අඹ යාලුවෝ

Wednesday, February 2, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 10 (නොදැමුණු පුරුපුරු)



විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -6
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය -7
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 8
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 9

අපේ කලින් කතා සෙට් එක දැන් ඔයාලා කියවලා ඇතිනෙ නේද?

දැන් ඉතිං අර හොර කපල් තුන බස් එකේ පිටිපස්සේ වාඩිවෙලා ඉන්නවා. පුරුපුරු ඇතුලු පූසො‍ සෙට් එක බස් එක මැද්දෙ හිටගෙන ඉන්නවා. දැන් අපේ පුරුපුරුට ඇඩෙන්න වගේ. මෑන්ස් බස්එකේ බාර් එකක් අල්ලගෙන දත් මිටි කාගෙන ඉන්නවා කදුලු එළියට පනින්න නොදී. ඒ මදිවාට පුරුපුරු අප්සෙට් එකේ ඉන්නබව දකින මල්බණ්ඩා මෑන්ස්ට තවත් අප්සෙට් වෙන විදිහට වැඩ කරනවා. පොර විදූශාව තුරුල් කර ගන්නවා. ඉන වටේ අත දානවා. කොටින්ම බස් එකේ මිනිස්සු හිටියෙ නැත්තං මල්බණ්ඩා එතන කරන්න පුලුවන් උපරිම එකත් කරයි.

ඉතිං මේවා දකින අනිත් පූසන්ටත් අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. උපාසක පුරුපුරුට එහාපැත්තෙ ඉඳගෙන තරහින් වේවලනවා.

‍උපාසක :- පුරුවො, බලන් ඉන්නෙ මොනවද යකෝ? ගිහින් නෙලපන් අරූට

පුරුපුරු :- එතන ලොකු කොල්ලො තුන්දෙනෙක් ඉන්නවා බං! මම තනියෙන් හිටියනං මරාගෙන මැරෙනවා මුන්ව. ඒ වුණාට මම හින්දා උඹලාට ගුටිකන්න දෙන්න බෑ.

‍උපාසක :- ගුටිකන එකනං අවුලක් නෑ බං! අනික අපේ හතර දෙනෙක් ඉන්නවා. උන්ගෙ තුන්දෙනයි.

පුරුපුරු :- හතර දෙනෙක්? අපි තුන්දෙනයි. මාලුකට්ටා කියන්නෙ ඍණ එකයි. එතකොට දෙන්නයි ඉන්නෙ අපිට.

‍උපාසක :- ඒකත් ඇත්ත. ඌව පරිස්සම් කරන්නත් එපැයි.

කොහොමහරි බස් එක පැයයි විනාඩි පහළොවකට පස්සෙ පූස්ගමට ළගා වුණා. පුරුපුරු බො‍හොම අමාරුවෙන් බස් එක මැද්දෙ අඩන්නැතුව හිටියා. බස් එකෙන් බැස්ස ගමන් ‍විදූශායි, යාලුවො දෙන්නයි කළේ පුරුපුරුලා දිහා බලන්නෙවත් නැතුව දුවලා ගිහින් ඒ කට්ටිය ගෙදර යන ඊළග බස්එකට නැග්ග එක. පුරුපුරුට දුවලා ගිහින් ඒ බස් එකට නගින්න හිතුනත්, පහුවදාට විදූශාව අල්ලගන්නවා කියලා හිතලා මෑන්ස් ඒ අයිඩියා එක ක්‍රියාත්මක කළේ නෑ.

ඊටපස්සෙ කොල්ලො තුන්දෙනා බැහැලා, පූසො සෙට් එක දිහා නෝන්ඩි බැල්මක් දාලා ටවුන් එකේ කඩේකට යන්න ගියා. දැන් තමයි ඇත්තටම පුරුපුරු පියවි සිහියට ආවෙ. පොරට ඇත්තටම හිටගෙන ඉන්නවත් පණ නෑ. පුරුපුරු කළේ බස්ටෑන්ඩ් එක එහාපැත්තෙ තිබුනු බෝක්කුවක් උඩ වාඩිවෙච්ච එක.

