අඹ යාලුවෝ

Thursday, January 27, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 5


අද අපි ලිපි දෙකක් එකට දැම්ම හින්දා ඔයාලාට ගොඩක් වෙලාවට කලින් ලිපිය කියවන්න බැරිවෙන්න ඇති යාලුවනේ. ඉතිං පුරුපුරු බයෝ ක්ලාස් එකේදි විදූශාව හම්බවෙච්ච හැටි කියවන්න පහළ ලින්ක් එකෙන් යන්න.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4

ඉස්සායි, තිලංකායි අත් අල්ලගෙන කතා කර කර ඉස්සරහින් ඇවිදගෙන ගියා. පුරුපුරුට ඉතිං තවම එහෙම චාන්ස් එකක් නෑ නොවැ! මෑන්ස් ඉතිං නිකම්ම විදූශා එක්ක කතා කර කර පිටිපස්සෙන් ගියා. සෙට් එකේ හිටපු අනිත් ගෑනු ළමයා, එතෙන්ට ආපු එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක වෙන කොහෙද යන්න ගියා. ඒ ගෑනු ළමයාවත්, කොල්ලාවත් පුරුපුරු කලින් දැකලා පුරුදු කට්ටිය නෙවෙයි. පස්සෙ තමයි දැනගත්තෙ ඒ ගෑනු ළමයගෙ නම "රොෂානි" කියලා.

පුරුපුරු :- ඉතිං කොහොමද විදූශා?

විදූශා :- වරදක් නෑ පුරුපුරු. ඔයාට කොහොමද?

පුරුපුරු :- මටනං ඉතිං කියන්න තරම් හොදක් නෑ. මට මේ දවස්වල හරියට නින්ද යන්නෙත් නෑ. ඔයාගෙන් එදා අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනකං මට ඒ වගේ තමයි ඉන්න වෙන්නේ.

විදූශා :- (සිනාසී) ඇයි ඔයා මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවෙ? ඔයාට කොළඹ ඉස්කෝලෙක ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙන්න තිබුනනෙ

පුරුපුරු :- (සිනාසී) මගෙ හිත ගියෙ ඔයාට. ඒකයි. ඉතිං ඔයා මොකද කියන්නෙ?

විදූශා :- මම කවදාවත් කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉදලා නෑ. මට මේක අලුත් අත්දැකීමක්. මට තව ටිකක් හිතන්න ඕනෙ. මම ඔයාට ලබන සතියෙ කියන්නද?

පුරුපුරු :- (සිනාසී) අයියෝ, මම මේ සති දෙක හිටියෙත් ගොඩක් දුක් විද විද. ඔයාට බැරිද ඊට කලින් මට උත්තරයක් දෙන්න

මේ වෙද්දිනං පුරුපුරුට හිතිලා තිබුනෙ විදූශා ෂුවර් එකට තමන්ට හොඳ උත්තරයක් දෙයි කියලා.

විදූශා :- හොදයි, මේ දවස්වල අපේ ඉස්කෝලෙ ඕල්ඩ් ගර්ල්ස් ඇසෝසියේෂන් එකෙන් කානිවල් එකක් තියනවා. මමයි, තිලංකායි, රොෂානියිත් අනිද්දට ඒක බලන්න යන්නයි ඉන්නෙ. ඔයත් එන්න අපිත් එක්ක.

පුරුපුරු :- ඉතිං ඔයා අනිද්දට උත්තරයක් දෙනවද?

විදූශා :- (සිනාසී) බලමුකො

පුරුපුරු :- මමත් හිතනවා ඔය මට හොද උත්තරයක් දෙයි කියලා.

මේ වෙද්දි පුරුපුරුයි, විදූශායි කතා කර කර ඇවිත් ගම්පහ - පූස්ගම බස් එකකටත් නැගලා. ඉතිං ගම්පහ ඉදලා පූස්ගමට යනකං තව පැයක් මේ දෙන්නාට පුලුවන් වුණාලු කතා කර කර යන්න. අනිද්දා කොහොමද මීට් වෙන්නෙ කියලත් දෙන්නා කතා වුණාලු. කොහොමහරි පූස්ගමදි බස් එකෙන් බහිනකොට පුරුපුරු ෆුල් ෂුවර් එකෙන් තමයි හිටියේ වැඩේ හරි කියලා.

