අඹ යාලුවෝ

Tuesday, July 5, 2011

සුද්දියෝ (White Chicks)



අපි මේ දවස්වල දිගටම කිය කියා හිටියේ හොස්ටල් කතා නොවැ! ඔන්න ඉතිං අදත් සුපුරුදු විදිහටම අපි කියන්න යන්නේ හොස්ටල් කතාවක්ම තමයි යාලුවනේ.


දැන් ඉතිං අපේ පුරුපුරු ඇතුලු යාලුවො කට්ටිය හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට වැඩ බාර අරගෙන ටික කලක් වෙනවා. මේ කාලෙ ඇතුලත ඉතිං කියන්න තරම් විශේෂ දෙයක් වුණේ නෑ. ඒත් ඔහොම ටික දවසක් යද්දි තමයි අද අපි කියන්න යන විශේෂ දේ උදාවුණේ.


අපේ පුරුපුරු ඉතිං ගම්පහ ටියුෂන් පන්ති යන නිසා හැම වීක් එන්ඩ් එකේම ගෙදර යන එක තමයි මෑන්ස්ගෙ පුරුද්ද. ගෙදර ඉඳන් ගොඩක් වෙලාවට ආපහු හොස්ටල් එකට එන්නෙ සඳුදා උදේට. ඔය විදිහට එක දවසක් ගෙදර ඉඳන් එද්දි තමයි අපේ පූසා කවදාවත් හොස්ටල් එක ඇතුලෙදි දකින්න බලාපොරොත්තු නොවිච්ච දර්ශනයක් දැක්කේ.

මේවා දැකලා පන පලයං පෙරේදා කිව්වලු. මළ කෙලියයි ජූලි හතයි!!! මෙන්න බොලේ හොස්ටල් එකේ ඩයිනින් හෝල් එක ගාව සුද්දියෙක් ඉන්නවා. හැබැයි නිකම්ම සුද්දියෙක් නෙවෙයි, හොඳ ඇහැට කනට නහයට පේන, අවුරුදු 19-20 විතර ළමිස්සියෙක්.



දැන් අපේ පූසා තමන් දැකපු දර්ශනයෙන් ෆුල් තක්බීරිෆයිඩ් වෙලා. කොටියා සර් විශ්‍රාම අරන් ටොයියා සර් හොස්ටල් වෝර්ඩ්න් විදිහට පත්වෙලයි තිබුනෙ. මෑන්ස් අපේ යාලුවො කට්ටියට ට්‍රීට් එකක් දෙන අදහසින්වත්ද මේ සුද්දියෙක් ගෙනත් හොස්ටල් එක ඇතුලෙ දාගෙන ඉන්නෙ? ඔහොම කල්පනා කර කර ඉන්නකොට තමයි මේ සුද්දි පුරුපුරුත් එක්ක හිනාවෙලා "හායි" කියලා කිව්වෙ. බලාපොරොත්තු නොවිච්ච මේ කඩු ප්‍රහාරයෙන් අන්දමන්ද වුණ අපේ පූසා ඩයිනින් හෝල් එක ගාව තිබුන කානුවට නොවැටි බේරුනේ අනූ නමයෙන්.

කොහොමහරි ඉතිං සුද්දිට පොඩි කිණිසි පාරකින් සංග්‍රහ කරපු පුරුපුරු කෙලින්ම නතරවුණේ ඩිපියුටි එච්.පී වෙච්ච හාරිස් හිටපු කාමරේට ගිහින්. සාමාන්‍යයෙන් ගෙදර ගිහින් එන පුරුපුරුට අදාල වීක් එන්ඩ් එකේ වෙච්ච ඔක්කොම ඔපාදූප, විශේෂ සිද්දි ගැන සවිස්තරාත්මක වාර්තාවක් දෙන්නෙ හාරිස් හරි සෝමෙ අයියා හරි තමයි.



පුරුපුරු :- මේ හාරිස්, කවුද බං අර සුද්දියෙක් ඉන්නෙ එහා පැත්තෙ?


හාරිස් :- ආ...ලස්සන එකද අනිත් එකද?