ඤාව්වා :- මචං!දැන් වෙච්ච දේ වුණා. උඹ දැන් දුක්වෙලා වැඩක් නෑ. අපි හෙටම මුන් සෙට් එකට ගහමු. දැන් වරෙන් රෝහණදීරව හම්බෙන්න යන්න.

පුරුපුරු :- නෑ මචං, මේක විදූශාගෙ වැරද්ද. ඒකි මට ඇත්තටම ආදරෙයිනං කවදාවත් මල්බණ්ඩා එක්ක යාලුවෙන්නෙ නෑ. ඒ හින්දා ඌට ගහලා හරියන්නෙ නෑ. මම හෙට ඕකිව අල්ලගන්නංකෝ. හැබැයි මල්බණ්ඩා මට මොනවත් කියන්න ආවොත් ඌගෙ සෙට් එකටම ගහන්න ඕනෙ.

ඊටපස්සෙ යාලුවො කට්ටිය පුරුපුරුවත් එක්කගෙන මෑන්ස්ගෙ ගෙදරට ගියා. මොකද ඒ වෙද්දි පුරුපුරු හිටියෙ තනියම ගෙදර යන්නත් බැරි ගානට මානසිකව වැටිලා.

ගෙදර යන ගමනෙදි මගදි හම්බවෙච්ච කීප දෙනෙක්ම ඕ ලෙවල් ප්‍රතිඵල ගැන පුරුපුරුට සුභපැතුවා. මෑන්ස් ඒ කට්ටියට වචනෙන් දෙකෙන් උත්තරදීලා ශේප් වෙලා ආවා. ගෙදර ගිහින් කාමරේට වැදුනාට පස්සෙ තමයි පුරුපුරුගෙ හිතේ හිරවෙලා තිබුන වේදනාව එළියට පැන්නෙ. පුරුපුරු ඇඳට වෙලා කොට්ටෙ මූණ ඔබාගෙන පැය ගානක් ඇඬුවා. අපේ පූසාට හිතාගන්න බෑ ඇයි විදූශා තමන්ට මෙහෙම දෙයක් කළේ කියලා. දුකත් එක්කම පුරුපුරුට ගොඩාක් කේන්තියි.

පළවෙනි හේතුව තමයි විදූශාට තමන්ගෙන් වෙන් වෙන්න ඕනෙනම් කෙලින්ම එහෙම නොකර ඩබල් ගේම් කරපු එක. දෙවෙනි හේතුව තමයි තමන්ව මල්බණ්ඩා වගේ කුපාඩියෙක් එක්ක සමාන තත්ත්වයට දාපු එක.

ඉතිං පස්සෙ දැනගත්තු විදිහට සිද්දිය වෙලා තියෙන්නෙ මෙහෙමයි.

ඔය තිලංකා තමයි මුලින්ම මල්බණ්ඩාගෙ යාලුවෙක් වෙච්ච මින්දද එක්ක යාලුවෙලා තියෙන්නෙ. ඒ මාර්ගයෙන් තමයි මල්බණ්ඩායි, අනිත් කොල්ලයි විදූශා සහ රොෂානි එක්ක යාලුවෙලා තියෙන්නෙ. මල්බණ්ඩාගෙ යාලුවොත් කෙල්ලොත් එක්ක යාලුවෙන්නෙ අර කලින් කතාවෙ කියපු වැඩේටම තමයි. ඉතිං ගෑනුන්ව අල්ලගන්න එක මේ වගේ එක්ස්පීරියන්ස්ඩ් ප්ලේයර්ස්ලාට එච්චර දෙයක් නෙවෙයි. කොහොමහරි ඉතිං මේ අයට අහුවුණ විදූශා ඇතුලු තුන් යෙහෙළියො හිතලා තියෙනවා කවදාහරි මේ අය තමන්ව අතඅරියි කියලා. ඒක තමයි මේ කට්ටිය ඩබල් ගේම් කරලා තියෙන්නෙ. එතකොට කවදාහරි මල්බණ්ඩලා තමන්ව අතඇරිය දවසට තමන් තනිවෙන්නෙ නෑ නොවැ!

