අඹ යාලුවෝ

Tuesday, July 13, 2010

DREAMZ of ඤාව්වා

ඔන්න යාලුවනේ අද අපි කියන්න යන්නෙ ඤාව්වගෙ කතාවක්.අපේ සමාජෙ සමහර අය ඉන්නවනෙ පොඩි දෙයක් වුණත් ඒක ලොකුවට අරගෙන දිගින් දිගටම ඒ ගැන හිතන.අපේ ඤාව්වත් ඒ වගේ ඩයල් එකක් (ඉස්සර එහෙමයි කියල දාන්නලු.ඔන්න දැම්මා..)

මෑන්ස්ට ඉතිං පොඩි සිද්දියක් වුණත් දිගින් දිගටම ඒක ගැන හිතල අන්තිමට මාර සිරා නිගමනවලට තමයි එන්නෙ.ඇත්තටම ඉතිං එක පැත්තකින් බැලුවම හොද තර්කානුකූල නිගමන.කාටවත් ඒක එහෙම නෙවෙයි කියල කියන්නත් බෑලු.හැබැයි මෑන්ස්ට මේ ලෙඩේ හැදෙන්නෙ කාන්තා පාර්ශවේ සම්බන්ධ සිද්දි වලදි විතරයිලු.ඉතිං අපි කියන්න යන පළවෙනි කතාව සිද්ද වුණේ කට්ටිය 11 වසරෙදි.

ඔය කාලෙ වෙනකොට ඕ ලෙවල් වලට මාස කීපයයි තිබුනෙ.ඉතිං කට්ටියට පොඩ්ඩ පොඩ්ඩ රත්වෙන්න පටන් ගන්න කාලෙ.ඒ වෙද්දි මාලුකට්ටට සමාජ අධ්‍යයනය සබ්ජෙක්ට් එක සම්බන්දෙන් සෑහෙන ප්‍රශ්න ගොඩක් තිබුනලු.මෑන්ස්‍ට ඔක්කොම පුලුවන් සමාජ අධ්‍යයනය තමයි බැරුව හිටියෙ.(සමාජ අධ්‍යයනය බැරි වෙච්ච එකේ ප්‍රතිඵල පස්සෙ කාලෙක ගෙඩි පිටින් හම්බ වුණා.ඒ ගැන පස්සෙ කියන්නංකො නේද?)ඉතිං සමාජ අධ්‍යයනයට පොඩි ගෲප් ක්ලාස් එකක් දාගන්න මෑන්ස් තීරණය කළාලු.

ඉතිං මාලුකට්ටගෙ අම්මා උගන්නන ඉස්කෝලෙන් සමාජ අධ්‍යයනය සර් කෙනෙක් හොයාගත්තයි කියමුකො.දැන් ලොකුම ප්‍රශ්නෙ පන්තියට ළමයි හොයාගන්න එකලු.මොකද දැන් කාලෙ වගේ නෙවෙයි ඒ දවස්වල, ඒ කියන්නෙ 2003 දි, ළමයි ඕ ලෙවල් ක්ලාස් ගියෙ සයන්ස්, මැත්ස්, ඉංග්ලිෂ් වගේ ගොඩක් වැදගත් සබ්ජෙක්ට් වලට විතරයි.එහෙම කියල මාලුකට්ටට ක්ලාස් එක ඉන්ඩිවිජුවල් එකක් කරගන්නත් බෑලු සර්ගෙ අයකිරීම් වලට අනුව.ඉතිං මෑන්ස්ගෙ බලවත් ඉල්ලීම අනුව පුරුපුරු, උපාසක සහ ඤාව්වටත් සිද්ද වුණාලු මේ පන්තියට සහභාගි වෙන්න.එතකොට ළමයි හතර දෙනයි.

