අඹ යාලුවෝ

Friday, July 8, 2011

සුද්දියෝ - 2 (White Chicks - 2)

 ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ අපේ පුරුපුරු කොහොමද හොස්ටල් එකට ආපු සුදු ගෑනු ළමයි දෙන්නත් එක්ක ෆිට් වුණේ කියලා. දැන් ඉතිං ඔය විදිහට ෆිට් එකේ තවත් දවස් දෙක තුනක් ගතවුණාලු. මේ වෙද්දි ලින්ඩායි, සේරායි පුරුපුරුව කොහේදි දැක්කත් "හායි", එහෙමත් නැත්තං "බායි" කියලා යන්න මට්ටමට ෆිට් වෙලා තමයි හිටයේ.


ඔය අතරෙ තමයි එක දවසක් ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතරෙ වන් ඩේ මැච් එකක් තිබුනේ. ඉතිං හොස්ටල් එකේ කොල්ලො කුරුට්ටොත් කලින්ම ඩයිනිං හෝල් එකට ගිහින් ටීවී බලන්න සෙට් වුණාලු. මොකද ටීවී බලන තැන තිබුන සීමිත ඉඩ පහසුකම් අනුව පරක්කු වෙලා ගියොත් වාඩිවෙන්න හරිහමං ප්ලේස් එකක් හම්බවෙන්නෙ නෑ. හැබැයි ඉතිං 11 වසරෙ ළමයින්ටයි, ප්‍රිෆෙක්ට්ස්ලාටයි මේ ප්‍රශ්නෙ නෑ. මොකද ඒ අය ආපුවාම පොඩි කට්ටිය නැගිටලා වාඩිවෙන්න ඉඩ දෙන්න ඕනෙ.


ඉතිං අපේ පුරුපුරු ඇතුලු ශිෂ්‍ය නායක ඩයල්ස් ටිකත් මැච් එක පටන් ගන්නකොටම එතනට පාත් වුණාලු. දැන් ඉතිං මැච් එක බොහොම උණුසුම් විදිහට නැගලා යනවා. ඔය අතරෙ තමයි ලින්ඩාටයි, සේරාටයිත් මැච් එක බලන්න හිතිලා ඩයිනිං හෝල් එකට කඩා පාත් වුණේ.


එදා කොහොමහරි පුරුපුරු ඇඳගෙන හිටියෙ හාරිස්ගෙ කමිසයක්. මොකද එදා මෑන්ස්ගෙ ෂර්ට් ඔක්කොම හෝදලා, අඳින්න එකක් තිබුනෙ නෑ. කොහොමහරි ඉතිං මැච් එක බලන්න ඇවිත්, පුරුපුරුලාට පිටිපස්සෙන් වාඩිවෙලා හිටපු ලින්ඩාටත් මීටර් වුණාලු මෑන්ස් ඇඳගෙන හිටපු ෂර්ට් එක. ලින්ඩා කළේ පුරුපුරුගෙ උරහිසට අත තියලා මහ හයියෙන් කට්ටියටම ඇහෙන්න මෙහෙම කියපු එක.


ලින්ඩා :- පුරු...පුරු...වට් අ නයිස් ෂර්ට්. වෙරි බියුටිෆුල්


ඇත්තටම ලින්ඩා එහෙම කියපු එක ස්කොට්ලන්තෙ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ කට්ටියට ටිකක් විතර අසාමාන්‍යයි නොවැ! ඉතිං හොස්ටල් එකේ කොල්ලො ටික කළේ මැච් එක බැලිල්ල පැත්තකින් තියලා පුරුපුරුයි ලින්ඩායි දිහා බලන්න ගත්තු එක. දැන් ඉතිං අපේ පූසාට මේ කේස් එක හින්දා ෆුල් අබ්ලික්. මොකද ඉතිං අපේ පුරුපුරු ලැජ්ජා බය ඇතුව හැදිච්ච බොහොම ගුණගරුක, ශීලාචාර පූසෙක්නෙ. ඉතිං මෑන්ස් කළේ ලින්ඩාට තැන්ක්යූ පාරක් දාලා මොනවත් නොවිච්ච ගානට ආපහු මැච් එක බලන්න ගත්ත එක. පස්සෙ තමයි මෑන්ස් දැක්කේ තරහින් පුපුර පුපුර හිටපු හාරිස්ව. මොකද ඉතිං මෑන්ස් හැමදාම මේ ෂර්ට් එක ඇඳලත් මෙච්චර කාලෙකට කවුරුත් ඕක ලස්සනයි කිව්වෙ නෑ නොවැ!


