අඹ යාලුවෝ

Sunday, March 18, 2012

කැම්පස් ලයිෆ්



වෙනදා පස්ස පැත්තට ඉර අව්ව වැටෙනකං නිදාගන්න අපේ පුරුපුරු එදා නැගිට්ටේ ගෙදර අනිත් මිනිස්සු නැගිටින්නත් කලියෙන්. ඒකට හේතුව වුණේ මෑන්ස්ට වෙනදා වගේ කලින් දවසේ හොඳට නින්ද ගියේ නැති එක. ඇත්තටම එදා අපේ පූසාගේ ජීවිතේ බොහොම වැදගත් තීරණාත්මක දවසක්. ඒ වගේම රටේ හිටපු ලක්ෂ ගානක් ළමයින්ගේ ජීවිතවල තීරණාත්මක දවසක්. මොකද එදා තමයි ඒ ලෙවල් රිසල්ට්ස් එන්න නියමිත වෙලා තිබුණේ.

ඉතිං පුරුපුරුට නින්ද නොගිය එක අහන්නත් දෙයක්යැ නේද? අවුරුදු දෙකක් තිස්සේ තමන්ගෙ කාලෙයි, සල්ලියි, මහන්සියයි වියදම් කරගෙන අමාරුවෙන් ෆේස් කොරපු විභාගේ ප්‍රතිඵල එද්දි හිත සලිත නොවී තියෙන්නේ කොයි මනුස්පයාගෙද? කොහොමහරි ඉතිං අපේ යාලුවා ටිකක් එළි වෙනකං බොහොම ටෙන්ෂන් එකේ තමයි හිටියේ. පපුවත් රත් වෙලා නිකං බිත්තරයක් දැම්මනං ඔම්ලට් වෙන ගානට.

අපේ පූසො සෙට් එක කතා වුණේ රිසල්ට් බලන්න ඉස්කෝලෙට යන්න කලින් ඉන්ටර්නෙට් එකෙන් බලමු කියලා. මොකද කට්ටිය කර කර හිටපු පිස්සු අප්සට් වැඩ වල හැටියට ඉස්කෝලෙ ගුරුවරුන්ට කියන්න තරම් ප්‍රතිඵලයක් ඒවි කියලා කවුරුවත් හිතුවෙ නෑ. කොහොමහරි පුරුපුරු ඒ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටපු හින්දා අනිත් පූසො එකඟ වුණාලු ගම්පහට ගිහින් ප්‍රතිඵල බලලා පුරුපුරුටත් කියන්න. ඒ දවස්වල අපේ පූසො කාටවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබුනෙ නෑ. ඒ වගේම මුලු පූස්ගමටම ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබුනෙත් නෑ. ඉතිං මේ හින්දා රිසල්ට් බලන්න ගම්පහටම යන්න සිද්ද වෙලයි තිබුනේ.

ඔය විදිහට කාලෙ ගතවෙලා ටිකක් දවල් වුණාම තමයි මාලුකට්ටාගෙන් පුරුපුරුට මෑන්ස් බලාපොරොත්තුවෙන් හිටපු කෝල් එක ආවේ. පුරුපුරුට මොබයිල් ෆෝන් එකක් තිබුනෙ නැති හින්දා මාකට් කෝල් එක දුන්නේ පූසාගේ ගෙදර ෆෝන් එකට.

“පුතේ! පුතේ!! මෙන්න මාලුකට්ටා පුතා කතා කරනවා...“

පුරුපුරුගෙ අම්මා කෝල් එක ආන්සර් කරලා පුරුපුරුට කෑ ගැහුවා. අපේ පූසාත් ඉතිං ගැහි ගැහී ගිහින් ෆෝන් එක ආන්සර් කළා. මාලුකට්ටායි, උපාසකයි ඒ වෙද්දි කට්ටියගෙම රිසල්ට්ස් බලලා. මෑන්ස් කියපු හැටියට මාලුකට්ටාගෙයි, උපාසකගෙයි, ඤාව්වාගෙයි රිසල්ට් අනුව ඒ අයට තව පාරක් විභාගෙ කරන්න වෙන තත්ත්වයකුයි තිබුනේ. මී කතුරාටනං යන්තං සතුටුවෙන්න පුලුවන් ප්‍රතිඵලයක් ඇවිත් තිබුනා. ඔය විදිහට මාලුකට්ටා පුරුපුරුගෙ ප්‍රතිඵලේ කිව්වේ කමල් අද්දරආරච්චි සුපර් ස්ටාර් අවසන් තරඟයේ ප්‍රතිඵල කියන්නා වගේ.

