අඹ යාලුවෝ

Sunday, July 11, 2010

පූසන්ගේ රැවුල කැපිල්ල


එදා අපි කිව්වනෙ පුරුපුරු අයියලාගෙන් ගුටිකාපු හැටි.ඔන්න යාලුවනේ අද කියන්න යන්නෙ අපේ ඊළග හොස්ටල් කතාව.

කුරුදුවත්තෙ හොස්ටල් එකේ හිටපු ප්‍රධානම සත්තු කොට්ඨාශෙ තමයි පූසො.මොකද කොටිය සර් පූසන්ට ගොඩක් ආදරෙයි.ඉතිං කොටිය සර් තමන්ගෙ නිල නිවාසෙ පූසො ගොඩක් ඇති කළාලු.ඔය පූසො කියන්නෙ ගෙවල් ඇතුලෙ දාගෙන හදන්න පුලුවන් ජාතියෙ සත්තු නෙවෙයිනෙ.ඉතිං කොටිය සර්ගෙ පූසන්ගෙ වැඩෙත් හොස්ටල් එක පුරාම රවුම් ගහන එකලු.පුරුපුරුලනං එයාලට කිව්වෙ කොටි පූසො කියල.

පුරුපුරුලගෙ බැච් එකේ හිටපු අයගෙන් විශේෂ ඩයල් එකක් තමයි පොන්ටින්.මෑන්ස් ශිෂ්‍ය බටයෙක්.ඒ වගේම නියම ටීම් මෑන් කෙනෙක්.ඩෝම් එකේ කාට වුණත් වලියක් එහෙම වැටුනොත් පොන්ටින්ට ඒ වෙනුවෙන් බහින්න ආයි අමුතුවෙන් ආරාධනා කර කර ඉන්න ඕනෙ වුණේ නෑලු.හැබැයි මෑන්ස්ට එක එක දුර්වලතා තිබුනෙ නැතුවමත් නෙවෙයි.ඒකෙන් ප්‍රධාන එකක් වුණේ සත්තුන්ට එක එක අරියාදු කරන එකලු.ඉතිං ‍හොස්ටල් එක පුරා කරක් ගගහ හිටපු පූසො ටික පොන්ටින්ගෙ ටාර්ගට් වෙච්ච එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ නේද?

මේ දවස්වල මෑන්ස්ට අලුත් අයිඩියා එකක් ඇවිත් තිබුනලු.ඒ තමයි පුසන්ගෙ රැවුල් ගස් කපන එක.ඔය වැඩේ ඉතිං මහලොකු අමාරු වැඩක් වුනෙත් නැහැලු.පොඩි කතුරක් හොයාගන්න එක විතරයි කරන්න තිබුනෙ.මොකද කොටි පූසො හරිම හීලෑ සත්තු ජාතියක්.කතා කරපු පරක්කුවෙන් ළගට එනවලු.ඊට පස්සෙ පොන්ටින් උන්ගෙ රැවුල් ගස් කතුරෙන් කොට කරනවලු.

ඔය පූසන්ගෙ රැවුල් ගස් වැවෙන්නෙ උන්ගෙ ඇගේ පළලට.ඒ‍වයින් තමයි උන් දැනගන්නෙ මොකක් හරි පාරක් තමන්ට යන්න තරම් පළලයිද නැද්ද කියලා.බැරිවෙලාවත් ඔය අහුමුලු වල යද්දි රැවුල් ගස් දෙපැත්තෙ ගෑවුනොත් පූසො එතනින් එහාට යන්නෙ නෑ.ඉතිං රැවුල ශේව් කරපු පූසො ගමනාගමන අපහසුතාවලට ලක් වෙච්ච එක සාමාන්‍ය දෙයක්.

