අඹ යාලුවෝ

Saturday, January 22, 2011

ඒ ලෙවල් කරන්න ගිය පූසෝ 2 - රොබට් ලියනගම


ඉතිං යාලුවනේ අපි කලින් ලිපියෙන් කිව්වනෙ පූසො සෙට් එක මානෙල් මැඩම්ගෙ කෙමිස්ට්‍රි ක්ලාස් එකට ඇතුල් වෙච්ච විදිහ. ඔන්න අද අපි කියන්න යන්නෙ පූසො ෆිසික්ස් ක්ලාස් එකට ගිය හැටි.

කලිනුත් කිව්වා වගේ අපේ යාලුවො කට්ටිය ෆිසික්ස් වලට යන්න තීරණය කළේ රොබට් ලියනගම සර්ගෙ පන්තියට. ඒ පන්තියටත් පටන් ගන්න කලින් දවසෙ ගිහින් රෙජිස්ටර් වෙමු කියලා කලින් හිතාගෙන හිටියත්, මානෙල් මැඩම්ගෙ පන්තියෙදි සිද්ද වෙච්ච අකරතැබ්බෙ නිසා පූසො තීරණය කළාලු කලින්ම ක්ලාස් එකේ රෙජිස්ටර් වෙන්න. ඉතිං කලින් බැච් එකේ කට්ටියගෙන් විස්තර අහලා බැලින්නං රොබට් සර් කියන්නෙ ගොඩක් සැර, වැරැද්ද පෙන්නන්න බැරි චරිතයක් කියලා තමයි අපේ යාලුවන්ට ආරංචි වුණේ. ඒ වගේම ක්ලාස් එකේ දිගටම ඉන්නත් පුලුවන් හොඳට බැනුම් අහන්න ටැලන්ට් එකක් තියෙන ළමයින්ට විතරයිලු.

කොහොමහරි ඉතිං අපේ පූසො කට්ටියත් මේ විස්තර අහගෙන, පන්ති පටන් ගන්න සතියකට විතර කලින් ගියාලු රොබට් සර්ගෙ ක්ලාස් එකට ඇතුල් වෙන්න. මේ පන්තිය තිබුනෙ ගම්පහ-කොළඹ පාර අයිනෙමයි. බලාගෙන යද්දි ජීවිතේට පේන්ට් පාරක් දීලා නැති, මහ පාලු පාටක් තියෙන බිල්ඩිමක තමයි ක්ලාස් එක තියෙන්නෙ. ඉතිං අපේ යාලුවො යද්දි, මානෙල් මැඩම්ගෙ ක්ලාස් එකට තරම්ම නැතිවුණත්, රොබට් සර්ගෙ ක්ලාස් එක ගාවත් සැලකිය යුතු මට්ටමේ ළමයි සෙට් එකක් රෙජිස්ටර් වෙන්න ඇවිල්ලා හිටියලු. අපේ පූසන්ටත් වුණේ ඉතිං තමන්ගෙ වාරෙ එනකං පෝලිමට වෙලා බලාගෙන ඉන්න.

මේ ෆිසික්ස් ක්ලාස් එකට සමහර ළමයි, විශේෂයෙන් ගෑණු ළමයි, ඇවිල්ලා හිටියෙ අම්මලා තාත්තලත් එක්ක. ගොඩක් කොල්ලොනං ඇවිල්ලා හිටියෙ පූසො වගේම තනියම. මේ ඇවිත් හිටපු කට්ටිය අතරෙ අඳුරන ළමයිනුත් කීපදෙනෙක් හිටියා. අපේ කතාවල ඉස්සරහට හම්බවෙන ඉස්සා, විශ්වග්‍රාත් මැක්නාත් වගේ කට්ටිය හිටියෙ පූසන්ට වඩා පෝලිමේ පිටිපස්සට වෙන්න.

