අඹ යාලුවෝ

Saturday, August 28, 2010

දිලූශා සහ හංසිනී 2 - ශ්‍රීමත් අගුලු භවාන්



අම්මෝ! කට්ටියට ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලාද මන්දා? හොදයි හොදයි, එහෙනං යාලුවනේ අපි මෙගා නාට්‍ය ස්ටයිල් එකට නැතුව ඉතුරු කතා දාන්නං! ඊට කලින් දිලූශා සහ හංසිනී 1 කොටස බලපු නැති යාලුවො ගිහින් බලලා එන්නකො.

අපි කතාව නැවැත්තුවෙ දිලූශා ටීන්බුක් එක ආපහු මාලුකට්ටාට දුන්න තැනින්නෙ.දැන් ඉතිං පූසො කට්ටියට මාර කුතුහලේ මේ දෙන්නා මොනවද ලි
යල තියෙන්නෙ කියලා.ඉතිං කට්ටිය වහාම පොත දිගඇරලා බැලුවලු.බැලින්නං කිසිම අප්සට් එකක් නෑ.මුතුවන් අකුරු වලින් ලස්සනට ලියලා තිබුනලු.ප්‍රශ්න ඔක්කොටම නියමෙට උත්තර දීලා.දැන්නං ඉතිං මාලුකට්ටගෙ මූණත් මුතුඇටයක් වගේ බබලනවලු.වැඩේ ගොඩ වගේ තමයි.ඉතිං එදා ඉදලා දිලූශයි සහ හංසිනීයි පූසො එක්ක, විශේෂයෙන් මාලුකට්ටා එක්ක ගොඩක් ෆිට් වුණාලු.ඒ කියන්නෙ පළවෙනි මිෂන් එක සාර්ථකයි.

මාලුකට්ටගෙ ලක්ෂණයක් තමයි කෙල්ලෙක් එක්ක ෆිට් වුණාට පස්සෙ මේ ලෝකෙ සිහියක් නෑ.වෙන මොනවත් මතකත් නෑ.මෑන්ස්ව අල්ලන්න වෙ
න්නෙ දැල් දාලා තමයි.ඉතිං මෙතනදිත් වුණේ ඒකයි.දැන් මාලුකට්ටා ක්ලාස් යන්නෙ දිලූශයි සහ හංසිනීයි එක්ක.ඒ වගේම ක්ලාස් ඉවරවෙලා ගෙදර යන්නෙත් දිලූශයි සහ හංසිනීයි එක්කලු.ඉතිං අනිත් පූසො හිතුවෙ ඒ වෙනකොට මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගෙන ඇති කියලා.ඒත් වෙලා තිබුනෙ වෙන දෙයක්.

මාලුකට්ටා හිතාගෙන හිටියෙ ගෑනු ළමයි දෙන්නත් එක්කම ෆිට් වෙලා, වැඩියෙන් ෆිට් වුණ එක්කෙනාව යාලු කරගන්නනෙ.මේ වෙද්දි දිලූශයි සහ හංසිනීයි දෙන්නම මෑන්ස් එක්ක අම්බානට ෆිට් වෙලා.කොටින්ම දැන් මේ දෙන්නට මාලුකට්ටා නැතුව දවසක්වත් ඉන්න බැහැයිලු.හැබැයි වැඩේ කියන්නෙ දෙන්නම මෑන්ස් එක්ක එකම ගානට ෆි
ට්.දෙන්නගෙන් කවුරුත් අනික් එක්කෙනාට වැඩි යාලුකමක් මාලුකට්ටා එක්ක නෑ.ඉතිං අපේ පූසා වැටිලා හිටියෙ ලෝක අමාරුවක.දැන් කාවද යාලුවෙන්න තෝරගන්නෙ?

මේ වෙලාවෙ අපේ පුසො සෙට් එක තීරණය කළේ මාලුකට්ටා දෙන්නගෙන් කාවහරි තෝරගන්න ඕනෙ කියලා.මොකද දෙන්නගෙන් කවුරුහරි මාලුකට්ටත් එක්ක වැඩියෙන් යාලු වෙනකං හිටියනං මෑන්ස්ට කවදාවත් ඔය වැඩේ කරගන්න වෙන්නෙ නෑ.ඉතිං දැන් ප්‍රශ්නෙ තමයි වැඩිපුර සුදුසු කෙනා කවුද කියලා තීරණය කරන එක.මේ තීරණය ගන්නනං දෙන්නා ගැනම විස්තර හොදට හොයන්න ඕනෙ කියලා අපේ පූසො තීරණය කළාලු.

