අඹ යාලුවෝ

Thursday, July 28, 2011

දේවගම - 4

මේ දේවගම කට්ටිය නෙවෙයි


ඔන්න යාලුවනේ මුලින්ම විශේෂ නිවේදනයක් තියෙනවා කරන්න. ඔය දේවගම ගැන ඇත්තටම දන්නෙ අපේ බ්ලොග් කියවන යාලුවන්ගෙන්  කීප දෙනෙක් විතරයි. ඒ අය අතරිනුත් අපේ මාරෙ අයියා තමයි දේවගමට යන එන ඩයල් එකකට ඉන්නෙ. ඔන්න ඉතිං උන්දැ මට තර්ජනේ කොරලා ඊළඟ පාර දේවගම ගියාම මේ සීරීස් එක ගැන දේවගම රට වැසියන්ට කියනවයි කියලා. එහෙම කිව්වාම දේවගම ඉන්න දරුණු මිනිස්සු ඇවිත් පුරුපුරුව අනිවා මරලා දායි. ඔන්න මගෙ ජීවිතේට හානියක් වුණොත් ඒකෙ සම්පූර්ණ වගකීම මාරයා විසින් බාරගන්න ඕනෙ හොඳේ!

හොඳයි අපි දැන් කතාවට බහිමුකෝ. ඉතිං මම කලින් ලිපියෙන් කියපු විදිහට ඔන්න කැනේඩියන් සුද්දො සුද්දියො කට්ටිය දේවගමට සම්ප්‍රාප්ත වුණාලු. මතක විදිහට විසි දෙනෙක් විතර තමයි ඔය සෙට් එකේ හිටියෙ. ඒ මදිවාට සුද්දො එක්ක අදහස් හුවමාරු කරගන්න කියලා ලංකාවෙ එක එක පළාත් වලින් තෝරගත්තු ශ්‍රී ලාංකිකයො ඒ සමානම සෙට් එකකුත් දේවගමට සැපත් වුණාලු. එතකොට පිටින් ආපු සෙට් එක ඔක්කොම හතළිහයි. ඉතිං මේ කට්ටිය මාසයක් දේවගම නවත්තගෙන ඉන්න තමයි ප්ලෑන් වෙලා තිබුනේ. ප්ලෑන් එකේ විදිහට එක ගෙදරක සුද්දයි, ශ්‍රී ලන්කන් කාරයයි ගානෙ ගෙවල් විස්සක මේ කට්ටියව නවත්තගන්න ඕනෙ.

ඉතිං ඔය විදිහට රජ මාළිගාවෙ නැවැත්තුවෙ ලංකාවෙ කොල්ලෙකුයි, ලූකස් පේස්ට් කියලා (ඇත්තම නම) සුද්දෙකුයි. දැන් සුද්දො කට්ටිය හිතාගෙන ඉන්නෙ උන් එක්ක ආපු ලංකාවෙ කස්ටියට දේවගම කියන්නෙ හෝම් කන්ඩිෂන්ස් කියලා. ඒ අතරෙ ලංකාවෙ එවුන් ටික බලනවලු කොහෙටද හත්තිලව්වේ උන්ව ගෙනත් අතෑරලා ගිහින් තියෙන්නෙ කියලා. කොහොමහරි ඉතිං ඔය විදිහට දවස් දෙක තුනක් ගියාට පස්සෙ සුද්දන්ටයි, ලංකාවෙ සෙට් එකටයි පුලුවන් වුණාලු දෙවගම කන්ඩිෂන් වලට අනුවර්තනය වෙන්න.

ඒ අතරෙ තමයි රජවාසල ඇතුලු දේවගම වැසියන්ට තේරුනේ තමන් කරගත්තු මෝඩකමේ තරම. මොකද මේ විදේශිකයො ආපු දවසෙ ඉඳලා දේවගම වැසියො කන්න බොන්න ඕනෙ විදේශිකයන්ට ඕනෙ විදිහටලු. උදාහරණයක් විදිහට රජ මාළිගාව ගත්තොත් ලූක් (රජ පවුලෙ කට්ටිය සුරතලේට ලූකස් පේස්ට්ව හැඳින්නුවෙ මේ විදිහට) මිරිස් දාපු කෑම කන්නෙ නෑ. ඉතිං මාලුකට්ටලාටත් ඒ දවස්වල කන්න වුණේ මිරිස් නැති හොදිලු. ඒ මදිවට මේ ලූක්ට තව විශේෂ කෑම බීම ඕනෙලු. උදාහරණයක් විදිහට පොරට මේපල් සිරප්, ඔලිව් ඔයිල් වගේ දේවල් කෑම වේලට අත්‍යාවශ්‍යයි.