රොබට් ලියනගම සර් හිටියෙ ක්ලාස් එක ඇතුලෙ හින්දා එලියෙ හිටපු කට්ටියට සර්ව පෙනුනෙ නෑ. හැබැයි සර්ගෙ වොයිස් එකනං ඒ අවට හිටපු හැමෝටම හොඳට ඇහුනා. ටික වෙලාවක් යද්දි අපේ යාලුවන්ට තේරුනාලු මෙතන මොකක්හරි ලොකු අප්සට් කේස් එකක් තියනවා කියලා. මොකද ආපු වෙලාවෙ ඉඳලාම කට්ටියට ඇහෙන්නෙ රොබට් සර් එක එක්කෙනාට බනින සද්දෙ. පෝලිමේ ඉස්සරහා ඉන්න කට්ටියත් බයවෙලා වගේ ඉන්නෙ. ඒ මදිවට රෙජිස්ටර් වෙලා එළියට එන කට්ටිය මූණු ඇඹුල් කරගෙන තමයි එළියට එන්නෙ. දැන් පූසන්ට හිතාගන්න බෑ මොකද්ද මේ තමන්ට කලින් පෝලිමේ ඉන්න කට්ටිය කරන වැරැද්ද කියලා.

කොහොමහරි ඉතිං ටික වෙලාවකින් අපේ යාලුවන්ට පුලුවන් වුණා රොබට් සර්ව පේන මට්ටමට ඉස්සරහට එන්න. ඒ කියන්නෙ දැන් කට්ටිය ඉන්නෙ පන්තිය ඇතුලෙ. ඉතිං පන්තිය ඇතුලට ගියාම තමයි පූසො සෙට් එක දැක්කෙ ක්ලාස් එකේ නියම ස්වභාවය. මුලු පන්තිය පුරාම දූවිලියි, හුණු කුඩුයි වලින් පිරිලා. ඒ මදිවාට වහලෙයි, හැම මුල්ලක්මයි මකුලු දැල් බැඳලා. මකුලු දැල් වල දූවිලි බැඳිලා ඒවා ඈතට පේන්නෙ දම්වැල් වගේ. හරියට නිකං හොල්මන් මන්දිරේක ලුක් එකක් තමයි ක්ලාස් එකේ තියෙන්නෙ.

ක්ලාස් එකේ ඈත කොනක රොබට් සර් ඉන්නවා ළමයින්ටයි, අම්මලාටයි බැන බැන. සර්ගෙ මූණෙ බාගයක්ම හුණු වලින් වැහිලා. හරිය‍ට වෙස් මූණක් දාලා වගේ. ඉතිං මේක දැකපු අපේ ඤාව්වාට "බකස්" ගාලා හිනා ගියාලු. හොඳ වෙලාවට රොබට් සර්ට මෑන්ස්ගෙ හිනාව ඇහුනෙ නෑ. ඇහුනනං ඉතිං ගහලා ක්ලාස් එකෙන් එලවනවා ෂුවර්. පස්සෙ තමයි සර්ගෙ මූණෙ හුණු ගෑවෙන හේතුව කට්ටිය හොයාගත්තෙ. රොබට් සර්ගෙ පුරුද්දක් තමයි හැමතිස්සෙම දකුණු අත කම්මුලට තියාගෙන ඉන්න එක. ඉතිං සර් බෝඩ් එකේ හුණු වලින් ලියන්නෙත් දකුණු අතින් හින්දා සර්ගෙ නිකටෙයි, දකුණු කම්මුලෙයි හැම තිස්සෙම හුණු ගෑවිලා තමයි තියෙන්නෙ.

මේ අස්සෙ සර්ගෙ බැනුම් සද්දෙ අහලා උපාසකයි, මාලුකට්ටායි බයවෙලා. මේ දෙන්නා දැන් පුරුපුරුටයි, ඤාව්වාටයි බර බරේ දානවලු ආපහු හැරිලා යමු කියලා. ඒ වුණාට පුරුපුරුගෙ අයිඩියා එන වුණේනං මෙච්චර වෙලා හිටපු එකේ බැනුනුත් අහලා, රෙජිස්ටරුත් වෙලාම ගියානං හොඳයි කියන එක.දැන් ඉතිං මේ වෙද්දි පූසො සෙට් එක ඉස්සරහින් ළමයි දෙන්නයි ඉන්නේ.

