අඹ යාලුවෝ

Tuesday, February 15, 2011

දියාරු ලෝකය (The Water World)


ඉතිං යාලුවනේ මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 12 වසරෙ මුල හරියෙ ඉන්නකොට. අපේ බ්ලොග් එක මුල ඉඳලා බලපු කට්ටියට මතක ඇතිනෙ අර මාලුකට්ටායි, ඤාව්වායි දෙන්නාම ට්‍රයි කරපු චාටර්මාලි කියන ගෑනු ළමයාව. ඉතිං පස්සෙ කාලෙක මාලුකට්ටාට පුලුවන් වුණාලු මේ ගෑනු ළමයාට ගොඩක් කිට්ටු වෙලා හිතවත් වෙන්න.

ඔය විදිහට මාස කීපයක් ගියාට පස්සෙ මාලුකට්ටා චාටර්මාලිත් එක්ක යාලු වෙලා වගේ තත්ත්වයක් තමයි තිබුනේ. දෙන්නා ක්ලාස් වලට යන්නෙ එකටමයි. බස් එකේ යන්නෙත් එකටමයි. කොටින්ම මේ වෙද්දි අනිත් පූසන්ටත් මාලුකට්ටාව අල්ලගන්න බැරුවයි හිටියේ. ඉතිං පුරුපුරු, උපාසක, ඤාව්වා සහ මී කතුරා කට්ටියම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මාලුකට්ටා චාටර්මාලි එක්ක යාලුද නැද්ද කියලා.

ඉඳලා ඉඳලා දවසක අහම්බෙන් මෑන්ස්ව අල්ලගන්න චාන්ස් එකක් හම්බවුණත්, මාලුකට්ටා අනිත් පූසන්ට කිව්වෙ නෑ පොරගෙ ලව් එකේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා. චාටර්මාලි ගැන අනිත් පූසො ඇහුවොත් මෑන්ස් කිව්වෙම

"අනේ මන්දා බං!"

කියලා විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ පූසො සෙට් එකට මේ දවස්වල මාලුකට්ටා එක්ක ටිකක් ෆ්ලවර් ජම්ප් වෙලයි හිටියේ.

ඔය චාටර්මාලිගෙ හොඳම අතීසාර මිතුරිය තමයි අපි කවුරුත් දන්න කලුකුමාරි. අනිත් පූසන්ට මොනවත් නොකිව්වට මොකද, මාලුකට්ටා කලුකුමාරිටනං ඔක්කොම දේවල් කියලා, තමන්ගෙ ලව් එකට විදේශාධාර බලාපොරොත්තු වෙලා තිබුනා. ඉතිං මේ හේතුව හින්දා, අපේ පූසො කට්ටියට මාලුකට්ටා එක්ක ජම්ප් වෙලා තිබුන ෆ්ලවර් එක තවත් ඇම්ප්ලිෆයි වුණාලු. මේ වෙද්දි උපාසක, ඤාව්වා ඇතුලු පූසන්ගෙ නිගමනය වෙලා තිබුනෙ මාලුකට්ටා චාටර්මාලි එකක් යාලුවෙලා, ඒක තමන්ට නොකියා ඉන්නවයි කියන එක.

ඉතිං මේ දවස්වල පූසො කට්ටිය සෙට් වෙද්දි ගොඩක් වෙලාවට සෙට් වුණේ පුරුපුරුයි, ඤාව්වායි, උපාසකයි, මී කතුරායි විතරයි. කොහොමහරි එක දවසක් අපේ පුරුපුරුට මාලුකට්ටාගෙන් හදිස්සියෙම කෝල් එකක් ආවලු.

මාලුකට්ටා :- මචං පුරු, හෙට අපි පොඩි ගමනක් යනවා. උඹටත් එන්න පුලුවන්ද?

පුරුපුරු :- ගමනක්? කොහෙද?

මාලුකට්ටා :- අර දියාරු ලෝකය බලන්න යන්න. එහෙ සිරාලු බං!

පුරුපුරු :- දැන් එතකොට කවුරු කවුරුද යන්නේ?

මාලුකට්ටා :- මමයි, චාටර්මාලියි, කලුකුමාරියි, තව හේනවිලේජ් එකේ කෙල්ලො සෙට් එකකුයි.

පුරුපුරු :- කලුකුමාරිත් යනවද?

මොකද මේ දවස්වල අර ඤාව්වගෙ කේස් එක හින්දා, අනිත් පූසො කලුකුමාරිත් එක්ක ටිකක් හිත නොහොඳින් තමයි හිටියේ.

