ස් වල මොකක්හරි ලොකු අවුලක් ඇති කියලා.

පුරුපුරු :- ඇයි විදූශා, ඔයාගෙ රිසාල්ට්ස් කියන්න කැමති නැද්ද?

විදූශා :- අනේ නෑ පුරු, මට ඒ පහයි, බී 4යි සී 1යි. ලිට් වලට තමයි සී එක. ඔයාගෙ රිසාල්ට්ස් මට ආරංචි වුණා. ගොඩාක් සතුටුයි.

පුරුපුරු :- ආ...තැන්ක්යූ. ඉතිං එයාගෙ රිසාල්ට්සුත් හොඳයිනෙ. මොකද නිකං අප්සට් එකේ වගේ ඉන්නෙ?

විදූශා :- ( සිනාසී ) පිස්සුද අනේ? මට කිසිම අප්සට් එකක් නෑ.

පුරුපුරු :- ආ...එහෙනං එච්චරයි. දැන් යමු පාටි එකට.

විදූශා :- අනේ පුරු, අදනං අපිට එන්න වෙන්නෙ නෑ. රොෂානිට බඩු වගයක් ගන්න යන්න තියෙනවා. අනික කවුරුත් අපි එකට ඉන්නවා දැක්කොත් හොඳ නෑනෙ. අපි ලබන සතියෙ පාටි එක දාමුද?

පුරුපුරු :- ඒ වුණාට මම ඤාව්වාටයි, උපාසකටයි, මාලුකට්ටාටයි අද හවස ඉන්න කියලයි තියෙන්නෙ. ඇරත් රොෂානිට ඔච්චර හදිස්සියෙන් ගන්න තියෙන බඩුව මොකද්ද?

රොෂානි :- අනේ පුරුපුරු, අපේ ඉස්කෝලෙන් ගන්න කිව්ව පොත් වගයක් ගන්න ඕනෙ

" තමුසෙට තනියම ගිහින් ඔය පොත්ටික ගන්න බැරිද?"

මෙහෙම අහන්න හිතුනත් පුරුපුරු මොනවත් කියන්නෙ නැතුව කට වහගත්තා. වෙච්ච සිද්දිය ගැන ඉස්සාටත් අප්සෙට්.

පුරුපුරු :- එහෙනං ඔයාලා යන්න. මොනවා කරන්නද? කොහෙන්ද දැන් ඔය පොත් ටික ගන්නෙ?

විදූශා :- සරසවියෙන්

පුරුපුරු :- හා හා...අපි එහෙනං යනවා.

විදූශා :- අනේ සොරි පුරු, ඔන්න ලබන සතියෙ අපිට පාටි එකක් ඕනෙමයි හොදේ!
තිලංකා :- ඔව් ඈ පුරුපුරු. දුන්නෙ නැත්තං බලාගම්මු. හික් හික්...

ඉතිං යෙහෙළියො තුන්දෙනා ඔහොම කියලා යන්න ගියාලු.

පස්සෙ පුරුපුරුයි ඉස්සායි කෙලින්ම ගියෙ පාටි එක දෙන්න නියමිත වෙලා තිබුනු නිමාකා කැෆේ එකට. දෙන්නා යනකොටත් අනිත් පූසො කට්ටියයි, මැක්නාතුයි එතන හිටියා. කොහොමහරි එතනට යද්දි පාටි එකකට ගැලපෙන මූඩ් එකක් පුරුපුරුට තිබුනෙ නෑ. ඉතිං කට්ටිය කතාවුණාලු ඊළග සතියෙ පාටි එක දාමුයි කියලා. ඊටපස්සෙ ඉස්සායි, මැක්නාතුයි බස් එකක නැගලා යන්න ගියාලු.

දැන් ඉතුරුවෙලා ඉන්නෙ පූසො සෙට් එක විතරයි. ඉතිං පුරුපුරු යාලුවො කට්ටියට කිව්වලු වෙච්ච දේ.

ඤාව්වා :- මචං අපි පොඩි ෆලෝ පාරක් දෙමුද?