කොහොමහරි ඉතිං මේ සිද්දියෙන් පස්සෙත් නෝමල් එකේ දවස් දෙක තුනක් ගෙවිලා ගියාලු. ඒත් ඊට පස්සෙ තමයි ඒ අසුභ දවස උදා වුණේ.


හොස්ටල් එකේ ටීවී එක ඩයිනිං හෝල් එකේ සමහර වෙලාවට තිබුනත්, ගොඩක් වෙලාවට ඕක තියෙන්නෙ සීනියර් ප්‍රිෆෙක්ට් රූම් එකක් ඇතුලෙ. ඒ කියන්නෙ ප්‍රිෆෙක්ට්ලාට පුලුවන් දවසෙ පැය 24ම ටීවි බලබලා ඉන්න. ටීවී එක විතරක්නං මදෑ, හොස්ටල් එකේ වීසීඩී ප්ලේයර් එකයි, රේඩියෝ ක්ලබ් එකේ ඩීවීඩී ප්ලේයර් එකයි තිබුනෙත් ප්‍රිෆෙක්ට්ස්ලා බාරයෙ තමයි. ඉතිං ඒ දවස්වල ඔය ටීවී එක තිබුන ප්‍රිෆෙක්ට් රූම් එකේ සීඩී කඳු තුනයි. එක කන්දක් තමයි සාමාන්‍ය සීඩී කන්ද. තවත් කන්දක් තමයි ගන කන්ද. අනිත් කන්ද තමයි රෙස්ලින් සීඩී කන්ද.


ඉතිං ටීවී එක තිබුන කාමරේ තිබුන රසාස්වාදන සම්පත් ප්‍රමාණය හින්දා අපේ පුරුපුරුත් දවසෙන් වැඩි හරියක් ගතකළේ ඔය කාමරේ තමයි. කොටින්ම සමහර දවස්වලට ගොඩක් රෑ වෙනකං ෆිල්ම් බලලා,  පිට්ටනිය එහාපැත්තෙ තිබුන තමන්ගෙ රූම් එකට ඇවිදින්න කම්මැලි කමට මෑන්ස් ටීවී රූම් එකේම නිදාගන්න වෙලාවලුත් තිබුනා. ඉතිං මේ සිද්දිය වුණෙත් එහෙම දවසක.

පුරුපුරුලා නිදාගත්තු ටීවී එක තිබුනු ප්‍රිෆෙක්ට් රූම් එකට එහාපැත්තෙ තිබුනේ 10 වසර ඩෝම් එක. මෙහාපැත්තෙ තිබුනෙ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එක.



එදා ඉතිං අපේ කට්ටිය එක්ස් ෆයිල්ස් බලලා වෙනදාට වඩා පොඩ්ඩක් කලින් නිදා ගත්තලු. කට්ටිය කිව්වෙ ඒ රූම් එකේ පදිංචි වෙලා හිටපු ජුවාන්, තාරබාසු සහ අපේ පුරුපුරු. නිදාගෙන ටික වෙලාවකට පස්සෙ තමයි අපේ පූසාට ඇහුනෙ සිවිලිම උඩින් ආපු අමුතු සද්දයක්.


"ජරස්....බරාස්....."

ඇත්තටම එදා බලපු එක්ස් ෆයිල්ස් එපිසෝඩ් එක ටිකක් බය හිතෙන එකක්. ඕකෙ සිහියෙන් හිටපු අපේ පුරුපුරු සිවිලිම උඩින් එන මේ සද්දෙ ඇහිලා තවත් ටිකක් බය වුණාලු.

පුරුපුරු :- ජුවාන්! ජුවාන්!! උඹට ඇහුනද උඩින් ආපු සද්දෙ?

ජුවාන් :- (ඈනුම් අරිමින්) උඹට පිස්සුද යකෝ! මොන සද්දයක්ද? මොකෙක් හරි සතෙක් වෙන්නැති.

කොහොමහරි ඉතිං මේ සද්දෙ කෙළෙහිගුණ නොදන්න කළවැද්දෙක් දාපු එකක් වෙන්න ඇති කියලා හිතාගත්තු අපේ පූසා ඊට පස්සෙ නිදාගත්තලු.

එදා රෑ අපේ පුරුපුරුට හීනෙන් පෙනුනෙත් ස්කලී, ජෝන් ඩොගෙට් වගේ එක්ස් ෆයිල්ස් චරිත. ඉතිං ඔහොම හිනයක් දැක දැක ඉන්න අතරෙ තමයි එක පාරටම මහා සද්දයකින් මෑන්ස්ව ඇහැරුනේ.

