අඹ යාලුවෝ

Friday, January 14, 2011

චංචලා - 8 (සමාවෙන්න උපාසක)



අපි කලින් ලිපිය ඉවර කළේ උපාසක චංචලාගෙන් නාමල්ට කෝල් කරපු සිද්දිය අහන්න තීරණය කරපු වෙලාවෙ නොවැ! ඉතිං එතන ඉඳලා අපි කතාව කියන්නං යාලුවනේ

දැන් ඉතිං උපාසකයි චංචලායි පූස්ගම - ගම්පහ බස් එකේ එනවා. මේ වෙද්දි චංචලා බහින තැනත් ළගයි. ඉතිං අපේ උපාසකගෙ සූදානම චංචලාගෙන් නාමල් ගැන අහන්න. උපාසකට හිත හදාගෙන චංචලාගෙන් මේ ගැන අහන්නත් බෑ. ඒ වුණාට මේ ගැන අහන්නෙ නැතුව ඉන්නත් බෑ. අන්තිමට හිත හයිය කරගත්තු උපාසක තමන්ගෙ කටහඬ අවදි කළාලු.

උපාසක :- චංචලා...

චංචලා :- ඇයි උපාසක?

උපාසක :-ඔයා ඊයෙ රෑ නාමල් එක්ක ෆෝන් එකෙන් කතා කළා නේද?
දිගටම මිනිහත් එක්ක මැසේජ් කළා නේද?
ඇයි ඔයා මට ඒ ගැන කිව්වෙවත් නැත්තෙ?

දැන් උපාසක මේ විදිහට ප්‍රශ්න පෝලිමක්ම අහගෙන අහගෙන යනවලු. චංචලා ඇස් දෙකත් ලොකු කරගෙන උපාසක දිහා පුදුමෙන් බලාගෙන ඉන්නවලු. චංචලාට හිතාගන්න බෑ උපාසක මේ දේවල් දැනගත්තෙ කොහොමද කියලා. ටිකක් වෙලා මෙහෙම බයවෙලා වගේ හිටපු චංචලා එකපාරටම බස් එක මැද්දෙ අඬන්න පටන් ගත්තලු. ඊටපස්සෙ තමන් බස් එකෙන් බහින තැනට එනකල්ම චංචලා කළේ දිගටම අඬපු එක. බස් එකෙන් බහිද්දි තමයි එයා ඊට පස්සෙ උපාසක එක්ක කතා කළේ. ඒත් වචන දෙකයි

" සමාවෙන්න උපාසක "

මෙහෙම කියපු චංචලා ඉක්මනින් බැහැලා ගියාලු. ඒ කියපු දේට දෙන්න උත්තරයක් උපාසක ළග තිබුනෙ නෑ. මෑන්ස් නිකම්ම චංචලා දිහා බලාගෙන හිටියා විතරයි.

එදා ගෙදර ගියාමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලයි කියලා. ඉතිං අපේ පූසා කළේ ආපහු බස් එකක නැගලා තාත්තා බලන්න හොස්පිට්ල් එකට ගිය එක. මේ අතරේ චංචලා කීප සැරයක් උපාසකට කෝල් කරන්න හැදුවත් උපාසක ඒ කෝල් ආන්සර් කළේ නෑ. ඇත්තටම මෑන්ස්ට චංචලා එක්ක කතා කරන්න තරම් මානසික මට්ටමක් ඒ වෙනකොට තිබුනෙ නෑ.

හොද වෙලාවට උපාසකගෙ තාත්තාට බරපතල අසනීපයක් හැදිලා තිබුනෙ නෑ. ඉතිං පහුවදා උදේම ටිකට් කපලා තාත්තාව ගෙදර එක්කගෙන එන්න පුලුවන් වුණා. ඊටත් පස්සෙ තමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වුණේ මොකද කියලා. ඉතිං තාත්තා තමන් හින්දා අසනීප වුණා කියලා දැනගත්තාට පස්සෙ මෑන්ස්ගෙ හිතේ තිබුන අප්සට් එක දෙගුණ තෙගුණ වුණාලු. ඊටපස්සෙ උපාසක කළේ ඕන දෙයක් වෙච්චාවෙ කියලා චංචලාට කෝල් කරපු එක.

