අඹ යාලුවෝ

Saturday, April 28, 2012

කැම්පස් ලයිෆ් - දින දින වලට යන අපේ පිරිමි පරපුර 2


මම කලින් ලිපියෙදි කිව්වේ කොල්ලන්ට කැම්පස් එකට එන්න කොච්චරනං අමාරුකම්, බාධක තියෙනවද කියලනේ. ඉතිං අද කියන්න යන්නේ කැම්පස් ආවට පස්සේ මේ කට්ටියට මොකද වෙන්නේ කියලා.

කැම්පස් ආපු හැටියේ කොල්ලන්ට වගේම කෙල්ලන්ටත් ෆේස් කරන්න වෙන අත්දැකීමක් තමයි රැග් එක කියන්නේ. රැග් එකේදි සිද්ද වෙන්නේ ප්‍රධාන වශයෙන්ම බ්‍රේන් වොෂ් එකක්. ඒ කියන්නෙ රැග් එක කන්න කැම්පස් එකට යන මනුස්පයා නෙවෙයි රැග් එක ඉවර වුනාට පස්සෙ ඉතුරු වෙන්නේ. කොටින්ම රැග් එක නැති තැන්වල පවා අලුත් ළමයින්ව බ්‍රේන් වොෂ් කරන්න විශේෂ වැඩ පිළිවෙලවල් තියෙනවා.

ඉතිං කලින් කිව්වා වගේ ගෑනු පිරිමි දෙපාර්ශ්වයම මේ ක්‍රියාවලියට භාජනය වුණාට, වැඩිපුර රැග් එකට සහ බ්‍රේන් වොෂ් එකට ලක් වෙන්නේ පිරිමි ළමයින්ව. මොකද කැම්පස් එකේ තීරණ ගැනීමේදී සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ගේ මතය සත පහකට ගනන් ගැනෙන්නෙ නෑ. හැබැයි ඉතිං බොරුවට ගනං ගන්නවා වගේ පෙන්නනවා. නැත්තං හරි නෑ නොවැ! එතකොට කැම්පස් වැඩ කටයුතු වල මූලික තැන ගන්න පිරිමි ළමයින්ගෙ මොළේ තමන්ට ඕනෙ විදිහට හැඩගස්ව ගත්තාම සීනියර්ස්ලාට ඇති. ඕක තමයි කොල්ලන්ව වැඩිපුර රැග් වීමේ හේතුව. ඉතිං මේ රැග් එකේදි සහ ඊට පස්සේ පිරිමි ළමයින්ගෙ අධ්‍යාපනයට කණ කොකා හඬන්නෙ කොහොමද?

රැග් එකේදි සීනියර්ස්ලා කරන්නෙ අලුතෙන් ආපු කොල්ලන්ව හොඳට නිරික්ෂණය කරන එක. ටික දවසක් රැග් වෙද්දි අදාල කොල්ලා දැඩි ගතිගුණ තියෙන ඩයල් එකක්ද, නැත්තං සියුමැලි මටසිළුලු ඩයල් එකක්ද කියලා අයියලාට තේරුම් ගන්න පුලුවන්. ඉතිං මේ අය කරන්නෙ පිරිසක් අතරේ නායකත්වය ගන්න පුලුවන් කියලා හිතෙන කීප දෙනෙක්ව ස්ටුඩන්ට් යූනියන් එකට පත් කරන්න බලාගෙන වෙනම ට්‍රේන් කරලා, අනිත් අයව ඒ කට්ටියත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න ට්‍රේන් කරන එක. ඒ කියන්නෙ රැග් සීසන් එක ඉවර වෙද්දි කැම්පස් එකට ආපු ඔක්කොම කොල්ලෝ “එළ කොල්ලෝ“ බවට පත් වෙලා තියෙන්නෙ ඕනෙ. අවාසනාවට කැම්පස් එක ඇතුළේ කොලුකම මනින ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙන්නෙ බොන එක.

