අඹ යාලුවෝ

Friday, February 11, 2011

කේ.මෙන්ඩිස් 4 (අවසාන කොටස) - කේ.පීරිස්

කේ.මෙන්ඩිස් - 1
කේ.මෙන්ඩිස් - 2
කේ.මෙන්ඩිස් - 3

අපි කලින් ලිපියෙ කියපු විදිහට ඉතිං පූසො සෙට් එක ඇතුලු කට්ටිය හවස් වරුවෙ පුරුපුරුගෙ ගෙදරට සෙට් වුණාලු. දැන් කට්ටියම පුරුපුරුගෙ කොම්පියුටර් රාජයා ඉස්සරහා ඉඳගෙන ඉන්නේ. ඒ අස්සේ ඤාව්වා දෙවියන්ට කන්නලව් කරනවා කරන්ට් එක යන්න එපා කියලා. මොකද ඒ දවස්වල පුරුපුරු ගාව යූපීඑස් එකක් තිබුනෙ නෑ. අන්තිමට ඉතිං අපේ පුරුපුරුත් සුභ මොහොතින් බෑග් එකේ තිබුන ගනේ කොම්පියුටරේ ළගට ගෙනාවලු. දැන් ඉතිං කට්ටියම සද්ද බද්ද නෑ. ගමේ යාලුවො දෙන්නා ඇස් දෙක උඩ තියාගෙන බලාගෙන ඉන්නවා.

ඊටපස්සෙ පුරුපුරු කළේ සුභ මොහොතින්, බොහොම පරිස්සමට කේ.මෙන්ඩිස්ගෙ ගනේ සීඩී රොම් එකට ඇතුල් කරපු එක. ගනේ කොම්පියුටරේ ඇතුලට යද්දි ඉතිං කට්ටිය කටවල් ඇරගෙන බලාගෙන හිටියලු.

හවස ඉස්කෝලෙ ඉවර වෙන්න කලින් මී කතුරා පුරුපුරුට ගනයේ අන්තර්ගතය ගැන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දීලයි තිබුනේ. මී කතුරා කියපු විදිහට මුලින්ම යන්නෙ කේ.මෙන්ඩිස් එක්ක පොඩි ඉන්ටර්වීව් එකක් වගේ එකක්.‍ ඊට පස්සෙ ඉතිං *************************************************. ඉතිං ඕවා අහපු අපේ පූසන්ටත් මේක බලනකං ඉවසිල්ලක් නැතුවයි හිටියේ.

දැන් පොතේ හැටියට මීඩියා ප්ලේයර් එක ඔන් වෙලා මේක ප්ලේ වෙන්න පටන් ගන්න ඕනෙ. ඒ වගේම ගෙදර කවුරුත් හිටියෙත් නැති නිසා කට්ටිය සවුන්ඩ් එහෙමත් ෆුල් වැඩි කරලයි තිබුනේ. ඔන්න ඉතිං එක පාරටම කොම්පියුටරයෙන් සද්දයක් ආවලු.

" දෙහි මලක් වගේ දැනෙයි නුඹත් දුර උන්නම සුවඳ ගෙන එනා
දෙහි මලක් වගේ දැනෙයි නුඹත් ළග උන්නම සුවඳ නොම දෙනා"

දැන් පුරුපුරු ඇතුලු පූසන්ට පට්ටම අබ්ලික්ලු. ඒ මදිවට අර ගමේ කොල්ලො දෙන්නා මූනට මූණ බලාගන්නවා.

පුරුපුරු :- මේකනෙ බං, සිංහල එකක්නෙ, මුලින් සිංදු කෑල්ලක් ගිහින් තමයි පටන් ගන්නවා ඇත්තෙ

මෑන්ස් මෙහෙම කිව්වට මොකද, කොම්පියුටරෙන් එන්නෙ සද්දෙ විතරයි, කිසිම වීඩියෝ එකක් නෑ. මීඩියා ප්ලේයර් එකත් ඔහේ ප්ලේ වෙනවා. පුරුපුරු ඉතිං කෝකටත් කියලා ප්ලේයර් එක පොඩ්ඩක් ඉස්සරහට යවලා බැලුවලු.

