අඹ යාලුවෝ

Saturday, April 9, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල්


ඉතිං යාලුවනේ අපි කලින් කිව්වනේ අපේ පුරුපුරු ආපහු හොස්ටල් ජීවිතේට එන්ටර් වෙච්ච හැටි. මෙහෙම ඇවිත් ටික කාලෙකින් කොටියා සර් හොස්ටල් වෝඩ්න් තනතුරෙන් විශ්‍රාම ගත්තලු. ඊටපස්සෙ ඒ තනතුරට පත්වුණේ ටොයියා සර්. ඉතිං ටොයියා සර් නව සංකල්පයක් යටතේ තීරණය කළාලු ජූනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු ප්‍රිෆෙක්ට්ලා සංඛ්‍යාව වැඩිකරන්න. ඒ හින්දා මෙච්චර කල් සීනියර් හොස්ටල් එකේ පදිංචි වෙලා හිටපු පුරුපුරුටයි, හාරිස්ටයි සිද්දවුණා පිට්ටනියෙන් එහාපැත්තෙ තිබුන ජූනියර් හොස්ටල් එකට යන්න.

ජූනියර් හොස්ටල් එකේදි අපේ පූසාට නවතින්න සිද්දවුණේ 7 වසරෙ ඩෝම් එක එහාපැත්තෙ තිබුන රූම් එකක. හැබැයි ඒ තනියමනං නෙවෙයි, හාරිසුයි, කිං බී.ජේයි එක්ක. මේ දෙන්නත් පුරුපුරු වගේම බයෝ කරපු හින්දා එකට පාඩම් කරන්න බලාගෙන තමයි තුන්දෙනා තීරණය කළේ එක රූම් එකක නවතින්න. ඒ වගේම මුල් දවස් කීපය හිතුවා වගේම හොඳින් ගතකරන්නත් අපේ යාලුවන්ට පුලුවන් වුණා. හැබැයි ඊටපස්සෙ තමයි රූම් මේට්ලා අතර පොඩි පොඩි ගැටුම් ඇතිවෙන්න පටන් ගත්තේ.

හාරිස් කියන්නේ නියම පිළිවෙළට තමන්ගෙ ජීවිතේ ගතකරපු කොල්ලෙක්. මෑන්ස්ට රූම් එක හොඳට අතුගාලා, අස්කරලා, පිළිවෙළට තියෙන්න ඕනේ. පොත්පත් ගානට අස්කරලා තියෙන්න ඕනේ. ඒ වගේම මෑන්ස්ට භාවනා කරන්න කරදරයි කියලා රූම් එකේ වැඩිය සද්ද බද්ද තියෙන්නත් බෑ.

කිං බීජේ කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. මෑන්ස්ගෙ කිසිම පිළිවෙළක් නෑ. ඇඳුම්, පොත්පත් හැමතැනම. ඒ මදිවට පොරට නිකන් ඉන්න ගමන් හාඩ් රොක් සින්දු අහ අහා ඉන්නත් ඕනෙ. පුරුපුරුට තිබුනෙ මේ දෙන්නගෙම පුරුදුවල අතරමැදි ලක්ෂණ. ඉතිං හාරිස් අමාරුවෙන් අස්කරන රූම් එක කිං බීජේ ඇවිත් වනසනවලු. ඊටපස්සෙ මේ දෙන්නා කරන්නෙ රණ්ඩුවෙන එක. පුරුපුරු ඇවිත් රණ්ඩුව බේරුවාට පස්සෙ තමයි දෙන්නා ආපහු ශේප් වෙන්නේ. ඒත් ඉතිං හොස්ටල් එකෙන්, කඩ්ඩ මීඩියම් බයෝ කළේ මේ දෙන්නා විතරක් හින්දා දෙන්නාටම දෙන්නා නැතුවත් බෑ.

මේ අතරෙ තමයි පුරුපුරුට ඇතිකරන්න අලුත් සුරතලෙක් හම්බවුණේ.

පුරුපුරුලගෙ පන්තියෙ හිටපු මෑන්ස්ගෙ හොඳ යාලුවෙක් තමයි ඉක්බාල් කියන්නෙ. හැබැයි පොරට ඉක්බාල් කිව්වට මෑන්ස්ගෙ ඇත්ත නම ඒක නෙවෙයි. මෑන්ස්ට ඉස්සර ඉඳලාම කිව්වේ "ඉබ්බා" කියලා. පස්සෙ ඒ ලෙවල් කරන්න ගත්තාම "ඉබ්බා" කියන නම පොෂ් වෙලා, "ඉක්බාල්" කියලා ඒ නම වෙනස් වුණා.