මුලින්ම හිටියෙ අම්මා එක්ක ආපු ගෑනු ළමයෙක්

රොබට් සර් :- දැන් බලන්න ඔය ළමයා ඇවිත් ඉන්නෙ අම්මත් එක්ක. මොකද තනියම එන්න බැරි? තමන්ගෙ පෞරුෂත්වෙ ලොකු අඩුවක්, අන්න ඒකයි. මේවට ගොඩක්ම වග කියන්න ඕනෙ අම්මලයි, ඕ ලෙවල් ගුරුවරුයි. ඇත්තටම මට ඔය ඕ ලෙවල් ගුරුවරු අහුවුණොත් මේ පන්තියට ගෙනල්ලා බාල්කෙ එල්ලනවා. හිතාගෙන ඉන්නෙ භෞතික විද්‍යාව හැමෝටම කරන්න පුලුවන් විශයක් කියලද? මේක දක්ෂයාගේ විද්‍යාව. කම්මැලි ගෑනු ළමයින්ට මොන ෆිසික්ස්ද? කුස්සියට වෙලා අම්මට උදව් දීගෙන හිටියනං මීට වඩා හොදයි.

දැන් ඉතිං සර්ගෙ ටෝක්ස් අහලා අර අම්මගෙයි දුවගෙයි මූණු බෙරි වෙලා ගිහිල්ලා. කොහොමහරි තව ටික වෙලාවක් බැනලා, විස්තර එහෙම අහලා, ඒ ගෑනු ළමයාව සර් ක්ලාස් එකට ගත්තා. දැන් ඉතිං පූසන්ගෙ හිතට ටිකක් ෆිට්. මොකද පූසො අම්මලත් එක්ක නෙවෙයිනෙ ආවෙ. ඒ කියන්නෙ අපේ යාලුවන්ගෙ පෞරුෂය ගොඩක් හොඳයි. ඉතිං ඊට පස්සෙ හිටියෙ තනියම ආපු කොල්ලෙක්. රොබට් සර් ඊටපස්සෙ කළේ මෑන්ස්ගෙ විස්තර අහලා පොරටත් බනින්න පටන් ගත්ත එක.

රොබට් සර් :- දැන් බලන්න ළමයෝ, ඔය ළමයා ඇවිත් ඉන්නෙ තනියමනෙ. මොකද ගෙදරින් හොයන්නෙ බලන්නෙ නැද්ද? දෙමව්පියන්ගෙයි, ඕ ලෙවල් ගුරුවරුන්ගෙයි කිසිම වගකීමක් නෑ ළමයි ගැන. ඔහොම කොහොමද උසස්පෙළ කරන්නෙ. මේක නිකං විද්‍යාව නෙවෙයි, අයින්ස්ටයින් මහත්තයගෙ භෞතික විද්‍යාව. දක්ෂයා කඩාගෙන ඉදිරියට යනවා. කම්මැලියා හෝදගෙන යනවා. සිංහලයා කවදත් කම්මැලියා. සිංහලයාට මොන භෞතික විද්‍යාවද?

දැන් ඉතිං අර මෑන්ස්ට ඇඬෙන්න වගේ. කොහොමහරි ඉතිං දීර්ඝ බණ දේසනාවකට පස්සෙ පොරවත් ක්ලාස් එකට ඇතුල් කරගත්තා. දැන් ඉතිං අපේ පූසො කට්ටියගෙ කකුල් ටික මැන්ඩලින් ගහනවා වගේලු. මොකද ඊළගට ඉන්නෙ අපේ යාලුවො කට්ටිය. එක ළමයෙක්ට අම්මත් එක්ක ආවයි කියලා බැන්නා. අනිත් ළමයාට අම්මලා නැතුව ආවයි කියලා බැන්නා. දැන් ඉතිං පූසන්ට ෆුල් නස්තාර් වෙලා ඉන්නෙ මොකද වෙන්නෙ කියලා හිතාගන්න බැරුව.

