අඹ යාලුවෝ

Monday, January 24, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය


ඔන්න යාලුවනේ අපි අද ඉඳලා තවත් අලුත් සීරීස් එකකින් ඔයාලාව මුණ ගැහෙන්නයි හදන්නේ. දැන් අපේ කතාවල හැටියට පූසො ඒ ලෙවල් කරන්න පටන් අරගෙන හිටියට, මේ කතාව පටන් ගන්නනං අපිට පොඩ්ඩක් අතීතෙට යන්න වෙනවා. හැබැයි වැඩි දුරකට නෙවෙයි, ඕ ලෙවල් කරන්න මාස කීපයක් තියෙන කාලෙට. අපේ බ්ලොග් එක මුල ඉදලා බලන කට්ටිය දන්නවනෙ අර පූසො බියර් බීපු ඉන්ග්ලිෂ් ලිට් ක්ලාස් එක ගැන. ඉතිං මේ කතාවෙ උපත සිද්දවුණේ අන්න ඒ ක්ලාස් එකේදි.

මේ ක්ලාස් එකේ හිටපු ගෑනු ළමයෙක් තමයි තිලංකා කියන්නෙ. එයා ඉස්කෝලෙ ගියෙ අගමැති බාලිකාවට. ඉතිං එක පැත්තෙ ඉදලා කොළඹ ඉස්කෝ‍ල වලට යන කට්ටිය සාමාන්‍යයෙන් එකිනෙකාව හොදට දන්න හින්දා, අපේ පූසන්ගෙයි තිලංකාගෙයි අතරත් කතාබහ කරන මට්ටමේ ෆිට් එකක් තිබුනා. තිලංකාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වුණේ ගම්පහ පිරිමි ඉස්කෝලෙ ඉස්සා. මෑන්සුත් පූසන්ගෙ හොද ෆිට් එකක්. විශේෂයෙන් පොඩිකාලෙ ඉදලා අපේ පුරුපුරුගෙ අතිජාත මිත්‍රයා. දෙන්න ශිෂ්‍යත්වෙ කරන්න කලින් ගියෙත් එකම ඉස්කෝලෙටලු.

ඉතිං තිලංකාගෙයි, ඉස්සගෙයි එෆෙයාර් එකට ඒ වෙනකොටත් අවුරුදු එකහමාරක් විතර ගතවෙලයි තිබුනේ. ඔය අතරේ තමයි දෙන්නගෙ සම්බන්දෙට කණ කොකා හැඬුවෙ. එක දවසක් මේ දෙන්නා වැස්ස වෙලාවක එක කුඩේ යටින් යනකොට මේක දැක්ක කවුරුහරි ගිහින් ඉස්සාගෙ අම්මාට නිව්ස් එක දීලා. මෑන්ස්ගෙ අම්මත් ඉතිං අම්බානට සැරයි. එයා කරලා තියෙන්නෙ වහාම තිලංකාගෙ ගෙදරට ගිහින් ඒ පවුලෙ මිනිස්සුත් එක්ක යුද්ද ප්‍රකාශ කරපු එක. ඉතිං මේ වැඩේට තිලංකාගෙ ගෙදර කට්ටියටත් අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. කොහොමහරි මේ සිද්දිවල අන්තිම ප්‍රතිඵලේ වුණේ මේ දෙන්නාට එකට හම්බවෙන එක, කතා කරන එක, කොටින්ම එකම ක්ලාස් වලට යන එක පවා තහනම් වෙලා.

දැන් ඉතිං අපේ ආදරවන්තයො දෙන්නාට පණිවිඩ හුවමාරු කරගන්න විදිහක් නෑ. ඒ දවස්වල දැන් වගේ වැඩිය මොබයිල් ෆෝන් තිබුනෙත් නෑ නොවැ! ඉතිං මේ වෙලාවෙ දෙන්නාට පිහිටවෙන්න පුරුපුරු ඉදිරිපත් වුණාලු. දැන් ඉස්සා තිලංකාට ලියුම් ලියලා පුරුපුරුට ගෙනත් දෙනවා. පුරුපුරු ඒවා ඉන්ග්ලිෂ් ලිට් ක්ලාස් එකේදි තිලංකාට බාර දෙනවා. ඊටපස්සෙ ඉස්සාට දෙන්න තිලංකා ළග ලියුම් තියෙනවනං කලින් විදිහටම ඒවා ඉස්සාට ගිහින් දෙනවා. ඉතිං ටික දවසක් මේ වැඩේ කරද්දි අපේ පූසො සෙට් එක තිලංකා එක්ක අම්බානට ෆිට් වුණාලු.