ක්ලාස් එක තිබුනෙ ඉරිදා හවස පූස්ගම බෞද්ධ මධ්‍යස්ථානෙලු.ඉතිං අපේ පූසො සෙට් එකත් ගිහිල්ල සර් කියන ඒව උඩින් පල්ලෙන් අහගෙන ඉදලා, සිතියමක් දෙකක් ඇදලා, ඔතෙන්ට වෙලා හරිම අමාරුවෙන් පැය දෙකක් ඉන්නවලු.ඔය අතරෙ තමයි බෞද්ධ මධ්‍යස්ථානෙ තව ගෲප් ක්ලාස් එකක් පටන් ගත්තෙ.ඒක පූසන්ගෙ ගෲප් ක්ලාස් එකට හපන්.ඒ ක්ලාස් එක සිංහල පන්තියක්.ඒ මදිවට මේ 10 වසරෙ හිටපු ළමයි හතර දෙනෙකුට.පූසන්ගෙ ක්ලාස් එකට හොදට පේන තැනක තමයි මේ පන්තිය තිබුනෙ.

හැබැයි ඔය ක්ලාස් එක පටන් ගත්තට පස්සෙ අපේ පූසන්ගෙ කම්මැලිකමනං සම්පූර්ණයෙන්ම දියවෙලා ගියාලු.වෙනදට විනාඩි දහයක් විතර පරක්කු වෙලා පන්ති එන ඩයල් ටික දැන් විනාඩි විස්සක් විතර කලින් එනවලු.ඉතිං හිතාගන්න පුලුවන්නෙ මොකද්ද මේ කඩිසරකමේ රහස කියල නේද?ඔව් ඔව් ඒක තමයි........ඒ පන්තියෙ හිටියෙ ලස්සන නංගියො හතර දෙනෙක්ලු.ඔය අතරෙ හිටිය ලස්සනම නංගිව අපේ ඤාව්වට සෑහෙන්න අල්ලල ගියාලු.

මෑන්ස් කොහොමත් ඒ ළමයව කලින් ඉදලා අදුරනවලු.පොඩිකාලෙ ඤාව්ව ගිය දහම් පාසලටම තමයි ඒ ගෑනු ළමයත් ගිහින් තියෙන්නෙ.ඉතිං ඒ කාලෙම ඒ නංගිව ඤාව්වගෙ රේඩාර් එකට අහුවෙලා පස්සෙ ඩේටා‍බේස් එකේ තැන්පත් කරගෙන තමයි ඉදලා තියෙන්නෙ.දැන් පොරට ඕනෙ මේ ළමයත් එක්ක කතාවට යන්න.හැබැයි මෑන්ස්ට ෂුවර් නෑ එයාට මෑන්ස්ව මතකද නැද්ද කියලා.

ඉතිං එක දවසක් කට්ටිය ක්ලාස් යද්දි මේ කෙල්ලො සෙට් එක කලින් ගිහිල්ල මොනවද කකා ඉන්නවලු.හොදට ඇන්ටනාව දාල බැලින්නං කන්නෙ ලොකු චොක්ලට් එකක්.මේක දැක්ක ඤාව්වගෙ දිවේ රස ග්‍රන්ථි ඉබේම ක්‍රියාත්මක වෙන්න ගත්තලු.මොකද ආස කරන දේවල් දෙකක් එකම තැන.නංගි සහ චොක්ලට් එක.කොහොම හරි ඉතිං ඤාව්වගෙ පැනි ලුක් එක කෙල්ලන්ටත් මීටර් වෙන්න ඇතිනෙ.මෙන්න එක පාරටම හිටපු තැනින් නැගිට්ට නංගි පූසො හිටපු පැත්තට එන්න ගත්තලු.

පූසො සෙට් එකත් ඉතිං ටිකක් විතර රත් වෙලා ගියාලු.බනින්නද දන්නෙත් නෑනෙ එන්නෙ පැනි හැලුවයි කියල.කොහොම හරි ඉතිං අර ළමයා පූසො හිටපු තැනට ආවලු.ඇවිල්ල මෙන්න බොලේ චොක්ලට් එක පූසන්ට දික්කළාලු.අපි මේ නංගිගෙ නම නිලුමලී කියමුකො

නිලුමලී :- අයියෙ ඔයාල මේ චොක්ලට් එක ගන්න

ඤාව්වා :- (චොක්ලට් එක ගන්න ගමන්) තැන්ක්යූ නංගි.ඔයාට මාව මතකද? අර දහම් පාසලේ හිටියෙ?

නිලුමලී :-ඔව් අයියෙ, අයිය ලොකුනමට ඉස්කෝලෙ යන ඤාව්ව නේද?

ඤාව්වා :-(කට කනේ) ඔව් ඔව් නංගි, නංගි ගම්පහ හිරි කොරහ කොන්වන්ට් එකට යන නිලුමලී නේද?

