අඹ යාලුවෝ

Wednesday, April 13, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 3 (අවසන් කොටස)


අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බසුයි, කර්නලුයි කාමරේ ගඳගස්සන හින්දා, අපේ පුරුපුරුටයි, කිං බීජේටයි උන්ව ලොකු ප්‍රශ්නයක් වුණා කියලා. ඉතිං අපේ යාලුවො දෙන්නා අන්තිමට තීරණය කළාලු තවදුරටත් මේ ඉබ්බො දෙන්නාව රූම් එක ඇතුලෙ තියාගන්න බැහැයි කියලා. ඒත් ඉතිං ඉබ්බන්ව අයිතිකාරයන්ට ආපහු දෙන්න කියලයැ! අන්තිමට මේ ප්‍රශ්නෙට සාර්ථක විසඳුමක් යෝජනා කරන්න පුලුවන් වුණේ කිං බීජේට. ඒ යෝජනාව අනුව පුරුපුරුයි, කිංනුයි එදා හවසම ගියාලු රිචා සර් හම්බවෙන්න.

පුරුපුරු :- සර්, අපේ මේ ජූනියර් හොස්ටල් එක මීට වඩා ලස්සනට තිබුනොත් හොඳයි නේද?

රිචා සර් :- ඔව් ඔව්!! දැන් ඔය ළමයි මොකද්ද කරන්න යෝජනා කරන්නෙ?

කිං බී.ජේ :- සර්, අපි 9 වසර ඩෝම් එක එහාපැත්තෙ පොකුණක් හදමු. ඒ ඉ‍ඩ ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව නිකං අපතේ යනවනෙ.

පුරුපුරු :- ඔව් සර්, පොකුණ හදන එකේ සම්පූර්ණ වගකීම අපි කට්ටිය ගන්නම්.

රිචා සර් :- ආ...බොහොම හොඳ අදහසක්. එහෙනං ඔයගොල්ලො වැඩේ මූලිකත්වය අරගෙන කරන්න. ඔය 9 වස‍රෙ ළමයි නිකං ඉන්න එකේ ඒ කට්ටියට කියලාම වැඩේ කරගන්න පුලුවන්නෙ.

ඉතිං ඔය විදිහට ඉබ්බො දෙන්නාව කාමරෙන් පිටකරගන්න අපේ යාලුවො දෙන්නා ගහපු ප්ලෑන් එක තිතට වැඩ කළාලු. අවශ්‍ය වෙලා තිබුන ප්‍රධානම දේ, ඒ කියන්නෙ සර්ගෙ පර්මිෂන්, දැන් හම්බවෙලා ඉවරයි. තව තියෙන්නෙ මේ ගැන 9 වසරෙ ළමයින්ට දැනුම් දෙන්න විතරයි.

කොහොමහරි එදා ඩිනර් එකෙන් පස්සෙ මේ වැඩේ ගැන පුරුපුරුයි, කිංනුයි 9 වසරෙ ළමයින්ට දැනුම් දුන්නලු. පොකුණ හදන වැඩේට ඒ කට්ටියගෙන් ලැබුනෙ හිතපු නැති තරම් සාර්ථක ප්‍රතිචාරයක්. අපේ යාලුවන්ගෙ ප්ලෑන් එක වුණේ කට්ටිය ලව්වා පොඩි පොකුණක් හදවලා ඉබ්බො දෙන්නාව ඒකට දාන එක. ඒත් අන්තිමට බලද්දි 9 වසරෙ මල්ලිලා කට්ටිය සිමෙන්ති දාලා ලොකු පොකුණක් හදලා තිබුනලු. ඒ මදිවාට කට්ටිය එක එක ජාතියෙ මාලු එහෙමත් ගෙනල්ලා පොකුණට දාලා. වැඩේ ඇත්තටම ලස්සනයි.

ඉතිං පුරුපුරුලා කළේ පහුවදා දවල් වරුවෙ කැස්බස්වයි, කර්නල්වයි මේ පොකුණට ට්‍රාන්ස්ෆර් කරපු එක. දැන් මේ පොකුණ අංගසම්පූර්ණයි. එක එක ජාතියෙ ජලජ පැළෑටි, මාලු මදිවාට දැන් ඉබ්බො දෙන්නෙකුත් පොකුණෙ ඉන්නවා. පොකුණෙ ගොඩක් ඉඩ තියෙන හින්දා ඉබ්බන්ට ඕනතරම් පීනන්නත් පුලුවන්. ඉඳලා හිටලා ගප්පියෙක්ට දෙන්නෙක්ට වගකියන්නත් පුලුවන්. කෑම එහෙමත් ඕනතරම් 9 වසරෙ ළමයි කට්ටිය ගෙනත් දෙනවා. ඉතිං මේ විදිහට කැස්බසුයි, කර්නලුයි තමන්ගෙ ලයිෆ් එක ෆුල් එන්ජෝයි කර කර පොකුණෙ ජීවත් වුණාලු.