පුරුපුරු :- හත්තිලව්වයි! ඒ කියන්නෙ දෙන්නෙක් ඉන්නවද?


හාරිස් :- ඔව් ඔව්!! ඒ දෙන්නා සෙනසුරාදා ආවෙ. ටික දවසක් මෙහෙ නතරවෙලා ඉන්නවලු.


පුරුපුරු :- ඈ???????


හාරිස් :- ඇයි උඹට ප්‍රශ්නයක්ද? ලස්සන එක්කෙනාගෙ නම ලින්ඩා. අනිත් එක්කෙනා සේරා.


පුරුපුරු :- (යකෝ මූ දන්න තරම්!)


පස්සෙ බැලින්නං මේ සුද්දියො දෙන්නා ඇවිත් ඉන්නෙ තාවකාලික පදනමක් යටතේ කුරුඳුවත්ත ඉස්කෝලෙ ටික දවසක් උගන්නන්නලු. ඕනෙනං අපේ කට්ටියට වඩා අවුරුදු 2-3 ක් විතර වැඩිමල් ඇති. දෙන්නම ස්කොට්ලන්ත ජාතික සුද්දියො දෙන්නෙක්. අර කිව්වත් වගේ දෙන්නාගෙන් ලින්ඩා තමයි ගොඩක් ලස්සන. සේරාත් හැබැයි ඉතිං නරකම නෑ.


හැබැයි ප්‍රශ්නෙ වුණේ මේ දෙන්නාට හොස්ටල් එකේ නවාතැන් පහසුකම් දුන්න එක. නරි ටිකක් ඉන්න ප්ලේස් එකකට කුකුලො දෙන්නෙක් ගෙනාවම කොහොමද ඇතිවෙන සිටුවේෂන් එක? ඉතිං අපේ පූසා හිතුවා වගේම හොස්ටල් එකේ ඉන්න නසරාණි කොලු කැල මේ සුද්දියො දෙන්නාට පැණි පාර දාන්න පටන් ගන්න වැඩි දවසක් ගියෙ නෑලු. ඇත්තටම ඉතිං හොස්ටල් ප්‍රිෆෙක්ට්ස්ලා වුණත් අපේ පුරුපුරුලාට පවා පොඩ්ඩක් මේ දෙන්නා දිහා වැඩිපුර බැලෙන වෙලාවල් නොතිබුනාම නෙවෙයි.


හැබැයි කොච්චර පැණිපාර දැම්මත් කිසිම කොල්ලෙක් මේ දෙන්නා එක්ක කතාවට ගියෙ නෑ. මොකද ඉතිං මේ සුද්දියන්ගෙ කඩු ප්‍රහාර හමුවේ තමන්ගෙ බෙල්ල කපාගන්න කවුද කැමති?


හැබැයි ඉතිං ටික දවසක් ගියාට පස්සේ අපේ පූසාට පොඩි ආසාවක් ඇතිවුණාලු ලින්ඩා එක්ක පොඩි චැට් එකක් දාන්න. ඔන්න ඉතිං කට්ටිය වැරදියට හිතනවා එහෙම නෙවෙයි හරි? වෙන මොකටවත් නෙවෙයි, තනිකරම සහෝදර ප්‍රේමය හින්දා. ඉතිං අපේ පුරුපුරු මේ අයිඩියා එක හාරිස්ට කිව්වලු.


පුරුපුරු :- මේ හාරිස්, අපි මචං ලින්ඩා එක්ක පොඩි ටෝකක් දාමුද?


හාරිස් :- ඒ මොකටද?


පුරුපුරු :- නිකම් බං! බලපං දැන් ඒ දෙන්නා ඇවිල්ලත් ටික දවසක් වෙනවනේ. ප්‍රිෆෙක්ට්ස්ලා විදිහට අපි මේ හොස්ටල් එකේ ජීවත් වෙන කට්ටිය ගැන දැනගෙන ඉන්න ඕනෙ. ඒක අපේ වගකීමක්


හාරිස් :- ඇයි උඹට ලින්ඩා එක්ක කතා කරන්න විතරක් ඔච්චර උණ? සේරා එක්ක කතා කරපන්කො.


