අඹ යාලුවෝ

Saturday, August 28, 2010

දිලූශා සහ හංසිනී 3 - අසන්න පෙර සිතා බලනු


ඔන්න යාලුවනේ අපි ඔයාලා බලාපොරොත්තුවෙන් හිටපු දිලූශා සහ හංසිනී සීරීස් එකේ 3 වෙනි කොටසත් ගෙනාවා.මේ සීරීස් එකේ කලින් කොටස් බලලා නැති යාලු‍වන්ට පහළ ලින්ක් වලින් ගිහින් බලන්න පුලුවන්.

දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2

දැන් ඉතිං මේ වෙද්දි අපේ මාලුකට්ටා බොහොම සතුටින්ලු හිටියෙ.ඒ වගේම මීට කලින් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලු වෙන්න අහල තිබුනෙ නැති නිසා මෑන්ස්ගෙ හිතේ පොඩි චකිතයකුත් තිබුනෙ නැතුවාම නෙවෙයි.ඒ වුණාට මාලුකට්ටාට බයවෙන්න දෙයක් තිබුනෙ නෑ.මොකද දැනටමත් වැඩේ ෂුවර් වගේ තමයි.පූසන්ගෙ අදහසට අනුව මාලුකට්ටා යාලුවෙන්න අහපු ගමන් දිලූශා "හා" කියන තත්ත්වයක් තමයි තිබුනෙ.

අපේ පූසා ඉතිං හොස්ටල් එකේ ඉන්න ගමන් ප්ලෑන් කරන්නෙ යාලුවෙන්න අහන හැටි නෙවෙයි.යාලු වුණාට පස්සෙ දිලූශාට කතාකරන්නෙ කොහොමද කියලා.මාලුකට්ටගෙ අයිඩියා එක තිබුනෙ යාලු වුණාට පස්සෙ දිලූශාට "දීශා" කියල කතාකරන්න.හැබැයි පුරුපුරුනං ඔය වැඩේට එච්චර කැමති වුණේ නෑ.බැරිවෙලා හරි ඔය ස්ටයිල් එකටම දිලූශා මාලුකට්ටගෙ නම "මාකට්" කියල වෙනස් කළොත් එහෙම?

කොහොමහරි ඉතිං කාලෙ ගෙවිල ගිහිං සෙනසුරාදා දවසත් උදා වුණාලු.මාලුකට්ටාට උපදෙස් ලැබිලා තිබුනෙ උදේ පාන්දර ඇවිත් ක්ලාස් එකට එන පාරෙ රැකගෙන ඉදලා, දිලූශා ක්ලාස් එනකොට එයාගෙන් අහන්නයි කියලා.මොකද දිලූශයි හංසිනීයි වෙන් වෙන් වශයෙන් දැකගන්න පුලුවන් උදේ ක්ලාස් එද්දි විතරයි.ඒකත් දෙන්නගෙ ගෙවල් පැති දෙකක තිබුන නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්.

ඔය ක්ලාස් එක තිබුනෙ පුරුපුරුලගෙ ගෙවල් ළගමයි.ඉතිං පුරුපුරුත් උදේම ක්ලාස් ඇවිල්ලා මාලුකට්ටා සුභ ආරංචිය ගේනකං බලාගෙන හිටියලු.ඒත් ටිකවෙලාවක් ගතවුණත් මෑන්ස් එන පාටක් පේන්න තිබුනෙ නෑ.ඔය අතරෙ උපාසක, ඤාව්වා, වේයන්ගොඩයා ඇතුලු පන්තියෙ අනිත් ළමයි එක්කොම ආවා.ටික වෙලාවකින් හංසිනීත් පන්ති ආවලු.ඊට පස්සෙ මැඩම් ඇවිත් පන්තියත් පටන් ගත්තලු.දැන් පන්තියෙ නැත්තෙ දිලූශයි, මාලුකට්ටයි විතරයි.

මුන් දෙන්නා ගොඩගිහින් ඇවිදින්නවත් ගියාද?