ඉතිං උපාසක කෝල් කරපු වෙලාවෙ චංචලා එයාට වෙච්ච හැමදේම කියන්න පටන් ගත්තලු. මාස කීපෙකට ඉස්සෙල්ලා ගම්පහ බස්ටෑන්ඩ් එකේදි නාමල්ව මුණගැහිච්ච හැටි, නාමල් චංචලාගෙන් ෆෝන් නම්බර් එක ඉල්ලගෙන එදා ඉඳලා චංචලා එක්ක කතා කරපු හැටි, කලින් දවසෙ රෑ පැයකටත් වඩා නාමල් කෝල් කරපු හැටි, ඔය වගේ ගොඩක් දේවල් චංචලා උපාසකට කිව්වලු. මේ ඔක්කොම කතා අහගෙන හිටපු උපාසක චංචලාගෙන් ඇහුවෙ එකම එක ප්‍රශ්නයයි

" දැන් ඔයාට ඕනෙ මාවද, නැත්තං නාමල්වද? "

උපාසක අහපු මේ ප්‍රශ්නෙට චංචලා කිසිම උත්තරයක් දුන්නෙ නෑ. ඉතිං ඒ නිශ්ශබ්දතාවය ඇතුලෙ හරිම පැහැදිලිව චංචලාගෙ උත්තරේ තියෙනවා කියලා තේරුම් ගත්තු අපේ පූ‍සා කළේ කෝල් එක කට් කරලා ෆෝන් එක පැත්තකට දාපු එක.

එදා ඉඳලා දවස් දෙක තුනක්ම දිගටම කල්පනා කරපු උපාසක අන්තිමේදි තීරණයක් ගත්තලු. තාත්තා අසනීප වුණෙත් තමන් හින්දා. ඉතිං මෙහෙම ගියොත් අන්තිමට තමන්ට චංචලායි, දෙමව්පියොයි කට්ටියවම නැති වෙනවයි කියලා තේරුම් ගත්තු පූසා තීරණය කළාලු චංචලාව හිතින් අමතක කරලා දාන්න.

ඒත් ඊටපස්සෙ සිද්දවුණේ තවත් උපාසක නොහිතපු දෙයක්. මේ තීරණය අරගෙන දවසකට පස්සෙ චංචලා හදිසියෙම උපාසකට කෝල් එකක් දුන්නලු. කෙටියෙන් කියනවානං

සිද්දවුණ දේවල් ගැන තමන් ගොඩක් දුරට හිතපු බවත්,
තමන් ලොකු වැරැද්දක් කරපු වග තේරුම් ගත්තු බවත්,
ආයි තමන් එක්ක කතා කරන්න එපා කියලා නාමල්ට කිව්වා කියලාත්,
උපාසක සමාව දෙනවානං ආපහු හැම දෙයක්ම මුල ඉඳලා පටන් ගන්න කැමති බවත්

තමයි චංචලා තමන්ගෙ කෝල් එකෙන් කිව්වෙ. උපාසක මුලින් හිතාගෙන හිටියෙ චංචලාට කවදාවත් සමාව දෙන්නෙ නෑ කියලා. ඒත් චංචලා කියපු දේවල් අහලා උපාසකටත් ගොඩක් දුක හිතුනා. මොනවා වුණත් අවුරුදු ගානක් තමන් එක්ක ආදරය කරපු ගෑනු ළමයා නොවැ! ඉතිං අන්තිමට උපාසක තීරණය කළාලු චංචලාට සමාව දෙන්න.

" හරි චංචලා, මම ඔයාට සමාව දෙන්නං. මම ඔයත් එක්ක පොඩ්ඩක්වත් තරහා නෑ. ඒත් අපි දෙන්නා අතරෙ මීට පස්සෙ ආදර සම්බන්ධයක් නෑ. අපි මීටපස්සෙ යාලුවො විතරයි "

කොච්චර දුක හිතුනත් උපාසකට හිතුනෙ නෑ තමන් ගත්තු තීරණය වෙනස් කරන්න. ඒ හින්දා අවුරුදු හතරක් චංචලා එක්ක තිබුන සම්බන්දෙ නවත්තලා දාපු අපේ පූසා, ආපහු පරණ පුරුදු පිස්සු ලයිෆ් එකට එන්ටර් වුණාලු. හැබැයි ඒ ආපහු කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙනං නෑ කියන තීරණයත් එක්ක................... .

හිතක් තියෙනවදත් කියල
මුකුත්ම නොදැන හිටි කාලෙක
කොහේදෝ තිබු මගෙ හිත හොයාගෙන
අයිති කරගත්ත මදිවට
යන ගමන් ඇය
ගිහින් සිත මග හලාගෙන..