දැන් ඉතිං ක්ලාස් එකේ ඉන්න ගෑනු ළමයින්ගෙන් පුරුපුරු වැඩියෙන්ම ෆිට් තිලංකා එක්ක. මාලුකට්ටානං ඒ දවස්වල දිලූශාටයි හංසිනීටයි ලයින් එක දාගෙන නොවැ හිටියෙ. ඤාව්වාත් ඉතිං දවස තිස්සෙම කරන්නෙ කලුකුමාරි ගැන හිත හිතා ඉන්න එක. උපාසකත් පිස්සු වැඩ කර කර ඉන්නවා මිසක් ගෑනු ළමයි ගැන එච්චර උන්නදුවක් තිබුනෙ නෑ කියලා අපි කලින් කිව්වනේ. කොහොමහරි ඉතිං පුරුපුරු තමන්ගෙ එෆෙයාර් එක වෙනුවෙන් කරන උදව් වලට තිලංකාත් මෑන්ස්ට ගොඩක් ස්තුති කර කර තමයි හිටියේ. ඔය අතරෙ තමයි එක දවසක් විශේෂ සිද්දියක් වුණේ.

එදත් ඉතිං සුපුරුදු විදිහට අපේ පූසො සෙට් එක උදේ ක්ලාස් එකට ආවලු. ආපු ගමන් කට්ටිය කළේ සුපුරුදු විදිහටම කලින් සතියෙ දුන්න ගෙදර වැඩ ටික කරන්න පටන් ගත්ත එක. එතකොට තමයි පුරුපුරුට එහාපැත්තෙ වාඩිවෙලා හිටපු උපාසක අමුතු දර්ශනයක් දැකලා තියෙන්නෙ.

උපාසක :- (පුරුපුරුට වැලමිටෙන් ඇන) ඒයි පුරු, අර බලපංකො

පුරුපුරු :- (හිස නොඋස්සමින්) මොකද්ද බං? දැන් මැඩම් එන්න කලින් "මිල් ඔන් ද ෆ්ලොස් " එකෙන් දුන්න වැඩ ටික ඉවර කරන්න ඕනෙ.

උපාසක :- මිල් ඔන් ද ෆ්ලොස්? යකෝ කියන දේ අහලා අර පැත්ත බලපං. උඹට මිල් ඔන් ද ෆ්ලොස් පෙනෙයි.

කොහොමහරි ඉතිං උපාසක මෙච්චර කියවන්නෙ මොකක් ගැනද කියලා කුතුහලයක් ඇතිවුණු පුරුපුරුත් හැරිලා බැලුවලු මොකද්ද කේස් එක කියලා. මෙන්න බොලේ ඒ පැත්ත බලපු ගමන් පුරුපුරුගෙ ඇස් උඩ ගිහින්, කොන්ඩෙට කරන්ට් එක වැදුනා වගේ ලුක් එකක් ආවලු. බැලින්නං ක්ලාස් එකට අලුත් ළමයෙක් එනවා. හරිම චාම් පාටක් තමයි තියෙන්නෙ. ඉටිරූපෙ වගේ ලස්සනයි. ඉතිං පුරුපුරුගෙ ඇස් උඩගිය විදිහෙන්ම උපාසක තේරුම් ගත්තලු පුරුපුරුගෙ හාට් එක පසාරු කරගෙන ඊතලයක් ගියා තමයි කියලා.