ඒ දවස්වල හවස්වරුවෙ අයියලා රැග් කරද්දි අනිවාර්යයෙන් කොල්ලන්ගෙන් අහපු ප්‍රශ්න තමයි

“මල්ලි උඹ බොනවද?“
“මල්ලි උඹ කවදාහරි බීලා තියෙනවද?“

වගේ දේවල්. ඇත්තටම එතනදි බොන්නෙ නැති කොල්ලන්ට බලෙන් පොවන්න උත්සාහ කරන්නෙ නැති වුණත් සිද්ද වෙන්නෙ බොන කොල්ලන්ව වීරයො බවට පත් වෙන එක. ඊටපස්සෙ අයියලාගෙ හිතවතුන් වෙන්නෙ, බැච් එකේ මූලික ස්ථානය හම්බවෙන්නෙ බොන කට්ටියට. ඇත්තටම මේ කාලෙදි අලුතින් ආපු කොල්ලෝ හරිම කැමතියි බැච් එකේ කැපී පේන කැරැක්ටර් එකක් වෙන්න. ඒක හින්දා සමහරු කරන්නේ බොන සමාජයට වැටෙන එක. 

පුරුපුරු දන්න ඕනෙ තරම් කැම්පස් කොල්ලො ඉන්නවා කැම්පස් එකට එන්න කලින් කවදාවත් බීලා නැති, ඒත් කැම්පස් එකට ආවට පස්සේ බොන්න පුරුදු වෙච්ච, ඒ වගේම බීමෙන්ම තමන්ගෙ ජීවිතය සහ අධ්‍යාපනය නාස්ති කරගත්ත කට්ටිය. මොකද අලුතින් බොන්න පුරුදු වෙච්ච අයට හරිම අමාරුයි තමන්ගෙ බීම කොන්ට්‍රෝල් කරගන්න. විශේෂයෙන් ඉන්න සමාජයත් තව තවත් ඒකටම අනුබල දෙද්දි වැඩේ කොහොමත් අමාරුයි. විශේෂයෙන් කොල්ලො වෙනම හොස්ටල් වල ජීවත්වෙන පේරාදෙණිය වගේ කැම්පස් වල මේ තත්ත්වය කොළඹ, ජ‘පුර වගේ කැම්පස් වලටත් වඩා ගොඩක් බරපතලයි. පුරුපුරු කියන්නේ මත්පැන් වලට විරෝධියෙක් නෙවෙයි. ඒත් ඇත්තටම බොන්න අවශ්‍යතාවයක් නැතුව පොරත්වය පෙන්නන්න විතරක් බොන එක මහා වෘෂභ රංගනයක්.

බොන එක විතරක් නෙවෙයි, ගන බලනවාද? වැල රේට් එක කීයද? කාන්තා ඇසුර වගේ දේවලුත් බීම තරම්ම නැතත් රැග් එකේදි මතුවෙන ප්‍රශ්න. පුරුපුරුලා දෙවෙනි වසරෙදි අලුතින් ආපු එක කොල්ලෙක් ගණිකාවො පස් දෙනෙක් ඇසුරු කරලා තියෙන බව කිව්ව හින්දා මෑන්ස් පූසාගේ බැච්මේටයො අතරෙ හෙන පොරක් වෙලා හිටිය බව පුරුපුරුට මතකයි. 

ඒ වගේම ලෙක්ච්ර්ස් කට් කරන එකත් හෙන වීර ක්‍රියාවක් කියලයි රැග් කාලය අතරතුරේ කොල්ලන්ට ඇඟවෙන්න සලස්වන්නෙ. ඉතිං සමහර කොල්ලො කරන්නෙ පළවෙනි අවුරුද්දෙ ඉඳලාම ලෙක්චර්ස් වලට නොගිහින් ඉන්න එක. ඇත්තටම කැම්පස් එකේ සමහර දේශන වලට සහභාගි වෙලා පැයක්වත් වාඩිවෙලා ඉන්න එක බොහොම අමාරු වැඩක් තමයි. ඒත් බහුතරයක් කොල්ලො කරන්නෙ බොරු කතාවලට රැවටිලා හොඳ රසවත් දේශන පවා කට් කිරීම. අන්තිමට ලෙක්චර්ස් වලදි විතරක් කියාදීපු, පොත්වල හොයාගන්න අමාරු කරුණු විභාගෙට ආවාම කොල්ලො කට්ටිය මෑඩ් ලිවර්* තත්ත්වයට පත් වෙනවා.