පුරුපුරු හොස්ටල් එකෙන් සිකුරාදාට ගෙදර ගිහින් ආපහු එන්නෙ සඳුදා උදේට. ඉතිං මේ වගේ හොස්ටල් එකට ආපු එක සඳුදා දවසක මෑන්ස්ට අහන්න ලැබුනෙ එච්චර සුභ ආරංචියක් නෙවෙයි. ඇඳුම් බෑග් එක තියලා, පොත් ටික අරගෙන ඉස්කෝලෙට යන්න එළියට බහිනකොටම පුරුපුරුව හම්බවෙන්න දුවගෙන ආවෙ 9 වසරෙ පොඩි එකෙක්.

පොඩි එකා :- පුරුපුරු අයියෙ! ඉබ්බො දෙන්නා පොකුණෙ නෑනෙ?

පුරුපුරු :- මොනවා? ඇයි ඔයාලා පොඩ්ඩක් හොයලා බැලුවෙ නැද්ද?

පොඩි එකා :- අපි හෙව්වා. ඒත් හම්බවුණේ නෑනෙ.

මේ ආරංචිය අහපු පුරුපුරු වහාම ගියෙ පොකුණ ළගට. බැලින්නං පොඩි එකා කියපු දේ ඇත්ත. කැස්බස්වත්, කර්නල්වත් පොකුණෙවත්, ඒ කිට්ටුවවත් පේන්න හිටියෙ නෑ. හැබැයි පොකුණෙ හිටපු මාලු ටිකනං කරදරයක් නැතුව හිටියා. මේ වෙද්දි ඉස්කෝලෙ පටන් ගන්න ළග හින්දා ඉබ්බන්ව හරියට හොයන්න වෙලාවක් තිබුනෙ නෑ. ඉතිං ඉස්කෝලෙ ඉවරවෙලා ඉබ්බන්ව හොයන්න හිතාගත්තු පුරුපුරු, පොත් ටිකත් අරගෙන ඉස්කෝලෙට ගියාලු.

මේ වෙද්දි ඉබ්බන්ට මොකක්හරි කරදරයක් වෙලා කියලා සැකයක් මෑන්ස්ට ඇතිවෙලයි තිබුනේ. මොකද සාමාන්‍යයෙන් ඒ දෙන්නාගෙන් එකෙක්වත් වැඩිය ඇවිදින්න යන ජාතියෙ ඉබ්බො නෙවෙයි. ඉතිං අපේ පූසා කළේ ඉස්කෝලෙ ඉවරවෙච්ච හැටියෙම අනිත් ප්‍රිෆෙක්ට්ලා කට්ටියත් ලෑස්ති කරගෙන "සේවින්ග් ඉක්බාල්" මෙහෙයුම පටන් ගත්ත එක. ප්‍රිෆෙක්ට්ලා වගේම 9 වසරෙ ළමයි සෙට් එකත් මේ මෙහෙයුමට දායක වුණාලු.

ළමයි කියපු විදිහට ඉබ්බො දෙන්නාම ඉරිදා හවස පොකුණෙ ඉඳලා තියෙනවා. ඒත් සඳුදා උදේ වෙද්දි තමයි දෙන්නා අතුරුදහන් වෙලා තියෙන්නෙ. කවුරුහරි මේ දෙන්නාව කන්න අරගෙන යයි කියලා හිතන්නත් අමාරුයි. මොකද කැස්බසුයි, කර්නලුයි දෙන්නාම පොඩි හින්දා කන්න තරම් මස් උන්ගෙ ඇඟේ තිබුනෙ නෑ. මෙහෙම හිත හිතා කට්ටිය ඉබ්බන්ව හොයද්දි තමයි එක ළමයෙක් බොහොම ශෝකජනක දර්ශනයක් දැක්කෙ. ඒ තමයි පඳුරක් අස්සෙ තිබුන ඉබි කට්ටක්.

ඉබි කට්ටෙ සයිස් එ‍ක අනුව ඒ කර්නල්ගෙ කටුව කියලා අඳුරගන්න කට්ටියට වැඩි වෙලා ගතවු‍ණේ නෑ. බැලින්නං කවුරුහරි කර්නල් ඉක්බාල්ව මරාගෙන කාලා. හොස්ටල් එකේ කවුරුවත් මේ වැඩේ නොකරපු බව තමයි හැමෝගෙම අයිඩියා එක වුණේ. එහෙනං මේ අමන වැඩේ කළේ කවුද? එතකොටම තමයි පුරුපුරුට මොකද්ද වෙන්න ඇත්තෙ කියලා ක්ලික් වුණේ.


