අඹ යාලුවෝ

Sunday, July 25, 2010

සුනාමි පූසෝ 2 - අන්නාසි වත්ත


ඉතිං කොහොමද යාලුවනේ, එදා අපි කිව්වනෙ සුනාමි පූසෝ කොහොමද පාර පටන් ගන්න තැන ඉදලා අන්නාසි වත්ත ළගට යනකං ගියෙ කියලා.ඔන්න අද තමයි ඒ කතාවෙ ඉතුරු ටික කියවන්න පුලුවන්.ඒ කියන්නෙ අන්නාසි වත්තෙදි පූසො ෆේස් කරපු අමතක නොවෙන අත්දැකීම.


ඔය අන්නාසි වත්ත තිබුනෙ විද්‍යාව පන්තියට පේන දුරින්.ඉතිං කවුරුත් වගේ අපේ යාලුවො සෙට් එකත් අන්නාසි කන්ඩ ආසයි නොවැ.කට්ටිය ඉතිං මග බලාගෙනලු හිටියෙ ඔය අන්නාසි වත්තට පැනල පොඩි ගේමක් දෙන්න.හැබැයි අප්සට් සිද්දියකට තිබුනෙ වෙලාව පිළිබද ප්‍රශ්නෙ.මොකද ක්ලාස් එකට එන ගමන් වත්තට පනිනන ගියොත් එහෙම ක්ලාස් යන්න පරක්කු වෙනවා.ඉවර වෙලා යන ගමන් පනින්නත් අමාරුයිලු.මොකද පන්ති ඉවර වෙන්නෙ ගොඩක් හවස් වෙලා හින්ද ඒ වෙලාවට හරියට වටපිටාව පේන්නෙ නෑලු.ඉතිං පූසන්ට අන්නාසිවල රස නොබලා ඔහොම කාලයක් ඉන්න වුණා.


එක දවසක් ඉතිං පූසො ටික ක්ලාස් එකට යනවලු.එදා වේයන්ගොඩයයි, සව්සිරියයිත් හිටපු දවසක්.දැන් හයදෙනා අන්නාසි වත්ත ළගටත් ආවලු.එතකොට තමයි උපාසකට මීටර් වුණේ පාර අයිනෙ තිබුන අන්නාසි පදුරු කීපෙකම හොදට ඉදුන අන්නාසි ගෙඩි කීපයක් තිබුන වග.ඔය කාලෙට ඉතිං ඔය වගේ මනරම් දර්ශනයක් මිස් වෙන්නෙ කාටද ඉතිං?මෑන්ස් ඉතිං වහාම අනිත් අයටත් සුභ ආරංචිය දැනුම් දුන්නලු.කරන්න ඕනෙ වැඩේ ගැන කාටවත් දෙපාරක් හිතන්න ඕනෙ වුණේ නෑ.


අන්නාසි වත්ත වට කරලා කම්බි වැටක් ගහල තිබුනත් ඒ වැටත් අපේ පූසන්ගෙ අප්‍රතිහත ධෛර්යය ඉදිරියෙ අසරණ වෙලා ගියාලු.ඉතිං අපේ පූසො ටිකත් වත්තට පැනල අන්නාසි ගෙඩි තුනක්ම කඩාගත්තලු කන්ඩ.පූසො ඉතිං වැඩිය කඩන නරක ළමයි හෙම නෙවෙයි නොවැ!අනිත් එක ඉතිං මහ සයුරෙන් දිය දෝතක් ගත්තට මක්කෙයි?


හැබැයි ඔ‍තනදි තමයි කට්ටියට ලොකු ප්‍රශ්නයක් මතුවුණේ.අන්නාසි තිබුනට මොකද කපන්න පිහියක් කා ළගවත් තිබුනෙ නෑලු.මොකද අපේ පූසො සෙට් එක පන්ති යද්දි පිහි අරන් යන්න තරං මැර ඩයල් නෙවෙයිනෙ.වෙන කරන්න දෙයක් නැති හින්ද කට්ටිය තීරණේ කළාලු අන්නාසි ගෙඩි ටික ළග තිබුන ගලක ගහල කඩාගෙන කන්ඩ.ඒ කියන්නෙ අන්නාසි "රොක්" කරන්න.


දැන් ඉතිං කට්ටිය අන්නාසි රස විදිනවලු.හැබැයි අප්සට් එක තමයි ඔය රොක් මෙතඩ් එක අනුගමනය කරද්දි අන්නාසි ගෙඩියෙන් බාගෙට බාගයක් අහක යනවා.අන්තිමට බලද්දි ඉතිං ගෙඩි තුනෙන් එකහමාරක් විතරම බිමලු.කොහොම කොහොම හරි තමන්ගෙ ආසාව සංසිදුවාගත්ත පූසො පන්තියට ගියාලු.දැන් ඉතිං කට්ටියට ෆුල් හැපී.පන්තියට ගිහිං තමන් කරපු වීර ක්‍රියාව කලුකුමාරි ඇතුලු කෙල්ලො කට්ටියටත් කිව්වලු.


