අඹ යාලුවෝ

Saturday, April 28, 2012

කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 3



කලින් කොටස බලන්න මෙතනින් යන්න.

ඒ වගේම මේ කාලෙදි කැම්පස් ළමයින්ට ඇති කරන මූලිකම සිතුවිල්ලක් තමයි බැච් ෆිට් එක කියලා කියන්නේ. ඒ කියන්නේ මොන දේ කළත්, මොන දේ වුණත් මුලු බැච් එකම එකට ඉන්න ඕනෙ කියන එක. ඇත්තටම කැම්පස් එක ඇතුලෙ එක එක වැඩ කරද්දි බැච් ෆිට් එකෙන් ලොකු ප්‍රයෝජනයක් තිබුනත්, මේ වැඩෙන් කොල්ලන්ගේ අධ්‍යාපනයට වෙන හානිය සුලුපටු නෙවෙයි. උදාහරණයක් විදිහට බැච් ෆිට් එක උපරිමයෙන් තියෙන පළවෙනි අවුරුද්දෙදි සහ දෙවෙනි අවුරුද්ද මුලදි කොල්ලො මළ ගෙවල්, දානෙ ගෙවල් වලට යන්නෙ හොය හොයා. මේ වැඩෙන් නොදැනුවත්වම ලෙක්චර්ස් ගොඩක් කට් වෙනවා වගේම එග්සෑම් කාලෙටනං පාඩම් කරන වැඩෙත් පාඩු වෙනවා.

ඇත්තටම මෙතනදි ගොඩක් වෙලාවට වෙන්නෙ ළඟ යාලුවෙක්ගෙ ළඟ ඥාතියෙක්ගෙ මළ ගෙදරකට යැවෙන එක නෙවෙයි. ජීවිතේට කැම්පස් එකේදි කතාබහවත් නොකරන කෙනෙක්ගෙ දුර නෑදෑයෙක්ගෙ මළ ගෙදරක යැවෙන එක. අනික මේක මළ ගෙයක්, දානෙ ගෙයක් කිව්වාට කැම්පස් එකේ කොල්ලන්ට මේ ගමන ට්‍රිප් එකක් හා සමානයි. දැන් ඔන්න කට්ටිය වැරදියට තේරුම් ගන්න එපා මම මේ යාලුවෙක්ගෙ දුකක් කරදරයකදී ළඟින් ඉන්න එපා කියනවයි කියලා. මම කියන්නේ ඕනෙම දෙයක් ඕනෑවට වඩා කරද්දි ඒක විකාරයක් වෙන බව.

බැච් ෆිට් එක ගැන කියද්දි පුරුපුරුලාට වෙච්ච තවත් හොඳ වැඩක් මට මතක් වුණා. මේ සිද්දිය වෙද්දි අපේ පූසා ෆස්ට් ඉයර් එකට ගිහින් මාස දෙක තුනයි ගිහින් තිබුනේ. මේ වෙද්දි ඉතිං බැච් ෆිට් එක කට්ටියගෙ කන් දෙකෙන් බේරෙන කාලෙ. ඔය දවස්වල මහරගම තරුණ සේවා සභාවෙ තිබුනා අන්තර් විශ්ව විද්‍යාලයීය වොලිබෝල් තරඟාවලියක්. මේ කියන දවසෙ පුරුපුරුලාට වැදගත් ජෛවරසායන විද්‍යා ප්‍රැක්ටිකල් එකක් තියෙන්න නියමිත වෙලා තිබුන හින්දා මෑන්ස්ලාට මේ ටූනමන්ට් එක බලන්න යන්න විදිහක් තිබුනෙ නෑ. ඔන්න ඉතිං කට්ටිය ප්‍රැක්ටිකල් එකට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච ආකාස්ට කෝල් එකක් එනවලු මහරගම ගිය කට්ටියගෙන්.

