අඹ යාලුවෝ

Monday, January 31, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 6



විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5

ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ පුරුපුරු විදූශා එක්ක ගොඩගිය හැටි. සමහර කට්ටියනං හිතලා තිබුනෙ මේ සීරීස් එක එතනින් ඉවරයි කියලා. ඒත් ඒ සිතුවිල්ල වැරදියි. අපිට සිද්දවෙනවා මේ සීරීස් එක කොටස් 10ක් විතර යනකං කියන්න. ඉතිං අද කොටස කියවන්න කලින් යාලුවො ටික ගිහිල්ලා පරණ කොටස් ටික බලලා එන්නකෝ!

ඉතිං ඔහොම පටන්ගත්ත අපේ පුරුපුරුගෙ ලව් එක, ටික දවසකින් හොඳට නැගලා යන තත්ත්වෙකට පත්වුණා. දැන් ඉතිං දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි ගානට වැඩේ ෆිට් වෙලා තියෙන්නේ. හැබැයි මේ එෆෙයාර් එකට තදින්ම බලපාපු ප්‍රශ්නයකුත් තිබුනා. ඒ තමයි මේ දෙන්නාට නිතර මීට් වෙන්න බැරි වෙච්ච එක.

කලින් ලිපියකත් කිව්වා වගේ විදූශායි පුරුපුරුයි එකම පන්තියකට කියලා ගියෙ උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එකට විතරයි. ඉතිං මේ හේතුව හින්දා අපේ යාලුවො දෙන්නාට හම්බවෙන්න වුණේ සතියකට එක සැරයක් විතරයි. සමහර දවස්වලට විදූශා පන්ති ගිහින් එනකං පුරුපුරු පූස්ගම ටවුන් එකට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම බලගෙන හිටියත් කලාතුරකින් දවසක තමයි අපේ පූසාට විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ. මොකද විදූශාගෙ මල්ලිත් ඔය වෙලාවට ටවුන් එකේ සැරිසරනවා. ඉතිං කතා කරන්න ගිහින් වැඩේ ගෙවල් වලට ලීක් වුණොත් වෙන වැඩේ දන්න නිසා, මල්ලි ටවුන් එකේ ඉන්න දවස් වලට පුරුපුරු විදූශා එක්ක කතා කරන්න යන්නෙ නෑ. මෑන්ස් ඒ වෙලාවට කරන්නෙ ඈත ඉඳලා විදූශාට අත වනන එක.

සතියට එක පාරක් මීට් වෙන වැඩෙත් එච්චර ප්‍රතිඵලදායක නෑ. මොකද උදේ බස් එක ඇතුලෙ පැයයි, හවස බස් එක ඇතුලෙ පැයයි, ක්ලාස් ඉන්ටර්වල් එකේ විනාඩි දහයකුයි විතරයි මේ දෙන්නාට කතා බහ කරන්න තියෙන්නෙ. ඉතිං ඒ කතා කරන වෙලාවෙනුත් බාගෙකට වඩා යන්නෙ වටපිටාවෙ අදුරන මිනිස්සු ඉන්නවද කියලා බලන්න. කොහොමහරි ඉතිං හොරෙන් හොරෙන් කරගෙන ගිය මේ ආදර සම්බන්දෙට නොදැනීම මාස දෙකක් විතර ගෙවුනලු.

දැන් ඉතිං මේ වෙද්දි පෙබරවාරි මාසෙත් උදාවෙලා. දන්නවනෙ ඉතිං, පෙබරවාරි කියන්නෙ පෙම්වතුන්ගෙ මාසෙ නොවැ! කට්ටිය ඉතිං ලහි ලහියේ ලෑස්ති වෙනවා අර අහවල් දවසට. ඒ කිව්වෙ වැලන්ටයින් දිනයට. ඒ වෙද්දි ගොඩගිහින් හිටපු කොල්ලො හැමෝම ප්ලෑන් කර කර හිටියෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැලන්ටයින්ස් ඩේ එකට මොනවද අරන් දෙන්නෙ කියලා. ඉස්සාත් ඉතිං මේ වෙද්දි තිලංකාට මොනවාහරි ප්‍රසන්ට් එකක් ගන්න හොද කඩයක් හොය හොයා හිටියේ. මෑන්ස් ඉතිං පුරුපුරුටත් කතා කළාලු ගම්පහ පොඩි ෂොපින් පාරක් දාන්න එන්න කියලා.