අර ගෙදරට සම්බන්දෙ ආරංචි වෙච්ච කතාවත් විදූශා පුරුපුරුට කියපු බොරුවක්. එතකොට විදූශාට පුලුවන්නෙ එක සතියක් පුරුපුරු එක්ක ගෙදර ගිහින් ඊළග සතිය මල්බණ්ඩා එක්ක ඉන්න. ඉතිං ඔය බොරුවට පුරුපුරුත් හොදටම ඇන්දුනා.

දැන් ඉතිං අපේ පූසාට හොදටම දුකයි, තරහයි, වේදනායි වෙච්ච වැඩේට. පුරුපුරු ඒ වෙලාවෙම තීරණයක් ගත්තා මීටපස්සෙ තමන්ගෙ ජීවිතේ එක තත්පරයක්වත් විදූශා හින්දා නාස්ති කරගන්නෙ නෑ කියලා. තමන් විදූශා ගැන කල්පනා කර කර හිටියොත් තමන්ගෙ ජීවිතේ වටිනාම කාලෙ නිකං අපතේ යනවයි කියලා පුරුපුරු තේරුම් ගත්තා. ඒ වගේම සම්ප්‍රදායික පරාජිත පෙම්වතෙක් වගේ තමන්ගෙ ජීවිතේ බෝතලේට, සිගරට් වලට, මල්වලට යට කරන්නත් පුරුපුරුට ඕනෙ වුණේ නෑ.

ඇ‍ඳෙන් නැගිට්ට පුරුපුරු කෙලින්ම ගියෙ පාඩම් කරන මේසෙ ළගට. ඒ වෙද්දි මෑන්ස් ළග ඕ ලෙවල් රිසාල්ට්ස් වෙනුවෙන් නෑදෑ කෙනෙකුගෙන් හම්බවුණු, ඩොක්ටර් රෝසාගෙ බහුවරණ විවරණය පොත තිබුනා. පුරුපුරු කළේ අඬ අඬාම ඒ පොතේ පුලුවන් ගණන් ටික මුල ඉඳන් අගටම හදපු එක. ගණන් හදද්දි ඇස්වල කඳලු පොතට වැටිලා පොතේ කොළත් තෙමුණා. හැබැයි පුරුපුරු වැඩේ අතඇරියේ නෑ. ඒ වෙද්දි දැනගෙන හිටියේ යාන්ත්‍ර විද්‍යාව විතරයි නිසා පැයක් විතර යද්දි ගණන් ටික හදලා හිත ටිකක් සන්සුන් කරගන්න අපේ පූසාට පුලුවන් වුණා.

ඒත් පොත පැත්තකින් තිබ්බ ගමන්ම ආපහු එදා දවසේ වෙච්ච සිද්දිය තමයි ඔලුවට එන්නේ. ඉතිං ආපහු අපේ පූසාට ඇඩෙනවා. එදා කොටින්ම පුරුපුරුට පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ. ඉතිං පහුවදාම විදූශාව හම්බවෙලා තමන්ට මෙහෙම කරන්න හේතුව දැනගන්න පුරුපුරු තීරණය කළාලු.

