අඹ යාලුවෝ

Wednesday, August 11, 2010

කලු කුමාරි 3 - රෝහණදීර සහ මංගල වලිය


ඉතිං යාලුවනේ ඔයාලා කලු කුමාරි - 2 කොටස කියවන්න ඇතිනෙ.අද අපි කියන්න යන්නෙ ගම්පහ බාලක විද්‍යාලෙ දිගාගෙන් ගුටිකාපු පුරුපුරු සහ අනිත් පූසො ඊළගට මොකද්ද කළේ කියලා.

ඊට කලින් අපේ අලුත් යාලුවො ගිහිල්ලා

කලු කුමාරි - 1
කලු කුමාරි - 2

කොටස් කියවල එන්නකෝ!

ඉතිං කොහොම හරි පුරුපුරු දිගාගෙන් ගුටි කාපු කේස් එක මුලු පූස්ගම පුරාම පැතිරිලා යන්න ගතවුණේ බොහොම සුළු කාලයයි.මේ හින්ද පුරුපුරු තීරණය කළා තමන්ගෙ ගෞරවය වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දිගාට පහර දෙන්න ඕනෙ කියලා.ඒත් ඒකට උදව් ගන්න පුරුපුරු දන්න ප්‍රොෆෙෂනල් මැරයෙක්ට කියල පූස්ගම හිටියෙ එකම එක්කෙනයි.ඒ තමයි රෝහණදීර.


රෝහණදීර කියන්නෙ පූසන්ට වඩා අවුරුදු දෙකක් වැඩිමල් කොල්ලෙක්.මෑන්ස් ගැන අපේ බ්ලොග් කියවන යාලුවන්ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වචන හොයාගන්න දහ අතේ කල්පනා කළත්, අපිට හිතට හරියන වචන සෙට් එකක් හොයා ගන්නම බැරි වුණා.ඉතිං කෙටියෙන් සරලව කියනවනං මෙහෙම කියමුකො.රෝහණදීර කියන්නෙ මුලින්ම කොළඹ මරියකඩේ ඉස්කෝලෙට ගිහිල්ලා, ඒකෙන් අස් කළාට පස්සෙ ගම්පහ බාලක විද්‍යාලෙට ගිහිල්ලා, ඒකෙනුත් අස් කළාට පස්සෙ පූස්ගම සෙන්ට්‍රල් එකට ගිහිල්ලා, අන්තිමට ඒ ඉස්කෝලෙනුත් අස් කරපු දීප්තිමත් ශිෂ්‍යයෙක්.


දැන් ඉතිං යන්තමින් හරි මෑන්ස් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්නෙ නේද? ඉතිං රෝහණදීර ජීවත් වුනෙත් පූස්ගම ටවුමෙ හරි මැද.පොරගෙ තාත්තත් ඒ පැත්තෙ නොම්මර එකේ ගණන්කාරයෙක්ලු.ඉතිං පූස්ගම රෝහණදීර කිව්වම ගම්පහ ඉදලා පූස්ගමට යනකං ඕන එකෙක් දන්නවා.මේ දවස්වල මෑන්ස්ගෙ හොදම යාලුවා පුරුපුරුලගෙ එහා ගෙදර ගෑනු ළමයත් එක්ක පොඩි ලව් එෆෙයාර් එකක් පටන් අරගෙන තිබුනා.ඉතිං ගැනු ළමයගෙ ගෙදරින් මේ සම්බන්දෙට ඇමරිකාව උතුරු කොරියාවට දානවටත් වඩා සම්බාධක දාලලු තිබුනෙ.


පුරුපුරු ඉතිං හැමදාමත් ලව් එෆෙයාර් වලට සපෝට් පූසා නොවැ!ඉතිං මේ ආදරවන්තයො දෙන්නගෙ පණිවිඩ හුවමාරු ක්‍රමය බවට පත් වුණේ පුරුපුරු.කොහොමත් ඒ දවස්වල දැන් වගේ මොබයිල් ෆෝන් ප්‍රසිද්ද වෙලා තිබුන යුගයක් නෙවෙයිනෙ.ඉතිං පෙම්වතා කරන්නෙ පෙම්වතියට ලියුමක් ලියලා ඒක රෝහණදීරට දෙන එක.රෝහණදීර ඒ ලියුම ගෙනත් පුරුපුරුට දෙනවලු.ඊට පස්සෙ පුරුපුරු තමයි ගිහිල්ලා ලියුම පෙම්වතිය අතට දෙන්නෙ.ඉතිං මේ ලියුම් වැඩේ හින්දා රෝහණදීර පුරුපුරු ගැන හොදට ඉම්ප්‍රෙස් වෙලාලු හිටියෙ.