මාලුකට්ටා :- ඔව් බං! ඒකිව දාලා යන්නත් බෑනෙ. චාටර්මාලි ඒකි නැතුව එන්න කැමති නෑ. අනික කලුකුමාරි කියන්නෙ හොඳ කෙල්ලෙක් මචං. දැන් උඹලා ආවෙ නැත්තං මට කෙල්ලො සෙට් එකක් එක්ක තනියම තමයි යන්න වෙන්නෙ.

පුරුපුරු :- උපාසකලා එනවද දන්නෑ?

මාලුකට්ටා :- මම උන් තුන්දෙනාටම කිව්වා. මී කතුරාටනං එන්න වෙන්නෙ නෑලු. උපාසකයි, ඤාව්වායි එන්නං කිව්වා.

පුරුපුරු :- හා හා. ඉතිං බං උඹේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්කනෙ උඹ යන්නෙ? අපි නැති වුණාට අවුලක් නෑනෙ?

මාලුකට්ටා :- තාම ගර්ල් ෆ්‍රෙන්ඩ් නෙවෙයි බං! හැබැයි ටිකක් විතර ඒ වගේ.

පුරුපුරු :- හා හා!! හෙට උදේ හම්බවෙමුකො එහෙනං. උඹලා ඉතිං දැන් අපිට කිසිම දෙයක් කියන එකක්යැ!

මාලුකට්ටා :- හික්...එහෙම එකක් නෑ බං! යථා කාලෙදි උඹලාට සුභ ආරංචියක් දෙන්න පුලුවන් වෙයි.

මාලුකට්ටා පුරුපුරුට පණිවිඩේ කිව්වෙ ගමන යන්න කලින් දවසෙ රෑ වෙලා. ඉතිං ඒ වෙලාවෙ උපාසකටයි, ඤාව්වාටයි කෝල් කරන්න කම්මැලි වෙච්ච අපේ පූසා, කෙලින්ම ගිහින් නිදා ගත්තලු. පහුවදා තිබුනෙ මොකක් හරි නිවාඩු දවසක්. ඉතිං ඉස්කෝලෙත් නිවාඩු හින්දා කරන්න වැඩක් තිබුනෙත් නෑ. ඒක හින්දා පුරුපුරු තීරණය කළාලු මාලුකට්ටාත් එක්ක මේ ගමන යන්න. අනික අනිත් පූසොත් එනවනේ. අනික පුරුපුරු ඒ වෙද්දි කවදාවත් දියාරු ලෝකෙ බලන්න ගිහින් තිබුනෙත් නෑ.

ඉතිං කලින් කතා වෙච්ච විදිහට, පහුවදා උදේම පුරුපුරු ගියාලු පූස්ගම බස්ටෑන්ඩ් එකට. හැබැයි මෑන්ස් යද්දි අඳුරන කවුරුවත් බස්ටෑන්ඩ් එකේ හිටියෙ නෑලු. ටික වෙලාවක් යද්දි තමයි මාලුකට්ටා එතෙන්ට ආවෙ.

මාලුකට්ටා :- මාර කේස් එකනෙ බං. අරූට එන්න බැරිලුනෙ.

පුරුපුරු :- ???

මාලුකට්ටා :- ඤාව්වා උදේ කෝල් කරලා කියනවා කලුකුමාරි එන හින්දා ඌට එන්නම බැරිලු.

පුරුපුරු :- එතකොට උපාසක?

මාලුකට්ටා :- ඌනං ඊයෙම එන්න බෑ කිව්වා බං. මම උඹට බොරුවට ඌ එනවයි කිව්වෙ, උඹත් ආවෙ නැත්තං කියලා.

මේක ඇහුවාමනං අපේ පුරුපුරුට අම්බානට ෆ්ලවර් ජම්ප් වුණාලු. මාලුකට්ටාගෙ සිරිතක් තමයි බොරු කියන එක. ඒ වුණාට මේ වගේ දේවල් වලදි බොරු කිව්වාමනං පුරුපුරුට ෆ්ලවර් ජම්ප් වෙනවා.

පුරුපුරු :- දැන් යකෝ උඹ චාටර්මාලි එක්ක ලව් කරද්දි මට වෙන්නෙ අර කොහෙවත් යන කෙල්ලො සෙට් එකක් එක්ක ඉඳලා බයිට් වෙන්නනෙ.

පුරුපුරු මෙහෙම කියද්දි මාලුකට්ටා මීක් නැතුව අහගෙන ඉන්නවා. මොනවා වුණත් යාලුවානෙ කියලා අපේ පූසා ඉතිං හිත හදාගත්තලු. තවත් ටික වෙලාවකින් තමයි බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් චාටර්මාලියි, කලුකුමාරියි මතුවුණේ. මේ දෙන්නා ඉතිං පුරුපුරුයි, මාලුකට්ටායි කතා කර කර හිටපු තැනට ආවලු.

