අඹ යාලුවෝ

Friday, February 11, 2011

කේ. මෙන්ඩිස් 3 - සතුට ඉහවහා ගිය දවස



කේ. මෙන්ඩිස් - 1
කේ. මෙන්ඩිස් - 2

ඉතිං යාලුවනේ අපි කිව්වනෙ අපේ මී කතුරා, කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනත් දෙන්න පොරොන්දු වුණ විදිහයි, ඊට පස්සෙ ක්ලාස් එකේ කොල්ලො සෙට් එක අම්බානට සතුටට පත් වෙච්ච විදිහයි. කොහොමහරි මේ කේ. මෙන්ඩිස්ගෙ සිද්දිය මුලු ග්‍රේඩ් එක පුරාම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්. කොටින්ම එදා දවස ඉවර වෙන්න කලින් ග්‍රේඩ් එකේ බාගයක්වත් කේ. මෙන්ඩිස් ඉන්න ගනයක් තියෙන බව දැනගෙන හිටියා.

ග්‍රේඩ් එකේ ඉතුරු බාගෙත් පහුවදා වෙද්දි මේ ගැන දැනගත්තා. දැන් පුරුපුරුලගෙ පන්තිය ඉස්සරහා කොල්ලො පිරිලා. බයෝ කරන කොල්ලො මදිවට මැත්ස්, කොමර්ස්, ආර්ට් කරන කට්ටියත් පුරුපුරුලගෙ ක්ලාස් එක ළග පිරිලා. මේ කට්ටියම ඇවිල්ලා ඉන්නෙ වෙන මොකකටවත් නෙවෙයි, කේ. මෙන්ඩිස්ගෙ ගනේ හම්බවුණාම ඒක ඉල්ලගන්න.

ඔය අතරෙ මී කතුරා එදා ගනය ගෙනත් තිබුනෙ නෑ. මොකද මෑන්ස්ට ගනේ ඉල්ලගන්න පොරගෙ යාලුවාව කලින් දවසෙ හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං ක්ලාස් එකේ කොල්ලො බොහොම සංවේගයෙන් වුණත් හිත හදාගත්තලු පහුවදාට මේක හම්බවෙයි කියලා.

ඇත්තටම මේ ගනේට තිබුනෙ පුදුමාකාර ඉල්ලුමක්. කට්ටිය පොරකනවා වේටින් ලිස්ට් එකට තමන්ගෙ නම ඇතුලත් කරගන්න. ඒ අස්සෙ මී කතුරා ඉස්කෝලෙට ඇවිත් දවස් දෙකෙන් ග්‍රේඩ් එකේ සුපර් ස්ටාර් වෙලයි හිටියේ. මෑන්ස් එක්ක කතා කරන්න, අඳුරගන්න අනිත් කොල්ලන්ට එපොයින්ට්මන්ට් ගන්න වෙන තත්ත්වයක් තමයි උදා වෙලා තිබුනේ.

මේ වෙද්දි මී කතුරාව ගොඩදෙනෙක් පෞද්ගලිකව අඳුරගෙන හිටියෙ නැති නිසා, ගොඩක් කට්ටිය ට්‍රයි කළේ පුරුපුරු හරහා ගනේ තමන්ට ඉල්ලගන්න.

" පුරුපුරු, උඹට මතකනෙ, අපි අවුරුදු ගානක් එක ක්ලාස් එකේනෙ හිටියෙ බං!"

" පුරුපුරු, මොකද්ද බං, අපි එකට ස්කවුටින් කරපු හැටි මතක නැද්ද? බැරිද අනිත් කට්ටියට කලින් මට මේක ගන්න?"

" අඩෝ පුරුවා! උඹට එහෙනං අපි හොස්ටල් එකේ එකට ෆන් ගත්ත හැටි අමතක වුණා ඈ? මොකද බං උඹට බැරි අනිත් උන්ට කලින් මට ඕක ඉල්ලලා දෙන්න"

" අපි ඉතිං මචං ගම්පහ කොල්ලොනෙ, ඔන්න හම්බවෙච්ච හැටියෙ මටයි ඕනෙ හරි?"

