අඹ යාලුවෝ

Tuesday, July 26, 2011

දේවගම - 2

දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක්


මුලින්ම අපේ යාලුවන්ගෙන් සමාව ඉල්ලලාම පටන් ගන්නංකෝ දෙවෙනි කොටස දාන්න පරක්කු වුණාට. මගෙ ඩොන්ගල් එකේ ප්‍රශ්නයක් නිසා පහුගිය දවස් ටිකේ නෙට් එන්න බැරිවෙච්ච එක තමයි ඒ පරක්කු වීමට හේතුව. ඉතිං අපි එදා කතාව නවත්තපු තැන ඉඳලාම පටන් ගම්මුකො නේද එහෙනං?

කොහොමහරි අපේ  පූසො කට්ටිය මාලුකට්ටාගෙ ගෙදර යනකොට පැයකට කිට්ටු වෙලාවක් ගතවෙලා තිබුනලු. ඇත්තටම බස් එකේ දේවගම යද්දි ගමනාන්තය කිට්ටු වෙද්දි යන මිනිස්සුන්ගෙ ඇඟට සෑහෙන්න අමාරුයි. මොකද ඒ පාරෙ වල ගොඩැලි නැති තැනක් හොයාගන්න බැහැ. සමහර වලවල් තියෙන්නෙ හරියට බිම් බෝම්බ පිපිරුවාම ඇතිවෙන වලවල් වගේ. ඇත්තටම එහෙමද දන්නෙත් නෑ. ඒ ඔක්කොටම වඩා හපන් පාරෙ යද්දි හම්බවෙන කඳු ටික. ඒ කඳු වලින් බස් එක පන්නන්න පුලුවන් ඉතිං අවුරුදු ගානක් දේවගම රූට් එකේ බස් එලවපු ඩ්‍රයිවර් කෙනෙක්ටම තමයි.


සාමාන්‍යෙයන් මොළේ අමාරුකාරයෙක් ඇරෙන්න කවුරුත් දේවගම රූට් එකට අලුත් බස් එකක් දාන්නෙ නෑ. මොකද සතියක් දුවද්දි අයිතිකාරයාටවත් තමන්ගෙ බස් එක අඳුරගන්න බැරි ගානට බස් එක මොඩිෆයි වෙලයි තියෙන්නෙ. ඉතිං සාමාන්‍යයෙන් දේවගම - පූස්ගම දුවන බස් ඔක්කොම පට්ටම අබලන් බස් සෙට් එකක්. ඒක තවත් හේතුවක් තමයිලු මේ ගමනෙදි මිනිස්සුන්ගෙ ඇඟවල් වලට අමාරු ඇතිවෙන්න.


එකපාරක් උදේ බස් එකේ ඩ්‍රයිවර්ට අමතක වීමෙන් මාලුකට්ටාව මගඇරිලා. ඉතිං මාලුකට්ටා පාරට යනකොට බස් එක ඈත යනවලු. මෑන්ස් බැලුවලු යුව රජ්ජුරුවන්ව දාලා යන්න තරම් මූට තියෙන හයිය මොකද්ද කියලා. ඊටපස්සෙ මාලුකට්ටා කරලා තියෙන්නෙ ඩ්‍රයිවර්ට දෙකක් නෙලන්න බස් එක පස්සෙන් හයියෙන් දුවපු එක. ඒත් අපේ යුවරාජ්ගෙ අවාසනාවට මෑන්ස් දුවද්දි පොරව පාරෙ මැද තිබුන වලකට වැටුනලු. ඉතිං අන්තිමට වුණේ මෑන්ස්ගෙ දකුණු කකුලෙ දණිස් පොල්කටුව පැන්න එක.