තමන් සෙලිබ්‍රේට් කරන පළවෙනි වැලන්ටයින් දිනය වෙනුවෙන් විදූශාට හොඳ ප්‍රසන්ට් එකක් ගන්න මේ වෙද්දි පුරුපුරුටත් ලොකු ඕනෙකමක් තිබුනා. හැබැයි මේ වැඩේට හරහට හිටියේ සල්ලි තමයි. මේ වෙද්දි අපේ පූසා අතේ සතේ නැති හිඟන පූසෙක් වෙලයි හිටියේ. මොකද ඉස්සර හොස්ටල් හිටපු දවස්වල වගේ නෙවෙ‍යි, දැන් මොන වැඩේ කරන්න සල්ලි ඉල්ලන්න ගියත් ගෙදරින් සල්ලි දෙන්නෙ ගානටමලු. ඉතිං ඒ හින්දා සල්ලි කීයක්වත් පුරුපුරුගෙ අතේ ඉතුරුවුණේ නෑ. ඒ මදිවට ඔය දවස්වල අනිත් පූසො තුන්දෙනත් ෆුල් හන්ටර් වෙලා හිටියෙ. ඉතිං යාලුවන්ට කරදර කරන්නත් අපේ පුරුපුරු කැමති වුණේ නෑ.

අන්තිමට පුරුපුරු ඉස්සාට පණිවිඩයක් යැව්වලු තමන්ට මේ ෂොපින් චාරිකාවට එන්න වෙන්නෙ නෑ කියලා. ඉතිං ඉස්සාට වුණේ තනියම ගම්පහ කඩ ගානෙ ඇවිදින්න. හැබැයි ඉතිං මෑන්ස් අන්තිමට ගොඩක් වටින තෑග්ගක් තිලංකා වෙනුවෙන් අරගෙන තිබුනා. කොහොමහරි පෙබරවාරි 13 වෙනිදා වෙනකොටත් පුරුපුරුට පුලුවන් වුණේ නෑ විදූශා වෙනුවෙන් ප්‍රසන්ට් එකක් ගන්න. ඒත් ඉතිං එහෙම ඉදලාත් බෑ නොවැ! පහුවෙනිදාට අනිවාර්යයෙන්ම විදූශාට මොනවාහරි දෙන්න ඕනෙ. විශේෂයෙන්ම ඉස්සා තිලංකාට අර තෑග්ග දෙනකොට පුරුපුරුට බෑනෙ විදූශාට මොනවත් නොදී ඉන්න.

අපේ පූසන්ගෙ ඉස්සර ඉඳලා තියෙන විනෝදාංශයක් තමයි සෙට් එකේ කට්ටියගෙ ගෙවල් වල යන එක. ඉතිං පෙබරවාරි 13 වෙනිදා කට්ටිය කතා වුණාලු මාලුකට්ටාගෙ ගෙදර, ඒ කියන්නෙ දේවගම, සංචාරයක් දාමුයි කියලා. පුරුපුරුගෙ ප්ලෑන් එක වුණේ මාලුකට්ටාගෙ ගෙදර ගිහින් එන ගමන්, පූස්ගම ටවුන් එකෙන් අතේ සල්ලි තියෙන හැටියට විදූශාට පොඩි ප්‍රසන්ට් එකක් ගන්න. කොහොමහරි ඉතිං පුරුපුරුයි, උපාසකයි, ඤාව්වායි උදේම පූස්ගමට ඇවිල්ලා දේවගම බස් එකකට නැග්ගලු. දේවගමට යන්න තියෙන එකම බස් එක තමයි පූස්ගම-දේවගම බස් එක. ඒ බසුත් තියෙන්නෙ පැයකට සැරයයි. ඉතිං උදේම බස් එකක් අල්ලගත්තාම තමයි ඉක්මනට මාලුකට්ටාගෙ ගෙදරට යන්න පුලුවන් වෙන්නෙ.

කොහොමහරි ඉතිං දේවගම බස් එක කොට කොටා ගිහින් අන්තිමට ගඟ අයිනෙ නැවැත්තුවලු. දේවගමට බස් ස්ටෑන්ඩ් එකක් තියා හදපු බස් හෝල්ට් එකක්වත් නෑ. ගමටම තියෙන්නෙ එක කඩයයි. ඉතිං බස් එකෙන් බැහැපු පූසො කට්ටිය කැලේ හරහා අපේ මාලුකට්ටාගෙ ගේ දිහාවට ගියාලු. ඔය ජුරාසික් පාක් චිත්‍රපටිය බලපු කට්ටියටනං ඒ වගේ පරිසරයක් හිතේ මවා ගත්තාම දේවගම ගැන රෆ් අයිඩියා එකක් ගන්න පුලුවන්.