" දෙලුම් මලක් වී පෙම්බර සුවඳ ගෙනාවත්
අහන් ඉන්නනං බෑ සිත රිදන කතාවක්"

ඒ ගමන් තව සින්දුවක් යනවලු. ඒත් කිසිම වීඩියෝ එකක් නෑ. දැන්නං අපේ පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒ ගමන මෑන්ස් කළේ මේක තව ටිකක් ඉස්සරහට යවපු එක.

" ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
වේලිලා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද"

ඒ ගමනනං පුරුපුරු ඇතුලු අපේ පූසො සෙට් එකට තේරුණාලු මී කතුරා තමන්ට ගේම දීලා තමයි කියලා. බැලින්නං මෑන්ස් කේ.මෙන්ඩිස්ගෙ ගනයක් කියලා දීලා තියෙන්නෙ කේ.පීරිස්ගෙ අර මල් සිංදු තියෙන සිංදු සීඩී එක. මේක තේරුණා විතරයි පුරුපුරුට අසූහාරදාහට ෆ්ලවර් ජම්ප් වුණාලු. ඒ අස්සෙ අර ගමේ කොල්ලො දෙන්නා බිම පෙරලි පෙරලි හිනාවෙනවලු.

" අඩෝ උඹලගෙ ඉස්කෝලවල එවුන් කිංස්ලිගෙ සින්දු අහලද ආතල් ගන්නෙ? හැක් හැක් හැක්...... "

දැන්නං පූසො කට්ටියම කේන්තියෙනුයි, ලැජ්ජාවෙනුයි ජම්බු ගෙඩි වගේ රතුවෙලා. අර විදූශාවත් පූසන්ට මෙච්චර අපහාසයක්නං කරලා නෑ. දැන් ඉතිං කට්ටිය ආපහු රෙද්දක් ඇදගෙන පූස්ගම ටවුන් එකට යනවා බොරු. දැන් මී කතුරා අහුවෙන්න හිටියනං පූසො කට්ටිය මෑන්ස්‍ව ඌර්ධවපාතනය කරනවා. කරුමෙට පොරගෙ ටෙලිෆෝන් නම්බර් එකවත් පුරුපුරුලා ඒ වෙනකොට ඉල්ලගෙන තිබුනේ නෑ. ඉතිං ටික වෙලාවකින් ගමේ කොල්ලො දෙන්නා හිනාවෙන් තරවෙලා ගෙවල් වලට යන්න ගියාලු. දැන් ඉතුරු පූසො‍ කට්ටිය විතරයි.

උපාසක :- බලපං බං මූ අපිට දුන්න ගේම? දැන් ඉතිං කොහොමද පාරකවත් බැහැලා යන්නෙ?

පුරුපුරු :- ඒක පැත්තකින් දැම්මත් දැන් අර ගනේ ගන්න බලාගෙන ඉන්න එවුන්ට මොකද කියන්නෙ?

ඤාව්වා :- එහෙනං ඔය මී කතුරා කියන එකාට ඉස්කෝලෙදි අල්ලගෙන අම්බානට නෙලපං

මාලුකට්ටා :- ඔව් ඔව්!! මේ කරපු වැඩේට ඌට නෙලන්නම වෙනවා. ඉස්කෝලෙට ඇවිත් දවස් දෙක තුනයි, බලපං මූ මේ අවුරුදු ගානක් හිටපු අපිටත් ගේම දුන්නනෙ.