ඉතිං කට්ටියගෙ ඒකමතික අදහස වුණේ ඩිටෙක්ටිව් මිෂන් එකක් දෙන්න ඕනෙ කියලා.මොකද ඔය දවස්වල ශ්‍රීමත් අගුලු භවාන් මහත්තයගෙ රහස් පරීක්ෂක කතා කියවන්න ලොකු උන්මාදයක් කට්ටිය අතරෙ තිබුනනෙ.ඉතිං ඩිටෙක්ටිව් ගේම් වලට කවුරුත් කැමතියි.


මේ ගේම් එකේදි අගුලු භවාන් විදිහට ක්‍රියා කළේ පුරුපුරු.මෑන්ස්ගෙ සහායක
දොස්තර කුමනපුත්‍ර විදිහට ක්‍රියාකළේ අපේ උපාසක.ඉතිං අපේ ඩිටෙක්ටිව් ජෝඩුව ෆුල්ටයිම් වැඩේට බැස්සලු.මේ ගේම් එකට වේයන්ගොඩයගෙනුත් ලැබුනෙ ලොකු හෙල්ප් එකක්.ඇයි දිලූශයි සහ හංසිනීයි ගියෙත් මෑන්ස් ගිය ඉස්කෝලෙටම නොවැ!

මුලින්ම අපේ රහස් පරීක්ෂකයො හෙව්වෙ දෙන්නගෙ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් කොහොමද කියලා.බලනකොට දෙන්නගෙම ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එක වගේ.ඉතිං ඒ වැඩේ අත්ඇරලා දාන්න අපේ පූසන්ට සිද්ද වුනාලු.ඔය විදිහට දවස් ගානක් මහන්සි වුණත් පරීක්ෂණ කටයුතු වල කිසිම ප්‍රෝග්‍රස් එකක් පෙන්නුම් කළේ නෑ.මොකද හැම අතින්ම දෙන්නා එක සමානයි.

දෙන්නටම හිටියෙ අයියලා එක්කෙනා ගානෙ.( ඉන්න අයියලා ගාන අඩුවීම පොසිටිව් ලක්ෂණයක්.මොකද කන්නවෙන ගුටි ප්‍රමාණය අඩු වෙනවා නොවැ! ) ඒ වගේම දෙන්නගෙම අධ්‍යාපන හැකියාවත් එක වගේ.මාරුවෙන් මාරුවට පන්තියේ පළවෙනියයි දෙවෙනියයි මේ දෙන්නලු.ගතිගුණ අතින් බැලුවමත් දිලූශයි සහ හංසිනීයි එක වගේ.දෙන්නම ඉස්කෝලෙ ප්‍රසිද්ද වෙලා හිටියෙ ටිකක් ආඩම්බරකාරියො විදිහට.දෙන්නගෙම කොන්ඩෙත් දිගයි.දෙන්නම ඇන්දෙත් ගවුම්, සායවල් විතරයි. කලිසම් ඇන්දෙ නෑ.

දැන් ඉතිං ශ්‍රීමත් අගුලු භවානුයි, දොස්තර කුමනපුත්‍රයි ලෝක අමාරුවක වැටිලා ඉන්නෙ.ඒ වයසෙදි ඉතිං ගෑනු ළමයින්ගෙ වත් පොහොසත්කම්, දෑවැදි වගේ දේවල් හොයන්නෙ නෑ නොවැ!ඔය උඩින් කිව්ව ලක්ෂණ ගැන තමයි හොයන්නෙ. මොනවා කරන්නද ඉතිං? අපේ ඩිටෙක්ටිව් පූසො දෙන්නා තීරණය කළාලු මිෂන් එක අතඇරලා දාන්න.

දැන් ඉතිං මාලුකට්ටා විතරක් නෙවෙයි හැමෝම මේ ප්‍රශ්නෙ හින්දා අඤ්ඤකොරොස් වෙලා ඉන්නෙ.ඔය අතරෙ තමයි ඤාව්වා අපූරු යෝජනාවක් ගෙනාවෙ.අපි කලින් ලිපියෙ කිව්ව වගේ දිලූශාගෙයි හංසිනීගෙයි තිබුන එකම වෙනස ඒ දෙන්නගෙ පාටනෙ.ඒ කිව්වෙ දිලූශා හංසිනීට වඩා සුදුයි.(හැබැයි දෙන්නම එක වගේ ලස්සනයි) ඉතිං ඤාව්වගෙ අයිඩියා එක වුණේ දිලූශා සුදු හින්දා මාලුකට්ටා යාලුවෙන්න ඕනෙ එයත් එක්කයි කියලා.බැලූ බැල්මට මෝඩ අයිඩියා එකක් වගේ පෙනුනට, දවස් ගානක් කල්පනා කරලා එපා වෙලා හිටපු මාලුකට්ටා මේ අදහසට එකපයින්ම කැමති වුණාලු.