එදා මාලුකට්ටාගෙ ගෙදර හිටියෙ මෑන්ස් විතරයි. ඉතිං අපේ යාලුවො කට්ටිය වටපිටාවෙ පොඩි සෆාරි එකක් එහෙම දාලා, ෆිල්ම් එකක් එහෙම බලලා ෆන් එකේ ඉන්නවලු. ඔය අතරෙ තමයි අපේ පුරුපුරුට අමුතු දර්ශනයක් මීටර් වුණේ. බැලින්නං මාලුකට්ටාගෙ ගෙදර සාලෙ මැද්දට අලුත් මල් වාස් එකක් ඇවිත්. වාස් එකේ පුරවලා තියෙන්නෙ රතු පාට කෘත්‍රිම රෝස මල්. දැන් ඉතිං කියන්න දෙයක් නෑනෙ මේ මල් ටික දැකලා පුරුපුරුට හිතුනෙ මොකද්ද කියලා. විදූශාට ප්‍රසන්ට් එකක් දෙන්න සල්ලි නැතුව වේලි වේලි හිටපු අපේ පුසාට මේ මල් දැක්කට පස්සෙ ඇතිවුණේ වතුර ටිකක් වැටුන කාන්තාරෙකට වගේ හැඟීමක්.

ඇත්තටම මේ රෝස මල් ටික මාරම මාර ලස්සනයි. ගහෙන් කැඩුවා වගේ. ඉතිං පුරුපුරු තීරණය කළාලු පහුවදාට මෙතනින් එකක් විදූශාට තෑගි කරන්න.

පුරුපුරු :- ඈ බං මාලුවො, අලුත් මල් වාස් එකක් ඇවිත් තියෙන්නෙ සාලෙට?

මාලුකට්ටා :- ඔව් බං! අපේ අම්මා ඊයෙ ගෙනාවෙ. පට්ට ගනං කියන්නෙ.

පුරුපුරු :- එහෙමද? විදූශාට දෙන්නනං කියාපු මල් ටික

මාලුකට්ටා :- පිස්සුද බං? අපේ අම්මා මාව මරාගෙන කයි.

පුරුපුරු :- හරි බං! මම එකයි ගන්නෙ. කොහොමත් අම්මාට ඕක මීටර් වෙන්න සති දෙක තුනක් යයිනෙ. ඒ වෙද්දි මම මේ ජාතියෙ මලක් ගෙනත් තියන්නං.

මාලුකට්ටා :- හ්ම් හ්ම්.. මොනවා කරන්නද ඉතිං? හැබැයි පුතෝ ඔන්න අනිවා ගෙනෙන් හොඳද? නැත්තං මට මෙහෙ ඉන්න හම්බවෙන්නෙ නෑ‍.

අන්තිමට ඉතිං පුරුපුරුට පුලුවන් වුණාලු මාලුකට්ටාගෙ ගෙදරින් රෝස මලක් පන්නන්න. ඒ එක්කම අතේ තිබුන සල්ලි වලින් විදූශාට චොක්ලට් එකක් ගන්නත් පුරුපුරු අමතක කළේ නෑ. පහුවදා, ඒ කියන්නෙ වැලන්ටයින් දවස, බයෝ ක්ලාස් එක තිබුන දවසක්. ඉතිං අපේ පුරුපුරුත් උදේ පාන්දරම, වීරයා වගේ රෝස මලයි, චොක්ලට් එකයි අරගෙන ගියාලු විදූශාට දෙන්න. මෑන්ස් යනකොටත් විදූශා බස්ටෑන්ඩ් එකට වෙලා බලාගෙන ඉන්නවලු. ඊටපස්සෙ ඉතිං දෙන්නා කළේ ගම්පහ බස් එකක නැගලා පිටත් වෙච්ච එක.

ඔහොම කතා කර කර යන ගමන් පුරුපුරු තමන්ගෙ ප්‍රසන්ට් එක විදූශාට දුන්නලු. ඒක දැකලා විදූශාට ගොඩක් සතුටුයි.

" අනේ! ලස්සන රෝස මලක් "
" කොහෙන්ද ගත්තෙ අනේ, කියන්නකො, රන්ජන් ලංකා එකෙන්ද? "
" සෑහෙන ගානක් වෙන්න ඇති නේද? "

මේ වගේ ටෝක්ස් ගොඩයි.

