අඹ යාලුවෝ

Sunday, April 10, 2011

බැක් ටු හොස්ටල් - කැස්බස් ඉක්බාල් 2


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනේ කැස්බස්ව හොස්ටල් එකට ගෙනාපු හැටි. දැන් ඉතිං මූ පුරුපුරුලගෙ කාමරේට වෙලා පට්ට ආතල් එකේ ඉන්නවා. පීනන්න වතුරද, කෑමද හැම එකක්ම ඉතිං ළගටම හම්බවෙනවා නොවැ! ඉතිං ඔහොම දවස් දෙක තුනක් ඉන්නකොට තමයි ඊළග තීරණාත්මක දවස උදාවුණේ.

මේ වෙද්දි පුරුපුරු තමන්ගෙ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක් ඇති කරනවයි කියන ආරංචිය ගොඩක් දෙනෙක් අතරෙ පැතිරිලා තිබුනා. ඉතිං මේක ආරංචි වෙච්ච මෑන්ස්ගෙ එහා පන්තියෙ හිටපු ‍යාලුවෙක් එක දවසක් හදිසියෙම පුරුපුරුව මුණගැහෙන්න ආවා. බැලින්නං මෑන්ස්ගෙ ගෙදරත් ඉබි පැටියෙක් ඉන්නවලු. ඒත් ගෙදර කට්ටියගෙ බරබරේ හින්දා දැන් පොරත් මේ ඉබ්බාව දෙන්න කවුරුහරි හොය හොයා තමයි ඉන්නේ.

යාලුවා :- මචං පුරුපුරු, උඹ හොස්ටල් රූම් එකේ ඉබ්බෙක්ව හදනවලු නේද?

පුරුපුරු :- ආ...ඔව් මචං! ඇයි මොකද්ද කේස් එක?

යාලුවා :- මේ...මං ගාවත් ඉබ්බෙක් ඉන්නවා බං. උඹට කරදරයක් නැත්තං මම ඌවත් උඹට දෙන්නද?

පුරුපුරු :- කරදරයක්නං ඉතිං නැත්තෙත් නෑ බං. හාරිස් කාරයත් මැරෙන්න හදනවා රූම් එකේ ඉබ්බෙක් ඉන්නවා කියලා. හැබැයි ඉතිං කැස්බස් තනියම ඉන්න එකේ ඌට යාලුවෙකුත් හිටියනං හොඳයි තමයි. කමක් නෑ හෙට ඌව ගෙනෙන්කෝ.

යාලුවා :- එල එල!! තෑන්ක්ස් මචං! මම හෙටම ගේන්නං. මේකනං ලොකුම උදව්වක් බං!

පුරුපුරු :- අවුලක් නෑ මචං! හැබැයි ඌ වැඩිය ලොකු නෑනෙ?

යාලුවා :- නෑ නෑ! ඌත් පොඩි එකෙක් තාම

ඉතිං කියපු විදිහටම යාලුවා පහුවදා ඉබි පැටියාව ගෙනාවලු. බැලින්නං ඌ කැස්බස් තරම්ම පොඩි ඉබ්බෙක් නෙවෙයි. කැස්බස් අල්ලකින් බාගයක් විතර සයිස් ඉබ්බෙක්. ඒත් මේ අලුත් ඉබ්බා අල්ලක් විතර ලොකුයි. පුරුපුරුලාට කැස්බස්ව ගෙනත් දුන්න "ඉක්බාල්"ගෙ තාත්තා ආමි එකේ කර්නල් කෙනෙක්. ඉතිං අපේ යාලුවො තීරණය කළාලු මේ අලුතින් ගෙනාපු ඉබ්බාට "කර්නල් ඉක්බාල්" කියලා නම තියන්න. මොකද කැස්බස් එක්ක ඉන්නකොට ඌගෙ තාත්තා වගේ ලුක් එකක් තමයි කර්නල්ට තිබ්බේ.

කොහොමහරි කර්නල්ව රූම් එකට ගේද්දි ඒ බව දැනගෙන හිටියේ පුරුපුරුයි, කිං බීජේයි විතරයි. හාරිස් මේ ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑ. ඉතිං එදා හවස රූම් එකේ ඇතිවුණේ උණුසුම් තත්ත්වයක්.

හාරිස් :- ඒයි පුරුපුරු, මෙන්න ඒ ගමන රූම් එකේ තව ගල් ඉබ්බෙක්. මූ කොහෙන්ද මෙතෙන්ට පාත් වුණේ?

පුරුපුරු :- මේ...මේ... මේකනෙ බං, කැස්බස් තනියමනෙ බං ඉන්නෙ, ඉතිං ඌට යාලුවෙකුත් නැති එකේ අපි තව ඉබ්බෙක් ගෙනාවා.

