අඹ යාලුවෝ

Wednesday, January 26, 2011

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 3



මුලින්ම විදූශා සීරීස් එකේ කලින් කතා කියවපු නැති යාලුවො ගිහින් කියවලා එන්නකෝ.

විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 1
විදූශා සහ තුන් යෙහෙළි වික්‍රමය - 2

කොහොමහරි ඉතිං අපේ පූසො සෙට් එක ඕ ලෙවල් විභාගෙත් ලියලා ඉවර කළා. පුරුපුරුත් විදූශා ගැන හිතේ තියාගෙන විභාගෙ ලිව්වාට, දෙයියන්ගෙ පිහිටෙන් විභාගෙ එච්චර ප්‍රශ්නයක් වුණේ නෑ. හිතුවා වගේම අවුල් ගියේ ඉන්ග්ලිෂ් ලිට් විතරයි. ඒකත් "බී" සාමාර්ථයක් එන ගානට ලියාගන්න මෑන්ස්ට පුලුවන් වුණා. ඉතිං විභාගෙ ඉවරවෙලා, හොස්ටල් එකෙනුත් නිළ වශයෙන් අස්වෙච්ච පුරුපුරු ඊටපස්සෙ ගෙදර පදිංචියට ආවලු. දැන් ඉතිං අපේ පූසා නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නෙ ලිට් ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එකට යන්න.

පුරුපුරුගෙ ප්ලෑන් එක වුණේ ගෙට් ටුගෙදර් එක ඉවරවෙලා ගෙදර යද්දි විදූශාගෙන් යාලුවෙන්න අහන්න. මේ වෙද්දි මෑන්ස් කවදාවත් ගෑනු ළමයෙක්ගෙන් යාලුවෙන්න අහලා තිබුනෙත් නෑ. ඉතිං කොච්චර උනන්දුවක් තිබුනත්, ඒ එක්කම ලොකු චකිතයකුත් අපේ පූසාගෙ හිත ඇතුලෙ බල්ටි ගගහා තිබුනලු. අනිත් එක ඒ වෙද්දි පූසො සෙට් එකේ කාටවත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙ නෑ. ඉතිං මාලුකට්ටයි, උපාසකයි, ඤාව්වයිත් පුරුපුරුට උපදෙස් දෙන්න පුලුවන් මට්ටමේ හිටියෙ නෑ. අන්තිමේදි පුරුපුරු මේ වැඩේ ගැන උපදෙස් ගත්තේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටපු තමන්ගෙ එකම යාලුවා වෙච්ච ඉස්සාගෙන්.

ඉස්සාගෙ උපදෙස වුණේ කෙලින්ම ගිහින් බය නැතුව විදූශාගෙන් අහන්නයි කියන එක. ඒ එක්කම මෑන්ස්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙච්ච තිලංකාගෙනුත් වැඩේට ෆුල් සප් එක අරන් දෙන්නම් කියලා ඉස්සා පොරොන්දු වුණාලු. කොහොමත් තිලංකා කලින්ම පුරුපුරුට පොරොන්දු වෙලා හිටියේ විදූශා එක්ක යාලුවෙන්න උදව් කරනවා කියලා. ඉතිං තිලංකායි, විදූශායි හොඳම යාලුවො හින්දා පුරුපුරුටත් ලොකු විශ්වාසයක් තිබුනේ තිලංකා කියන දේ අහලා විදූශා තමන්ට කැමති වෙයි කියලා. කොහොමහරි මේ වෙද්දිත් විභාගෙ ඉවර වුණාට පස්සෙ පුරුපුරුට එක දවසක්වත් විදූශාව මීට් වෙලා තිබුනෙ නෑ.

ඉතිං ඔය විදිහට තව දවස් කීපයක් ගතවෙලා ගිහින් ලිට් ක්ලාස් එකේ ගෙට් ටුගෙදර් එක තියෙන දවසත් උදාවුණාලු. එදා උදේ පුරුපුරු නැගිට්ටෙ වෙනදා නැගිටින වෙලාවට පැය දෙකක් විතර කලින්. මොකද ඉතිං කොච්චරනං ලෑස්ති වෙන්න තියෙනවද? මෑන්ස් එදා ඇන්දෙ තමන් ළග තියෙන හොදම ටී ෂර්ට් එකයි ඩෙනිම් කලිසමයි. ඩෙක් ෂූස් නැති හින්දා කකුල් වලට දාන්න වුණේනං හැබැයි පරණ සැන්ඩ්ල්ස් දෙකමයි. කොහොමහරි කොන්ඩෙත් හොඳට පීරලා, පැයක් විතර හැඩ වෙච්ච අපේ පූසා, ගෙට් ටුගෙදර් එක පටන් ගන්න පැය බාගයක් විතර තියෙද්දි ක්ලාස් එකට ගියාලු.