" මෙන්න මගෙන් ඔයාටත් ප්‍රසන්ට් එකක්. මේක වැලන්ටයින්ස් ඩේ එකයි, ඔයාගෙ බර්ත්ඩේ එකයි දෙකම වෙනුවෙන් "

බැලින්නං විදූශාත් ප්‍රසන්ට් එකක් ගෙනත් පුරුපුරුට. මෑන්ස් හිතුවේ මේ ප්‍රසන්ට් එක ඊළග සතියෙදි හම්බවෙයි කියලා. මොකද පුරුපුරුගෙ බර්ත්ඩේ එක තියෙන්නෙ වැලන්ටයින් දිනය පහුවෙලා දවස් කීපෙකින්. කොහොමහරි ක්ලාස් එකට ගිහින් ප්‍රසන්ට් එක කඩලා බැලින්නං මෙන්න බොලේ තඩි පර්ෆියුම් බෝතලයක් තියෙනවලු ඒක ඇතුලෙ. මතක විදිහට ප්‍රෝ ස්පෝර්ට් එකක්ද කොහෙද. ඉතිං මේක දැකපු අපේ පූසාට ඇතිවුණේ වචනයෙන් කියන්න බැරි සතුටක්.

කොහොමහරි ක්ලාස් එක ඉවරවෙලා තිලංකාව හම්බවුණු ඉස්සා, මෑන්ස් මිලට ගත්තු වටිනා තෑග්ග තිලංකාට දීලා තිබුනා. බැලින්නං ඒක වටිනා ආභරණයක්ලු. ඒ ගැන අහපුවාමනං පුරුපුරුට ඇතිවුණේ ලැජ්ජාවක්. ඒත් ඉතිං පුරුපුරු කියන්නෙ ඉස්සා වගේ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයිනෙ. අනික උන්නු හැටියට මේ දීපු තෑග්ගත් කොච්චරනං හොඳයිද? මෙහෙම හිතලා අපේ පූසා හිත හදාගත්තලු.

ඊටත් පස්සෙ අවාසනාවන්තම සිද්දිය වුණේ අපේ මාලුකට්ටාට. මොකද මෑන්ස්ගෙ අම්මාට පහුවදාම මීටර් වෙලා තියෙනවා මල් වාස් එකේ එක මලක් අඩුයි කියලා. ඉතිං මාලුකට්ටා ක්ලාස් ඉවරවෙලා ගෙදර එද්දිම අම්මා මග බලාගෙන ඉදලා තියෙන්නෙ මෑන්ස්ට බනින්න. හැබැයි ඉතිං මාලුකට්ටා මොළේ කල්පනා කරලා සිද්දිය ශේප් කරගෙන තිබුනා. ඒක හින්දා වැඩේ එච්චර දුරදිග ගියෙ නෑ.

10 comments:

  1. දැන්නම් ඊළඟ කොටස එනකල් ඉන්නම වෙනවා....

    ReplyDelete
  2. වෙයිටින්ග්.........ඔක්කොම ටික කියෙව්වා...අපරාදේ...මේ කොටස් ඔක්කොම ලියලා ඉවර උනු දවසට කියෙව්ව නම් ඉවරයි....බලන් ඉන්න බෑ හත් ඉලව්වේ

    ReplyDelete
  3. පුරුපුටු ගෙත් මොළේ තමයි මොළේ.
    එළ එළ ඉක්මනින්ම අනිත් පොස්ට් 1ත් දැම්මනම්

    ReplyDelete
  4. බොලේ පුරුපුරු අනුන්ගෙ පහනෙන් නේද එලිය බලල තියෙන්නෙ.

    නවම් මාවත [ඇනෝ එන්නයි අද මට උනේ]

    ReplyDelete
  5. සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරල අරන් දෙන පුංචි තෑග්ගක වටිනාකම මිල කරන්න පුලුවන්ද

    ReplyDelete
  6. දැං පුරුපුරු අර වගේ මලක් රිටන් කලාද?

    ReplyDelete
  7. "රංජන් ලංකා" කිව්වෙ අර ස්ටේෂන් එකට හැරෙන තැන වම් පැත්තෙ තියන බිල්ඩින් එක නේද??

    ඈ බං උඹ රුපියල් පණහක් නැති තත්වෙට පත් උනාද...:( කොහොම හරි වැඩේ ගොඩ දා ගත්තනෙ නේ බං.අඩෝ මේ පෝස්ට් එක දැක්කාමයි මතක් උනේ..වැලන්ටයිනුත් එනව නේ බං.කා එක්ක සමරන්නද..:(

    ReplyDelete
  8. පොඩි ප්රෙසෙන්ට් එකක් දීලා, ලොකු ප්රෙසෙන්ට් එකක් ලබන්න පුසාට වාසනාව තිබුනා එහෙනං

    ReplyDelete
  9. ආදරේ කරනවා කියන්නේ බලං ගියහම සිල් පද පහම කැඩෙන වැඩක් නේද.....

    මට පෝස්ට් එකනම් මතක නෑ...ඒත් අපේ මේ පිස්සා ඕකට පට්ට පෝස්ට් එකක් දාලා තිබ්බා....පොඩ්ඩනක් හොයලා බලන්නකෝ....හික් හික්

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???