ඉතිං අන්තිමට තීරණය වුණේ ඊළග ද‍වසෙ ඉස්කෝලෙදි මී කතුරාට අල්ලගෙන හොඳටම ගහන්න. මේ අස්සෙ ක්ලාස් එකේ කොල්ලන්ගෙන් මාලුකට්ටාගෙ මොබයිල් එකට හෝ ගාලා කෝල් එනවා. කට්ටියම අහන්නෙ කේ.මෙන්ඩිස්ගෙ ගනේ කොහොමද කියලා. ඉතිං මාලුකට්ටා වෙච්ච සිද්දිය කිව්වට පස්සෙ ඒ කට්ටියටත් ෆ්ලවර් ජම්ප් වෙනවා.

අන්තිමට බලද්දි මුලු ක්ලාස් එකම වගේ අනිත් දවසෙ මී කතුරාට ගහන්නයි ලෑස්ති වෙලා හිටියෙ. ඒ මදිවාට ඤාව්වාගෙ ලෑස්තිය ලොකුනමේ කොල්ලො ටික ලෑස්ති කරගෙන මී කතුරාට ඉස්කෝලෙන් එළියෙදි ගහන්න. ඒත් ඉස්කෝල අතර වලියක් යන්න පුලුවන් නිසා ඤාව්වාට ඒ වැඩේට අනිත් පූසන්ගෙන් අවසර ලැබුනෙ නෑ.

ඔය විදිහට වෙලාව ගිහින් අපේ පූසො අනිත් දවසෙත් ඉස්කෝලෙට ගියාලු. පුරුපුරුයි, මාලුකට්ටායි, උපාසකයි උදේ පාන්දරම පුරුපුරුලගෙ බයෝ ක්ලාස් එකට ආවෙ මී කතුරාගෙ බෙල්ලෙන්ම අල්ලගන්න බලාගෙන. කට්ටිය එද්දි මී කතුරාගෙ බෑග් එකනං ක්ලාස් එක ඇතුලෙ තිබුනා, හැබැයි මී කතුරා පේන්න හිටියෙ නෑ. ඔය විදිහට ටික වෙලාවක් යද්දි ක්ලාස් එකේ ගොඩක් ළමයි ඇවිත් හිටියලු. කට්ටියම ඇවිත් හිටියේ මී කතුරාට හොඳ රිටර්න් එකක් දෙන්න බලාගෙන. ඒත් ඉස්කෝලෙ පටන් පැය කාලක් තියෙද්දිත් මී කතුරා පන්තියට ඇවිත් තිබුනෙ නෑලු.

රාජු :- මචං ඔය මී කතුරා ඉස්කෝලෙ ගැන තවම හරියට දන්නෙත් නෑ. ඒක හින්දා ඌට ඇවිදින්න යන්න තැනක් නෑනෙ. අනිවාර්යෙන්ම මූ ගුටිකන්න වෙන බව දැනගෙන හැංගිලා ඇත්තෙ.

මහබබා :- ඒත් බං මූව කොහෙ කියලා හොයන්නද?

රාජු :- මූ මචං අලුත් හින්දා තවම ඉස්කෝලෙ හැංගෙන තැන් දන්නෙ නෑ. මූ දන්න එකම තැන තමයි කැන්ටින් එක. අනිවා ඇත්තෙ ඕක ඇතුලෙ තමයි. අපි ගිහින් බලමු.

පුරුපුරු :- ඒක තමයි. මමත් හිතන්නෙ මූ ඇත්තෙ කැන්ටිමේ තමයි. මහබබා උඹලා කට්ටිය එහෙනං ක්ලාස් එකේ ඉඳලා ඌ ආවොත් නෙලපං. අපි කට්ටියක් යන්නං කැන්ටින් එකට.

මෙහෙම කියපු පුරුපුරු තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියාලු කැන්ටින් එකට. ඒ වෙලාවෙ ඉස්කෝලෙ පටන් අරගෙන තිබුනෙත් නැති නිසා කැන්ටිම කොල්ලන්ගෙන් පිරිලයි තිබුනෙ. ඇත්තටම කැන්ටිම මී කතුරාට හැංගෙන්න කියාපු ප්ලේස් එක. මොකද සුදු ඇඳගෙන ඉන්න කොල්ලො සිය ගානක් අතරෙ මෑන්ස්ව හොයන එක පිදුරු ගොඩක ඉඳිකට්ටක් හොයනවා වගේ වැඩක්. කෝකටත් කියලා, පුරුපුරුලා කැන්ටිමේ කෙළවරක ඉඳලා මී කතුරාව හොයන්න ගත්තලු.