පුරුපුරු :- ඔව් මාත් උඹලාට කියන්න ගියෙ ඒක තමයි.

ඉතිං ඊටපස්සෙ පූසො සෙට් එක කළේ විදූශා ඇතුලු සෙට් එක ගිය පැත්තට ඇවිදගෙන ගිය එක. ටික වෙලාවකින් උපාසක දැක්කලු ගෑනු ළමයි තුන්දෙනා ගම්පහ ස්ටේෂන් එක උඩින් තියෙන මගී පාලමේ ඇවිදගෙන යනවා. ඉතිං හොරෙන් හොරෙන් කට්ටිය පිටිපස්සෙන් ගිය පූසො සෙට් එක දැක්කෙ ගෑනු ළමයි කට්ටිය ජා ඇල පාරට ගිය හැටි. දැන් ඉතිං විදූශා ඇතුලු කට්ටිය යන්නෙ කිව්ව විදිහටම සරසවි බුක් ෂොප් එක පැත්තටමයි.

පුරුපුරු :- සරසවි එක පැත්තට තමයි යන්නෙ බං.

මාලුකට්ටා :- ඒ වුණාට තව ටිකක් ෆලෝ එක දෙමු නේද බං?

පුරුපුරු :- හා හා.....යමුකො එහෙනං.

හැබැයි අපේ පුරුපුරුට තරු විසිවුණේ කෙල්ලො කට්ටිය සරසවියට ගොඩවදින්නෙ නැතුව ඒක පහුකරලා යන හැටි දකිද්දි. ටික වෙලාවකින් ගම්පහ ස්ටේෂන් එකේ පරණ මගී පාලම හරහා කට්ටිය ආපහු ස්ටේෂන් එකෙන් එහා පැත්තට ගියාලු. පූසො කට්ටිය දිගටම ෆලෝ කළත් මගී පාලමෙන් බැස්සට පස්සෙ විදූශලා කොහෙද ගියෙ කියලා හොයාගන්න පූසන්ට බැරිවුණාලු.

උපාසක :- හොඳට බලපං, මේ කොහෙහරි ඉන්න ඕනෙ.

ඤාව්වා :- එකත් එකටම අර යක්කල හරහා යන පූස්ගම බස් එකේ තමයි ඇත්තෙ.

අපි කලිනුත් කියලා තියෙනවා වගේ ගම්පහ ඉඳලා පුස්ගමට බස් රූට් තුනක් තියෙනවා. ක්ලාස් ඉවරවෙලා ළමයි සාමාන්‍යයෙන් ගෙදර යන්නෙ මිරිස්වත්ත හරහා යන පාරෙ බස්වල. ගොඩක් හිමින් කොට කොටා යන යක්කල පාරෙ බස්වල යන්න කවුරුත් කැමති නෑ. කොහොම වුණත් මේ පරණ මගී පාලම ළග නවත්තලා තියෙන්නෙ ඔය යක්කල පාරෙ යන පූස්ගම බස් තමයි. ඤාව්වා කතා කරන්නෙ මේ බස් එකක් ගැන.

බස් එක කිට්ටුවට ගියත් බස් එකේ සෙනග හිටගෙන හිටපු හින්දා හරියට ඇතුල පෙනුනෙ නෑ. මොකද පෝළිමේ ඉන්න සෙනග බස් එක ගහපු ගමන් තත්ත්පර කීපයක් ඇතුලත ඒකට නගිනවා.

උපාසක :- මචං අපි නැගලාම බලමු

ඤාව්වා :- ඔව් ඔව්!! අනිවා මේකෙ තමයි ඇත්තෙ.

ඉතිං පූසො කට්ටිය කළේ බස් එක ඇතුලට නැගපු එක. ඒක අර පොඩි රෝසා බස් එකක්. ඉතිං සෙනග හින්දා පිටිපස්සෙ සීට් වල ඉන්න කට්ටියව පේන්නෙ නෑ. අපේ පූසො ඊටපස්සෙ කළේ සෙනග පීරගෙන පිටිපස්සට ගිය එක.