කොහොමහරි වෛද්‍ය ප්‍රතිකාර දුන්නාට පස්සෙ දේවගමට අල්ලපු ගමේ ඉන්න ප්‍රසිද්ද කැඩුම් බිඳුම් වෙදතුමා තීරණය කළේ යුවරජතුමාව මාසයක් යනකං ශිල්ප හදාරන්න කුරුඳුවත්ත තක්සලාවට යවන්න එපා කියලා. ඉතිං ඒ කාලෙ වෙද්දි උසස්පෙළ විභාගෙටත් ටිකක් කිට්ටුවෙලා තිබුන හින්දා අපේ යුවරජා කළේ ශ්‍රී ලාංකික පැංචියෙක් ලවා තමන්ට අවශ්‍ය කරන නෝට් ටික ගෙදරටම ගෙන්න ගත්ත එක. ඒ සිද්දිය අපි පස්සෙ වෙනම සීරීස් එකකින් අහමුකො නේද?


ඉතිං ඔය විදිහට මාලුකට්ටා ඉස්කෝලෙ එන්නෙ නැතුව ඉන්නකොට කුරුඳුවත්ත ඉස්කෝලෙ කොල්ලො කට්ටිය තීරණය කලාලු මෑන්ස්ව බලන්න දේවගමට යන්න. දේවගමට ගිහිල්ලා එක්ස්පීරියන්ස් තියෙන පුරුපුරුනං ඒ කට්ටියට කිව්වෙ දේවගමට යන්න ඉස්සරවෙලා අඩුගානෙ සිංහරාජෙටවත් ට්‍රිප් එකක් ගිහින් එක්ස්පීරියන්ස් ගත්තොත් හොදයි කියලා. ඒත් ඉතිං අවාසනාවට ක්ලාස් එකේ කොල්ලො ටික හිතුවෙ පුරුපුරු කියන්නෙ බොරුයි කියලලු.


අන්තිමට මාලුකට්ටාව බලන්න කට්ටිය දේවගමට යද්දි ක්ලාස් එකේ කොල්ලො දෙන්නෙකුට කලන්තෙ හැදිලා. තව දෙන්නෙකුට කොන්දෙ අමාරු හැදිලා. ඊටපස්සෙ කට්ටිය තීරණය කළේ මේ වගේ දුෂ්කර රටක ඉඳලා තමන්ගෙ ඉස්කෝලෙට එන මාලුකට්ටාට Most Dedicated Student කියන සම්මානය ප්‍රධානය කරන්න.


-------------------------------------------------------------------


කොහොමහරි ඉතිං පූසො කට්ටිය මාලුකට්ටාගෙ රජ මාළිගාවට ළගා වුණේ බස් ෆ්ලයිට් එකෙන් බැහැලා විනාඩි දහයක් විතර ඇවිදලා. මේ දවස්වල වැස්ස නැතුව ඒ පැත්තම වේලිලා තිබුනේ. ඉතිං අපේ ඤාව්වා කළේ මාළිගාවට ගිය ගමන් යුව රජ්ජුරුවන්ගෙ බයිනොකියුලර් එක අතට ගත්ත එක. ආ...ඔන්න ඉතිං දැන් බයිනො එකේ කතාවත් කියන්න වෙනවා නොවැ!


දේවගම ඉන්න මිනිස්සු, ගෑනු සාමාන්‍යයෙන් නාන්නෙ රන් කළ්‍යාණි නදියෙන්. ඒත් මේ වගේ පායන කාලවල් වල අපේ මාලුකට්ටා සිස්ටම් එකක් හදලලු තියෙන්නෙ ග‍ඟේ වතුර හිඳුනත්, මෑන්ස්ගෙ රාජකීය උද්‍යානෙ කෙළවරක තියෙන ළිඳේ වතුර හිඳෙන්නෙ නැති වෙන්න. ඉතිං ඒකෙ ප්‍රතිඵලයක් විදිහට මිනිස්සු වැඩට යන දවල් කාලෙට ඔය ළිඳ ගෙවල් වල ඉන්න ගෑනුන්ගෙන් පිරෙනවලු. ඉතිං අපේ යුවරජාට තියෙන්නෙ ඒ වෙලාවට බයිනොකියුලර් එකත් තියාගෙන, ලෝඩ්ස් පිට්ටනියෙ ටෙස්ට් මැච් එකක් බලනවා වගේ කාමරේ ඇතුලෙ ඉඳගෙන සුන්දර දර්ශන නරඹ නරඹ ඉන්න.


