අඹ යාලුවෝ

Saturday, August 28, 2010

දිලූශා සහ හංසිනී - ටීන් බුක් එක


ඔන්න යාලුවනේ අද ඉඳලා අපි කියන්න යන්නෙ අපේ මාලුකට්ටා ප්‍රධාන චරිතය රඟපාන රසවත් සීරීස් එකක් ගැන.ඉතින් ඉස්සෙල්ලාම අපි කතාවේ බැක්ග්‍රවුන්ඩ් එක අහලා ඉමුකො නේද? මේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි දිලූශා සහ හංසිනී කියන්නෙ.මේ දෙන්නා හොඳම යාලුවොලු.ඒ වගේම දෙන්නම ඉස්කොලෙ ගියෙ අපේ වේයන්ගොඩයා ගිය වේයන්ගොඩ ඉස්කෝලෙට.(මේ ඉස්කෝලෙ මිශ්‍ර පාසලක්) ඉතින් දිලූශයි හංසිනියි මොනවා කලත්, කොහෙ ගියත්, ඒ හැමදෙම කලේ එකටමලු.කොටින්ම මේ දෙන්නා තනි තනියෙන් දැක බලාගන්න එක හරිම අමාරු වැඩක්.

දිලූශා කියන්නෙ ගොඩක් සුදු ගෑනු ළමයෙක්.හංසිනී කියන්නෙ ටිකක් තළෙලු ගෑනු ළමයෙක්.ඒත් මේ දෙන්නම එක වගේ ලස්සනයිලු.දැන් ඉතින් අපේ යාලුවො බලනවා ඇති පූසන්ගෙයි මේ ගෑණු ළමයින්ගෙයි තියෙන කනෙක්ෂන් එක මොකද්ද කියලා.ඕක ඇතිවුනේ මෙහෙමයි.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අර පූසො බියර් බීපු ඉන්ග්ලිශ් ලිට් ක්ලාස් එක.අපි කිව්වනෙ ඔය ක්ලාස් එකෙ ලස්සන ලස්සන ගෑනු ළමයි විස්සක් විතර හිටියයි කියලා.ඒ අතරෙ හිටපු ලස්සනම ගෑනු ළමයි දෙන්නෙක් තමයි මේ දිලූශයි හංසිනියි.ඉතින් අපේ මාලුකට්ටගෙ මීටරේට මේ දෙන්නව අහු වෙන්න වැඩි කාලයක් ගියෙ නෑලු.

දැන් මාලුකට්ටට ප්‍රශ්න ගොඩයි.එක ප්‍රශ්නයක් තමයි මේ දෙන්නත් එක්ක කතා කරන එක.අනිත් ප්‍රශ්නෙ තමයි මේ දෙන්නගෙන් කෙනෙක්ව යාලු කරගන්න එක.හැබැයි මේ ඔක්කොටම වඩා මෑන්ස්ට තිබුන ලොකුම ප්‍රශ්නෙ තමයි, යාලුවෙන්න මේ ගෑනු ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න එක.මොකද දවස් ගානක් කල්පනා කළත් අපේ යාලුවට තීරණය කරන්න බැරිවුණාලු කාවද යාලුකරගන්න වැඩිය සුදුසු කියලා.

මාලුකට්ටගෙ හිතේනං දෙන්නම යාලු කරගන්නත් පොඩි කැමැත්තක් තිබුනා.ඒත් ඉතිං එහෙම කරන්න බෑ නොවැ! දැන් ඉතිං මේක මෑන්ස්ට බොන්න ඕනෙ මට්ටමේ ප්‍රශ්නයක්ලු.කොච්චර කල්පනා කළත් හැම ලක්ෂණයකින්ම මේ ගෑනු ළමයි දෙන්නා සමානයි.එකම වෙනස හමේ පාට විතරයි.ඉතිං ඔහොම දවස් ගානක් කල්පනා කරපු මාලුකට්ටා අන්තිමට තීරණය කළාලු එක ගෑනු ළමයෙක් තෝරගන්න අදහස අත්ඇරලා දෙන්නත් එක්කම ෆිට් වෙන්න. එතකොට ඉතිං ඊටපස්සෙ දෙන්නගෙන් මෑන්ස්ට කැමති ගෑනු ළමයෙක් එක්ක යාලුවෙන්න බැරියැ!