දැන් බලාගෙන යද්දි මී කතුරාට විතරක් නෙවෙයි, පුරුපුරුටත් හෙන ඉල්ලුම මේ කේ. මෙන්ඩිස් හින්දා. ඇත්තටම වේටින් ලිස්ට් එකේ හිටපු කාටවත් ෆේවර් කරන්න විදිහක් පුරුපුරුට තිබුනෙ නෑ. මොකද හිටපු ඔක්කොම කට්ටිය වගේ අපේ පූසන්ගෙ හොඳ යාලුවො. අනික කට්ටිය ගනේ ගන්න අංක එහෙමත් වෙන් කරගෙනයි තිබුනෙ. ඒ මදිවට සමහර කට්ටිය ට්‍රයි කරන්නෙ පූසොත් එක්ක මංගල දර්ශනය බලන්න සහභාගි වෙන්න.

ඔය අතරෙ මුෂ්ටාක් පොරොන්දු වෙච්ච විදිහට කේක් ගෙඩියක් උස්සගෙන ඇවිල්ලා තිබුනා. ඒත් මේ ‍කේ. මෙන්ඩිස්ගෙ ගනේ නිසා ක්ලා‍ස් එකේ කොල්ලන්ට මුෂ්ටාක්ගෙ පාටිය ගැනවත් වගක් තිබුනෙ නෑ. අන්තිමට මුෂ්ටාක් තමන්ගෙ අතින්ම කේක් එක ක්ලාස් එකේ කොල්ලන්ට බෙදුවලු.

ඉතිං ඔය විදිහට පහුවදා දවසත් උදා වුණාලු. පුරුපුරු උදේ පන්තියට එද්දි මී කතුරාත් ඇවිල්ලයි හිටියෙ

පුරුපුරු :- කතුරා......මචං උඹ අරක ගෙනාවා නේද?

මී කතුරා :- මාර කේස් එකනෙ බං! මට ඊයෙත් යාලුවාව හම්බවුණේ නෑනෙ. උන්ගෙ ගෙදරනෙ ඉතිං ඔය ගනේ තියෙන්නෙ.

මී කතුරාගෙ කතාව ඇහුවා විතරයි අපේ පුරුපුරුගෙ සිහින ලෝකය පට පට ගාලා කඩාගෙන වැටුනලු. දැන් ඉතිං තව දවසක් ඉවසපන්කෝ!

ඒ අතරෙ තත්ත්වය තවත් නරක අතට හැරුනේ, කලින් දවස් දෙකේ ගනේ ඉල්ල ඉල්ලා හිටපු කොල්ලො කට්ටිය ගනේ ඇවිල්ලද බලන්න පුරුපුරුලාගෙ පන්තියට ආපු හින්දා. මී කතුරා මේක ගෙනාවේ නෑ කිව්වම කට්ටියගෙම මූණූ කජු ලෙලි වගේ ‍වුණාලු. ඒ අස්සෙ මේ ගැන ආරංචි වෙච්ච අදුරන්නෙ නැති කොල්ලොත් ඇවිල්ලා. ඒ අතරෙ කොට කලිසම් ඇඳගෙන හිටපු 9 වසරෙ කොල්ලො කීප දෙනෙකුත් හිටියලු.

9 වසරෙ කොල්ලෙක් :- (බයෙන් බයෙන් වගේ) අයියේ...කේ.මෙන්ඩිස්ගෙ ගනයක් හම්බවුණාලු නේද? මම අර අහවලාගෙ යාලුවෙක්

මූ දැන් පුරුපුරුලගෙ බැච් එකේ කොල්ලෙකුගෙ නමක් කියනවා. දැන් මේ විදිහට මේ සිද්දිය ඉස්කෝලෙ පුරාම ගිහින් වැඩේ පත්තුවුණොත් ඉතිං මී කතුරායි, පන්තියෙ අනිත් කොල්ලොයි, කට්ටියම ගස්. මහබබා වහාම හොඳ සුද්ද සිංහල වචන දෙක තුනක් පාවිච්චි කරලා, ඒ පොඩි කොල්ලො කට්ටියව එතනින් එලවලා දැම්මලු.

