අඹ යාලුවෝ

Wednesday, July 27, 2011

දේවගම - 3

දේවගම චන්ද්‍රිකා ඡායාරූපයක්. රජ මාළිගාව රතු පාටින් රවුම් කර ඇත. මැදින් ගලන්නේ රන් කල්‍යාණි නදියයි. (ඡායාරූප අනුග්‍රහය - මාලුකට්ටා)


අපි කලින් දවසෙ කතාව නතර කළේ අපේ පූසො වල් ඌරෙක්ට බැස්ටිය දුන්න තැනින් නොවැ! ඉතිං දවල් කෑමෙන් පස්සෙ කට්ටිය කළේ රජ මාළිගාවෙ උද්‍යානයට ගිහින් ක්‍රිකට් සෙල්ලම් කරපු එකලු. මාළිගාවෙ උද්‍යානය බිත්තර හැඩයක් ගත්ත හින්දා අපේ යාලුවො ඒකට කිව්වේ ක්වීන්ස් පාර්ක් ඕවල් කියලා. ඒ වගේම යුව රජතුමා කිරිකැට් සෙල්ලම් කරද්දි ඒජන්ට් ගුරු සැරින් සැරේට ඇවිල්ලා මෑන්ස්ගෙ ආරක්ෂාව සම්බන්ධයෙන් සෝදිසි කරලා යන්න අමතක කළේ නෑ. ඒජන්ට් ගුරු තමයි මාලුකට්ටාගෙ පෞද්ගලික ආරක්ෂකයා විදිහට රම්බෝ රජතුමා විසින් පත්කරලා තිබුනෙ.

ලංකාව ඇරුනහම මේ ලෝකෙ තියෙන එකම සිංහල බෞද්ධ රට තමයි දේවගම. මේ රට කොච්චර පොඩි වුණත් අවුරුදු දාස් ගානක් තිස්සෙ ශ්‍රී ලංකාවට යටත් නොවී ඉන්න පුලුවන් වුණේ රටේ තියෙන ස්වභාවික පිහිටීම නිසයි. කොටින්ම ශ්‍රී ලංකාව නෙවෙයි, ඇමරිකාවෙන් ඇටෑක් කරන්න ආවත් දේවගම යටත් කරගන්න එක බොරුයි කියලා උඩින් තියෙන සැටලයිට් ෆොටෝ එක දැක්කහම ඔයාලටත් තේරෙනවා ඇතිනෙ. බලන්න තද කොළ පාට ගන කැළේ හරි මැද්දෙ, ගඟටත් මායිම් වෙලා මාළිගාව තියෙන අපූරුව! ඒ කැළේ වටේට තියෙන්නෙ අපි කවුරුත් ඉන්න ශ්‍රී ලංකාව.

දේවගම මිනිස්සු බුදු හාමුදුරුවන්ට අමතරව තව දෙවි කෙනෙක් අදහනවලු. ඒ තමයි කල්‍යාණි නදියට අධිපති දෙවියෝ. ඒ දෙවියෝ ඉස්සර දේවගම ජීවත් වෙලා ඉඳලා අභාවප්‍රාප්ත වෙච්ච කෙනෙක්ලු. එතුමා වෙනුවෙන් හදපු ලොකු දේවාලයක් දේවගම පන්සලේ තියෙනවා. දේවගමට ඒ නම වැටිලා තියෙන්නෙත් ඒ දෙවියන්ගෙ නමින්මයි. ඒ වගේම දේවගම කියන්නෙ ගොඩක් අනුහස් තියෙන රටක් කියලා තමයි එහෙ මිනිස්සු විශ්වාස කරන්නෙ. දේවගම විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවෙත් ඔය ගඟ අයිනෙ මිටියාවත් වල ජීවත්වෙන මිනිස්සු අදහන්නෙ ඒ දෙවියන්වම තමයිලු.

------------------------------------------------------------------------------------------

දේවගම ආර්ථිකේ ගැන අපි කලින් ලිපියකත් කිව්වා නොවැ! දැන් කියන්න හදන්නෙ ඒ පැත්තෙ වෙළඳාම ගැන. මුලු දේවගමටම තියෙන්නෙ එකම කඩයයි. ඉතිං ඒ කඩේ ටොපියෙ ඉඳලා ගඩොල් කැටේ වෙනකන් හැම බඩුවම තියෙනවලු. ඊට අමතරව කඩේ මුදලාලි රජවාසලට විතරක් වෙනම ටෙලි ෂොපින් ක්‍රමයක් ඉන්ට්‍රොඩියුස් කරලා දීලයි තියෙන්නේ. රජ බිසවට තියෙන්නේ දුරකථන මාර්ගයෙන් කඩේ මුදලාලිට තමන්ට ඕනෙ බඩු ලිස්ට් එක කියන එක. ඊටපස්සෙ මුදලාලි කරන්නෙ බඩු ටික උස්සගෙන රජ මාලිගාවටම ඇවිත් ඒවා දීලා යන එක. මෑන්ස් ගිය අතරෙ කඩේ මුර කරන්න හයිනා වර්ගයට අයිති සතෙකුත් කඩේ ඉස්සරහා බැඳලා දාලා තමයි මුදලාලි මාළිගාවට යන්නෙ.