එතකොට තමයි පූසො සෙට් එකම තමන්ගෙ ජීවිතකකාලෙ දැකපු පුදුම සහගතම, විශ්වාස කරන්න අමාරු, කම්පනයට පත්වෙනසුලු, මීට කලින් කවදාවත් අහලත් නැති, ඊටපස්සෙ කවදාවත් ඇහුවෙත් නැති, අරුම පුදුම දර්ශනයක් දැක්කෙ.

මෙන්න විදූශා ඉන්නවා බස් එකේ පිටිපස්සෙම සීට් එකේ පෙම්මුල්ලෙ කොල්ලෙක්ට තුරුලු වෙලා. මුණෙ තිබුන රස්ති ලුක් එකෙන් ඒ මල්බණ්ඩා කියලා හිතාගන්න පුරුපුරුට අමාරුවුණේ නෑ.


ඒ සීට් එකේම එහාපැත්තෙ පෙම්මුල්ලෙ තිලංකා ඉන්නවා තව කොල්ලෙක් එක්ක. ඒ කොල්ලත් මල්බණ්ඩාගෙ වයසෙම කොල්ලෙක්.

පිටිපස්සෙම සීට් එකට ඉස්සරහා සීට් එකේ රොෂානි ඉන්නවා, එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නොවෙන තවත් කොල්ලෙක් එක්ක. ඒ කොල්ලත් අර අනිත් කොල්ලො දෙන්නගෙ වයස් වලම ඩයල් එකක්. රොෂානිනං ඇත්තටම හරිම අසභ්‍ය විදිහට තමයි ඒ වෙලාවෙත් හිටියෙ.

ඉතිං මේ දර්ශනේ දැක්කා විතරයි පුරුපුරුගෙ කකුල් පණ නැතුව ගියා. ඇතිවෙච්ච හැඟීම විස්තර කරන්න වචන නෑ. ඇත්තටම මෑන්ස්ට කැරකිල්ල වගේ. ෂොක් එක හින්දා මොනවත් කල්පනා වෙන්නෙ නෑ. දැන් මේ වෙද්දි පුරුපුරු විදූශා ඇතුලු යෙහෙළියන්ව දැකලා තිබුනත්, තමන්ගෙම ලෝකවල හිටපු ඒ කට්ටිය තවම පූසන්ව දැකලා තිබුනෙ නෑ.

ඇත්තටම පුරුපුරු කොල්ලො කෙල්ලො බූට් තියන සිද්දි, ඩබල් ගේම් කරන සිද්දි ඕන තරම් දැකලා තියෙනවා. ඒත් කෙල්ලො තුන්දෙනෙක් ප්ලෑන් කරලා, තුන් දෙනාම ඩබල් ගේම් කරන සිද්දියක්නං මේ උපන්තේකට දැක්කාමයි.

ඔහොම ඉන්නකොට තමයි කෙල්ලො කට්ටිය පූසන්ව දැක්කෙ. පුරුපුරුව දැක්කා විතරයි විදූශා හොල්මනක් දැක්කා වගේ ගල් ගැහුනා. අනිත් ගෑනුළමයි දෙන්නාට වුණෙත් ඒ ටිකමයි. මල්බණ්ඩා පොඩි හිනාවක් දාලා අනිත් කොල්ලො දෙන්නගෙන් එකෙකුට මොනවදෝ කිව්වා. එතකොට තමයි පුරුපුරුට තේරුම්ගියේ ඒ කොල්ලො තුන්දෙනත් එකම සෙට් එකේ කට්ටිය කියලා. එතකොටනං අපේ පූසාගෙ ෂොක් එක ඩබල් ට්‍රිබල් වෙලා ගියා.

බල්ලො පැනපි ස්විමින් පූල් එකට කිව්වලු. ‍‍යකෝ මුන්ම හෙනම ගහන්න එපායැ!

61 comments:

  1. kivva wagema kello 3 ge hora wadak ne...
    kollekta labenne puluwan hodama shock 1 tama (kollek neme ooname vayasaka ganu/perimi bedayakin torawa)...