“මචං පුරුපුරු, උඹට බයෝ වලට “ඒ“ එකක් තියෙනවා“

මාලුකට්ටා මෙහෙම කියද්දි පුරුපුරුට ඇතිවුණේ ලොකු සතුටක්. බයෝ වලට ආපු ප්‍රතිඵලේනං අපේ පූසා කොහොමත් බලාපොරොත්තුවෙන් හිටපු එකක්.

“පුරු, උඹට ෆිසික්ස් වලටත් “ඒ“ එකක් තියෙනවා“

මාකට් මෙහෙම කියද්දිනං අපේ පූසාට ඇස් අදහාගන්න බැරි වුණා. ඇත්තටම පුරුපුරු කවදාවත් හීනෙකින්වත් හිතලා තිබුනේ නෑ ෆිසික්ස් වලට ඒ එකක් එයි කියලා. කොහොමහරි ඉතිං මේ සබ්ජෙක්ස් දෙකටම ඒ ආපු එකේ පුරුපුරු හිතුවේ මෑන්ස්ගෙ ෆේවරිට් සබ්ජෙට්ටුව වෙච්ච කෙමිස්ට්‍රි වලටත් ඒ එකක්ම එයි කියලා.

“මචං පොඩි කේස් එකක් තියෙනවා, උඹට කෙමිස්ට්‍රි වලටනං තියෙන්නෙ බී එකක්“

මිල්ස් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු. බැලින්නං පූසා කෙමිස්ට්‍රි විභාගේ එච්චරම හොඳට කරලා නෑ. කොහොමත් භෞතික රසායනය රචනා ප්‍රශ්නයක් ජෝන් බාස්ට ගිය වෙලේම පුරුපුරුට හිතුනා ඒ එකක් ගැන තිබුන බලාපොරොත්තුව බොඳ වෙලා ගියයි කියලා. කොහොම වුණත් මෑන්ස්ට හොඳ ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් එක්ක හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා තිබුනා. ඉතිං පූසාට තේරුම් ගියාලු තමන් යන්න බලාපොරොත්තුවෙන් හිටපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව උපාධියට ඇතුලත් වෙන්න මේ ප්‍රතිඵලයෙන් පුලුවන් වෙයි කියලා.

කැම්පස් යන්න පුලුවන් මට්ටමේ හිටියත් අපේ පුරුපුරුට කිසිම හැකියාවක් තිබුනෙ නෑ ප්‍රතිඵලය ගැන සතුටු වෙන්න. මොකද හැමදාමත් දුකේදි සැපේදි එකට හිටපු අනිත් පූසො රංචුවට සතුටු වෙන්න පුලුවන් මට්ටමේ ප්‍රතිඵල ඇවිත් තිබුනේ නෑ. ඒ වගේම වචනෙන් නොකිව්වත් පූසො කට්ටිය ඒ ගැන ගොඩක් දුකින් ඉන්නේ කියලා තේරුම් ගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ. ඉතිං උපාසකයි, ඤාව්වායි, මාලුකට්ටායි, මී කතුරායි තීරණය කළාලු දෙවෙනි පාරටත් විභාගෙ ලියන්න රිවිෂන් ක්ලාස් යන්න.

මෙහෙම කල් ගතවෙලා හවස් වෙද්දි තමයි පුරුපුරුට තේරුම් ගියේ තමන් තමන්ගෙ ප්‍රතිඵලය ගැන ගොඩක් සතුටු වුණාට ගොඩක් දෙනෙක්ට එහෙම හිතිලා නෑ කියලා. නෑදෑයන්ගෙන්, ගුරුවරුන්ගෙන් වගේම පවුලේ හිතවතුන්ගෙනුත් පළවුණේ එක වගේ අදහස්.

