අඹ යාලුවෝ

Tuesday, February 1, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8 ( විභාග ප්‍රතිඵල )


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7

කලින් ලිපියෙන් අපි කිව්වේ රෝහණදීර විදූශා ගැන නරක ආරංචියක් පුරුපුරු එක්ක කියපු හැටිනෙ. ඉතිං මේ ආරංචිය අහලා චකබ්ලාස් වෙච්ච අපේ පූසා තීරණය කළේ විදූශාගෙන්කෙලින්ම මේ ගැන අහන්න. ආපහු පුරුපුරුට විදූශාව මුණගැහෙන්නෙ ආරංචිය ලැබිලා දවස් දෙකකට පස්සෙ. ඉතිං ඒ දවස් දෙකත් අපේ පූසා බොහොම අමාරුවෙන් ඉවසගෙන හිටියලු.

නියමිත දවසෙ උදේ, බයෝ ක්ලාස් එකට යන්න බලාගෙන, පුරුපුරු බස්ටෑන්ඩ් එකට ආවෙ වෙනදාටත් වඩා කලින්. කොහොමහරි ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට යෙහෙළියො තුන්දෙනාත් බස්ටෑන්ඩ් එකට ආවලු. පුරුපුරු ඒ අයව දැක්ක ගමන් වහාම කළේ ගිහින් විදූශා එක්ක කතා කරන එක.

පුරුපුරු :- විදූශා, අද මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.

විදූශා :- ( සිනාසී) ඒ මොකද්ද? ඉතිං අපි යන ගමන් කතා කරමු.

( බස් එකේ යන ගමන්)

පුරුපුරු :- ඔයා දන්නවද මල්බණ්ඩා කියලා කෙනෙක්?

විදූශා :- මල්බණ්ඩා? නෑ මම දන්නෙ නෑ. ඇයි?

පුරුපුරු :- ඔයා එතකොට බණ්ඩාරතිලක කියලා එක්කෙනෙක්ව දන්නෙ නෑ?

විදූශා :- ඔයාට මොකද වෙලා තියෙන්නෙ පුරුපුරු? මම දන්න බණ්ඩාරතිලකයෙක් නෑ. කවුද ඔයාට ඔය බොරු කියන්නෙ?

පුරුපුරු :- රෝහණදීර අයියා මට කවදාවත් බොරු කියන්නෙ නෑ.

පුරුපුරුටත් නොදැනීම සිද්දිය කටින් එළියට පැන්නා. දැන් ඉතිං මොනවා කරන්නද? කියපු දේ ආපහු ගිලින්න කියලයැ!

විදූශා :- ආ...රෝහණදීරද? ඔයත් දන්නවා, මමත් දන්නවා, රෝහණදීර තමයි මේ පූස්ගම ඉන්න ලොකුම රස්තියාදුකාරයා. ලොකුම මැරයා. ඔයාට විශ්වාස මම කියන දේද? නැත්තං කොහෙවත් යන මැරයෙක් කියන දේද? ඔය මිනිස්සු ඊරිසියයි අපි දෙන්නා යාලුවෙලා සතුටින් ඉන්නවාට. ඒක තමයි ඔය වගේ එක එක කේලම් කියන්නෙ.

විදූශා කරුණු ඉදිරිපත් කරපු විදිහට, ආයි පුරුපුරුට වචනයක්වත් කියන්න අවස්ථාවක් තිබුනෙ නෑ. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. පිට මිනිස්සු කියන දේ අහලා තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව සැක කරන එක මොනතරම් කැත වැඩක්ද? පුරුපුරු පත්වුණේ කිසිම දෙයක් හිතාගන්න බැරි තත්ත්වෙකට

විදූශා :- ඔයා ඔය විකාර කල්පනා කරන්න එපා පුරු, මට ඔයාට කියන්න තියෙන්නෙ එක දෙයයි. අපේ ගෙදර කට්ටිය නෙවෙයි, මේ ලෝකෙ ඉන්න ඕනෙම කෙනෙක් අපේ එෆෙයාර් එකට විරුද්ද වුණත්, මම කවදාවත් ඔයාව අතඅරින්නෙ නෑ. මට වෙන කෙනෙක් ගැන හිතන්නත් බෑ. මම කසාද බඳිනවානං බඳින්නෙ ඔයාව විතරයි

ඉතිං විදූශා මෙහෙම කිව්වට පස්සෙ තමයි අපේ පූසාගේ හිතට පොඩි හරි සහනයක් දැනුනේ.