දේවගම ජෛව විවිධත්වය අතින් අනූනයි. ලංකාවෙදි කවදාවත් දැකගන්න බැරි සත්තු සහ ශාක වර්ග ගොඩක් දේවගමදි දැකගන්න පුලුවන්. ලංකාවෙ ඉන්න සත්තු පවා දේවගමට යද්දි වෙනස් වෙලා තමයි දැකගන්න පුලුවන් වෙන්නෙ. උදාහරණයක් විදිහට ලංකාවෙ හැකරැල්ලෙක් වැඩිම වුණොත් අඟල් 3-4 විතර තමයි දික්වෙන්නෙ. ඒත් දේවගම හැකරැල්ලො සාමාන්‍යයෙන් අඩි බාගයක් විතර දික් වෙනවලු.

එකපාරක් මාලුකට්ටා දේවගම ගහක පිපිච්ච ලස්සන මලක් බයෝ ක්ලාස් එකට ගෙනාවලු. ඒ මල ක්ලාස් එකේ හිටපු කවුරුවත් මීටකලින් දැකලා තිබුනෙ නෑ. ඉතිං ටික වෙලාවකින් මාලුකට්ටා ගෙනාපු අමුතු මල ගැන නිව්ස් එක ක්ලාස් එක පුරාම පැතිරුණාලු. අන්තිමට කට්ටිය කළේ සර් ක්ලාස් එකේ උගන්නද්දි ඒ මල ගැන විස්තර අහලා මලත් එක්කම චිට් එකක් සර්ට යවපු එක. බයෝ සර් ජීව විද්‍යාව ගැන ආචාර්ය උපාධියක් තියෙන මනුස්පයෙක්. ඒත් ඒ අසරණයාට මේ මල දැක්කට පස්සෙ අඩුගානෙ ඒක අයිති වෙන කුලයවත් හිතාගන්න බැරිවුණාලු. අන්න එහෙමයි දේවගම ජෛව විවිධත්වය.

-----------------------------------------------------------------------------------

දේවගම මිනිස්සුන්ගෙ තියෙන හොඳ ගතිගුණයක් තමයි පැත්ත ගියත් ඇත්ත කියන එක. ඒ වගේම ඒ අය ඇත්ත කියන්න මොහොතක්වත් පසුබට වෙන්නෙ නෑලු. මේ සිද්දිය වුණේ අපේ උපාසක චංචලාව මුලින්ම මාලුකට්ටාට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න දවසෙ. මේ වෙද්දි උපාසකගෙයි චංචලාගෙයි ආදරේ උතුර උතුරලු තිබුනේ. ඉතිං චංචලා ගිය වෙලාවෙම උපාසක මාලුකට්ටාගෙන් ඇහුවලු චංචලා ගැන.

උපාසක :- මාලු කොහොමද චංචලා? හොඳයි නේද?

මාලුකට්ටා :- හොඳයි මචං! චංචලාගෙ -- ලස්සන කලුපාට ලපේකුත් ති‍යෙනවා නේද?

බලාපොරොත්තු නැති විදිහට මාලුකට්ටා කියපු දෙයින් උපාසක ෆුල් අඤ්ඤකොරොස් වුණාලු.

උපාසක :- මොකක්?

මාලුකට්ටා :- ඇයි යකෝ, චංචලාගෙ බ්ලවුස් එකේ බොත්තමක් ඇරිලනෙ තිබුනෙ! උඹ බැලුවෙ නැද්ද මෝඩයා?

එතන ඊටපස්සෙ සිද්දවුණයි කියන දේ ගැන මම මේ බ්ලොග් එකේ දාන්නෙ නෑලු හොඳේ!

--------------------------------------------------------------------------------------

කොහොමහරි ඉතිං කිරිකැට් සෙල්ලං කරලා ඉවර වෙච්ච අපේ යාලුවො සෙට් එක ගඟ පැත්තට යන්න පිටත් වුණාලු. මේ රන් කල්‍යාණි නදිය ගැනත් කියන්න කතා බෝහෝමයි. අපේ යුව රජ්ජුරුවොත් නිතරම විවේක සුවයෙන් කල් ගෙවන්න ආවෙ මේ ගඟ ළඟට. දේවගම ගැමියො කතාවට කියන්නෙ යුව රජ්ජුරුවො කෙල්ලෙක්ට ගඟ පෙන්නන්න එක්කගෙන ආවොත් ආපහු ඒ කෙල්ලට ගැලවිල්ලක් හම්බවෙනවා බොරුයි කියලා. ඔය කතාවල ඉතිං ඇත්ත නැත්ත අහන්න වෙන්නෙ ඉතිං මාලුකට්ටාගෙන්ම තමයි.