ඉතිං දවසක් දෙකක් යද්දි කොටිය සර්ටත් මීටර් වුණාලු මේ සිද්දිය.කොටිය සර්ත් හෙව්වලු කවුද මේ තමන්ගෙ පූසන්ට ගේම දෙන්න තරං නිර්භීත වෙච්ච පොර කියලා.ඒත් ඉතිං කොහෙ කියල හොයන්නද?පොන්ටින් කියන්නෙ හොස්ටල් එකේ හිටපු ළමයි තුන්සිය ගානෙන් එක්කෙනෙක් විතරයිනෙ.

ඔය අතරෙ තමයි ඒ තීරණාත්මක දවස උදා වුණේ.එක දවසක් පුරුපුරුල හවස සෙල්ලං කර කර ඉන්නකොට ආරංචි වුණාලු කොටිය සර් පොන්ටින්ව අල්ලගෙන හොදටම ගහනවයි කියල.ඉතිං කට්ටිය ගිහිල්ල බැලින්නං කතාව ඇත්ත.කොටිය සර් වේවැලක් අරගෙන පොන්ටින්ට හොදට බැස්ටිය දෙනවලු.මෑන්සුත් ඉතිං මූණ ඇඹුල් කරගෙන ගුටිකනවලු.පොන්ටින් කියන්නෙ කොච්චර කෑවත් රිදෙන්නැති කබරයෙක් වගේ ඩයල් එකක්.හැබැයි එදානං පොරට ටිකක් රිදිලා වගේ.දැන් කට්ටියට මාර ප්‍රශ්නෙ මෑන්ස් මාට්ටු වුණේ කොහොමද කියල.හැබැයි පස්සෙ තමයි සිද්දිය හරියටම ආරංචි වුණේ.

එදා පොන්ටින් පූසෙක්ගෙ රැවුල කප කපා ඉන්නකොට මෑන්ස්ට ගෙදරින් ටෙලිෆෝන් කෝල් එකක් ඇවිල්ලා.ඒ දවස්වල ඉතිං දැන් වගේ මොබයිල් ෆෝන් එච්චර භාවිතාවෙ නෑ නොවැ!ඉතිං කෝල් එන්නෙ හොස්ටල් එකේ ලෑන්ඩ් ෆෝන් එකටලු.ෆෝන් එක ති‍බුනෙ කොටිය සර්ගෙ නිල නිවාසෙ පහල තට්ටුවෙලු.ඔය ලයින් එකටම සම්බන්ධ වෙච්ච තව රිසීවර් එකක් තිබිල තියෙනව උඩ තට්ටුවෙත්.

කොහොම හරි ඉතිං පොන්ටිනුත් ගිහිං කෝල් එක ආන්සර් කරලා.ඔය අතරෙ තමයි රැවුල බාපු පූසත් ඔතෙන්ට ඇවිත් තියෙන්නෙ.

පොන්ටින්ගෙ තාත්තා :- ආ පුතා, කොහොමද? ඉස්කෝලෙ වැඩ හොදින් කෙරෙනවද?

පොන්ටින් :- ඔව් තාත්තෙ, හොදින් කෙරෙනවා! ඒක නෙවෙයි, මම මේ කෝල් එක එද්දි රැවුල කප කපා හිටපු පූසත් මෙතන ඉන්නවා

පොන්ටින්ගෙ කරුමෙටම මොකක් හරි හේතුවක් නිසා කොටිය සර් උඩ තට්ටුවෙ ඉදල රිසීවර් එක උස්සලා.හරියටම පොන්ටින් අර කලින් කියපු වාක්‍ය කියද්දිම තමයි කොටිය සර් රිසීවර් එක උස්සල තියෙන්නෙ.ඉතිං සම්පූර්ණ රිපෝට් එකම සර්ගෙ කනේලු.
කොටිය සර්ටත් ඉතිං දෙන දෙයියො ගෙටම ගෙනත් දුන්න වගේ.පොන්ටින්ගෙ ටෙලිෆෝන් කෝල් එක ඉවර වෙච්ච ගමන් පහලට ගිය කොටිය සර් මෑන්ස්ට හොදටම ගහල.එතකොට තමයි පුරුපුරුලට සිද්දිය ආරංචි වෙලා තියෙන්නෙ.

