අඹ යාලුවෝ

Sunday, December 11, 2011

බැක් ටු හොස්ටල් - නයිට් ලයිෆ් සහ අවසාන කොටස



ඔන්න කාලෙකින් හොස්ටල් කතාවක් කිව්වෙත් නැති හින්දා අද කල්පනාව ඔයාලා වෙනුවෙන් හොස්ටල් කතාවක් කියන්න. කතාවක් කිව්වට ඉතිං මෙතන කතා කීපයක්ම තියෙනවා. අපේ යාලුවො දන්නවනේ ඉතිං පුරුපුරු හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කළයි කියලා. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වුණාම දවල් කාලෙදි වගේම රාත්‍රී කාලෙදිත් කරන්න ඕනෙ ඩියුටි ගොඩක් තියෙනවලු.

රෑ කෑමෙන් පස්සෙ 9.15 ට බෙල් එක ගහද්දි හය වසරේ ඉඳලා නවය වසරට යනකං ළමයි ටික තම තමන්ගෙ ඩෝම්වල ලයිට් ඕෆ් කරලා නිදාගන්න ඕනේ. ඉතිං ප්‍රිෆෙක්ට් කෙනෙක් වශයෙන් කරන්න ඕනෙ පළවෙනි රාජකාරිය තමයි ඒ වෙලාවට හැම ඩෝම් එකේම ලයිට් ඕෆ් වෙලා සද්ද බද්ද නැතුව තියෙන බවට වග බලා ගැනීම. ඉතිං ඕක ලේසි පාසු රාජකාරියක් කියලා ඔයාලා හිතනවානං ලොකු වැරදීමක්. කුරුඳුවත්ත හොස්ටල් එකේ ඉන්නෙත් ඉතිං ලෝකෙ කාලා වතුර බීපු ඈයො නොවැ! මේ කස්ටිය කරන්නෙ ඉතිං නවයයි කාලෙ ඉඳන් නවය හමාර වෙනකං සද්ද නැතුව මීයො වගේ ඉඳලා තමන් හොඳටම නිදි බව ප්‍රිෆෙක්ට්ලාට ඒත්තු ගන්වන එක. ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකෙන් ගියාම මේ අය කරන්නෙ නැගිටලා කෑගහන්න පටන් ගන්න එක.

ඉතිං මේ වගේ ඩෝම් වලින් රෑ කාලෙ සද්ද බද්ද එනකොට උප පාලක රිචා සර්ට නින්ද යන්නෙ නෑ. මොකද මෑන්ස්ගෙ නිල නිවාසෙ තියෙන්නෙත් ඩෝම් ගොඩකට මැදි වෙලා. ඉතිං රිචා සර් මේ වගේ වෙලාවට කරන්නෙ ප්‍රිෆෙක්ට්ලාව ගෙන්නලා දොස් කියන එක. ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරු, හාරිස්, කිං බීජේ, තාරබාසු සහ සෝමෙ අයියාට තමයි මේ විදිහට රිචා සර්ගෙ දෝෂාරෝපණ අහන්න වෙන්නෙ.

රිචා සර් :- බලන්න හාරිස්! රෑ තිස්සෙ මුන්ගෙ වැඩේ කෑ ගහන එක. ඔයාලා මීට වඩා ටෆ් විදිහට ඉන්න ඕනෙ මේ ළමයින්ට.

හාරිස් :- හොඳයි සර්. අපි මේ ගැන මොනවා හරි කරන්නං

රිචා සර් මේ වගේ වෙලාවලට කට්ටියටම කතා කළත් ඩිරෙක්ට් ඕඩර්ස් දෙන්නෙ ඩිපියුටි හෙඩ් ප්‍රිෆෙක්ට් වෙච්ච හාරිස්ට. ඒත් ඉතිං සැදැහැවත් උපාසකයෙක් වෙච්ච හාරිස් පොඩි ළමයින්ට කවදාවත් වචනෙකින්වත් හිංසාවක් කරන්න කැමති වුණේ නෑ. අන්තිමට පුරුපුරුට තමයි බාර වුණේ කස්ටියගෙ විනය හදන වැඩේ. ඉතිං මෑන්ස් කළේ සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන් එක්ක එකතු වෙලා හොඳ ප්ලෑන් එකක් ගහපු එක.