ටික වෙලාවක් හොයද්දි මෙන්න බොලේ මී කතුරා ඉන්නවා කැන්ටිමේ කොල්ලො ගොඩක් අස්සට වෙලා හැංගිලා. පුරුපුරුගෙ ෆ්ලවර් ජම්ප් වෙච්ච මූණ දැක්කට පස්සෙ මී කතුරාට තේරුණාලු එදානං මෑන්ස්ට බොහොම අසුභ දවසක් වෙන බව. පුරුපුරු කළේ වහාම පැනලා මී කතුරාගේ බෙල්ලෙන්ම අල්ලගත්ත එක.

පුරුපුරු :- ඈ බොල ***, තෝ මට කේ.මෙන්ඩිස්ගෙ කියලා කේ.පීරිස්ගෙ සීඩී එකක් දුන්නෙ මම ඔටුවෙක් කියලා හිතලද? තොගෙ වැඩ හින්දා මට දැන් ගමේ එවුන්ටයි, ඉස්කෝලෙ එවුන්ටයි දෙගොල්ලන්ටම මූණ දෙන්න බෑ. හිටපං උඹට දෙන්න. වරෙන් පන්තියට.

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාගේ ෂර්ට් කොලර් එකෙන් අල්ලගෙන මෑන්ස්ව පන්තියට ඇදගෙන ගියාලු.

මී කතුරා :- අනේ බං පුරපුරු, පොඩි වැරදීමක් බං වෙලා තියෙන්නෙ, සොරි බං

මී කතුරා විලාප දෙනවා.

පුරුපුරු :- ‍යකෝ ඒ ලෙවල් කරන්න ගත්තහමවත් වලි වලට යන එක නවත්තලා හොද වෙන්නයි බැලුවේ. තොපි ඒකටවත් ඉඩ දෙන්නෙ නෑනෙ

මෙහෙම කියපු පුරුපුරු මී කතුරාව පන්තිය ඇතුලට ඇදගෙන ගියාලු. මී කතුරා එනවා දැක්ක ක්ලාස් එකේ කොල්ලො කට්ටිය ඉස්සරහට ආවෙ ඇගේ පතේ හිරි ඇරගන්න බලාගෙන. ඊටපස්සෙ කට්ටිය මී කතුරාව බිම දාගෙන නෙලන්න ගත්තෙ මෑන්ස්ට කෑගහන්නවත් නොදී. ටික වෙලාවකින් බලද්දි මී කතුරාට නැගිටින්නත් අමාරු ගානට වැදිලා.

මහබබා :- උඹට දැන් ගුටිකාලා අමාරුද?

මී කතුරා :- ඔ...ඔව් බ්.....බං!

මහබබා :- මුෂ්ටාක් ඔය පාන් බාගෙ ගෙනෙන් බං.

මහබබා මුෂ්ටාක්ට කියලා මෑන්ස් දවල්ට කන්න ගෙනාපු පාන් බාගෙ ගෙන්න ගත්තලු.

මහබබා :- උඹට දැන් ගුටි කාලා අමාරුනෙ. දැන් එහෙනං කාපං පාන්

මෙහෙම කියපු මහබබා, පුරුපුරු එක්ක එකතු වෙලා අර පාන් බාගෙම බිම වැටිලා හිටපු මී කතුරාට කැව්වලු. දැන් ගුටිකාපු අමාරුවයි, පාන් කවපු අමාරුවයි දෙකම එකතු වෙලා මී කතුරාට කෙලින් ඉන්නවත් බෑ.

