අඹ යාලුවෝ

Friday, August 20, 2010

සරුංගල් කාලේ 2 - The Kite Season 2

හරිනං අපි මේ වෙලාවෙ දාන්න ඕනෙ රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලිපිය.ඒත් ඉතිං ඊට කලින් මේක දාන්නම හිතුනා.

අපේ යාලුවන්ට මතකයිනෙ අපි දාපු සරුංගල් කාලේ 1 ලිපිය?ඒකෙදි අපි කිව්වනෙ ගියපාර වගේම මේ පාරත් සරුංගලයක් හැදීම ගැන සලකලා බලන්න ඕනෙ කියලා.ඉතිං කිව්වා වගේම අපි ඒ ගැන සලකලා බැලුවා.ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ යට ඉන්න මොණර පැටියා හැදුනෙ


හික් හික්!! පැටියා කිව්වට ඉතිං ටිකක් විතර ලොකුයි.

පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයි තමයි කිතුල් ලී කපන්න ගියෙ.හැමදේම ඉස්සරට වඩා වෙනස්වෙලා.වෙනදා බලන බලන තැන් වල කිතුල් පැල.ඒත් මේ පාර බොහොම අමාරුවෙන් රබර් වත්ත පහල ඇළ දිගේ පැය දෙකක් සර්ච් කරලා තමයි කිතුල් පැළයක් හොයාගත්තෙ.ඊට පස්සෙ ඒකෙන් පිති දෙකක් කපාගෙන ආවා.ඒවා සුද්ද කරලා දවස් දෙකක් වේලුවා.ඒ පිත්තක් තමයි සරුංගලේ දික් ලීයට ගත්තෙ.

ඔය අතරෙ උණ බම්බුවකුත් හම්බවුණා.ඒක පලලා තමයි සරුංගලේ හරස් ලීයට ඕනෙ කරන කෝටුවක් හදාගත්තෙ.ඊට පස්සෙ ඉතිං පට්ටම බැදලා කොළ ඇලෙව්වා.හැබැයි ඒ වැඩ ටිකනං එච්චර ලේසි වුණේ නෑ.මොකද ඤාව්වටයි, උපාසකටයි මේ දවස්වල ෆුල් බිසී.ඒ නිසා ඒ දෙන්නට ඒවාට සහභාගි වෙන්න ලැබුනෙ නෑ.

ඊටත් පස්සෙ කඩෙන් රුපියල් 100 නයිලෝන් නූල් පන්දුවක් ගෙනාවා.ඒකෙ නූල් ගොඩක් තියෙනවා.අන්තිමට සේරුව දාලා සරුංගලේ යැව්වා.


ඔය පේන්නෙ නූල් වලින් බාගයක් දුන්නට පස්සෙ ගඩොල් මොණරා පේන හැටි.අන්තිමට ඩොට් වෙන සයිස් එකටම මෙයා උඩ ගියා.අද හවසනං වැස්ස හින්දා සරුංගලේට පොඩි නිවාඩුවක් දෙන්න තමයි සිද්ද වුණේ.ඇයි මැච් එකත් තිබුනනෙ.හෙට තවත් රුපියල් 100 නූල් පන්දුවක් ගෙනත් මෙයාව නොපෙනෙන්නම යවන්න තමයි කල්පනාව.

හැබැයි දැන් මාර ප්‍රශ්නෙ.පුරුපුරු අයියගෙ සරුංගලේ දැකපු කොල්ලො කුරුට්ටො සෙට් එකක් තමන්ටත් සරුංගල් හදලා දෙන්න කියලා ජාත්‍යන්තර බලපෑම් කර කර ඉන්නෙ.දැන් තීරණය කරන්න වෙනවා හෙට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියනවද? නැත්තං සරුංගල් හදනවද? කියලා.

ඉස්සරනං අපේ කොල්ලො සෙට් එක එකට එකතු වෙලා, වෙලට ගිහිං තමයි සරුංගල් යවන්නෙ.ඒත් ඉතිං දැන් වෙලා තියෙන්නෙ තනියම ගෙදර මිදුලට වෙලා සරුංගල් යවන්න.කොහොමද දෙයියනේ අර පොඩි එවුන් මැද්දට ගිහිං පුරුපුරුත් සරුංගල් යවන්නෙ?හෙට උපාසකවත් ආවොත් වෙලට යනවා.එහෙනං දැනට ටටා.පුලුවන් තරම් ඉක්මනට රාත්‍රී ප්‍රහාරක බලකාය 3 ලියන්නත් ඕනෙ.