රොබට් සර් :- තමුන්ගෙ ඉස්කෝලෙ කොහෙද?

පුරුපුරු :- කුරුඳුවත්ත විද්‍යාලය
උපාසක :- කුරුඳුවත්ත විද්‍යාලය
ඤාව්වා :- ලොකුනම විද්‍යාලය
මාලුකට්ටා :- කුරුඳුවත්ත විද්‍යාලය

අපේ යාලුවො කට්ටිය බයේ ගැහි ගැහි උත්තර දුන්නලු.

රොබට් සර් :- ආ...කුරුඳුවත්ත. බලනවා තමුන් කරපු කැත වැඩේ. තමුන් මගෙ ඉස්කෝලෙ කෑවා. නොසන්ඩාල වැඩ කළා මදිවට සීඩී ගහලා ලංකාව පුරා බෙදුවා නේද? අපි ඉස්කෝලෙ ගියෙ එක්දහස් නමසිය පනස් ගනන් වල. ඒ දවස්වල ඉස්කෝලෙ ටයි එක දාලා ජොබ් ඉන්ටවීව් එකකට ගියොත් කවුරුත් නොගෙන ඉන්නෙ නෑ.

දැන් ඉතිං පූසන්ට ෆුල් අබ්ලික් මොනවද මේ මනුස්සයා කියන්නෙ කියලා. මොන සීඩීද? ටික වෙලාවකින් තමයි කට්ටියට වැඩේ මීටර් වුණේ. ඔය කාලෙ වෙද්දි ඉස්කෝලෙට බ්ලැක් මාර්ක් එකක් වෙච්ච සිද්දියක් රට පුරා ආන්දෝලනේට පත්වෙලයි තිබුනේ. රොබට් සර් මේ කතා කරන්නෙ ඒක ගැන. කොහොමහරි පූසන්ටනං කලින් දෙන්නට තරම් බැනුම් අහන්න වුණේ නෑ. ටික වෙලාවක් බණ දේසනා කරලා සර් අපේ යාලුවො කට්ටියවත් ක්ලාස් එකට ගත්තා. එදා ගෙදර යද්දි පිස්සු ඩයල් එකක් කියලා බැන බැන ගියත් පස්සෙ තමයි තේරුනේ සර් කොච්චර හොද මනුස්සයෙක්ද කියලා.

රොබට් සර්ගෙ මෙතඩ් එක වුණේ මුලින්ම පන්තියට එන ළමයි පුලුවන් තරම් බය කරලා ඒ අයව පන්තියෙන් හලන එක. එතකොට ක්ලාස් එකේ ඉතුරු වෙන්නෙ කාගෙන ඉන්න පුලුවන් ළමයි විතරයි. ඒක තමයි ක්ලාස් එකට ගනිද්දියි, මුල් දවස් ටිකෙයි සර් ළමයින්ට බනින්නෙ. කොහොමහරි ඉතිං අන්තිම වෙනකං ක්ලාස් එකේ ඉතුරු වෙන කට්ටිය හොඳට පාස් වෙනවා.