මේක මේ අපේ උපාසක ඒ දවස් වල කුරුටු ගාපු එකක්ලු. ගොඩක් කල් ලග තියාගෙන ඉදල මේ ළගදි අපේ හසී නගාගෙ පොස්ට් එකක් දැකල තමයි පූසට කවිය එලියට දාන්න හිතිල තියෙන්නෙ.


නිමි.

65 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. උපාසක කෙලින් පූසෙක් නේ....! :b

    ReplyDelete
  3. අන්තිමට ගත්ත අදහසට නම් මමත් එකගයි :b

    ගොඩක් කෙල්ලො යන එන මං නැති උනාම ඕකතමයි කියන්නේ :k

    ReplyDelete
  4. සමාවෙන්න යාලුවනේ හදිසි වෙනසක් කරන්න වුනා..
    අපේ උපාසක ඒ කාලෙ කුරුටු ගාපු පේලි කීපයක් හම්බවෙලා, ඔන්න අපි ඒකත් දැම්මලු..

    @සංජු- ඒකනම් ඇත්ත සහෝ..

    @DarKneT | ඉෂාර- ඇත්ත තමයි ගොඩක් කෙල්ලො කොල්ලො ඔහොම කතා කියනව තමා..

    ReplyDelete
  5. පූසන්ගේ මේ කතාවෙන් නම් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා නොවෑ,,,උපාසකගේ කෙලින් තීරන ගැනීම නම් මල් 7...

    ReplyDelete
  6. අස්ථිර ලෝකේ ,ස්ථිර දෙයක් නෑ කියනවනේ.

    ReplyDelete
  7. ආ ... ඒ කියන්නේ දැන් හොඳ යාළුවෝ නේද? හොඳයි මචං, කෙල්ලෙක්ව තරහ කරගෙනම ඉන්නවට වැඩිය, යාළුකමින් හරි තියාගන්න එක වටිනවා.

    ReplyDelete
  8. අම්මපා ඇත්තට මේ කෙල්ලෝ ඔහොම්මමයිනේ :h :h :h :h

    ReplyDelete
  9. @ItalyDilan,
    sithuwilimandiya- ඒක ඇත්ත.. :b

    @prasanna86k- නෑ යාලු.. හොද යාලුවො නෙවෙයි. අවුරුදු 4කට වඩා එකට හිටපු දෙන්නෙක් දැන් යාලුවො වෙලා ඉන්නව කියන එක හරියන වැඩක් නෙවෙයි කියලයි අපිටනම් හිතෙන්නෙ. උපාසක කිව්වෙ සමාව දෙනව කියල විතරයි. එතනින් එහාට සමීප සම්බන්ධයක් තියාගන්න පූස කැමති වුනේ නෑ..

    @පූසා- හැම කෙල්ලමත් එහෙම නෑ සහෝ.. ඔහොම කොල්ලොත් ඉන්නව, කෙල්ලොත් ඉන්නව...

    ReplyDelete
  10. හ්ම්...... උපාසක අයිය නියම පූසෙක්........

    ReplyDelete
  11. උපාසක ..කියන්න දෙයක් නෑ. ගත්ත තිරණය හරියටම හරි. එක වරක් කළ දේ කෙල්ලෙකුට තව වාර ගණනාවක් කරන එක මහ ලොකු දෙයක් නොවේ. මේ ලෝකේ විශ්වාස කරන්න පුළුවන් එකම ගැහැනිය අම්මා විතරයි කියනවනේ. ඒත් හැම කෙල්ලම එහෙම නෑ. හැම දේම වෙන්නේ හොඳටලු... :D

    ReplyDelete
  12. හ්ම්ම්ම්... හිත දෙතැනක තියාගෙන ආදරේ කලොත් දෙපැත්තම නැතිවෙනවා දවසක.. :s :s අයියාගේ කෙලින් තිරණේ ගැන සතුටුයි... :b

    ReplyDelete
  13. කතාව ඇත්ත තමයි අවුරුදු 4 ක් ආදරෙ කරනම් අයෙ යාලු කමක් තියගන්න බෑ උපාසක සිරා පූසෙක්නෙ.....