හැබැයි ඉක්බාල්ගෙ ගෙදර ඇත්තටමත් ඉබි පැටියෙක් ඉඳලා. මේ වෙද්දි ඌව ගෙදර හදන්න කරදරයි කියලා පොරගෙ අම්මා මෑන්ස්ට බර බරේ දදා තමයි ඉඳලා තියෙන්නෙ. අන්තිමේදි ඉතිං ඉක්බාල් තීරණය කළාලු මේ ඉබි පැටියාව කාට හරි හදාගන්න දෙන්න තීරණය කරන්න. කොහොමහරි අපේ පුරුපුරුත් ඉස්සර ඉඳලා ගොඩක් ආසාවෙන් හිටියේ ඉබ්බෙක්ව ඇතිකරන්න. ඉතිං මේ නිව්ස් එක ඇහුණා විතරයි, අපේ පූසාගෙ ඉහේ මලක් පිපුණා වගේ වුණාලු.

පුරුපුරු :- මචං ඉක්බාල්, උඹ ගාව කාටහරි දෙන්න ඉබ්බෙක් ඉන්නවයි කියන්නෙ ඇත්තද?

ඉක්බාල් :- ආ... ඔව් ඔව් මචං! උඹට ඌව ඕනෙද? මම හෙටම ගෙනත් දෙන්නං. හැබැයි උඹට ඌව ගෙදර අරන් යන්න ගියාම තමයි හෙන කට්ටක් කන්න වෙන්නෙ.

පුරුපුරු :- ගෙදර අරන් යන්න? කවුද කිව්වෙ ඌව ගෙදර අරන් යනවයි කියලා? මම ඌව හොස්ටල් එකේ හදන්නෙ.

ඉක්බාල් :- උඹට පිස්සුද? හොස්ටල් එකේ කොහොමද බං ඉබ්බො හදන්නෙ?

පුරුපුරු :- හරි හරි!! උඹ හෙට ඌව ගෙනෙන්කො. මම කොහොමහරි ඌව හදන්නං.

අන්තිමට ඉතිං ඉක්බාල් කැමති වුණාලු මෑන්ස්ගෙ ඉබි පැටියාව පුරුපුරුට හදාගන්න දෙන්න. හැබැයි ඊටපස්සෙ තමයි වැඩේ අමාරු හරිය තිබුනෙ. දැන් ඉතිං ගිහින් රූම් එකේ ඉබ්බෙක්ව හදන්න හාරිස්ගෙන් පර්මිෂන් ගන්න ඕනෙ. කිං බීජේනං මේ වැඩේට උඩින්ම කැමති වෙන බව ෂුවර්. හැබැයි ඉතිං රූම් එක පිළිවෙළට තියාගන්න කැමති හාරිස් මේ වැඩේට කැමති වෙයි කියලා හිතන්න බෑ.

අන්තිමට ඉතිං හිතපු විදිහටම කිං වැඩේට කැමතිවෙලා, හාරිස් වැඩේට බර බරේ දැම්මා. කොහොමහරි කිංටයි පුරුපුරුටයි පැය ගානක් අඬලා අඬලා පුලුවන් වුණා මෑන්ස්ව ඉබ්බා අරන් එන එකට කැමති කරවාගන්න. හැබැයි ඒ ඉබ්බා‍ අතින් රූම් එකට වෙන හැම හානියක් ගැනම පුරුපුරුයි, කිං බීජේයි වගකියනවා කියලා පොරොන්දු වුණාට පස්සෙ.

ඉතිං බලාපොරොත්තු වෙච්ච විදිහටම පහුවදා ඉක්බාල් තමන්ගෙ ඉබි පැටියාව ඉස්කෝලෙට ගෙනාවා. බැලින්නං ඌ හරිම හුරුබුහුටි, පොඩි ගල් ඉබි පැටියෙක්. පන්තියෙ යාලුවොත් ඉබ්බාව දැකලා ඌට සෑහෙන ආදරේ හිතිලා. කොහොමහරි ඉතිං පුරුපුරුයි, කිංනුයි ඉස්කෝලෙ ඉන්ටර්වල් එක වෙලාවෙ මූව ගෙනිහින් හොස්ටල් රූම් එකෙන් දැම්මා.