ඉතිං ඊට දවස් දෙකකට පස්සෙ උදේ, කලින් කතා කරගත්ත විදිහටම පුරුපුරු විදූශා ඇතුලු තුන් යෙහෙළියන්ව මීට් වුණාලු. ඒ පූස්ගම බස්ටෑන්ඩ් එකේදි. පුරුපුරු එද්දිත් ගෑනු ළමයි කට්ටියයි, රොෂානිගෙ බෝයි ෆ්‍රෙන්ඩුයිත් එතනට ඇවිල්ලයි හිටියේ. ඊටපස්සෙ ඉතිං අපේ යාලුවො කට්ටිය කළේ ගම්පහ බස් එකේ නැගලා රත්තිවල්ලි බාලිකාවට යන්න පිටත් වෙච්ච එක.

කට්ටිය ඉස්කෝලෙ ළගින් බහිනකොට ඉස්සාත් එතෙන්ට ඇවිත් හිටියා. දැන් කොල්ලො තුන් දෙනායි, කෙල්ලො තුන් දෙනායි හරි. ඊටපස්සෙ කට්ටිය කළේ කපල් හැදිලා කානිවල් එක බලන්න ගිය එක. ඇත්තටම ඒක කානිවල් එකක් කිව්වාට මොකද්ද වෙළද ප්‍රදර්ශනයක්. පට්ටම පට්ට බෝරින්. ඒත් ඉතිං අපේ පූසා මේ ගමන ආවෙ කානිවල් බලන්නයැ නේද? ඒක හින්දා පුරුපුරුත් ඉතිං සද්ද නැතුව හිටියලු.

ටික වෙලාවකින් විදූශායි පුරුපුරුයි ආවෙ අයිස්ක්‍රීම් විකුණන්න තිබුනු වාහනයක් ළගට. මේ දවස්වල පුරුපුරු ෆුල් හිගන්නා වෙලා හිටියෙ. හොස්ටල් හිටපු කාලෙනං සතියටම ඇතිවෙන්න ගෙදරින් දෙන නිසා අතේ සල්ලි ටිකක් ගැවසුනා. දැන් ඉතිං සල්ලි හම්බවෙන්නෙ එදිනෙදා වියදමට. මොනවා කරන්නද? කුම්බලා මාලු කෑවට පස්සෙ ඕනෙ පූසෙක් විදවන්න ඕනෙ නොවැ! ඉතිං පුරුපුරුත් පර්ස් එක හූරලා සල්ලි ටිකක් හොයාගෙන අයිස් ක්‍රීම් දෙකක් ගත්තලු මෑන්ස්ටයි විදූශාටයි. දැන් දෙන්නා අයිස්ක්‍රීම් කන ගමන් කතාව.

පුරුපුරු :- ඉතිං විදූශා, ඔයා මොකද්ද අර මම අහපු එක ගැන කියන්නෙ?

විදූශා :- ඔයාට අදම දැනගන්න ඕනෙද?

පුරුපුරු :- ඇයි ඔයා පෙරේදා කිව්වෙ අද මට උත්තරයක් දෙනවයි කියලා?

විදූශා :- ම්ම්ම්...මම ඊයෙ මේ ගැන හිතලා බලලා තීරණයක් ගත්තා

පුරුපුරු :- මොකද්ද?

දැන්නං අපේ පූසාගෙ හාට් එක පපුව ඇතුලේ ඉදලා බේස් ඩ්‍රම් ගහනවා.

විදූශා :- ම්ම්...මම ඔයා අහපු දේට අකමැත්තක් නෑ පුරුපුරු

පුරුපුරු :- (සිනාසී) අකමැත්තක් නෑ? ඒ කිව්වෙ කැමැත්තකුත් නෑ කියලද?

විදූශා :- (සිනාසී) නැහැ අනේ! මම ඔයාට කැමතියි.

ඒ වෙලාව තමන්ට දැනිච්ච සතුට විස්තර කරන්න පුරුපුරුට වචන හොයාගන්න බැරිවුණා. ඇත්තටම මෑන්ස්ට විනාඩියක් විතර යනකං මොනවත් කතාකරගන්න බැරිවුණා.