අපේ පූසො මුල් දවස්වල ක්ලාස් එකට ගියෙම ඉගෙනගන්න නෙවෙයි, සර් අපේ සමාජෙ ඉන්න එක එක්කෙනාට බනින හැටි අහගෙන ඉන්න. ඒවා මතක් කර කර පැය ගානක් වුණත් හිනා වෙන්න පුලුවන්. හැබැයි පස්සෙ පස්සෙ සර් බනින පුරුද්ද ටිකක් අඩු කළා. අපේ පූසන්ට එතකොට තමයි පන්තිය එපා වුණේ. ඊට පස්සෙ මාලුකට්ටා හිස්සැල්ල සර්ගෙ පන්තියට ගියා. අනිත් පූසො බ්ලැක්ඔෆිසර්ගෙ පන්තියට ගියා. රොබට් සර්ගෙ කතා ගැනනං ගොඩක් දේවල් ලියන්න තියනවා. ඒත් ඒවා කියවන, සර් ගැන නොදන්න යාලුවො වැරදි අවබෝධයක් ගන්න පුලුවන් හින්දා අපි මෙතනින් නවත්තන්නංකෝ...

ප.ලි - ඔන්න අපි බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් කලින්ට වඩා ඉක්මනට පේජ් එක ලෝඩ් වෙනවා වගේ තමයි පේන්නෙ. ඇඳුම ගැන ඔයාලගෙ අදහස් දැනගන්නත් පූසො ආසයි.

35 comments:

  1. හිස්සැල්ල සර්ගේ දැඩි නීති යටතේ ඉන්නකොට එපා වෙනවා :(

    අලුත් ඇඳුමේ ලස්සන සහ ගැලපීම ගැන කියනවානම් ඒ දෙකම උපරිමයි.(උපරිම වෙන්ට එපැයි කියලා හදාගත්තු එකක් නොවැ නේද?) ලෝඩ් වෙන්න යන වෙලාවෙනම් මට ඒ හැටි වෙනසක් දැනුනේ නෑ.
    මේ කමෙන්ට් වලට හිනා මූණු දාන්ට අමතක වුනාද ඒක හරි පහසුයි ;)

    ReplyDelete
  2. අම්මෝ !
    දැන් නේ දන්නේ පූසෝ ටිකත් බ්ලැක්ඔෆිසර්ගේ ගෝලයෝ කියල
    මන් ගියෙත් එහෙ
    නියම ඉගැන්වීමේ ක්‍රමේ :D
    ඕනේ නම් ඉගෙනගන්න නැත්තන් ඉගෙනගන්න එපා
    ගම්පහද ගියේ ? ඇතිවෙන්න හූ කියන්න ඇති එහෙනම්
    :D :D :D

    ReplyDelete
  3. හිස්සැල්ල මුලින්ම class කරන්න පටන්ගත්තේ අපි AL කරන දවස්වල (99 A/L). ඊ දවස් වල නම් පොරගේ classඑක කෝලම් මඩුවක්. පොර double meaning විහිලු කරනවා, කොල්ලේ විසිල් පාරක් එහෙම දාලා සපෝට් එක දෙනවා.

    බ්ලැක්ඔෆිසර්ගේ නම් මෝඩ චුන් තමා

    ReplyDelete
  4. Aluth theme eka nam hondai wage parana ekata wadiya

    ReplyDelete
  5. ඔය රොබට් සර්ගේ පංතියට මමත් ගියා... හැබැයි මම යද්දී මාස හතරක් විතර ගිහිල්ලා... ඒ යද්දී පංතියට ළමයි ඇතුලත් කරගන්නේ නෑ... ඒත් කුරුඳුවත්තේ ඉස්කෝලේ අයට සර්ගේ භක්තිය කියලා දන්න නිසයි, අඳුනන කන්ටෑක් එකක් හදාගන්න පුළුවන් වුණු නිසයි මමත් වීරයා වගේ සර් ව මුණගැහුණා... සර්ගෙයි මගෙයි ඇතිවුණ දීර්ඝ දෙබසෙන් පොඩි කොටසක් මේ...

    රොබට් සර් : මොකද්ද ඉස්කෝලේ..?
    බීට්ල් : කුරුඳුවත්ත ඉස්කෝලේ...
    රොබට් සර් : මොකද්ද ඉස්කෝලේ මේ දවස්වල කරන පාඩම..?