ඉතිං ඔහොම ටික ටික කාලෙ යනකොට පන්තියෙදි දැක්කම යන්තම් හිනාවෙන්න, මගදි දැක්කම වචනයක් දෙකක් කතාකරන්න, වගේ මට්ටමට මේ දෙන්නත් එක්ක ෆිට් වෙන්න මාලුකට්ටට පුලුවන් වුණාලු.ඒත් දැන් මෑන්ස් ඇතුලු අපේ පූසො සෙට් එකගෙ හිතට ඔය මට්ටම හොදටම මදි. මේ වේගෙන් ගියොත්නං ඉතිං අවුරුදු හැටක් හැත්තෑවක් ගිහිං තමයි ගෑනු ළමයින්ගෙන් යාලු වෙන්න අහන්න වෙන්නෙ.ඉතිං කට්ටිය ප්ලෑන් කරලා තීරණය කළාලු වහාම දිලූශයි හංසිනියි එක්ක මාලුකට්ටාව ෆිට් කරවන්න ඕනෙ කියලා.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ ඔය කාලෙ හැම "ටීන්" කෙනෙක්ටම තියනවනෙ "ටීන් බුක්" කියලා පොතක්.ඒ කියන්නෙ ඔය සමරු පොත කියන සංකල්පෙම ටිකක් දුර දිග ගිය අවස්ථාවක්.ඔය පොතේ මුලින්ම ප්‍රශ්න 50ක් විතර අහලා තියෙනවා.ඉතිං ඕක කාටහරි යාලුවෙකුට දුන්නම එයා ඒ හැම ප්‍රශ්නෙටම උත්තර දීලා, ඊට පස්සෙ තව මොකක් හරි විශේෂ සමරු සටහනකුත් ලියලා ආපහු බාරදෙන්න ඕනෙ.හැබැයි දැන්නං ඕවා තියනවද දන්නෙත් නෑ.ෆේස්බුක් තියෙන රටේ ටීන්බුක් අහවල් කාරියකටයැ නේද?


ඉතිං හැමෝටම ටීන්බුක් එක ගානෙ තිබුන ඒ කාලෙ පුරුපුරුයි, මාලුකට්ටයි එකතු වෙලා දෙන්නටම එක පොතක් හැදුවලු.ඔය වැඩේට දෙන්නම සෑහෙන්න මහන්සි වුණා.හොස්ටල් එකේ ස්ටඩි, ලේට් ස්ටඩි ටයිම් වල ඒ දවස්වල කළේ ඔය ටීන්බුක් එක ඩෙකරේට් කරන වැඩේ තමයි.ඉතිං මුල් පිටුවට ලස්සන පිටකවරයක් එහෙම දාලා, ඒ දවස්වල සංගීත ලෝකෙ වීරයා වෙච්ච එමිනම් ලොක්කගෙ සීඩී එකකුත් පිටකවරෙ අලවලා එහෙම තමයි අපේ යාලුවො දෙන්නගෙ ටීන්බුක් එක තිබුනෙ.

දැන් අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක තමයි මේ ටීන් බුක් එක දිලූශටයි හංසිනීටයි දීල සටහන් අරගන්න එක. ඇත්තටම මේ දෙන්නට ටීන්බුක් එක දෙන එක එච්චර තේරුමක් නැති වැඩක් වුණත්, ඒ මාර්ගෙන් හරි දෙන්නත් එක්ක ෆිට් වෙන්න තමයි අපේ යාලුවන්ට ඕනෙ වුණේ.අනිත් එක තවමත් ඔය ටීන්බුක් එකේ සමකාලීන කොල්ලො වැඩිය මොකුත් ලියලා තිබුනෙ නෑ.ඉතිං ඒක තවමත් ගෑනු ළමයෙක්ට දෙන්න පුලුවන් මට්ටමේ තිබුනා.දන්නවනෙ ඉතිං ඔයවගේ දෙයක් කොල්ලන්ට දුන්නම මොනවගේ දේවල්ද ලියන්නෙ කියලා.ඔය උඩ ‍ෆොටෝ එකේ තියෙන්නෙ ඒ වගේ ලිව්ව එකක් තමයි.

ඉතිං එක සෙනසුරාදා උදේ වරුවක ක්ලාස් එක පටන් ගන්න කලින් අපේ යාලුවො කට්ටිය උදේ පාන්දරම ක්ලාස් එකට ආවලු.මොකද දිලූශයි හංසිනියි උදේ පාන්දරම තමයි ක්ලාස් එ‍න්නෙ.ඉතිං පූසො ක්ලාස් ඇවිත් විනාඩි පහක්වත් යන්න හම්බවුණේ නෑ මෙන්න බොලේ මේ ගැනු ළමයි දෙන්නත් ක්ලාස් එකට ආවලු.දැන් ඉතිං මාලුකට්ටාගෙ චාන්ස් එක.පන්තියෙ වෙන කවුරුත් ඇත්තෙත් නෑ.මෑන්ස් වහාම බෑග් එක ඇතුලෙන් ටීන්බුක් එක එළියට ගත්තලු.