කුරුඳුවත්ත හොස්ටල් එක ගැන දන්න කට්ටිය දන්නවා ඇති ජූනියර් හොස්ටල් එකේ තියෙන කහපාට ගාපු ලොකු බිල්ඩින් එක. මේ බිල්ඩින් එක හද හදා තිබුනෙ මේ සිද්දි ටික වෙච්ච කාලෙදිලු. ඉතිං බිල්ඩින් එකේ වැඩ කරන්න ආපු මේසන් බාස්ලත් නැවතිලා හිටියෙ හොස්ටල් එක ඇතුලෙම හදාගත්තු තාවකාලික මඩුවක. මේ අය දවල්ට වැඩ කරලා රෑට අම්බානට අනුමත වෙන ජාතියෙ කට්ටිය. ඉතිං මේ බාස්ලා බයිට් එකක් නැතුව ඉන්න වෙලාවෙ ඉබ්බන්ව දැකලා, උන්ට පෝරියල් එක දෙන්න ඇති කියන එක තමයි අපේ පූසාගෙ අයිඩියා එක වුණේ.

ඊටපස්සෙ අපේ යාලුවො කට්ටිය කළේ කෝකටත් කියලා බාස්ලා පදිංචි වෙලා හිටපු මඩුව කිට්ටුව පොඩි සර්ච් එකක් දාපු එක. බැලින්නං පුරුපුරු හිතුවා හරි. මඩුවෙ ඉඳලා ටික දුරක් වෙන්න තිබුන ගඩොල් ගොඩක් අස්සෙ තිබිලා කට්ටියට පුලුවන් වුණා කැස්බස්ගෙ කට්ටත් හොයාගන්න. අන්තිමට බලද්දි ඒ පවුකාරයෝ කැස්බස්වයි, කර්නල්වයි මරලා බයිට් එකට අරගෙන. දැන් ඉතිං අපේ යාලුවන්ට බාස්ලාව ඌර්ධවපාතනය කරන්න තරම් ෆ්ලවර් ජම්ප් වෙලා. ඒත් ඉතිං මේ වැඩේ බාස්ලා කරපු එකක්ම කියලා හරියටම කියන්නෙ කොහොමද?

ඔන්න ඔතනදි තමයි පුරුපුරු ඇතුලු අපේ යාලුවො කට්ටිය අසරණ වුණේ. බාස්ලා කැස්බස්වයි, කර්නල්වයි මරපු බවට ඔප්පු කරන්න විදිහක් මේ කට්ටියට තිබුනෙ නෑ. ඉතිං හොස්ටල් එකේ වගකිවයුතු පිරිසක් විදිහට, ඔප්පු කරන්න බැරි කාරනයක් වෙනුවෙන් බාස්ලා එක්ක වලියක් දාගන්න විදිහක් අපේ යාලුවන්ට තිබුනෙ නෑ.

අන්තිමට පුරුපුරුයි, කිං බීජේයි වගේම 9 වසරෙ ළමයි කට්ටියත් බොහොම දුකෙන් ඒ දවස් කීපය ගතකළාලු. කැස්බස්ගෙයි, කර්නල්ගෙයි මරණ ඉතිහාසයට එකතු වුණේ හඳුනා නොගත්තු අභිරහස් ඝාතන විදිහට. එදායින් පස්සෙ කවදාවත් අපේ යාලුවො හොස්ටල් එකේ සුරතල් සත්තු ඇතිකළෙත් නෑ. ඉබ්බන්ට ගේම දුන්න මේසන් බාස්ලාටත් මොනවා වුණාද දන්නෙත් නෑ. අන්තිමට ඉතුරුවුණේ කුරුඳුවත්ත හොස්ටල් එකට අලුත් බිල්ඩින් එකක් විතරයි.

20 comments:

  1. පවු ඉබ්බො දෙන්නා අලුත් බිල්ඩින් එක කැස්බස්ගෙයි ඉක්බාල්ගෙයි නම් වලින් නම් කරන්න තිබ්බනෙ.

    ReplyDelete
  2. අනේ.............. ඉතින් සර්ට කියලා බලන්න තිබ්බනේ.......... පව් ඒ දෙන්නා...... :( :(

    ReplyDelete
  3. අයියෝ... පව් :'(

    ReplyDelete
  4. ඔය ගද එන්නෙ ඉබි චු වලොන් නෙවෙයි බන්. ඉබ්බො කියන ජාතිය වාත අරිනවා. ඒ කියන්නේ පඩ පඩ.... එව්ව නම් මාරම ගදයි. මගේ එකත් එහෙමයි. මම නම් දැන් ඒ ගද අදුනනවා. පව්. ඉබ්බෙක් හදන එකෙක් දන්නව ඉබ්බ කියන්නේ කොයි තරම් අහිංසක සතෙක්ද කියලා...