අනිත් පූසො ටික ක්ලාස් එකට ආවෙ තව පැය කාලක් විතර ගියාට පස්සෙ. හැබැයි නියමිත වෙලාව පහුවෙනකම්ම විදූශායි, තිලංකායි ඇවිත් හිටියෙ නෑ. දැන් ඉතිං පුරුපුරුට මාර අප්සට් එක. මෙච්චර ලෑස්තිවෙලා, යාලුවෙන්න අහන්නත් සූදානමින් ඉදිද්දි විදූශා එදාට බැරිවෙලාවත් නාවොත් එහෙම?

කොහොමහරි තව ටික වෙලාවක් යද්දි පාරෙ කොනකින් එක පාරටම විදූශායි, තිලංකායි මතුවුණාලු. එතකොට තමයි අපේ පූසාගෙ හිතට නිවනක් හම්බවුණේ. මේ වෙද්දි ක්ලාස් එකේ අනිත් ළමයි පාටි එකට බඩු ගෙනත් ඒ වැඩ ඕගනයිස් කර කර හිටියේ. ඊටපස්සෙ ඉතිං කට්ටිය මැඩම්වත් එකතු කරගෙන ක්ලාස් එක මැද්දෙ පොඩි පාටි එකක් දැම්මලු.

පාටි එක වෙලාවෙදි තමයි පුරුපුරුට ටිකක් නිදහසේ විදූශා එක්ක කතා කරන්න චාන්ස් එකක් හම්බවුණේ. ඉතිං විස්තර කතා කරලා බැලින්නං විදූශාත් ඒ ලෙවල් වලට බයෝ සයන්ස් කරන්න ඉන්නේ. හැබැයි විදූශා යන්න ඉන්නේ පුරුපුරු යන්න ඉන්න ක්ලාස් වලට නෙවෙයි. විදූශා කෙමිස්ට්‍රි වලට රතුපිටිය මිස්ගෙ ක්ලාස් එකටයි, ෆිසික්ස් වලට හිස්සැල්ල සර්ගෙ ක්ලාස් එකටයි තමයි යන්න ඉන්නේ. හැබැයි තවමත් යන්න හොද බයෝ ක්ලාස් එකක් ගැන එයාට අයිඩියා එකක් තිබුනෙ නෑ. පුරුපුරු බයෝ වලට යන්න හිටියේ ආචාර්ය උපුල්ගෙ ක්ලාස් එකට. ඉතිං ඒක ඇහුවාම විදූශාත් තීරණය කළාලු ඒ ක්ලාස් එකට එන්න.

කොහොමහරි පාටි එක මැද්දෙදි විදූශාගෙන් අහන්නෙ නැතුව ක්ලාස් එකෙන් එළියෙදි අහන්න තමයි පුරුපුරු තීරණය කළේ. මොකද ක්ලාස් එක මැද්දෙදි ඕක අහන්න ගිහිල්ලා මොකක්හරි අප්සට් කේස් එකක් ගියොත් මාර නෝන්ඩිය නොවැ!

ඉතිං පාටි එක ඉවරවෙලා මැඩම් කළේ ඕ ලෙවල් පේපර් එක කෙටියෙන් ඩිස්කස් කරපු එක. ඉතිං මැඩම් පේපර් එක ගැන කතා කරලා ඉවර වෙනකං අපේ යාලුවො කට්ටියට වුණේ මූණ ඇඹුල් කරගෙන අහගෙන ඉන්න.කොහොමහරි ඒකත් ඉවරවෙලා අන්තිමට ළමයි කට්ටිය මැඩම්ට වැඳලා ක්ලාස් එකෙන් සමුගත්තලු. ඉතිං මැඩම්ට වැදලා අපේ පුරුපුරුත් කළේ අනිත් පූසොත් එක්ක ක්ලාස් එකෙන් එළියට ආපු එක.

ටික වෙලාවකින් මෙන්න තිලංකායි, විදූශායිත් එළියට එනවලු තව ගෑනු ළමයි සෙට් එකක් එක්ක. පුරුපුරු මුලින් හිතාගෙන හිටියෙ තිලංකායි, විදූශායි විතරක් ඉන්න තැනදි විදූශාව කතා කරලා පැත්තකට ගන්න. ඒත් ඉතිං කෙල්ලො හත් අටදෙනෙක් ඉන්න තැනදි අපේ පූසා කොහොමද විදූශා එක්ක කතා කරන්නෙ?