“මචං ආකාස්, අපිට වලියක් සෙට් වෙලා තියෙන්නෙ මහරගමදි. කොයි වෙලාවෙ වලිය යයිද දන්නෙ නෑ. කට්ටියටම එන්න කියපං ඉක්මනට“

පස්සෙ බැලින්නං තුම්මුල්ලයි, සැළලිහිණියා ආපු සක්වල තක්සලාවයි අතරෙ වොලිබෝල් මැච් එක යද්දි ප්‍රේක්ෂකයො අතරෙ දුම් දාන සයිස් එකේ උණුසුම් තත්ත්වයක් ඇති වෙලා. එදා කැම්පස් දෙකේම කට්ටිය ඉඳලා තියෙන්නෙ සමාන ප්‍රමාණවලින්. ඉතිං දෙගොල්ලන්ටම ෂුවර් නෑ වලිය ඇදුනොත් කාට කන්න වෙයිද කියලා. ඒ හින්දා තුම්මුල්ලෙ කට්ටිය කරලා තියෙන්නෙ කැම්පස් එකට කෝල් කරලා අනිත් කොල්ලන්ටත් එන්න කියපු එක.

දැන් අපේ යාලුවන්ට තියෙන පුරස්නෙ තමයි මේ වලියට ගියොත් ප්‍රැක්ටිකල් එක කට් වෙනවා. බයෝකෙමිස්ට්‍රි කියන්නෙ ස්පෙෂල් ඩිග්‍රියට යන්න අනිවාර්යයෙන්ම ගොඩදාන්න ඕනෙ සබ්ජෙක්ට් එකක් වගේම ලකුණු ගන්න ගොඩක්ම අමාරු සබ්ජෙක්ට් එකක්. ඒ මදිවට එදා ප්‍රැක්ටිකල් එකේදි දෙන්න නියමිත වෙලා තිබුන ක්විස් එකෙන් අන්තිම පේපර් එකට ලකුණු පහක් ලැබෙනවා. ඔක්කොටම වඩා අදාල ලෙක්චරර්ට වැඩේ නෝට් වුණාම ඉතිං ආපහු බයෝකෙමිස්ට්‍රි කළත් නොකළා වගේ තමයි. ඒත් අනිත් පැත්තෙන් බැච් එකේ කොල්ලො කතා කළාට පස්සෙ නොගිහින් ඉන්න එක හොඳ නෑ. ඒකෙන් බැච් ෆිට් එකට හානි වෙනවා. ඒ මොනවා නැතත් එකට රැග් වෙච්ච එවුන්ට ගුටිකන්න දෙන්නෙ කොහොමද?

ඉතිං අන්තිමට පුරුපුරුලාගෙ සෙට් එක අමාරුවෙන් වුණත් තීරණය කළාලු ප්‍රැක්ටිකල් එක කට් කරලා මහරගම වලියට යන්න. මේ වෙද්දි පණිවිඩේ හම්බවෙලා කැම්පස් එක ඇතුලෙ හිටපු ඔක්කොමලා වගේ කොල්ලො කුරුඳුවත්ත ඉස්කෝලෙ ඉස්සරහ තියෙන බස් හෝල්ට් එකට සෙට් වෙලයි හිටියේ. ඉතිං ඊටපස්සෙ කට්ටිය කළේ 138 බස් කීපෙක නැගලා මහරගමට ගිය එක. පුරුපුරුලා යද්දිත් වොලිබෝල් ටූනමන්ට් එක ඉවර වෙලා තිබුනෙ නෑ. ඒ වගේම සැළලිහිණියා ආපු කැම්පස් එකෙන් ගෙන්නපු සෙට් එකකුත් ඇවිත් හිටියා. ඒත් තුම්මුල්ලෙන් ආපු සීයකට වඩා සෙට් එක හමුවේ සැළලිහිණියන්ට හොඳ කෑමක් තමයි සෙට් වෙලා තිබුනේ.

කොහොමහරි ඉතිං ටික වෙලාවකින් ටූනමන්ට් එක ඉවර වුණාලු. එකිනෙකාට ඔරවාගත්තු කැම්පස් දෙකේ ළමයිනුත් කිසිම ප්‍රශ්නයක් ඇතිකර ගන්නෙ නැතුව ආපහු යන්න ගියාලු. ඇත්තටම වලියක් ගියෙ නැති එක ගැනනං පුරුපුරුට තිබුනේ ලොකු සතුටක්. කොහොමහරි කට්ටිය ආපහු කැම්පස් එද්දි ප්‍රැක්ටිකල් එක ඉවර වෙන්නත් ළඟයි.