මේ එක්කොම කාරනා ගැන බලද්දි පුරුපුරුට තිබුන හොදම විසදුම වුණේ දිගාට විරුද්ධව කරන්න යන සටනට රෝහණදීරගෙ සපෝට් එක ලබාගන්න එක.ඒ වුණාට ඉතිං රෝහණදීර වගේ ප්‍රොෆෙෂනල් මැරයෙක් පූසො වගේ අමැර සෙට් එකක පොඩි පොඩි වලි වලට බහී කියල පුරුපුරු හිතුවෙ නෑ.ඒ හින්දා වෙන සෙට් කීපයක සපෝට් එක අරගෙන වලිය ක්‍රියාත්මක කරන්න පූසො සෙට් එක තීරනය කළාලු.

මේ අතරෙ දිගාටත් ආරංචි වුණාලු පූසො මෑන්ස්ට ගහන්න සේනා සංවිධානව කරනවයි කියලා.ඉතිං මෑන්සුත් තමන්ගෙ ඉදිරි ආරක්ෂක වළලු තර කරගන්න පටන් ගත්තලු.දැන් මේ වෙද්දි තුම්මුල්ලෙ අලයා, මරියකඩේ බෙන්සන් ඇතුලු කොළඹ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එක පූසන්ගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලාලු.ඒ වගේම වේයන්ගොඩයා, චාමර ඇතුලු වේයන්ගොඩ ඉස්කෝලෙ ගිය කොල්ලො සෙට් එකත් හිටියෙ පූසන්ගෙ පැත්තෙ.

දිගාගෙ පැත්තෙ හිටියෙ සුපුරුදු පරිදි ගම්පහ බාලක විද්‍යාලෙ කොල්ලො සෙට් එක.ඒ වගේම පූස්ගම සෙන්ට්‍රල් එකේ කොල්ලො සෙට් එකකුත් දිගාගෙ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙලා හිටියලු.ඉතිං කොහොම හරි වලිය පැවැත්වෙන්න නියමිත වෙලා තිබුනෙ ඊළග දවසෙ සමාජ අධ්‍යයනය ක්ලාස් එක ඉවර වෙන වෙලාවට.දැන් පොතේ හැටියට මහා වලියක් යන්න තමයි නියමිත වෙලා තිබුනෙ.

මේ විදිහට දවසින් දවස ගෙවිල ගිහිං වලි දිනය උදා වුණේ පූසන්ගෙ පපුවලට බිත්තර තම්බන්න පුලුවන් ගානට ගින්දරක් දීලා.මොකද ගම්පහ බාලක විද්‍යාලෙත් එක්ක හැප්පෙන එක බොහොම භයානක වැඩක්.අන්තිමට වෙන්නෙ ගුටිත් කාලා ගම්පහ ටවුන් එක තහනම් කලාපයක් කරගන්න වෙන එක.ඒත් ඉතිං දැන් පරක්කු වැඩියි නොවැ!අපේ පූසො සෙට් එකත් හොදට ඇද පැළදගෙන එදා සමාජ අධ්‍යයනය ක්ලාස් එකට ගියාලු.පැය දෙකකින් විතර ක්ලාස් එකත් ඉවර වුණාලු.


ආ...කලින් කියන්න බැරි වුණානෙ.මේ තමයි අපේ පූසො සෙට් එකේ මංගල වලිය.විශේෂයෙන් අපේ මාලුකට්ටා එහෙම මීට කලින් වලියක් තියෙන තැනකින් ගිහිල්ලවත් නැහැලු.


දැන් අපේ පූසොත් ක්ලාස් ඉවර වෙලා පූස්ගම ටවුන් එකට ගියාලු.යනකොට මෙන්න පූස් හිතවාදී සෙට් එකත් ටවුන් එකේ.නිකං නෙවෙයි, සූ ගාලා දහ දෙනෙක් විතර ඉන්නවලු.එහා පැත්තෙ හිටපු දිගාගෙ සෙට් එකේ තිහක් විතර ඉන්නවලු.

මළ සේකරයි! දැන් ඉතිං පූසන්ට අම්බානට කන්න තමයි වෙන්නෙ.පුරුපුරු ඇතුලු පූසො ටවුමට ආපු බව දැක්ක දිගා ඇතුලු සෙට් එක පූසො හිටපු තැනට හිමින් හිමින් එන්න ගත්තලු.මේක දැක්ක පූස් හිතකාමී සෙට් එකට තරු පෙනිලා.දැන් පූසො අම්බානට කන්න තව විනාඩි කීපයයි.....