"දඩාස්......"

දෙයියනේ! පෘථිවියට පහර දෙන්න පිටසක්වලයො ඇවිල්ලාවත්ද? අපේ පූසා වහාම නැගිට්ටලු. ඇත්තටම සද්දෙ ඇවිත් තිබුනෙ අපේ සුද්දියො දෙන්නා නැවතිලා හිටපු රූම් එකෙන්. ඉතිං අපේ පුරුපුරු, ජුවාන් සහ තාරබාසු වහාම ගියාලු මොකද වෙලා තියෙන්නෙ බලන්න.

බැලින්නං වෙලා තියෙන්නෙ මේකයි. 10 වසරෙ හිටපු කොල්ලො කීපදෙනෙක්ට ආසාවක් ඇවිල්ලා තියෙනවා ලින්ඩායි, සේරායි හොඳ සැප සනීපෙන් ඉන්නවාද කියලා විසිට් එකක් දාලා බලන්න. ඒ වගේම දොරෙන් ගිහින් ඒ දෙන්නාට කරදර කරන්නෙ නැතුව, සීලිම උඩින් ගිහින් විසිට් එක දාන්න තමයි කට්ටිය තීරණය කරලා තියෙන්නෙ. බලන්න කොච්චර හොඳ ළමයිද කියලා! ඉතිං මේ කට්ටිය 10 වසර ඩෝම් එකේ ඉඳලා සුද්දියන්ගෙ රූම් එක තියන තැනට යද්දි අපේ පුරුපුරුලා නිදාගෙන හිටපු ප්‍රිෆෙක්ට් රූම් එක හරහාත් යන්න ඕනෙනෙ. ඒ යනකොට තමයි පුරුපුරුට අර ඉස්සරවෙලා ඇහුන අමුතු සද්දෙ ඇහිලා තියෙන්නෙ.

ඉතිං හොඳම සීන් එක වෙලා තියෙන්නෙ ඊට පස්සෙ. කට්ටිය සුද්දියන්ගෙ රූම් එක උඩ ඉඳගෙන අවට සිරි නරඹ නරඹ ඉන්නකොට, සීලිම බරට කඩාගෙන වැටිලා එක කොල්ලෙකුත් එක්කම. එතකොට තමයි අර පිටසක්වල ඇටෑක් එකක් කියලා පුරුපුරු රැවටුන ලොකු සද්දෙ ඇවිත් තියෙන්නෙ. දැන් ඉතිං බඩු අතේ මාට්ටුලු. අනිත් කොල්ලො කට්ටිය සීලිම හරහා ආපහු පැනලා ගියත්, සුද්දියො දෙන්නගෙ රූම් එක ඇතුලට වැටුනට පස්සෙ ඒ කොල්ලා කොහේ පැනලා යන්නද?

කොහොමහරි අපේ කට්ටිය යනකොට ලින්ඩායි, සේරායි අම්බානට බයවෙලා ඉන්නවලු රූම් එක ඇතුලට වෙලා. ඒත් ඉතිං ඕක එච්චර බයවෙන්න දෙයක් වුණේ කොහොමද කියලා පුරුපුරුට තවම අවබෝධයක් නෑ. මොකද ඉතිං දෙන දෙයියෝ හොඳ කොල්ලෙක්ව අහසින් වඩම්මලා ගෙටම ගෙනත් දුන්නා නොවැ! ඒ මදිවාට වැටිච්ච මෑන්ස් ඊටත් වඩා බයවෙලා.
 
හොඳ වෙලාවට මේ සිද්දියෙන් කාටවත් අනතුරක් වෙලා තිබුනෙ නෑ. ඒත් ඉතිං සිද්දියෙන් ඇතිවෙච්ච මහා සද්දෙ හින්දා හොස්ටල් එකේ වගකිවයුත්තො මෙතනට එන්න මහා වෙලාවක් ගතවුණෙත් නෑ. අන්තිමට ඉතිං සිද්දවුණේ අහිංසක කොල්ලෙක්ට හොස්ටල් ලයිෆ් එකට ගුඩ් බායි කියන්න වෙච්ච එකයි, සුද්දියො දෙන්නා දවස් කීපයක් ඇතුලත ආපහු යන්න ගිය එකයි විතරයි.

ඒත් අපේ පුරුපුරුටනං හිතෙන්නෙ මේකට වග කියන්න ඕනෙ ඒ කොල්ලාටත් වඩා සුද්දියන්ව හොස්ටල් එකේ නවත්තගත්තු කට්ටිය තමයි කියලා.