විදූශා :- ඒක නෙවෙයි, ලබන සතියෙ ඕ ලෙවල් රිසාල්ට්ස් ආවම අපිට පාටි එකක් ඕනෙ හොදේ!

මළා...එතකොටයි පුරුපුරුටත් මීටර් වුණේ තව සතියකින් ඕ ලෙවල් රිසාල්ට්ස් එන බව.

පුරුපුරු :- හික්! පාටි එකක් නෙවෙයි, දහයක් වුණත් දෙන්න පුලුවන් "ටෙන් ඒස්" ආවොත් එහෙම. මට ගොඩක් වෙලාවට ලිට්රිචර් වලට බී එකක් ඇත්තෙ.

විදූශා :- නෑ නෑ, ඔයාට ඒ දහයක්ම එයි. බයවෙන්න එපා

කොහොමහරි පුරුපුරු එදා හවස ක්ලාස් එක ඉවරවෙලා රෝහණදීර කියපු දේ ඉස්සාටත් කිව්වා.

" බොරු කතානෙ බං! ඔය කෙල්ලො තුන්දෙනා එකටමයි ඉන්නෙ. ඉතිං විදූශාට ඔය කියන විදිහෙ කොල්ලෙක් ඉන්නවනං ඒක අනිවාර්යයෙන්ම තිලංකා දැනගෙන ඉන්න ඕනෙ. එහෙම දන්නවානං ඒකි අනිවාර්යයෙන්ම ඒක මට කියනවා. ඔය රෝහණදීරයා අපේ ඉස්කෝලෙ ඉඳලා අස්කරපු එකෙක්නෙ. උඹ ඕවා ගණන් ගන්න එපා "

ඉස්සා මේ ගැන කිව්වෙ එහෙමයි. ඉතිං පුරුපුරුගෙ හිත මේ කතාව අහලා තවත් හැදුනා. බලාගෙන ගියාම ඒ කතාවත් ඇත්ත. විදූශා කරන දේවල් ඔක්කොම අනිත් යාලුවො දෙන්නා දැනගෙන ඉන්න එපායැ! ඒත් පුරුපුරුගෙ හිතේ තිබුන කහට සම්පූර්ණයෙන්ම නැතිවුණේ නෑ. මොකද මෑන්ස් දන්නවා රෝහණදීර මැරයෙක් වුණත්, රස්තියාදුකාරයෙක් වුණත්, සිගරට් බිව්වත්, කවදාවත් බොරු කියන්නෙ නෑ කියලා.

කොහොමහරි ඔය විදිහට සතියක් ගෙවිලා ගියෙ නොදැනීම වගේ. ඉතිං ඒ තීරණාත්මක දවස, ඒ කියන්නෙ ඕ ලෙවල් ප්‍රතිඵල එන දවසත් ඔය විදිහට උදාවුණා. ඒ දවස්වල පූස්ගම ඉන්ටර්නෙට් කැෆේ තිබුනෙ නෑ. පූසො සෙට් එක කළේ ප්‍රතිඵල බලන්න පැයක් ගමනක් ගෙවලා ගම්පහට ගිය එක. ඒ වෙද්දි ගම්පහ තිබුන ඉන්ටර්නෙට් කැෆේ වලත් අඩිය තියන්න පුලුවන් තත්ත්වයක් තිබුනෙ නෑ. කොහොමහරි පැය දෙකක් විතර පෝළිම්වල ඉඳලා ඉඳලා පුතිඵල බලන්න කිට්ටු වෙද්දිම වෙබ් සයිට් එකේ මොකද්ද අවුලක් ගියාලු. ඉතිං ගෙදරින් ආපු එකේ ප්‍රතිඵල නැතුව ආපහු ගෙදර යන්නත් නිකං මොකද්ද වගේ. පූසො කට්ටිය තීරණය කළේ බස් එකේ කොළඹ ගිහින් ඉස්කෝලෙන්ම රිසාල්ට්ස් ටික බලාගන්න.