ප්ලෑන් එකට අනුව ඊට පස්සෙ ප්‍රිෆෙක්ට්ලා ඩෝම් එකට ගියෙ එක එක වෙලාවලට. සමහර දවස්වලට නවය හමාර විතර වෙද්දි ඉන්ස්පෙක්ෂන් යන අපේ යාලුවො කට්ටිය තවත් සමහර දවස්වලට යන්නෙ දහයට කිට්ටු වෙලා. ඉතිං ඩෝම් වල ඉන්න කොල්ලන්ට හැම තිස්සෙම බයෙන් ඉන්න වෙනවා කොයි මොහොතේ හරි ප්‍රිෆෙක්ට්ලා ඒවි කියලා. ඒ වගේම නියමිත වෙලාවෙන් පස්සෙ නැගිටලා හිටපු කට්ටියට සුදුසු දඬුවම් ලබා දෙන්නත් පුරුපුරුලා අමතක කළේ නෑ. ඉතිං ඔය විදිහට ඒ කරදරේ කාලයත් එක්ක විසඳිලා ගියාලු.

හොස්ටල් ප්‍රිෆෙක්ට් කෙනෙකුට රෑට කරන්න තියෙන අනිත් රාජකාරිය තමයි ලේට් ස්ටඩීස් වලට සහභාගී වෙන එකයි, ඒක භාරව කටයුතු කරන එකයි. මේ වැඩේ 10, 11 වසරවල ළමයින්ට අනිවාර්යයි. ඒ වගේම සාමාන්‍යයෙන් රෑ දහයාමාර එකොළහ වෙනකං ලේට් ස්ටඩීස් තියෙනවා. මේ වැඩේනං ඉතිං එච්චරම අමාරුවක් නෑ. කරන්න තියෙන්නෙ කවුරුහරි ළමයෙකුට නින්ද ගියොත් මෑන්ස්ව නැගිට්ටවලා ටැප් එකෙන් මූණ හෝදගෙන එන්න යවන එක.

ඊටපස්සෙ ඔය ඔක්කොම වැඩ ඉවරවෙලා හොස්ටල් එකේ වටයක් දැම්මාට පස්සේ තමයි ප්‍රිෆෙක්ට්ලා නිදාගන්නේ. ඒත් ඉතිං ප්‍රිෆෙක්ට්ලාගෙ ඩියුටි වලට හොස්ටල් වෝර්ඩ්න්වත්, සබ් වෝර්ඩ්න්වත් වැඩිය අත පොවන්න එන්නෙ නැති හින්දා හොස්ටල් ප්‍රිෆෙක්ට් ජීවිතේ තිබුනේ අසීමිත නිදහසක්. උදාහරණයක් විදිහට හොස්ටල් එකේ ටීවී එකයි, ඩීවීඩී ප්ලේයර් එකයි තනිකරම තිබුනේ ප්‍රිෆෙක්ට්ලාගේ පාලනය යටතේ. ඉතිං ඒ දවස්වල ටීවී එකයි ප්ලේයර් එකයි තියලා තිබුන ජුවාන්ගෙ කාමරේ ඒ එක්කම සීඩී කඳු තුනකුත් තිබුනා.

එක සීඩී කන්දක තිබුනේ රෙස්ලින් සීඩී ගොඩ ගහලා. තව එකක තිබුනේ ෆිල්ම් ගොඩ ගහලා. අනිත් කන්ද ගන කන්දක්. ඉස්කෝලෙ අනිත් ළමයිනුත් තමන්ගෙ ගන එහෙම වැඩි පරිස්සමට හොස්ටල් එකේ තියලා යන හින්දා ගන කන්දනං දවසින් දවස වැඩිවුණා මිසක් අඩුවුණේනං නෑ.

ඒ දවස්වල පුරුපුරු ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් තමයි එක්ස් ෆයිල්ස්. හාරිස් එහෙම එක්ස් ෆයිල්ස් වලට එච්චර කැමති නැති හින්දා ජූනියර් හොස්ටල් එකේ හිටපු ප්‍රිෆෙක්ට්ලාගෙන් පුරුපුරු විතරයි ගොඩක් වෙලාවට රෑට ටීවී බලන්න සීනියර් හොස්ටල් එකේ ඉතුරු වුණේ. එක්ස් ෆයිල්ස් බලලා රෑ දොළහමාරට එකට විතර තට්ට තනියම ආපහු ජූනියර් හොස්ටල් එකට යන එක වචනයෙන් කියන්න බැරි තරම් අත්දැකීමක්. අවුරුදු එකසිය ගානක් පරණ ගොඩනැගිලි අතරින් යද්දි සක්වල තක්සලාව පැත්තෙන් එන හුළඟ ඒවයෙ වැදිලා ඇතිකරන්නෙ ඇහුවාම බය හිතෙන සද්දයක්.