ඒ මදිවට ලූක් ආපු දවසෙ ඉඳලා රජ මාළිගාවෙ ලෑන්ඩ් ෆෝන් එකට විසුමක් නෑ. විනාඩි පහෙන් පහට ඒකට කොල් එනවා. ඒ මදිවාට කතා කරන්නෙම සුද්දියො. ඒ කතා කරන හැම සුද්දිම කියන්නෙත් තමන් ලූක්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලලු. මාලුකට්ටාට තවත් ෆ්ලවර් ජම්ප් වුණේ ලූක් මේ කෙල්ලො එක්ක කතා කරන්න වෙනම ටයිම් ටේබල් එකක් දාගෙන හිටපු බව දැනගත්තට පස්සෙ. මෑන්ස් සමහර කෙල්ලො එක්ක කතා කරන්නෙ සඳුදාට විතරයි. සමහරු එක්ක බදාදාට විතරයි. අන්න ඒ වගේ. ඉතිං කවුරු හරි සුද්දියෙක් වැරදි වෙලාවෙ කතා කළාම මාලුකට්ටාට තමයි ටෙලිෆෝන් ඔපරේටර් වැඩේ කරන්න වුණේ.

ඒ ඔක්කොම අස්සෙ සුද්දන්ට දේවගම කන්ඩිෂන් රස්නෙ වැඩියිලු. ලූක් ඇතුලු සුද්දො කට්ටිය අව්වට පිච්චිලා සුදු පාටෙ ඉඳලා රෝස පාටට හැරුනෙ බලාගෙන ඉන්නැද්දිම වගේ. ඉතිං විදේශිකයන්ගෙ මේ කරදර දරාගන්න බැරුව අන්තිමට රටවැසියෝ රම්බෝ රජ්ජුරුවන්ට මේ ගැන පැමිණිලි කළාලු. දේශප්‍රේමී රම්බෝ රජතුමා අන්තිමට තීරණය කළේ සුද්දො කට්ටියත් දේවගම මිනිස්සු වගේම ජීවත් වෙන්න ඕනෙ කියලා. ඉතිං අන්තිමට සුද්දන්ටත් සිද්දවුණේ මිරිස් මාලු කකා මාලුකට්ටලාගෙ ලයිෆ් ස්ටයිල් එකට ජීවත් වෙන්නලු. 

මේ විදේශිකයො ආපු දවස්වලම පුරුපුරුලා දේවගම සංචාරයක් කළා. ඒ අර නීතිය දාන්න කලින්. එතකොටනං සුද්දො කට්ටිය ෆුල් ජෙන්ට්ල්මන් ටයිප් එකේ හිටියලු. අපේ පූසො ඊටපස්සෙ දේවගම ටුවර් එකක් දැම්මෙ තවත් සති කීපෙකට පස්සෙ. ඒ ගිය වෙලේ කට්ටිය රජ මාළිගාවට යද්දිම දැක්කෙ මහා අමුතු දර්ශනයක්. බැලින්නං සරමක් කැහැපොට ගහගත්තු කොකේසියානු ජාතිකයෙක් රජ මාළිගාවෙ ප්‍රධාන අඹගහ උඩ. තවත් හොඳට බැලින්නං ඒ වෙන කවුරුත් නෙවෙයි, කැනඩාවෙන් ආපු ලූකස් පේස්ට්. අපේ පූසන්ට තවත් පිස්සු අබ්ලික් වුණේ ලංකාවෙන් ආපු කොල්ලා කොට කලිසමක් ගහගෙන ඒ ගහේම පල්ලෙහා අත්තක අමාරුවෙන් ඉන්න හැටි දැක්කට පස්සෙ.