විදූශා :- (සිනාසී) ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ? ඔයා බලාපොරොත්තු වෙච්ච උත්තරේ මේක නේද?

පුරුපුරු :- (සිනාසී) ඔව් ඔව්!! මට කියන්න දෙයක් හිතාගන්න බැහැ විදූශා. ඒකයි.

ඉතිං එදා ගෙදර යන්න කලින් පුරුපුරු මේ සුභ ආරංචිය ඉස්සාට කිව්වලු. ඒ වගේම ගෙදර ගිය ගමන්ම මෑන්ස් කළේ අනිත් පූසන්ට සිද්දිය දැනුම් දුන්න එක. කොහොමහරි පහුවදා පුරුපුරු ගානෙ පූසො සෙට් එකට ෆ්‍රයිඩ් රයිස් අරන් දෙන්නත් කට්ටිය කතා වුණාලු. ඔන්න ඔහොමයි අපේ පූසන්ගෙන් කෙනෙක් මුලින්ම ප්‍රේම-පූස්-වන්තයෙක් වුණේ. ඉතිං පුරුපුරු ගොඩ ගිය ආරංචිය මුලු පූස්ගමම පැතිරිලා ගියෙ විදුලි වේගෙන්‍.

38 comments:

  1. ඒක නෙමෙයි පූස් ලොක්ක , මම මේ අහන්නමයි හිටියේ , ඔය රත්තිවල්ලි බාලිකාව කිව්වෙ රත්නාවලී බාලිකාවටද ?

    එහෙනම් එයත් ගොඩ :D , තව කව්ද ඉතුරූ ??

    අර පොඩි මූනූ ටික නැතුවනම් හරිම පාඩුයි

    ReplyDelete
  2. මට නිකං මැවිලා පේනවා පූසා ෆුල් එක්සයිට් වෙලා විදූශා වටේ නැට්ට අල්ලන්න කැරකෙන හැටි.
    මොනවා උනත් එල කතාව

    ReplyDelete
  3. එළ එළ එහෙනම් පුරු පුරු ගොඩ ගියා...:b
    ඕං අද තමයි ටයිටල් එකයි කතන්දරෙයි අතර තියෙන මෙව්වා එක තේරුනේ... :)

    ReplyDelete
  4. පුරුපුරුට ජයවේවා!!!!...හේ..හේ පුසන්ගේ කතාවේ ලස්සනම දවසක්...

    ReplyDelete
  5. ela ela.. jayawewa!!!
    awrudu keeyakatada vidusha kamathi une? (chanchala kamathi uneth awrudu 4kata witharane.. hehe..)

    ReplyDelete
  6. පුසාට ජය වේවා! නියම කතාව...

    දැන් මේක වෙලා ටික කාලයක් ඇතිනේ, තාමත් පුසයි, පුසගේ පුසියි කිසිම අතුරු ඉන්තරාවක් නැතිව හොදින් ඉන්නවද?

    ReplyDelete
  7. අඩේ පට්ටයි බං.මට ආයෙ 12 වසරට දුවන්න හිතුනා.
    මටත් කෙල්ලො දෙතුන්දෙනෙක්ම "බලමුකො" කියන වචනෙ තමා ඉස්සෙරවෙලාම කිව්වෙ.අම්මෝ......හිතේ ඇතිවෙන සං‍තෝෂෙ..........බලමුකො කිව්වනම් ඉතිං ගොඩම තමා බඩු හරි...එල,එල.....
    :t

    ReplyDelete
  8. අඩේ එකපාර කතා දෙකක් දාලා නේ :S
    පුරුපුරුට ජයවේවා!!!!...හේ..හේ පුසන්ගේ කතාවේ ලස්සනම දවසක්.

    ReplyDelete
  9. අඩෝ මම ඉදල ඉදල ගොඩ වැදුනු එක ග්න ෆුල් සැට. නැත්තම් ඉතින් අනේ ඊලඟ එක දාපිය කියල පූස් මාලු කකා තමා ඉන්න වෙන්නේ.. හික් හික්..