මුලින්ම පූසො ඔය බයිනොකියුලර් එක ගැන ඇහුවාම මාලුකට්ටා කිව්වෙ රෑට තරු බලන්නයි ඒක ගත්තෙ කියලා. පූසොත් ඉතිං දේවගම සංස්කෘතිය ලංකාවට වඩා වෙනස් හින්දා මෑන්ස් කියපු දේ විශ්වාස කළාලු. ඒත් ඉතිං බයිනො එකේ ඇත්තම රහස එළිවෙන්න වැඩි දවසක් ගියෙ නෑ. අන්තිමට සිද්දවුණේ පායන කාලෙට දවල් “තරු“ බලන්න අපේ ඤාව්වායි මාලුකට්ටායි අතරෙ ප්‍රබල තරඟයක් ඇතිවෙච්ච එක. කොටින්ම පායන කාලෙට ඤාව්වා තමන්ගෙ ගෙදරටත් වඩා හිටියෙ දේවගම රජ මාලිගාවෙලු. ඇති යන්තං පස්සෙ කාලෙක දේවගම පොදු නල ළිඳක් නොහදන්න, ඤාව්වා නතර වෙන්නෙ නාසා ආයතනයට ගිහින්.


----------------------------------------------------------------

කොහොමහරි ඉතිං කට්ටිය රජ මාළිගාවට යද්දි ටිකක් දවල් වෙලා නොවැ! දේවගම රජ මාළිගාව තරම් ආගන්තුක සත්කාරයෙන් පිරුණු වෙන තැනකට පූසො කවදාවත් ගිහින් නෑ. ඉතිං ගිය වෙලාවෙ ඉඳලා එක එක කෑම, සොෆ්ට් ඩ්‍රින්ක්ස් එහෙම පූසන්ව හොයාගෙන ආවලු. ඒ අතරෙ රජ වාසල නිල සුනඛයා වෙච්ච බ්‍රේව්ගෙ අඟර දඟර සංදර්ශනයක් බලන්නත් පූසො අමතක කළේ නෑ.


කලින් දවසක අපේ ඤාව්වා රජ මාළිගාවෙ මුලුතැන්ගෙට දැනුම් දීලලු තිබුනෙ මෑන්ස්ට වල් ඌරු මස් කන්න ආසයි කියලා. ඉතිං එදා බැලින්නං ස්පෙෂල් කෑම විදිහට දිවා භෝජනේට තියෙන්නෙ වල් ඌරු මස්. දේවගම කැලේ වල් ඌරො වැහි වැහැලා. ඉතිං හුදී ජනයා මරුවැල් බැඳලා වල් ඌරෙක්ව අල්ලගත්තාම ඌගෙ මස් වලින් කොටසක් රජතුමාට ගෙනත් දෙන්නත් අමතක කරන්නෙ නෑලු.


කොහොමහරි රජවාසල මුලුතැන්ගෙයින් වල් ඌරු මස් උයලා තිබුනෙ අපේ පූසන්ට වේල් තුනකට කන්නලු. ඒත් ඤාව්වාගෙ ප්‍රහාරාත්මක පිතිකරණය හමුවේ වල් ඌරාට වගේම රජවාසලටත් ඇපත් නැති වුණාලු. අන්තිමට බලද්දි ඤාව්වා ඇතුලු පූසො කට්ටිය මුලු වල් ඌරාටම එක වේලෙන් ගේම දීලා.

ඊළඟට මොකද වුණේ කියලා එහෙනං ඊළඟ කොටසින් බලමු නේද යාලුවනේ?




සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

ප.ප.ලි :- බ්ලොග්කරුවන් සඳහාම හැදුව අලුත් ගෘෘප් එකට ගිහින් බලන්න.