දැන් ඉතිං ගෑනු ළමයි කට්ටිය පූසො ඉන්න තැන පහුකරලා යන්නත් ළගයි. පුරුපුරුට හිතාගන්න බෑ දැන් මොනවද කරන්න ඕනෙ කියලා.

උපාසක :- යකෝ පුරුවො පලයං පලයං, උඹට දැන් අල්ලගත්තෙ නැත්තං ආයි මේකිව අල්ලගන්න වෙන්නෙ ඒ ලෙවල් ක්ලාස් යනකොට තමයි.

පුරුපුරු :- කොහොමද යකෝ එතෙන්ට කිට්ටු වෙන්නෙ? ඒකි බොඩිලාඩ්ලා සෙට් එකක් එක්කනෙ යන්නෙ.

ඤාව්වා :- මේ මගෙන් කුණුහරුප අහගන්නෙ නැතුව ඉක්මනට පලයං

දැන් අනිත් පූසො තුන්දෙනා පුරුපුරුව තල්ලු කරනවා. පුරුපුරුත් ඉතිං තල්ලුව වැදුනු පාර ඉබේටම යැවුනලු කෙල්ලො සෙට් එක ළගට. දැන් මේක මීටර් වෙච්ච තිලංකාත් ට්‍රයි එක ගමනෙ වේගෙ අඩුකරලා, පුරුපුරුට විදූශා එක්ක කතා කරන්න චාන්ස් එකක් අරන් දෙන්න. කොහොමහරි ටික වෙලාවකින් පුරුපුරුට පුලුවන් වුණාලු විදූශා එක්ක කතා කරන්න පුලුවන් මට්ටමට ලංවෙන්න.

පුරුපුරු :- විදූශා...!

විදූශා :- ආ...පුරුපුරු, ඇයි ?

පුරුපුරුට පුලුවන් වුණාලු අනිත් ගෑනු ළමයින්ට මීටර් වෙන්නැතුව විදූශාව පැත්තකට ගන්න. නැත්තං ඒ ගෑනු ළමයි වැඩේ මීටර් වෙලා සද්ද නැතුව ඉන්න ඇති. කොහොමහරි අන්තිමට අපේ පූසාට චාන්ස් එක ලැබුනා තනියම විදූශා එක්ක කතා කරන්න.

පුරුපුරු :- ක්ලාස් ඉවරවෙලා අපිත් එක්ක කතා කරන්නෙත් නැතුව යනවා නේද?

විදූශා :- හික්...ඇයි අපි ක්ලාස් එකේදි කතා කළේ?

පුරුපුරු :- ඔව්....... ක්ලාස් එකේදිත් කතා කළා තමයි......ඒ වුණාට මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා.....ඒක ක්ලාස් එක ඇතුලෙදි කියන්න බෑ

මෙහෙම පුරුපුරු කිව්වාම විදූශාගේ කට කොනට පොඩි හිනාවකුත් ආවලු.

විදූශා :- මොකද්ද ඔයාට කියන්න තියෙන්නෙ?

දැන් ඉතිං පුරුපුරුට හීන් දාඩියත් දාලා. දැන් ඉතිං පටන් ගත්ත වැඩේ මගදි නවත්තන්නත් බෑ නොවැ. ඉතිං අපේ පූසා තමන්ට තිබුන ඔක්කොම පූස් ධෛර්යය අරගෙන තමන්ගෙ කටහඬ අවදි කළාලු.

පුරුපුරු :- මම....ඔයාට කැමතියි...ඔයා මොකද කියන්නෙ විදූශා...?

විදූශා :- (මදක් සිනාසී) අනේ මන්දා පුරුපුරු, මට ඉක්මනට යන්නත් ඕනෙ, යාලුවො බලාගෙන ඉන්නවා මම එනකං

මෙහෙම කියපු විදූශා එතනින් යන්න ලෑස්ති වුනාලු

පුරුපුරු :- විදූශා පොඩ්ඩක් ඉන්න, මම ආපහු ඔයා එක්ක කතා කරන්නෙ කොහොමද? ඔයාට ටෙලිෆෝන් නම්බර් එකක් තියෙනවද?

පුරුපුරු මෙහෙම ඇහුවෙ ඒ දවස්වල ලෑන්ඩ් ෆෝන් එකක් තිබුනෙත් සමහර ගෙවල් වල විතරක් වෙච්ච හින්දා

විදූශා :- ටෙලිෆෝන් තියනවා. ඒ වුණාට ගෙදරට කතා කරන්න එපා. ගෙදරට කොල්ලෙක් කෝල් කළොත් මට අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නෙ. අපි උපුල් සර්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවසට හම්බවෙමු.