“පුතා රෑන්ක් එක 250 නං හොඳයි. ඒත් මෙඩිසින් යන්න ටිකක් අමාරු වෙයි නේද? අන්වාර්යයෙන්ම ඊළඟ පාරත් එග්සෑම් කරන්න“

“මොලිකියුලර් බයෝලොජි? ඒ මොකද්ද? ඔය අලුත් කෝස් වලට යනවට වඩා හොඳ නැද්ද ඊළඟ පාරවත් මෙඩිසින් යන්න එග්සෑම් කරගත්තොත්? “

“ආපහු එග්සෑම් කරන්න බැරිමනං ඩෙන්ටල් වලටවත් යන්න. නැත්තං ඔයා ලෝක අමාරුවක තමයි වැටෙන්නෙ“

“මෙඩිසින් කරන්න ආස නෑ??? මේ ළමයට මොනවා වෙලාද මන්දා? එහෙනං ඒ ලෙවල් වලට මැත්ස් නොකර බයෝ කළේ අහවල් දේකටද?“

“අපරාදෙනෙ පුතේ! තව දෙපාරක් විභාගෙ කරන්න චාන්ස් එක තියෙද්දිත් ඇයි මේ වගේ තීරණයක් ගත්තේ?“

“ඔය කියන්නෙ මයික්‍රොබයෝලොජි ගැනද?“

“ඔය ඩිග්‍රිය කළාට පස්සේ ලංකාවෙ කරන්න ජොබ්ස් එහෙමත් නෑ නේද?“

“හරි ඉතිං, බැරිමනං ඩෙන්ටල් හරි වෙට් වලට හරිවත් යන්නකෝ. ඒ අයටත් කැම්පස් අවුට් වුණාට පස්සේ ඩොක්ටර් කියලනේ කතා කරන්නේ“

“බයෝටෙක්නොලොජි කියන්නේ ඉතිං ඉස්සරහට ලෝකෙ ඩිවලොප් වෙන ඒරියා එකක් තමයි. ඒත් ඉතිං? අනේ මන්දා??“

අපේ පූසාට කට්ටියගෙන් සුභපැතුම් වෙනුවට ලැබුනේ ඔන්න ඔය වගේ ප්‍රතිචාර. ඇත්තටම මේවා අහපු පූසා අම්බානට මානසිකව වැටිලයි හිටියේ. ඒත් හොඳ වෙලාවට මෑන්ස්ගෙ දෙමව්පියන්ගෙ අදහස වුණේ පුරුපුරු හොඳයි කියලා හිතන දේ කරන්න කියන එක. මොකද ඒ අය කිව්වේ පුරුපුරු ආස නැති දෙයක් කරන්න ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා ආස දෙයක් කරන එක හොඳයි කියලා. කොහොමවුණත් එදා තමයි පුරුපුරුට තේරුනේ හැමෝගෙම අදහසට විරුද්ද වෙලා කැම්පස් ගිහින්, ඒ වැඩේ හරියට කරගන්න බැරිවුණොත් කොයිතරම් චාටර්ද කියලා. මොකද ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ

“ඕකනෙ අපි මුලදිම කිව්වේ! අපි කියපු දේ අහලා තව පාරක් විභාගෙ කළානං ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ!!“

කියලා කියන්නයි කියලා පූසාට තේරුම් ගිහින් තිබුනේ. අන්තිමට කොහොමහරි අපේ පූසා අන්තිමට තීරණය කළාලු තුම්මුල්ල සක්වල තක්සලාව විසින් කන්ඩක්ට් කරපු අණුක ජීව විද්‍යාව සහ ජෛවරසායන විද්‍යාව පාඨමාලාවට ඇතුල් වෙන්න.

පුරුපුරු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න ගත්තු තීරණය හින්දා සුදුපූසිත් තීරණය කළාලු පළවෙනි පාරින්ම කැම්පස් එකට යන්න. සුදුපූසිගෙ රිසාල්ට් අනුව එයාට ජෛවීය විද්‍යාව හදාරන්න යන්න පුලුවන්කම තිබුනා. කොහොමහරි පාඨමාලා වලට අදාල ඉසෙඩ් ස්කෝර් අගයන් එද්දි පුරුපුරුව හිතපු විදිහටම උඩින්ම කෝස් එකට තේරිලා තිබුනා. ඒත් අවාසනාවට සුදුපූසිව සිලෙක්ට් වුණේ කන්ද උඩ සක්වල තක්සලාවට. ඔය විදිහට තමයි අපේ පූස් ජෝඩුවට කැම්පස් දෙකකට යන්න සිද්ද වුණේ.