සමහර දවස්වලට ආපහු ඇවිත් නිදාගන්න හැදුවාම පස්සෙ තමයි පූසාට මුත්‍රා බරක් ඇතිවෙන්නෙ. ඒ වගේ වෙලාවට ආපහු ටොයිලට් එක පැත්තෙ යන එක මහ කම්මැලි හිතෙන වැඩක්. ඉතිං අපේ පුරුපුරු කරන්නෙ කාමරෙන් එළියට ඇවිත් රිචා සර්ගෙ නිල නිවාසෙ එහාපැත්තෙ බිත්තියට දිය පාරකින් සංග්‍රහ කරන එක. පස්සෙ දැනගත්ත විදිහට හාරිසුයි, කිං බීජේයි පුරුදු වෙලා ඉඳලා තියෙන්නෙත් රෑට ඔය ක්‍රමයට සුළුදිය පහකරන්න තමයි. ඉතිං අන්තිමට සිද්දවුණේ රිචා සර්ට ගෙදර වාසය කරන්න අපහසු වෙන මට්ටමට අවට වටපිටාව සුගන්ධවත් වෙච්ච එක.

රිචා සර් කවදාවත් හිතුවෙ නෑ මේකට වග කියන්න ඕනෙ ප්‍රිෆෙක්ට්ලා කියලා. එක දවසක් හාරිස්ටයි, පුරුපුරුටයි කතා කරපු රිචා සර් මෙහෙම කිව්වලු.

රිචා සර් :- බලන්න හාරිස්! මේ පොඩි වසවර්තියො ටික පුරුදුවෙලානෙ රෑට ඇවිත් එහාපැත්තෙ බිත්තියට චූ කරන්න. පළාතම ගඳේ ඉන්න බෑ. එකත් එකටම මේ මුස්ලිම් පොඩිඑවුන් ටික තමයි ඔය වැඩේ කරන්නෙ. මේ දවස්වල නෝම්බි හින්දා මුන් රෑට වැඩිය නිදාගන්නෙ නැද්ද කොහෙද?

හාරිස් :- ආ ඇත්තද සර්? අපි පොරොන්දු වෙනවා සර් හෙට ඉඳලා මේ වැඩේ සිද්ද වෙන්න ඉඩ දෙන්නෙ නෑ කියලා.

රිචා සර් :- බොහොම හොඳයි. අන්න එහෙම තමයි ඔයාලා වැඩ කරන්න ඕනෙ.

ඉතිං එදායින් පස්සෙ හාරිස් කිව්වා වගේම කවුරුවත් රිචා සර්ගෙ බිත්තියට මුත්‍රා කරන්න ආවෙ නෑලු. අන්තිමට ඒකෙන් මේකෙන් සිද්දවුණේ හාරිස්ගෙ කාඩ් එක උපරිමට වැඩිදියුණු වෙච්ච එක.

*************************************************************************

ඉතිං යාලුවනේ මෙච්චර කල් අවුරුදු එකහමාරක් තිස්සේ මම ලියාගෙන ආපු හොස්ටල් කතා මාලාව මෙතනින් නිමා වෙනවා. ඇත්තටම මේ අන්තිම ලිපියෙන් සිද්දවුණේ මට කලින් ලිපිවලට ඇතුලත් කරන්න බැරිවෙච්ච කතා කීපයක් කොත්තු රොටී මෙතඩ් එකට මෙතන රිංගවපු එක. බ්ලොග් ගඩොල් තුලින් හොස්ටල් කතා සීසන් දෙකකට ඔයාලා වෙත අරගෙන ආවා.