30 comments:

  1. පුරු පුරුත් හම්බුවෙච්ච චාන්ස් එකන් කොහොමහරි රෑට සුද්දිගේ කාමරේට රිංග ගත්තා නේද? :-)

    ReplyDelete
  2. කොහොම වුනත් අර අන්තිමට කියල තියෙන කතාවනම් සෙටිෆිකට් ඇත්ත.. ඔය කොල්ලෝ ගොඩක් මැද්දෙන් සුද්දියෝ දෙන්නෙක් තියලා ඔයින් ගියා මදෑ.. මම මේ බලාගෙන හිටියේ කොයි වෙලාවේ කොටු දාන්ට වෙයිද කියලා... :D

    ReplyDelete
  3. හප්පච්චියේ මදෑ ඔයින් ගියා. හතර විලි ලැජ්ජාවයි :D

    ReplyDelete
  4. හොස්ටල් එකේ සුද්දියෝ නවත්තගන්න ගියාම ඕව වෙන එක සාමාන්‍යයි . අනික සාමාන්‍ය කෙල්ලක් වගේද සුද්දියක් කියන්නේ . කොල්ලෝ කන්දක් ඉන්න තැන සුද්දියෝ දෙන්නෙක් ගෙනත් තියාගන්න එක නුවනට හුරු වැඩක් නෙවේය කියලා මටනම් මුලදීම තේරුම් ගියා .

    කතාව පට්ට..

    ReplyDelete
  5. පව් අසරණ කොල්ලා. කොල්ලෝ ගොඩක් මැද නවතින්න එන නැහැදිච්ච සුද්දියන්ගේ තමයි සම්පූර්ණ වැරැද්ද...
    අනික උන් නවතින්න අහුවාම නිසි බලධාරියොත් නැත නොතැන හොයන්නේ නැතුව හා කියනවනේ :D

    ReplyDelete
  6. සිකේ මම හිතුවෙම එකෙක් පූසට සෙට් වෙයි කියලා

    ReplyDelete
  7. හපෑයි.. වස හිරිකිත නෝන්ඩියක් නෙවැ.. හික්ස්, මට මතක් වෙනවා අපි හොස්ටල් එකේ සිවිලිමේ දාපු සෙල්ලං.. හැබැයි අපිනං සුද්දියො බලාන්ට ගියෙ නෑ.. අපට කොයින්ද ටොමියෝ බූල් කිවුවලු.. :)

    ReplyDelete
  8. ඔය මං කලින් පාර කිව්වෙ... තව පොඩ්ඩක් එහෙ මෙහෙ උනානම්, "නෝටි ඇමරිකා" තමයි. හික් !

    ReplyDelete
  9. හාපෝයි පව් අර සුදු අක්කලා දෙන්නා..

    ReplyDelete
  10. 10 වසරෙ කොල්ලො සිවිලිම උඩින් ගියාට අපේ පූසො නං දොරෙන්ම ඇතුලට ගියාලු ඒ දවස්වල.

    ReplyDelete
  11. හෆොයි.. පොඩි උන් ටික කරලා තියෙන විනාසේ...

    ReplyDelete
  12. හිකිස් ඔන්න මාත් කාලෙකින් මේ පැත්තට ආවේ. ඇත්තට පුරු පුරු නෙවේ වෙන්න ඇති නේද සීලිමේ ගියේ...:D

    ReplyDelete
  13. හිකිස්.අපිත් ඉතින් ඕවා දන්නවා නොදන්නවා වගේ හිටියට.මොනා උනත් එළ සීන් එක.

    ReplyDelete
  14. ඉකෙයියාය...අපි නම් රෑට සුද්දියන්ව බලන්ට යන්නැත...යන්නෙ දහවලටය ;)

    ReplyDelete
  15. මම බලන් හිටියෙ මේ කතාව කවද කියයිද කියල! මොනව වුනත් ඒ අක්කල දෙන්නනං සෝයි අප්පා! XD ඕක වෙද්දි අපි හත වසරෙද කොහෙද. XD

    ReplyDelete
  16. අපරාදෙ, සුද්දියො පුරුපුරු එක්ක ෆිට් වේගෙන ආවා විතරයි :(

    ReplyDelete
  17. හිහි මේ සිද්ධිය නම් මටත් හොඳට මතකයි. ටොයියා සෑරුත් ඇරියෙ නෑ. ඊට පස්සෙත් සුද්දියො ගෙන්නගෙන අපිට ටියුෂන් දුනනනෙ! ඒ දවස්වල සිඟිති ගැටව් වුණාට අපිත් අහුවෙන්නැතිවෙන්න අහිංසක ආතල් ගත්ත ටොයියා සෑර්ට පිං සිද්ධ වෙන්න! :D