පස්සෙ ආරංචි වෙච්ච විදිහට ලූක් ආපහු කැනඩාවට යද්දි සරම් සෙට් එකක්ම අරන් ගියාලු. ඒ වගේම අන්තිම සති කීපෙදි පොර මොනවගේ ලයිෆ් එකක් ගත කළාද කියලා පූසො තවම දන්නෙ නෑ. ඒත් වැඩ සිද්ද වේගෙන ගිය විදිහටනං පූසන්ට හිතුනෙම ලූකස් අන්තිම දවස් වලට ටාසන් වගේ වැල් වල එල්ලිලා යන්නත් පුරුදු වෙලා ඉන්න ඇති කියලා.

-----------------------------------------------------------------------------------

දැන් ඔයාලා බලනවා ඇති සුද්දො ආපු දවස්වල මාලුකට්ටා ගතකළේ මොනවගේ ලයිෆ් එකක්ද කියලා. ඇත්තටම මේ ආපු අමුත්තන්ට දේවගම යුව රජතුමා විදිහට උපරිම ආගන්තුක සත්කාර කරන්න මාලුකට්ටා මුලු හදින්ම කැපවෙලා හිටියා. ඊට අමතරව ඉඩ තියෙන විදිහට මේ කට්ටියව රට තොට පෙන්නන්න එක්කගෙන යන්නත් මෑන්ස් අමතක කළේ නෑලු.

විශේෂයෙන්ම මේ කට්ටිය අතරෙ හිටියා ශ්‍රී ලංකාවෙන් ආපු අක්කා කෙනෙක්. අපේ මාලුකට්ටාට පුදුම උනන්දුවක් තිබුනෙ මේ අක්කාව රට තොට පෙන්නන්න එක්කගෙන යන්න. ඉතිං එක දවසක් මෑන්ස්ගෙ අම්මා බලද්දි මාලුකට්ටා මාළිගාවෙ නෑලු. මාළිගාවෙ චර පුරුෂයො යොදවලා විපරම් කරලා බැලුවත් මෑන්ස් ගැන කිසිම තොරතුරක් හම්බවෙලා නෑ. ඉතිං රජතුමායි, දේවියයි හොඳටම බයවුණාලු ශ්‍රී ලංකාවෙන් ඇවිත් යුව රජ්ජුරුවන්ව පැහැරගෙන ගිහින් කියලා. අන්තිමේදි දේවගම ලංකාවට විරුද්දව යුද්ධ ප්‍රකාශ කරන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි අපේ පුරුපුරුට මාළිගාවෙන් කෝල් එකක් ආවෙ.

දේවිය :- පුරුපුරු පුතා, අපේ මාලුකට්ටා එහෙම ඔය පැත්තෙ ආවද?

පුරුපුරු :- ම්...ම්...මේ මේ ඇයි ඇන්ටි? මොකද වෙලා තියෙන්නෙ?

දැන් පුරුපුරු දන්නවා මාලුකට්ටා මොකක්හරි බරපතල විනය කඩ කිරීමක් කරලා ඇති කියලා. මොකද සාමාන්‍යයෙන් මෑන්ස් ලංකාව ඇතුලෙ කොහෙහරි යනවානං ඒ බව අනිත් පූසන්ට කලින් කියලයි යන්නේ. ඒ බව මාලුකට්ටාගෙ අම්මත් දන්නවා.

දේවිය :- හා හා!! ඔයා දැන් මාලුකට්ටා ඔහෙ ආවයි කියලා බොරු කියන්න ඕනෙ නෑ. මම අල්ලගන්නංකෝ මිනිහා ගෙදර එන්න කලින්, කොහෙද ගියෙ කියලා.

පුරුපුරු :- හ්...හා ඇන්ටි...මමත් කෝල් එකක් දීලා බලන්නංකො.

මෙහෙම කියපු පුරුපුරු වහාම කළේ මාලුකට්ටාට කෝල් එකක් දුන්න එක. බැලින්නං ෆෝන් එකත් මාලුකට්ටා ගැන හොඳට දන්නවා. “ඔබ ඇමතූ දුරකථන අංකයේ හිමිකරුට චාරයක් නොමැත“ මෑන්ස්ගෙ ෆෝන් එක පුරුපුරුට ඒ විදිහට උත්තර දුන්නලු. ඊට පස්සෙ පුරුපුරු ආපහු මෑන්ස්ට කෝල් කළේ තවත් පැයකට විතර පස්සෙ. ඔන්න ඒ පාරනං මාලුකට්ටාගේ ෆෝන් එකේ රිංග්ස් යන්න පටන් ගත්තලු.