1) හොස්ටල් ලයිෆ්
2) බැක් ටු හොස්ටල්


මම පහුගිය කතාවලට ලින්ක් දාන්න අදහස් කරන්නෙ නෑ. මේ කතා කියවපු නැති යාලුවන්ට පුලුවන් දකුණු පැත්තෙ උඩ තියෙන “ගඩොල් ගමන්මග“ හරහා මේ කතා කියවන්න. තවත් ලියන්න කතා ඉතුරුවුණත් මට හිතෙන්නෙ සමහර සිද්දි වලට ෆේස් කරද්දි ඇතිවෙන ෆන් එක කතාව කියවද්දි ඒ ආකාරයෙන්ම ඇතිවෙන්නෙ නෑ කියලා. ඒක හින්දා ඒ වගේ කතා ලියන්න මගේ අයිඩියා එකක් නෑ.


තව දුරටත් කියනවානං හොස්ටල් කතා වලින් මම බලාපොරොත්තු වුණේ ලංකාවෙ ප්‍රධාන පාසලක හොස්ටල් එකක, එක කාල වකවානුවක සිද්ද වෙච්ච සිදුවීම සෙට් එකක් ගැන ඔයාලාව දැනුවත් කරන එක. මේ කතාවලින් කාගෙහරි හිත රිදීමක් වුණානං සමාවෙන්න කියලත් කියන්න කැමතියි. ඇත්තටම මුලින් මම සමහර කතාවලට විවේචන එයි කියලා හිතුවත්, මුල ඉඳලාම අපේ යාලුවො මේ කතාපෙළ රසවින්දා. ඒ අතරේ හොස්ටල් එකේ පුරුපුරුලාගෙ බැච් මේට්ලා, ජූනියර්ස්ලා, සීනියර්ස්ලා එහෙමත් හිටියා.


හොස්ටල් එක කියන්නේ පුරුපුරුගේ ජීවිතේ අති සුන්දර කාල පරිච්ඡේදයක මතක සටහනක්. හොස්ටල් හිටපු අනිත් හැමෝටමත් ඒක එහෙමයි කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඉතිං මේ කතා මාලාව කියවපු හොස්ටල් එකේ හිටිය, නොහිටිය යාලුවො හැමෝටම බොහොම ස්තුතියි. ඉස්සරහට තවත් අලුත් සීරීස් එකකින් ඔයාලා හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.


නිමි.


35 comments:

  1. සිරා කතා සැට් එක අයියා. මම හොස්ටල් නොහිටියත් අපේ එවුන්ගෙන් හොස්ටල් එක ගැන ඇති පදම් හොඳ හොඳ කතා අහලා තිබ්බේ :))

    ReplyDelete
  2. මාත් හොස්ටල් හිටිය මාස තුනක් විතර.මාස තුනට අවුරුද්දක විතර අත්දැකීම් හම්බ වුනා.ඒවත් ලියන්න ඕනෙ මගෙ බ්ලොගයෙ..

    ReplyDelete
  3. මමත් ඔය වික්ටෝරියා එකෙන් පටන් අරන් නිල්වලා, කැලනි බී, ගල් ඔය ෆෝ හරහ ගිහින් සීනියර් බී එකෙත් ඉඳල තියෙනව... මම පරණ කතා ටික කියවල නෑ... කියවලම බලන්නම්...

    ReplyDelete
  4. නියම කතා ටික මචං . . . අලුතිං කතාවක් ගොතනවට වඩා ඇත්තම කතාවක් ලුනු ඇඹුල් ටිකක් දාල ගත්තම මාර සිරාවක් තියෙන්නෙ . . . .
    මම කවදාවත් හොස්ටල් ඉඳල නෑ . . . ඒත් ආතල් එක කොතරම්ද කියල හිතාගත්තෑකි එකෙංම

    ReplyDelete
  5. ඔයාගෙ හොස්ටල් කතා ඔක්කොම බලන්න බැරි උනා..බලපු කීපය නියමයි..ඔක්කොම බලන්න ඕනෙ හෙමින්..හෙමින්....මාත් උන්න පොඩිකාලෙ ලොකු ස්කෝලෙක හොස්ටල් එකේ....අපෝ මට නම් එපා උනා..මාස 4 න් මම ගෙදර....

    ReplyDelete
  6. හොස්ටල්වල මෙහෙම හිටියට දැන්වත් හැදිලා ඇති කියලා හිතානව...:D:D

    ReplyDelete
  7. නියම කතන්දර සෙට් එක! ජය!