    කොමෙන්ට් දදා හිටියේ නැහ මලේ සැට් එකම ඇද්ද ඔක්කොම වැඩ තියල.. උපරිමෙට ලියල නිකන් මැවෙනව සීන් ටික.

    යකෝ අර සති 2 උබ උන්න හැටි හිතා ගත හැකි. අපොයි නික්න කන්නත් නැහ නිදන්නත් බැහ නිකන් හීනයක් වගේ නේ හික් හික්..

    කල්පනා කරල කියන්නම්... හික් හික් ඒ කියන්නෙ ගොඩ කියන එක නේ බන් ඒ කාලේ. අඩෝ පට්ටම සීරිස් එක... ඔන්න කොටස් 5 ම ඇද්ද. පරක්කු වෙලා ගොඩ වැදුනට අවුලක් නැහ..

    ReplyDelete
  10. හික් හික් පුරු පුරු එකපාරටම සිහින ලොවකට යන්න ඇති.. :e :e :m
    මමත් ඔක්කොම කොටස් ටික කියෙව්වා එක පාරම :b :b

    ReplyDelete
  11. අම්මෝ සතුටුයි සතුටුයි..

    ReplyDelete
  12. ඉතින් ඊට පස්සේ මොකෑ උනේ??????

    ReplyDelete
  13. කතාව ඉවර නැතිද??
    සුභ දවසක්..:b :b

    ReplyDelete
  14. ela ela... puru puru dinna..... :m :0 :0

    ReplyDelete
  15. එල එල පුරු පුරුට සුභ පැතුම්.

    ReplyDelete
  16. මමත් ඉස්ස ඉස්සෙල්ලම කෙල්ලක්ගෙන් ඇහුවෙ බස් එකේදි. කෙල්ලගෙ යාලුවො මගෙන් පාර්ටි ඉල්ල ඉල්ල හිටිය නිසා මම හිතුවෙ වැඩේ ගොඩ කියල. අන්තිමට අහල බැලුවම වැඩේ අල

    ReplyDelete
  17. මටත් හරි සතු‍ටුයි පුරුපුරු ගොඩ ගිය එක ගැන. මට හිතාගන්න පුලුවන් පුරුපුරුට මොනාද ඒ වෙලාවේ හිතුනේ කියලා. අම්මෝ ඒ වෙලාවට බිත්තරයක් උනත් බැද ගන්න පුලුවන් බඩ උඩ තියලා. ඒ තරම් බොක්ක රත් වෙනවා.....D

    ReplyDelete
  18. ඇති යන්තං කොල්ලා ගොඩ ගිහින්...

    ReplyDelete
  19. අප්පේ යංතං ඒ වැඩෙත් ගොඩ ද කොහෙද?
    මටනං මැවිල පේනව පුරු පුරුගෙ අතේ තිබිච්ච අයිස්ක්‍රීම් එක උණුවෙලා බිමට වැක්කෙරෙනව. :g

    ReplyDelete
  20. ඇති යාන්තං එකෙක් ගොඩ ගියා. ඌට එදා එහෙනං කානිවල් දෙකයි

    ReplyDelete
  21. අම්මෝ යන්තන් ඇති පූසා ගොඩ :t

    ReplyDelete
  22. මට හිතුන පුරු පුරු ගානකොට වැඩේ හරි තමයි කියලා. එතකොට පූසෝ විතරක් ෆ්‍රයිඩ් රයිස් කෑවහම ඇතිද ? අපි ඔටුවොද ?

    ReplyDelete
  23. මැක්සා කතන්දරේ... පූසන්ට ජය වේවා...

    හැබැයි තව කතන්දර නම් ඕනේ....