පුරුපුරු :- ආ...දැන් ඔය දූවිලි ටික පිහදාගෙන ලෑස්තිවෙයන් මිස් ක්ලාස් එකට එන්න කලින්.

ඔය අතරෙ මාලුකට්ටා ඉදිරිපත්වෙලා මී කතුරාගෙ ඇගේ තිබුන දූවිලි ටික පිහදාලා දුන්නලු. ඊටපස්සෙ තමයි ස්කූල් සෝන්ග් එක එහෙම කියලා ඉස්කෝලෙ පටන් ගත්තේ.

එදා දවසේ උදේ කාලය මී කතුරාට අපලයි කියලා හිතුවාට මෑන්ස්ට ගොඩක් අපල වෙන්න තිබුනේ එදා ඉන්ටර්වල් එක. මොකද ඉන්ටර්වල් එකේදි මෑන්ස් කරපු වැඩේ ආරංචි වෙච්ච වෙන ක්ලාස් වල කොල්ලොත්, පොරට ගහන්නයි කියලා පුරුපුරුලාගෙ පන්තියට ආවලු. විශේෂයෙන් ඒ අතරෙ හිටියේ මී කතුරාගෙ බොරුවට අහුවෙලා එම්ප්ටි සීඩී ගත්ත කොල්ලො. ඉතිං අන්තිමට පුරුපුරුටයි, මහබබාටයි ලොකු මහන්සියක් ගන්න සිද්ද වුණාලු ඒ කොල්ලන්ගෙන් මී කතුරාව බේරගන්න. මොකද ආපු කොල්ලන්ගෙ ගාන අනුව මී කතුරා ඒ කට්ටියගෙනුත් ගුටි කෑවනං හොස්පිට්ල් ගිහින් තමයි නවතින්නෙ.

ඉතිං ඔය විදිහට ටික දවසක් යද්දි කේ.මෙන්ඩිස්ගෙ ගනේ සිද්දිය කට්ටිය මතක් කර කර හිනාවෙන සිද්දියක් බවට පත්වුණාලු. කොටින්ම අදටත් ඉස්කෝලෙ කොල්ලො මී කතුරා කිව්වහම මෑන්ස්ව දන්නෙ නෑ. හැබැයි කේ.මෙන්ඩිස් කිව්වොත් ග්‍රේඩ් එකේ ඕනෙ බුවෙක් මී කතුරාව දන්නවා.

ටික දවසකින් අපේ පූසො සෙට් එකයි, මී කතුරායි ආපහු ෆිට් වුණාලු. ඔය තරහා මරහා හිතේ තියාගන්න ජාතියෙ කට්ටිය නෙවෙයිනෙ පූසො කියන්නේ. ඊටපස්සෙ පූසන්ටත් තේරුණාලු මී කතුරා කියන්නෙත් පිස්සුම පිස්සු පූසෙක් කියලා. ඊටපස්සෙ තමයි පූසො සෙට් එකට පස්වෙනි සහ අවසාන පූසා එකතු වුණේ. ඒ තමයි මී කතුරා. ඉතිං අදින් පස්සෙ අපේ කතාවල එන ප්‍රධාන චරිතයක් විදිහට මී කතුරාව ඔයාලාට හම්බවෙයි.

නිමි.

ප.ලි :- මේ මී කතුරා ජීවිත කාලය තුළ තැබූ පළමු පොල්ල නොවේ. එමෙන්ම අවසාන පොල්ලද නොවේ. කන්දක් උඩ ඇති ශ්‍රී ලංකාවේ ඉපැරණි සක්වල තක්සලාවක, සිසුන් 400-500ක් සිටින බැච් එකකට තැබූ පොල්ල හා සැසඳීමේදී කේ.මෙන්ඩිස් යනු ඉතා ප්‍රාථමික මට්ටමේ පොල්ලකි.