“යකෝ අරුන්ට ඔරවලා එන්නද බයෝකෙම් ප්‍රැක්ටිකල් එක කට් කරගෙන අපි ගියේ?“

පුරුපුරුගෙ යාලුවෙක් වෙච්ච වඩියා එහෙම ඇහුවලු. අන්තිමේදි බලද්දි බැච් එකේ කෙල්ලො කට්ටිය ප්‍රැක්ටිකල් එකට ගිහින් ක්විස් එකත් කරලා තිබුනලු. කොල්ලන්ට වුණේ දවස් කීපයක් අදාල ලෙක්චරර්ගෙන් ලෙක්චර්ස් වලදි හොඳට අහගන්න. අන්තිමට රිසාල්ට් එනකොට බහුතරයක් ගෑනු ළමයින්ට “ඒ“ හරි “ඒ මයිනස්“ හරි තිබුනලු. ඒත් බහුතරයක් කොල්ලන්ගෙ රිසාල්ට්ස් අම්බානට අඩුයි. පුරුපුරුටනං යන්තං “බී ප්ලස්“ එකක් ඇවිත් තිබුනා. ඊටපස්සේ තමයි අපේ යාලුවො කට්ටිය තීරණය කළේ ආපහු කැම්පස් වලි වලට නොයන්න. හැබැයි හොඳවෙලාවට ඊටපස්සෙ කිසිම වලියක් සෙට් වුණෙත් නෑ.

බැච් ෆිට් එක කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද අඩු වෙන දෙයක්. විශේෂයෙන්ම හතරවෙනි අවුරුද්දට විතර ආවාම තියෙන්නේ පෞද්ගලික හිතවත්කම් විතරක් මිසක් බැච් එකක් වශයෙන් ඇතිවෙන සුහදතාවයක් නෙවෙයි. පළවෙනි අවුරුද්දෙ දෙකේ අම්බානට ෆිට් එකේ හිටපු සමහර බැච් මේට්ලා දැන්නං මගදි දැක්කත් හිනා නොවී යන අවස්ථා තියෙනවා. 

ඉතිං මේ හේතු හැම එකෙන්ම සිද්ද වෙන්නේ කොල්ලන්ගේ අධ්‍යාපනය දිනෙන් දින වල පල්ලට යන එක. සමහරවිට ගෑනු ළමයින්ටත් තමන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් වෙන හේතු කාරනා ඇති. මම ඒ ගැනනං වැඩිපුර දන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නවානං ඒ හේතු තමන්ගෙ අදහසක් විදිහට මේ ලිපිය යටින් පළ කරන්න පුලුවන්.

කොහොම වුණත් කැම්පස් එක කියන්නේ ආපු දවසේ ඉඳලා අස්වෙන දවස දක්වාම මනුස්සයෙකුට සමාජය ගැන ඉගෙන ගන්න පුලුවන් තැනක්. විශ්ව විද්‍යාලය ඒ ලෙවල් ළමයි හිතාගෙන ඉන්න ජාතියෙ සුන්දර සිහින ලෝකයක්වත්, සමහරු හිතාගෙන ඉන්න ජාතියෙ අමු අපායක්වත් නෙවෙයි. කැම්පස් එකට එන්නේ මේ සමාජයෙන්ම බිහි කරලා ඇති දැඩි කරපු ළමයි. ඒ හින්දා විශ්ව විද්‍යාලය කියන්නේ මේ සමාජයේම තවත් එක පැතිකඩක් විතරයි. ඇත්තටම වෙලා තියෙන්නෙ විශ්ව විද්‍යාලයෙන් සමාජය හැදීමට වඩා සමාජයෙන් විශ්ව විද්‍යාලය හැදීමයි.