කොහොමහරි අලුත් ළමයා ඇවිත් කෙලින්ම වාඩිවුණේ තිලංකා ළගින්. දෙන්නා ආපු වෙලාවෙ ඉදලාම ෆුල් චැට් එක දාගෙන තමයි ඉන්නේ. ඉතිං පුරුපුරුට තේරුම් ගියාලු මේ ළමයා තිලංකාගෙ හොඳම ෆිට් එකක් තමයි කියලා. දැන් ඉතිං මෑන්ස්ට ෆුල් හැපී. මොකද මේ වෙනකොටත් මේ ගෑනු ළමයාට ට්‍රයි කරන්න තීරණය කරලා තිබුනු පුරුපුරු දැන් දන්නවා, තමන්ට මේ වැඩේදි තිලංකාගෙන් කොන්දේසි විරහිතව සහයෝගය ගන්න පුලුවන් කියලා. අනික ගෑනු ළමයාව දැක්කාම කොල්ලෙක් ඉන්න ලුක් එකකුත් නෑ. ඉතිං අපේ පූසා තීරණය කළාලු වහාම මේ ළමයාගෙ විස්තර හොයලා බලන්න.

එදා ක්ලාස් එක ඉවරවෙලා පුරුපුරු මුලින්ම කළේ ගෑනු ළමයා ගියාට පස්සෙ, තිලංකාව හම්බවෙලා තමන්ගෙ හිත ගත්තු ගෑනු ළමයා ගැන විස්තර අහපු එක. මෑන්ස් තිලංකාගෙන් ගත්ත විස්තර කෙටියෙන් කියනවානං මෙහෙමයි.

ගෑනු ළමයාගෙ නම විදූශා. තිලංකා හිටපු ගමේම තමයි ඉන්නේ. එයා ඉස්කෝලෙ ගියෙ රත්තිවල්ලි බාලිකාවට. ඒ වගේම කොල්ලෙක් නෑ. හැබැයි කොල්ලො දෙතුන් දෙනෙක්ම විදූශාට ට්‍රයි කරනවලු. ඉගෙන ගන්නත් දක්ෂයිලු. ඒ වගේම පුරුපුරුවත් දන්නවලු. මොකද විදූශා තිලංකාගෙන් ක්ලාස් එකේදි ඇහුවලු පිටිපස්සෙ ඉන්නෙ පුරුපුරු නේද කියලා.

දැන් ඉතිං පුරුපුරුට ෆුල් හොල්මන් කොහොමද විදූශා තමන්ව දන්නෙ කියලා. මොකද මෑන්ස් ඉස්කෝලෙ ගියෙත් කොළඹ. අනික ඒ වෙද්දි පොර කිසිම කෙල්ලෙකුට ඔෆීෂියලි ට්‍රයි කරලා තිබුනෙත් නෑ. කලින් ලකී ගැන කැමැත්තක් තිබුනත් ඒකත් ඉතිං ට්‍රයි එකකට වඩා ක්‍රෂ් එකක් විදිහට තමයි සලකන්න පුලුවන්. කොහොමහරි ඉතිං අපේ පූසා හිතාගත්තලු ඊළග සතියෙම විදූශා එක්ක කතා කරලා තමන්ව දන්නෙ කොහොමද කියලා අහනවයි කියලා. ට්‍රයි කිරීම ආරම්භ කරන්න පොටක් නැතුව හිටපු පුරුපුරුට මේ වැඩේ ඉතිං දෙන දෙයියො ගෙටම ගෙනත් දුන්නා වගේ.

පුරුපුරු විස්තර අහන හැටියෙන් තිලංකාටත් තේරුම් ගියාලු පූසා හැරෙන්නෙ සැමන් කෑල්ල කන්න තමයි කියලා. ඉතිං තිලංකාත් පොරොන්දු වුණාලු තමන්ට පුලුවන් විදිහට මේ වැඩේට උදව් කරන්න. ඒ වගේම පුරුපුරු තීරණය කළාලු මාලුකට්ටායි, උපාසකයි, ඤාව්වායි එක්ක එකතුවෙලා විදූශා ගැන තව තොරතුරු හොයලා බලන්න. කොහොමහරි එදා ඉදලා අපේ පූසා ජීවත් වුණේ අමුතුම ලෝකෙක.