මාලුකට්ටා :- හෙලෝ! ඇයි මචං?

පුරුපුරු :- ඇයි? යකෝ ගොං ---, තෝ කොහෙද ඉන්නෙ? අන්න මාළිගාවෙ මිනිස්සු කලබල වෙලා රාජ පුරුෂයො දාලා උඹව හොයන්න.

මාලුකට්ටා :- නෑ? මම අර අක්කා එක්ක පොඩ්ඩක් ගම්පහට ආවා බං! ඒ අක්කාට එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න ඕනෙ කිව්වා. තනියම යන්න බයයි කියලා මටත් එන්න කිව්වා.

පුරුපුරු :- ඔව් ඔව්!! මට හිතාගන්න පුලුවන්. උඹ ඔය කතා කියපං උඹේ අම්මට! එයා කොන්ඩෙ බැඳලා ඉන්නෙ.

මාලුකට්ටා :- හරි හරි!! මම උඹට ඇවිත් ෆුල් රිපෝට් එකක් දෙන්නං. එතකං පොඩ්ඩක් අපේ අම්මාව ෂේප් කරපං. අපි මේ එන ගමන්.

පුරුපුරු :- ගොනෝ! උඹ අපේ ගෙදර ඇවිත් ඔය අක්කාව කලින් බස් එකේ යවපං. නැත්තං උඹට දිගටම ඉන්න වෙන්නෙ අපේ ගෙදර තමයි.

මාලුකට්ටා :- ආ...හරි මචං! මම තව විනාඩි දහයෙන් එනවා.

කොහොමහරි මාලුකට්ටා තවත් ටික වෙලාවකින් පුරුපුරුගෙ ගෙදරට ආවලු. ඊටපස්සෙ පුරුපුරුයි, මාලුකට්ටායි කළේ උපාසක ලව්වා මාලුකට්ටාගෙ අම්මාට කෝල් එකක් දීලා වැඩේ ෂේප් කරපු එක. මොකද ඒ වගේ බරපතල සිටුවේෂන් එකක් ෂේප් කරන්න උපාසක වගේ කාන්තා පක්ෂය ෂේප් කරගන්න පුලුවන් එක්ස්පර්ට් කෙනෙක්ගෙම සහයෝගය ගන්න වෙනවා. උපාසක රජ බිසවට කියලා තියෙන්නෙ මාලුකට්ටා පාඩම් වගයක් අහගන්න මෑන්ස්ගෙ ගෙදර ආවයි කියලා.

ඉතිං තවත් ටික වෙලාවකින් මාලුකට්ටා ආපහු දේවගමට යන්න පුරුපුරුලාගෙ ගෙදරින් පිටත් වුණාලු. කොහොමහරි මෑන්ස් ආපහු දේවගමට කිට්ටුවෙද්දි පවුරු වළල්ලක් බැඳලා වගේ ආරක්ෂක භටයො හැමතැනමලු. මාලුකට්ටාව දැක්ක රජතුමා මුලින්ම කරලා තියෙන්නෙ මෑන්ස්ට කට්ටිය මැද්දෙම එකක් ගහලා මාළිගාවට පන්නපු එක.

මේ විදිහට, ලොකු කේස් එකක් වෙන්න තිබුන සිද්දියක් අන්තිමේදි මාලුකට්ටාගෙ වාසනාවට ගොඩින් බේරුනාලු. ඒ හින්දා මෑන්ස්ගෙ යුවරජ පට්මත් ගැලවෙන්නැතුව ආරක්ෂා වුණාලු.









සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

31 comments:

  1. සුද්දන්ව උනත් කනපිට හරෝන ජාතියේ උන් නේ දේවගම ඉන්නේ,,,මේ බලාගෙන උබලා දේවගමට අපහස කරලා,,උබලව අහවල් තැනින් අත දාලා කනපිට හරවයි...

    ReplyDelete
  2. දේවගම රට වැසියෝ කෝප උනොත් තමා වැඩේ!:O :O කෝකටත් කියල ඔන්න පුරුපුරුට සියලු දෙවි දේවතාවුන්වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාවයි කියල කිව්වා! Hikz :D:D

    ReplyDelete
  3. Has he managed to tackle that big sister? wow great fellow

    ReplyDelete
  4. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
  5. හික් හික් පට්ට.ඉතුරු ටිකත් ඉකමනට දාන්න.ලස්සනට බ්ලොග් එක ලියනවා ඔයා.මගේ යාලුවොත් බලනකොට ඔයාගේ යාලුවොනේ හිකිස්

    ReplyDelete
  6. රෙස්ලින්. lk නිහඩ ව් නැත තවමත් ..............

