අඹ යාලුවෝ

Saturday, September 25, 2010

හොස්ටල් ලයිෆ් - නිරුවත් මානවයා


ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ ආපහු ලිපියක් ලියන්න ගත්තා.පහුගිය කාලෙ අපේ බ්ලොග්අවකාශෙ ගන කතා, බොග කතා වගේ එක එක කතා වලින් පිරිල ඉතිරිලා ගියානෙ.හැබැයි දැන්නම් ඒ කතා රැල්ල නැති වෙලා ගිහින් වගේ.ඉතිං අපිට හිතුනා අපේ බ්ලොග් පාඨකයන්ට ආපහු ගන කතා සහ බොග කතා වල මතකය අලුත් කරන්න.මේ පාර අපි තෝරගත්තෙ ටූ ඉන් වන් ස්ටෝරියක්.ඒ කියන්නෙ මේ කතාව ගන සහ බොග කියන කතා වර්ග දෙකම යටතෙ කියවන්න පුලුවන්.

අපිට පරණ හොස්ටල් කතා ගොඩක හම්බවෙච්ච චරිතයක් තමයි "සකයා" කියන්නෙ.ඒත් අපි කවදාවත් මෑන්ස් ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නෙ නෑ නොවැ!ඉතිං සකයා කියන්නෙ ටිකක් අබ්ලික් ඩයල් එකක්.පොර හැමතිස්සෙම බලන්නෙ කාටහරි ගේමක් දීලා ෆන් එකක් ගන්නලු.ඉතිං සකයා කරන හැම වැඩෙන්ම වෙන්නෙ කාටහරි හානියක් වෙන එකලු.ඒත් ඒ ගැන සකයාට කිසිම ගැටලුවක් තිබුනෙ නෑ.

සකයාගෙ වැඩ ගැන කියන්න ගියොතින් වෙනම සීරීස් එකක් ලියන්න පුලුවන්.ඒත් අපි දැනට එක වැඩක් ගැන විතරක් කියන්නංකෝ.අපේ යාලුවන්ට මතකයිනෙ හොස්ටල් එකේ බොග? 11 වසරෙ ඩෝම් එකේ ඉදලා බොගට තිබුනෙ ටික දුරයි.ඉතිං සකයා කරන්නෙ කවුරු හරි බොගට යනකොට හොරෙන් පස්සෙන් යන එකලු.ගිය මනුස්පයා බොගේ දොර වහගත්තට පස්සෙ සකයා කරන්නෙ බාල්දියකට ලොකු වතුර එකක් පුරවන එක.දැන් අපේ යාලුවන්ට හිතාගන්න පුලුවන්නෙ ඊළගට වෙන්නෙ මොකද්ද කියලා?

ඊළගට වෙන්නෙ සකයා උඩින් එවන වතුර පාරෙන්, නිදහසේ ශරීර කෘත්‍යය කර කර ඉන්න මෑන්ස්ව නෑවිලා යන එක.ඉතිං ඇතුලෙ ඉන්න එකාට මලක් නෙවෙයි, මල් වත්තක්ම ජම්ප් වෙනවලු.හැබැයි සකයා ඔය වැඩේට තෝරගත්තෙ ඩෝම් එකේ හිටපු ඇගෙන් පොඩි ළමයින්ව විතරයි.මොකද අනිත් ළමයින්ට ඔය වැඩේ කළොත් අම්බානක කෑමේ අවදානමක් තියනවා නොවැ!ඉතිං හැමදාම ඔය ජල ප්‍රහාරෙට ගොදුරු වෙන්නෙ මාලුකට්ටා, තාරාවා, මුදලාලි වගේ කට්ටිය.ඉතිං ටික දවසක් යද්දි මේ කට්ටියට සකයගෙ ජල ප්‍රහාර මහා හිසරදයක් වුණාලු.

ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ සකයටත් ඔය වගේම ගේමක් දෙන්න ඕනෙයි කියලා.

ඩෝම් එකට ඒ දවස්වල පත්තර අරගෙන ආවෙ සකයා.දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඔනෙ නෑනෙ මොන පත්තරද කියලා නේද? ඒ තමයි ගන පත්තර.අපේ යාලුවා කරන්නෙ ගෙදර ගිහිං ආපහු හොස්ටල් එන දවසට පිටකොටුවෙ පේමන්ට් එකෙන් ඔය පත්තර අරගෙන එන එක.සාමාන්‍යයෙන් එකපාරට පත්තර තුන හතරක් අරගෙන එන එක සකයාගෙ සිරිත.ඉතිං අනිත් ළමයිනුත් තමන්ගෙ පත්තර අවශ්‍යතා සපුරාගත්තෙ සකයා ගෙනාපු පත්තර වලින්ලු.