    ReplyDelete
  8. උඹට කියන්න පුරුවා, හොස්ටල් හිටිය කාලෙ තමා අපෙ ජීවිතේ ෆට්ටම කාලෙ.. ඒ ගත්ත ආතල් ලබපු අත්දැකීම් වෙන කොහෙන්වත් ලබන්න බෑ බං.. මං මේක කලිනුත් කිවුවද මන්දා, අපේ හොස්ටල් සෙට් එක තාම ඒ වගේමයි.. ඒක නිකංම යාළුකමකට වඩා එහා ගිය සහෝදර කමක්.. කලිසං කොටේ ගහපු චූටි එවුං විදියට හොස්ටල් එකට ඇවිල්ලා තරුණ කොල්ලො විදියට ඒකෙන් පිටවෙනකං එකට ගුටිකාගෙන, දුක සැප බෙදාගෙන අවුරුදු 5ක් හිටිය විදියට එහෙම නොවෙනවානං තමා පුදුම.. :))

    ReplyDelete
  9. ආසාවෙන් කියෙව්ව කතා සෙට් එකක්...
    ජය වේවා!

    ReplyDelete
  10. මුල සිටම රසවින්දා. නියමයි. ආයෙත් ලියන්න හොඳ කථා පෙලක්.

    ReplyDelete
  11. කතා සෙට් එක නම් මරු පූස්. ආයෙත් මරු කතා ටිකකුත් අරන් එන්ඩකෝ. හැබැයි මාස ගානක් ගන්න එපා ඉක්මනට ලියපල්ලා හොඳේ.

    ReplyDelete
  12. හොස්ටල් කිව්වම අපිටනං තිබ්බෙ කොළු කාරයන්ගෙ පරාදීසයක් කියන හැඟීම. ඒත් පොඩි කාලෙ කියෙව්ව සමහර පොත්වල හින්ද හොස්ටල් ඉන්න ආසාවක් තිබුනත් පස්සෙ අහන්න හම්බුවෙච්ච අරවගෙ එව්ව නිසා අදහස වෙනස් උනා. මේ කතා ටික අර පරන කළු හැඟීම වෙනස කරා, ඒත් ඉතින් දැන් හොස්ටල් යන්න බෑනෙ!

    ReplyDelete
  13. වසිලිස්සාDecember 12, 2011 at 12:37 PM

    හොස්ටල් කතා සෙට් එක සුපිරියි පුසෝ ,ඒ ඇරුනම සුදු පුසිගේ කතාත් හරිම ඉන්ටරෙස්ටින්ග් !
    තවත් ලස්සන කතා දිගටම ලියන්න .

    ReplyDelete
  14. උබලගෙ මොන සීරිස් එකත් සුපිරියි... අලුත් සීරිස් එකක් පට්ටා....න් ගමු....

    ReplyDelete
  15. හොස්ටල් කියන්නෙත් ෂෝක් අත්දැකීමක්නෙ!
    අවාසනාවට මට නෑ :(

    ReplyDelete
  16. මේ කතා ෂෙඨ් එක කියවන්ඨ ආසඋනත් වෙලා නෑ. පෂ්ශෙ ඔක්කොම කියවන්ඨ ඕණා...

    ReplyDelete
  17. ජීවිතේටවත් අමතක වෙන්නෙ නැති අත්දැකීම් ගොඩක් එක්ක තමයි හොස්ටල් , බෝඩිං ජීවිත ගෙවිලා යන්නෙ !

    ReplyDelete
  18. me skl life eke gane ayya lassanate liyanewa... really enjoy reading this :) keep writing

    ReplyDelete
  19. මම නම් ජීවිතේකට හොස්ටල් එකක් ඉඳපු එකෙක් නෙවෙයි ඒක නිසා මට නිකම් උඹලා මේ කියන හොස්ටල් එක අමුතුම ලෝකයක් වගෙයි දැනුනේ ..

    හිතට වදින්න ඒ ලියාපු කතා මාලාවටම ස්තූතියි ..

    ReplyDelete
  20. දැන් ඉතින් ලෙච්චර් ජිවිතේ ලියපං මලේ.....

    ReplyDelete
  21. අපි වගේ හොස්ටල් වල අත්දැකීම් නැති අයට කියවන්න නියම කතා සෙට් එකක් දැමීම ගැන පූසන්ට ස්තුතියි.