ඉතිං 2007 අවුරුද්දෙ ජූලි මාසෙදි තමයි අපේ යාලුවා ඇතුලු කට්ටියව කැම්පස් වලට ගත්තේ. ඉතිං ඔය විදිහට විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් වෙච්ච අපේ පූසාට ඊටපස්සේ මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

44 comments:

  1. මේ පූස් චරිත නම් මම අඳුරන්නේ නෑ , කෙසේ වෙතත් තමන් කැමති කරන්න ගත්ත එකටත් ඒකට ඉඩ දුන්න දෙමව්පියන්ටත් මගේ ආචාරය

    ReplyDelete
  2. බොහොම ස්තුතියි බුවා. කැමති දේ කරන එකෙන් වරදක් වෙන්නෙ නෑ කියලා මම අත්දැකීමෙන් දන්නවා.

    ප.ලි - ෆ්‍රී වෙලාවක බ්ලොග් එකේ පරණ ලිපි කියවපන්. එතකොට පූස් චරිත ගැන හොඳ අවබෝධයක් ලැබෙයි :)

    ReplyDelete
  3. නියමයි,නියමයි.Campus එකේ උන දේවලුත් ඉක්මනට ලියයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සෙන්පති

      Delete
  4. අම්බෝ ආෆ්ටර් ලෝන්ග් ලෝන්ග් ටයිම්...මේ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :P
    Molecular Biology පට්ට නැද්ද ( බිල්ඩිම / ඇතුලේ ඉන්න අය නම් එහාට මෙහාට යනකොට පට්ට කියලා නම් දන්නවා.. ;) )

    ReplyDelete
    Replies
    1. පට්ට පට්ට මචං! ඒත් 2007 වගේ කාලෙක ගොඩක් අයට මේ ගැන අවබෝධයක් තිබුනෙ නෑ

      Delete
  5. බ්ලොග් එකත් මතක්වෙලා තියෙන්නෙ!!

    ReplyDelete
    Replies
    1. දැන් පට්ට ෆ්‍රී. දිගටම ලියන්න තමයි බලාපොරොත්තුව :)

      Delete
  6. තුම්මුල්ල සක්වල තක්සලාව :D

    ReplyDelete
    Replies
    1. හික් හික්!! දන්න කියන තැනක් නොවැ!!!

      Delete
  7. පූසන්ට ‍බ්ලොග් එක මතක් විච්ච එක ගැන මගේ ප්‍රණාමය.
    දැන් ඉතිං කැම්පස් සීරීස් සහ මොලකියුලර් ගැන ලියමු බලන්න දිගටම.

    ReplyDelete
    Replies
    1. අනිවා අයියේ. බොහොම ස්තුතියි.

      Delete
  8. අප්පේ යාන්තං ඇති ආයෙමත් මේ පැත්ත මතක් වුන එක.. දැන් ඉතිං පට්ට ෆ්‍රී නං පහුගිය කාලෙ ඇරියසුත් අල්ලලා ලියහං.. ;)

    ReplyDelete
    Replies
    1. අනිවා බුරා. දවසට එක ගානෙ දාන්න හිතාගෙන ඉන්නේ. බලමුකෝ. ෆුල් ට්‍රයි එක දෙනවා.

      Delete
  9. කලකට පස්සේ පොස්ට් එකක් දැක්කේ.. කෝ අනික් පුසෝ ටික.. කට්ටියවම මතක කළා කියන්න... දැන් හැමෝම බිසී වෙලා ඉස්සර වගේ නෙමේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් හසී. ඤාව්වා, මී කතුරා ජොබ් වල සහ උපාසක ට්‍රේනින් එකක හිරවෙලා. මට ඉතිං ජොබ් එකෙන් පොඩි නිවාඩුවක් ලැබුනා.

      Delete
  10. 2007දි ගිය නම් දැන් ෆයිනල් exam කරනව හෝ ඉවර ඇති. නැත්නම් රිසර්ච් එක කරගෙන යනව ඇති. කාලෙකින් පොස්ට් එකක් දැම්ම කියන්නෙ පහුගිය ටිකේ විභාගෙ තිබ්බ නේද?

    ReplyDelete
    Replies
    1. දැන් ෆයිනල් එග්සෑම් ඉවරයි සහෝ! ගොඩක් ස්තුතියි

      Delete
  11. නැවත පැමිනීමක්ද බන්....