ඔය අතරෙ තමයි පාරෙ කොනකින් සගයො දෙන්නෙකුත් පිරිවරාගෙන රෝහණදීර මතුවුණේ.ඉක්මන් ගමනින් වලිය යන්න ගිය තැනට ආපු රෝහණදීර දිගාගෙන් මෙහෙම ඇහුවලු.


රෝහණදීර :- කවුද කවුද මේ පුරුපුරුලට ගහන්න ඉන්නෙ? උඹලද? පුලුවන්නං එකෙක් අත තියපං බලන්න...

රෝහණදීරගෙ වචන ඇහුව විතරයි මෙච්චර වෙලා ජයග්‍රාහී ලීලාවෙන් හිටපු දිගා ඇතුලු කොල්ලො සෙට් එකගෙ මූණු ටික බෙරි වෙලා ගියාලු.මොකද ඉතිං රෝහණදීරව තරහ කරගෙන ආපහු පූස්ගම පැත්තෙ එන්නයැ!පුරුපුරුටත් හිතාගන්න බැහැ රෝහණදීර කොහොමද මේ වෙලාවෙම මෙතනට ආවෙ කියලා.කොහොමහරි ඉතිං දිගාගෙ සෙට් එකේ මැරගහනය සීඝ්‍රයෙන් අඩු වෙලා යන්න විනාඩි දෙකක්වත් ගියෙ නැහැ.


දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වලිය ශේප් වෙයිද? රෝහණදීර මොනව කරයිද? ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?ඊළග ලිපිය තමයි කලු කුමාරි සීරීස් එකේ අන්තිම කොටස.

23 comments:

  1. ඉතින් ඊට පස්සෙ?....අප්පේ මේ කතා හින්ද ඒ කාලෙ කොරාපු ගොං කං එකසිය ගානට ඔලුවට එනවා...ලැජ්ජාවෙ බෑ මටම....:D

    ReplyDelete
  2. මෙන්න මේ වගේ සද්දෙ දදා ඉන්න ඇති

    http://www.youtube.com/watch?v=f3sX30NubTs

    ReplyDelete
  3. ම් ම් ම් මේ වගේ සීන් එකක් මට මතකයි මතකයි වගේ ...XD

    ReplyDelete
  4. අඩේ අප්පා..මටත් ඉස්කෝලෙ කාලෙ වලි මතක් වෙනවා.. වැඩි හරියක් ඉතිං මේ වගේම ජංගි කේස් වලට තමා..

    මැක්සා සීරීස් එක.. ඉඩක් ලැබුන වෙලාවක මාත් ලියන්නම් කතාව

    ReplyDelete
  5. අද තමා කලු කුමාඓ සීන් එකේ ඔක්කොම ටික කියවන්නවත් ලැබුණේ.
    බලමු ඊලඟට මොකද වෙන්නේ කියලා

    ReplyDelete
  6. මම කාලෙක ඉදන් උබේ බ්ලොග් එක කියවනවා. අපරාදේ කියන්න බෑ ගින්දරවගේ එල බ්ලොග් එක.

    ReplyDelete
  7. දිගාලා පූසන්ට ගහයිද? පූසො දිගාලාට ගහයිද? නැත්තං වලිය ශේප් වෙයිද? රෝහණදීර මොනව කරයිද? ඉතිං ඊට පස්සෙ මොකද වුණේ කියල අපි ඊළග ලිපියෙන් බලමුකො නේද?

    මේකත් නිකං X-Files වගේනේ.

    ReplyDelete
  8. එල එල.. අම්මප මටත් ඒ කාලෙ මතක්වෙනකොට හිනා යනව නවතින්නෙ නැතුව.. අප්පේ... :b

    ReplyDelete
  9. රෝහණදීරයා හින්ද යංතං පූසන්ගෙ රැවුල්ගස් ටික බේරුනා. ඊළගට මොකක් වෙයිද කියල බලමුකො. :j

    ReplyDelete
  10. තවම නෙලුවෙ නැද්ද.. :h

    ReplyDelete
  11. පුරු පුරු ට අවශ්‍යම වෙලාවෙදි විදේශ ආඩාර ලබිලා නෙව..... ඉතින් ඉතින්..............

    ReplyDelete
  12. තව දවස් කීයක් බලන් ඉන්නද කවද්ද මේක ඉවර කරන්නේ පූසනේ.
    මෙගා එකක් එහෙම කරන්න එපා ඔන්න.
    ඇත්තට ඔය කාලේ ඔය වගේ වලි දාගත්ත නැති එවුන් ඉන්නවනම් උන් කොල්ලෝ නෙවේ කියලයි හිතෙන්නේ. කොල්ලකේට කොලුකම නැත්නම් ඇති වැඩක් තියනවද?