    [ඇත්තටම මට ඉස්කෝලෙ කරන පාඩම ගැන මතකයක් නෑ... මුල හරියේ පාඩමක් තමයි අන්තිමට මතකයේ තියෙන්නේ... ආලෝකය කියලා හිතමුකෝ...]

    බීට්ල් : "ආලෝකය"...
    රොබට් සර් : මොකද්ද ඉස්කෝලේ කිව්වේ..?
    බීට්ල් : කුරුඳුවත්ත ඉස්කෝලේ...
    රොබට් සර් : (සිහින් හඬින් තමන්ටම) ඒකත් කාලා...

    ReplyDelete
  6. අම්මෝ නියමයි බොලවු අලුත් ඇදුම,,පරන ඇදුම ඒරොප්පෙ ජාලෙටත් ඔරොත්තු දුන්නේ නෑ,,,,මේක නම් එල,,,

    ReplyDelete
  7. අලුත් තීම් එක හොදයි මචංලා.. අනං මනං කෑලි බෑලි නැති නිසා ඉක්මනට ලෝඩ්වෙනවා.. ඔහොම යං..

    ReplyDelete
  8. මේ අළුත් ඇඳුම මහලා තියෙන්නේ අපේ උපාසක නේද? එළ එළ

    ReplyDelete
  9. මරු මෙතඩ් එක...හික්ස්

    අලුත් ඇඳුම නම් හොඳයි, ලස්සනට ගැලපෙන්න අන්ඳල තියෙනව

    ReplyDelete
  10. හෆොයි. හාවිත් ගියා සිංහ පන්තියකට. ඒකත් ඔය විදියමයි. කුණු ලට්ට ලොට්ට පිරිලා. හැබැයි ඒ ඔක්කොම පොත් පත් වටින කියන පරණ ඒවා අළුත් ඒවා.
    සර් පුල් කිට ගහලා. නෝනා ඒයි ගාපු ගමන් දුවනවා. ;)

    පිකිස් නම් මතක් කරන්නෙපා..... X-(

    ReplyDelete
  11. නියම ක්ලාස් වලටනෙ පූසොත් ගිහින් තියෙන්නෙ.
    අලුත් ඇදුම ලස්සනයි.

    ReplyDelete
  12. මචං මුලින්න කියන්න ඕනේ... ඈඳුම ගැන. යන්තං මීට පස්සේ සිං සිං ගාලා කතා ටික කියවගන්න පුළුවන්. මේකට ගැජට් බැජට් දානවනම් ටිකක් බලලා දාපං මචං. අපි ඉතිං ඉන්නේ ඩොටේනේ... ඒක නිසා ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා.

    දැන් කතාව ගැන... තව ටිකක් දාපංකෝ තාම කියන්න දෙයක් හිතෙන්නේ නෑ. ඒත් අර සීඩී කේස් එක ගැන ටිකක් හොයලා බලපං.

    ReplyDelete
  13. ඇදුමත් ‍හොඳායි... කතාවත් හොඳායි. ඔක්කෝම හොඳායි....

    ReplyDelete
  14. site eka dan nam load wenawa ikmanata machan,thanks

    ReplyDelete
  15. ෂා...ෂා...ෂාහ්.....
    දැන් නෙ පුසොන්ගෙ ගෙදර ලස්සන.......

    ReplyDelete
  16. තට්ටු වෙන මාරුJanuary 22, 2011 at 6:45 PM

    මම නම් හිතුවේ පූසෝ ටික කේසර සර් ගේ කෙමෙස්ට්‍රී ක්ලාස් ගියා කියලා.ඇත්තට පූසෝ ක්ලාස් කීයකට ගියාද....??????