කොහොම වුණත් එදායින් පස්සෙ
පොන්ටින් නෙවෙයිලු කකුල් හතරකුයි නැට්ටකුයි රැවුල් ගසුයි තියන සතෙක් දිහා ඇහැක් ඇරල බැලුවෙ....

27 comments:

  1. නියම කතාව. පොන්ටින් පුරුපුරුගෙ රැවුල් ගස් කැපුවෙ නැද්ද?

    ReplyDelete
  2. හොඳ වැඩේ.. පව්නේ පූසෝ :t

    ReplyDelete
  3. පොන්ටියට හොඳ වැඩේ මොනව උනත්. අසරණ සත්තු නෙ බන්.

    ReplyDelete
  4. :f පුසානම් පවු :(

    ReplyDelete
  5. පොන්ටියත් මාර වැඩනේ කරන්නේ.......... :q :q

    වාසනාවට ඔහොම හිතුනේ හෙයාර්ස් ස්ටයිල් දාන්න හිතුන නම් ලොම් ටිකට ඉවරයි........ :i :i

    ReplyDelete
  6. @ Praසන්ன - හික් හික්!! එහෙම කේස් එකකුත් වෙන්න ගියා.තව පොඩ්ඩෙන් හෙන වලියක් යනවා.ඒ ගැන වැඩි විස්තර වෙනම පෝස්ට් එකකින් දාන්නංකෝ!:j

    @ සිරකරුවා & පිස්සා - ඒ වැඩේට නම් අපි කවුරුත් එකගයි!!:b

    :r ඒක නෙවෙයි යාලු,කතන්දරකාරයා=කකා වගේ සිරකරුවා=සිකා කියල දාමුද? භාවිතාවටත් ලේසියි.පොඩි කියුට් ගතියකුත් තියනවා!

    @ නිරහංකාර අහිංසකාවි - :b:b:b:b:b

    ReplyDelete
  7. @ හසී - ඒක තමයි!:s

    @ Shadow/හේමලයා - බොහොම ස්තුතියි සහෝ!:b

    @ හා පැටික්කි - හික් හික්!! පොන්ටින් කරපු තව තව වැඩ පස්සෙ දාන්නංකෝ:f
    හෙයාර් ස්ටයිල් දැම්මනං කොටිය සර්ගෙන් මැරුම් කන්න තමයි වෙන්නෙ!:n

    ReplyDelete
  8. පොන්ටියාට හොඳ වැඩේ !!! ඕකනේ කියන්නේ කල කල දේ පල පල දේ කියලා , එදා පොන්ටියාගේ රැවුල කොටියා බාලා වගේ !!!

    ReplyDelete
  9. ඔහොම බේරුන එක ම්දෑ. කොටියට මල පැනලා පොන්ටින්ගේ අහවල් එකත් කපල දැම්මනම් තමයි කෙල වෙන්නේ :q

    ReplyDelete
  10. නියමයි.... :s :s :s :s

    ReplyDelete
  11. :e:e:e
    උඹෙ කතාව කියවලා මැරෙන්න හිනා. පිස්සු පීකුදු පොරවල්ලනේ ඉන්නේ

    ReplyDelete
  12. ඇති වලිග කපන්න හිතුනේ නැති එක. එහෙම වුනානම් කොටියා පොන්ටියට මොනව කරයිද?

    ReplyDelete
  13. @ හිඟන්නා - හරියටම හරි මචෝ!:b:b:b

    @ කොඩී - හික් හික්!! කොටිය සර් සැර වුණාට ඒ වගේ වැඩ කරන්නෙනං නෑ මචෝ!!:i

    @ රවා - තැන්ක්යූ වේවා සහෝ!!:b:b:b

    ReplyDelete
  14. @ හෙළයා - බොහොම ස්තුතියි මචෝ!!තව පිස්සු පීකුදු කතා ගොඩක් තියනවා.ඉස්සරහට ඒවත් දාන්නංකෝ!:f

    @ priyantha.ඒබී - හික් හික්:q!! එහෙම වුනානම් කොටියා පොන්ටියව ඉතුරු කරන එකක් නෑ!:j

    ReplyDelete
  15. mare maru kathawa.. mamath oya wede karala thiyawa..