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ. පහුගිය ටිකේ හැමදාම නැවත එනවා කියලා එන්න බැරිවුණා. ඒත් මේ පාර සිරාවටම ආවා :-)

      Delete
  12. අඩේ අප්පා දැන් රෑන්ක් ඒක 250 ටත් ඩෙන්ටල් යන්න පුලුවන්ද? දැනගත්තු එක හොඳයි.
    -මලින්ද ලක්ශාන්-

    ReplyDelete
    Replies
    1. 230 ගනංවලට යනකං මෙඩිසින් ගියා. 310 විතර යනකං ඩෙන්ටල් ගියා. දැන්නං කොහොමද දන්නෙ නෑ

      Delete
  13. වසිලිස්සාMarch 18, 2012 at 10:29 PM

    ගොඩ කාලෙකින් පූස් කතා ලියනවා දැක්කම සතුටුයි!දිගටම පූස් කතා කියවන්න ලැබේවායි පතමි !

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනාව ඉටු කිරීමට ඇප කැප වෙමි!!! :)

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සුභ පැතුම් පුරුපුරු මල්ලී . . . අනිත් පූසෝ ටික මීට වඩා මහන්සි වෙන්න ඕන මෙදා පාර හොඳේ . .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියා. මේක දැන් අවුරුදු 5කට කලින් සිද්ද වෙච්ච වැඩක්

      Delete
  16. ගොඩ කාලෙකින් ආයෙමත් ගඩොල් පාරක් කාලා යන්ඩ මේ පැත්තට කිට්ටු වුණේ ..ඊ ලඟ කොටහත් කියෝමු බලන්ඩ ..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මචෝ. කාලෙකින් ඒ පැත්තෙ එන්න බැරිවුණා. අද එන්න ඕනෙ

      Delete
  17. යකෝ . . මෙන්න මූට මේක මතක් වෙලා . . . .

    ReplyDelete
    Replies
    1. හික් හික්!! එහෙම අමතක කරන්න පුලුවන්ද බං උඹලාව?

      Delete
  18. පූසොත් කැම්පස් යනවද අප්පා දැං....

    ReplyDelete
    Replies
    1. හික්ස්!! කැම්පස් වල ඉන්න සමහර සත්තු දිහා බැලුවාම පූසො මොක්කුද බං?

      Delete
  19. ලියන්ටකෝ බලන්ට කැම්පස් කතා...ආසාවෙන් ඉන්නේ කැම්පස් කාලේ කරපු වැඩ බලාගන්ට.

    පූසෝ නේ...:D

    ReplyDelete
    Replies
    1. ආ...කුමාරිහාමි ඇත්ත නමින් ඇවිත්. බොහොම ස්තුතියි මයි ලේඩි.

      Delete
  20. දෙහියාMarch 19, 2012 at 6:52 AM

    සච්චා. උඹ නේද පුරු පුරු?
    -දෙහියා-

    ReplyDelete
    Replies
    1. මචෝ ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්............ ඔව් ඔව්!! බොහොම ස්තුතියි. උඹට කොහෙන්ද බ්ලොග් එක සෙට් වුණේ?

      Delete
  21. අම්මෝ දැක්ක කල්....

    ReplyDelete
    Replies
    1. කලකට පස්සේ වෙලකට බැස්සා යාලු!!! :-)

      Delete
  22. අම්මයි,තාත්තයි බුද්ධිමත්ව හිතුව නිසා හොදයි.

    මට වුනේ ඕකෙ අනික් පැත්ත.පලවෙනි පාර ඉංජිනියරින්ග් යන්න ප්‍රතිපල මදි නිසා දෙවෙනි පාර කරන්න යනකොට.ඔය තියෙන රිසල්ස් වලින් එන එකකට යන්න කියලා බහුතර නෑයෝ කිව්වා.සුලුතරය කීවා ආයෙත් කරන්න බැරි වෙන්නෙ නෑ කියලා.වෙලාවට බැරි වුනේ නෑ.නැත්නම් ඉතිං කට්ටියම හිනා වෙයි.

    ReplyDelete
  23. මොනාද බන් අපි හිතුවේ උබලා ඒ පාර බ්ලොග් එක අතෑරලම දාලා ගියලා,,කොහොම හරි ආයේ ආවා නේ,,ඒකයි අපිට සතුටු...පුලුවන් පුලුවන් විදිහට මාසෙකට එකක්වත් දාපල්ලකෝ,,කාලේ චුට්ටක් බ්ලොග් එකටත් දෙන්න බැරි වෙන එකක් නෑ නේ

    ReplyDelete
  24. වෙල්කම් බැක්.. මේකත් ලස්සන සීරීස් එකක් වේවි වගේ..

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. den nam MB kiyala namata digriyak thibbata bio mai ugnawanne

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???