අඹ යාලුවෝ

Thursday, January 27, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 4 (බයෝ ක්ලාස් එක)


විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3

ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙනුත් කිව්වා වගේ, පුරුපුරුට විදූශාගෙන් යාලුවෙන්න අහලා හරිහමන් උත්තරයක් ලැබුනෙ නෑ නොවැ! ඒ මදිවට මෑන්ස්ට විදූශාව කන්ටෑක්ට් කරන්න විදිහක් තිබුනෙත් නෑ. ඉතිං විදිහට අපේ පූසාට විදූශාව ආපහු හම්බවෙන්න නියමිත වෙලා තිබුනෙ ඊට සති දෙකකට පස්සෙ පටන්ගන්න ආචාර්ය උපුල්ගෙ බයෝ ක්ලාස් එකේදිලු.

දැන් ඉතිං අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මේ සති දෙක පුරුපුරු ගතකළේ කොහොමද කියලා. කොටින්ම මෑන්ස් මේ දවස්ටිකේ හරියට කෑම කන්නවත් බැරුව, නින්ද යන්නෙත් නැතුව, සෙල්ලම් කරන්නත් බැරුව, බලාගත්ත අතේ බලාගෙන, කල්පනා කර කර තමයි හිටියෙ.එදා විදූශා පොසිටිව් උත්තරයක් දුන්නාට කියන්න බෑනෙ, සති දෙකක් ඇතුලත ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්.

කොහොමහරි ඉතිං ඔය විදිහට කාලෙ ගතවෙලා, පුරුපුරු බලාපොරොත්තුවෙන් හිටපු දවස - ඒ කියන්නෙ උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවස - අන්තිමේදි උදාවුණාලු. අපේ පූසාගෙ බලාපොරොත්තුව වුණේ උදේ පාන්දරම පූස්ගම බස්ටෑන්ඩ් එකට ගිහින්, විදූශා එක්කම ගම්පහ බස් එකේ යන්න. ඒත් බස්ටෑන්ඩ් එකට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියත් විදූශා එන පාටක් පේන්න තිබුනෙ නෑ. මේ අතරෙ මාලුකට්ටාත් ආපු නිසා පුරුපුරුයි මාලුකට්ටායි ගම්පහට යන්න පිටත් වුණාලු.

ගම්පහට ගිහින් ගම්පහ බස්ටෑන්ඩ් එකේ ටිකක් වෙලා හිටියත් ඒත් අපේ පූසන්ට විදූශාව මුණගැහුනෙ නෑ. ඊටපස්සෙ ඉතිං අපේ යාලුවො දෙන්නා කළේ ඉක්මනට ක්ලාස් එකට යන එක. මොකද මේ වෙද්දි අම්බානට පරක්කු වෙලා තමයි තිබුනෙ. කොටින්ම පුරුපුරුයි, මාලුකට්ටායි යනකොට ක්ලාස් එක පටන් අරගෙනත් ඉවරයි. ඉතිං පූසො දෙන්නා කළේ ක්ලාස් එකේ කාඩ් එකත් අරගෙන අන්තිම පේළියෙන් ගිහින් වාඩිවෙච්ච එක. ටිකක් එහායින් ඉස්සායි, මැක්නාතුයි, සව්සිරියිත් වාඩි වෙලා හිටියලු. දැන් අපේ යාලුවො දෙන්නාට තියෙන ලොකුම ප්‍රශ්නෙ විදූශා ක්ලාස් එකට ආවද නැද්ද කියන එක.

ඔය අතරේ උපුල් සර් ළමයි එක එක්කෙනා එක්ක කතා කර කර ක්ලාස් එකේ පිටිපස්සට ආවලු. ඇත්තටම ක්ලාස් එකේ හිටපු ළමයි තොගේ දැකලා පූසො දෙන්නා බයවෙලා හිටියේ. මොකද අපේ යාලුවො කට්ටිය මීට කලින් කවදාවත් මාස් ක්ලාස් එකකට ගිහින් තිබුනෙ නෑ. පස්සෙ තමයි තේරුනේ සමහර සර්ලගෙ ගෲප් ක්ලාස් වල උපුල් සර්ගෙ මාස් ක්ලාස් එකට වඩා ළමයි හිටපු වග. කොහොමහරි සර් හැමෝගෙන්ම අහගෙන ආවෙ මොකද්ද අනාගතේදි කරන්න බලාපොරොත්තු වෙන රැකියාව කියලා. ක්ලාස් එකේ හිටපු ළමයින්ගෙන් 95% කටත් වඩා කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියලා.

ඉතිං උපුල් සර් ඔහොම ඇවිල්ලා පුරුපුරුලා හිටපු අන්තිම පේලිය ළග නැවතුනාලු. අන්තිම පේළියෙත් මාලුකට්ටා ඇතුලු අනිත් ළමයින්ගෙ අයිඩියා එක වුණේ ඩොක්ටර් කෙනෙක් වෙන එක. ඒත් පුරුපුරු කිව්වේ තමන් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න කැමතියි කියලා. මොකද මෑන්ස් පොඩිකාලෙ ඉදලාම ඔය විද්‍යා වැඩ වලට කැමතියි. කොහොමහරි ඔය සිද්දිය හින්දා උපුල් සර්ට පුරුපුරුව හොඳට මීටර් වුණා. මොකද සර්රුත් ‍හොඳ සත්ව විද්‍යාඥයෙක්.