අනිත් කාරනේ යාලුවනේ අපිට කලින් පෝස්ට් වල කොමෙන්ට් වලට රිප්ලයි කරන්න බැරිවුණා. මේකටත් එහෙම වෙයිද දන්නෑ.

පුරුපුරුට විභාග වැඩය. එනිසා බ්ලොග් එකේ ගතකරන කාලය ටිකක් අඩුකර ඇත. උපාසකගේ අන්තර්ජාල කොනෙක්ෂනය ජංජාලයක් වී ඇත.

ඉතිං සොරි හොඳේ. ඒත් ඔයාලගෙ හැම අදහසක්ම කියවලා අපි ගොඩක් සතුටු වෙනවා. අත්‍යාවශ්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. පෙබ. 14 වෙනිදා වෙනකං මේ තත්ත්වය තියෙයි. බායි.........

ඒක නෙවෙයි, කෝ මොකද අපේ කාන්තා පාර්ශ්වය සද්ද නැත්තේ?

28 comments:

  1. මම කිව්වේ කලින්ම Wrong නම්බර් එකක් වෙන්න ඇති කියලා :q

    ගමේ කොල්ලො දෙන්නට විතරක් නෙමෙයි අපිටත් මේක කියවද්දි හිනා යනවා :f

    "පෙබ. 14 වෙනිදා වෙනකං මේ තත්ත්වය තියෙයි"

    ෂුවර් එකට තෑගි හොයන්න යනවා ඇති :a

    ReplyDelete
  2. හික්ස්! අනේ නෑ බං! විභාගෙ ඉවර වෙන්නෙ 14 වෙනිදා

    ReplyDelete
  3. කාන්තා පාර්ශවේ ගන කියන එකේ තේරුම හොයනවාද කොහෙද :q
    අයියෝ බං පස්සේ කාලෙකවත් කේ.මෙන්ඩිස්ගේ ගනේ ලැබුණේ නැද්ද? :d
    ඈ උඹලගේ ප්‍රශ්න සේරම විසඳෙන්නේ වැලන්ටයින් ඩේ එක දවසටද? :j

    ReplyDelete
  4. බොලාලත් බලද්දී හොද දිරච්ච ලණු ගිලලා නේ,,ඒ වගේම බොලටත් ඉන්නවා හොද ලණු දෙන්න පුලුවන් බුලට් එකක් මී කතුරා....

    ReplyDelete
  5. උඹලගෙ විභහගෙත් මරු දවසට නේ බන් තියෙන්නෙ.

    ReplyDelete
  6. යකෝ මු රජ බඩුවක් නෙ. ඉස්කෝලෙට ඇවිල්ල දවස් දෙකෙන් මුළු සෙක්ෂන් එකම අන්දන්න

    ReplyDelete
  7. අප්පටසිරි...පට්ටා....මම මේ ඉවර වෙනක බැලුව පලවෙනි සීරිස් එකද කෝහේද..හික්ස්....
    අර තක්සලාවේ කතවත් කරලියට එනව නම් තමා වැඩේ ඉකේයියා වෙන්නේ....

    ReplyDelete
  8. පෙබ. 14 වෙනිදා වෙනකං ??? :j

    ReplyDelete
  9. හොස්පිටල් යන්නේ නැතුව බේරුනා ඇති :e :e


    "කාන්තා පාර්ශවේ ගන කියන එකේ තේරුම හොයනවාද කොහෙද :q "

    අනේ යන්න සුදු පූස් තඩියා
    කොන්ඩේ බැන්දට අපි චීන්නු නෙමේ :p

    ReplyDelete
  10. එල එල තවත් මැක්සා කතාවක් මෙසේ නිම උනා ...ජයවේවා මචාලා ..තව කතාවක් විවේකය ලද සැනින් ලියන්න ..