මාලුකට්ටා :- දිලූශා, හංසිනී, ගුඩ් මෝර්නිං...

දිලූශා සහ හංසිනී :- ගුඩ් මෝර්නිං මාලුකට්ටා

මාලුකට්ටා :- ම්.....මේ තියෙන්නෙ අපේ ටීන්බුක් එක. මේකෙ ඔය දෙන්නත් ලියල දෙනවද?

ඉතිං මාලුකට්ටා මෙහෙම කිව්වට පස්සෙ දිලූශයි හංසිනියි ටිකක් පුදුමෙන් වගේ බලලා, ඊට පස්සෙ ටීන්බුක් එක අතට ගත්තලු.දැන් ඉතිං අපේ මාලුකට්ටට රටක් රාජ්ජයක් පහළ වුණා වගේ! පො‍රට මාර හැපී.හැබැයි ඔය සතුට අබ්ලික් වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද කෙල්ලො දෙන්නා පූසන්ගෙ ටීන්බුක් එක පෙරළ පෙරළා බයිට් එකට හිනාවෙනවා.ඒ දෙන්නා කිව්ව ඒවා ඤාව්වටත් අතරින් පතර ඇහිලා තිබුනා.

Teen Book of Purupuru & Malukatta
Kurunduwaththta college Rox!
East or West Kurunduwaththta is the Best!

වගේ දේවල් තමයි ටීන්බුක් එකේ ලියලා තිබුනෙ.ඇයි ඉතිං ඔය වයසෙදි තමන්ගෙ ඉස්කෝලෙ වෙනුවෙන් කොල්ලො කොච්චරනං ගහ මරා ගන්නවද? හැමෝම හිතාගෙන ඉන්නෙ තමන්ගෙ ඉස්කෝලෙ තමයි සිරාම ඉස්කෝලෙ, අනිත් ඔක්කොම පීචං ඉස්කෝල කියලා නොවැ! (දැන්නං මරාගන්නෙ ෆේස්බුක් හරහානෙ! බලාගෙන ගියාම ඒ වැඩෙත් හොදයි.කාටවත් ෆිසිකල් හානියක් වෙන්නෑනෙ)

ඉතිං ඔය ලියලා තිබුන ඒවා බයිට් කර කර, හිනා වෙවී, එක එක ඒවා කියනවා තමයි ඤාව්වට ඇහිලා තිබුනෙ.ඉතිං පුරුපුරුට හරිම හිතට අමාරුයි.මදෑ මාලුකට්ටගෙ ආදරේ ගොඩයන්න ටීන්බුක් එක දීලා කරගත්ත වැඩේ!

මොනව වුණත් දිලූශයි හංසිනියි ටීන්බුක් එක ගෙදර අරන් ගියාලු.ඉතිං ඒක පොසිටිව් ලක්ෂණයක් විදිහට තමයි අපේ යාලුවන්ට පෙනුනෙ.මොකද පොත ආපහු බාරදුන්නෙ නෑ නොවැ! ඉතිං දැන් පූසො ලබන සතිය උදා වෙනකං නොඉවසිල්ලෙන් ඉන්නෙ.දිලූශයි හංසිනියි ටීන් බුක් එකේ මොනවා ලියලද දන්නෙ නෑනෙ.මාලුකට්ටත් ඒ සතියම හොස්ටල් එකට වෙලා මනෝ ගහගහ තමයි හිටියෙ.ඉතිං ඔහොම කාලෙ ගෙවිල ගිහිං ඊළග පන්ති දවසත් උදාවුණාලු.

එදත් පූසො පන්ති ගියෙ උදේ පාන්දරම.සුපුරුදු විදිහට ගෑනු ළමයි දෙන්නත් කුකුළා අතින් අරගෙන පන්තියට ආවලු.ඒත් වෙනදා වැඩිය කතාබහ කරන්නෙ නැති දෙන්නා එදා පන්තියට ආවෙම මාලුකට්ටට ගුඩ් මෝර්නිං පාරක් දාගෙන.ඉතිං වැඩේ ජෝන්බාස්ට ගිහිං නැති බව අපේ පූසො සෙට් එකට තේරුණාලු.කට්ටියටම බොහොම සතුටුයි.

බෑග් එක ඇරිය දිලූශා තමන් ළග තිබුන ටීන්බුක් එක මාලුකට්ටාට ආපහු දුන්නෙ ඔය වෙලාවෙ.ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොට‍සින් බලමුකො නේද යාලුවනේ!