පහුවදා උදේ රොබට් සර්ගෙ පන්තියට යන්න පුරුපුරු බස්ටෑන්ඩ් එකට ආවෙ පිස්සෙක් වගේ. ඇදුනුත් කිසිම පිළිවෙලකට නැතුව, ඒ මදිවාට කොන්ඩෙත් අවුල් කරගෙන තමයි මෑන්ස් ආවේ. ටික වෙලාවකින් අනිත් පූසොත් බස්ටෑන්ඩ් එකට ආවා. දැන් පුරුපුරුට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ වෙච්ච වැඩේ ඉස්සාට දැනුම්දෙන එක. පුරුපුරුගෙ සම්බන්දෙනං තිබුනෙ මාස ගානයි කියමුකො. ඒත් ඉස්සාගෙ සම්බන්දෙ අවුරුදු ගානක දිග එකක්. ඉතිං පුරුපුරු ඒ වැඩේ ඤාව්වාටයි, මාලුකට්ටාටයි බාරදීලා විදූශා එනකං බස්ටෑන්ඩ් එකේ රැකගෙන හිටියා.

ටික වෙලාවකින් විදූශා ඇතුලු තුන් යෙහෙළියොත් වටපිට බල බලා බස්ටෑන්ඩ් එකට ආවා. පුරුපුරු හිටියේ ළගට එනකංම මේ කට්ටියට තමන්ව පේන්නෙ නැති විදිහට. ගෑනු ළමයි තුන්දෙනා තමන් කිට්ටුවට එද්දිම පුරුපුරු කට්ටියට පේන්න ඉස්සරහට ආවා. මෑන්ස්ව දැක්ක තුන් යෙහෙළියෝ හිටපු තැනම ගල්ගැහුණා.

පුරුපුරු :- මට තමුසෙලා දෙන්නත් එක්ක කතාවක් නෑ. ඒක ඉස්සා කරගනියි. විදූශා මට කතා කරන්න ඕනෙ ඔයත් එක්ක.

( විදූශා සහ පුරුපුරු පැත්තකට යයි)

විදූශා :- අනේ පුරුපුරු, මට සමාවෙන්න. මම හිතලා කරපු දෙයක් නෙවෙයි.

පුරුපුරු :- ඔක්කොම කරලා දැන් සමාවෙන්නත් කියනවද?

විදූශා :- අනේ මට සමාවෙන්න. මට මොනවා වුණාද කියලා මම දන්නෙ නෑ. මම දන්නවා මම කළේ මහ නරක වැඩක්. මට ඒ දේට කවදාහරි දඬුවම් ලැබෙයි.

දැන් විදූශා බස්ටෑන්ඩ් එක මැද්දෙ පුරුපුරුට බණ දේසනා කරනවා.

පුරුපුරු :- මට ඕවායින් වැඩක් නෑ. මට මෙහෙම කරන්න මම ඔයාට කරපු වැරැද්ද විතරක් මට කියන්න.

විදූශා :- අනේ ඔයා මට කවදාවත් කිසිම වැරැද්දක් කරලා නෑ. ඒකම තමයි මට මේක දරාගන්න අමාරු.
මට බණ්ඩාරතිලකගෙන් වැඩක් නෑ. ඔයාට පුලුවන්ද මට සමාව දෙන්න.

පුරුපුරු :- ඔයාට බණ්ඩාරතිලකගෙන් වැඩක් නැතිවෙන්න ඇති. ඒත් මට දැන් ඔයාගෙනුත් වැඩක් නෑ.

විදූශා :- ඔව්! මට තේරුම්ගන්න පුලුවන්. මම මෙහෙම දෙයක් කළාට පස්සෙත් ඔයා කොහොමද මට සමාව දෙන්නෙ? ඒත් අපි දෙන්නට ඉස්සර වගේ යාලුවො විදිහට ඉන්න පුලුවන් නේද?

පුරුපුරු :- යාලුවො? මේ විදූශා... මම අද ඔයාට මෙහෙම කතා කරන එක ගැන ඔයා සතුටු වෙන්න. මට ඔයත් එක්ක යාලුවො විදිහට ඉන්න ඕනෙත් නෑ, ඔයාව මීටපස්සෙ ඔයාගෙ මූණවත් දකින්න ඕනෙ නෑ.