හාරිස් :- අපි?

කිං බී.ජේ :- ඔව් බං! ඔන්න ඔහෙ හිටපුදෙන්. පව් අහිංසක සත්තු

හාරිස් :- අහිංසක සත්තු තමයි ***, ඒ වුණාට ඉබ්බො දෙන්නෙක් එක්ක මම මේ කාමරේ ඉන්නෙ කොහොමද? දැනට උඹලා දෙන්නා එක්ක මම මේකෙ ඉන්නෙත් අමාරුවෙන්.

දැන් හාරිස්ට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා කියවගෙන කියවගෙන යනවා. අන්තිමට බොහොම අමාරුවෙන් තමයි පුරුපුරුලා මෑන්ස්ව යථා තත්ත්වයට අරගෙන ආවේ. කොහොම වුණත් කැස්බස් ගැනයි, කර්නල් ගැනයි හාරිස්ගේ හිතේ තිබුන අප්‍රසාදය අඩුවුණේම නෑ.

අන්තිමට තමන් කරගත්තෙ කොයිවගේ ගොංකමක්ද කියලා පුරුපුරුයි, කිං බීජේයි තේරුම් ගනිද්දි තවත් මාසයක් විතර ගතවෙලා තිබුනා. මොකද ඉබ්බො දෙන්නෙක් බේසමේ ඉන්නකොට බේසමේ වතුර එක දවසින් පල් වෙනවා. අනික ඉබ්බන්ගෙ මුත්‍රා පට්ටම ගඳයි. ඉතිං බේසමේ වතුර පල් වුණාට පස්සෙ ආයි කාමරේ ඇතුලෙ ඉන්නවා බොරු.

හැමදාම රෑට හාරිස් පුරුපුරුගෙයි, කිංගෙයි හත්මුතු පරම්පරාවම මතක් කරනවා. ඉතිං හැම රෑකම හොස්ටල් එකේ පොඩි එවුනුයි, රිචා සරුයි නිදාගන්නකං ඉඳලා ඉබ්බන්ගෙ බේසම අස් කරන්න අපේ යාලුවො දෙන්නාට සිද්ද වෙනවා. බේසමේ වතුර අස් කරන්න බේසම උස්සගෙන පල්ලෙහා තට්ටුවට බැහැලා එළියට යන්න ඕනෙ. ඒකයි ඒ වැඩේට හැමෝම නිදාගන්නකං ඉන්න වුණේ. අස් කළාට පස්සෙ අලුත් වතුර එකක් බේසමට දාගෙන ආපහු උඩට නගින්නත් ඕනෙ. ඉතිං ඔය වැඩ කරලායි, හාරිස්ගෙන් බැනුම් අහලායි පුරුපුරුටයි, කිංටයි මාසයක් විතර යද්දි එපා වෙලයි තිබුනේ.

ඒ මදිවාට සමහර දවස්වලට කැස්බස් හරි කර්නල් හරි නැතිවෙනවා. ඊටපස්සෙ උන්ව හොයන්නත් ගොඩක් වෙලා ගතවෙනවා. මොකද කාමරේ බඩු තිබුන අපිළිවෙළ අනුව අලි කොටි හිටියත් ලේසියෙන් හොයාගන්න හම්බවෙන්නේ නෑ. ගොඩක් වෙලාවට පැයක් දෙකක් හෙව්වට පස්සේ, කොහෙහරි මුල්ලක හිරවෙලා ඉඳලා තමයි ඉබ්බාව අන්තිමට හම්බවෙන්නේ.

ඒ මොන අඩුපාඩු තිබුනත් කැස්බසුයි, කර්නලුයි හින්දා අපේ යාලුවො ඒ දවස්වල හොඳ ෆන් එකක් ගත්තා. පුරුපුරුලාගෙ රූම් එක ති‍බුනෙ කුරුඳුවත්ත විද්‍යාලයයි, තුම්මුල්ල විද්‍යාලයයි වෙන් කරන සීමාවෙ තාප්පෙ අයිනෙමයි. ඉතිං තුම්මුල්ල විද්‍යාලෙ බයෝ ක්ලාස් එකකට පුරුපුරුලාගෙ රූම් එකේ ඉඳලා තිබුනෙ අඩි කීපයක් විතරයි. ඔය ක්ලාස් එකේ තමයි අපේ කලින් කතාවල හම්බවුණ සව්සිරි ඇතුලු ගම්පහ යාලුවො කීපදෙනෙක්ම හිටියෙ. ඉතිං ඉස්කෝලෙ යන්නෙ නැති දවස්වලට පුරුපුරුයි, කිං බීජේයි රූම් එකේ ජනේලෙ ඇරලා සව්සිරිලාට පේන්න ඉබ්බො දෙන්නා අතේ තියාගෙන ඉන්නවා. සව්සිරිලාත් ඉතිං පුරුපුරුලාට එක එක හස්ත සංඥා දක්වනවා.

