අඹ යාලුවෝ

Wednesday, February 16, 2011

දියාරු ලෝකය 2 - The Water World 2


අපේ දියාරු ලෝකය 1 ලිපිය තාක්ෂණික ගැටලුවක් හින්දා ගොඩක් දෙනෙක්ට බලන්න පුලුවන් කමක් ලැබුනෙ නෑ. ඒ හින්දා දැන් කට්ටිය මුලින්ම ගිහින් ඒක බලන්නකෝ.

දියාරු ලෝකය - 1

ඉතිං ඔය විදිහට මාලුකට්ටායි, පුරුපුරුයි, කලුකුමාරියි, චාටර්මාලියි බස් එකේ ඇවිත් දියාරු ලෝකෙ ළගින් බැස්සා. ඒ දවස්වල දැන් වගේ ඔය ප්ලේස් එක හොඳට හදලා තිබුනෙ නෑ. දැන්නං ටීවී එකේ ඇඩ් දානවනෙ කුරුල්ලො එහෙමත් ඉන්නවයි කියලා. හැබැයි ඒ දවස්වලනං ඒකෙ හිටියෙ මාලු විතරයි. කොහොමහරි ඉතිං අපේ යාලුවො කට්ටියත් ටිකට් එහෙම අරගෙන දියාරු ලෝකෙට ඇතුල් වුණාලු.

මාලුකට්ටා මීට කලින් දවසක දියාරු ලෝකෙ බලන්න ඇවිල්ලා තිබුනා. ඒ හින්දා මෑන්ස් පුරුදු කාරයා වගේ දැන් චාටර්මාලිත් එක්ක ඉස්සරවෙලා යනවා. පුරුපුරුයි, කලුකුමාරියි යන්නෙ ඒ දෙන්නාට පිටිපස්සෙන්. මෙහෙම ගියාට මොකද, පුරුපුරු හිටියෙ හරිම අපහසුවෙන්. බැරිවෙලා හරි අඳුරන කවුරුහරි දැක්කොත් ආයි ඉඳලා ඉවරයි. අනික කලුකුමාරි එක්ක යාලුයි කියලා ආරංචියක් පැතිරුනොත් වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙන එකත් බොරු.

හැබැයි අපි කලින් ලිපියෙත් කිව්වා වගේ කලුකුමාරිනං බොහොම විනෝදෙන්, මේ ගමන උපරිමයෙන්ම එන්ජෝයි කර කර තමයි හිටියේ. එයා හයියෙන් හිනා වෙනවා, ඉස්සරහින් යන මාලුකට්ටලාට විහිලු කරනවා, එක විකාරයයි එතන.

කලුකුමාරි :- පුරුපුරු, ඇයි අනේ ඔයා කතා නොකර ඉන්නෙ? ඔයා නිකං බයවෙලා වගේනෙ ඉන්නෙ!

පුරුපුරු :- මම? බය? පිස්සුද?

කලුකුමාරි :- මොකද නැත්තෙ? ඔය ඔයා හැමතිස්සෙම වට පිට බලබලා ඉන්නෙ. අනික කතා කරන්නෙත් බයවෙලා වගේ. ඇයි ඔයාට මාත් එක්ක යනකොට බයයි වගේද?

පුරුපුරු :- පිස්සුද? මම බය නෑ කුමාරි

කලුකුමාරි :- එහෙනං ඔයා මාත් එක්ක ඇවිදින්න කැමති නැද්ද?

පුරුපුරු :- නෑ නෑ! එහෙම එකක් නෙවෙයි. ඒ වුණාට කවුරුහරි අපි මෙහෙම යනවා දැක්කොත්, අපි දෙන්නා යාලුයි කියලා හිතයි නේද?

කලුකුමාරි :- ඒ වුණාට ඉතිං අර දෙන්නාට බාධා කරන්නත් බෑනෙ නේද? දැන්නං ඒ දෙන්නා යාලුවෙලා වගේම තමයි ඉන්නෙ.