ඊටපස්සෙ සර් ගියේ මැක්නාත්ලා හිටපු පේළියට. මැක්නාත් කියන්නෙ පුසන්ට මෙච්චරකල් හම්බවුණු චරිත අතරින් හිත හොද, පිස්සුම පිස්සු ඩයල් එකක්. ඒ පේළියෙත් අනිත් ළමයි සර්ගෙ ප්‍රශ්නෙට දුන්නෙ සුපුරුදු උත්තරේමයි. ඒත් මැක්නාත් කවදත් අනිත් ළමයින්ට වඩා වෙනස්

උපුල් සර් :- පුතාගෙ නම මොකද්ද?

මැක්නාත් :- විශ්වග්‍රාත් මැක්නාත්

උපුල් සර් :- අනාගතේදි කවුරු වෙන්නද කැමති

මැක්නාත් :- සර්, මම බිස්නස්මන් කෙනෙක් වෙන්නයි කැමති

උපුල් සර් :- බිස්නස්? මොන වගේ බිස්නස් එකක්ද පුතා?

මැක්නාත් :- මට යෝගට් නිෂ්පාදකයෙක් වෙන්නයි ඕනෙ සර්. ඒකයි මම බයෝ කරන්න තෝරගත්තෙ‍

කොහොමහරි ඉතිං මෑන්ස්ගෙ කතාවට ක්ලාස් එකේ ළමයි ඔක්කොටම හිනා. ඔය අතරෙ පුරුපුරුයි, මාලුකට්ටායි රේඩාර් එක ක්‍රියාත්මක කරලා බැලුවලු විදූශා කොහෙහරි පේන්න ඉන්නවද කියලා. කොහෙද? කෙල්ලො සියගානක් අතරේ පූසන්ගෙ රේඩාර් එකත් හරියට වැඩ කරන්නෙ නැහැ. අනිත් එක ලස්සන ගෑනු ළමයෙක් දැක්ක හැටියෙ මාලුකට්ටාගෙ රේඩාර් එක එතන ස්ටක් වෙනවා. ඉතිං ඔය විදිහට විදූශාව හොයන වැඩේ සාර්ථකව කරන්න පූසන්ට බැරිවුණා.

ඊටපස්සෙ තමයි පුරුපුරුට මතක්වුණේ ඉස්සත් ක්ලාස් එක ඇතුලෙ ඉන්නවා නේද කියලා. පොර ඊටපස්සෙ කළේ චිට් එකක් ලියලා ඉස්සාට පාස් කරපු එක. චිට් එකේ තිබුනෙ " අද විදූශායි තිලංකායි ආවද? " කියන ප්‍රශ්නෙ. ටික වෙලාවකින් පුරුපුරුට ඉස්සාගෙන් යවපු චිට් එකට පිළිතුරු චිට් එකක් ආවලු. ඒක දිගඇරලා බැලුවම මෙහෙම උත්තරයක් තමයි තිබුනෙ.

"දෙන්නම ආවා. තව කෙල්ලෙකුත් එක්කගෙන ආවේ. සිතියමේ මාක් කරලා තියෙන තැන බලපන්"

බැලින්නං මෑන්ස් චිට් එක පහළින් ක්ලාස් එකේ සිතියමකුත් ඇදලා, විදූශා ඉන්න තැන මාක් කරලත් එවලා. ඊටපස්සෙ සිතියම අනුව ක්ලාස් එක නිරීක්ෂණය කරපු පුරුපුරුට පුලුවන් වුණාලු බොහොම අමාරුවෙන් විදූශා ඉන්න තැන හොයාගන්න. දැන්නං ඉතිං අපේ පූසාට මාර හැපී. ක්ලාස් එක ඉවරවෙනකං පුරුපුරු හිටියෙ හරිම නොඉවසිල්ලෙන්.

පළවෙනි දවස හින්දා ක්ලාස් එක තිබුනේ පැය එකහමාරක් වගේ පොඩි කාලයක්. ඉතිං ක්ලාස් එක එක ඉවරවෙච්ච ගමන් එළියට පැනපු පුරුපුරු, මාලුකට්ටා, සව්සිරි, ඉස්සා, මැක්නාත් ඇතුලු කොල්ලො සෙට් එක ගම්පහ - ජාඇල පාරට ආවලු. ඊටපස්සෙ ඉස්සායි, පුරුපුරුයි කළේ අනිත් කට්ටියගෙන් වෙන් වෙලා ටිකක් එහාට ගිය එක. මේ වෙද්දි ඉස්සාටත් මාසෙකින් තිලංකාව හම්බවෙලා තිබුනෙ නෑ. ඉතිං මෑන්සුත් බොහොම බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මීට් වෙන්න.

ඔහොම ටික වෙලාවක් යද්දි ක්ලාස් එක පැත්තෙන් මතුවෙච්ච ළමයි ගංගාව අතරින් විදූශාගෙයි, තිලංකාගෙයි මූණුත් මතුවුණාලු. පුරුපුරුව දැක්ක විදූශා ඈත ඉදන්ම සුහදශීලී හිනාවක් දාගෙන තමයි එතෙන්ට ආවෙ. ඊටපස්සෙ කට්ටිය කළේ බස්ටෑන්ඩ් එක පැත්තට ඇවිදගෙන ගියපු එක. මේ ඇවිදීම බොහොම හිමින් තමයි සිද්දවුනේ. මොකද කාලෙකින් මුණගැහිච්ච කට්ටියට කතාබහ කරන්න ඕන තරම් දේවල් තිබුනා.

ඊළග කොටස බලන්න මෙතනින් යන්න

5 comments:

  1. Is Maknath in yoghurt business now? :j

    ReplyDelete
  2. no mate, he is in the open university now :f:f:f

    ReplyDelete
  3. මැක්නාත් නම් ආතල් ඩයල් එකක් වගේ :q

    ReplyDelete
  4. @කොඩී- පට්ටම ආතල් ඩයල් එකක්!! :c

    ReplyDelete
  5. ඔහොම පයින් යමුකෝ.... :p

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???