    ReplyDelete
  14. උපාසකනං නියම පොරක් තමයි. :t

    ReplyDelete
  15. " ඊටත් පස්සෙ තමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වුණේ මොකද කියලා. ඉතිං තාත්තා තමන් හින්දා අසනීප වුණා කියලා දැනගත්තාට පස්සෙ මෑන්ස්ගෙ හිතේ තිබුන අප්සට් එක දෙගුණ තෙගුණ වුණාලු."

    ???? Please elaborate if you are comfortable. No motive seek your identity but, just concerned about what had made your father sick.

    ReplyDelete
  16. Yes, totally agree with 'Upaasaka'. It's very hard to break away from a love you truly engaged in for years. But if one's mind strays away once, it can happen again. Good decision Upaasaka, you'll never regret it.

    Let me say this also, after 4 years of love (plus suspicion + mistrust added into it), there is NO room for a ‘friendship’.

    By the way, Upaasaka seems to have a good “spine”.

    (Sorry for using English here)

    Good luck.

    ReplyDelete
  17. උපාසකගෙ තීරනේ හරි.
    එක පාරක් එපා නම් ආයි ඕනි නෑ.
    මට පොස්ට් දෙකක්ම මිස් වෙලා නේ පූස් මලේ....

    ReplyDelete
  18. @ SL - please read this bro!

    http://bloggadol.blogspot.com/2011/01/6.html

    we included the part

    " ඊටත් පස්සෙ තමයි උපාසක දැනගත්තෙ තාත්තා අසනීප වුණේ මොකද කියලා. ඉතිං තාත්තා තමන් හින්දා අසනීප වුණා කියලා දැනගත්තාට පස්සෙ මෑන්ස්ගෙ හිතේ තිබුන අප්සට් එක දෙගුණ තෙගුණ වුණාලු."

    on the assumption that readers had read all the previous episodes of this series before the latest one. Just forgot that there are new readers as well. Please accept our apologies

    ReplyDelete
  19. anna machn ela kollek,me kello hithan inne thaman karana okkoma hari kiyalane,kollonta part daanne nm kohmada paththini ammala tika,machn ara sim case eka mokakda,tikak pahadili karapnko

    ReplyDelete
  20. නියම කතාව :b
    හැබැයි මං නම් කැමති නෑ දුක හිතෙන අවසාන වලට :s

    ReplyDelete
  21. upasakata una wade dan matath wela tiyenne... kohoma unath mamath hithanne upasaka gaththa teerane hariyatama hari kiyalai... :s

    ReplyDelete
  22. Friendship often ends with love. But love in friendship NEVER..
    මොනා කියන්නද යාලු. හුඟක් දුකයි. මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ. ඒත් ඉතින් විශ්වාසයක් නැති තැන ආදරක් කොහෙද නේද

    ReplyDelete
  23. අවුරුදු 4ක්ම ආදරේ කළ කෙනා යාළුවෙක් විදියට ආශ්‍රය කරන්න පුළුවන් වෙන්න නම් ලොකු හිතක් තියෙන්න ඕනි... :n

    අවාසනාවට අපි කවුරුත් එකවගේ නෑ නේ... :s

    සීරියස් එකම හොඳට රස වින්දා.. :m
    අළුත් සීරියස් එකකින් හමු වෙමු...:t

    ජය වේවා...!!

    ReplyDelete
  24. එල පූසෙක්නෙ, මං හිතං උන්නෙ උපාසක බළල්ලු මීයො දෙන්නෙක්ම අල්ලනව කියල

    ReplyDelete
  25. හ්ම් හ්ම්... අන්තිමට ශෝකාන්තයක් වගේ එකක් වුනා නෙව.

    ReplyDelete
  26. හිතුවා වගෙම උපාසක එල කොල්ලෙක්නේ... :b
    මුළු චංචලා සීරිස් එකෙන්ම මම කැමති මේං මේ වචන පේළියට...
    \\කවදාවත් කෙල්ලෙක්ව විශ්වාස කරන්නෙනං නෑ කියන තීරණයත් එක්ක....................\\
    පුතත් දැන් අවුරුදු හය හතකට කලින් ගත්තු ඔය තීරණෙමලු තාමත් ඉන්නේ...