ඔය දියාරු ලෝකෙ ලොකු මාලු ටැංකිවල එක එක ජාතියෙ ලස්සන මාලු දාලා ඉන්නවා. සමහර එවුන් පිටරටින් ගෙනාපු මාලු. ඉතිං ඔය වගේ ලස්සන මාලු ටැංකියක් ළගින් යද්දි කලුකුමාරි එතන නවතිනවා. ඊට පස්සෙ එයාගෙ කැමරාව පුරුපුරුට දෙනවා.

කලුකුමාරි :- පුරුපුරු, මගෙ ලස්සන ෆෝටෝ එකක් ගන්නකෝ

පුරුපුරු :- හ්ම්...

කලුකුමාරි :- ඔන්න මේ මාලුවත් බැක්ග්‍රවුන්ඩ් එකේ ලස්සනට ඉන්න ඕනෙ.

පුරුපුරු :- හා හා.

පුරුපුරුත් ඉතිං කලුකුමාරි කියන විදිහට ෆෝටෝ ගන්නවා. අර ලස්සන මාලුන්ගෙ ෆෝටෝ ටික කලුකුමාරි මැද්දට පැනලා අවලස්සන කරනවා.

ඉතිං ඔය විදිහට අපේ යාලුවො කට්ටිය දියාරු ලෝකෙ ලස්සන මාලු බල බලා ඉස්සරහට ගියාලු. අන්තිමට කට්ටිය ආවෙ ලොකු ගල් ගුහාවක් වගේ හදලා තිබුන තැනකට. ඒක ඇතුලේ අම්බානට කලුවරයි. ඒ මදිවාට ඒකෙ ටැංකිවල ඉන්නෙත් මෝරු. මේ වෙද්දිනං පුරුපුරුට ඇවිදලා එපා වෙලයි තිබුනෙ. අපරාදෙ! තව එක පූසෙක් හරි හිටියනං සිරාවට යන්න තිබුන අවුටින් එක. ඉතිං ඉස්සරහින් ගියපු මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලන්න කලුවර ගුහාව ඇතුලට ගියාලු. හැබැයි පුරුපුරුටනං මෝරු බලන්න කිසිම ඉන්ටරස්ට් එකක් තිබුනෙ නෑ.

කලුකුමාරි :- පුරුපුරු! අපිත් මෝරු බලන්න යමුද?

පුරුපුරු :- ඔයාට ඕනෙනං යන්න කුමාරි, මට මහන්සියි. මම අතන මේසෙ ගාවට යනවා වාඩි වෙන්න.

කලුකුමාරි :- එක්කො මටත් කම්මැලියි. එහෙනං අපි අර දෙන්නා එනකං එතෙන්ට වෙලා වාඩි වෙලා ඉමු.

මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. දැන් ඉතිං කිව්ව වචන ආපහු ගිලින්නත් බෑ නොවැ!

පුරුපුරු :- හා...යමුකො එහෙනං!

ඉතිං පුරුපුරුයි, කලුකුමාරියි ගිහින් ඊට ටිකක් එහා තිබුන ටේබල් එකේ වාඩි වුණාලු. එතන තිබුනෙ අර කුඩයක් හිටවලා ඒක වටේ‍ට පුටු තියෙන ජාතියෙ ටේබල් එකක්. දැන් ඉතිං මේ දෙන්නා බලාගෙන ඉන්නවා මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා එනකං. කොහෙද? පැය කාලක් විතර ගියත් මේ දෙන්නා එන පාටක් නෑ. පුරුපුරුට තේරුනා කලුවර ගුහාව ඇතුලෙ ලස්සන ලස්සන මෝරු ඉන්න ඇතියි කියලා. ඒ මදිවාට දැන් මෑන්ස්ට අම්බානට බඩගිනියි. අන්තිමට පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි මාලුකට්ටායි, චාටර්මාලියි මෝරු බලලා ආවෙ.