කලින් ලිපියේදී ගොඩක් දෙනෙක් කොමෙන්ටු වලින් මතුකරලා තිබුනු කාරනාව තමයි කෙල්ලන්ට කටපාඩම් කරන්න හැකියාව තියෙන බවයි, කොල්ලන්ට ඇප්ලිකේෂන් හැකියාව තිබුනත් කටපාඩම් කරන්න අමාරු බවයි. මේකෙ ඇත්ත නැත්ත කොහොම වුණත් හැමෝටම පිළිගන්න වෙනවා කෙල්ලෝ හැමදාම ලෙක්චර්ස් යන බවත්, කොල්ලන්ගෙ ලෙක්චර්ස් යාම අඩු බවත්. ඒ වගේම කෙල්ලො අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන කාලයෙන් බාගයක්වත් කොල්ලො අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්නෙ නෑ. ඒ වගේම තමයි වෙනත් තේරුමක් නැති දේවල්වලට කොල්ලො වැය කරන කාලය ඉතාම වැඩියි. උදාහරණයක් විදිහට තුම්මුල්ල සයන්ස් ෆැකල්ටි එකේ කොම්පියුටර් ලෝන්ජ් එකේ හිටියා වෙන කිසිම වැඩක් කරන්නෙ නැතුව දවසම ඕක ඇතුලට වෙලා කොම්පියුටර් ගේම්ස් ගගහා හිටපු සෙට් එකක්. ඒ අයගෙන් අඩුතරමේ කීප දෙනෙක්වත් තමන්ගෙ එග්සෑම් ඇනගත්තා.

කලින් ලිපියෙදි කිව්වා වගේ කැම්පස් එකට එද්දි ගොඩක් කොල්ලන්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ. ඉතිං අපේ කට්ටිය කරන්නේ පළවෙනි අවුරුද්දෙදීම, එහෙමත් නැත්තං දෙවෙනි අවුරුද්දෙදි හරි කොහොමහරි ට්‍රයි කරලා ගෑනු ළමයෙක් එක්ක යාලු වෙන එක. මොකද පළවෙනි අවුරුද්දෙ අන්තිම වෙද්දි බහුතරයක් ගෑනු ළමයි කැම්පස් එකෙන් එළියෙදි යාලු වෙලා හිටපු කොල්ලත් එක්ක තිබුන එෆෙයාර් එක නවත්තලයි ඉන්නේ. ඉතිං මේ වැඩේටත් කොල්ලන්ගෙ කාලය, ශ්‍රමය අම්බානට වැය වෙනවා. ඒත් උවමනාවක් තියෙන කොල්ලෝ ලව් කේස් හින්දා අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නේ නෑ.

හැබැයි ප්‍රශ්නෙ මතුවෙන්නේ තිබුන ලව් කේස් එක දෙදරලා ගියාට පස්සේ. මොකද කැම්පස් එක ඇතුලෙදි පටන්ගන්න සම්බන්ධ වුණත් සමහර වෙලාවට ඇතුලෙදිම නැතිවෙලා යනවා. එහෙම වුණාම කලින් ලව් කරලා බූට් එක්ස්පීරියන්ස් නැති කොල්ලන්ට සෑහෙන්න අමාරු වෙනවා දරාගන්න. (මේකෙ අනිත් පැත්ත සිද්ද වෙන වෙලාවලුත් නැතුවාම නෙවෙයි). පුරුපුරු දන්න කොල්ලෝ දෙතුන් දෙනෙක්ම තමන්ගෙ අධ්‍යාපනය කඩා කප්පල් කර ගත්තා මේ හේතුව හින්දා. ඒ ගැන වෙනම ලිපි පස්සෙ කාලවලදි ලියවෙයි.