    ReplyDelete
  17. මටනම් හිතෙන්නේ පූසෝ කස්ටිය හොඳට දරාගැනීමේ හැකියාව සහිත උදවිය කියලයි ..නම නම් ගැල පෙන්නේ නෑ මුං පූසෝ නෙවි . කොටි පැටවු ටිකක් . හි ..හි

    අළුත් ඇඳුම නම් පට්ට දැන් තමයි නමට ගැලපෙන පෙනුමක් තියෙන්නේ ..පට්ට පට්ට ..

    ජය වේවා !!

    ReplyDelete
  18. Pooooos ayiyalata karunika niwedanayai..me EEthala(Arrows) uda click kalata older posts balanna bene...

    ReplyDelete
  19. පූස් අයියලාට කාරුණික නිවේදනයයි..මේ ඊතල උඩ ක්ලික් කලාට මාස අනුව දාල තියෙන පෝස්ට්ස් බලන්න බෑනේ...

    Man EEsha

    ReplyDelete
  20. පිසික්ස් මම ආසම සබ්ජෙක්ට් එක. බ්ලැක් ඔෆිසර් ගම්පහත් ක්ලාස් කරනවද..
    ඇඳුම නම් නියම ගඩොල් ඇඳුමක්නේ..
    ඇඳුමත් ලස්සනයි..බ්ලොග් එකත් ලස්සනයි :D

    ReplyDelete
  21. " හාමුදුරුවනේ රට කෑවේ හාමුදුරුවෝ ... ඉංග්‍රීසි මහත්තය තමයි රට හැදුවේ.. හාමුදුරුවෝ මොනවද කලේ??
    අපේ අල්ලපු වත්තේ තියෙන්නේ පන්සලක් මම නම් කියන්නේ ඔකේ බෝ ගහේ අත්ත කඩාගෙන ඔලුවට වැටියන් කියල..
    දෙමල මහත්තුරු උගන්නපු ඉස්කොලේ කන්න එපා.... "

    ;) ;) ;)

    පූසන්ට මතකද මේ වගේ ටෝක්ස්....

    ReplyDelete
  22. අපිත් බ්ලැක් ඔෆිසර් ගම්පහ ගෝලයෝ ..හූ නම් හූ ..ඕනෙ තැනක :D

    ReplyDelete
  23. @පූසා- හිනා මූණු නොදා තියන්න කියලයි බැලුවෙ, බලමු කස්ටියගෙ ප්‍රතිචාර බලල ඉස්සරහට තව වෙනස්කම් කොරන්ඩ ඕනෑ..

    හිස්සැල්ල සර්ගෙත් පූසො කාලයක් ගියා, පූස භාවනා එහෙම කලේ නැද්ද???

    @Shenya de Silva- ආයෙත් අහල, සමහර දවස් වල ගෙදර එද්දි කතා කරගන්නත් බැරි තරම්.. :D

    @Boralu- කොහොම කොහොම හරි ඔක්කොම කලේ අපිව අන්දන එක තමා යාලු.. බොරුවට බැනගන්නව.. එක්තරා ආකරයක පොලිටික්ස් පාරක් තමා!

    @Beetle- හිකිස්!! සර්ගෙ ඔහොම කතානම් අනන්තයි, පූසොත් හොද හොද කතා අහගත්තලු ඉතින්...

    ReplyDelete
  24. @ItalyDilan- තෑන්කූ වේවාලු ඉතිං!!

    @Buratheno,
    පූසා- එළ එළ මේ පාර අපි කෑලි ගොඩක් අඩු කලා!

    @කොඩී- ස්තූතියි යාලු!

    @හා පැටික්කි (MS)- ඇයි නගා පිකිස් මොකෝ??

    ReplyDelete
  25. @Praසන්ன- තව මරු මරු ක්ලාස් තිබුනා. ඉස්සරහට බලමුකෝ..;)

    @prasanna86k- මොනා හොයන්නද බං, ඒ කාලෙ හැමෝම පොර කකා ඕක බැලුවෙ.. :)) උඹ දැක්කෙ නැතෙයි?