    ReplyDelete
  11. පූසන්ගේ ඔය කතාව කියත්දි මටත් මාර කතා සෙට් එකක් මතක් වෙනවා.... ඔන්න බොලේ මටත් කට කහන ඝන කතා සීරීස් එකක් ලියන්න වෙයි වගේ..... අපි ඉස්කෝලෙ යන කාලේ නම් රියුමර්ස් තිබුනේ ඒකාලේ හිටපු හොඳ නිලියන්ගේ නම් වලින්, පෙබීතා සරීරා, මර්ණා සල්ලවාරච්චි, කූතා ගිමාරසින්හ වගේ අයගේ ඒව තියෙනවා කියලා. ඒත් ජීවිතේට ඇහැට දැක්කෙ නෑ...

    හැබැයි අර ගායිකාව විරෝෂා නිරාජිනීගේ එක නම් මගේ ගාවත් තිබුනා....

    ReplyDelete
  12. අඩේ මචං දුමී. බැරිද විරෝශා නිරාජිනීගෙ එක මට දෙන්න

    ReplyDelete
  13. මචං ඇයි 14 වෙනිදා වෙනකං විතරක්....? මේක අත්‍යවශය ප්‍රහ්නයක් සේ සලකා උත්තර දීපං...

    ReplyDelete
  14. එහෙනං පූසො සෙට් එක මී කතුරකට අහුඋනා.... :o

    ReplyDelete
  15. හික් බොලා සින්දු අහලයි ......න්නෙ. වස්ත්‍ර ගැලවෙන්න ඇති එදානං.

    ReplyDelete
  16. @ gold fish - 14 තමයි විභාගෙ ඉවර වෙන්නෙ මචං. හික්ස්...නැතුව වෙන මොකවත් නෙවෙයි

    @ දුමී - ඈ!!! ඕකෙ ඇත්තටම හිටියෙ විරෝෂාද?

    ReplyDelete
  17. පූසෝ හොඳයි අපේ කාලේ එහෙම කළා නම් ඌ ආයේ ඉස්කෝලේ ඇවිත් හමාරයි මාසයක් විතර යනකල්.
    14නේද විභාග ඉවර වෙන්නේ...:a

    ReplyDelete
  18. මම අර ආදරණීය සීරීස් එක ඉස්කිප් කලේ නෑ ලු ඕං ඇ..

    ඒක නෙමෙයි,
    " අඩෝ උඹලගෙ ඉස්කෝලවල එවුන් කිංස්ලිගෙ සින්දු අහලද ආතල් ගන්නෙ? හැක් හැක් හැක්...... " :t

    ReplyDelete
  19. මී කතුරගේ අනිත් එක තමයි දුමියා... :d

    ReplyDelete
  20. හොඳ වැඩේ හොඳම වැඩේ හොර පූසන්ට

    ReplyDelete
  21. හි හි හි අර කන්ද උඩ සක්වල තක්සලාවේ වෙච්ච එකත් කියන්න හොදේ? පූසෝ රැලත් අපේ මල්ලිගේ වයසෙම වගේ හින්දා ෂුවර් එකට අපේ මලයත් ඕවාට කොහෙන් කොහෙන් හරි ගෑවිලා ඇති.

    ReplyDelete
  22. ඈ බන් මලේ උබගෙ බ්ලොගය මග ඇරිල හොඳම හරියෙදි... ඔක්කොම වැඩ තියල පැය 2කට වැඩිය බ්ලොගේ තමා හික් හික්...

    අඩේ ඒ කාලේ මැවිල පේනවා බන්... හික් හික් යකෝ ඌ නොමැරී බේරුනා ඇති.

    ReplyDelete
  23. මදෑ අපිත් කේ ‍මැන්ඩිස් බලන් ආවා...ලොලේ ලොල්ස්‍‍‍‍....

    ReplyDelete
  24. apith Ohoma ekakakta ahu una S jayasekara & G kapugee kiyala 1k genehin! aioooo! eeke nikan adure hewanali wagayak natawenawa witharai bn! danne nadda bn ee kale ithin ohoma 1k qwama ithin vshwasa karanawanee! :D :D ela kathawa!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???