විදූශා :- අනේ පුරුපුරු, දැන් ඔයා මෙතනින් යන්න. අන්න බණ්ඩාරතිලකත් මේ පැත්තට එනවා. ඔයා මාත් එක්ක කතා කරනවා දැක්කොත් එයා ඔයාට ගහයි.

බැලින්නං මල්බණ්ඩා පුරුපුරුයි, විදූශායි කතා කර කර හිටපු පැත්තට එනවා. මේ වෙලාවෙ ඇත්තටම පුරුපුරු හිටියෙ මල්බණ්ඩාව මරාගෙන කන්න තරම් කේන්තියෙන්. පුරුපුරුටත් ඕනෙවුණේ මල්බණ්ඩා එක්ක පැටලිලා මෑන්ස්ට ගහන්න හේතුවක් හදාගන්න.

පුරුපුරු :- ඉතිං ආවාවෙ. ඔයා හිතුවෙ මම ඌට බයයි කියලාද?

විදූශා :- අනේ පුරුපුරු, එයා මහ නාහෙට අහන්නෙ නැති මැරයෙක්. එයත් එක්ක පැටලෙන්න යන්නනං එපා.

පුරුපුරු :- තමුසෙට ඌත් එක්ක යාලුවෙන්න හොදයි, මම ඌත් එක්ක වලියක් දාගත්තොත් තමයි වැරදි?

මේ වෙද්දි මල්බණ්ඩා මේ දෙන්නා කතා කර කර හිටපු තැනට ගොඩක් ළංවෙලා. මෑන්ස් ලංවෙනවා දැක්ක විදූශා, යාලුවො දෙන්නත් එක්ක ගම්පහ බස් එකට නැග්ගලු.

27 comments:

  1. කෙල්ලන්ගෙ වැරැදිවලට කොල්ලන්ට ගහල වැඩක් නෑ බං.. තනි අතකින් අත්පුඩි ගහන්න බෑනෙ..

    ReplyDelete
  2. අන්න එල බොක්කක් තියෙන කොල්ලෙක්.!! පුරු පුරු ව අදහන්ඩ වටිනව. ඔහොම තමයි ඉන්ඩ ඕනෙ ඔය කෙල්ලොත් එක්ක. මේකේ තව කොටසක් තියෙනවද මලේ?

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය වගේ දෙයක් වුනහම හිත හදාගන්න හැමෝටම ලේසි නැහැ. :D

    දැන් බලමුකෝ ඊලඟ කොටසෙ මොනාද වෙන්න කියලා

    ReplyDelete
  5. මේ දවස් වල පුසන්ගේ බ්ලොග් එකෙන් කොල්ලන්ට ඉගෙන ගන්න දේවල් මහා ගොඩක් තිබුනා,ඇත්තටම පුරුපුරු ඊලගට ගත්තු පියවර බලමු...

    ReplyDelete
  6. ඉස්සො කකුලුවො ඔක්කොම වට කරගන අර මල්පො***ට නෙලුව කියල කියහං. නැත්තං පූසො මම උඹට නෙලනව

    ReplyDelete
  7. මෙහෙමත් කෙල්ලෝ :h

    ReplyDelete
  8. ඔය වගේ කෙල්ලොත් උන් එක්ක සෙට් වෙන කොල්ලොත් වෙනුවෙන් තමන්ගේ වටිනා කාලේ වැය නොකරන්න පුරු පුරු ගත්ත තීරණය නම් නියම කොල්ලෙක් ගන්න හොඳම තීරණනයි..
    සුභ දවසක්...!!!

    ReplyDelete
  9. ඊළග කොටසින් කුමක් සිදුවෙයිද? :j

    ReplyDelete
  10. no comments මචං.

    ReplyDelete
  11. "අනේ මට සමාවෙන්න. මට මොනවා වුණාද කියලා මම දන්නෙ නෑ.."
    අනේ පව් පොඩි බබා.. උඹට තිබුනෙ මෙයාව මොන්ටිසෝරියකට දාන්න..