31 comments:

  1. මොකක්ද බං මේ මගුල.. කියන කතාවක් එක පාර කියපන්කෝ :h :f

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඒකනේ අප්පා....එක්කෝ ලියාන ඉවරවෙලා කොටස් දෙකම එකපාර දාන්න ඕනි...කොහෙද....ෂික්...මේකත් මෙගා නා‍ට්‍යයක් කරන්න හදනවද මන්දා.... :h :h :h :h
    හා හා ඉක්මනට දැම්මනම්...... :t :t :t :t

    ReplyDelete
  4. වැඩේ ගොඩ වගේ...... :b :b

    ඉක්මන්ට ලියමු පූස් අයියලා........ :e :e

    ReplyDelete
  5. කෝ.. කෝ... ඉක්මනට මේ ටීන් .. ඔහෝ වැරදුනා ර්ටි බුක් එක ලියපන් අපිට බලන්ඩ....

    ReplyDelete
  6. එළ එළ....
    සහෝ ළඟදි මෙගා සීරිස් එකක් වත් කරන්නද යන්නේ?
    මොකද වුනේ කියලා ඉක්මනට කියන්ටෝ..................
    :e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e:e

    ReplyDelete
  7. ඔය ටීන් බුක් සීන් එක තාම තියෙනවනේ :r ....... මල විකාරෙ :p
    කතාව නම් maxxa :o :o :o

    ReplyDelete
  8. ටීන් බුක්ද? මතක් කරන්න එපා.....

    කතාව එක පාරට දාපන් බන්... හොදම හරිය එද්දි කෙලවුනා....

    ReplyDelete
  9. මුල ඉඳලා ඔක්කෝම කියවල ඉවර වුනේ දැන් තමයි ..මුලදි මඟ ඇරුන ඔක්කෝම වගේ කියෙව්වා.......ටීන් බුක් ඊළඟ කොටසත් දාන්ටෝ.....:b:b:b:b:b:b:b

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මාලුකට්ටාගේ ඔය 'කෙල්ලො ෆිට් කරගැනීමේ හැකියාව' නම් මම ඉතසිතින් අගය කරනවා.. :t

    ReplyDelete
  12. එල මචෝ...ඉතුරු ටිකත් ඉක්මනට දාපන්..

    ReplyDelete
  13. :l :l :l :l :l
    :n :n :n :n :n :n :n :n :n :n :n :n

    ReplyDelete
  14. මාලුකට්ටා ගොඩ ගියාද? ඉක්මනට කියන්නකෝ.. :e

    ReplyDelete
  15. ගින්දර.... :f:f:f
    ඊළඟ පෝස්ට් එකත් දාපන් බලන් ඉන්නවා... :r:r

    ReplyDelete
  16. අනේ බන් අවුස්සලා අතරිනවා
    මේ පූස් සැට් 1 සිරස TV එකට එහෙම ගියොත් "මහගෙදර" අපෙ පොඩි උන්ටත් බලන්න දික් කරනවා.
    එළ එළ ඉක්මනින් ලිව්වනම්!

    ReplyDelete
  17. එළ ස්ටෝරිය! මෙගා ටෙලියක් වගේ අදින්න නම් එපා මචෝ! ඉවසන් ඉන්න බෑ. දාන එකක් එක පාරම පෝස්ට් කරපන්.

    ReplyDelete
  18. මාලුකට්ටට තිබුණෙ ඩබල් ඇක්ටින් පාරක් දාන්න. :e
    ඊගාව කොටසත් ඉක්මනින් දාපං...

    ReplyDelete
  19. අඩෝ.. මේ කෙල්ලො දෙන්නා වගේ දෙන්නෙක් අපේ පන්තියෙත් හිටියද මන්දා :D හැබැයි දිලූෂා සහ හාසිනී.

    ReplyDelete
  20. yako ikmanata liyapan katawa

    ReplyDelete
  21. ඉතුරු කොටසත් ඉක්මනින් දාන්න...:s

    ReplyDelete
  22. මේ දාලා තියෙන්නේ........
    http://bloggadol.blogspot.com/2010/08/blog-post_6837.html

    ReplyDelete
  23. මොකද්ද පුරුපුරුවෝ කරන්නේ දැන් ඊළග කොටස එනකන් අපි මනෝ ගහන් බලන් ඉන්න ඕනේ.

    ReplyDelete
  24. හහ්හා කොල්ල ගොඩ වගේ

    ReplyDelete
  25. හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ

    ඔය පහළින් දාලා තියෙන්නෙ ඉතුරු කතා දෙක

    http://bloggadol.blogspot.com/2010/08/blog-post_6837.html

    http://bloggadol.blogspot.com/2010/08/3_28.html

    දැන් ඔන්න බනින්න ඔට්ටු නෑ හොදේ!
    :s:s:s:s:s

    ReplyDelete
  26. බලමු ඉතුරු ටිකත් කියවලා. නිවාඩුවක් අරන් අදනේ ආවේ.

    ReplyDelete
  27. :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :s :t

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???