ඒ වගේම රැග් සීසන් එකේ සිද්දවෙන තවත් දෙයක් තමයි කොල්ලන්ට තමන්ගෙ ඉදිරි කැම්පස් ජීවිතය පවත්වගෙන යන්න ඕනෙ මොන ස්ටයිල් එකෙන්ද කියලා ඒ ගැන කිසිම සුදුසුකමක් නැති අයියලා තෙල් ගහන එක. උදාහරණයක් විදිහට පුරුපුරුලාට ඒ දවස්වල කිව්වේ සයන්ස් ෆැකල්ටි කොල්ලෙක්ගේ පරම යුතුකම දවසේ වැඩි හරියක් කැම්පස් එක ඇතුලට වෙලා විනෝදෙන් කාලෙ ගතකිරීම බව. මේ වැඩේට කියන්නේ “අල“ වෙනවයි කියලා. ඉතිං කැම්පස් එක ඇතුලෙ අඩුගානෙ රෑ හත වෙනකම්වත් ඉන්න පුලුවන් කොල්ලන්ව තමයි “නියම අලයො“ කියලා හැඳින්නුවේ. ඇත්තටම දැන්නම් ඒ තත්ත්වය තරමක් අඩුවෙලා තිබුනත් පුරුපුරුලාගෙ බැච් එකේ සෑහෙන්න කොල්ලො හිටියා රෑ වෙනකං ඕපන් කැන්ටිමට වෙලා අල වෙච්ච. 

මේ ළඟදි පුරුපුරුගෙ යෙහෙළියක් ප්‍රැක්ටිකල් වෙලාවෙ ලැබ් එකේදි දෙවෙනි වසරෙ කොල්ලෙක්ගෙන් ඇහුවා මොන ස්පෙෂල් එකද කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ කියලා. පූසත් ඉතිං මේ සංවාදෙ දිහා බලාගෙන හිටියෙ. මෙන්න බොලේ මූ ගත් කටටම කියපි

“ස්පෙෂල්? අයි ඩෝන්ට් වෝන්ට් ටු බිකම් අ නර්ඩ් මිස්“

මෑන්ස් කියන විදිහට විශේෂ උපාධියට යන්නෙ නර්ඩ්ස්ලා. එහෙමත් නැත්තං අධ්‍යාපන ඩයල්. කූල් ඩයල් එකක් වෙච්ච ඒ කොලුවාගෙ අරමුණ ස්පෙෂල් නොගිහින් සිටීම. ඉතිං මේ වගේ මානසිකත්ව තියෙද්දි, රෑ වෙනකං කැම්පස් එකේ අල වෙද්දි කොල්ලො කොහොමද වලට නොගිහින් ඉන්නේ? පුරුපුරුගෙ අදහසනං විද්‍යා පිඨයට එන්න ඕනෙ විද්‍යාව පැත්තෙන් ඉස්සරහට ගිහින් තමන්ගෙ රටට වැඩක් කරන්න ආසාව තියෙන මිනිස්සු කියලා. නැත්තං ඒක ලංකාවෙ විද්‍යාව හදාරන්න ආසාවෙන් ඉන්න, සයන්ස් ෆැකල්ටි එන්න බැරිවුණ ළමයින්ට කරන අසාධාරණයක්. මේ ගැනත් වෙනම ලිපියක් පස්සෙ ලියන්න ඕනෙ.