ශ්‍රී ලාංකික බ්ලොග්කරුවන්ගේ එකතුව



28 comments:

  1. elazz කෝ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න

    ReplyDelete
  2. එල එල මරු දේවගම අපිටත් විසිට් එකක් දාන්න බැරි වෙයිද දන්නේ නෑ... ;)

    ReplyDelete
  3. අපරාදේ පොදු නල ළිඳක් හැදුවේ!

    ReplyDelete
  4. බයිනොකියුලර් එකෙන් තරු බැලුවයි කිව්වා... :D

    ReplyDelete
  5. හි හි .... හොදයි හොදයි
    වල් ඌරු මසුත් කෑවා එහෙනම්

    ReplyDelete
  6. දැං එතකොට උඹලත් ඔය පණ කඩාගෙන දුක් දරාගෙන ගිහිං තියෙන්නෙ මාලුකට්ටව බලාන්ට නෙවෙයි, බයිනො එකෙං තරු බලාන්ට වෙන්ටැ.. අපි නොදන්න ඤාව්.. :)

    ReplyDelete
  7. රංවල == දේවගම ද?

    ReplyDelete
  8. මරේ මරු

    ReplyDelete
  9. වල්අලි -- වනඅලි වුනා වගේ වල්ඌරා -- වනඌරා වෙන්නෙ නැද්ද?

    ReplyDelete
  10. රන් කල්‍යාණි නදියෙන් නාපු කාලයක් මතක නෑ.. ඈ බන් දේවගමට ආවොත් අපිටත් තරු බලන්න බැරිවෙයිද දන්නේ නෑ..

    ReplyDelete
  11. දෑන්නම් දෙවගම පාරේ අච්චර ලොකු වලවල් නැනේද පුස් මලේ..

    පූස් මලේ අපේ ගමේ නම ඔං මං ඉමෙල් කලා...අර සමහන් හදන ලින්ක් පැක්ටරිය තියෙන්නේ ගම්පහ - පුස්ගම පාරේ අන්න ඒකිට්ටුව.

    ReplyDelete
  12. සොෆ්ට් ඩ්රින්ක් විතරද ඇයි හොට් ඩ්රින්ක් තිබුනෙ නැද්ද?
    කතාවනං නියමයි ඊගාව කොටසත් ඉක්මනින් දාන්න.

    සැ.යු :- මෙම කතාවේ අඩංගු කිනම් කරුණු සාවද්‍ය වේ දැයි වටහාගත නොහැක.

    ReplyDelete
  13. වල් ඌරො ගැනනම් මතක් කරන්න එපා බන්...

    ReplyDelete
  14. අඩේ කොහෙද අප්පා ඔය කියන අච්චර දුශ්කර දේවගම තියෙන්නේ. මට හිතෙන්නේ ඔය ගම ගම්පහ දිස්ත්‍රික්කයේ නෙමෙයි මීමුරේට කිට්ටුව වෙන්ටෑ තියෙන්නේ.

    ඒ තරමටම දුශ්කර ගමක් නේ !!!!!
    අපෝ වල් ඌරෝ ගැන නම් මටත් මතක් කරන්න එපා. අපේ හොස්ටල් එක කිට්ටුවටත් උන් එනවා. උන්ට අහු උනොත් අපේ කකුල් කඩා දානවා !!!!

    ReplyDelete
  15. කට්ටියට හොඳ භොජන සංග්‍රහයක් හම්බෙලා තියෙන්නෙ. පූස් සෙට් එක එහෙන් ආවට පස්සෙ තාම ගමේ මිනිස්සුන්ට ඔලුව උස්සගන්න බැරි වෙලා. ඒ තරමටම කාලා කාලා තමා ඇවිත් තියෙන්නෙ ලු..............

    ReplyDelete
  16. පැයකට විතර අර බයිනොකියුලර් එකෙන් තරු බලන්න අපිටත් විසිට් එකක් දාන්න බැරිවෙයිද?

    ReplyDelete
  17. @ rmpm - ඕකේ මලයා!