ඒ දවස්වල ඩෝම් එක පත්තර වලින් පිරිලා.ගන පත්තරද, වර්ග පත්තරද, බොහොම සැර අඩු මට්ටමේ පත්තරද, ඕන එකක් තමන්ගෙ චොයිස් එකේ හැටියට තෝරගන්න නිදහස තිබුනා.ඉතිං රෑ ජාමෙ සකයා කරන්නෙ ඔය පත්තරේකුත් අරගෙන බොගට රිංගන එක.දැන් ඉතිං මොකටද කියලානං අහන්න එපා.දන්නෙම නැති කෙනෙක් ඉන්නවානං පිස්සගේ මේ ලිපිය කියවන්නකෝ.

දැන් සකයට ගේමක් දෙන්න ප්ලෑන් කර කර හිටපු යාලුවො කට්ටියට ඒක ක්‍රියාත්මක කරන්න කියාපු වෙලාවක් වුණේ මේ වෙලාව.ඉතිං කට්ටිය තීරණය කළාලු පහුවදා රෑටම මෑන්ස්ට ගේම දෙන්න ඕනෙයි කියලා.

**************************************************************************************************
කොහොම හරි ඉතිං පහුවදා රෑ කාලෙත් උදා වුණාලු.හොස්ටල් එකේ ළමයි ඩිනර් එකත් අරගෙන, ලේට් ස්ටඩීස් එහෙමත් කරලා ඉවරත් වුණාලු.දැන් කට්ටිය නිදි වගේ බොරුවට ඉන්නෙ සකයා බොගට යනකං.මෙන්න ටික වෙලාවකට පස්සෙ කලුවරේ හෙවනැල්ලක් වගේ පේනවලු මිනිස් රූපයක් ඩෝම් එකෙන් එළියට යන හැටි.ඇගේ හැඩයෙන් ඒ සකයාමයි කියලා අදුනගන්න එච්චර අමාරු වුණේ නෑ.ඉතිං මෑන්ස් ගිහිං විනාඩියකට විතර පස්සෙ බොරුවට නිදාගෙන හිටපු අපේ යාලුවො කට්ටිය නැගිටලා හොරෙන් හොරෙන් බොග පැත්තට ගියාලු.

මේ මිෂන් එකට රාත්‍රී ප්‍රහාරක බලකායෙන් සහභාගි වුණේ මාලුකට්ටයි, මුදලාලියි විතරයි.ඒ වුණත් මොකද වෙන්නෙ කියලා බලන්න පුරු පුරු ඇතුලු අනිත් ළමයිනුත් නැගිටලා උන්නලු.දැන් තියෙන්නෙ මිෂන් එක ක්‍රියාත්මක කරන එක.

ඉතිං අපේ යාලුවො ටික කළේ සකයා බොග ඇතුලෙ ඉන්නකොට හොරෙන් ගිහින් බොගේ දොර එළියෙන් ලොක් කරපු එක.එහෙම කරලා තිබුනෙ අර ඉබ්බා දාන්න ඕනෙ තැනට කෝටුවක් හිරකරලා.ඊට පස්සෙ කට්ටිය කරලා තිබුනෙ බාල්දි දහයකට විතර වතුර පුරවලා සකයාට මහාපරිමාණ ජල ප්‍රහාරයක් එල්ල කරන එක.

ජබෝස්..................

මෙහෙම විනාඩි පහක් විතර කට්ටිය මෑන්ස්ව නෑව්වලු.සකයා ඇතුලෙ ඉදගෙන කෑ ගහනවලු, සුද්ද සිංහල වචන වලින් රාත්‍රී වායුගෝලය දූෂණය කරනවලු, දොර කඩන්න හදනවලු.ඉතිං මෙහෙම බාල්දි සීයක් විතර නෑව්වට පස්සෙ අපේ යාලුවො ටිකට වැඩේ ඇතිවෙලා ආපහු ඩෝම් එකට ආවලු.දැන් කට්ටිය බලාගෙන ඉන්නවා සකයා එනකං.හැබැයි පැය බාගයක් විතර ගියාට පස්සෙ තමයි කට්ටියට මීටර් වුණේ, බොගේ දොර ලොක් කරන්න ගහපු කෝටුව ගැලෙව්වෙ නෑ නේද කියලා.දැන් ඉතිං මළ කෙළියයි.........