මේ වෙනකොට පුරුපුරුලාගෙ පන්තියෙ කොල්ලො ඔක්කොමයි, වෙන පන්තිවල සමහර කොල්ලොයි එම්ප්ටි සීඩී අරගෙනයි තිබුනෙ ගනේ රයිට් කරගන්න. ඒ දවස්වල ඉස්කෝල අවට සීඩී කඩවල් වලටනං හොඳ බිස්නස් තියෙන්න ඇති. කොහොමහරි ‍පුරුපුරු, රාජු, මහබබා ඇතුලු කට්ටිය කොල්ලන්ව ශේප් කරලා පන්ති වලට යැව්වෙ බොහොම අමාරුවෙන්. ඊටපස්සෙ කට්ටිය ගියෙ මී කතුරා ළගට

පුරුපුරු :- මචං මී කතුරා, උඹ ඇත්ත කියපං, උඹට අපි බනින්නෙවත් ගහන්නෙවත් නෑ. ඔය කේ.මෙන්ඩිස්ගෙ ගනේ කතාව ඇත්තක්ද? නැත්තං බොරුවක්ද?

මී කතුරා :- පිස්සුද බං? මම සිරාවටම ඇත්ත කිව්වෙ. මම හෙට කොහොමහරි මේක ගේන්නංකෝ.

මී කතුරා මෙහෙම කිව්වට පස්සෙ තමයි අනිත් කොල්ලන්ට සැන්සිල්ලක් දැනුනේ.

කොහොමහරි පහුවදා උදෙත් පුරුපුරු එද්දි මී කතුරා ක්ලාස් එකට ඇවිත් තිබුනා.

පුරුපුරු :- මී කතුරා, ඔන්න අදනං ගෙනාවෙ නෑ කියන්න එපා.

මී කතුරා :- නෑ නෑ!! ඔන්න අද ගෙනාවා මචං

මේක ඇහුවට පස්සෙ පුරුපුරුගෙ ඉහේ මලක් පිපුනා වගේ වුණාලු.

පුරුපුරු :- කෝ පෙන්නපං?

මෑන්ස් මෙහෙම කිව්වට පස්සේ මී කතුරා කළේ පොතක් ඇතුලේ හංගලා තිබුනු රිදී පාට ලස්සන සීඩී එකක් එළියට ගත්ත එක. ඇත්තටම සීඩී එකේ රිදීපාට එළියෙන් මුලු ක්ලාස් එකම ආලෝකමත් වුණා වගේ තමයි අපේ පුරුපුරුට දැනුනේ.

ඉතිං ටික වෙලාවකින්, මී කතුරා කේ. මෙන්ඩිස්ගෙ ගනේ ගෙනල්ලයි කියන ආරංචිය ග්‍රේඩ් එකේ හැමතැනම පැතිරුණාලු. මුලු බයෝ සෙක්ෂන් ඇතුලු ග්‍රේඩ් එකම නිව්ස් එක අහලා අමන්දානන්දයට පත්වෙලයි හිටියේ. දැන් ඉතිං වේටින් ලිස්ට් එකේ මුල් නොම්මරවල ඉන්න කට්ටියට ඉවසිල්ලක් නෑලු.

එදා හවස මී කතුරාගෙන් ගනේ ඉල්ලගත්ත පුරුපුරු ස්කූල් වෑන් එකේ ගෙදර ගියෙ, ගොඩක් පරිස්සමට ගනේ බෑග් එක ඇතුලෙ තියාගෙන. මේ වෙද්දි ඤාව්වා, උපාසක සහ මාලුකට්ටාත් මංගල දර්ශනය බලන්න පුරුපුරුලගෙ ගෙදරට සෙට් වෙන්න කතා වෙලයි හිටියේ. ඒ වගේම ගමේ ඉන්න තමන්ගෙ හොඳම යාලුවො දෙන්නෙකුටත් පුරුපුරු මේ අවස්ථාවට සහභාගි වෙන්න ආරාධනා කරලා තිබුනා. කොහොමහරි එදා හවස මෑන්ස්ගෙ ගෙදර වැඩිහිටියො කවුරුවත් හිටියෙත් නෑ.