නිලුමලී :-ඔව් අයියෙ,මම එහෙනං යන්නං

ඔන්න ඔහොම ඉතිං නිලුමලී ආපහු යන්න ගියාලු.අනිත් පූසන්ටනං හිතුනෙ කෙල්ලො සෙට් එක බඩේ අමාරුව හැදෙනවට බයේ කෙල ගිල ගිල හිටපු පූසන්ට චොක්ලට් එව්වයි කියලලු.ඒ වුණත් ඉතිං අපේ ඤාව්වනං එ‍් වෙලාවෙම "DREAMZ of ඤාව්වා" පටන් ගත්තලු.මෑන්ස්ගෙ වැඩේ පන්තිය වෙලාවෙත් උඩ බලාගෙන හිටපු එකලු.පහුවදා සදුදා උදේ ස්කූල් වෑන් එකේදි පුරුපුරුව හම්බවුණ ඤාව්ව මෙහෙම කිව්වලු

ඤාව්වා :- මචං මම අර වැඩේ කරන්නද?

පුරුපුරු :- මොන වැඩේද බං?

ඤාව්වා :- අර නිලුමලීගෙ වැඩේ! එයා මට කැමතියිනෙ.

පුරුපුරු :- (පුලුමයෙන්) මොනවා?? එයා කවද්ද උඹට එහෙම කිව්වෙ?

ඤාව්වා :- අමුතුවෙන් කියන්න ඕනෙයැ බං.නැත්තං අහවල් එහෙකටද උඹල සෙට් එකම ඉන්දැද්දි මටම චොක්ලට් එක දික්කළේ?බලපංකො අනිත් දවසෙ ක්ලාස් ඉවර වෙලා මම එයා එක්ක තමයි ගෙදර යන්නෙ..

බැලින්නං ඤාව්ව ගෙදර ගිහිල්ල දවසම කරල තියෙන්නෙ වෙච්ච සිද්දිය ගැන කල්පනා කර කර ඉදලා නිගමනේකට ඇවිත් තියෙන එකලු.දැන් ඉතිං කවුරු නෑ කිව්වත් මෑන්ස් තමන්ගෙ උපකල්පනේ බොරු කියල පිළිගන්නෙ නෑ.පුරුපුරුත් ඉතිං මොනවත් කියන්න ගියෙ නෑලු.ඇරත් ඤාව්වගෙ උපකල්පනේ ඇත්තක්නං එහෙම? පාටියක් නොවැ!

කොහොම හරි ඉතිං කට්ටිය අනිත් දවසෙත් පන්තියට ගියාලු.දැන් ඤාව්ව බලාගෙන ඉන්නවලු තමන්ගෙ පෙම්වතිය එනකං.ඔන්න ඉතිං ටික වෙලාවකින් පෙම්වතියත් පාරෙ කොනකින් මතුවුණාලු.දැන් ඉතිං කෙල්ලත් කට කනේ තියාගෙනලු පූසො ඉන්න පැත්තට එන්නෙ.අනිත් පූසො ටික හොල්මන්ලු.ඤාව්වා පූසො සෙට් එක දිහාට ජයග්‍රාහී බැල්මක් එහෙම දාල හිනාවෙලා ඉස්සරහට යන්න හැදුව විතරයි මෙන්න බොලේ මෑන්ස්ගෙ පෙම්වතිය කට්ටිය හිටපු දිහාට අතත් වනනවලු.

ඒ පාරනං කට්ටියට තේරුනාලු මෙතන මොකක් හරි අප්සට් එකක් තියනව කියල.පස්සෙ බැලින්නං පූසන්ට පිටිපස්සෙන් හිටපු තමන්ගෙ පන්තියෙ කෙල්ලෙක්ට තමයි ඤාව්වගෙ පෙම්වතී අත වනල තියෙන්නෙ.තවත් තත්පර කීපෙකින් එයා පූසො හිටපු තැනත් පහුකරගෙන ගියාලු.හැබැයි ඤාව්ව දිහා බලන්නෙවත් නැතුවලු.මෑන්ස්ට ඉතිං මාර අප්සට් එකලු.එදා හවස් වෙනකං ක්ලාස් එකේ ඉන්න ගමනුත් ඤාව්වා කළේ අර ගෑනු ළමයගෙ අවධානෙ ගන්න උත්සාහ කරපු එකලු.ඒ වුණත් වැඩේ කොහෙත්ම හරි ගියෙ නෑ.