    ReplyDelete
  16. අනේ පවු, අර අහිංසක කොටි පූස්ල ටික. :s එහෙම හීලෑ සත්තුන්ට ඔය වගේ දෙයක් කරන්න හොඳද ?

    පොන්ටින්ගෙ තාත්තට ඉස්සෙල්ලම ගහන්න ඕනෙ. මට පෙනෙන්නෙ ඔය වැඩේ වෙලා තියෙන්නෙ පොන්ටින්ගෙ තාත්තාත් දැනුවත්ව :h

    පොරොන්දු වුණ විදිහට කතන්දරේ ලිවුවට ඉස්තූතියි, තව තව කතන්දර ලියන්න. :t

    ReplyDelete
  17. @ වැම්පයර් - බොහොම ස්තුතියි සහෝ!!:b:b:b

    @ Chanaka Aruna Munasinghe - ඒක තමයි.වැඩේ සම්පූර්ණ වැරදියි.:r හැබැයි පොන්ටින්ගෙ තාත්තනං මේ ගැන කලින් දැනගෙන හිටියෙ නෑලු සහෝ.

    "පොරොන්දු වුණ විදිහට කතන්දරේ ලිවුවට ඉස්තූතියි"
    අපි පොරොන්දුවක් දුන්නොත් ඉතිං ගලේ කෙටුව වගේ තමයි! හික් හික්!! :f

    ReplyDelete
  18. පූසාට ඉතින් අන්තිමට "කදාව් කදාව්" කියන්න තමා වෙන්න ඇත්තේ :t

    ReplyDelete
  19. පූසා කදාව් කදාව් ගාපු කතන්දරේ දන්නෙ නැත්තන් මෙතනින් බලන්න

    http://status-chanaka.blogspot.com/2009/04/blog-post_08.html

    ReplyDelete
  20. @ Hasitha - හික්ස්..ඌට පුලුවන්නං පොන්ටින්ගෙ කන පලයි..:q:q

    @ Chanaka Aruna Munasinghe - කතාව බැලුව මචෝ.පට්ටම සිරා.එළකිරි......:b:b:b

    ReplyDelete
  21. :e :e :e !!!!!!!
    හික්ස්!!! මාර මාට්ටුවීමක් ඒක !!!
    LOL!!!!

    ReplyDelete
  22. @ Shenya de Silva - ඒකනං සහතික ඇත්ත....!:b:b:b

    ReplyDelete
  23. පූසා අන්තිමට මොකද දන්නේ නෑ නේද කිව්වේ?

    ReplyDelete
  24. malaya, othana podi niwaradi kireemak karanna one. oya pooso tika aththatama kotiyage nemeyi. kitchen eke inna waiters la thamayi athi karanne. mata mathaka widiyata eka waiter kenek hitiya poosanta maara aadareyi. oya koti niwahana walas niwahana wela thibba kaaleth oya poose case eka ohommamayi. apith ee dawas wala poosanta aathal nodunnama nowe :d

    anika kotiya receiver eka ahamben issuwa wenna baa kiyala mata hithenne. mokada ee tharam technology eka parana naa othana. mata mathakayi api hitapu kaale pittaniya haraha adi 4k withara gaburu kaanuwak kapala intercom eka daapu hati.

    maara aathal...

    :f:f:f:f:f:f

    ReplyDelete
  25. මට නම් ෂුවර් පුරු පුරුලගේ සෙට් එකේත් රැවුල් (හරි හරි කොහේ උනාම මොකෝ රැවුල් නම් රැවුල් හික්ස්) ටික මේ පොන්ටින් කැපුවයි කියලා . . හික් හික් හික්

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???