30 comments:

  1. // කොහොම වුණත් කැම්පස් එක කියන්නේ ආපු දවසේ ඉඳලා අස්වෙන දවස දක්වාම මනුස්සයෙකුට සමාජය ගැන ඉගෙන ගන්න පුලුවන් තැනක්. විශ්ව විද්‍යාලය ඒ ලෙවල් ළමයි හිතාගෙන ඉන්න ජාතියෙ සුන්දර සිහින ලෝකයක්වත්, සමහරු හිතාගෙන ඉන්න ජාතියෙ අමු අපායක්වත් නෙවෙයි .//

    That's the truth!!

    ReplyDelete
    Replies
    1. me too aggreed

      Delete
    2. පැහැදිලිවම. අනික කාටවත් මෙන්න මේකයි සක්වල තක්සලාව කියල අර්ථ දක්වන්නත් බෑ. ඒක තමන් විඳපු හැටි කියනවා මිසක්

      ගිරවි

      Delete
  2. විශ්ව විද්‍යාලයෙන් සමාජය හැදීමට වඩා සමාජයෙන් විශ්ව විද්‍යාලය හැදීම නිසා තමයි දේශපාලනෙත් ගානට ඇ‍ටුවම් බැහැලා තියෙන්නෙ, නැද්ද?
    henryblogwalker the Dude

    ReplyDelete
  3. හම්මූ....මෙව්ව අහනකොට බයට් හිටෙනව අෆ්ෆා.....:(

    ReplyDelete
  4. මගේ කැම්පස් පටන් ගත්තෙ මාර්තු 5 වෙනිදාක.. මාර්තු 11 අපෙ තාත්තා මිය ඇදුනා..බැච් එකේ සෙට් එකක් ආවා අපේ මල ගෙදර.. ඒ වෙනකොට මන් කැමපස් එකේ පය ගහලා තිබ්බෙම එක දවසයි..මට මතකයි සභාවෙ එකෙක් මට ඕක කියලම වලියක් ඇද්දා සෙකන්ඩ් ඉයර් එකේ..උන්ට සපෝට් කරන්නෙ නෑ කියලා.. ඌ කීවෙ බැච් එකේ මුලින්ම මල ගෙදරකට ගියේ උඹලයෙ දිහා කියලයි..ඒත් මන් දේශපාලනේට අකමැති නිසා කොයි පක්සෙ එකවත් ඇයි හොඳයි තිබ්බෙ නෑ..හැම පක්සෙම අයව ආශ්‍රය කලා..හෆ්ෆේ ඔය අවුරුදු හතරට ගිය මල ගෙවල් කන්දරාව..

    ReplyDelete
  5. සමාජයට ඕන විදිහට විශ්ව විද්‍යාලය වෙනස් වෙන එක කාලීන සත්‍යයක්!විශ්ව විද්‍යාලය තුලින් සමාජය බලාපොර්තුවෙන සමාජීය විප්ලවය වෙන එක නැවතිලා ගොඩක් කල් බං~ ඒ සඳහා ඕන කරන මානසික හා දේශපාලනික පරිණතභාවය අද විවි ශිෂ්‍යා තුල නැහැ කියලයි මං හිතන්නේ!

    ReplyDelete
  6. බැච් ෆිට් එක උනත් ගානට තියෙනවා නම් අවුලක් නෑ.
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නෑ.

    ReplyDelete
  7. ඇත්තමයි. මෙඋ ගැන ඔබ ලියන එක නම් වටිනවා. මම දැන් සක්වළ තක්සලාවෙන් පිටවෙලත් සෑහෙන කාලයක් වෙනවනේ. මේ වෙනකොට අර බැච් ෆිට් එකට හිටිය අයගෙන් දෙන්නයි ඉඳ හිටවත් කෝල් එකක්වත් දෙන්නෙ. ඒත් මගේම බැචී වෙච්චි වෙද හාමිනේගේ බෝඩිමේ සෙට් එක අදටත් එකට ඉන්නවා. අපි මොක නැතත් ඉගෙනීමට එක දෙන්න ඕනෙ. කවද හරි තමන්ට ඉතුරු වෙන්නෙ එච්චරයි. බැච් එකේ එකෙක් උන්නද මළාද බලන්න එන්නෙ නැහැ. මම ගෙදර ගෙනත් තියාගෙන කන්න දීල උදව් කළ වුන් අද මගේ ගේ ඉඳලා හූවක දුරින් ඉන්නවා. නිකමට හිනාවෙලා නොයන. ඒකත් ලේසියි. නැත්නම් වැඩකට නැති කතා නිසා මගේ කාලේ විනාශ වෙනවා. අලුත් අය මේ පූසා කියන දේ හොදට හිතට ගන්න. මේක තමයි ඇත්ත.