    ReplyDelete
  18. අපෝ අප්පා මුකුත් උනේ නැද්ද එතකොට

    ReplyDelete
  19. තමන්ට වෙච්ච දෙයක් අනුන්ට උනා වගේ කියන්න මාර දක්ෂකමක් තියෙන්නත් ඕනෙ. ඒ අතින් පුරුපුරුවෝ ඔයා නම් මාර දක්ෂයි

    ReplyDelete
  20. එලියට දාන්ඩ ඔන සුද්දියො කොල්ලො අස්සට ගෙනාපු උං...
    අහක ඉන්න නයි....රෙද්ද අස්සේ දාගෙන කනවො කියනව වගේ කෙස් එකක්...

    ReplyDelete
  21. ඔව් ඉතින් අර දීකිරට බලල්ලුත් සාක්කී කියනවනේ, නේද පුරුපුරු........ හිහ් හිහ් ......................

    ReplyDelete
  22. යකෝ ඔයින් ගියා මැදැයි... ඔය ගන කන්ද බලල මෝල් වෙච්චි කොල්ලො සැට් එකක් මැද සේරල ලින්ඩල තියල මුන්ට පිස්සුද මන්ද..... හැබයි ඇත්ත කියපන්... පුරු පුරු එහෙම සීලිම් අස්සෙ ගියෙ නෑනේ ?? හික් හික්

    ReplyDelete
  23. LB - හික් හික්!! මෙන්න මඩ ගහනෝ!!!

    පුතා - ඇති යන්තං වැඩේ ගොඩින් බේරුනා

    චන්දික - ඒක තමයි. හික් හික්!!

    සඳරු - තැන්ක්යූ වේවා සහෝ

    ReplyDelete
  24. පූසා - ඒකනං ඇත්ත බං!

    ඩිලාන් - කොහෙද ඉතිං, වැඩේ ජෝන් බාස්ට ගියා නොවැ!

    බුරා - හික් හික්!! එතකොට කවුරු බලන්නද ගියෙ?

    නවම් - හික්ස්! ඇයි බෑන්ග් බ්‍රදර්ස්?

    ReplyDelete
  25. හාමිනේ - ඇයි කොල්ලා පව් නැද්ද? :)

    ප්‍රසන්න - අම්මියෝ! ගල් පැලෙන බොරු.....!

    සමීර - මදැයි ඉතිං ඔයින් ගියා

    ප්‍රියන්ත - අනේ පිස්සුද අයියේ. අපි එහෙම වැඩ කරනවද? :)

    ReplyDelete
  26. RMPM - ගොඩක් ස්තුතියි සහෝ!

    චා කොල්ලා - අපිනං දහවලටවත් යන්නේ නැත. හික් හික්!!

    බ්ලොග් - මෙන්න ඇසින් දුටු සාක්ෂිත් ඇවිත්. :)

    කොඩී - ඒක නේන්නං මචෝ!!!

    ReplyDelete
  27. කොම්බුවා - හත්තිලව්වයි. කවුද බොලේ මේ කොම්බුවා? පුරුපුරුව දන්නවද?

    චූටි මහත්තයා - නෑනෙ මචෝ! අවාසනාවට ඇත්ත කතාවක්.

    පිණි - ඉන්නකො අහුවෙනකං! පිණිබිඳු වාෂ්ප කරන්න

    රාජ් - මටත් හිතෙන්නෙ එහෙමයි සහෝ!

    ReplyDelete
  28. ලයන් - හික් හික්!! දී කිරට විතරක් නෙවෙයි, ඕන කිරකට අපි ඔට්ටුයි.

    පිස්සා - අනේ ඉතිං අපි වගේ ඇල්වතුරත් නිවලා බොන කට්ටිය ඔය වගේ චාටර් වැඩ වලට යන්නෑනෙ පිස්සයියේ

    ReplyDelete
  29. ඔහොම කිව්වම මටත් පොඩි ආසාවක් ආවා. එවුන්ව විසිට් කරලා එන්න. කවදා කන්න ලබෙන ටරකන් ද පූසෝ !!!

    ReplyDelete
  30. බ්ලොග් අවකාසේ සමහර අය කුරුඳුවත්තේ ගිය වග නිකම්ම කටින් පනිනවද කොහෙද ලිපිය දැකලා. හික්ස්.......

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???