    ජය..

    ReplyDelete
  5. අනේ පවු අප්පා ඉබ්බෝ දෙන්නා . බාස්ලත් එක්ක හැප්පෙන්න නොගිය එක හොඳයි ඉබිමස් කාලා උංගේ ඇඟ නිකම් යකඩ වගේ යයි වෙලා ඇත්තේ දැන් ඒක නිසා සේප් වෙලා හිටපු එක හොඳයි ...

    ReplyDelete
  6. හෆොයි.අන්තිමේ සෝකාන්තයක් වුනා නෙව. :'(

    ReplyDelete
  7. අපරාදේ ඉබ්බෝ දෙන්නා,,ලොකු වෙන්න දීලා වග කිවුවා නම් එකක්,,උන්ට කන්න දෙයක් තිබිලද?

    ReplyDelete
  8. සාක්‍ෂි හොය හොය ඉන්නෙ නැතුව බාස්ලව මක බාස් කරල දාන්න එපැයි :(

    ReplyDelete
  9. අසරණ ඉබ්බන් දෙදෙනා........... ඉතා පවු................


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  10. එක හුස්මට කියෙව්වා. අනේ පව් කැස්බසුයි කර්නලු යි. අපේ නැන්දලාගේ ගෙදරත් හිටියා තාරකා ඉබ්බෙක් අපිව ඌව හම්බ වුනේ කළුතර පැත්තේ පාරක් පනිද්දි. නැන්දලාගේ බල්ලා ඌත් එක්ක මාර කේන්තියෙකින් හිටියේ. බල්ලව කූඩුවෙන් එලියට දාපු ගමන් ඌ කරන්නෙ ඉබ්බව හොයාගෙන ගිහින් උව කටට ගන්න එක. අපි ඉතින් බල්ලට මරහඩ තලලා තමා ඉබ්බව බේර ගන්නෙ. අපේ මස්සිනා ඌට නම තියලා තිබ්බේ ගයාත්‍රි කියලා. (ඒ මස්සිනාට බූට් එක තිබ්බ කෙල්ලක් ගෙ නමක් ලු) පස්සෙ මේ ගයාත්‍රී අපේ මාමගෙ වාහනේටම අඩයක් තියලා ජීවිතෙන් සමු ගත්තලු.

    ReplyDelete
  11. ඒ මචෝ ඕක සී එප් එම් එකට කිව්වනම් හරි... කනාමැදිරි රාත්තිරියෙන් හෙන ප්‍රසිද්ධියක් දෙන්න තිබුනා...

    ReplyDelete
  12. මොකක්ද බන් අපිට ඔහොම එකක් කරා නම් බාස්ල ටිකට නෙලනව ඉබ්බෙක් තියා ගෙම්බෙක් දිහාවත් බලන්න බැරි වෙන්න . ප්‍රසන්නගේ අයිඩ්යා එකත් මරු අපි යවමු මේක ශ්‍රි එප් එම් එකට

    ReplyDelete
  13. පව් නේද? ඇත්තටම හා පැටික්කි කිව්වා වගේ සර්ලාට කියන්න තිබුණේ. මොකද රාජකාරී කරන තැන දේපල වලට තමයි ඒ කට්ටිය හානි කරලා තියෙන්නේ. :(

    ReplyDelete
  14. හරි පවු වැඩක් අප්පා. බාස්ලට මොකක් හරි ගේමක් සෙට් කරන්න තිබ්බා. හැබැයි ඉතින් ඒකත් එච්චරම ප්‍රැක්ටිකල් නැහැ තමා

    ReplyDelete
  15. ලාංකාවේ නව වාස්තු වේදය සහ ගොඩනැගිලි පිලිබඳ බ්ලොග් සටහනක්
    http://sevenby3.blogspot.com/

    ReplyDelete
  16. still too young to retire aren't u ? :-)

    ReplyDelete
  17. අනේ පව් නේ අර ඉබ්බෝ ඩබල...හිකිස්‌

    ReplyDelete
  18. ඉබ්බෝ දෙන්නා පව් බොලේ. මොනා කරන්නද අපේ පැත්තේත් ඔහොම එවුන් ඉන්නවා. කන්න ඕන උනාම ආයේ ඉතින් ඉබ්බා කැස්බෑවා කියලා නෑ.

    ReplyDelete
  19. කාළකණ්නි, අහිංසත සතෙක්වත් තියන්නෙ නෑනේ? !@#$%^&*( උඹලට තිබ්බෙ 2ක් ඇනලා අහන්න!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???