    ReplyDelete
  8. බැච් ෆිට් එක නම් පට්ට බොරුවක්.....කොහොමටත් බොක්කෙන්ම ෆිට් වෙන එවුන් කවදත් එහෙම්මමයි...අනිතින් උන් මොකෝ කැම්ප්ස් ගිය කියල මැරිල උපදිනවායැ....සාපේක්ශයි නෙ මචෝ...ඕක කැම්පස් විතරක් නෙවෙයි හැම තැනකම් තියෙනව...දෙන් වැඩ කරන තැනක් පොදු වැඩක් තිබ්බොත් ෆිට් එවුන් එනවා...වැඩිමනක් උන් මිස්සින්ග්....ලොක්කගෙ reviews වලට teamwrk එහෙම තියෙනවා නම් ඕන් වැල නොකැඩී..:P......

    ReplyDelete
  9. super like machang .....gud article.....

    ReplyDelete
  10. මෙන්න කෙල්ලෝ වැඩියෙන් හොඳට ඉගෙනගන්ට තවත් හේතුවක්. එයාලා 'වලිවලට' යන්නේ නෑ.:)

    ReplyDelete
    Replies
    1. attha!Attha!...kolloth wediyama 'වලිවලට' patalenne කෙල්ලෝ hinda nemeine...

      Delete
    2. මටත් ඕකම හිතුනා අනේ!!!:D

      දැන් මේ වොලිබෝල් ගහන්ට ගිහින් වලි දාගෙන තියෙන්නෙත් කෙල්ලෝ හන්දද?:)))

      Delete
    3. // එයාලා 'වලිවලට' යන්නේ නෑ.// මොන පිස්සුද අනේ.සමහර අය යනවා.අපිත් එක්ක අවුරුදු ගානක් තිස්සෙ වලි දාන අයගෙ බැච් වල ගෑණු ලමයි තමයි කොල්ලන්ට පොලු,ගල් එහෙම සප්ලයි කරලා තිබුනේ...:D

      ඒත් අපිටනම් වලිය පැත්ත පලාතටවත් යන්න දුන්නෙ නෑ.

      Delete
  11. //විශ්ව විද්‍යාලය ඒ ලෙවල් ළමයි හිතාගෙන ඉන්න ජාතියෙ සුන්දර සිහින ලෝකයක්වත්, සමහරු හිතාගෙන ඉන්න ජාතියෙ අමු අපායක්වත් නෙවෙයි. කැම්පස් එකට එන්නේ මේ සමාජයෙන්ම බිහි කරලා ඇති දැඩි කරපු ළමයි. ඒ හින්දා විශ්ව විද්‍යාලය කියන්නේ මේ සමාජයේම තවත් එක පැතිකඩක් විතරයි.//

    සම්පුර්ණයෙන් ම එකඟයි.. අපේ නම් තාම බැච් ෆිට් එක උපරිමෙන් තියෙනවා..(තාම පලවෙනි අවුරද්ද නේ) තව අවුරුදු දෙක තුනකින් ඉතිරි හරිය බලමු!!