    ReplyDelete
  13. Harima lassanai blog1. mama hemadama balanawa

    ReplyDelete
  14. වලියෙන් වලිය නොසන්සි‍ඳේ... :-)

    ReplyDelete
  15. ado maxxa mach!! athal 5i.. meka mama hamadama kiyawanawa nikan mail check karanawa wage! lol! patta patta.! ohoma yaman mach..

    _Tzoner_

    ReplyDelete
  16. පට්ට මචං පට්ට :o

    ReplyDelete
  17. වලි කතා හෝ ගාල ඔලුවට එනවා. ලියන්න හිතෙන්නෙ නැහ බන්.. ලොකු කම කියල කියන්නත් බැරි නැහ. හි හි. ඔය වලි 90 % ගහ ගන්නෙ නැහ නෙ බන්... කවෘ හරි තදයෙක් බහිනවා රෝහනදීරය වගේ.... ලියන්න ඕනි එකක්.. ගුටි කාපු වත් හි හි

    ReplyDelete
  18. @ හේමලයා - හික් හික්!! කවුරු කවුරුත් එකම බෝට්ටුවෙ තමයි ඉතිං බලාගෙන ගියාම...:e:e:e

    @ Chanaka - කොහෙන්ද අප්පේ මේක හොයාගත්තෙ? මරු වීඩියෝ එක නොවැ!:b:b:b

    @ Confiuzd ප්‍රෝග්‍රැමර් - සිරාවට? උඹ රෝහණදීර එහෙම නෙවෙයි නේද බං?:m:m:m

    ReplyDelete
  19. @ sameerausa - එළකිරි සහෝ! කොහොම හරි ඉඩ හොයාගෙන ලියන්න.:b:b:b

    @ හෙළයා - බොහොම ස්තුතියි සහෝ! ඊළගට අන්තිම කොටස:b:b:b

    @ Mahasona - බොහොම ස්තුතියි සහෝ! උඹලගෙ වචන තමයි දිගටම ලියන්න අපිට ඕනෙ කරන ඉන්ධන සපයන්නෙ!:g:g:g

    @ ආදර කතාව - හික් හික්!! අ‍නේ එච්චර අද්භූත නෑනෙ.කොහොමත් ඊළග කොටසින් කතාව ඉවරයි...:i:i:i

    ReplyDelete
  20. @ වැම්පි - බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    @ Praසන්ன - ඒකනං ඇත්ත යාලු! බලමු බලමු!!:b:b:b

    @ ගයන්ත - තව චූට්ටක් ඉවසපන් මලේ! අද රෑට අන්තිම කොටස දාගන්න පුලුවන් වෙයි...:b:b:b

    ReplyDelete
  21. @ nish - ඒකනං ඇත්ත සහෝ! හික් හික්!!අවශ්‍ය නෙවෙයි, අත්‍යාවශ්‍ය...බලමුකො මොකද වෙන්නෙ කියලා...:f:f:f

    @ priyantha - මමත් එකගයි සහෝ! අම්මියෝ.....තව එක කොටසයි තියෙන්නෙ...:b:b:b

    @ Anonymous - බොහොම ස්තුතියි යාලු! කොච්චර දෙයක්ද ඒ බව අහන්න ලැබීම!!:g:g:g

    @ කුෂාන් - ඒකනං ඇත්ත සහෝ! ඒත් ඒ දවස්වල මොන බණද??හික්ස්...:q:q:q

    ReplyDelete
  22. @ Tzoner - තැන්ක්යූ වේවා බං! අහන්නත් සතුටුයි.:rදැන් උඹේ විස්තර කොහොමද?

    උඹලගෙ අදහස් නිසා තමයි මේ බ්ලොග් එක රන් වෙන්නෙ:b:b:b

    @ මම - බොහොම ස්තුතියි යාලු!:b:b:b

    @ පිස්සා - අයියෝ, අපි මොනවත් හිතන්නෙ නෑ පිස්සයියෙ. සීරීස් එකක්ම ලියන්න. ගහපුවා, ගුටි කාපුවා ඔක්කොම ලියන්න...:b:b:b

    ReplyDelete
  23. මේක කියෙව්වේ අද තමා එල එල හැබැයි කැන්ඩි නම් කවදාවත් ඔහොම එකකට ෆේස් කරලා නෑ....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???