    1.taman adare kena tamanta adere na kiyane 1ke.
    2.e kena wene 1ta love kiyana 1.
    3.e kena tamanta adare karanawa wage pennene gaman wene 1kketh set wela kiyana 1.

    man habai hitanne me wickraman passe nam kello 3denatama sahene duk wenne wei...

    ReplyDelete
  2. අයියෝ.... පුරු පුරු... මට නම් හිතා ගන්නවත් බැහැ... මෙහෙම කෙල්ලොත් ලෝකේ ඉන්නවද .... හෙණම ගහපන් කිව්වලු....

    ReplyDelete
  3. බල්ලො පැනපි ස්විමින් පූල් එකට කිව්වලු. ‍‍යකෝ මුන්ම හෙනම ගහන්න එපායැ! :h

    ReplyDelete
  4. මේ වගේ කෙල්ලොන්ව නම් ඉතින් කකුල් දෙකෙන් අල්ලලා පොල් ගහක ගැහුවත් මදි බන් :h , බලන්ගියාම හැම කෙල්ලම වගේ ඔහොමනේ :s

    නිමාකා එකේ කෑමත් හොදයි, ගානත් ටිකක් හොදයි :d

    පූස්ගම ට යන බස් රූට් තුනේ දෙසිය ගනන් නම්බර් ද තියෙන්නෙ ? ( එහෙම උනොත් නම් මමත් පූස් ගම ලග පාත තමයි :a )

    ReplyDelete
  5. යකෝ මුන්ම හෙනම ගහන්න එපායැ

    ReplyDelete
  6. දෙන්න එකතු වෙල මෙහෙ ගේම් ගහනවා 1 නම් දන්නව...
    2 මොකද, 3 දෙනා මොකද...

    අනිත් එක සමන්යෙන් හොද යාලු කෙල්ලො දෙන්නෙක්ගෙන් (නැතිනම් 3) එකෙක් විතරක් මෙහෙම වැඩ කරන්නෙ නෑ.එක්කො දෙන්නම කරයි, නැතිනම් දෙන්නා යාලුකම නැති කර ගනි.

    ReplyDelete
  7. යකෝ කියවද්දිත් නිකම් හුස්ම හිර වෙනවා වගේ වෙනවා නේ...
    දුක් සීන් එක.

    ReplyDelete
  8. කෙල්ලො 3 දෙනා එකම විදිහට ඇදන් ඇවිල්ලා තියෙන්නෙ කඩා ගන්න 1 celebrate කරන්නද දන්නෑ???

    ReplyDelete
  9. @ DarKneT | ඉෂාර - ඔව් ඔව්!! උඹ කොහෙද?

    අනිත් යාලුවන්ට පස්සෙ උත්තර දෙන්නං හොදේ!!! මම ඊළග කතාව ටයිප් කරනවා

    ReplyDelete
  10. Shocked!!! Mehema dewal wenna puluwanda saho??? o_O (Kathawa boru kiyala newe kiwwe.Mata meka vishwasa karanna baritharam sirawatama...)

    ReplyDelete
  11. හෙනම ගහන්න එපාදත් අහනවා....... :h

    ReplyDelete
  12. මමත් දෙසිය ගනන් බස් රූට් එකක තමා ඉන්නේ....අරි කවි ලිව්ව එකාගේ ඉස්කෝලේ හරියේ..gadoluyiයි darknetuiයි කොයි පැත්තෙද???
    මාර කෙල්ලෝ ටිකක්නේ බන්...ඔය වලියේ එව්වෝ ඔහොම්මමයි....

    ReplyDelete
  13. @ Naleen Dhanushka - මූනුපොතේ රික්වෙස්ට් එකක් දාන්න සහෝ! අපිත් ඒ පැත්තෙ තමයි

    ReplyDelete
  14. "http://www.facebook.com/naleendhanushka" මට reqst එකක්/ගොඩාරියක් එවන්ඩකෝ..