ප.ලි - අපේ බ්ලොග් පේජ් එකේ උඩ

"මෙ‍ම බ්ලොගයේ අඩංගු ඇතැම් ක්‍රියාකාරකම් ඔබ ප්‍රායෝගිකව සිදු කිරීමට නුසුදුසු මට්ටමේ ඒවාය.එසේ සිදු කිරීමට ගොස් ඔබට වන අකරතැබ්බ වලට බ්ලොග් හිමිකරු කිසිදු ආකාරයකින් හෝ වගකියනු නොලැබේ"

කියලා වාක්‍යයක් තියනවනෙ.ඉතිං ඕක පේජ් එක හරහා යන වේගෙ වැඩියි කියලා පහුගිය දවස්වල අපේ යාලුවො කීප දෙනෙක්ම කිව්වා.ඔය වෙලාවෙ අපිත් දැනගෙන හිටියෙ නෑ ඕකෙ ස්පීඩ් එක වෙනස් කරන විදිහ.ඉතිං ඒ මෙතඩ් එක අපිට කියල දුන්නෙ චානක අරුණ මුණසිංහ හෙවත් අපේ මකර අධිරාජයා.ඒ වෙනුවෙන් මකරාට ගඩොල් පූසන්ගෙ ස්තුතිය පළ කරන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා.

ඒ වගේම මූණුපොතේ අපේ යාලුවෙක් වෙන්නත් ඔය සමහර යාලුවො කැමති ඇතිනෙ.ඒ යාලුවන්ට මේ ලින්ක් එකෙන් ගිහින් අපේ මූණුපොතේ යාලුවෙක් වෙන්න පුලුවන්

http://www.facebook.com/profile.php?id=100001156986448

28 comments:

  1. මටත් සරුංගලයක් හදන්න හුගාක් හිතිලා තියෙන්නේ බං..
    හැදුවත් අරින්න විදියක් නැහැනේ..අප්පා..

    ReplyDelete
  2. ඒ කාලේනම් අපිත් සරුංගල් යැව්වා.පට්ට ෆන් එකක් තමයි ගත්තේ.දැන් නම් ඉතිං යන එනකොට දකින සරුංගල් දිහා බලලා හූල්ලන එක තමයි කරන්නේ.
    අපි සරුංගල් යවන කාලේ වයසේ උන් දැන් සරුංගලයක් හදාගන්නවත් දන්නෑ.සරුංගලයක් යවන්නම ඕනිනම් කඩෙන් ගෙනාව යැව්වා.ඔන්න ක්‍රියෙටිව් මයින්ඩ්ස්...ඉතිං දියුණුවෙයිද රටක්.....

    ReplyDelete
  3. ජිවිතේ සුන්දරතම කාලයට ..පියැබුවාවාගේ හේ...

    පොඩිඋන්ට සරුන්ගල් හදල ඩිපන් පුලුවන්නම්....

    උන් ඒවා උඩ යවනකොට ..

    ලොකු සතුටක් දැනෙවි උබට...

    ReplyDelete
  4. :b :b :b :b

    අපේ උක්කුන්ටත් සරුංගලයක් හරි හැටි හදාගන්න බෑ........ :a
    මටත් සරුංගෝල නෑ ඉතින්....... :s :s :s :s
    පූස් අයියලට බැරිද මටත් එකක් හදල දෙන්න....... :r :r

    ReplyDelete
  5. මම කිව්වෙ මචන් හා පැටික්කිගෙ විභාගෙ තව කල් ඇදුනනම් හොදයි කියලා... පේනවනෙ.. දැන් දියන්කො සරුංගල්

    ReplyDelete
  6. සරුංගල් යවන කාලේ ඒකට සෙට් වෙන්න විදිහක් නැහැ. එක දිගට වැඩ අයියා

    ReplyDelete
  7. මටත් බෑනෙ සරුංගල් හදන්න :a :s

    ReplyDelete
  8. මම නම් හැම සරුංගල් කාලෙටම කොහොම හරි එකක් හදනවාමයි...:))))).

    ReplyDelete
  9. අර ඉලංදාරියා කියල තියෙනවා වගේ පොඩිඋන්ට සරුංගල් ටික හදල දීපං. උන් සතුටුවෙනකොට ඒ දිහා බලල පූසටත් සතුටු උණහැකි.

    ReplyDelete
  10. දිගටම
    හදමු සරැංගල්///

    ReplyDelete
  11. මටත් ආස හිතෙනවා ආපහු සරුංගලයක් හදන්න...

    ReplyDelete
  12. නූල කැඩුනු සරුංගලයක් වැනි ජීවිතය හි හි... මගේ.

    ReplyDelete
  13. අයාලේ යන සරැංගල්,
    ජීවිතයේ මිහිර මවා පානු ඇත
    දෑස් ඉදිරිපිට
    ඇති සැටියෙන්...

    ReplyDelete
  14. සරුංගල් හදන්න ආසයි. එත් දැන් ඉස්සර වගේ යවන්න තැනක් නෑ. දැන් අප දැක්ක ගමට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ගම්මාන තියෙන්නේ. සමහර විට මේක දැන් විශ්ව ගම්මානයක් හින්දද ද්නනේ නෑ. බලමු කොහොම හරි හැදුවොත් ඔය කොහේ හරි ගිහින යවන්න බැරිය. කියන්නම ඕන සරුංගලේ නම් අන්තිම හොඳයි. පුරුපුරුල තවමත් ඉස්සර වගේම දක්‍ෂයො බවයි පෙන්නේ.