* මෑඩ් ලිවර් - පිස්සු පීකුදු

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. yer very interesting article gud wrk brother

    ReplyDelete
  3. තනි වචනයයි....හීනමානය......:P....afi nodanna ragg...hee heee...nice article....:P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ!!! මේකත් කියවන්න

      http://bloggadol.blogspot.com/2012/04/blog-post.html

      Delete
  4. ප්‍රස්න තියනවා
    "අවාසනාවට කැම්පස් එක ඇතුළේ කොලුකම මනින ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තියෙන්නෙ බොන එක."
    දැන් එහෙමද කොලුකම මනින්නේ කැම්පස් වල?

    "විශේෂයෙන් කොල්ලො වෙනම හොස්ටල් වල ජීවත්වෙන පේරාදෙණිය වගේ කැම්පස් වල මේ තත්ත්වය කොළඹ, ජ‘පුර වගේ කැම්පස් වලටත් වඩා ගොඩක් බරපතලයි."
    ඒකත් දැං එහෙමද. මොකද අපි හිටපු කාලේ නම් බීම නිසා සබ්ජෙt ඇණගත්ත එකෙක් ගැන මම ජීවිතේට අහල තිබ්බෙ නෑ.අර කෙල්ලෙක්ගෙ සීන් එක්කට සයන්ස් එකෙ කොල්ලෙක් සියදිවි හානිකරගත්තෙ නම් අපි ඉන්න කාලේ. අනික කැම්පස් ඇවිල්ලා බීම පටන්ගන්නවා කියන එකට මම දකින තව හේතුවක් තමා කොල්ලෙක් ඉස්සරලම කියලා ගෙදර,ගුරුවරුන්ගෙ නීති වලින් මිදිලා තනියෙන් ජීවත් වෙන්න පටන්ගන්න පලවෙනි තැන. එතකොට ඕක ටැස්ට් කරලා බලන්න හිතෙන එක මහ ලොකු කාරණාවක් නෙවේ මම හිතන්නේ. බීලා නාස්ති වෙනවද බීලා 'පොරවල්' වෙනවද කියන එක මම දකින විදියට පර්සනැලිටි පිලිඹඳ ප්‍රශ්නයක්. අපෙ කාලේ නං බීපු එවුන් හිටියා හැබැයි බීලා "පොරවල්" වෙච්ච එවුන්නම් හිටියෙ නෑ.

    පැහැදිලිවම 'ගොඩක් මහන්සි වෙලා ඉගන ගන්න ඕන නෑ ' කියන මතය පොඩි එවුන්ගෙ ඔලුවලට දාන එකට නම් මමත් පැහැදිලිවම විරුද්ධයි

    ReplyDelete
  5. oya decisions ganna kota kellange opinion satha 5kata ganan ganne na kiyana eka hama campus ekema ehemai. Balu balmata penne eka kellanta padui kiyala. Eth anthimata baluwama kellanta e decision walata pitin gihin hari thaman kamathi de karanna ganunta haiya thiyenawa. Thaman kamaththe hari akamaththen hari set ekata ona widiyata, pora wenna hadala kela kara ganne kollo machan.

    Api ithin hithanawa kello api decide karana hama dema pili aran innakota un api kiyana de ahanawa kiyala. Eth aththa kathawa eyalata e ganna decision echchara thamanta adala dewal kiyala salakanne nathi ekai. Eyalata ewata wada thaman apu goal ekata focus karanna puluwan.

    ReplyDelete
  6. oya decisions ganna kota kellange opinion satha 5kata ganan ganne na kiyana eka hama campus ekema ehemai. Balu balmata penne eka kellanta padui kiyala. Eth anthimata baluwama kellanta e decision walata pitin gihin hari thaman kamathi de karanna ganunta haiya thiyenawa. Thaman kamaththe hari akamaththen hari set ekata ona widiyata, pora wenna hadala kela kara ganne kollo machan.

    Api ithin hithanawa kello api decide karana hama dema pili aran innakota un api kiyana de ahanawa kiyala. Eth aththa kathawa eyalata e ganna decision echchara thamanta adala dewal kiyala salakanne nathi ekai. Eyalata ewata wada thaman apu goal ekata focus karanna puluwan.