    ReplyDelete
  22. එල එල.. ලියන්න පටන් ගත්ත එහෙනම්...

    ජය...

    ReplyDelete
  23. ඔන්න අන්තිම එක තමා මුලින්ම කියෙව්වෙ, බලමු දැන් ඉතුරුවත් ....

    ReplyDelete
  24. අම්මෝ කාලෙකට පස්සේ ආයෙම පුරු පුරු බ්ලොග් එකට ඇවිත්.

    ReplyDelete
  25. මාත් කවදාවත් හොස්ටල් එකක ඉඳලා නෑ! ඒත් ඔය ලීඩර් ශිප් ට්‍රෙනිං ගිහින් රෑට අපි ගන්න ආතල් ගැන මතක් වෙද්දි හිතා ගන්න පුලුවන් ෆන් එක!

    ReplyDelete
  26. මාරු කතාපෙල මචන්...
    පරණ කතා ටටිකනම් බැලුව වගේ මතකයි
    කොයිකටත් ආපහු ගිහින් බලන්න ඕනේ
    මමත් දන්න මීටත් වඩා ආතල් කතා කීපයක් තියෙනවා උඹලගේ හොස්ටල් එක සම්බන්ධවම(උඹලගේ ඉස්කෝලේ උන් හරහා දැනගත්තු ඒවා)
    හැබැයි උඹල හොස්ටල් එන්න ගොඩක් කලින් කතා

    මමත් ඉස්කෝලෙක හොස්ටල් එකක ඉඳල නැහැ
    ඒත් හොස්ටල් ජිවිතේ උපරිම රසය විඳලා තියෙනවා ඊට පස්සේ කාලෙක

    ReplyDelete
  27. ela kiri malli.... negala giya series eakak.... mama oya hostel eakema 98 A/L karala giya kollek... loke anith patthe hitiyath, welawak hoyagena asewen kiyewwa.... mokada oya kiyapu hema kathawak ma adu wedi eathiwa apith karapu wewal tamai.... :)
    & anith katha tikath negala yanawa.... keep it up & all the best malli....

    ReplyDelete
  28. සුන්දර මතකයන් එක්ක අයෙත් හොස්ටල් එකට යන්න ලැබුන එක ලොකු දෙයක්.තාමත් ඒ කාලේ මතක් වෙනවා......

    ReplyDelete
  29. ඤාව්.... ඤාව්....

    ReplyDelete
  30. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  31. මම නම් හොස්ටල් උන්නේ වලස්නායක මහත්තයාගේ කාලේ. ඒකාලේ සබා තමා කොටිදාස මහත්මය.කොටිදාස මහත්තයගෙන් නසරානි වෙන්න කාල තියෙනවා. වලස්නයකයි කොටිදාසයි කියන්නේ ශ්‍රේෂ්ට ගුරුවරු දෙන්නෙක්.

    පස්සේ අපි ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න කාලේ කොටිදාස මහත්මය හම්බවෙන්න සීනියර් හොස්ටල් එකට යද්දී පී.ටී. රිචා මාවත කියල බෝඩ් ලෑල්ලක් දැක්ක සික් රූම් ඒක ගාවදි.

    දොස් වර් ද ඩේස් මල්ලි.. දොස් වර් ද ඩේස්

    ReplyDelete
  32. machoo puru puru! school life 1 wage life 1k aaye naa! ee gana kauru kohoma katha liwwath eewa kiywaddi epa wenneth na! mm! uba liyapan! mmm! chuu karapu widiya nam maxxa!

    hostal 1e xxx allanne nadda bn?? maara wadak nee eeka??

    ReplyDelete
  33. සියලු යහලු යෙහෙළියන්ට - හැම දෙනාටම ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම ගැන. මට ඔයාලා හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න බැරිවිම ගැන සමාවෙන්න. ඊළඟ පෝස්ට් එකේ ඉඳලාවත් එහෙම කරන්න ඕනෙ

    ReplyDelete
  34. කොල්ලෝ... ඔය හොස්ටල් එක එදා ඉඳලාම ෆුල්ම ෆන් තැනක්. අපි වාසනාවන්තයි ඒ අතින්...

    උඹට ජය..

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???