ඉතිං කතා කරගත්ත විදිහට කට්ටියම හවස්වරුවේ පුරුපුරුලගෙ ගෙදරට සෙට් වුණාලු.

15 comments:

  1. සුවර් එකට Wrong Number එකක් :n

    ReplyDelete
  2. හපෝයි මුං මහ වල් පූසන් යැ. ඇයි බොලං කොහොමයි බොලා ඔය මඟුලත් තියං ඉස්කෝලෙ ඇරෙනකං ඉවසං උන්නෙ. බොලාහෙ ස්නායු මැරිලයි.

    දැං ඉතිං අපිත් උඹලෑ යාලුවො වෙච්චි..... ;)

    ReplyDelete
  3. apith masa ganak balagena idiya c peris ge ekakata eth ithin anthimata balaporoththu gage mude damma wage una... :h rs 100 empty CD pawa wikunanna puluwan una c peris XXX kiyala liuwama eth anthimata oka atthata balapu ekeknam idiye na pusantath ehema nowewaaa kiyala prarthana karanaawa... eth mama hithanne ehema wewi :l ehema nounoth whiting list eke anthimata mage namath athulath koraganna widyata illimakuth karanawa :d

    ReplyDelete
  4. අම්මප මාත් උඹලැයි අහවලාගේ අහවලෙක්නෙ බැරිද මටත්.... :f
    දැන් ඉතිං කට්ටිය පරන සිංහල පිල්ම් එකක් බලපු හැටි ඊළග පෝස්ට් එකෙන්..............

    ReplyDelete
  5. අනේ බං ඊට පස්සේ....

    ReplyDelete
  6. මට පේන්නෙ මෙදා පාර මී කතුරට පූසො අහුවෙලා වගේ.....

    ReplyDelete
  7. හපොයි, හෙටවත් බොලා හරි විස්තරයක් කියනවය? මගෙ ප්‍රෙෂර් එකත් නැගලද කොහෙද,

    ReplyDelete
  8. ඉක්කමනට අනික් ටික දාන්ඩzzzz
    ඉවසන් ඉන්නට අමාරුයිzzz :b

    ReplyDelete
  9. හික්ස්...ෆුල් ආතල් නේ යකෝ..ඉකේයියා ගනයක් නිසා හෙන ෆේමස් උනා නේ....ඉක්මනට අනිත් එක දාපන්..ඔහොම ගනයක් තිබ්බේ නෑ..ඒක මට හොදට ශුවර්..මගේ ලිස්ට් එකේ නෑ කියන්නේ ලොවෙත් ඔහොම එකක් නෑ...හික්ස්.... :b

    ReplyDelete
  10. මචං පුරු පුරු මම හැමදාම බ්ලොග් ගඩොල් කියවල මොනා හරි කියල යනව නේ, බැරිද අනිත් උන්ට කලින් මට ඕක අරන් දැන්න :i

    ReplyDelete
  11. @ කොඩී - :e:e:e

    ඔන්න යාලුවනේ ඊළග කතාව දැම්මා

    ReplyDelete
  12. ඉස්කෝලේ කාලේ මතක් වෙනවා.අපේනම් වේටින් ලිස්ට් හැදෙන්නේ නැ.එන එකේම කොප් 4 ක් 5 ගහලා ඩිස්ට්‍රිබියුට් කරන්න වෙනම කට්ටිය හිටියා.හැබැයි නිකම් නෙමේ.වෙන එකක කොපියකට හරි සල්ලිවලට හරි

    ReplyDelete
  13. හික් හික් හරි එහෙනම් අපිත් බලමුකෝ....නෑ නෑ මං කිව්වේ මේ අනිත් කොටස....

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???