කලුකුමාරි :- කෝ? ඤාව්වා ආවෙ නැද්ද?

මාලුකට්ටා :- එයාට එන්න බෑ කිව්වනෙ.

කලුකුමාරි :- අම්මෝ! ඒකනං ලොකු දෙයක්. නැත්තං මට මාර කරදරේ එයාගෙන්. අපි එහෙනං යමු නේද?

පුරුපුරු :- ඇයි අනිත් කට්ටිය?

කලුකුමාරි :- ආ...ඒ කට්ටියටත් එන්න වෙන්නෙ නෑ අනේ!

මේක ඇහුවාමනං පුරුපුරුට අසූහාරදාහට තද වුණාලු. පළවෙනි කාරනේ තමයි, උපාසක එදා එන්නේ නෑ කියලා පුරුපුරු දැනගෙන හිටියේ නෑ. ඒත් කලුකුමාරි ඒ බව දන්නවා. දෙවෙනි කාරනේ තමයි, මාලුකට්ටා චාටර්මාලි එක්ක පෙම් සුව විඳිනකොට පුරුපුරුට ඉන්න වෙන්නෙ කලුකුමාරි එක්ක. වහාම ආපහු හැරිලා ගෙදර යන්න හිතුනත්, මාලුකට්ටා පව් නේද කියලා කල්පනා කරපු පුරුපුරු තීරණය කළාලු ඕන එකක් වෙන්න කියලා මේ ගමන යන්න.

ඊටපස්සෙ ඉතිං කට්ටිය කළේ පූස්ගම-කොළඹ බස් එකක නැගලා දියාරු ලෝකෙට යන්න පිටත් වෙච්ච එක. බස් එකට නැග්ග හැටියෙම මාලුකට්ටා, චාටර්මාලි එක්ක බස් එකේ පෙම් මුල්ලට ගියාලු. පුරුපුරුයි කලුකුමාරියි වාඩි වුණෙත් පිටිපස්සෙම සීට් එකේ, හැබැයි අනිත් පෙම්මුල්ලෙ නෙවෙයි. දැන් ඉතිං ඇත්තටම එතන කපල් දෙකක් ඉන්නවා වගේ තමයි පිටින් බලන කෙනෙක්ට පේන්නෙ. විලි ලැජ්ජාවයි.

අපේ පුරුපුරුගෙ හිතේ කලුකුමාරි ගැන කිසිම ආල හැඟීමක් ඇතිවෙලා තිබුනෙ නෑ. එහෙමත් තියෙද්දි දැන් පූස්ගම ආරංචියක් පැතිරුණොත් පුරුපුරු කලුකුමාරි එක්ක යාලුවෙලා කියලා, වන විනාසයක් තමයි වෙන්නෙ. ඉතිං අපේ පූසාත් බයෙන් ගැහි ගැහී, වටපිට බල බලා කලුකුමාරි එක්ක බස් එකේ ගියාලු. මාලුකට්ටානං ෆුල් ආතල් එකේ, බාහිර ලෝකය ගැන කිසිම හැඟීමක් නැතුව, චාටර්මාලි එක්ක ප්‍රේම සාගරේ ගිලිලා හිටියලු.

ඔක්කොටමත් වඩා ඉවසන්න අමාරු කලුකුමාරි කියවන්න ගත්තහම නන්ස්ටොප් කියවන එක. ඇරත් එයා පුරුපුරුත් එක්ක බස් එකේ වාඩි වෙලා ගියෙත් බොහොම රිලැක්ස් එකේ, තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක යනවා වගේ තමයි. ඉතිං අපේ පුරුපුරුත් බොහොම අමාරුවෙන් මේ කරදරේ ඉවසගෙන බස් එකේ ගියාලු. කොහොමහරි පැය එකහමාරක් විතර යද්දි අපේ යාලුවො කට්ටියට පුලුවන් වුණාලු දියාරු ලෝකෙ ගාවින් බස් එකෙන් බහින්න.

ප.ලි - බ්‍රේකින් නිව්ස්

මේ පාර පොඩි මැතිවරණයට රෝහණදීර ඉදිරිපත් වෙලා කියලා නිල නොලත් නිව්ස් එකක් ලැබුනා. ඒ පිළිබඳ තොරතුරු ලද සැනින් එසැනින් ඔබ වෙත ගෙන ඒමට ගඩොල්වාහිණිය සූදානම්.