අපේ යාලුවො වහාම ගිහිං සකයා හිටපු බොගේ දොරේ ලොක් එක ගැලෙව්වලු.මේ වෙද්දි මෑන්ස් හිටියේ තෙමිලා ගැහි ගැහී.හැබැයි ගැහි ගැහීනං හිටියේ තෙමිලා ඇතිවුණ සීතලටත් වඩා ජම්ප් වෙච්ච ෆ්ලවර් එකේ සැරට.ඒ මදිවට පත්තරේ ආපහු වැඩක් ගන්න බැරි තරමට හොදටම දියබත් වෙලා.සකයට එදා ජම්ප් වෙච්ච ෆ්ලවර් එක තමයි හොස්ටල් එකේ ඉතිහාසෙ ජම්ප් වෙච්ච හොදම එක.

කට්ටිය දොර ඇරලා බලද්දි සකයා ඉන්නවලු හරකෙක් වගේ පිඹ පිඹ, ඇස් දෙක රතු කරගෙන.ඒ මදිවට මෑන්ස් ඇදගෙන හිටියෙ ටී ෂර්ට් එකක් විතරයිලු.වහාම එළියට පැන්න සකයා කට්ටියවත් තල්ලු කරගෙන එළියට ආවලු.ඊට පස්සෙ මෑන්ස් කළේ ටී ෂර්ට් එක විතරක් ඇදගෙන පිස්සුවෙන් වගේ හයියෙන් ඩෝම් එක පැත්තට ගිය එක.අපේ යාලුවො ටික හිතුවෙ දැන් සකයා ඩෝම් එකට ගිහිං නිදාගනියි කියලා.ඒත් සිද්දවුණේ කවුරුත් නොහිතපු දෙයක්.

ඩෝම් එකට යන පාරදිගේ මගදුරක් ගිය සකයා කළේ එක පාරටම වම් පැත්තට හැරුන එක.ඒක දැකපු අපේ යාලුවන්ට තරු පේන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.මොකද සකයා හැරුන වම් පැත්තෙ තිබුනෙ කොටියා සර්ගෙ නිල නිවාසෙ.මෙන්න එක පාරට සකයා කෑ ගහන්න ගත්තෙ නැතැයි...

කොටියා සර්..........කොටියා සර්..............

අපේ යාලුවො ටික වහාම දුවගෙන ගියෙ සකයව ඇදගෙන ඩෝම් එක ඇතුලට යන්න.මොකද තරහෙන් අන්ධ වෙලා හිටපු සකයට තමන් කරන්නෙ මොකද්ද කියන එක ගැනවත් තේරුමක් නෑ.දැන් කොටියා සර් නැගිට්ටොත් කට්ටියම ඉවරයි.පළවෙනි කා‍රනේ, මේ වෙලාවෙ නැගිටලා ඉන්න එක ලොකු වැරැද්දක්.ඊළගට සකයට වතුර ගහපු එකත් වැරැද්දක්.ඒ ඔක්කොටම වඩා සකයා හොස්ටල් එක ඇතුලෙ ගන පත්තර තියාගෙන ඉන්න එක ලොකුම වැරැද්දක්.ඉතිං කරන්න තිබුන එකම විකල්පෙ සකයාව ඇදගෙන ඩෝම් එකට යන එක.

ඒත් මේ වෙලාවෙ ඇඩ්‍රිනලින් ස්‍රාවය වෙලා හිටපු සකයාව මෙල්ල කරන එක කොහොමටවත් ලේසි පාසු වැඩක් වුණේ නෑ.මෑන්ස් කළේ කට්ටියවම තල්ලු කරලා ගිහිං නිල නිවාසෙ බෙල් එක ගහන එක.දැන්නං ඉතිං බඩුම තමයි...

හැබැයි මේ වෙලාව වෙද්දි සකයගෙ ගෝරනාඩුව ඇහිලා ඩෝම් එකේ අනිත් ළමයිනුත් එතනට ඇවිත් තිබුනා.ඉතිං කට්ටියම එකතු වෙලා මෑන්ස්ගෙ අත් දෙකෙනුයි, කකුල් දෙකෙනුයි වෙන වෙනම අල්ලලා උස්සගෙන අමාරුවෙන් ඩෝම් එක ඇතුලට අරන් ගියා.අරන් යනකොටම තමයි කොටියා සර්ගෙ නිල නිවාසෙ ලයිට් පත්තුවුණේ.ඉතිං කට්ටිය ඩෝම් එකට ගිහිං හැංගිලා බලාගෙන හිටියා මොකද වෙන්නෙ කියලා.

ටික වෙලාවකින් නිල නිවාසෙ දොර ඇරුණා.කොටියා සර්ගෙ ආදරණීය බිරිද තමයි දොර ඇරියෙ.ටික වෙලාවක් වට පිට සෝදිසි කරපු මැඩම්, ආපහු දොර වහගත්තා.තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.