ඊට පස්සෙ කට්ටිය කළේ එතන කිට්ටුව තිබුන තැනකින් ලන්ච් එක ගත්ත එක. ඊටත් පස්සෙ මාලුකට්ටාගෙ ගානෙ කට්ටියටම අයිස් ක්‍රීම් කප් හම්බවුණාලු. දැන් ඉතිං අපේ යාලුවො සෙට් එක හිනාවෙවී අයිස් ක්‍රීම් කනවා. එතකොටම තමයි අපේ පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච විදිහට, ඉතාම භයානක, මවිල් කෙලින්වෙන සුලු දර්ශනයක් දැක්කෙ.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!!! ඤාව්වාගෙ අම්මා.............


බැලින්නං කට්ටිය හිටපු තැනට ටිකක් එහා ඉඳගෙන, ඤාව්වගෙ අම්මා අපේ යාලුවො දිහා කන්න වගේ රවාගෙන බලන් ඉන්නවා. දැන් කට්ටියටම ෆුල් අප්සෙට්. පුරුපුරුයි, මාලුකට්ටායි අමාරුවෙන් ඤාව් මෑණියොත් එක්ක හිනාවෙන්න හැදුවත්, ඤාව් ඇන්ටි කළේ රවලා අහක බලාගෙන එතනින් යන්න ගිය එක. දැන්නං ඉතිං කට්ටියටම ෂුවර් බඩු පැකට් තමයි කියලා.

ඤාව්වාගෙ අම්මා හෝම් සයන්ස් ටීචර් කෙනෙක්. ඉතිං එදා ඉස්කෝලෙ ළමයි එක්කගෙන පොඩි අධ්‍යාපන චාරිකාවක් තමයි ඤාව්වගෙ අම්මලා ඇවිත් තියෙන්නෙ. ඤාව්වත් දැනගෙන ඉඳලා තියෙනවා මෑන්ස්ගෙ අම්මා ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන්න ඉන්නේ කියලා. ඒත් පොර දැනගෙන හිටියේ නෑ ඒ ට්‍රිප් එක යන්නේ දියාරු ලෝකෙ බලන්න කියලා. ඇරත් ලංකාවෙ මෙච්චර ප්ලේස් තියෙද්දි කවුද හිතන්නෙ මේ ට්‍රිප් එක දියාරු ලෝකෙටම එයි කියලා. අන්තිමට ඒ වැඩෙන් වුණේ මාලුකට්ටා මාට්ටු වෙච්ච එකයි, අහක හිටපු පුරුපුරු නිකං කාඩ් එක කුඩු කරගත්ත එකයි.

ඉතිං එදා අපේ යාලුවො කට්ටිය ගෙදර ගියෙ බයේ ගැහි ගැහී. ට්‍රිප් එක එද්දි තිබුන සතුට කට්ටියගෙ හිතේ ආපහු යනකොට තිබුනෙ නෑ. ඉතිං මාලුකට්ටා ගෙදර ගිහින් බලද්දි, බලාපොරොත්තු වෙච්ච විදිහටම ආරංචිය මෑන්ස්ටත් කලින්ම ගෙදරට ඇවිත් තිබුනලු.

මාලු මෑණියෝ :- පුතා, අද ඔයා කොහෙද ගියෙ?

මාකට් :- දියාරු ලෝකෙට.

මාලු මෑණියෝ :- ඔව් මම දන්නවා දියාරු ලෝකෙ හිටියෙ කියලා. ඔයයි පුරුපුරුයි දෙන්නාම ගෑනු ළමයි දෙන්නෙක් එක්ක නේද හිටියේ? ඔයාට පිස්සුද මේ වගේ වැඩ කරන්න? තවම උසස්පෙළ කරන්න පටන් ගත්තා විතරයි. දෙමව්පියො ඔයාලා ගැන කොච්චර බලපොරොත්තු තියාගෙනද ඉන්නෙ? ඔය වැඩ වලින් අධ්‍යාපනේ කඩාකප්පල් කරගන්නද හදන්නේ? කවුද ඔය ගෑනු ළමයි දෙන්නා?

දැන් මාලුකට්ටාට ප්‍රශ්න කෝටියයි. ඒ මදිවාට උපදෙස් ගොඩයි.