    ReplyDelete
  7. පට්ටයි. නියමයි නේ දේවගමට සුද්දොත් හිටන් එනවා. නියමගමක් නේ !!! හික්ස්

    දැන් ඉතින් පරිස්සම් වෙන්න තියෙන්නේ.

    ReplyDelete
  8. ලංකාවෙ ඇයොත් සුද්දව කනපිට හරොන එකේ....දෙවගම කට්ටිය ගැන ආයි මොනකතාද නැද්ද මලේ...

    ReplyDelete
  9. අපි නම් දේවගම දන්නෙත් නෑ දැකලත් නෑ.....

    ReplyDelete
  10. සුද්දො ටාසන්ල කරල දේවගම සෙට්එක සුද්දො උනාද දන්නෙ නෑ.

    ReplyDelete
  11. චික්..මග ඇරුනානේ....කියවන්නම්...වෙයිට්

    ReplyDelete
  12. දේවගමට එන ඕනෙම කෙනෙක්ව බ්‍රේන් වොශ් කරලා වෙනම පුද්ගලයො බවට පත්කරනවද. හප්පා... මුන් ප්‍රභාකරන්ටත් හපන් උන්ද කොහෙද.

    ReplyDelete
  13. හෙහ් හෙහ් පට්ට කතා සෙට් එක. පොඩි ප්‍රශ්නයක්.. අරු අර අක්ක එක්ක ඇත්තටම කොහෙද බං ගියෙ... හෙහ් හෙහ්

    ජය..

    ReplyDelete
  14. මාලු කට්ටා නං යුව රජකමටම ගැලපෙනවා හැබැයි...

    ReplyDelete
  15. මොකද්ද බං අර අන්තිමට දාන සාවද්‍ය කතාව. මට නම් හිතෙන්නේ මුළු කතාවම සාවද්‍යයි කියලා... :P

    මාලුකට්ටා පවු බං. ඌ කොහොම හිත හදාගෙන ගියාද මන්දා අර අක්කාගේ කොලුවව බලන්න ඒකිත් එක්ක....

    ReplyDelete
  16. එල එල
    අක්කව කොල්ලා බලන්න එක්කං ගියා කිව්වෙ ඇත්තද දන්නෑ
    ;)

    ReplyDelete
  17. පට්ටයි බං පට්ටයි පූස් කොල්ලොන්ට සුද්දෝ සුද්දියෝ ගෙන් නම් අඩුවක් නැති පාටයි . සුද්දන්ටත් සරං අන්දාපු දේවගම පූසෝ ගැන කියවන්න මාරම ආසයි .. ඉක්මනට අනිකත් දෙන්න ..

    ReplyDelete
  18. හරි හරි ඉක්මනට ඉතුරු ටික.....

    ReplyDelete
  19. ඉක්මනට ඉතුරු ටිකත් දාන්නෝ ..............

    ReplyDelete
  20. හැබෑට දේවගමට සුද්දෝ එක්ස්පෝර්ට් කරන වැඩේ දැන් කරන්න බැරිද?

    ReplyDelete
  21. හික්... දෙවගමට එන්න තිබ්බ අදහස වෙනස් කරන්න වෙයි වගේ.. අන්තීමට ගස් උඩ ඉන්න පුරුදු උනොත් එහෙම ;)

    ReplyDelete
  22. මාලුකට්ටාJuly 30, 2011 at 7:09 PM

    අම්මේ තවම මතකයි වෙච්චි සීන් එක. එදාම අපේ ගෙදර හිටපු ලංකාවෙ එකාත් කොහෙද මන්දා ගිහින්. ඒකාව හොයන්න උන්ගෙ ගෙදරිනුත් ඇවිත්. උන්ගෙ ගෙවල් දේවගමට ගොඩාක් දුරයි( ලංකාවෙ මුහුද කිට්ටුව තියන නගරයක් ). ඉතින් එච්චර දුර ඉදන් හොයන්න එනවා කියන්නෙ දරුණු සීන් එකක්. මම ආපු ගමන් කට්ටියගෙ ඇටෙන්ෂන් එක ඒකට ගියා. නැත්නම් එදා මම කම්මුතුයි.