කොහොම හරි පහුවදා වෙද්දි සකයා යථා තත්ත්වෙට ආවා.11 වසරෙ ළමයි එකතු වෙලා හොස්ටල් එකේ තොවිලයක් නටන්න තිබුන චාන්ස් එක නැති කරගත්තා.ඒ වගේම 10 වසරෙ ළමයෙක්ට බොග ඇතුලෙ තිබිලා කොට කලිසමකුයි, තෙමිච්ච පත්තරේකුයි හමුබවුණා කියලත් කනින් කොනින් ආරංචි පැතිරෙන්න ගත්තා............

28 comments:

  1. තාමත් හිනා මේ කතාව කියවලා. :e සකයාගේ කතා ටිකක් තව ලිව්වා නම් තමා හොඳ

    ReplyDelete
  2. කොටියා සර්ගෙ ආදරණීය බිරිද සකයා දැක්කනං තමයි නියම වැඩක් බලාගන්න තිබ්බෙ.
    එල කතාව. :e

    ReplyDelete
  3. හික් හික් හික් යකෝ මූ ගැන ලියපන්කො... සිරාම බුවෙක් වගේ. මැවිල පේනවා බොල... හික් හික් හික්.

    ReplyDelete
  4. අපෙත් හිටියා මචං ඔය ටොයිලට් එකට ගිහින් පත්තර බලන එවුන්... මැද පිටු එහෙම උන් බැලුවට පස්සේ ආය බලන්ට බෑ... පිටු දෙක එකට අලවගෙන තමයි ආපහු ඇරන් එන්නේ...

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  6. පට්ට කතාව මචෝ.... ඇත්තට තව පොඩ්ඩෙන් තොවිලයක් ම තමයි :d

    ReplyDelete
  7. පට්ට පට්ට...... එලකිරිස්

    ReplyDelete
  8. තව පොඩ්ඩෙන් කොටියාගේ වයිෆ්ටත් ගනයක් බලන්ඩ වෙනවා...
    එල නේ..

    ReplyDelete
  9. ඇති ඔයින් ගියා. හික්ස්....

    ReplyDelete
  10. //තව ඩිංගෙන් මැඩම්ට දැකගන්න වෙන්නෙ ටී ෂර්ට් එකක් විතරක් ඇදගත්ත තෙමිච්ච මනුස්සයෙක් මහරෑ දොළහත් පහුවෙලා තමන්ගෙ දොරකඩට වෙලා ඉන්න හැටි.//

    පට්ට

    ReplyDelete
  11. කතාව නම් මරැ.ඒක නෙමෙයි වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නෙ කොහොමද?

    ReplyDelete
  12. පට්ට පට්ට...:f

    ReplyDelete
  13. හික් හික් පට්ට බොල.තවම හිනා.කොටියා සර්ගේ වයිපරේට තමා තව ටිකෙන් වැඩේ වෙන්නේ :e :e :e

    ReplyDelete
  14. හික් හික්..
    මරු කතාව..

    ReplyDelete
  15. @Kandulu Binduwa
    @Hasitha
    @sameerausa
    @Praසන්ன
    @පිස්සා
    @prasanna86k
    @පුතා
    @හසී
    @Hansi
    @Jony | ජොනි
    @කොඩී
    @අභීත
    @Jeew
    @priyantha
    @ගයන්ත
    @nish
    @Ashen
    @Anonymous
    @බුවාා මල්ලී
    @මම
    @boralu
    @පුබුදුවා
    @Ansh
    @කැන්ඩි

    බොහොම ස්තුතියි යාලුවනේ.දැන් ටික දවසක ඉදලා කරපු විදිහට මේ ලිපියෙදිත් අපිට බැරිවුණා යාලුවන්ට වෙන වෙනම උත්තර දෙන්න.
    :s:s:s:s:s

    සකයගේ තව කතා ඉස්සරහට අනිවා දානවා.ඒවත් මේ වගේම අප්සට් කතා තමයි ඉතිං
    :f:f:f:f:f

    ReplyDelete
  16. http://lh5.ggpht.com/_RduEq9ylLDc/TBr6jR_RrQI/AAAAAAAAAgM/X0yCxCITZXc/saamgeadaviya.blogspot%20%2827%29.gif

    ReplyDelete
  17. මෙච්චර පිස්සුවක් නටලත් කොටියා එලියට අවෙ නෑත්තෙ කොටියයි ගෑනීයි මොනවහරි කරකර හිටියද දන්නෑ...

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???