    @ හසී - හික් හික්!! යුවරජතුමාගෙ පර්මිෂන් හම්බවුණොත් තමයි ඉතිං

    @ විසිතුරු - ඒකනේ! කොහෙද ඉතිං මේ ප්‍රාෙදශීය සභාවෙ කට්ටියටත් ඕනෙනැති මගුලක් නෑනෙ

    @ පූසා - හික් හික්! බලන්න දෙයක් නෑ බං, නිකම්ම පේනවා

    ReplyDelete
  18. @ ඇනෝ 1 - හික් හික්!! කෑවා නේන්නං

    @ බුරා - අනේ නෑ සහෝ! අපි ඉතිං ඇල් වතුරත් නිවලා නොවැ බොන්නෙ.

    @ ඇනෝ 2 - මූණුපොතෙන් හමුවන්න හොඳේ

    @ සමීර - තෑන්ක්ස් සහෝ!

    ReplyDelete
  19. @ රොෂාන් - හික් හික්!! මොන නම කිව්වත් ඉතිං අන්තිමට කන කොට එකම රහ නොවැ බං

    @ චතුර - හපෝ දැන්නම් ඒ නදිය අම්බානට දූෂණය වෙලා. දැන් පරක්කු වැඩියි සහෝ. නළ ළිඳක් හැදුවා නොවැ!

    @ රාජ් - ඈ? මම ඒ පැත්තෙ සෑහෙන්න කට්ටිය දන්නවනෙ අයියේ

    @ ප්‍රසන්න - හික් හික්!! මාළිගාවෙ හොට් ඩ්‍රින්ක්ස් තහනම් සහෝ! ගොඩක් කරුණු ඇත්ත ඒවා

    ReplyDelete
  20. @ සාතන් - හික්ස්, ඒ මොකද බං?

    @ මධුරංග - ඈ? එතකොට උඹලා කැම්පස් එකේ ඇවිදින්න යන්නෙ නැද්ද? මීමුරේ තව හොඳයි බං දේවගම එක්ක බැලුවාම

    @ පිණිබිඳු - හික් හික්!! ඒකනං ඇත්ත සහෝදරී

    @ ආගන්තුකයා - අවාසනාවට නළ ළිඳක් හැදුවනෙ බං

    ReplyDelete
  21. කොහෙද මලේ මේ අරුම පුදුම ගම තීන්නෙ?

    ReplyDelete
  22. බලමු දේව ගමේ කතාවත් කියවලාම .. ඇත්තට මේක කියවද්දී හිතේ මැවෙන්නේ නිකම් දිව්‍ය ලෝකයක් වගේ ගමක් .. මේ තෙත් කලාපේ ගමක් වෙන්ටැ

    බලමු ඉතිරියත් ආවාම ..

    ReplyDelete
  23. ඉතිරි ටික ඉක්මනට දාන්නෝ .............

    ReplyDelete
  24. ප්ලේස් එකනම් සිතියමේ හොයා ගත්තා. එත් මේකට කියන නමක් නම් හොයා ගන්නේ බැරි උනා (කොච්චර දුෂ්කර ගම්මානයක්ද කියල එකෙන්ම පේනවනේ).
    පුගොඩයි අවිස්සාවේල්ලයි අතරේ සමදුරින් වගේ තියෙන ප්ලේස් එකනේ සිතියමේ බැලුවොත්.
    :)

    ReplyDelete
  25. පල්ලේගම ද?

    ReplyDelete
  26. මගේ අප්පේ....... ඒ තරම් දුස්කරද දේව ගම........

    සමාවෙන්න ඉතින් දැන් අන්තිම කෝච්චියේ මෙව්වා කියවන්නේ.

    ReplyDelete
  27. කතාව ඇත්ත. දේවගම හරිම පිටිසර ගමක් තමයි.google Map එකේවත් නම පෙන්නන්නෙ නැහැනේ

    ReplyDelete
  28. දේවගමට යන ප්ලේන් එක නම් අම්මෝ....

    http://img703.imageshack.us/img703/3884/bussheet.jpg
    http://img580.imageshack.us/img580/1880/bus1j.jpg

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???