අඹ යාලුවෝ

Thursday, June 10, 2010

ලකී...!


එදා අපි කිව්වනෙ ඤාව්වගෙ
පළවෙනි ආදර කතාව ගැන. ‍‍ඔන්න අද කියන්න හදන්නෙ අපේ පුරු පුරුගෙ පළවෙනි ආදර කතාව ගැනයි. මේ කතාවෙ ගෑණු ලමයා ලක් එකට සම්බන්ධ ගෑණු ලමයෙක්. ඒ නිසා අපි එයාට ලකී කියමු.

පුරු පුරුයි
ඤාව්වයි මුලින්ම හම්බ‍වුන ස්කූල් වෑන් එක ගැන ඔයාලට මතක ඇතිනෙ. මෙන්න මේ වෑන් එකේ තමයි ලකිත් ඉස්කෝලෙ ගියෙ. එයා ගියෙ බුදු හාමුදුරුවන්ගෙ කාලෙ හිටපු අග්‍ර උපාසිකාවකගෙ නමින් තියෙන ඉස්කෝලෙකට. හොද ඇහැ‍ට කනට පේන ලමයෙක්. පුරු පුරුට වඩා අවුරුදු දෙකයිලු වැඩිමල්. අපේ පුරු පුරු නම් අදටත් කියන්නෙ දෙකයි නෙවෙයි අවුරුදු එකයි මාස දහයයි කියල! :)
(මේ මල්සරාත් ඉතින් විදිනකොට වයස බල බලා විදින්නෙ නෑනෙ නේද...
වැදුනොත් ඉතින් සොරිම තමා)
ඔන්න ඉතින් ඔය මල්සරාගෙ ඊතලෙ පුරු පුරුටත් එල්ල උනා. පුරු පුරුත් ගේම් එකට එන්ටර් වුනා. අර කලින් කතාවකදි
ඤාව්ව කලා වගේම පුරු පුරුත් වෑන් එකේදි ලකී ගාවින්ම වාඩි වෙන්න පටන් ගත්තා. සති අන්තයෙ ක්ලාස් යද්දිත් ලකී යන බස් එකට කොහොමහරි නගිනව. හැබැයි පුරු පුරු ඤාව්වට වඩා ටිකක් දියුණුයි, ඤාව්ව ගෑනු ලමයගෙ පිටිපස්සෙන් වාඩි උනාට පුරු පුරුනම් ලකීගෙ ලගින්ම වාඩි වෙනව. (නංගි කියන්න බැරි හින්දත් අක්ක කියන්න හිත හදාගන්න බැරි හින්දත් අපි මෙයාට කිව්වෙ අක්ක නංගි කියල.)
කොහොම කොහොම හරි මේ දෙන්න ගොඩක් ෆිට් වුනාලු. ලකීට මොකක් හරි ප්‍රශ්නයක් ආවත් ඒක කියන්නෙත් පුරු පුරුටලු. පුරු පුරුත් කියන්න තියෙන කතා මදිවට නැති කතා හරි හද හදා කියනවලු. වෑන් එකේ ගිය සමහර කොල්ලො අනං මනං කිව්වත් පුරු පුරු ගනන් ගත්තෙ නැහැලු. උන්ට ඊරිසියාවනෙ!!!

ඉතින් ඔය විදිහට අවුරුද්දක් විතර ගෙවිල ගියා. අපේ පුරු පුරුත් ඔය මුලු අවුරුද්දම ලකී ගාව වාඩි වෙලා ඉස්කෝලෙ ගියා. මේ වෙනකොට දෙන්නගෙ ෆිට් එක උපරිමයි. දෙන්න දෙන්න ගැන නොදන්න දෙයක් නෑ. ලකීගෙන් වෙන කොල්ලෙක් යාලු වෙන්න ඇහුවොත් ඒකත් ඊට පහුවදාම ඇවිත් පුරු පුරුට කියනවලු. කියනව විතරක් නම් කමක් නැහැ, කියල ඒ කොල්ලට බනිනවත් එක්කලු. පුරු පුරුටත් ඉතින් මාර හැපී. කට ඇරල කැමතියි කියල කියාගන්න බැරි උනත් දැන් පුරු පුරු දන්නවනෙ මෙයා අනිත් අයට කැමතිත් නෑ කියල.
ඤාව්වයි උපාසකයි කොච්චර කිව්වත් පුරු පුරුට ලකීගෙන් අහන්නත් නිකං මොකක්ද මොකක්ද වගෙලු. (ලැජ්ජ බයට හැදිච්ච ලමයෙක්නෙ..)
ඉතින් ඔහොම ටික දවසක් යද්දි මරු වැඩක් වෙලා. ඉරිද පන්ති ගියාම ලකීගෙන් තවත් බෝයි කෙනෙක් යාලු වෙන්න අහල. පුරු පුරුත් ටිකක් දන්න එකෙක් තමයි අහල තියෙන්නෙ. පහුවදා සදුද වෑන් එකට ආව ගමන්ම වෙනද වගේම මේ කතාවත් ලකී පුරු පුරුට කියල.. ඒත් ඉතින් තවත් එක කතාවක් විතරයිනෙ කියල
පුරු පුරු එච්චර ගනං අරන් නෑ..
මෙන්න මෙහෙමයි ලකී කියල තියෙන්නෙ..