අපේ පූසො එහොම කල්පනා කර කර ඉන්න අතරෙ තමයි ටික වෙලාවකින් මූණ රතු කරගත්තු දිලූශා පන්තියට ආවෙ.ආපු ගමන් මැඩම්ට එක්ස්කියුස් කරලා වාඩි වුණා වුණාමයි, ගෑනි නෙවෙයි ආපහු ඔලුව උස්සලා වටපිටවත් බැලුවෙ.දැන් පූසන්ට මාර ප්‍රශ්නෙ.කෝ මේ මාලුකට්ටා?

ඔන්න එතකොටම තමයි ප්‍රශ්නෙට විසදුම හම්බවුණේ. මෙන්න බොලේ ඇවිදින මළමිනියක් වගේ මේකා හිමින් හිමින් පන්තිය දිහාවට ඇදෙනවා.මූණත් කලුවෙලා, ඒ මදිවට කොන්ඩෙත් හොදටම අවුල් කරගෙන.අර වතුර හිදිච්ච විලේ හිටපු කොස්වාලිහිණියා වගේ.පොර ඉතිං මැඩම්ට එක්ස්කියුස් කරන්නෙත් නැතුව ඇවිල්ලා පිටිපස්සෙම බංකුවෙ වාඩිවුණාලු.මේ වෙද්දිත් අනිත් පූසන්ට තේරුම් ගිහින් තිබුනෙ කොහෙහරි, මොකක්හරි ලොකු වැරැද්දක් වෙලා තියෙනවා කියලා.ඒ මදිවට මාලුකට්ටා කා එක්කවත් කතා කරන්නෙත් නෑ.

ඉතිං ක්ලාස් එක ඉවරවෙලා, පොරව හොදටම සන්සුන් කරලා තමයි උදේ වෙච්ච දේ අහගන්න අපේ යාලුවන්ට පුලුවන් වුණේ.බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි.

මාලුකට්ටා උදේම ඇවිත්, අර කියපු විදිහට මග රැකගෙන ඉදලා තියනවා.ඔන්න ඉතිං ටික වෙලාවකින් දිලූශාත් උදේ පාන්දර පිපිච්ච මලක් වගේ පාරෙ එනවලු.මේක දැකපු මාලුකට්ටා ඉස්සරහට ගිහින් දිලූශාත් එක්ක කතා කෙරුවලු.

මාලුකට්ටා :- ගුඩ් මෝර්නිං දිලූශා

දිලූශා :- ගුඩ් මෝර්නිං මාලු, ඇයි අද ක්ලාස් එකට ‍යන්නෙ නැද්ද මගට වෙලා ඉන්නෙ?

මාලුකට්ටා :- යනවා යනවා, ඒත් මම මේ ඔයා එනකං මගට වෙලා හිටියෙ...

දිලූශා :- මම එනකං? හික්ස්...ඒ මොකටද?

මාලුකට්ටා :- දිලූ, මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියනවා.

දිලූශා :- (මාලුකට්ටා මෙච්චරකල් කිසිම වැදගත් දෙයක් කතා කරල නැති හින්දා වික්ෂිප්ත වී)
ඒ මොකද්ද?

මාලුකට්ටා :- මම ඔයාට ගොඩක් කැමතියි...මට ඔයාව මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කරගන්න ඕනෙ...

ඉතිං මේක ඇහුනා විතරයි, හොදට හිටපු දිලූශා එකපාරටම වෙනස් වුණාලු

දිලූශා :- මාලුකට්ටා, මම කවදාවත් ඔයා ගැන ඒ විදිහට හිතුවෙ නෑ.ඔයා මං ගැන එහෙම හිතයි කියලා අපි හිතුවෙත් නෑ.ඔයා මගෙ යාලුවෙක් විතරයි.එතනිං එහාට අපි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ.මම ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ...