දැන් ඉතිං ඊළග සතියත් උදාවුණාලු.කට්ටියගෙ ප්ලෑන් එක ඉතිං මේ සතියෙත් අන්නාසි කන එක.සුපුරුදු විදිහට අපේ යාලුවො සෙට් එක එදා දවසෙත් වත්තට පැන්නලු.දැන් කට්ටිය රොක් මෙතඩ් එකෙන් අන්නාසි කන්න පටන් අරං.ඔහොම කද්දි තමයි ඔය පාරෙන් ගිය වයසක අන්කල් කෙනෙක් යාලුවො ටිකව දැක්කෙ.හොදට බැලින්නං මෑන්ස් අතේ පිහියකුත් තියෙනවා.පූසන්ව දැක්ක අන්කල් කම්බි වැට ළගට ඇවිල්ලා ඤාව්වට පිහිය දුන්නලු


අන්කල් :- පුතා, ඔහොම කනකොට අන්නාසි ගෙඩියෙ වැඩි හරියක් අපතෙ යනවා.මෙන්න මේ පිහියෙන් කපාගෙන කන්නකො.


ඤාව්වත් ඉතිං පිහිය අතට ගන්න ගමන් අන්කල්ට මෙහෙම කිව්වලු.

ඤාව්වා :- ආ..තැන්ක්යූ අන්කල්.ඒ වුණාට පිහියෙන් කපද්දි, ගලේ ගහල කන තරං ආතල් එකක් නෑ නේද? හික් හික්...


අන්කල් :- ගලේ ගහල කද්දි පුතාලට ආතල් වුණාට මටනං එහෙම ආතල් එකක් නෑ.මොකද මේව මම දුක් මහන්සි වෙලා වගා කරපු ඒවනෙ....


අන්කල්ස් බයිට් හිනාවකුත් දාල එහෙම කිව්වලු.බැලින්නං අන්නාසි වත්තෙ අයිතිකාරයා තමයි පාර දිගේ ඇවිල්ල තියෙන්නෙ.පූසන්ගෙ කරුමෙට පූසොත් ඒ වෙලාවෙම තමයි වත්තට රිංගල තියෙන්නෙ.දැන් ඉතිං අතේ මාට්ටු.මොනව කරන්නද?කට්ටියත් ඉතිං අන්නාසි කෑලිත් අතේ තියාගෙන ඇටිකෙහෙල් කාපු උගුඩුවො සෙට් එක වගේ මෑන්ස් දිහා බලාගෙන ඉන්නවලු.මූණු ටිකත් රතු වෙලා.මේක දැකල පොර තවත් හිනාවෙලා මෙහෙම කිව්වලු


අන්කල් :- හා..හා..දැන් ඉතිං ඔය අන්නාසි අතේ තියාගෙන ඉන්නැතුව කන එකයි ඇත්තෙ.අපිත් ඒ දවස්වල ඔය වගේ දග වැඩ කරල තියනවා.හැබැයි අපිනං ජීවිතේට මහදවල් මෝඩ විදිහට වතු වලට පැනල අයිතිකාරයන්ට අහුවෙලා නෑ!

මේ කතාව අහපු පූසන්ට යන එන මං නැති වුණාලු.සවලක් තිබුනනං එවෙලෙම පොළෙවෙ හාරගෙන යන සයිස්.කට්ටිය වහාම එතනින් ඌර්ධවපාතනය වෙලා ගියාලු.වැඩේ කියන්නෙ සව්සිරි ඒ පැත්තෙම ඉදලත් මෑන්ස් අන්කල්කාරයව අදුරන්නෙත් නෑ, අන්කල් මෑන්ස්ව අදුරන්නෙත් නෑ.ඇයි ඉතිං උදේ ඉස්කෝලෙ යන්න ගෙදරින් පිට වුණාට පස්සෙ ආයි මහ රෑ නොවැ ගෙදර එන්නෙ.

කොහොම හරි එදායින් පස්සෙනං පූසො අන්නාසි වත්තට පැන්නෙ නෑලු.කොටින්ම ඒකාකාර ප්‍රවේගයෙන් ක්ලාස් එන අපේ යාලුවො කට්ටිය හැමදාම අන්නාසි වත්ත ළගදි ත්වරණයට භාජනේ වෙනවලු.

28 comments:

  1. හික් හික්,.. නියම වැඩේ... :t

    ReplyDelete
  2. හෆොයි......උඩ පැනලා *ක පොළොවේ ගහගහගන්න හිතෙන්න ඇති......:b

    ReplyDelete
  3. මදෑ කොලා....... :q :q
    මොනව උනත් අන්කල් වෙන අය වගේ මුල අමතක කරපු කෙනෙක් නෙවෙයි......... :r :r
    නැත්නම් පූස් අයියලට පොලවහාරන්න කලින් කකුල් දෙකට වැදල දුවන්න වෙන්නේ.......... :f :f

    ReplyDelete
  4. නයිස් අංකල් කෙනෙක්. නැත්තං පූසන්ට අන්නාසි දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
  5. මරු අන්කල් කාරයෙක්.. :t
    බැන්නනම් මීටවඩා හොඳයි.. මෙහෙම නොකර.. :f

    ReplyDelete
  6. ඊට පස්සේ අන්නාසි දකිනකොටත් ඕක මතක් වෙනවා ඇති :f

    ReplyDelete
  7. ඕකට කියන්නේ අතින් අරන් අර මොකෙන්ද තියාගත්තා වගේ කියලා... හික්ස්

    ReplyDelete
  8. අංකල්ට කියල ගස්සවා ගත්තනම් මීට හොඳයි. අංකලුත් අන්නාසි බේරගන්න නියම මෙතඩ් එක යොදල තියනවා. මරු කතාව.