එක පාරක් ශ්‍රී ලංකාවෙ කැනඩා තානාපති කාර්යාලෙ කට්ටිය එහෙ ඉන්න කැනඩා සුද්දො කට්ටියක්, ශ්‍රී ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න ලංකාවට ගෙනාවලු. ඒත් මෙහෙ කවුරුහරි රං ගොජෙක් මේ කට්ටියව ලංකාවෙ ජන ජීවිතය ගැන හදාරන්න කියලා එක්කගෙන ඇවිත් තිබුනෙ දේවගමට. ඉතිං ඊටපස්සෙ මොකද වුණේ, ඒ වගේම අපි දැන් කියාගෙන යන ප්‍රධාන කතාවෙ අන්තිමට මොකද වුණේ කියලා ඊළඟ කොටසින් බලමු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

20 comments:

  1. දේවගම දෙයියන්ට එහෙම අපහාස කරනවා එහෙම නෙවෙයි ඕන්, ඔය දේවගම දෙයියන්ට මුකුත් එහෙම කිව්වොත් හම්බෙන දඬුවම් සැර"ලු." බාර හාර වුනාම ඔය දෙයියන්ට පුහුල් පාන් පත්තු කරන්නෙත් ඒකලුනේ..

    ReplyDelete
  2. අඩොව්.... උබලා ඔය දේවගම කියල කියන්නේ දෙමළගමට නේද?

    ReplyDelete
  3. මරුවට ලියලා තියනවා :D

    ReplyDelete
  4. යකෝ දේවගම මිනිස්සු දන්නවනං මේ කොරන අපහාස..හිටුකෝ මං හෙට අනිද්දා දිහාවට දේවගම පැත්තේ යන්නයි ඉන්නේ..ඒ ගියාම මං දෙඤ්ඤං ගින්න..:D

    ReplyDelete
  5. සුද්දෝ වැද්දෝ උනාද? ;)

    ReplyDelete
  6. ඉතිරි ටික ඉක්මනට දාන්නෝ .............

    ReplyDelete
  7. සික් මේ ගම් ගැන මම දන්නේ නෑ නේ,කිවුවත් වගේ ඒ ගම වලට ගිහින් කියන්න තියෙන්නේ,,මුන් අපහස කරනවා කියලා ගම් පිටින් අපහස කරන්නේ

    ReplyDelete
  8. // ඇයි යකෝ, චංචලාගෙ බ්ලවුස් එකේ බොත්තමක් ඇරිලනෙ තිබුනෙ! උඹ බැලුවෙ නැද්ද මෝඩයා? //

    හික්ස්, මල් හතයි තව එකයි.. ලොවෙත් නෑ.. :D

    ReplyDelete
  9. අර ලපේ කතාව කියෙව්වම මට මතක් උනේ දස්කොන් ප්‍රෙමිලා බිසවගේ කතාව. හික් :)

    ReplyDelete
  10. දේවගමට ගියාට පස්සෙ සුද්දන්ට කෑලි අඩු නැතිව එන්න පුලුවං උනානං ඇති.

    ReplyDelete
  11. පූස් මලේ..ඔය පැත්තේ අර...බනභාවනා කොරන කට්ටිය ඉන්න කැලැ පොජ්ජ ගැනත් කියනව නේද පස්සෙන් පහු...

    පුස්මලේ අපේ ගමේ උදවිය අඳුනන වැයි...හැබැයි මලේ මං මෙදවස්වල කොලොම්පුරේ තමා ඉන්නේ...මලයගේ ඉස්කොලේ ගාවින් නම් උදේ හවහා එනව යනව....

    ReplyDelete
  12. මේවා ලෝකයා දැනගත්තම අර මාලු කට්ටා ඉහගහගෙන ඉන්නෙ කෝමෙයි. පව් දෙයියනේ.

    ReplyDelete
  13. අඟේ ඉදං කන කනවා කියන කතාව දැන් ලඟ ඉදං ලපේ බලනවා කියලා වෙනස් කරා නං හරි :පී

    ReplyDelete
  14. බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලා හැම දෙනාටම! හදවතින්ම සමාව ඉල්ලනවා වෙන වෙනම උත්තර දෙන්න බැරිවෙච්ච එකට.

    @ මාරයා - මේ මාරෙ අයියේ, පිස්සු පීකුදුනං කරන්න එපා. මට මැරුම් කන්න වෙන්නෙ.

    ReplyDelete
  15. Mallila Kelani Gaga dige udata yanna Google wala, oya uda thiyana pinthure karakawala thiynne, wedi amauwak nehe gama hoya ganna, Kelani ganga wangu gahala thiyana widihen hoya ganna puluwan! hiks

    ReplyDelete
  16. hebeya kathawa nam mal hathay malliyo !!!! game minissu tharahawena ekak nehe pissu pusatha ekka Hiks

    ReplyDelete
  17. හප්පා........ දේවගම ආරස්සාව පිළිබඳ පුස්නයක් මතුවෙයිද මංදා......

    ReplyDelete
  18. ඇනෝ
    හාවි

    බොහොම ස්තුතියි යාලුවනේ

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???