    ReplyDelete
  27. කෙල්ලොන්ගෙ කඳුලු ඉස්සරහ අපි හුඟක් අසරණ වෙනවා. ඒ හින්දම අපි ගන්න සමහර තීරන හ්ම්ම් අනේ මන්ද බන්. ඒ අතින් උපාසක එලකිරි. හොඳ තීරනයක් ද නැද්ද මම් දන්නෙ නැහ. ඒත් හොඳයි කියල හිතෙනවා


    ලව් වලට පස්සෙ යාලුකම කියන්නේ මහ බොරුවක් බන්. ඒක හරියන්නෙ නැහ නේද

    ReplyDelete
  28. උපාසක පූසා කතාව ශෝකාන්තයකින් ඉවර කළාට අන්තිමට ගත්ත තීරණේ ගැන නම් කියල වැඩක් නෑ!

    ReplyDelete
  29. අන්න නියම කොල්ලෙක්. නසරණියා වගේම තමයි.
    එක රචනයයි.. තනි වචනයයි...

    හැම කෙල්ලෙක්ම ඔහොම නෙවෙයි වෙන්න ඇති. ඒත් මට හමු වෙලා තියන හැම කෙල්ලෙක්ම ඔහොම තමයි. හැබයි මම පූසගෙ කැරැක්ටර් එක නම් නෙවෙයි රඟපෑවෙ.පූසගෙ චරිතෙ රඟපෑවෙ එකම එක පාරයි.
    ඒ පාර මට රිදෙන්නම වැදුනා.

    "ස්ත්‍රී රත්න: පුස්තක: ගතං ගත:"

    ReplyDelete
  30. උපාසක නම් නියම පූසෙක් මමනම් හිතුවේම නෑ මේවගේ අවසානයක් එයි කියලා .

    අන්න මිනිස්සු (පූසෝ) කලින් ලවු කරපු කෙනාව අමතක කරන්න බැරුව වස බොන එවුවොත් අනන්ත ඉන්න මේ රටේ උපා කොල්ලා නම් දෙයියෙක් .

    හැබැයි පිස්සා කීවත් වගේ ලවු වලට පසු යාළුකම් හරි යන්නේ නෑ මටත් හිතෙනවා

    නියමම කතා මාලාව . ජය වේවා !!

    ReplyDelete
  31. කොච්චර කළත් , ඔච්චර තමයි!! :c හුඟක් වෙලාවට ඔය වගෙ ප්‍රශ්න ඇති වෙනවා. කෙල්ලෝ චංචලයි කියන්නේ ඕක තමයි :d

    ReplyDelete
  32. උපාසකගේ තීරණයට 100%ක් එකඟයි. මොනා උනත් කොන්ද පණ තියෙන, හිත හයිය එලකිරි කොල්ලෙක් (කෙල්ලෙක් නෙමෙයි පූසෙක්).

    ඕක තමයි කියන්නේ කිසිම කෙල්ලෙක් ඕනවට වඩා විශ්වාස කරන්න එපා කියලා :r

    ReplyDelete
  33. @හා පැටික්කි (MS)- :b :b

    @priyantha.ඒබී- ඒකනම් සහතික ඇත්ත සහෝ!!

    @හසී- :b :b

    @පොඩි man- ස්තූතියි යාලු..

    @Praසන්ன- :b

    @වීතරාගී- ඔහොම තමා ඉතින්.. :s

    ReplyDelete
  34. @ 1st Ano- Thanx bro!!

    @නිශ්- අයියෝ.. ආයෙ පාරක් කියවන්න යාලු, මැදින් මිස් වුනාම කතාව කියවද්දි ඔලුව කචල් වේවි.. :)

    @ 2nd Ano- ස්තූතියි යාලු.. ලොකු කේස් එකක් නෙවෙයි. සමහර නෙට්වර්ක් වල අපිට පුලුවනි එයාලගෙ ස්යිට් එකේ රෙජිස්ටර් වෙලා ෆෝන් එකක් නැතුව උනත් සමහර ෆැසිලිටීස් යූස් කරන්න. මම චංචලා7 එකේදිත් විස්තර කියල ඇති..

    @Shenya de Silva- එහෙම තමා නංගි. මේ ලෝකෙ හැම දේම හොදින් අවසාන වුනොත් අපිට ඒකත් ලොකු දුකක් වේවි..

    @Danuska- හිත හදාගනින් යාලු. හැමදේම වෙන්නෙ හොදටයි!!

    ReplyDelete
  35. @වැම්පයර්- :b :b

    @පිණිබිඳු...- ya agree!!
    චුට්ටක්වත් එහෙම බලපොරොත්තු නොවුන උපාසකත් කොහොමහරි ඒකට මූණ දුන්නනෙ. මේ වගේ, මීටත් වඩා දේවල් කොච්චර තව කී දෙනෙකුට වෙලා ඇත්ද..