මාකට් :- මමනං දන්නෑ අම්මා මේ මොනවා කියවනවද කියලා? මම දියාරු ලෝකෙට ගියා තමයි. එතන ගෑනු ළමයි දෙන්නෙකුත් හිටියා තමයි. ඒත් ඔය කියන විදිහෙ දෙයක් එතන සිද්දවුණේ නෑ.

මාලු මෑණියෝ :- දැන් ඔයා හිතන්නෙ මගෙ කොන්ඩෙ පැහුනෙ අකලට කියලද? මම මෝඩියෙක් කියලද හිතන්නෙ?

මාකට් :- නෑ නෑ අම්මේ! අපේ පුරුපුරු තමයි ඔය කලුකුමාරිට ට්‍රයි කරන්නේ. මමයි චාටර්මාලියි ඒ දෙන්නාට සපෝට් එකට ගියෙ. ආපහු මම එහෙම යන්නෙ නෑ. දන්නැද්ද අම්මේ? පුරුපුරු කතා කළාම නොගිහින් ඉන්න බැරිවුණා. මමත් මිනිහට කිව්වා විභාගෙ කරන්න කලින් ඔය වැඩ පටන්ගන්න එපා කියලා. කෝ ඉතිං! කිව්වට අහන එකක්යැ!

මාලු මෑණියෝ :- ඔය ඇත්තමද පුතා? බලන්නකො මේ ළමයා කරන වැඩ!

මාකට් :- පුරුපුරුලගෙ ගෙදරට කියන්නනං එපා අම්මේ! මිනිහා මට අල්ලගෙන ගහයි.

මාලු මෑණියෝ :- හා හා. මම ඕවා කියන්න යන්නෑ. මේ ළමයා හින්දා අපිට අපේ ළමයෙක්වත් හරියට හදාගන්න බැරිවෙනවා.

කොහොමහරි ඉතිං ඔය සිද්දිය පහුවදා වෙද්දි ඤාව්වගෙයි, උපාසකගෙයි අම්මලාටත් ආරංචි වෙලා තිබුනා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට කට්ටියට පුරුපුරුලගෙ ගෙදර යන එක මාසයක් විතර තහනම් වෙලා තිබුනා. තව, ආරංචියෙ අතුරු ප්‍රතිඵලයක් විදිහට මාලුකට්ටා පුරුපුරුගෙන් ගුටි කෑවා. ඊට පස්සෙ ඔය සේරම දේවල් ටික දවසකින් කාට කාටත් අමතක වෙලා ගියා.

අන්තිමට මාලුකට්ටා චාටර්මාලි එක්ක ඔෆිෂියලි යාලු වුණා.

නිමි.

22 comments:

  1. "අන්තිමට මාලුකට්ටා චාටර්මාලි එක්ක ඔෆිෂියලි යාලු වුණා"

    එතකොට කලුකුමාරී :n

    ReplyDelete
  2. හි හී.. :q :q දියාරු ලෝකේ බලන්න ගිහින් පුරුපුරු දියාරුම වෙලානේ...:r මාළුකට්ටාට සනීපේට වැදෙන්න ඇති පුරුපුරුගෙන්... :n :n

    ReplyDelete
  3. ශරීරය පුරා දැනෙන සනීපේ මාට්ටු වුණාම....! හැබෑට කළු කුමාරිට මක්කෙයි වුණේ?

    ReplyDelete
  4. මාලුකට්ටා අයියා මාර :k :k කෙනෙක්නේ......

    පුරු පුරු අයියා හැබෑටම මාලු කට්ටා අයියා දවස් කීයක් ඇඳේද?? :a :a :d

    ReplyDelete
  5. කැත වැඩේ බොලව්, ගුටි කන්නමයි තිබුනෙ ! මොකෝ කලු කුමාරිට උනේ?

    ReplyDelete
  6. බොලා උපන් නැකතෙ මොකක් හරි වැරැද්දක් තියෙනව බොලවු.. හැමදාමත් කෙල්ලන්ගෙ කේස්වලට ගෙදරට මාට්ටු.. ඒකත් අහක යන චා කේස්වලට..

    ReplyDelete
  7. මාළු කට්ටට මාළු මාර්කට් යන්ඩම නෙළපු එක ගැනනං කොහොමත් පැමිණිලි කරන්න බැහැ..වෙන මොනවා කියලා කරන්ඩද..