හාරිස් කියන්නෙ ඒ දවස්වල බොහොම රිලීජස් පොරක්. පොරගෙ වැඩේම භාවනා කරන එකයි, ධර්මය සහ ධනාත්මක චින්තනය ගැන ලියවුණ පොත් පත් කියවන එකයි. කොටින්ම මෑන්ස් තමන්ගෙ වැකේෂන් එක ගතකළේ රටේ ප්‍රසිද්ද හාමුදුරු නමකගෙ ආරණ්‍යයෙ භාවනා කර කර. පොරට හාරිස් කියලා නම වැටෙන්නත් ඒක ලොකු හේතුවක් වුණා. ඉතිං මේ ඉබ්බන්ගෙ ගඳ හින්දා හාරිස්ට බැරිවුණාලු හිත එක්තැන් කරගෙන භාවනා කරන්න. අන්තිමට අවාසනාවන්ත විදිහට මෑන්ස් තීරණය කළේ වෙන රූම් එකකට පදිංචියට යන්න.

හාරිස් ගියාට පස්සෙ රූම් එකේ මීයො සහ කැරපොත්තො ඇරුනම ඉතුරුවුණේ පුරුපුරුයි, කිං බීජේයි, කැස්බසුයි, කර්නලුයි විතරයි. මේ වෙද්දි අපේ යාලුවො දෙන්නා ඉබ්බො නිසා සෑහෙන අපහසුතාවයට පත්වෙලයි තිබුනේ. ඉතිං ටික දවසක් ගියාට පස්සෙ පුරුපුරුයි, කිංනුයි තීරණය කළාලු තවදුරටත් ඉබ්බන්ව රූම් එකේ තියාගෙන ඉන්න වැඩේ කරන්න බෑ කියලා.

අන්තිමට කැස්බස් ඉක්බාල්ටයි, කර්නල් ඉක්බාල්ටයි මොකද වුණේ කියලා ඊළග කොටසින් බලමු නේද?

12 comments:

  1. හික් හික් අසරණ ඉබ්බෝ දෙන්නා.. උන් දෙන්නාට ඔය රූම් එක එපා වෙලා ඉන්න ඇත්තේ ඔයාලාට එයාලාව එපා වෙන්න කලින් :D

    ReplyDelete
  2. සික් දන්නවා නම් මම එකෙක්ව ගන්නවා බන් :D

    ඉබ්බෙක් හදනවා කියන්නේ ලේසි වැඩක් නම් නෙමෙයි තමයි

    ReplyDelete
  3. hostel eke hari shok dewal wela thiyenawane,

    ReplyDelete
  4. පූසන් අනාත කරපු ඉබ්බො දෙන්නෙක්...

    ReplyDelete
  5. මුං දෙන්නා ඉබ්බන්ව මරාගෙන කෑවාවත්ද ? නැත්තං උඩ තට්ටුවෙන් පහලට දැම්මද ?

    මෙන්න මේකෙ ෆීඩ් ආයේ වැඩ කරන්නේ නෑ ඉන්ඩෝ මම මගේ කෙන් ප්‍රචාරයක් දෙන්නම් ...

    ReplyDelete
  6. අන්තිමට උබලගේ ගදයි ඉබ්බන්ගේ ගදයි එකතු වෙලා ඕකේ ඇතුලේ හිටිය ඉබ්බන්ට තෑගි දෙන්න වටිනවා

    ReplyDelete
  7. Not a funny story like earlier once .. geting boring.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි යාලුවනේ! අද අන්තිම කොටස දානවා...!

    @ සඳරු - ලොකු උදව්වක් සහෝ. බොහොම ස්තුතියි

    ReplyDelete
  9. @ ano - really? thanx a lot for the comment friend

    ReplyDelete
  10. හපුච්චේ......... ඉස්සර තිබ්බ මිසන් මදිවට එා පාර පුරු පුරු අයියට ඉබි මිසන් රෑ තිස්සේ.........

    අද තමා දැක්කේ ඔන්න.....

    ReplyDelete
  11. අනේ මංදා... අලි මදිවට හරක් වගේ තව ඉබ්බෙක්වත් අරන්..... හික්ස්z

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  12. එක ඉබ්බෙක් මදිවට තව ඉබ්බෙක් කිව්වලු.ඇත්තටම ඉබ්බෝ ඔහොම කාමරවල තියාගෙන ඇති කරන එක මාරම අමාරුයි.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???