ඉස්‍කෝලෙට ගිහින් රිසාල්ට් ෂීට් එක බලද්දි පුරුපුරුට ඇස් අදහාගන්න බැරිවුණා. මෙන්න බොලේ ඉන්ග්ලිෂ් ලිට් වලටත් ඒ එකක් ඇවිල්ලා. ඉතිං අපේ පූසාට හරිම සතුටුයි. පොර ගෙදර ගිය ගමන්ම කළේ මේ නිව්ස් එක අම්මටයි, තාත්තාටයි දැනුම් දීපු එක. ටික වෙලාවක් යද්දි ටෙලිෆෝන් එකට ඉවරයක් නෑ. නෑදෑයො, දෙමව්පියන්ගෙ යාලුවො එහෙම කතා කරලා රිසාල්ට්ස් අහනවා. එතකොට ඉතිං පුරුපුරුගෙ අම්මත් බොහොම ආඩම්බරෙන් ඒ කට්ටියට උත්තර දෙනවා. එකම විකාරයයි.

දැන් ඉතිං අපේ පූසාට තියෙන්නෙ මේ ආරංචිය විදූශාට කියන්න. ඇත්තටම විදූශා කොච්චර සතුටු වෙයිද මේක අහලා? මේ වෙද්දි ඉස්සා පුරුපුරුට කතා කරලා රිසාල්ට්ස් ටික අහගෙනයි තිබුනේ. මෑන්ස් ඉතිං මොකක්හරි ජිල්මාට් එකක් දාලා එදා කොහොමහරි තිලංකාට කෝල් කරනවාමයි. එතකොට තිලංකා හරහා නිව්ස් එක විදූශාගෙ කන් වලටත් යනවා. ඊටපස්සෙ පුරුපුරුට තියෙන්නෙ ඊළග සතියෙ කට්ටියට පාටි එකක් දෙන්න විතරයි. මේ වගේ ක්ලපනා සාගරයක තමයි අපේ පූසා කිමිදෙමින් හිටියේ.

12 comments:

  1. මහ හඩු පූසෙක් හප්පා :h :s curiosity එක රතු කට්ටටම ඇදලා කතාව නවත්තනවා......
    අපේ area එකේ වෙච්චි පලහිලව් අහනකොට ආසාවේ බැහැ :e .....

    ReplyDelete
  2. අනේ සොරි බං! මේ කතාව නවත්තන්න තැනක් හිතාගන්න බෑ. දිගටම ටයිප් කළොත් එළිවෙනකං ටයිප් කරන්න වෙන්නේ. හෙට ඉතුරු ටික දාන්නං :b:b:b

    ReplyDelete
  3. කොටස් තුනක් මග ඇරිලා :n

    දහයෙන් අටක් ඉවරයි :s ඉතිරි දෙකත් දෙන්නෝ :f

    මූනූ ටික දාපු එකට නම් තෑන්ස් වේවා :b

    ReplyDelete
  4. ඊගාව එකත් ඉක්මනින් දාන්න. :r

    ReplyDelete
  5. ඉතිං ඊට පස්සේ?

    ReplyDelete
  6. @blog gadol
    හික් හික්....දුක තමා.....ඉක්මනට ඉතුරු ටිකත් දාපන්....නැත්තන් මට පිස්සු හැදෙයි... :o :o

    ReplyDelete
  7. අම්මපා මම මේ කොටස කියවන්නේ නෑ......ඔක්කොම ලියලා ඉවර උනාම කියවනවා....බලන් ඉන්න බැරියෝ........ :h

    ReplyDelete
  8. නියමාආආඅයි............ බං

    ReplyDelete
  9. මේ මෙගා සීරිස් එකනම් මරු. කියවගෙන යනකොට හරිම ආස හිහෙනවා. :c

    ReplyDelete
  10. අපේ පූසා මීටරේ නේ :t

    ReplyDelete
  11. ආව් ආව්
    අපිට පාටි නැතෙයි.....
    :m :m :m

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???