පුරුපුරු :- (කාගෙන් බේරුනත් බැරිය හාරිස්ගෙන් මාරුවෙන්න කිව්වලු) හරි හරි!! ඕන කෙනෙක් එක්ක කතා කරමුකො.


හාරිස් :- අනික මටනං එන්න බෑ ඔය වැඩේට. උඹ සෝමෙ අයියා හරි තාරබාසු හරි එක්ක පලයං.


ඇත්තටම හාරිස්ගෙ ඒ වචන පුරුපුරු බලාපොරොත්තු නොවිච්ච ඒවාම නෙවෙයි. මොකද මේ දවස්වල මෑන්ස් ෆුල් අධ්‍යාත්මික විමුක්ති මාර්ගයකට බැහැලයි හිටියේ. කොටින්ම පොර තමන්ගෙ නිවාඩු කාලය ගතකළේ පාඩම් කරන්නවත්, සෙල්ලම් කරන්නවත් නෙවෙයි, ලංකාවෙ ප්‍රසිද්ද හාමුදුරු කෙනෙක් ගාවට ගිහින් නැවතිලා භාවනා කරන්න. මෑන්ස්ට හාරිස් කියන නම වැටුනෙත් ඔය හින්දා තමයි. ඉතිං ගෑනුත් එක්ක කතාවට ගිහින් කෙළෙස් රැස්කරගන්න කියලා මෑන්ස්ට බල කරන්නත් බෑ නොවැ! ඒ හින්දා අපේ පුරුපුරු තීරණය කළාලු තනියම ගිහින් ලින්ඩා එක්ක කතා කරනවයි කියලා.


කොහොමහරි අපේ පූසාගෙ වෙලාවට පහුවදාම ඔය අවස්ථාව මෑන්ස්ට උදාවුණාලු. පහුවදා ඉස්කෝලෙ ඉවරවෙලා ලන්ච් එකට ප්‍රිෆෙක්ට් කෙනෙක්ට හිටියෙ අපේ පුරුපුරු විතරයි. මේ වෙද්දි කෑම කාලා ඉවරවෙලා පොඩි ළමයි ටික නැගිටලා ගිහින්. ඉතිං අපේ පූසාත් හැදුවෙ කාලා ඉවරවෙලා නැගිටලා යන්න. එතකොටම තමයි ලින්ඩායි, සේරායි ඩයිනින් හෝල් එකේ දොරෙන් කෑම කන්න මතුවුණේ. දැන් අපේ යාලුවාට හිතාගන්න බෑ මේ දෙන්නත් එක්ක කතා කරනවාද නැද්ද කියලා. මෑන්ස් කළේ ඉතිං මේ සුද්දියො දෙන්නාට හොඳ මිත්‍රශීලී ශ්‍රී ලාංකීය අභිමානය කැටිවුණ සුන්දර සිනාවකින් සංග්‍රහ කරපු එක. හිනාවෙ පවර් එක කොච්චරද කියනවනං ඊටපස්සෙ සුද්දියො දෙන්නාම අපේ පුරුපුරු කෑම කකා හිටපු තැනට නිකම්ම ඇදිලා ආවලු.


ලින්ඩා :- ‍හෙලෝ! හව් ඩූ යූ ඩූ? අයිම් ලින්ඩා. දිස් ඉස් මයි ෆ්‍රෙන්ඩ් සේරා.


දැන් පුරුපුරුට හීන් දාඩිය දානවලු. ඒත් ඉතිං සුද්දියන්ට චාටර් වෙන්නත් බෑ නොවැ!


පුරුපුරු :- හව් ඩූ යූ ඩූ? අයි ඈම් පුරුපුරු. 


ලින්ඩා :- "පු..රු..පු..රු" ස්වීට් නේම්.


පුරුපුරු :- තෑන්ක් යූ.