    "ඔයාට බණ්ඩාරතිලකගෙන් වැඩක් නැතිවෙන්න ඇති. ඒත් මට දැන් ඔයාගෙනුත් වැඩක් නෑ.."
    පට්ට කියමන..

    දැන් ඉන්න කෙල්ලන්ට අහිංසක කොල්ලන්ගෙන් වැඩක් නෑ.. ලස්සන කෙල්ලො ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ කුඩු කාරයො වගේ මෙලෝ රහක් නැති කොල්ලො එක්ක.. කොළඹ වටේ රවුමක් දැම්ම නම් ඒක හොඳට තේරෙනව.. දැන් ඒක අලුත්ම මෝස්තරයක් වෙලා.. ලෝකෙ තියන අමාරුම වැඩේ පිරිසිඳු හිතක් තියන කෙල්ලෙක් හොයාගන්න එකද කියලත් හිතෙනව..

    ReplyDelete
  12. කෙල්ලෙක් ඔය වගේ වැඩක් කරාම අඩ අඩ ඉන්න එවුන්ට උඹ හොඳ ආදර්ෂයක් සහෝ.

    ReplyDelete
  13. ඉක්කන්ට අනිත් කොටසත් ලියහල්ලාකෝ......මට මතු සම්බන්දයි සීන් එක අල්ලන්නේ නා...මොනා වුනත් පට්ට ස්ටෝරි එක..සත්‍ය ප්‍රේම බෘංගයිනට නම් බොම වැදගත්....

    ReplyDelete
  14. දැන් ඉන්න කෙල්ලන්ට අහිංසක කොල්ලන්ගෙන් වැඩක් නෑ.. ලස්සන කෙල්ලො ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ කුඩු කාරයො වගේ මෙලෝ රහක් නැති කොල්ලො එක්ක.. කොළඹ වටේ රවුමක් දැම්ම නම් ඒක හොඳට තේරෙනව.. දැන් ඒක අලුත්ම මෝස්තරයක් වෙලා.. ලෝකෙ තියන අමාරුම වැඩේ පිරිසිඳු හිතක් තියන කෙල්ලෙක් හොයාගන්න එකද කියලත් හිතෙනව

    sirama kathawa machan.
    pattayi puru puru gaththa theeranaya

    ReplyDelete
  15. Hmmmm. Shocking story. Please publish rest of the story soon. Good luck dude

    ReplyDelete
  16. "නෑ මචං, මේක විදූශාගෙ වැරද්ද. ඒකි මට ඇත්තටම ආදරෙයිනං කවදාවත් මල්බණ්ඩා එක්ක යාලුවෙන්නෙ නෑ. ඒ හින්දා ඌට ගහලා හරියන්නෙ නෑ. මම හෙට ඕකිව අල්ලගන්නංකෝ. හැබැයි මල්බණ්ඩා මට මොනවත් කියන්න ආවොත් ඌගෙ සෙට් එකටම ගහන්න ඕනෙ"

    අන්න ඒක නම් සහතික ඇත්ත, වැරද්ද තියෙන්නේ කෙල්ලගේ නේ, ඒකට නිකන්ම කොල්ලට නෙලලා වැඩක් නෑ මමත් ඔය වගේ කෙල්ලෙක් ව අල්ලගන්න ඉන්නේ කරුමේට දැන් ගෙදරින් එලියටවත් යන්නේ නෑලු :j

    "තමන්ගෙ ජීවිතේ එක තත්පරයක්වත් විදූශා හින්දා නාස්ති කරගන්නෙ නෑ කියලා. තමන් විදූශා ගැන කල්පනා කර කර හිටියොත් තමන්ගෙ ජීවිතේ වටිනාම කාලෙ නිකං අපතේ යනවයි කියලා පුරුපුරු තේරුම් ගත්තා. ඒ වගේම සම්ප්‍රදායික පරාජිත පෙම්වතෙක් වගේ තමන්ගෙ ජීවිතේ බෝතලේට, සිගරට් වලට, මල්වලට යට කරන්නත් පුරුපුරුට ඕනෙ වුණේ නෑ"

