අඹ යාලුවෝ

Thursday, February 10, 2011

කේ.මෙන්ඩිස් 2 - මී කතුරාගේ ආගමනය


ඉතිං යාලුවනේ ඔයාලා කේ.මෙන්ඩිස් සීරීස් එකේ මුල් ලිපිය මේ වෙද්දි කියවලා ඇතිනෙ නේද?

ඔය විදිහට අපේ පුරුපුරු, මහබබා ඇතුලු සෙට් එක ඉස්කෝලෙට අලුතින් ආපු අනිත් ළමයි දෙන්නත් එක්කත් කතා කරන්න ගියාලු. මුලින්ම කතා කරපු කොල්ලා ටිකක් කලු, මහත, දෙකේ හතරෙ සයිස් එකේ ඩයල් එකක්.

මහබබා :- ආ...මචං කොහොමද? උඹේ නම මොකද්ද බං?

කොල්ලා :- මුෂ්ටාක් දිලංක සිරිවර්ධන

ඉතිං මෑන්ස් මෙහෙම කියපුවාම අපේ යාලුවො සෙට් එක ෆුල් අබ්ලික් වෙලා ගියාලු. ඇයි දෙයියනේ ජීවිතේට අහන්න බලාපොරොත්තු වෙන නමක්ද මේ යකාට තියෙන්නෙ හැබෑට?

පුරුපුරු :- වැරදියට හිතන්න එපා මචං! උඹ සිංහලද? මුස්ලිම්ද?

මුෂ්ටාක් :- මම සිංහල මචං!

ඔය අතරෙ පුරුපුරුයි, මහබබායි මූණට මූණ බලාගන්නවා දැක්ක මුෂ්ටාක්ට තේරුණාලු, කට්ටිය පොරගෙ නම හින්දා ෆුල් තක්බිරිෆයිඩ් වෙලා ඉන්නෙ කියලා.

මුෂ්ටාක් :- අපේ ආච්චි මුස්ලිම් බං! ඒකයි මගෙ නමට මුෂ්ටාක් කෑල්ලක් තියෙන්නෙ.

මහබබා :- ආ...එල එල!! අරුන් දෙන්නා හෙට ක්ලාස් එකේ කොල්ලන්ට ට්‍රීට් එකක් දෙනවා මචං. උඹයි අර කෙට්ටු එකයි අනිද්දා එද්දි මොනවහරි අරන් වරෙන් පුලුවන්නං.

මුෂ්ටාක් :- එලකිරි මචං! කේක් එකක් හොඳයිනෙ?

පුරුපුරු :- උඹ කැමති දෙයක් ගෙනෙන් බං. අවුලක් නෑ.

ඉතිං එදා ඉඳලා ක්ලාස් එකේ කට්ටිය මුෂ්ටාක්ට කිව්වෙ මුෂී කියලා.

දැන් ඉතිං ඉතුරු තව එක කොල්ලයි. මෑන්ස් වාඩිවෙලා හිටියෙ ක්ලාස් එකේ එහාපැත්තෙ කොනේ. කොහොමහරි කෙමිස්ට්‍රි උගන්නන අතිච්ඡාදන ගුරුතුමා පන්තියට ආපු හින්දා පුරුපුරුලාට පුලුවන් වුණේ නෑ ඒ ළමයා එක්ක කතා කරන්න. (එක සබ්ජෙක්ට් එකක් උගන්නන්න ගුරුවරු දෙන්නා ගානෙ හැම ක්ලාස් එකකටම හිටියා.)

ඊටපස්සෙ මෑන්ස් එක්ක කතා කරන්න පුරුපුරුලාට වෙලාවක් ලැබුනෙ ඉන්ටර්වල් එකේදි. ඒත් එතකොට කට්ටිය තැන් තැන්වල ඇවිදින්න ගිහින්. අන්තිමට මේ කොල්ලා එක්ක කතා කරන්න සෙට් වුණේ පුරුපුරුයි, රාජුයි විතරයි. ඇත්තටම පොරව දැක්කාම ට්‍රීට් එකක් ගේන්න කියන්නත් පුරුපුරුට මොකද්ද වගේ හිතුනලු. මොකද මෑන්ස් බොහොම අහිංසක පෙනුමක් තියෙන, මාලුකට්ටා සයිස් එකටම කෙට්ටු කොල්ලෙක්.