ඒ වෙද්දිත් අපේ යාලුවො දෙන්නා ඉබි පැටියාට ඉන්න ලස්සන ගෙයක් හදලයි තිබුනේ. ඒ මේසයක් උඩින් තියපු වතුර පුරවපු බේසමක්. බේසමේ ලී කොටයක්, ගල් කීපයක්, කං කුං දඬු එහෙමත් දාලයි තිබුනේ. ඉබ්බාත් ඉතිං දියට දැම්මාම ඇන්නෑවේ කියලා, බේසමට දාපු ගමන් බොහොම සතුටින් පීනන්න පටන් ගත්තා. හවස් වෙද්දි ජුවාන්, තාරබාසු, පොල්පොට් ඇතුලු අනිත් යාලුවොත් කෑම අරගෙන ආවලු ඉබ්බාව බලන්න. බැලින්නං මූ බත්, පාන්, බනිස් වගේ ඕනෙ කෑමක් කනවා. අන්තිමට ඉතිං කට්ටිය තීරණය කළාලු මේ ඉබි පැටියාට "කැස්බස් ඉක්බාල්" කියලා නම් තියන්න.

ඉතිං ඊටපස්සෙ මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු.

20 comments:

  1. ඉක්මනට ලියන්න. :)

    ReplyDelete
  2. හලේ මම තාමත් ආසයි ඉබ්බෙක් ඇතිකරන්න :a

    ඉක්මනට ලියමු :n

    ReplyDelete
  3. ඉබ්බෝ,මීයෝ ඇති කරන එකත් නියම වැඩක් තමා

    ReplyDelete
  4. හරි චෝක් කථාව....

    ReplyDelete
  5. කියවන්න ආසයි ඉතිරි කොටස් ටික . හරිම රසවත් කතාවක් වගේ ඉබිමස් කෑවම ලැබෙන සවිය ගැනත් මතක් උනා .ඇඟපත ගල් වගේ වෙනවලු නේද පුරු පුරුගෙත් ඒ වගේ යටි අරමුනක් තියනවද දන්නේ නෑ

    මේ මචංලා දැන් බ්ලොග් එක අප්ඩේට් වෙන අවුල හරි නේද ඔයාලා කොහොමද ඒක හදා ගත්තේ මටත් කියා දියල්ලකෝ . මගේ බ්ලොග තාම එහෙම්මයි .

    ReplyDelete
  6. ඉක්මනට ලියමු ඉතුරු කොටස් ටිකත්,,:f :f :f :f :f

    ReplyDelete
  7. අයි ලැයික් "පැඩලොක්ස්" සෝ මච් . . . . .

    ReplyDelete
  8. මගේ ගාවත් තාම ඉබ්බෙක් ඉන්නවා, පොරත් ගල් ඉබ්බෙක්.. පොරගෙ නම සිල්වෙස්ටර්...

    ජය...

    ReplyDelete
  9. අඩේ හොස්ටල් එකේ ඉබ්බොත් හැදුවද..?

    ReplyDelete
  10. කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මොකෝ සද්දයක්වත් නැතුව හිටියෙ???

    ReplyDelete
  11. මුං තව ටිකක් කල් යනකොට හොස්ටල් එකේ අලියෙක් හැදුව කිව්වත් පුදුම වෙන්න දෙයක් නෑ..

    ReplyDelete
  12. එළzzzz ඉකමනට ඉතුරු ටික ලියන්නෝ :t

    ReplyDelete
  13. ලොල්ය.. අපේ දිහාත් ඉබ්බො 7ක් ඉන්නව.. ;) ඒත් උනවනම් ඇතිකරන්න පර්මිට් ගන්න ඔනි මයෙ හිතේ.. හික් ය.

    අනික් කල්ල ඉකමනට ලියමු.. ;)

    ReplyDelete
  14. එල එල!! බොහොම ස්තුතියි යාලුවනේ ඔයාලා හැමදෙනාගෙම කොමෙන්ට්ස් වලට. ඉතුරු කතා දෙකත් ඉක්මනින්ම දෙනවා. නැවතත් ස්තුතියි.

    ReplyDelete
  15. @ සඳරු - මචං පොඩ්ඩක් බ්ලොග් එකේ තීම් එක වෙනස් කරලා බලපං. අපි වෙනස් කළා. ඒත් තවම 100%ක්ම වැඩේ හරිගියෙ නෑ

    ReplyDelete
  16. පූස් සහෝදර වරුනි මම හිතන්නේ මගේ වැඩේ හරි . මම ආයෙමත් තීම් එක දැම්මා දානකොට තිබිච්ච ගැජට් විජට් සේරම ඩ්ලීට් වෙන්න කමාන්ඩ් එක දුන්නා (කලින් ඒව සේරගෙම කෝඩ් කොපි කරලා තියාගෙනයි උන්නේ . එතකොට හරි ගියා ...) ඔයාලත් එහෙම කරන්න

    ReplyDelete
  17. එල එල!! 100%ක්ම වැඩේ හරි ..........

    ReplyDelete
  18. පුදුම ඉබ්බෙක් නේ බොලව්. අපේ ගෙදර පූසත් ඔහොම්මමයි. බත් විතරයි කන්නේ නැත්තේ.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???