18 comments:

  1. අප්පට සිරි රෝහණදීරත් ඉල්ලනවද?? :t

    ReplyDelete
  2. මට නම් හිතෙන විදිහට කට්ටිය කලින්ම ප්ලෑන් කරල තමයි වැඩේ කරලා තියෙන්නේ , අනිත් සෙට් එකත් බොරුවක් වගේ :k

    ReplyDelete
  3. අම්මට හුඩු රෝහණධීරයා,,,එහෙනම් පූසන්ටත් වැඩ වැඩි වෙයි,,උබලටත් බොක්කෙන්ම සපෝර්ට් කරපු එකා නේ..මෙතන නම් වෙලා තියෙන්නේ ප්ලෑනක් තමා...

    ReplyDelete
  4. @ පොඩි man
    ItalyDilan - තවම 100% ෂුවර් නෑ මචංස්ලා. හැබැයි පොර චන්දෙ ඉල්ලුවත් පූසො මෑන්ස්ට සප් එක දෙන්නෙ නෑ. යම්කිසි තනතුරකට පත් වෙන්න ඕනෙ ඒකට සුදුසු කෙනෙක් විතරයි

    @ DarKneT | ඉෂාර
    සිකා - බොහොම ස්තුතියි මචංස්ලා :b:b:b

    ReplyDelete
  5. හා හා ෆාත්තියක් දාන්න ගිය පුරුපුරු අයියට ඉතුරු වුනේ එක මලයි එහෙනං :q
    ඒක තමා වැඩියෙනුත් අප්සෙට් වෙන්න ඇත්තේ :r
    රෝහණදීරට ජයවේවා කිව්වලු :e

    ReplyDelete
  6. දේසපාලනේට මොන සුදුසුකම්ද? :l
    ඉතිරිය එනකල් බලන් ඉන්නවා...
    RSS Update වෙන්නේ නැතෝ...

    ReplyDelete
  7. මේ පෝස්ට් එක දැම්මයි කියලා රීඩර් එකේ අප්ඩේට් වෙලා නෑ. (මේ පෝස්ට් එකේ විතරයි) :j

    ReplyDelete
  8. උපාලි ගුණරත්නFebruary 16, 2011 at 10:13 AM

    පූස්ගම තියෙන්නෙ පූගොඩද ?

    ReplyDelete
  9. @ Shenya de Silva - හික් හික්!! යන්න යන්න නංගි මඩ ගහන්නැතුව. අපි කවදාවත් පාත්ති දාන්නෙ නෑ. :f:f:f

    @ priyantha.ඒබී - "දේසපාලනේට මොන සුදුසුකම්ද?" ඒකත් ඇත්ත තමයි අයියේ. :b:b:b

    @ පූසා - ඒකනෙ බං. මේ පෝස්ට් එකේ මොකක් හරි බරපතල තාක්ෂණික ගැටලුවක් තියෙනවා. සින්ඩි වල ගියෙත් නෑ :n:n:n

    @ උපාලි ගුණරත්න - හික් හික්!! ටිකක් ඒ කිට්ටුව තමයි. මේ ඇත්ත එක්කෙනා නෙවෙයිනෙ? :f:f:f

    ReplyDelete
  10. ඒ කියන්නේ රෝහන දීර ඡන්දේ ඉල්ලුවම පූසෝ ටික ගොඩ? එල එල

    ReplyDelete
  11. රෝහණධීරට වෙන සපෝට් එකක් දෙන්න ඕන වෙන්නෙ නෑ..
    මේ බ්ලොග් එකෙන් දීපු පබ්ලිසිටියම මදෑ....

    ReplyDelete
  12. බොලං සේරම එකාට එකා කොලේ වහල නේද?

    ReplyDelete
  13. මේ ඇත්තම උපාලි ගුණරත්න ලු.. පූසො ටික පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටියොත් හොදා.. :)

    ReplyDelete
  14. @ prasanna86k - හපොයි, අපි දේසපාලනෙන් යස ඉසුරු පතන්නෙ නෑනෙ බං :f:f:f

    @ pathum harshana - බලාගෙන ගියාම ඒකත් ඇත්ත මචං :r:r:r

    @ nawammawatha - මේ මාලුකට්ටාගෙ වැඩනෙ බං :s:s:s

    @ Buratheno - :n:n:n

    ReplyDelete
  15. අපේ පූසොන්ගෙ ෆිට් එකක් නිසා ඔන්න මමත් "ජය වේවා!!!" කිව්වා :d

    ReplyDelete
  16. රෝහණධීර වගේ එවුන් අපිට හොද වැඩිද මන්දා....

    යකෝ උඹලගේ කතාවට වඩා නැගලා ගියේ බ්‍රේකින් නිව්ස් එකනේ....ඒක විතරක් පෝස්ට් එකක් දැම්මනම් මරේ මරු....අපේ ලංකාවේ වාහිනී වල එහෙම්මනේ....

    ReplyDelete
  17. roohanath iwarai! :(

    idapankoo deweni kotasath kioolama ennam!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???