පුරුපුරු :- මචං! උඹේ නම මොකද්ද?

කොල්ලා :- මී කතුරා...උඹේ නම මොකද්ද?

පුරුපුරු :- මම තමයි පුරුපුරු. මේ ඉන්නෙ රාජු. උඹලගෙ ගෙවල් එහෙම කොහෙද?

මී කතුරා :- මම ගම්පහ මචං!

පුරුපුරු :- අපිත් ඒ පැත්තෙ තමයි. මම පූස්ගම. රාජු ඉන්නෙ ගම්පහමයි. උඹ ගම්පහ ටවුන් එකේද?

මී කතුරා :- මම ගම්පහ කිව්වට අහවල් පැත්තෙ බං!

මෑන්ස් ගම්පහ දිස්ත්‍රික්කෙම තියෙන වෙන නගරෙක නමක් කිව්වලු.

පුරුපුරු :- හික් හික්!! ඉතිං යකෝ ඒ ගම්පහද?

මෙහෙම පටන් ගත්තු කතාව ගොඩක් වෙලා යනකං ඉවර වුණේ නෑ. කොහොමහරි මී කතුරා කියන්නෙත් අපේ පූසො සෙට් එකේ අනිත් කට්ටිය වගේම පිස්සුම පිස්සු පූසෙක් කියලා තේරුම් ගන්න පුරුපුරුට වැඩි වෙලාවක් ගියෙ නෑ. අන්තිමට ඉන්ටර්වල් එක ඉවර වෙද්දි පුරුපුරුයි, මී කතුරායි අම්බානට ෆිට් වෙලා හිටියෙ. ඉතිං පුරුපුරුගෙන් මී කතුරාට ආරාධනා ලැබුනලු රාජුයි, පුරුපුරුයි වාඩිවෙලා හිටපු මේසෙටම මෑන්ස්ටත් එන්න කියලා. මොකද මේ දවස්වල මාලුකට්ටා වාඩිවෙලා හිටියෙ වෙන පේළියක.

තවත් ටික වෙලාවකින් තමයි පුරුපුරු දැනගත්තෙ මී කතුරාත් ඒ දවස්වල ෆුල් විරහ වේදනාවෙන් කල්ගෙවපු කොල්ලෙක් කියලා. බැලින්නං මෑන්ස්ගෙ ගෑනු ළමයා පොරව අතඇරලා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලාලු. අපේ පුරුපුරුත් මේ දවස්වල විදූශාගෙ කේස් එක නිසා අප්සෙට් එකේ නොවැ හිටියෙ! ඉතිං දෙන්නාම එකම බෝට්ටුවෙ හින්දා මේ යාලුවො දෙන්නාගෙ ‍ෆිට් එක තවත් වැඩිවුණාලු. මේ වෙද්දි මී කතුරා තමන්ට නියමිත දවසෙ ට්‍රීට් එක දෙන්න කැමති වෙලයි හිටියේ.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදාවුණාලු. බාරගත්ත විදිහටම එදා දවසෙ ට්‍රීට් දෙන්න චූටියි ධනුයි අමතක කරලා තිබුනෙ නෑ. චූටි අයිසින් කේක් එකක් උස්සන් උදේ පාන්දරම පන්තියට ආවලු. ධනුවා ගෙනාවෙ බටර් කේක් එකක්. ඉතිං ඉන්ටර්වල් එකේ ක්ලාස් එකේ කට්ටියම කේක් වලින් සප්පායම් වුණාලු. දැන් මහබබාට ෆුල් හැපී. මෑන්ස් ඩෙස් එකක් උඩ නැගගෙන කෑ ගහනවා.