    ReplyDelete
  15. බුදු අම්මෝ කියන ව ඇරෙන්න මට වෙන මෙලෝ දෙයක් කියන්න හිතෙන්නෙ නෑ. ඕං එහෙනං ආපහු.. බුදුඅම්මෝ................ !!!!!!

    ReplyDelete
  16. හ්ම... මාව හෝල්මං වෙලා ගියා....හිතා ගන්නවත් බැහැ....මෙහෙම අයත් ඉන්නවද කියල...

    ReplyDelete
  17. හික් හික්....මගේ මීටරේ හරි නම් ඔය එක පූසෙක් ඉන්නේ අර ජපන් ට්‍රැක්ටර් කොම්පැනියට ඉස්සරහින් අර ඇතුලට වෙන්ඩ තියෙන පාරේ ගියහම....බොලේ බලන් ගියහම අපේ ඒරියා එකේ මෙච්චර මීයෝ ඉන්නේ පූසොත් වැහි වැහැලා ඉන්නකොටනේ... : e

    ReplyDelete
  18. උඹලගෙ සෙට් එකටම මරො ටොපිනෙ බන් සෙට් වෙලා තියෙන්නේ.... පිස්සු හැදෙනවා කාපු බූට් පාරවල් අහද්දි.... මගේ මේ කතා සීරීස් එක පස්සෙ දාන්නම වෙනවා...

    ReplyDelete
  19. මචො උබ ඉන්නෙ..අර වැලක නමක් තියෙන ගමෙ නෙ...එලකිරි මාත් ඉට පොඩ්ඩක් දුරින් ඉන්නෙ...කෙල්ලො කියන්නෙ බං විස්වාස කරන්ඩ පුලුවං ජාතියක් නෙවෙයිනෙ......
    G - Ghost
    i - in
    r - Real
    L - Life

    ReplyDelete
  20. බුදු අම්මියෝ මෙහෙමත් කෙල්ලො හෙනම ගහන්න එපැයි. කතාකලොත් නම් කොල්ලො තමා ඔක්කොම කොරන්නෙ.

    ReplyDelete
  21. හෙනම ගහපිය කිව්වලු. :h :s :n

    ReplyDelete
  22. dannam hitenawa hemoma boot kana eke mamath boot kaapu eka loku deyak newei kiyala...

    kohoma unath rasa danne kaapu minihama tama. :s

    ReplyDelete
  23. ඇයි කෙල්ලො මෙහෙම කරන්නෙ????????????????????????

    ReplyDelete
  24. පුරු පුරු ගෙ හත් පනින් එකක් යන්ඩ ඇති නේද? :(

    ReplyDelete
  25. හපොයි ඔහොම කෙල්ලො දැන් නම් ඕනෙ තරම් ඉන්නව. මමත් එහෙම එකකගෙන් හොඳට කාල ඉන්නෙ.

    මෙයාගෙ යාලුවො කීපදෙනෙක්ටම කොල්ලො දෙන්න දෙන්න ඉන්නව කියල කියල තියෙනව. අනිත් උන්ගෙ මගුල් මට වැඩක් නැති නිසා හොයන්න ගියෙ නම්. බලද්දි මෙයත් ඒ කැටගරියෙම තමා.

    ReplyDelete
  26. අපොයි මම හිතුවෙ පුරු පුරුවත් ගොඩ ගියා කියලා

    ReplyDelete
  27. එතකොට තමයි පූසො සෙට් එකම තමන්ගෙ ජීවිතකකාලෙ දැකපු පුදුම සහගතම, විශ්වාස කරන්න අමාරු, කම්පනයට පත්වෙනසුලු, මීට කලින් කවදාවත් අහලත් නැති, ඊටපස්සෙ කවදාවත් ඇහුවෙත් නැති, අරුම පුදුම දර්ශනයක් දැක්කෙ. Maxxx z mACHANNNN

    ReplyDelete
  28. මොනවා කියන්නද කියලා හිතා ගන්න බෑ...