    @සෝරෝ- අනිවා සහෝ.. ඉස්සරහට තියෙන්න පූසො AL කාලෙදි කරපුව ගැන ලියන්න.. :b

    @nawammawatha- ඒ ඉස්සර යාලු.. දැන්නම් පූසො විතරක් නෙවෙයි හාවොත් මීයො රංචු පිටින්ම අල්ලනව..

    @Supun Sudaraka - මොනා කරන්නද මලයා. ප්ලෑන් කරල අවසානයක් හදන්න බෑ නොවැ..

    ReplyDelete
  36. @පුතා - :b :b

    @Kathandara - :j :j

    @පිස්සා පලාමල්ල - ඒක ඇත්ත සහෝ.. සමහර වෙලාවට කදුලු ඉස්සරහදි පිරිමි අසරණ වෙනව..
    ලව් ව්කට පස්සෙ "අපි යාලුවො වගේ ඉමු" කියන කතාව තනිකරම බොරුවක් බං.. ඒක හරියන්නෙ නෑ..

    @kombuwaonline - :b :b
    කලින් ප්ලෑන් කරන්න පුලුවන් කමක් තිබුණනම් උපාසකත් කතාව හොදින් ඉවර කරාවි යාලු. ඒත් ඉතින් වෙන්න තියෙන විදිහටනෙ හැමදේම වෙන්නෙ..

    ReplyDelete
  37. @නසරාණියා.. - හ්ම්ම් යාලුටත් ඒගැන කතා ගොඩයි වගේ.. කියමුකො බලන්න ඒ ගැනත්.. කොල්ලෙක්ට රිදෙන්නම වැදෙනව කියන්නෙ යාලු හොද කට්ටක් කන්න ඇති..

    @හිස් අහස - උපාසකත් නිකමටවත් හිතල නෑ යාලු..
    ඇත්ත කිසිම ප්‍රශ්නෙකට උත්තරයක් නෙවෙයි මැරෙන එක...

    @ජංජාල චාමර - :b :b

    @කොඩී - අනිවා.. :b

    ReplyDelete
  38. උපාසකත් එල ම පූසෙක් නේ....

    ReplyDelete
  39. ලස්සන කතාව, අවසානයත් ලස්සනයි,හොඳ කොල්ලෙක්,

    ReplyDelete
  40. කොල්ල ගැන දුකයි!

    ඒත් ඒ ගෑනු ළමයගෙ හිත ගැස්සෙන්න ඇත්තෙ ඇයි? කවුරුත් ඒ පැත්තෙන් හිතුවද?

    පූසගෙ අඩුවක් තියෙන්නම නැද්ද!
    :r

    ReplyDelete
  41. අන්න පූසො :r :r :

    ReplyDelete
  42. machb me site eke podi aulk tiyenwa balapn poddak,mage mekata awa gaman firefox freeze wela me error eka enwa,script eka nawatthuwama thama hari yanne,mokakda bn me script eka?

    මෙම පිටුවේ ස්ක්‍රිප්ට් එකක් කාර්යබහුලව පවතී, හෝ එය ප්‍රතිචාර දැක්වීම නවතා ඇත. ඔබට ස්ක්‍රිප්ට් එක දැන් නවතා දැමීම හෝ එය සම්පූර්ණ වේ දැයි බැලීමට පවත්වාගෙන යාම කළ හැක.

    ස්ක්‍රිප්ටය: chrome://greasemonkey/content/prefmanager.js:55

    ReplyDelete
  43. මොනා උනත් නියම පූසෙක්... කතාකරල වැඩක් නෑ

    ReplyDelete
  44. ammapa machan kohomada internet eken ehema sms divert karanne,mama inne abroad,mageth kaallage podi seens wagayak dan meter wenawa,apita barida ehema mokakhari karanna,loku help ekak kawruhari kiyala denawanam

    ReplyDelete
  45. ඔකනේ අර අපේ අනාදිමත් කාලයක පටන් පැවත එන කියමනක තියෙන්නේත් " ගෑනු ජාතිය ජරා ජාතිය ගලක් කපලා මරා දාපිය " කියලා :o. නියමයි උපාසක එලමකිරි. :b :d :t

    ReplyDelete
  46. පිස්සු තාරුJanuary 19, 2011 at 11:41 PM

    ඇත්තම කිව්වොත් චංචලා කරපු වැරැද්දට උපාසක කරපු වැඩේ හරි..
    ඒත් නාමල් අයියා බලු පොරක් නිසා ඌට බෙහෙතක් දුන්න නම් තමයි හොඳ..........:h

    ReplyDelete
  47. This comment has been removed by the author.