" මචංස්! මුෂී, මී කතුරා, ඔන්න හෙට උඹලත් මේ වගේම අපිට හොඳ පාටි එකක් දෙන්න ඕනේ "

කොහොමහරි ඉන්ටවල් එකෙන් පස්සෙ තිබුනෙ ඕෆ් පීරියඩ් එකක්. දැන් ඉතිං ක්ලාස් එකේ කොල්ලො කෑ ගහනවා. සමහරු ක්ලාස් එක ඇතුලෙ සෙල්ලං කරනවා. ඇත්තටම පුරුපුරුලා හිටපු ක්ලාස් එකේ රාජුයි, නයිසුයි ඇරෙන්න අයිලන්ඩ් රෑන්ක් ගන්න මට්ටමේ බ්‍රයිටො හිටියෙ නෑ. ඒ දෙන්නා වුණත් නිතරම පිස්සු නට නටා තමයි හිටියෙ. ඔය අතරෙ සෙල්ලං කරලා මහන්සි වෙලා හිටපු පුරුපුරුයි, මී කතුරායි, ඒ දවස්වල කොල්ලන්ට තිබුන වැදගත්ම මාතෘකාවට එන්ටර් වෙලයි හිටියේ.

පුරුපුරු :- කතුරා, නැද්ද මචං ගන එහෙම ?

දැන් බ්ලොග් කියවන්න අලුතින් ආපු යාලුවො කට්ටියට ගිහින් ගන කියන්නේ මොනවද කියලා බලලා එන්න පුලුවන්.

මී කතුරා :- නැතුව නැතුව? මං ගාව හොද ගන කලෙක්ෂන් එකක් තියෙනවා.

පුරුපුරු :- එල එල!! අපි ගාවත් සීඩී ගොඩක් තියෙනවා බං! ඒ වුණාට එක්කොම වගේ කඩු ඒවා තියෙන්නෙ. සිංහල ඒවා බලපු කාලයක් මතක නෑ.

මී කතුරා :- හික් හික්!! අයියෝ බං! මමනං ගිය සතියෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේකුත් බැලුවා.

පුරුපුරු :- මොනවා!!!!! කේ.මෙන්ඩිස්ගෙ?????

කාමිනී මෙන්ඩිස් හෙවත් කේ.මෙන්ඩිස් කියන්නෙ ලංකාවෙ ඒ දවස්වල හිටපු ප්‍රසිද්ද නිළියකගෙ නමක්. ඉතිං මී කතුරා කියපු දේ ඇහිච්ච පුරුපුරුට තමන් ඉහළට ගත්තු හුස්ම පහළට දාන්නත් අමතක වුණාලු. කොටින්ම තත්පර ගානක් යනකං මෑන්ස්ට කතා කරගන්නත් බැරිවුණාලු.

පුරුපුරු :- කේ.මෙන්ඩිස්ගෙ? වෙන්න බෑ. උඹට ෂුවර්ද? ඒ වගේ ලැටින් හරි ඉන්දියන් හරි එකක් වෙන්න ඇති බං!

මී කතුරා :- පිස්සුද බං? මගෙ මේ ඇස් දෙකෙන්ම දැක්කනෙ.

පුරුපුරු :- ඉතිං ***, උඹ මාත් එක්ක ඊයෙ දවසම කතා කර කර හිටියා. තෝ නිකමටවත් මේ ගැන කිව්වද?

මී කතුරා :- ඉතිං යකෝ උඹ මගෙන් මේ ගැන ඇහුවයැ!

බැලින්නං මී කතුරා කියන කතාවත් ඇත්ත. අපේ පුරුපුරුට ගොඩක් දවසකට පස්සෙ ෆුල් හැපී එකක් ගියෙ මී කතුරා කියපු මේ ආරංචිය අහලා තමයි. මී කතුරා කියන්නෙ සුරලොවින් කුරුඳුවත්ත ඉස්කෝලෙට ආපු දේවදූතයෙක්ද කොහෙද?

පුරුපුරු :- රාජු! මාලුකට්ටා!! අඩෝ මෙහෙ වරෙල්ලා. මෙන්න කේ.මෙන්ඩිස්ගෙ ගනයක් තියෙනවලු.

මාලුකට්ටා :- මොනවා????????? කේ.මෙන්ඩිස්ගෙ?

ආරංචිය අහපු මාලුකට්ටාට හාර්ට් ඇටෑක් එකක් හැදෙන්න වගේ. කොහොමහරි මේ සුභ පණිවිඩේ මුලු පන්තිය පුරාම පැතිරෙන්න ගියෙ නැනෝ තත්පර ගානයි. ඒ මී කතුරාට මේ ගැන කිසිම ප්‍රකාශයක් කරන්නවත් වෙලාවක් ඉතුරු නොකර.