    ReplyDelete
  29. සිරාවටම මෙහෙම කෙල්ලො ඉන්නවද බං.ඕකුන්ගේ **ටි කඩා ගත්ත දවසට විසේ හොදවෙයි.

    ReplyDelete
  30. යකෝ මාර ගේමක් නෙ,
    මුන් උල තියන්න එපැයි.
    මල්බංඩත් සෙල්ලම් ඩයල් එකක් නෙවෙයි වගේ.
    බෙදා ගෙන කාලනෙ.
    ඉතුරු ටිකත් ඉක්මනින් දාපන් බං, ඉවසුමක් නෑ

    ReplyDelete
  31. අම්මියෝ, මට සිතන්න බෑ, අදහ ගන්න බෑ, හිතන්නවත් හිත නෑ...

    බයේ බෑ දැන්නම්!

    ReplyDelete
  32. මුන් වගෙ එවුන්ට ‍ෙදන්න ඔනෙ දඩුවමක් තියෙනව...GallFace එකට අරන් ගිහින් ඔක්කොටම පෙන්න එක වැඩක් කරන එක..
    වෙස කෙල්ලො..
    මචන් ඊලග Series එකටනම් මෙ වෙස කෙල්ලො ගවන්න එප..එල එන්ඩ් එකක් තියෙන කතාවක් දාහන්...

    ReplyDelete
  33. මේ මොන මළ හුට්ටප්පරයක්ද උනේ ,,අරුන් තුන් දෙනාම එහෙනම් රීකන්ඩිශන් වෙලා ඉන්න ඇති,3ම කට්ටියටම දීලා එලටම,අම්මො පූසා ගැලවිලා තියෙන්නේ සෙස්සෙන් නේ.යකෝ මෙහෙම ලෝක බඩු ඉන්නව නේ,ඉතුරු විස්තරත් දාපල්ලා

    ReplyDelete
  34. තව පොඩ්ඩෙන් හුස්මත් හිරවෙනවා :h
    යකෝ මෙහෙම බලන් යද්දි කිසිම කෙල්ලෙක් විශ්වාස කරන්න බෑ නේ :s

    ReplyDelete
  35. ඔන්න දැන් තමයි ඉතිරි වෙලා තිබ්බ කතා ටික ඔක්කෝම කියෙව්වේ :b
    අනේ මන්දා බං. බොක්කෙන් ලව් කරන්න ගියාම තමයි ඔය ඔක්කොම වෙන්නේ :s මේවා කියෙව්වාම ඔලුවත් අවුල් වෙනවා :s
    පුංචි ඉල්ලීමක් කරන්නද? මම හිතන්නේ මේ කතාවේ තව කොටසක් ඇති . මේ කතාව ඉවර වෙලා ආයෙත් ලව් ස්ටොරියක් ලියනවානම් හැපී එන්ඩින් එකක් තියන කතාවක් ලියපන්කෝ. ඒ වගේ සත්‍ය කතා දැකලා නැති තරම් :j

    ආ කියන්න අමතක වුනා අපරාදේ අර රෝස මල :q

    ReplyDelete
  36. ඊළඟ සතියෙ පුරුපුරුට පාටි 1 දෙන්න හේතු දෙකක්ම තියෙනව දැන්...

    -pathum

    ReplyDelete
  37. @priyantha.ඒබී,Dar[K],
    Ano,Mahasen Bandara,
    Dakshina - ඔහොම තමා යාලුවනේ!!

    @nawammawatha- ඒ දවස් වලත් අහන අහන එකා කිව්වෙ බුදු අම්මෝ කියල තමයි මචෝ!

    @Naleen Dhanushka- මලයවනම් දැන් දන්නවනෙ ඉතින්.. :)

    ReplyDelete
  38. @Raj- ItalyDilan, AmilaArt - ඉක්මණට දානව සහෝ!

    @කොඩී- අනේ මන්ද බං..

    @පූසා- කතා හදල දාන්නද බං, බලමුකො ඉස්සරහටවත් එකක් ආවොත් දාන්නම්!!