    ගොඩක් එව්න් වරද්ද ගන්නේ ඔන්න ඔය වගේ බීලා තමයි , යකෝ බිව්වයි කියල කෙල්ලට රිදෙනවද ? , බොන එකාට නම් ඒවෙලාවට විටහ්‍රක් අමතක වෙයි :c

    "ඔයාට බණ්ඩාරතිලකගෙන් වැඩක් නැතිවෙන්න ඇති. ඒත් මට දැන් ඔයාගෙනුත් වැඩක් නෑ.."

    ඇත්තනේ කතාව :n


    මොනවා උනත් පුරුපුරු නම් සිරා ඩයල් එකක් :e

    දහයක් කිව්වට ඊට වඩා වැඩියෙන් තියෙනවා වගේ එල එල :b

    ReplyDelete
  17. අයියෝ, මට බැරිවුනානෙ පුරුපුරු වගේ ඉන්න. ඵල කතාව. ඔහොම යං ඔහොම යං.......................

    ReplyDelete
  18. patta patta.... niyama wade saho.... koi taram hithata amaru unath karanna tiyana hndama wade tamai puru puru kale...

    ReplyDelete
  19. ඇඬෙනවනෙ බං.මම එහෙමනම් අර මල්බණ්ඩයි කෙල්ලයි බස් එකේ එකට යන වෙලේදි දැක්ක එහෙමනම් සිහි නැතුව වැටෙනවා.කොහොමද බං උඹ ඒක ඉවසගෙන හිටියෙ. පට්ටම කතාව බං......

    ReplyDelete
  20. නියමයි ...අන්න නියම කොල්ලෙක් අන්න එහෙම තමයි ඉන්න ඕන ..ඔය වගේ වෙලාවට අපිට පොඩ්ඩක්වත් රිදුනේ නෑ වගේ ඉන්න ඕන එතකොට තමයි කෙල්ලොන්ට පහර වදින්නේ ...

    තව ඉවර නෑ නේ ?

    ReplyDelete
  21. @DarKneT | ඉෂාර,
    Danuska, හිස් අහස - ස්තූතියි යාලුවනේ!!

    @dinesh - මොනව කරන්නද බං ඉවසගෙන ඉන්නම වෙනවනෙ.

    @AmilaArt- ඔව් මචෝ අපිටත් ඔහොම හිතිල තියෙනව..

    @Mr.Lonely- තෑන්කූ සහෝ!!

    ReplyDelete
  22. නිශ් - ස්තූතියි සහෝ!!

    ගිහාන් - ඒකනම් ඇත්ත බං..

    priyantha.ඒබී- තෑන්ක්ස් මචං

    මුහුදු කොල්ලකාරයා- තව කොටස් දෙකක් තියෙ සහෝ, දැන් දාල තියෙන්නෙ..

    ReplyDelete
  23. @Buratheno- ඒක ඇත්ත ඕන කොල්ලෙකුට අයිතියක් තියෙනව කැමති කෙල්ලෙකුට ට්‍රයි කරන්න, කෙල්ල දැන ගන්න ඕනෙ තමන්ට කොල්ලෙක් ඉන්නවනම් ඒවට අහු නොවී ඉන්න. මේක කොල්ලන්ටත් අදාලයි!!

    ReplyDelete
  24. ‍කෙල්ලෝ තමන්ගේ තත්වේ තියන් ඉන්නවනම් කවදාවත් මේ වගේ දේවල් වෙන්නේ නෑ‍‍....මොකද එහෙමනම් මේ ලෝකේ ඉන්න හැම කෙල්ලම ඔය විදිහට රැවටෙන්න එපායෑ‍....

    ReplyDelete
  25. purupuru ela! pora kellek nisa boothaleeta waha watune na kiyapu kiyamana mata danuna! aththatama ela! uu ela puusek!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???