මේ වෙද්දි මුලු ක්ලාස් එකම මේ හදිසි ආරංචියෙන් කැළඹිලයි හිටියේ. දැන් ක්ලාස් එකේ කෑ ගැහිලි, සෙල්ලම් කිරිලි ඔක්කොම නැවතිලා. කට්ටියම දැන් වර්ල්ඩ් කප් එක අරන් ආපු අර්ජුනව වගේ මී කතුරාව වටකරගෙනයි ඉන්නේ.

මහබබා :- ඒ කතුරා, ඇත්තද බං මේ කියන්නෙ?

මී කතුරා :- ඔව් බං! මම ඉතිං බලපු එකනේ. හැබැයි ඒක දැන් මං ගාව නෑ. ඒක තියෙන්නෙ අපේ අයියා කෙනෙක් ගාව.

මහබබා :- අනේ මගෙ දෙයියා, මොනවා හරි කරලා ඒක උස්සන් වරෙන්. උඹ ඉතිං හොද එකා කියලා අපි දන්නවනේ. හෙට උඹ පාටි එක දෙන්න ඕනෙත් නෑ. උඹ මේක ගේන එක අවුරුදු දෙකටම ඇති.

මී කතුරා :- ආ...ඒක සුලු දෙයක් බං! ඒ වුණාට ඉස්කෝලෙට මාට්ටු වුණොත්?

මහබබා :- උඹ ගෙනෙන්කො. පුරුපුරු, මූට කියලා දීපං බං ගේන විදිහ. ඉතුරු ටික අපි බලාගන්නං.

මී කතුරා :- හා...හා..මම ගේන්නං මචං.

මහබබා :- හෙට ගෙනෙන් ෂුවර් එකට හොඳේ!

මී කතුරා :- හා මචං.

ඉතිං උද්දාමයට පත්වෙච්ච පන්තියෙ කොල්ලො කට්ටිය දැන් ෆුල් ආතල් එකේ ඉන්නෙ. සමහරු එක එක සින්දු කියනවලු. තවත් කට්ටිය එක එක ඇක්ෂන් දානවලු. ඒ සින්දු ගැනවත්, ඇක්ෂන් ගැනවත් අපි මේ සීරීස් එකෙන් විස්තර කරන්න යන්නෙ නෑ. නිකං මොකටද බ්ලොග් එක සින්ඩි වලින් එළියට දාගන්නෙ නේද?

සැ.යු :- කාමිනී මෙන්ඩිස් යනු මනඃකල්පිත නමක් බව කැණාවෙන් සලකන්න.

23 comments:

  1. කවුද බං ඔය කේ. මෙන්ඩිස්. අපි ඉස්කෝලෙන් අයින් උනේ උබලට අවුරුදු ගානකට කලින්. එක නිසා මට නම මීටර් නෑ. නම කෙලින්ම දාන්න බැරිනම් ලින්ක් එකක් දාපන් ඔය නිවුස් තියන සයිට් එකකට.

    ReplyDelete
  2. මම ටියුබ් ලයිට් වගේ. මේ කියන්නේ අර කාංචනා නංගි වගේ එක්කේනෙක් ඉන්න විනාඩි ගානක ක්ලිප් එක නේ.

    ReplyDelete
  3. අපි නොදන්න කේ. මෙන්ඩිස්. කුරණ නේද එයාගේ ගෙවල් තියෙන්නේ. අර කාංචනා මෙන්ඩිස් වගේම කෙනා නේද

    ReplyDelete
  4. හී හී හී.. කේ ‍මෙන්ඩිස් ආ.. ඕක හෙන ආන්දෝලනාත්මක ගනයක්නෙ බං.. හැබැයි මටනං ඕක බලන්න අහුවුනේ නෑ..