ඊළග සතියෙ පුරුපුරු ක්ලාස් එකට ආවෙ අනිත් හැමෝටම කලින්. දැන් මෑන්ස් බලාගෙන ඉන්නවා විදූශා එනකන්. කොහොමහරි විදූශා එදා ක්ලාස් එකට එනකොට පොඩ්ඩක් පරක්කු වුණා. ඉතිං පුරුපුරුට පුලුවන් වුණේ නෑ ක්ලාස් එක පටන් ගන්න කලින් එයා එක්ක කතා කරන්න. ඊටපස්සෙ හොදම හරිය සිද්දවුණේ ක්ලාස් එක පටන් ගත්තාට පස්සෙලු. වෙනදා මැඩම් අහන ප්‍රශ්නවලට කිසිම උත්තරයක් නොදී ෂේප් එකේ ඉන්න පුරුපුරු මෙන්න බොලේ එදා ක්ලාස් එකේ දීප්තිමත්ම ශිෂ්‍යයා වෙලා.

ටික වෙලාවකින් අනිත් පූසන්ට ඇස්, කන් අදහාගන්න බෑලු. දැන් පුරුපුරු වාඩිවෙලා ඉන්න තැන ඉන්නෙ පුරුපුරු නෙවෙයි. වෙලාවකට ඉන්නෙ පැබ්ලෝ නෙරූඩා. තව ටිකකින් ඉන්නෙ රොබට් ෆ්‍රොස්ට්, තවත් ටිකකින් ප්‍රේම්චාන්ද්, බොබ් ඩිලන්, ජෝන් ලෙනන් ‍වගේ එක එක කට්ටිය. පූසො ටික බයවුණේ ටික වෙලාවකින් පුරුපුරු චීෆ් සියැටල් වගේ රෙඩ් ඉන්ඩියන් ඩාන්ස් එකක්වත් දායිද කියලා. හොද වෙලාවට හැබැයි එහෙම වුණේනං නෑ. මැඩම්ටත් ඉතිං හරි පුදුමයිලු මොකද මේ වෙනදා පැත්තකට වෙලා ඉන්න ඩයල් එක එදා පැන පැන හැම එකටම උත්තර දෙන්නෙ කියලා.

කොහොමහරි ඉතිං ඔය විදිහට එදා පන්තිය ඉවර වුණාට පස්සෙ, අපේ පුරුපුරු ගැහි ගැහී ගිහින් විදූශා එක්ක කතාවට එන්ටර් වුණාලු. හැබැයි ඒ තනි පංගලමෙනං නෙවෙයි. තිලංකාත් ඉන්න තැන

27 comments:

  1. "දැන් පුරුපුරු වාඩිවෙලා ඉන්න තැන ඉන්නෙ පුරුපුරු නෙවෙයි. වෙලාවකට ඉන්නෙ පැබ්ලෝ නෙරූඩා. තව ටිකකින් ඉන්නෙ රොබට් ෆ්‍රොස්ට්, තවත් ටිකකින් ප්‍රේම්චාන්ද්, බොබ් ඩිලන්..."

    ‍මේක තමයි පට්ටම කෑල්ල... :D

    ReplyDelete
  2. හි හී එළ එළ ඉක්මනට ලියපන් ඉතුරු ටික :DDD

    ReplyDelete
  3. තව ඩිංගෙන් පුරු පුරු මැඩම්ටත් උගන්නනවා..
    ඊළග එකත් දාන්න....

    ReplyDelete
  4. කොහොමද ලේඩීස් පවර් එක? පූසොත් ෆෝම් වෙනවනම් අපි ගැන කුමන කතාද?

    ReplyDelete
  5. Hee... Hee... Seems a funny story is comming on our way.....

    We are waiting for the next part. Please post it soon.

    Nice writing style.

    ReplyDelete
  6. මැස්කා !!!!!!!!!!!! ඉත් දිගටම ලියන්නෙ නැතුව නැවැත්තුවනේ

    ReplyDelete
  7. ෂැහ්, හොඳම හරියෙන්ම නවත්තලනේ.... අනේ බොලංලා මොකෑ මේ හදවතට අඩන්තේට්ටම් කොරන්නෙ..?