    @තාරක Dilsh@n- උඹලට මේක අහල හිතාගන්න බෑ.., නිකමට හිතල බලපංකො පුරුපුරුට කොහොම හිතෙන්න ඇතිද කියලා..

    ReplyDelete
  39. @RoshanHerath- හිතන්න ගියාම අපේ ඔලු අවුල් වෙනවා නේද මචෝ..?

    @පිණිබිඳු...- ඔය ගියෙ හොදා ගොඩ යෑමක්! :n

    @රංග - මගේ ලෝකය- හැම එකාම මෙහෙමද මංදා මචං..

    ReplyDelete
  40. මචන් ඇත්තටම කියනවනම් උබලගෙ බ්ලොගය තම මම දකින හොදම ලස්සනම බ්ලොගය වෙන්නෙ. මේ කතාව කියවනකොටත් නිකඉ මොකක්ද වෙලා ගියා පපුවත් එක්ක. ඔහොම කතා අපි හැමොටම වෙනව.. ඒත් කවුරුත් ඕවා කියන්න යන්නේ. ඒ අතින් උබල ගොඩක් ඉදිරියෙන්.. පුරු පුරු යාලුවා ට ගොඩාක් දුක හිතෙන්න ඇති. ඒත් ඕවා ඔහොම තමයි නෙ..
    ජය...:r

    ReplyDelete
  41. @BOTTA (බොට්ටා)- පනින්ඩ ඇත්දත් අහනව, හොද පන යන්න ඇති එදානම්..

    @ගිහාන්- ඕකට උත්තර හොයන එකනම් ලේසි නෑ යාලු!!

    @Danuska- ඒක ඇත්ත සහෝ, කාපු එකා තමා රහ දන්නෙ..

    @Praසන්ன, හා පැටික්කි (MS)- හෙනවත් උන්ට වදින්න අකමැති ඇති!!

    ReplyDelete
  42. @අභීත- ඔව් බං, තව සීන් තියෙනව ඉස්සරහට.

    දාපං මචෝ අපිටත් බලන්න..


    @Gayan Rupasinghe- බොහොම ස්තූතියි සහෝ!!!
    ඒක ඇත්ත අපේ කට්ටියටත් ඒ කාලෙදිනම් මේ සිද්දි නිසා සෑහෙන්න වැදුනලු, ඒත් දැන්නම් තේරෙනව හැමෝම මේ කටු කන බව!

    ReplyDelete
  43. මුංගේ අම්මට !@#$$%^%^&. යකෝ මුංව මරලත් මදිනේ. හැබැයි මං එහෙම කිව්වට මටත් ඔහොම වෙලා තියෙනවා. එකපාරක් නෙමෙයි දෙපාරක්ම. එදායින් පස්සේ තමයි මං තීරණය කලේ කවදාවත් සිරාවට ලව් නොකරන්න. මේ වගේ සීන් එකක් වෙච්ච එකෙක් වෙන්න ඇති මෙන්න මේ කවිය කියලා ඇත්තේ.

    ගැණු ජාතිය ජරා ජාතිය
    ගලේ ගහලා මරා දාපිය
    පිරිමි ජාතිය උතුම් ජාතිය
    දු‍ටුව තැන දන නමාපිය.

    මේකේ ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචෝ.........

    ReplyDelete
  44. මම පරක්කු උන ටිකට කතාව දුවලා !

    ඉතින් මේකද අවසානේ .. බලහං ඉතිං කෙල්ලොන්ට මල් අදින එකා ලොකු උන හැටි (මල් අදින එවුවොත් නරක නෑ )මෙච්චර අහිංසක පූසෙක් ඉන්නකොට මොකද මන්දා අර වගේ බන්ඩෙක් එක්ක කොටු පයින්න ගියේ ..නොදකිං මේවගේ කෙල්ලෝ ...

    ජය වේවා !!

    ReplyDelete
  45. තට්ටු වෙන මරුFebruary 1, 2011 at 10:46 PM

    අනේ මන්දා මට නම් කුනුහරුප විතරයි කියන්න තියෙන්නෙ.හෙනම ගහපන් වල් ----න්ට

    ReplyDelete
  46. :n :n :n
    mara case eka ne

    ReplyDelete
  47. හෙන ගහපිය ........!!