    කොහොම උනත් ලූකස් නම් තවමත් මූණු පොතෙන් හම්බ වෙලා සැප දුක අහනවා. ලංකාවෙ එකානම් ගියා ගියාමයි උන්නද මළාද කියල බලන්ඩ කෝල් එකක් වත් දුන්නෙ නෑ.

    ඔන්න දේවගම තියන තව ලස්සන තැන් දෙකක පින්තූර ලින්ක් කලා. ලින්ක් වලට ගොහින් බලාගන්ඩ. පුරුපුරු කලින් කියපු ගඟේ පින්තූරෙකුත් ඇති.
    http://imageshack.us/photo/my-images/687/12112010401.jpg/
    http://imageshack.us/photo/my-images/148/23052011105w.jpg/

    ReplyDelete
  23. නියම කතා ටික...4ම කියෙව්වා.....මරු ඇ...

    ReplyDelete
  24. ලූක්ස් දැං අමුඩත් ගහන්වලු අන්න අරහේ...... :D

    ReplyDelete
  25. හනේ හපොයි............. යුවරජතුමාත් හරියටම රාජ ගතිගුණ තියන කෙනෙක්නේ........

    හැබෑට මහරජ සැරද ඔච්චරටම?

    ReplyDelete
  26. rmpm
    දිනේෂ්
    ඩිලාන්
    නුවි
    පිස්සු පූසා
    මධුරංග
    රාජ්
    ගීතික
    ප්‍රසන්න
    රත්තා
    පිණිබිඳු
    ගයාන්
    ආගන්තුකයා
    ගෝල්ඩ් ෆිෂ්
    කණිෂ්ක
    සඳරු
    පූසා
    ලයන්
    චතුර
    හසී
    මාලුකට්ටා
    නවම්
    ප්‍රසංග
    හා පැටික්කි

    හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ. දේවගම සීරීස් එක මෙතනින් නවත්තලා අන්තිම කොටස වෙනම කතාවක් හැටියට පස්සෙ පල කරන්න අපි හිතුවා.

    මාලුකට්ටාගෙ කොමෙන්ට් එකෙනුත් ඔයාලා මේ සිද්දිය ගැන වැඩිපුර දැනගන්න ඇති නොවැ! වෙන වෙනම උත්තර දෙන්න බැරි වුණාට මට සමාවෙන්න. ඒත් මේ ටිකේ පැටවිලා තියෙන වැඩ කන්දරාවෙ හැටියට වෙන විකල්පයක් නෑ යාලුවනේ.

    නැවතත් ස්තුතියි හැම දෙනාටම!!!

    ReplyDelete
  27. පට්ටායි ඔක්කොම ටික එක හුස්මට කියෙව්වා...

    ReplyDelete
  28. දේවගමත් නිකන් අපේ සංකයලගේ ගම වගේ... පැයකට පාරයි බස් එකක්... වෙනම රාජ්‍යයක්... දැන් නම් වෙනස් වීගෙන යන්නේ...

    බයිනො එක කිව්වම අපේ පවන් ගේ සීන් එකක් මතක් උනා... ලිව්වදත් මන්දා...

    චන්ංචලාගේ ලපේ.... හපොයි දේවගම උන්ගේ අවංක කම හික් හික්......

    හැබැයි මලයෝ දේවගම එකෙක් වත් වැරදිල හරි සයිබර් අවකාශේට ඔලුව එබුවොත් උබට කල්යානි ගංගා රාජිනි තමා හික් හික්

    ReplyDelete
  29. හික් හික්..ඊලග එපිසොඩ් එකත් ඉක්මනටම දාන්න

    ReplyDelete
  30. මොනව උනත් යුවරජතුමා රඟපාපු “ජුරාසික් XXXXXX“ trailer එකත් දාන්න තිබුනෙ.. :D

    ReplyDelete
  31. කිඩෝ
    පිස්සා
    චම්මා
    ගයන්ත

    බොහොම ස්තුතියි යාලුවනේ. යුව රජතුමා ඒ වීඩියෝ එක දාන්න පර්මිෂන් දුන්නෙ නෑ නොවැ!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???