    ReplyDelete
  12. හොඳ වෙලාවට අපි කැම්පස් නොගියෙ. :D

    ReplyDelete
  13. මමත් පුරුපුරුගේ තක්සලාවෙම තමයි. වෙන faculty එකක, දැනට තුන් වෙනි අවුරුද්ද. වලිවලට යන එකෙන් ඉගෙනීමට ලොකු හානියක් වෙනව කියන එක මමත් පිලිගන්නවා, සමහර විට එහෙම වලි වලට යන අය නිසා (ඒ ගොල්ලොන්ගෙ ගොං වැඩ නිසා )වලිවලට නොයන ලමයින්ටත් ඉගෙන ගන්න නැති වෙනවා.
    රැග් එකේදි batch ෆිට් එක වැඩි කරනව කියලා කරන්නේ තමන් මෙලෝ දෙයක් දන්නේ නැති අයව විශ්වාස කරන්න කියල බල කරන එකයි මට දැනෙන හැටියට නම්.
    රසවත්ව ලියලා තියෙනවා. දිගටම ලියන්න සුබ පැතුම්!

    ReplyDelete
  14. ෂහ් කියවද්දි ආසා හිතෙනවා මාර සමාජයක්නේ කැම්පස් එක ඇතුලේ තියෙන්නේ... කලින් එකේ කියලා තිබ්බ මත්පැනට ඇබ්බැහි වීමේ කේස් එක නැත්තම් සෑහෙන්න වටිනවා... ඒක නෙමෙයි අයියේ දැං ඔය කෙල්ලෝ පිටින් තියං හිටිය එෆෙයාර් නවත්තන්නේ ඇතුලෙන් එන බලපෑම් හින්දද නැත්තම් ආඩම්බරකමක් හිතට වද්දගෙනද?? එතකොට කොල්ලෝ දෙන්නා තුන්දෙනා රන් කරනකොට අනික් කොල්ලෝ සාධාරණව විරුද්ධ වෙනවද නැත්තම් ඒකට සපෝට් කරනවද

    ReplyDelete
  15. කැම්පස් ජීවිතේ ගැනනං වෙනම ලියන්න වෙනවා අප්පා!!! කැම්පස් ගිහින් පලවෙනි අවුරුද්ද ඉවර වෙනකොට මමත් රට වටේම ඇවිද්දා!!! දඹුල්ල , කතරගම , ඇල්පිටිය , අම්පාර , බතලේගල , මැල්සිරිපුර , අම්බුළුවාව , යාපනය , වවුනියාව , කන්නෙලිය , මිනුවන්ගොඩ , අලුත්ගම , බෙන්තර , මීගමුව , මතුගම , පයාගල , අනුරාධපුර , දියතලාව , හන්තාන , ගාල්ල , කලවාන , නුවර ඇතුළු එකී මෙකී නොකී හැම අස්සක් මුල්ලක් නෑරම ගියා!!! මල ගෙවල් , දාන ගෙවල් , ට්‍රිප් , උපන්දින සාද වගේ හේතු ගොඩකුත් තිබුනා ඔය ගමන්වලට!!! එක දිගට දවස් 3,4 ක් නිදිමරලා , සතියක් ලෙඩ වෙච්ච වෙලාවලුත් තිබුනා ඔය ගමන් අතරතුර!!! එකතු කරගත්තු මතක ගැනනං කිසිම අවුලක් නැහැ හිතේ... ඒත් කැම්පස් එකේ දැන් වෙන සමහර දේවල් දැකලා , කලකිරෙනවා වෙලාවකට අපේ කාලෙයි , සල්ලියි වියදම් කරලා හම්බුකරපු "මනුස්සකම" කෝ කියලා!!!

    මම තාම දෙවෙනි අවුරුද්දේ නිසා ඉස්සරහ ගැන මුකුත්ම කියන්න බැහැ... ඒත් බොක්කෙන්ම ආශ්‍රය කරන මිනිස්සු ටිකක් ඉන්නවා... උන් ටික වෙනස් වෙන එකක් නෑ කියලා හිතෙනවා......

    ReplyDelete
  16. සිරා ආ..

    ඒ මතකය විතරයි මචං ඉතිරි වෙන්නේ.. අපි ඉස්කෝලෙ කාලෙ මතක් කරනව වගේ... බොලාලා කැම්පස් කාලෙ මතක් කරනවා.. :)

    ජයෙන් ජය !

    ReplyDelete
  17. අපෝ ඒ කාලේ මළගෙවල් හොයාගෙනනේ යන්නේ . කැම්පස් ජිවිතේ ගැන මේ ලිපිටික මට කියවන්න බැරි වෙලා . ඉතුරු ටිකත් කියවන්න ඕන .