පස්සෙ තව සති කීපයක් ට්‍රයි එකක් දුන්න ඤාව්වා වැඩේ හරි නොගිය තැන තමන්ගෙ "පෙම්වතියව" හිතෙන් අයින් කරල දැම්මලු.දැන්නං ඤාව්වට ඇත්තටම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.කට්ටිය සෙට් වුණාම ඔය නිලුමලීගෙ කේස් එක තවමත් මතක් කරන්න අමතක කරන්නෙ නෑ.දැන්නං ඒකට වැඩියෙන්ම හිනා යන්නෙ ඤාව්වට තමයි!

ප.ලි - ඊළග ලිපිය :- DREAMZ of ඤාව්වා - SEASON 2

28 comments:

  1. හ හා.. එළ එළ.. කතා පෙට්ටිය ඇරල තියෙන්නෙ...කීප් ඉට් අප් මල්ලි...

    ReplyDelete
  2. ආදරේට බ්‍රේක් නෑ ජීවිතේට රිවස් නෑ... :g

    ReplyDelete
  3. අපේ එකෙක් හිටියා.. කෙල්ලෙක්ගෙන් 28 පාරක් ඇහුවා....

    ReplyDelete
  4. :i :i :i :i
    නිගමනය:- බඩේ අමාරුව හැදුනද චොක්ලට් කාටවත් දීම හොඳනැත.......(වෙන මුකුත් නිසා නෙමෙයි පවුනේ යාළුවොන්ගේ බයිට් එක වෙනවනේ ඒකයි....... හිකිස්........:q :q)

    ReplyDelete
  5. http://lh4.ggpht.com/_RduEq9ylLDc/TBr5O3WOSMI/AAAAAAAAAfI/TFjNmqcTIqY/saamgeadaviya.blogspot%20%2810%29.gifhttp://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr5ofxNZ_I/AAAAAAAAAfw/mHIKO9ZvY88/saamgeadaviya.blogspot%20%2820%2http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr61RhFlJI/AAAAAAAAAgc/Sv_33i9wSoo/saamgeadaviya.blogspot%20%2831%29.gif9.gifhttp://lh3.ggpht.com/_RduEq9ylLDc/TBr613yBh-I/AAAAAAAAAgk/os1zBpMfRzY/saamgeadaviya.blogspot%20%2833%29.gif

    ReplyDelete
  6. :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :a :b :c :d :e :f :g :h :i :j :k :l :m :n :o :p :q :r :s :t

    ඔයාල මොකද හිහිතන්නෙ ඒ ගැන??? ත :s :t

    ReplyDelete
  7. හපොයි! ඤාව්වට වෙච්ච දේ. කතාව නියමයි.

    ReplyDelete
  8. @ වැම්පයර් - තෑන්ක්යූ වේවා අයියේ!:b

    @ සිරකරුවා - හික් හික්!!ඒක ඇත්ත තමයි.තව පොඩ්ඩෙන් ඤාව්වා තාප්පෙකුත් කඩාගෙන යන්නෙ බ්‍රේක් නැතුව!:q

    @ හා පැටික්කි - හික් හික්!!ඒකට කමක් නෑ, චොක්ලට් එකක් තියෙනවනං අපිටත් දිලම කන්න.නැත්තං බඩේ අමාරුව හැදෙයි ඔන්න..:m

    ReplyDelete
  9. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - හත්තිලව්වයි! ඉතිං මෑන්ස්ට ඒ වැඩේ හරිගියාද? නැත්තං කෙල්ලගෙන් ගුටි කෑවද?:j

    @ ඇනෝ - අනේ මන්දා මචං, උඹට මොනව වෙලාද කියල හිතාගන්න බෑ :d

    @ හසී - :b

    ReplyDelete
  10. @ Praසන්ன - බොහොම ස්තුතියි සහෝ!:b

    @ Shadow/හේමලයා - :b:b:b

    @ හිඟන්නා - හික් හික්!! DREAMZම තමයි!!:f

    ReplyDelete
  11. අපෝයි වැඩේ ඤාව් වෙලා නේ... :s

    ReplyDelete
  12. :b :b පව් බන්.. ඌ.. ( උගේ නම ලියන්න මට නම් තේරෙන්න නැහ බන් හික් හික් )