දැන් ඉතිං මේ දෙන්නා බලනවා එදා කන්න තිබුනෙ මොනවද කියලා. එදා කන්න තිබුනෙ මාලුයි, වට්ටක්කායි, බීටුයි පපඩමුයි. දැන් මේ දෙන්නාට මාලු දීසියෙ තියෙන්නෙ මොනවාද කියලා අඳුරගන්න බෑ


ලින්ඩා :- වට් ඉස් ඉන් දිස් ඩිෂ්?


පුරුපුරු :- ඉට් ඉස් අ ෆිෂ් කරි.


ලින්ඩා :- වයි ආර් යූ හැවින් ලන්ච් ඇට් දිස් බිග් ටේබල්?


පුරුපුරු :- දිස් ඉස් හොස්ටල් ප්‍රිෆෙක්ට්ස් ටේබල්. දැට්ස් වයි


ලින්ඩා :- ඕ! යූ ආර් අ ප්‍රිෆෙක්ට්? වෙරි ගුඩ්.


දැන් ඉතිං අපේ පුරුපුරුට ප්‍රශ්න කෝටියයි. හරියට ඉන්ටර්වීව් එකකට ගියා වගේ. කොහොමහරි ඉතිං ඉන්ටර්වීව් එක සාර්ථකව නිමා වෙලා, අපේ පූසාත් සුද්දියො දෙන්නාව  හොදට ඉන්ටර්වීව් කරලා ඉවර වෙද්දි කට්ටිය සෑහෙන දුරට ෆිට් වෙලා තිබුනලු. ඊට පස්සෙ මොකද වුණේ කියලා අපි ඊළග කොටසින් බලමු නේද යාලුවනේ!

21 comments:

  1. හික්ස් මට නිකං මැවිලා පේනවා පේනවා වගේ බං.. අපේ කාලෙත් ඔය ස්පොර්ට්ස් ටූනමන්ට්ස් (හොකී, TT, BB) වලට එහෙම බාලිකා පාසල් වලින් ආවම (වැඩිපුරම නිවාඩු කාලෙට තමා, කලාතුරකින් ටර්ම් එක මැදදි) අපේ හොස්ටල් එකෙත් කස්ටිය නවතිනවා.. සමහර නිවාඩු කාල තියෙනවා අපිත් ගෙදර නොයා සතියක් හමාරක් වැඩිපුර ඉන්න, මොකද සමහර විට අපටත් ප්‍රැක්ටිස් වැටෙනවා.. ඒ කාලෙට ඉතිං අපේ කොල්ලො ඉන්නෙ නිකං දිවිය ලෝකෙ ගියා වගේ තමා.. :)

    ReplyDelete
  2. අපිට හිටියා කාලයක් ජෙනී කියලා නාකි සුද්දි ආච්චි කෙනෙක්. අපේ කොල්ලන්ට නම් දෙයියනේ කියලා එපා වෙලා තිබ්බේ. ජෙනී පට්ට වල් බල්ලෙක් ගෙදර හැදුවා උගෙන් වැඩිපුරම කරදර උනේ අහල පහල හිටිය ලෝකල් බල්ලන්ට. ජෙනී උදේ පාන්දර බල්ලවත් ලණුවකින් ගැටගහගෙන හතර වටේට ගුඩ් මෝනින් පාර දාගෙන යන එක දැක්කම දවසම ෆුල් ෆිට්. ඇයි උදේ පාන්දර ලේ සුද්ද වෙලානෙ අපි බඩවල් අල්ලගෙන හිනා වෙලා.

    ඇත්තට ලින්ඩ යි සේර යි කුකුල්ලු උනාද අපේ නරි ටිකට?

    ReplyDelete
  3. මටනම් දැන් සුද්දියො දැකලම ඇතිවෙලා.....

    ReplyDelete
  4. ඔන්න ඔන්න කතාව අදින්නයි යන්නේ. ඉක්මනට ඉතිරි කොටස ඕනේ..........

    ReplyDelete
  5. මාත් චූටි කාලේ සුද්දියෝ දෙන්නෙක් එක්ක ඉගෙන ගත්තානේ. බලමුකෝ ඉතිරි කොටස....

    ReplyDelete
  6. ෆොරීන් කේස් එකක් පටන්ගන්න වගෙයි යන්‍නෙ.