දිලූශා මෙහෙම පටන් අරං විනාඩි දහයක් විතර මාලුකට්ටාට ෆුල් ලෙක්චර් එකක් දුන්නලු.මෑන්ස් නිකං කරකවලා අතඇරියා වගේ.ඉතිං ඔය අප්සට් එකෙන් තමයි පොර වැනි වැනී ක්ලාස් එකට ඇවිත් තියෙන්නෙ.දැන් අනිත් පූසන්ටත් හිතාගන්න බැහැ මාලුත් එක්ක මෙච්චර ෆිට් එකේ හිටපු දිලූශා ඇයි මේ විදිහට මෑන්ස්ට කතා කළේ කියලා.ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බවුණේ ඊට පස්සෙ සතියෙලු.

ඊට පස්සෙ සතියෙ ක්ලාස් ඉවරවෙලා යනකොට තමයි අපේ පූසො සෙට් එක විශේෂ දර්ශනයක් දැක්කෙ.ඒ තමයි ක්ලාස් ඉවරවෙලා තනියම ගෙදර යන දිලූශා.වෙනදටනං දිලූශයි හංසිනීයි එකටම තමයි මග දුරක් යනකං යන්නෙ.ඉතිං මේකනං හොයලා බලන්නම වටින නිව්ස් එකක්.ඒක හින්දා අපේ රහස් පරීක්ෂකයො දෙන්නා මේ ගැන විශේෂ විමර්ශනයක් පැවැත්තුවලු.බැලින්නං හංසිනී තවම ක්ලාස් එක ළගලු.

මාලුකට්ටා තීරණය කළාලු හංසිනීව මුණගැහිලා දිලූශාගෙ හදිසි වෙනසටයි, මෑන්ස්ට "බෑ" කිව්ව එකටයි හේතු අහගන්න.ඉතිං අපේ පූසො ආපහු හැරිලා ක්ලාස් එක ළගට ගියාලු.මෙන්න බොලේ හංසිනී ඉන්නවා මූණත් දෙක කරගෙන.ඉතිං අනිත් පූසො පැත්තක ඉදිද්දි මාලුකට්ටා තනියම හංසිනී එක්ක කතා කරන්න ගියාලු.හැබැයි ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු ආවෙ, කලින් සතියෙ ආවටත් වඩා කොස්වාලිහිණි පාට් එකක් දාගෙන.

විනාඩි ගානක් ගිහින් මෑන්ස්ව යථා තත්ත්වෙට ගත්තට පස්සෙ තමයි කට්ටියට සීන් එකේ අග මුල තේරුම් ගියෙ.මාලු හංසිනී එක්ක කතා කරද්දි වෙලා තියන්න මෙහෙමෙ සිද්දියක්

මාලුකට්ටා :-ඇයි හංසිනී, අද මොකද දිලූශා තනියම ගෙදර යන්නෙ?

හංසිනී :- මම දන්නෙ නෑ

මාලුකට්ටා :- එයා මාත් එක්ක තරහද?

හංසිනී :- (ඕනෑවට එපාවට) මම දන්නෙ කොහොමද?

මාලුකට්ටා :- (වැ‍ලපෙමින්) ඇයි දෙයියනේ එයා මාත් එක්ක යාලුවෙන්න බැහැයි කිව්වෙ?

හංසිනී :- අපි දෙන්නා හිතුවෙ ඔයා මගෙන් යාලුවෙන්න අහයි කියලා...

මේ කතාව ඇහුවා විතරයි මාලුකට්ටා එතනම ඌර්ධවපාතනය වෙලා ගියාලු.දැන් ඉතිං මොනවා කරන්නද? කලිසමක් ඇදගෙන ගිහිං ආපහු හංසිනීගෙන් යාලුවෙන්න අහන්න පුලුවන්යැ! දැන් පොරගෙ දුක ඩබල් වෙලා.මොකද දැන් මෑන්ස්ට කෙල්ලො දෙන්නම නැහැනෙ.ඒපාර තමයි මාලුකට්ටා අර කොස්වාලිහිණි පාට් එකෙන් ඇවිල්ලා තියෙන්නෙ.

කොහොම හරි අන්තිමට වුණේ සති ගානක් යනකං ඤාව්වගෙ අහිංසක මෑණියන්ට කිඹුහුම් ගිය එක විතරවි.මොකද ඤාව්වනෙ කිව්වෙ දිලූශා වැඩිය සුදු නිසා එයාගෙන් යාලුවෙන්න අහන්නයි කියලා.