    ReplyDelete
  13. @ kesh - :f

    @ කොඩී - හික් හික්!! ඒක තමයි යාලු:s

    @ පිස්සා - ආ..ඒකට කමක් නෑ සහෝ.අර P අකුරට එහාපැත්තෙ key එකෙන් තමයි ටයිප් කරන්නෙ!!:t:t:t

    ReplyDelete
  14. ඤාව්වට වැරැද්දක් කියන්න බෑ කොහොමටත්ම. මොකද අර කෙල්ලනෙ මේ අහිංසකයට චොකලට් දීල තීන්නෙ. අනික ඔන්න ලුණු මිරිස් හරි පපඩමක් හරි වගේ මේ ආදරයට මෙලෝ සම්භන්දයක් නැති දේකුත් නෙමෙයිනෙ.
    මල්ලි හරි මල්ලි...අපරාදෙ අතෑරියෙ ගේම..:f

    ReplyDelete
  15. මං මේ කල්පනා කලේ ගල් මාළුන්ටයි ගල් ඉබ්බන්ටයි කෑම දැම්මාම පින් ලැබෙයිද කියලායි. මොකද දාන්න දාන්න තවත් දාන්නයි හිතෙන්නේ. ඉතිං උතුම් චේතනාවක්නේ. අනිත් අතින් ගල් ඉබ්බන්ට ගල් මාළුන්ට පනුවෝ දාලා පව් ලැබෙයිද? මොකද දඟලන බව පේනවා. ඉතිං සත්ත්ව ජීවිතයක්නේ. ඒක උතුම් නොවන චේතනාවක්නේ.

    ReplyDelete
  16. @ ඉන්දික උපශාන්ත -:r බලාගෙන ගියාම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා.චොක්ලට් කියන්නෙ ඉතිං ආදරේ සංකේතෙ නොවැ!

    මොනව වුණත් ඤාව්වා සෑහෙන ගේමක් දීල බැරිවුණාට පස්සෙ තමයි වැඩේ අතෑරියෙ.

    ඤාව්වගෙ ඊළග කතාව කියෙව්වට පස්සෙ හැබැයි මෑන්ස්ට වැරැද්දක් නොකිය ඉන්න ටිකක් අමාරු වෙයි!:q

    @ RanDil - දාන්න දාන්න.ඕන තරම් කෑම දාන්න සහෝදරී.පණුවො තමයි ඇවිල්ල කෑම බාජනේට පැන්නෙ, ඉබ්බන්ගෙ කටට යන්න ඕනෙ කියලා!:m

    ReplyDelete
  17. නිලුමලී ගැන අළුත් විස්තර මොකුත් නැත්ද ?

    ReplyDelete
  18. @ Hasitha - මොනව වෙලාද දන්නෑ මචෝ.ළගකදි ආරංචියක් ලැබුනෙ නෑ!!

    ReplyDelete
  19. ඒ කාළෙ නං මරේ මරු තමා. බලාගෙන ගියාම ඔක්කොම එක බෝට්ටුවේ. ඉබ්බා පූස් මල්ලිලාට වඩා අවුරුදු 3ක් 4ක් ලොකුයි.ඒත් බෝට්ටුව ඕකම තමා.කමෙන්ට් දාන ඉබ්බට වඩා වැඩිමල් කට්ටියගේ විස්තර බැලුවම ඒගොල්ලොත් එහෙමම තමා.එක බෝට්ටුවේ කට්ටිය අඳුරගන්න ලැබෙන එකත් සතුටක්. දිගටම ලියපං.ආසාවෙන් කියෝන පාඨකයෝ ඉන්නවා(හිනා කාලා පන යනවා ඕයි :D ).

    ReplyDelete
  20. @ ඉබ්බා - සිරාවට! ඉබ්බයියගෙ බ්ලොග් එක කියවද්දි මටත් එහෙම හිතිච්ච වාර අනන්තයි.එක බෝට්ටුවේ කට්ටිය අඳුරගන්න ලැබීම අපිටත් ලොකු සතුටක් :b:b:b:b:b

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???