ලකී:- අර _________ ඊයෙ මගෙන් යාලු වෙන්න ඇහුවනෙ පුරු පුරු.. බස් එකෙදි කතා කර කර
ඇවිත් අන්තිමේදි තමයි ඇහුවෙ...

පුරු පුරු:- ඉතින්???

ලකී:- ඉතින් මං එයාට හා කිව්ව! එයා හොදයි නේද මල්ලියො??

22 comments:

  1. maru wada thamai me pusantath wenne. :)

    ReplyDelete
  2. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ "භූරි පඤ්ඤො තථාග‍තෝ" කියල නේ. ඒ කිව්වෙ බුරියෙන් පල්ලෙහා නෑදැකම් නැහැ කියන එක.

    ReplyDelete
  3. හත්තිලවුවයි.. හික් හික්!

    ReplyDelete
  4. පුරු පුරුට අන්තිමට කදාව් කදාව් තමා :)

    ReplyDelete
  5. අප්ප පාදෝ අමත පදං
    ගුද ගත ජිං තකත ගුදං

    ReplyDelete
  6. Puru Puruge reaction ekath kiwwanam thawath hondai...

    - AD

    ReplyDelete
  7. අප්පමාදො අමත පදං
    පමා උනොත් සොරි මචං....

    ReplyDelete
  8. @ ishi, වැම්පයර්, හසිත, Praසන්ன, කොඩී- බොහොම ස්තුතියි යාලුවනේ

    @ මාතලන් - චී!!! මෙන්න මාතලං ගොයියා කැත කතා කියනවා :P

    @ Anonymous - පුරුපුරුගෙ රියැක්ෂන් එක වෙනම පෝස්ට් එකකින් දාන්නම්!නැත්තං කතාව දිග වැඩි වෙනවා :)

    @ Dinesh_Silva - මෙන්න දේශද්‍රෝහියෙක්.. හික් හික්!!
    අපිනං අහලා තියෙන්නෙ බුරියෙන් පල්ලෙහා වයස් බේද නැහැ කියලා.:D

    ReplyDelete
  9. අනේ පව් අහිංසකය...
    වෙන කොල්ලොන්ට බනිනකොට මමත් හිතුවෙ මට කැමතියි කියල...

    නරකද ෆීඩ් බර්නර් වලින් අටවල අපේ ඊමේල් වලටම ලිපිය එවනවනම්???

    ReplyDelete
  10. යකෝ මාසයක්වත් වැඩිමල් නම් ඕන හිතන්න එපා

    ReplyDelete
  11. @ එක්ස්ප්‍රස් - හොද අදහසක් සහෝ! ෆුල් ට්‍රයි එකක් දෙන්නම්!!

    @ චානු - හික් හික්!!මටත් කියන්න තියෙන්නෙ ඉතිං දිනේෂ් කොලුව උඩින් දාල තියන කොමෙන්ටුවෙ කියල තියෙන දේම තමයි!:D

    ReplyDelete
  12. හික් හික් හික්.... පමා වැඩියි නුබ නාඩන් හික් හික්

    ReplyDelete
  13. @ පිස්සා - පමාදෝ මච්චුනෝ පදං!:)

    ReplyDelete
  14. රස සාගරයක් නෙ අදයි මෙ පැත්තෙ ආවෙ... මම දැකලා තියනවා බ්ලොග් ගඩොල් කියලා කෙනෙක් කමෙන්ට් එ කරනවා. එත් අදයි මට මෙතන අහු වුනෙ...

    ReplyDelete
  15. @ රවා - තෑන්ක්ස් තෑන්ක්ස් මචෝ!! අහන්නත් සතුටුයි...හික් හික්!! දිගටම මේ පැත්තෙ එන්න!!!

    ReplyDelete
  16. බෑ මචෝ. මටත් නිකං ලැජ්ජයි වගේ. හිහ් :P

    ReplyDelete
  17. @ ඉබ්බා - හික් හික්!!:p

    ReplyDelete
  18. හොඳ වැඩේ අක්කලා ටෝක් කරන්න යනවට.. :f

    ReplyDelete
  19. @ හික් හික් හික්!!! Dinesh_Silva ගෙ කොමෙන්ටුවත් බලන්නකො සහෝ...:i

    ReplyDelete
  20. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  21. අනේ සාධූ........................
    හික්zzzzzzzzzzzzz.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???