    ReplyDelete
  8. අවුලක් නෑ හෙට එනවනෙ ඉතුරු ටික....ඒක නිසා කනගාටු වෙන්න දෙයක් නෑ.... එල එල....

    ReplyDelete
  9. හෙට දානවයි ඉතුරු කෑල්ල?

    ReplyDelete
  10. පුරූද පූසා ?

    අනික් කොටසත් ඉක්මනටම එවන්න . චංචලා සීරීස් එකට පස්සේ තව එලම සීරීස් එකක්!

    ජය වේවා !!

    ReplyDelete
  11. එහෙනං පුරු පුරු යහතිං හිත හදාගෙන විභාගෙ ලියන්න ඇති නේද? ඉතුරු කොටස කවද්දෝ........?

    ReplyDelete
  12. කමෝන් පුරු පුරු...

    ReplyDelete
  13. Buratheno - එලාස්!!

    හිස් අහස - තෑන්ක්ස් යාලු, ඉක්මණින්ම මේ සීරීස් එක දානවා..

    කොඩී- :)

    පූසා - ඉක්මණට දානවා මචෝ!!

    ReplyDelete
  14. prasanna86 - හික්ස්..!

    kAnonymous - Thanx bro!!

    Dar[K],දුමී,අනුරාධ,
    ගිහාන්,Ravi,Praසන්ன,
    nawammawatha - තෑන්කූ වේවා යාලුවනේ.. මේ සීරීස් එක ඉක්මණින්ම දානවා..

    ReplyDelete
  15. මැවිලා පේනවා වගේ පුරු පුරු කකුල් මැඩ්ලින් ගහ ගහ ගිය හැටි. හික්ස්

    ReplyDelete
  16. කියවගෙන යමුකෝ...
    අද තමා ටික දවසකින් මේ පැත්තට ආවේ..

    ReplyDelete
  17. @ දුකා
    priyantha

    හික් හික්!! බලමුකො සහෝ ඉස්සරහට මොකද වෙන්නෙ කියලා :b:b:b

    ReplyDelete
  18. අපේ ලිට් ක්ලාස් එකත් මතක් වුනා....! අනේ අර කට්ටිය හලි ශෝයි දැන් මතක් වෙද්දිත්! ඔන්න මල්ලි මම අදයි මේක කියවන්න ගත්තේ. සති 2ක් බෝඩිමේ හිටපුවයේ විපාක තමා ඉතින්

    ReplyDelete
  19. හික් හික් හිපටන්කෝ ඉතිරි හරියත් බලනකන්....

    ReplyDelete
  20. Kollo, agamaethi baalikava kiyanne Panadure thiena iskolayak.. First Agamaethini baalikaawa kiyapan :-P

    ReplyDelete
  21. 3 things..

    Matath mulinma crush ekak aethi uneth mama giya Englsh Lit class eke gaenu lamayekta..

    Ape office eketh innava Rathnawalli Balikawata giya lamayek.. Oya wagema charm paatai, iti roope wage lassanai.. Eyath poosange wayasemai mama hithanne.. Igenagannath dakshai.. (Campus giya ekkenek)

    Maath giye Kurudnuwaththa Vidyaaleta.. Hik hik :D

    ReplyDelete
  22. 1 ඇනෝ - බොහොම ස්තුතියි යාලුවා. මීට පස්සෙ නම වෙනස් කරලා පාවිච්චි කරන්නම්.

    2 ඇනෝ - හික්ස්! මාර සමානකම් ගොඩක් නොවැ! ඔබතුමාත් පූසන්ගෙ වයසෙද? කවුද හැබෑට ඔය කියන ළමයා?

    ReplyDelete
  23. සංජු, හසියා, කැන්ඩි - බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.

    ReplyDelete
  24. Anonymous 1 & 2 dennama mama thamai..

    Mama hithanne, mama poosanta wadaa avurudu 3k vithara vaedimal.. (2003 di kurunduwaththa vidyaale bio kale) mama kiyana rathnawalliye lamaya nam maths karapu ekkenek.. :D

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???