ඒ වගේම ඊට පස්සෙ මාලුකට්ටත් ආපහු දිලූශායි හංසිනීයි එක්ක වැඩි ආස්සරේට ගියෙ නෑ.....

***********************************************************************************

ප.ලි - අපි මේ සීරීස් එක කොටස් හතරකට ලියන්න හිටියට, පස්සෙ තීරණය වුණේ හතරවෙනි කතාව වෙනම කතාවක් විදිහට ලියන්න.ඔන්න ඉතිං කොහොම හරි මැච් එක පටන් ගන්න කලින් කතාව ලිව්වා.හික්ස්...පූසො කවදාවත් පොරොන්දු කඩ කරන්නෙ නෑ නොවැ!


දැන් දිලූශානං මොනවා කරනවද දන්නෙ නෑ. හංසිනීනං ඉන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකේ...

37 comments:

  1. අපොයි පව් අප්පා මාලුකට්ට...... පසු කාලෙක්දි වත් ඔක හරි ගියෙ නද්ද?

    ReplyDelete
  2. අයිය්යෝ අමුනල කරල දෙක මාරු කරල ඇහුවනන්! ශිට්!:s
    මැක්සා කතාව :o එල කිරි :b

    ReplyDelete
  3. අනේ පව් මාළු කට්ටා....අසරණයා....දුකත් ‍හිතෙනවා.... :s :s :s :s
    මදෑ වැඩි ලස්සන හොයන්න ගියා...සුදක් හොයන්නේ නැතිව තලෙලු හංසනීගේන් ඇහුවනම් හරිනේ.... :n :n :n
    හත්තිලව්වේ මට ඔහොම එකක් වුනානම් දිලූශානිගෙන් සමාවඅරන් හංසනීගෙන් අහනවා....:r හික්ස්.... :e :e :e :e

    ReplyDelete
  4. හනේ හපොයි....!!!!!!!!!

    අපරාදෙනෙ.....

    මදැයි කොලා..........

    :j :j :j :j :j :j :j :j :j :j :j :j :j :j :j :j

    ReplyDelete
  5. හපොයි බන් ඌට වුනු දෙයක්... උගේ දුක මට නිකන් දැනෙනවා දැනෙනවා වගේ බොල.. හික් හික්....

    ඈ බන්... සුදට රැවටෙනවට හොඳ වැඩේ නෙ හික් හික්..

    හසියා : උබ උනා නම් ගුටිත් කනවා බොල එහෙම කරල හික් හික්

    ReplyDelete
  6. ගුට්ටක් කෑව වගේද බං කෙල්ල සෙට් වුනානම්.... :f :f :f :f

    ReplyDelete
  7. ඔතන සම්පූර්ණ වැරැද්ද ඩිටෙක්ටිව් කස්ටියගෙ.. එයාලා හරියට fact finiding පාරක් දැම්මනං අපේ කොල්ල ගොඩනෙ..

    ReplyDelete
  8. හපොයි සුදු හමට රැවටිලා මාලුකට්ටට උණ දේ. :k

    ReplyDelete
  9. අනේ අසරණ මාලුකට්ටා.... :s

    ReplyDelete
  10. හතර විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..........

    ReplyDelete
  11. වැරැද්ද ඩිටෙක්ටිව් ඩබලගෙ නේන්නං, හරියට ෆැක්ට් ඇනලයිස් කොරල නැහැ නොවැ...ඒ ත් කෙල්ලං ව හරියට ඇනලයිස් කරන්න පුලුවන් කාටද? සෑහෙන කම්පෙලෙක්ස් ප්ලෑන්නේ ඒ අය

    ReplyDelete
  12. ඔන්න කතා තුනම කියෙවුවා.අප්පා පවු වැඩෙ මාලුකට්ටා.ඒත් අමුණලා කරලා මොකක් හරි කර ගත්තා නම් හංසිනී ව සෙට් කරගන්න තිබ්බා