    ReplyDelete
  7. එලකිරි මචො..

    ReplyDelete
  8. කතාව කුට්ටි කරනව නං අඩුම ගානේ ඊලගට දාන දවසවත් කියපං කෝලං නොකර....

    ReplyDelete
  9. පික්ෂු හැදෙයි..... ඊලඟ එපිසෝයිඩ් එක අර නෝටි ඇමරිකා හරි බෑංග් බ්‍රදර්ස් හරි එකක් වෙයිද?

    ReplyDelete
  10. අපිට උගන්නන්න අවා කැම්පස් එකට එකපාර සුද්දියෙක්. එයාගෙ කඩ්ඩ අපිට තේරෙන්නෙත් නෑ. අපේ කඩ්ඩ එයාට තේරෙන්නෙත් නෑ. ඩෙබ්‍රා නම එයාගෙ. අපේ උන් ඩෙබ්‍රාගෙ කඩු කිනිසි ඇණිච්ච දාට කියන්නෙ දෙබරා ඇන්නා බන් කියලා.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මමත් ඔය කියන කාලෙ හොස්ටල් එකේ ඉන්න ඇති.ටොය්යා ආවෙ අපි 6 ඉදිද්දි.අපිට උගන්නන්න තමය් එයල අවෙ.ඒ කියන්නෙ 2005 ද කොහෙද එතකොට ඔයා හොස්ටල් එකේ හිටියද?දැන ගන්න ලැබීම සතුටක්.මමත් ලගදි බ්ලොග් එකක් පටන් ගත්තා.උදව්වක් දෙන්න.
    http://rmpmcreation.blogspot.com/

    ReplyDelete
  13. හික් හික්, කඩු පහර කන්න පුරුදු උනාද ඉතින්?

    ReplyDelete
  14. කාගෙ උනත් දරුවො නේ බොලව්. බඩ පපුව දාල යනවා. ඒක නෙමෙයි ඉතිරි ටිකත් ඉක්මනට දාමු නේ :)

    ReplyDelete
  15. හික්ස් පූසන්ට ගිය කල

    ReplyDelete
  16. පූසෝ කස්ටියට දෙයියෝ ගෙදරටම සුද්දියෙක් ගෙනවිත් දීලා වගේ . බලාන ඉඳිමු ඉතිරියත්

    ReplyDelete
  17. සිරා......මචන්....:D :D

    ReplyDelete
  18. බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලාගෙ අදහස් වලට. කාලවේලාව ගැන ගැටලුවක් නිසා හැමෝටම වෙන වෙනම උත්තර දෙන්න බැරි වුණාට සමාවෙන්න.

    ReplyDelete
  19. Rmpm creations - අඳුනගන්න ලැබීම සතුටක් මල්ලි. ඔයා මාව දන්නවා ඇති. මම ඔයාගෙ බ්ලොග් එක මගේ බ්ලොග් රෝලට දැම්මා.

    ReplyDelete
  20. අම්මෝ ඉස්සරම ආවට පස්සේ අදම තමා මේ පැත්තේ එන්න සෙට් උනේ.

    කොහොමත් පිරිමි හොස්ටල් එකකට සාය කෑල්ලක් වැටුනම බලන්න එපෑ !!!! අපේ හොස්ටල් එකෙත් ඔහොමයි පූසෝ !!!
    හැබැයි සුද්දියෝ නම් නෑ. ඉදලා හිටලා කෙල්ලෙක් දෙන්නෙක් නම් එනවා.

    ReplyDelete
  21. ඔය සුද්දියෝ නම් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ වැහි වැහැලා හිටියා. ඒ ලෙවල් ඉංගිරීසි උගන්නන්න මාසෙකට විතර දාපු මිස් හැමදාම එක පාඩමයිලු ඉගැන්නුවේ. අපි ජූනියර් පිපෙට්ටු නිසා සීනියර් පිපෙට් අක්කලා අපි එක්ක කියනවා. ඒක නම් හිනාකාලා මැරෙන කතාව. හික්ස්.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???