ඉතිං අන්තිම තීරණය වුණේ ඊළග සතියෙ ලිට් ක්ලාස් එකේදි මාලුකට්ටා දිලූශාගෙන් යාලුවෙන්න අහන්න ඕනෙයි කියලා.දැන් ඉතිං ප්‍රශ්නෙ ඉවරයි.මොකද මේ වෙද්දි ගෑනු ළමයි දෙන්නම හිටියෙ මාලුකට්ටා කියන ඕනම දෙයක් පටස් ගාලා කරන මට්ටමේ.ශ්‍රීමත් අගුලු භවාන් පුරුපුරු, දොස්තර කුමනපුත්‍ර උපාසක සහ ඤාව්වා ඒ සතියෙදි කළේ, ඊට පස්සෙ සතියෙ ලැබෙන්න නියමිත පාටියට සූදානම් වෙන එකලු.

************************************************************************************

දැන් ඉතිං කට්ටිය බනින්න එපා පූසො කියන්නෙ වර්ණභේදවාදියො කියලා. නෙල්සන් මැන්ඩෙලා ලොක්කා නැත්තං පූසන්ව හොයාගෙන ලංකාවට එයි.

ඔන්න අද කතාව, කලින් කතාව තරම් කුතුහලයකින් ඉවර වෙන්නෙ නෑ නේද? කොහොමත් ඊළග කතාවට වෙනම පෝස්ට් එකක් ඕන කරනවා.ඒ වගේම මේ සීරීස් එකත් කොටස් හතරක එකතුවක්.එහෙනං මාලුකට්ටා දිලූශාගෙන් අහපු හැටි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!

ඊළග කොටස හෙට උදේ පාන්දරම දානවා

28 comments:

  1. අනේ අප්පා හෙට උදේ කීයටද ඕක දාන්නේ.... :h :h :h
    මේ මේ වැ‍ඩේ හරියන්නේ නෑ...මම මාරන්තික උපවාසයක් කරනවා.යකෝ මේක කතාව නැගල යනකොටම පූස් අයියලා විසින් කපා හරිනවා. :s :s
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.ඇහුවට කමක් නැද්ද මන්ද.... :j :n
    නෑ එක්කෝ ඕනි නෑ‍‍‍.... :a

    ReplyDelete
  2. ඔන්න දැන් තමයි මාලුකට්ට අමාරැවෙ වැටෙන්නෙ :d

    ReplyDelete
  3. මොකක්ද මං පූසෝ මේ කරන වැඩේ . . . . දාපාං ඉක්මනට පුරු පුරු ගාන්නෙ නැතිව . . . !

    ReplyDelete
  4. ඇයි මේ ශ්‍රීමත් කොනන් ඩොයිල් උන්නැහේට ශ්‍රීමත් අගුලු භවාන් කියල කියන්නේ ?

    ReplyDelete
  5. අනේ................ :s :s :s :s

    ඔන්න පාන්දරම ඕනේ...........

    @ හසියා
    මං ගානේ ලෙමන් පෆ්...... :e :e

    ReplyDelete
  6. ආයෙත් කරලා තියෙන්නේ ඒකමනේ...
    කෝ කෝ කාවද තෝර ගත්තේ...?
    මාළුකට්ට ගොඩගියේ කාත් එක්කද?
    :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  7. හපොයි! ඔන්න මම ඊළග එකත් දැන්ම ලියන්න ගත්තා.මැච් එක පටන් ගන්න කලින් දාන්න බලන්නංකෝ

    @ චානක - කොනන් ඩොයිල් නෙවෙයි සහෝ!

    ෂර්ලොක් හෝම්ස් - සර් ලොක් හෝම්ස්

    සර් - ශ්‍රීමත්
    ලොක් - අගුලු
    හෝම්ස් - භවාන්

    වොට්සන් - වට් සන්

    වට් - කුමන
    සන් - පුත්‍ර

    ReplyDelete
  8. කොනන් ඩොයිල් උන්නැහේට අගුලු භවාන් කියන්නේ මොකෝ හැබැට ?

    ReplyDelete
  9. හා හා, ශ්‍රීමත් කිවුවම කොනන් ඩොයිල් උන්නැහේව මතක් වුනේ. ඔය ෆොටෝ එකේනම් ඉන්නෙ දොස්තර ඔච්චම් උඩ සීනුව (Josh Up Bell ) නේද ?