    ReplyDelete
  15. @ මාරයා - හදමු හදමු මාරයියේ, ඔය වැලිවේරිය පැත්තෙ තියෙන්නෙ ඕන තරම් ඉඩකඩ සරුංගල් යවන්න :b:b:b

    @ හසියා - ඒ අදහසටනං මමත් එකගයි බං! ඒත් ඉතිං මොනව කරන්නද? හැමදේම කාලයත් එක්ක වෙනස් වෙනවා නොවැ!:b:b:b

    @ ඉලංදාරියා - හදල දුන්නා මචෝ! ඒකයි උත්තර දෙන්න පරක්කු වුණේ.බොහොම ස්තුතියි...:b:b:b

    @ හා පැටික්කි - හා පැටික්කිට සරුංගලයක් හදලා දෙන්නනං බැරිකමක් නෑ.ඒත් ඒක බාරදෙන්නෙ කොහොමද? ඊ මේල් කරන්න තමයි වෙන්නෙ...:q:q:q

    ReplyDelete
  16. @ අභීත - හික් හික්!! ඒක තමයි මචෝ! ඊ මේල් කරන්න තමයි වෙන්නෙ :f:f:f

    @ Hasitha - හපොයි, අපේ සාතිශය සංවේගය පිළිගන්න මලයො...:s:s:s

    @ Ashen - ඔය හා පැටික්කිවත් එක්කගෙන පූස්ගම පැත්තෙ එන්න.සරුංගල් හදලා දෙන්නං...:b:b:b

    @ හේමලයා - එළකිරි මචෝ! අහන්නත් සතුටුයි...:b:b:b

    ReplyDelete
  17. @ Praසන්ன - බොහොම ස්තුතියි සහෝ! ඔන්න මම සරුංගල් ටික හදල දුන්නා...:b:b:b

    @ Rash - බොහොම ස්තුතියි සහෝ!!:f:f:f

    @ කුෂාන් - හදන්න හදන්න.කොච්චර දෙයක්ද මචෝ!:b:b:b

    @ පිස්සා - හපොයි, ඒ පාර මොකද පිස්සයියේ?:j:j:j

    ReplyDelete
  18. @ හෙළයා - ඒකනං ඇත්ත සහෝ! බොහොම ස්තුතියි :b:b:b

    @ priyantha - එළකිරි සහෝ!හදන්න...හදන්න. බොහොම ස්තුතියි අපිව අගය කළාට.ඒත් අපිට වඩා දක්ෂ සරුංගල් එක්ස්පර්ට්ලා ඕන තරම් ඉන්නවා...:b:b:b

    @ හා පැටික්කි - :j:j:j:j:j:j:j:j:j:j

    @ කැන්ඩි - බොහොම ස්තුතියි සහෝ!:b:b:b

    ReplyDelete
  19. ඕන තරම් සරුංගල් එක්ස්පර්ට්ලා හිටපු කාලයක් තිබුනා. එත් දැන් ඉන්නේ කඩේ විකුණන්න හදන සරුංගල් එක්ස්පර්ට්ලා තමා. තැන් තැන් වල ටික දෙනෙක් ඇති. ඉස්සර වගේ නෙවේ අවුරුදු 10 ක් වගේ කාලෙකදී තමා මේ තරම් වෙනසක් වෙලා ඇත්තේ.

    ReplyDelete
  20. පූස් අයියා හලි නාකයි........ :s :s :s :s :s :s :s :s :s :s :s
    අභීත අයියත් මට හලියට අලිආදු කලනව.......... :s :s :s :s :s :s
    මං බත් කොලයක් නූලක ගැට ගහලවට් උඩ යවනව......... :s :s :s :s :s :s

    ReplyDelete
  21. @ හා පැටික්කි (MS)
    අහ් ඒක හොදයි....පුළුවන්නම් ඔයත් එල්ලෙන්න....
    :p :p :p :p :p :p :p :p :p :p :p :p

    ReplyDelete
  22. @ priyantha - මමත් ඒ අදහසට එකගයි සහෝ!:b:b:b

    @ හසියා - :e:e:e

    @ හා පැටික්කි - අයියෝ හාවි, මම මක්ක කරන්නැයි?:j:j:j එහෙනං එන්ටකො මේ පැත්තෙ සරුංගලයක් හදල දෙන්න.:b:b:b

    ReplyDelete
  23. @ හසියා, blog gadol
    බලන් ගියාම ගෙදර අයිය වගේම තමා අනිත් අයියලත්.......... :s:s:s:s:s:

    ReplyDelete
  24. @ හපොයි!!! හා පැටික්කිව නළවන්න කවුරුත් නැද්දෝ???:n:n:n

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???