මෙහෙම කියලා පුරුපුරුට ගෙදර නම්බර් එකත් දුන්න විදූශා, ඉක්මන් ගමනින් ගිහින් ආපහු තමන්ගෙ යාලුවන්ට එකතු වුණාලු. දැන් ඉතිං තව සති දෙකකින් ආචාර්ය උපුල්ගෙ බයෝ ක්ලාස් එක පටන් ගන්න දවසට තමයි අපේ පූසාට ආපහු විදූශා එක්ක කතා කරන්න වෙන්නෙ.

ඉස්සායි තිලංකායි කපල් එකත් දැන් මීට් වෙන්නෙ නැති නිසා ඒ දෙන්නා මාර්ගයෙන් පණිවිඩයක් යවන්නත් විදිහක් නෑ. ඇරත් විදූශා හරිහමන් උත්තරයක් දුන්නෙත් නෑ නොවැ! ඉතිං පුරුපුරු ඊටපස්සෙ ගතවුණ සති දෙක ගෙව්වෙ හිතට කිසිම නිදහසක් නැතුව.

21 comments:

  1. පව් අසරනයා , ඉතිරි කොටස එනකම් , වෙයිටින් ‍xD

    ReplyDelete
  2. අනේ පුරුපුරුවා,කොල්ලො මොන තරමක් ක‍ටුකනවද කෙල්ලෙක් සෙට්කර ගන්න,බලමු බලමු පුරුපුරුගේ ඉතුරු වැඩටික...

    ReplyDelete
  3. දැන් කතාව ටිකක් මගේ කතාවට සමානයි වගේ! බලමු ඊලගට මොකද වෙන්නේ කියලා. අපේ පුරුපුරුවාගොඩ යයි වගේ නේද?

    ReplyDelete
  4. පුරුපුරු ඔය සතිදෙකේ කීපාරක් මැරිලා උපදින්න ඇත්ද දෙයියනේ?

    ReplyDelete
  5. ඉතිරි කොටස එනකම් , වෙයිටින්

    ReplyDelete
  6. ඔහොම හම්බ වෙන්න මග බලන් ඉන්න දවස් තරම් දිග කාලයක් කවදාවත් නෑ නේද? දවසක් ගතවෙන්න කල්පයක් විතර යනවා.

    ReplyDelete
  7. මට නම් හිතෙන්නෙ වැඩේ නම් හරි වගේ... පූසන්ගෙ කතා බලනකොට හරියට ලෙලියක් බලනවා වගේ... හොඳේ තියෙන්නෙ ඇඩ්ස් නම් නෑ... ඔහොම යන්, ඔහොම යන්...

    ReplyDelete
  8. සමාවෙන්නෙ,

    ලෙලියක් = ටෙලියක්

    ReplyDelete
  9. මෙගා එකක් වගෙයි. කමක් නෑ ඔහොම යමු.
    ලස්සන කතාවක් ගොඩනැගෙනවා..

    ReplyDelete
  10. දවස් හතට මේකේ කොටස් හත යයි වගේ....... ලියමු ලියමු.......

    ReplyDelete
  11. ලෙසටම ලියනව එලකිරි....මචො

    ReplyDelete
  12. අප්පේ කොහොමද බං පුරුපුරු අර සති දෙක ගෙව්වේ o_O

    ReplyDelete
  13. වැඩේ ගොඩ වගේ මටනම් හිතෙන්නේ :)

    ReplyDelete
  14. පුරු පුරු තවම ජීවත් වෙනවද ? .... අනික ඉක්මනටම දාපල්ලා අපිට බලාගෙන ඉන්ඩ බැරියෝ ...

    පුරු පුරුට ජය වේවා !!

    ReplyDelete
  15. @DarKneT | ඉෂාර,
    ItalyDilan,
    Niroshan,
    prasanna86k - බලමු බලමු යාලුවනේ!!

    @පිණිබිඳු- ඒක ඇත්ත!!

    @දුමී- බොහොම ස්තූතියි අයියා!!

    ReplyDelete
  16. @priyantha.ඒබී,
    හා පැටික්කි (MS),
    Raj,කොඩී,
    හිස් අහස,- ස්තූති වේවා යාලුවනේ!!

    @පූසා- පූසන්ගෙ ඉවසීම සෑහෙන්ඩ හොදයිනෙ මචෝ!! හික්ස්!

    ReplyDelete
  17. යකෝ පුරුපුරුට වැඩිය මේක කියවන අපිටනෙ බලා ඉන්න බැරි.

    ReplyDelete
  18. අනේ හෆෝයි....පව් පුරු පුරුවා.....හික් හික්...(දකින්නේ නැතිව ඉතිං කෝම ඉන්නද? මැවිලා පෙනේවී සූපේ....:p)

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???