    ReplyDelete
  10. ඒ කත් පට්ට කතාව ඕන්.....

    ශ්‍රීමත් අගුලු භවාන් විත් කුමන පුත්‍ර
    හික්ස් විත් ලොල්ස්.... :q :q :q :q

    @ හා පැටික්කි....
    අහ්....මම හොල වැඩ කොරන්නෑ.... :p :P :P :P
    කැමතිනම් ඉතිං කැරට් අලයක් දුන්නට කමෙක් නෑ.... :a :a

    අහ් එක්සෑම් පොජ්ජ කෝමැයි...?? :t :t

    ReplyDelete
  11. @ මකරා - මම හිතන්නෙ බැසිල් රැත්බෝන් විය යුතුයි :b

    ReplyDelete
  12. ශ්‍රීමත් අගුලු භවානුයි, දොස්තර කුමනපුත්‍රයි

    පට්ට...........

    හා හා මෑච් බලනකන් ඔක ඉක්මනට ලියල දාපන් අපිට ලේ ටිකක් පිරිසිදු කර ගන්න.

    ReplyDelete
  13. මම හිතුවේ සිරාවටම අගුලු භවාන් කියල බුවෙක් ඉන්ට ඇති කියලා... දොස්තරගෙ සීන් එක කියවද්දි තමයි තේරුනේ සීන් එක... :n

    ReplyDelete
  14. එල පූස් අයියෙ..හෙට උදේම එහෙනම් බඩු ඕනේ :b

    @හසියා
    ඈ බොල දැන් කැරටුත් කනවද? බොලේ තනකොල් කන් නෑ කියල කැරටුත් කනව :k :p

    ReplyDelete
  15. @ පොඩ්ඩා....
    යකෝ කැරට් කාපුවහම ලස්සන වෙනවා.:r ඒකනේ හා පැටවව් ඔච්චර ලස්සන....උඹත් කාපං‍...... :b

    ReplyDelete
  16. වෙලාවට මම මේකෙ මුල් කොටස කලින් දැක්කෙ නැහ. අද කොටස් දෙකම දැක්ක නිසා ගොඩ. නැත්තම් ගඩොල් මලය ගඩොල් බාගයක් බැනුම් අහනවා මගෙන් හික් හික්... මග නැවත්තුවට හික් හික්. බැලින්නම් සීරිස් එකක් නේ...

    අඩේ කෙල්ලො එක්ක ෆිට් වෙන්න ඒක මරු ක්‍රමේ ඒ කාලේ... හික් හික්. දැන් උන්ට නම් ඉතින් ක්‍රම්ද නැත්තෙ.....


    මේ උබ මේකේ ඉතුරු කොටස් දෙක එක ගමනම දාපන්කො....

    ReplyDelete
  17. අඩේ පූස් අයියලා කථාව දාලානේ මම ගිහින් එන ටිකට.මරු මරු :t :e

    ReplyDelete
  18. මරු මරු, ඉංගිරිසි මහත්තැං ලට අපූරු නම් එහෙමත් දීලා තියෙන්නෙ.

    ReplyDelete
  19. වැඩක් නෑ පොඩ්ඩෝ.............
    තාම ඔලුව වැදුනු තැන අප්සැට්......... :a :a :a

    @ හසියා
    කියල වැඩක් නෑ........
    ඔය කිව්වට මං දන්නැති ලෙමන් පෆ්....... :p :p :p :p

    ReplyDelete
  20. කියලයන්න අමතක උනා..............
    ඔය ඇස් පෙන්නැති කට්ටියට කැරට් කොහොමටත් හොඳයි....... :p :p :p :p

    ReplyDelete
  21. හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ! ඔන්න ඉතුරු කතාවට පහළ ලින්ක් එකෙන් යන්න පුලුවන්

    http://bloggadol.blogspot.com/2010/08/3_28.html

    :b:b:b

    ReplyDelete
  22. දැන් කට්ටියට උපවාස කරන්න ඕන නෑනෙ, නේද හසියො?:m:m:m

    ReplyDelete
  23. Full Access කොහෙන් ගන්නවද මන්දා.. :j

    ReplyDelete
  24. තවත් ඉවර නෑ වගේ ගිහින් ඉතුරු ටිකත් බලමුකෝ

    ReplyDelete
  25. ඉක්මනට් අඉක්මනට ඉතුරු හරිය හේ .... කො කො..අහපු ගමන් හා කියන්වද...?

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???