    ReplyDelete
  13. අනේ අපොයි මාලුකට්ටාට වෙච්චි දෙයක්... :n

    ReplyDelete
  14. අනේ අපරාදෙ..අසරණ මාලුකට්ටා

    ReplyDelete
  15. හෆොයි............... :q :q :q :q

    හා පැටික්කි9MS)

    ReplyDelete
  16. maxxa maxxa... :o

    කොමෙන්ට් වැඩිය දැම්මෙ නැති උනාට "ගඩොලට" නම් නිතර එනව..
    :n

    ReplyDelete
  17. ඇති යාන්තං ඒ කෙල්ලො දෙන්නගෙ වාසනවා හිංදා බේරුනා . . . . :p

    ReplyDelete
  18. මට වෙච්ච එකේ අනිත් එක.... අපේ රත්නෙයාව යැව්වනම් මාළුකට්ටා ගොඩ...

    ReplyDelete
  19. හානේ.... ශෝක ජනක සීන් එක. මං බලාපොරොත්තු වුනේ හැබැයි වෙන අවසානයක්. හැබෑට මොකවත්ම කරගන්න බැරිවුනාද ඔය වෙලවේ. අඩුම තරමේ පොඩියට... නිකං... අර... ෂේප් එකේ... අනේ මන්දා බං...

    ReplyDelete
  20. අනික් අතට හන්සනී ගෙනුත් අහන්න තිබ්බෙ ලැජ්ජාව පැත්තකට දාලා.තව කාට කියලා ලැජ්ජා වෙන්නද ?

    ReplyDelete
  21. අනේ යාලුවනේ මේ දවස්වල හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න වෙලාවක් නැතුව ඉන්නෙ.ඉතිං ඔන්න තරහවෙන්නනං ඔට්ටු නෑ හොදේ!

    අදහස් දක්වපු යාලුවො හැමෝටම ගොඩක් ස්තුතියි.පූසො හැමදාමත් ඔයාලට ආදරෙයි :g:g:g

    ReplyDelete
  22. තෝරමාලු කෑවානම් දුක්විදපන් මාලුකට්ටෝ කිව්වලු

    ReplyDelete
  23. අපොයි මා....ළු.... :n

    ReplyDelete
  24. හ‍ෆෝයි වෙච්ච දෙයක්. පඌඌ.. අසරණ මාළුකට්ටා.

    ReplyDelete
  25. නියමයි කතාවනම්...

    දිග කමෙන්ට් එකක් දාන්න වෙලාව නෑ.

    -AD

    ReplyDelete
  26. අනෙ‍් අපොයි....අසරනයා....

    ReplyDelete
  27. Machang,

    can you post a pic of "කොස්වාලිහිණි"

    :b

    ReplyDelete
  28. "කොස්වාලිහිණි පාට් එකක් " නම් පට්ටම සිරා හොඳේ...එල එල.. අද එක හුස්මට කියෙව්වා.. වැඩ ටික ඉවර කරගන්න නයිටක් ගහන්න වෙයි වගේ..:(

    ReplyDelete
  29. යකෝ තෝ තව කතාවක් දාන්නේ කවදද කියපිය. දැන් දවස් 3ක්
    වෙනවා බොල.

    ReplyDelete
  30. කෝ මේ පූස් අයියලා ටික... අපිට තව කථාවක් ඕනේ... ඉක්මනින් එන්නෝ... :s :s

    ReplyDelete
  31. අපරාදේ ......
    පින නෑ කියන්නේ ඕකට තමයි :s

    ReplyDelete
  32. gana season 2 patan gannako

    ReplyDelete
  33. @ ano - දැන්ම නෙවෙයි යාලු, තව ටික දවසකින් හොදේ!

    @ all - හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ අදහස් වලට.අපිට ඔයාලගෙ අදහස් ගොඩාක් වටිනවා...

    :g:g:g:g:g

    ReplyDelete
  34. පතාගෙන ආපු හැටියට ඔතාගෙන යනවා කියලා තියෙන්නේ නිකන් නෙවෙයිනෙ

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???