    ReplyDelete
  9. ළමාකම දන්න ඒ වගේ ළමා කාලයක් තිබ්බ සිරා අන්කල් කෙනෙක්. පූසන්ගේ අත පය හතරට කරදරයක් නොකර එව්ව එකම මදෑ :b

    ReplyDelete
  10. හාරගෙන යන්න සවලක් ඕන වෙන්න නැතුව ඇති......
    :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b :b

    ReplyDelete
  11. "නයිස් අංකල් කෙනෙක්. නැත්තං පූසන්ට අන්නාසි දෙයියන්ගෙම පිහිටයි."

    LOLS

    -AD

    ReplyDelete
  12. හිහ්.....හිහ්....මල් 7යි. හැබැයි අපේ ගෙදර පූසා නම් කන්නේ ගස්ලබු :D

    ReplyDelete
  13. හපොයි පූසන්ට අන්නාසි කටු කන්න හිතෙන්න ඇති.. අර මනුස්සය කිව්ව දේට හික් හික්

    ReplyDelete
  14. @ වැම්පයර්
    @ කොඩී - බොහොම තැන්ක්යූ වේවා යාලුවනේ.:b:b:b:b

    @ Shadow/හේමලයා - ඇත්තමයි එහෙම තමයි හිතුනෙ යාලු.හික් හික්!!:f:f

    @ හා පැටික්කි - හික් හික්!! සිරාවට! නැත්තං අද පූසො ටික මේ ලෝකෙ නෑ..:n:n

    ReplyDelete
  15. @ Praසන්ன - "නයිස් අංකල් කෙනෙක්. නැත්තං පූසන්ට අන්නාසි දෙයියන්ගෙම පිහිටයි."

    හික් හික්!! සිරාවට මචෝ....(නියම කොමෙන්ට් එක):b:b

    @ සිකා - ඇත්තමයි මචෝ! අන්න එහෙම තමයි හිතට වැදෙන්න වැඩක් කරන්න ඕනෙ.:t:t

    @ හසී - හික් හික්!! ඔය සීන්නම් ඉතිං කවදාවත් අමතක වෙන්නෙ නෑ :q:q

    @ Ansh - :e:e

    ReplyDelete
  16. @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ - හික් හික්!! එළකිරි මචෝ!!!:b:b

    @ Anonymous - :f:f:f:f:f

    @ priyantha
    @ Hasitha - සිරාවට මචෝ! අර සිකාට කිව්ව වගේ අන්න එහෙම තමයි හිතට වැදෙන්න වැඩක් කරන්න ඕනෙ.නැත්තං ඉතිං පූසො ටික හැමදාම වත්තෙ තමයි.:t:t:t:t

    :rඅන්කලුත් පොඩි කාලෙ පූසො වගේම ඉන්න ඇති

    ReplyDelete
  17. @ කැන්ඩි...- හික් හික්!! පූසො එතනම ඌර්ධවපාතනය වුණා නොවැ !:b:b:b

    @ AD - :b:b:b

    @ ගීත් (සහෘදයා)- හික් හික්!! අපිනං උපන්තේකට අහල නෑ ගස්ලබු කන පූසො ගැන.මාර පූසෙක්නෙ ඌ!!:q:q:q:q:q

    @ පිස්සා - :j:j:jපූසන්ට යන එන මං නැතිවෙලා ගියා නොවැ සහෝ..!

    ReplyDelete
  18. :t :t ........ලු............:t :t

    ReplyDelete
  19. "ගලේ ගහල කද්දි පුතාලට ආතල් වුණාට මටනං එහෙම ආතල් එකක් නෑ.මොකද මේව මම දුක් මහන්සි වෙලා වගා කරපු ඒවනෙ...."

    බූහා හා.. මේ කෑල්ල තමයි මරු.. :q

    ReplyDelete
  20. කාටුන් වල වෙන එවුවා ඇත්තටමත් වෙනව එහෙනම් ආ.. :f

    ReplyDelete
  21. @ Anonymous - :b:b:b:b:b:b

    @ ෆා ද බ්ලොගී - බොහොම ස්තුතියි සහෝදරී:b:b

    @ ගයන්ත - හික් හික්!!මොකද කාටුන් වලත් හොරෙන් අන්නාසි කඩනවද මචෝ?:f:f

    ReplyDelete
  22. කොටින්ම ඒකාකාර ප්‍රවේගයෙන් ක්ලාස් එන අපේ යාලුවො කට්ටිය හැමදාම අන්නාසි වත්ත ළගදි ත්වරණයට භාජනේ වෙනවලු.
    Eka maru. HAHAHA

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???