    ReplyDelete
  18. හ්ම්..... ඔය ෆිට් ගැන නම් කතා කරලා වැඩක් නෑ.අවුට් වෙලත් කාලයක් ගියාම තමා සමහර අයව අදුන ගන්න පුලුවන් වෙන්නෙ.

    ReplyDelete
  19. කෝ මල්ලිලා මාලුකට්ටා සහ චාටර්මාලි 3 කොටස????

    ReplyDelete
  20. aiyo ara kathawe anthima kotasa liyanne nadda :/

    ReplyDelete
  21. අනිවා ඩෙෆා!!!අපි තාම 1 වසරේ නිසා මාසෙකට 7 දවසවල් 8 ක් වත් set වෙනවා!!!

    ReplyDelete
  22. හප්පේ...ඔන්න යන්තම් කියවල ඉවර කොරා..දවස් 3ක් තිස්සේ වැඩ ඇරිලා ඇවිත් මහා රෑ වෙනකන් බ්ලොග් ගඩොල් කියෙව්වා...ඒ කියවල ගිහින් කන්තෝරුවේ නිදා ගන්ඩත් උනා පොඩ්ඩක් විතර(ඒකටනම් ඉතින් නිදි මරන්න ඕනෙද )හික් හික්.. !! .මම කියවපු පට්ටම බ්ලොග් එකක්..දිගටම කරගෙන යන්න පුසනේ..අපෙන් සුබ පැතුම්..!!

    ReplyDelete
  23. හප්පේ...ඔන්න යන්තම් කියවල ඉවර කොරා..දවස් 3ක් තිස්සේ වැඩ ඇරිලා ඇවිත් මහා රෑ වෙනකන් බ්ලොග් ගඩොල් කියෙව්වා...ඒ කියවල ගිහින් කන්තෝරුවේ නිදා ගන්ඩත් උනා පොඩ්ඩක් විතර(ඒකටනම් ඉතින් නිදි මරන්න ඕනෙද )හික් හික්.. !! .මම කියවපු පට්ටම බ්ලොග් එකක්..දිගටම කරගෙන යන්න පුසනේ..අපෙන් සුබ පැතුම්..!!

    ReplyDelete
  24. මට නම් බැච් ෆිට් එක ගැන තියෙන්නෙ බොහොම සුන්දර මතකයන් ටිකක්. මම හදිසි අනතුරකට පත් වෙලා මාව රොහල් ගත කරන්න උන වෙලාවක මට ඇඬුනා අපේ බැචාලා මම වෙනුවෙන් කාපු කට්ටට. ඒත් අද වෙනකම් කවදාවත් කවුරුවත් මට කියලා නෑ " උඹ වෙනුවෙන් අපි සති ගානක් මහ රෑ මේ වගෙ කටු කෑවා කියලා" ඉඳහිට ප්‍රශ්න ඇති උනත් අපි අවුට් වෙලා දැන් අවුරුදු 5ක් උනත් තාමත් අපි මුණගැහෙනවා හැම අවුරුද්දකම. අපි ඩිග්‍රී එකත්නියමිත කාලෙදි සම්පූර්න කරගත්තා. කවුරුවත් ෆේල් උනේ නෑ. ගොඩාක් අය ලොකය පුරා ලොකු ලොකු තැන්වල හිටියත් පාරෙදි දැක්කොත් යන්න ගිය ගමන පොඩ්ඩකට පරක්කු කරලා ආපහු ඇවිත් කතා කරල යන යාලුවො ටිකක් ලැබුනා මට නම්. තාමත් ඒ ෆිට් එක තියනවා. වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. අපේ සීනියර්ස්ලා උනත් මගදි දැක්කොත් " නංගි, ඔයා ......... සක්වල තක්සලාවේ ........කඩේ නේද" කියලා අහපු වාර ගණන් අනන්තයි. ඒ ගැන කියන්න ගියොත් මටත් බ්ලොග් එකක් ලියන්න වෙයි. හී හී

    ගිරවි

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???