    ReplyDelete
  48. @බුද්ධික- Thanx yaalu!!
    greasemonkey kiyannenam firefox add-on ekak.. kokatath wadak nathi item kipayakma api ayin kala, thamath ee awla thiyenawada??

    ReplyDelete
  49. @ඉන්දික උපශාන්ත,
    Hasitha ජයසූරිය - ඔව් ඔබ කියන දේත් ඇත්ත තමයි, අපි ඒ පැත්ත ගැනත් හිතන්න ඕනෙ.. උපාසකගෙ උනත් වැරදි තියෙන්න පුලුවනි, මොකද කිසිම අවස්තාවක එක්කෙනෙක් 100% නිවැරදි වෙන්නත් අනිත් කෙනා 100% වැරදි වෙන්නත් බැහැනෙ..
    ඒත් තමන්ගේ පෙම්වතිය/පෙම්වතාගේ අඩුවක් තිබේනම් කල යුත්තේ ඇයට/ඔහුට හොරෙන් වෙනත් සබදතාවක් ගොඩනගා ගැනීමද??

    ReplyDelete
  50. @පිස්සු තාරු- ඇත්ත! උපාසකටත් එහෙම හිතුනලු. ඒත් පස්සෙ කල්පනා කරද්දි, පැත්තක ඉදන් නාමල් චංචලාට ට්‍රයි කොරපු එක ගැනයි, තමන් එක්ක හිටපු චංචලා හොරෙන්ම නාමල් ගාවට ගිය එකයි ගැන හිතපු උපාසක හිතුවලු නාමල් චංචලාට වඩා අහිංසකයි කියල..

    @සාජන්ට් මහත්තයා - හික්ස්!

    @chamath- ලොකු සීන් එකක් නෙවෙයි යාලු, නිදහස් වෙලාවක අපේ මූණු පොතට මැසේජ් එකක් එවපංකෝ..

    @MaRlaN- :b :b

    ReplyDelete
  51. @blog Gadol macho mama pm kare fb eketh :(

    ReplyDelete
  52. එල! මම බලන්නම් මචෝ!!!

    ReplyDelete
  53. උපාසක ගැන ආඩම්බරයි.

    මම ලියපු පෝස්ට් එකකට උපාසක දාපු කමෙන්ට් එකේ බර අද තමයි මගේ හිතට දැනුනේ.

    දුක තමයි මල්ලී ඒත් මමත් හිතන්නේ ඔයා කරපු වැඩේ හරි.

    ReplyDelete
  54. @දුකා- තෑන්ක්ස් දුකා අයියා, මොකක්ද අපේ උපාසක කරපු කොමෙන්ට් එක?

    ReplyDelete
  55. කෙල්ලෝ හැමවෙලේම වැරැද්දක් කරලා බේරෙන්නේ කදුල පෙන්නලා....හැමෝම එහෙම කියන්න බෑ...ඒත් බහුතරය එහෙමයි...කොල්ලෝ ගොඩක් අයගේ හිත උ‍ණුවෙනවා මේ කදුල දැකීමෙන්...ඉතිං කෙල්ලෝ අනිසි ප්‍රයෝජන ගන්නවා.... :h :h :j :j

    ඔව් ඔව් අත්දැකීමෙන් තමයි කිව්වේ.... :S

    ReplyDelete
  56. මේක නම් ටිකක් දුක හිතෙන්න ලියල තියෙනව..

    ReplyDelete
  57. මොනා උනත් මහ කැත වැඩක් තමා චංචලා කරලා තියෙන්නෙ.

    ReplyDelete
  58. This comment has been removed by the author.

    ReplyDelete
  59. මමත් ඔය වගේ චපල කෙනෙක් නම් , මට කාගේ පිළිසරනක්ද?

    ReplyDelete
  60. Oya nam niyamai upasaka ayye.
    But hama ganu lamayama ehema na. Tika denek innava kollo vagema adare venuven pana unath dena. Ehema kenek oyatath hamba venna kiyala man wish karanava.

    ReplyDelete
  61. දැන් කො ඔය චන්චලා

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???