    ReplyDelete
  8. DarKneT | ඉෂාර -
    හසී -
    සංජු -

    කලු කුමාරිටනං මොනවත් වුණේ නෑ යාලුවනේ. යස අගේට හිටියා. ළගදි එන්ගේජ් වුණා කියලා ආරංචියි :e:e:e

    ReplyDelete
  9. @ හා පැටික්කි - හික් හික්!! එච්චර දරුණුවට ගැහුවෙ නෑ හාවියෙ :f:f:f

    @ nawammawatha - හික්ස්!!! ඒක තමයි ඌට නෙලුවෙ සහෝ. හැබැයි දවස් දෙක තුනකින් ෂේප් වුණා :f:f:f

    @ Buratheno - මොනවා කරන්නද බං! ලබා උපන් හැටි නොවැ! :s:s:s

    @ Niroshan - ඒක ඇත්ත සහෝ :b:b:b

    ReplyDelete
  10. එතකොට කලු කුමාරිට මොකෝ උනේ

    ReplyDelete
  11. කලු කුමාරි අනිවා මාලුත් එක්ක යාළු වේවි ...අළුත් කතාවත් බලමින් ඉන්නේ ...

    ReplyDelete
  12. යකෝ මූව උල තියන්න එපැයි කරන වැඩ වලට :(

    ReplyDelete
  13. වැඩේ දියාරුම කරගෙන වගේ. :a

    ReplyDelete
  14. හික් හික් හොද වැඩේ....කට්ටිය දියාරු ලෝක බලන්න ගිහන් චොර කොරන් වගේ...හික් හික්...

    ReplyDelete
  15. දියාරු ලොවෙන් වැඩක් නැත.

    අර ඔයාගෙ ගල් පිට් එක රෝහණදීර අයිය ඡන්දෙ ඉල්ලනව කියල කීවෙ ඒක මොකද ?

    ReplyDelete
  16. @ චානු -

    "අර ඔයාගෙ ගල් පිට් එක රෝහණදීර අයිය ඡන්දෙ ඉල්ලනව කියල කීවෙ ඒක මොකද ?"

    වරෙන්කො මූණුපොතේ ඉන්න වෙලාවක කියලා දෙන්න :l:l:l

    ReplyDelete
  17. Gayan Rupasinghe
    හිස් අහස
    කොඩී
    priyantha
    ෴ හසියා ෴
    චානු

    බොහොම ස්තුතියි යාලුවනේ. කලුකුමාරි මාලුකට්ටා එක්ක යාලු වුණේ නෑ. මාලුකට්ටා චාටර්මාලි එක්ක යාලු වුණා. කලුකුමාරි ඒ ලෙවල් ඉවර වෙනකං කාත් එක්කවත් යාලු වුණේ නෑ. දැන්නං එන්ගේජ් වෙලාලු ඉන්නෙ

    :b:b:b:b:b

    ReplyDelete
  18. ඈති යන්තං එකෙක් ගොඩ ගිහින්... ඒත් ​කොයි තරම් කාලෙකටද දන්නේ නෑ...

    ReplyDelete
  19. පට්ට සීන් එක. ඒ කාලේ පිස්සු කොරනේ බන්... ඇඩෙනවා මතක් වෙද්දි.

    ඈ බන් රෝහන අයියගෙ නිව්ස් එක කෝ

    ReplyDelete
  20. අර ලස්සන මාලුන්ගෙ ෆෝටෝ ටික කලුකුමාරි මැද්දට පැනලා අවලස්සන කරනවා.

    eeka thamai pattama kathawa! maath oya diaaru looketa sarayak giya! mata patta kenthie eeka dakkama! ahinsaka maaluwoo bn! nidahasee inna ooni ahinsakayoo! :(

    patta patta!! ela kathawa!

    ReplyDelete
  21. Mn asawen kiywn blog ekak..hri adarei mekata mn

    ReplyDelete
  22. Mn asawen kiywn blog ekak..hri adarei mekata mn

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???