    පිස්සු කොල්ලො තිදෙනෙක් හා කෙල්ලො තිදෙනෙක් ...!!



    කෙල්ලො ජාතිය ජරා ජාතිය ගලේ ගහල මරා දාපිය...!! කියන්න ඔය වෙලාවට තමා...!!

    ReplyDelete
  48. මේක නිකන් මට උනා වගේ උප්සෙට් උනා මට...... මෙහෙමත් කෙල්ලො ඉන්නවා කියලා නම් අදහන්නත් බැහැ පූස් මලේ...

    අම්මපල්ලා, මට නිකන් හොල්මන්ද පොල්කොල වෙලා ගියා නිකන් අර බස් එක ඇතුලේ මේ සීන් එක මටම උනා වගේ...

    මේක කියවලා පැය ගානකට පස්සෙ තමයි මේ කමෙන්ට් කරන්නෙ... මල ටිකක් අඩු උනහම...

    එළ ලියවිල්ල... නියමයි.... මවලා පෙන්නනවා.....!!

    ReplyDelete
  49. හම්මෝ! කෙල්ලො එපා කියලා හිතෙනවා!!! :n

    ReplyDelete
  50. අනේ බං ඒකට.... මගෙයි ගම හාමිනේගෙයි ලව් කේස් එකට අවුරුදු දහයක්.... 90 - 2000 කොහොමද වැඩේ....!

    90 තමයි ඕලෙවල් කලේ... 2000 හයිලෙවල්.....!

    ReplyDelete
  51. ගොඩක් කල් ඉඳන් මේක බැලුවත්, අද තමයි මගේ user name එකෙන් කොමෙන්ට් දාන්නෙ. ( කලින් මට බ්ලොග් එකක් තිබ්බේ නෑ). පිස්සු හැදෙනව මල්ලි. මම මේ වගේ කතා ගොඩක් අහල තිබ්බට, කෙල්ලෝ 3 එකතුවෙලා 3 ම මෙහෙම කරන ඇහුවමයි. පොස්ට් එකේ මාතෘකාවේ නියම තේරුම දැන් තමයි තේරෙන්නෙ. O/L, A/L කාලෙ මගේ සෙට් එකේ යාළුවො 10 විතර හිටිය. අපි ඔක්කොටම කෙල්ලොත් හිටිය. අද ගොඩක් එවුන් බැඳලා , හැබැයි ඒ එකක්වත් ඉස්කෝලේ කාලේ යාලු උන ඒවා නෙවෙයි. ඔක්කොමට මේ හා සමාන සිද්දි තමයි සිද්ද උනේ. පුළුවන් විදිහට ඒ කතා ඉස්සරහට කියන්නන්.

    ReplyDelete
  52. අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.. පූසා.. උඹ එල පූසෙක්.!

    වැම්පයර්

    ReplyDelete
  53. සැහ්, කියන්න දෙයක් නෑ බොලව්. ක්‍රෑරයි.

    ReplyDelete
  54. This comment has been removed by the author.

    ReplyDelete
  55. යකෝ අදහන්නත් බෑ බන්... ඔහොම වැඩක් අනික සෙට් වෙලා. අඩේ සිරාවටම ශොක් උනා බන් මේක දැක්කම...

    ReplyDelete
  56. මේ කතාව අහලා මෙහෙම ෂොක් වුනානම් එදා ඒ සිද්ධිය අත්විදපු පුසන්ට ඇතිවුන හැඟීම හිතාගන්න පුළුහන්...අනේ අපොයි....

    මුංව යකෝ මරලා මදි....එල්ලන්න ඕනි.....
    :h :h :h :h :h

    ReplyDelete
  57. what the ෆ්ක් කිව්ව්ලු... :h

    ReplyDelete
  58. cannot believe !!! any way enjoyed all your posts within 1 week, good work lads!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???