    මුෂ්ටාක් කියලා අපෙත් යාළුවෙක් ඉන්නවා, පක්කෙක්.. බුවාටත් අපි කියන්නෙ මුෂි නැත්තං මුෂ්කිල් කියලා තමා.. :)

    ReplyDelete
  5. ඉකේයියා......අහින්සක මම තවත් වල් වෙනවා.....
    මේ ...මේ....සිරාවටම ගනේ ඇත්තද....එහෙනම් පෙන් එකකට දාගෙන රත්ගම හන්දියට ඇවිල්ලා පොඩි හූ පාරක් දෙන්න....මම ඩාර් ගාලා එතන ඇති.... :f

    ReplyDelete
  6. උඹලා නොකිව්වට ඈක්ෂන් ගැන අපිට හිතාගන්න පුළුවන්.. අර නිකං අස්සයා පදිනවා වගේ සීන් එකක් නේද?

    ReplyDelete
  7. එල එල. දේශීය දේවල් අගය කරන කොල්ලො. අන්න එහෙමයි ඉන්න ඕන. :b

    ReplyDelete
  8. ඉතිං පූසො ගන බලපු හැටිත් ඉක්මනට දැම්මනං.

    ReplyDelete
  9. අම්මට උඩු. මම ත් ඕක ගැන අහල තිබ්බට බලලා නම් නෑ. අයේ ඉතින් ඔය කාලෙ මේ වගේ නිව්ස් එකක් ආවම නින්ද යන්නෙත් නෑ අප්පා හරියකට.. :o

    ReplyDelete
  10. දැන් නේ මේ සීරියස් එකේ ටොපික් එක තේරුනේ. කේ. මෙන්ඩිස්. පට්ට ඈ.. කඩු කෑලි කිසි ගතියක් නෑ බං අපේ එව්ව තරං :)

    . කේ. මෙන්ඩිස්.සිරාවමද බං? ;)

    ReplyDelete
  11. :e මාරු කතාව.. මමත් ඕක අහල තියනවා කේ . මෙන්ඩිස් ගේ ගනේ ගැන බලල නම් නෑ .. පූසෝ දන්නවද දන්නේ නෑ සමහර ක්ලාස් වල පිටිපස්සෙන් ඇතුලට බහින්න පුළුවන් ..

    ReplyDelete
  12. පූසෝ බලන් ගියාම අහිංසක සත්තු ජාතියක්නේ...:a

    ReplyDelete
  13. මම කිවුවේ බොලාගේ කතා,,පටන් ගන්න තැනින් නෙමේ ඊලගට දැන් ගන කතාවක් උනා

    ReplyDelete
  14. මම හිතන්නෙ ඕක මමත් බලපු එකක්. ඔය පුද්ගලය ගැන එල කතාවක් තියෙනව. ප්‍රසිද්දියෙ දාන්න බෑ. කවද හරි ප්‍රයිවට් එකේ කියන්නම්.

    ReplyDelete
  15. ඔයගොල්ලො මට අපහාස කරල බ්ලොග් පෝස්ට් ලියලා නේද?ඉදපල්ලකෝ මම යනවා උසාවි

    ReplyDelete
  16. සිරි ලක දේ සිරි සැප දේ!!! :e

    ReplyDelete
  17. කේ. මෙන්ඩිස් ? ගන? :k

    ReplyDelete
  18. බලමු පූසෝ සෙට් එක කේ මෙන්ඩිස් බලපු හැටි .. එහෙනම් මී කතුරා ඇවිලා සෙල්ලං පූසෙක් නෙවේ ලෝකේ කාපු පූසෙක් ..

    බලමු බලමු මේ කතා මාලාවත්

    ReplyDelete
  19. කුරුඳවත්ත Run කරල තියෙන්නෙ ගම්පහ කොල්ලො ටිකක් එහෙනම් ආ.. :D

    ReplyDelete
  20. ඕක ඇත්තටම තියෙනවාද බන්ග් අපේ ඉස්කෝලෙටනම් ආවේ නෑ.

    ReplyDelete
  21. ඒ කාලේ ඔහොම දන්න කියන එකියක්ගෙ ගනයක් නම් ඉතින් වෙන මොකටද... අපි එක ගනයක් හොයන්න ස්කෝලෙ පාඩු කරන් හැතම්ම ගනන් බස් වල ගිහින් චාටර් කෑව නොවැ...

    ReplyDelete
  22. අපි නම් ඉතිං ඇන්ටි ගන නේ.... :e :k

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???