    ReplyDelete
  24. අඩෙහ්..මරු ... එක දිගටම පහම කියොගෙන ගියා.... මරු මරු.. සුපර් පුසෝ ටික.. ඉතුරු ටිකත් ඉක්මනට දාමු.. :o

    ReplyDelete
  25. ඒ ලෙවල් කරන්න ගිය පූසෝ 2 - රොබට් ලියනගම
    ඉහත සඳහන් පොස්ට් එක කියවනකොට මතක් වුනු ප්‍රස්නයක් අහන්න තියෙනවා,මීට දශක හතරකට විතර ඉස්සර ගම්පහ පන්තියකට ගීයා "ජෝර්ජ් සර්" කියල එක්කෙනෙකුගේ, ඒ දවස් වල අපි කියන්නේ "කිරි ජෝජ" කියල මොකද පොර හොඳට සුදු හම තියෙන කෙනෙක්. අවරුදු හතර පහකට ඉස්සෙල්ලත් ගම්පහ ගීය වෙලාවක පොර මුණගැහුන විතරක් නෙමේ පොර ටක් ගාල මාව අඳුරගත්ත. මට ආරංචි වුන කාලෙක මෑන් ගම්පහ නගර සභා මන්ත්‍රී කෙනෙක් වෙලත් හිටිය කියල.
    ප්‍රශ්නේ මේකය්, එය තාමත් ගම්පහ හරි කොහේ හරි පන්ති කරනවද? ඉස්සර නම් කලේ උසාවි පාරේ.

    ReplyDelete
  26. තවම විදුෂ පොස්ට් එකක්වත් කියවන්න ලැබුනේ නැහැ, සෙට් එකම කියවල උත්තර බඳින්නම්.

    ReplyDelete
  27. පුරූවා ගොඩ .....හැබැයි ඌටත් උපාසකට වෙච්ච වැඩේ වේවිද කියලයි බය ..නෑ පුරුවා ලක්කාරයා ..

    ජය වේවා !! බිලාලයෝ !! ජය වේවා !!

    ReplyDelete
  28. @DarKneT | ඉෂාර - ඔව් යාලු ඒකට තමයි..
    හික්ස්! ඔන්න මූණු ටිකත් හරිලු...

    @boralu - ස්තූතියි මචෝ!! :b

    @පුතා - :a :d

    @ItalyDilan - තෑන්කූ වේවා!!

    ReplyDelete
  29. @හා පැටික්කි (MS) - ඉතින් ඊට පස්සේ..... :a :a

    @priyantha.ඒබී - තව තියෙනව සහෝ..

    @Danuska - අනිවා!! :b :b

    @කසුන් නදීශන - තෑන්ක්ස් මචෝ!

    ReplyDelete
  30. @රංග - මගේ ලෝකය - අයියෝ.. මචෝ ඔය වෙලාවට තමයි කියන්න ඕනෙ "තෑන්ක්ස් නංගි මාව පාර්ටියෙන් බේරගත්තට" කියලා.. හික්ස්! :q

    @හසිත මදුශංක - ඒක ඇත්ත සහෝ!!

    @prasanna86k - :b :b

    @Praසන්ன - හී හී!! :f

    ReplyDelete
  31. තව තියනවාද? :j බයේ බෑ :n

    ReplyDelete
  32. ජය වේවා!!!

    ReplyDelete
  33. :m පුරු පුරු ගොඩ... හුරේ..............!!!

    ReplyDelete
  34. මේ කතා සෙට් එක වෙනම කියවන්න ඔනේ හින්දා, [ නිවාඩු පාඩු අරන්..... ] මේ දැන් තමයි කියවලා ඉවර උනේ ඕන් .........

    ReplyDelete
  35. @පූසා - තව තියෙනවා.. තව තියෙනවා.... :c

    @සංජු - :c :c

    @වැප් - එලාස්!! :b :b

    @කොඩී - :b

    ReplyDelete
  36. @දුමී - දවසක සෙට් වෙලාම පොඩි රයිස් එකකට වග කියමුකො අයියා!! දන්නවනෙ පූසො ඕන වෙලාවක කෑමට රෙඩී....හික්ස්

    @nawammawatha - අනිවා!

    @හිස් අහස - බලමුකො යාලු.. කොච්චර දේවල් වෙන්න පුලුවන්ද.. ;)

    @BOTTA (බොට්ටා) - අනිවා... දිගටම ලියනව සහෝ!!

    ReplyDelete
  37. @Observer - සර් ගැනනම් දන්නව ඒත් දැන් විස්තරනම් මුකුත් දන්නෙ නෑ යාලු.. හොයල බලන්නම්කෝ!!

    ReplyDelete
  38. ජය මංගලම් පුස් තඩියෝ....හික් හික් හික් :e

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???