    ReplyDelete
  7. හ හා දැන් කාලේ නම් 7.00ට නෙමේ 6.00ට ගියත් ඕපන් කැන්ටීන් එකේ කන්න බොන්න දෙයක් නෑ. ඉස්සර රෑ වෙනකම් ඇරලා තිබුන කැන්ටීන් එක දැන් කලිනම් වහලා දානවා. වෙජිටේරියන් ලමයෙක් ආවොත් එහෙම නම් ඒ ලමයට කොහොමත් කන්න දෙයක් නෑ.
    දැන් තත්වේ ගොඩක් වෙනස්. දැන් කාලේ නම් ඔය වෙලාවට ලමයෙක්ව හොයා ගන්නවා කියන එක සෑහෙන අමාරුයි MSc එකට පාඩම් කරන්න ආපු කීපදෙනෙක් හරි තනියම කොමන් එකට වෙලා පාඩම් කරන එක්කෙනෙක් දෙන්නෙක් හරි ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. අයියෝ එහෙමද? :( අවුරුදු 3කින් විතර යන්න බැරි වුනා. ඒ කාලෙනම් ගොඩක් රෑ වෙනකල් ඇරල තිබ්බ.

      Delete
  8. කතාව සම්පූර්ණ ඇත්ත. සීනියර්ස්ල කියන දේවල් අහල අල වෙලා, බොන්න ඇබ්බැහිවෙලා ජීවිතේ නාස්ති කර ගත්තු කට්ටිය අපේ කාලෙත් ඕනෙතරම් හිටිය. පව් සමහර අහිංසක ළමයි දුර ඉදන් ඇවිත් සීනියර්ස්ල නිසා නිකම් නොමඟ ගියා. අපිට කලින් යුනියන් එකෙත් හිටියෙ ගොඩක් ස්පෙශල් කට්ටිය. නමුත් අපෙන් පස්සෙ යුනියන් හිටපු සමහර අය ඩිග්‍රිය ගොඩදාගත්තෙත් අමාරුවෙන්. හේතුව තමයි තෙලේ වැරැද්ද සහ පොර වෙන්න බීම සහ අල වීම.

    ReplyDelete
  9. හැදෙන්නත් නැති වෙන්නත් කියාපු තැන තමා ඉතින් ඕක........

    ReplyDelete
  10. අෆි නම් එන කොටත් බීවා.....ඇවිල්ලත් බීවා...දැනුත් බොනවා.....ඒත් අලත් නෑ....වලත් නෑ....පචවෙලත් නැ...ෆොර වෙලත් නෑ....තාම නම් දෙයියනෙ කියල ඉන්නව...අදටත් කැම්පස් ජීවිතෙ මතක විඳිනවා...හැබැයි 50% 50% තම...සුන්දරයි අසුන්දරයි...ජීවිතෙමම කොටහක් නෙව...අපිත් බොග දැම්ම...ඒත් ගරිල්ලා බොග දැම්මේ නෑ...ප්‍රතිපත්ති හින්ද නෙවෙයි වුවමනා වුනෙ නැති හන්දා....හැබැයි කාටවත් කෙලවලත් නෑ.....කිසිම generalize දෙයක් කරන්න බෑ....අනික කැම්පස් එක්න් කැම්පස් එකට ඕක වෙනස්...1st 2nd year වල දකින දේ නෙවෙයි අන්තිම වෙනකොට තමා තේරෙන්නෙ කෙලවෙලා විත්තිය...ඕක මුල ඉඳන්ම තෙරුම් ගත්තු උන් ගානට ඉන්නව..balance eke එකෙ තියාගෙන...ඔනිම දෙයක් ඔනිවට වඩ තිබ්බම දෙල්ම තමා...cheers....:)...

    ReplyDelete
  11. මා නොදැක්ක විසිතුරැ ලොව මට පවසනවද ඔයා

    ReplyDelete
  12. බොක්කෙන්ම කියන වටිනා සිරා කතා ටිකක් ,නුබට ජයෙන් ජය

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???