    ඇදුමටනම් වැඩිය කෑලි දාන්න අදහසක් නැහැ මචෝ. කෑලි අඩු කලෙත් ඒ ගැන කස්ටියගෙ අදහස දැනගන්න තමා..

    @චතුවා (ළමයා)- හික්ස්! ස්තූතියි යාලු..

    @chamath- එලාස්!!

    ReplyDelete
  26. @සොඳුරු සිත- තෑන්කූ අක්කියා!

    @තට්ටු වෙන මාරු- එහෙත් ගියා යාලු, පූසො ටික ගම්පහ තියෙන ඔක්කොම ක්ලාස් චෙක් කොරල බැලුවනෙ..

    @හිස් අහස- ස්තූතියි යාලු.. පික්ෂුද අනේ, අපි අහිංසක පූසො පැටවු ටිකක්නොවැ...

    @Ano(EEsha)- oops එහෙමද? දැන්ම ඒගැන බලන්නම්.. තෑන්කූ වෙවා!!

    ReplyDelete
  27. @priyantha.ඒබී- "බ්ලැක් ඔෆිසර් ගම්පහත් ක්ලාස් කරනවද.." යාලු බ්ලැක් ඔෆිසර්ගෙ ගම්පහ ක්ලාස් එක හරි ප්‍රසිද්ධයිනොවැ.. අහල නැතෙයි??

    @Anonymous- හික්ස් විත් ලොල්ස්!! සර්ගෙන් අහපු කතා විතරක් දාල වෙනම පෝස්ට් එකක් වුනත් ලියන්න ඇහැකිනොවැ..

    යාලුත් ගියෙ ගම්පහ ක්ලාස්ද??

    @Confiuzd ප්‍රෝග්‍රැමර්- අනිවා ඩෙෆා!!

    ReplyDelete
  28. මමත් කුරුඳුවත්ත ඉස්කෝලෙට සහ ලියනගේ සර් ගෙ පන්තියට තමා ගියේ,සර් දැඩි මතධාරියෙක් උනාට, හරිම කරුණාවන්ත පුද්ගලයෙක්... ඒක පිටට පේන්නේ නැහැ. මම සර්ගෙ සමහර කතා එක්ක එකඟ නොවුනත්, සර් කියන්නේ සෘජු ප්‍රතිපත්තියක් තියෙන ඉතා සරල මිනිහෙක්, මම එය අතිශයින් අගය කරනවා... සර් ඔය කොච්චර සිංහලයාට බැන්නත් ඒක කරන්නේ තරහට නෙමෙයි කියලා හොඳට බැලුවොත් තේරෙයි... බනින්න හේතුව තමා, ඇත්තටම සර්ට සිංහලයා ගැන කැක්කුමක් තිබීම (වෙන්නේ අද ඉන්න නිවට සිංහලයා සමච්චලයට ලක් කිරීම පමණයි.), කොහොම උනත් සර්ගෙන් විෂයට වඩා ඉගෙන ගත් දේවල් අනන්තයි... එහෙම ගුරුවරුන්ගේ පරපුරේ අවසාන පුරුකක් තමා ලියනගේ සර් කියන්නේ... මොරටුවේ හිටියත් තවමත් මම සර්ව හමුවෙන්න ඉඳ හිට යනවා.... :)

    ReplyDelete
  29. ෂහ්, අලුත් කිට නම් මාරයි, මල්ලිලා, කතාවත් ඉතිං වෙනද වගේම මරු,

    ReplyDelete
  30. මචෝ, අනං මනං කෑලි බෑලි ඕන නෑ.. මෙහෙම ‍හොදයි.. කමෙන්ට්ස් ටික නිකං එකගොඩේ වගේ පේන්නෙ.. ඒක පොඩ්ඩක් හදන්න බලන්න.. ක‍මෙන්ට්ස්වල ෆොන්ට් සයිස් එක තව චුට්ටක් ලොකුකරන්න..

    ReplyDelete
  31. @ bloggadol ඔව් ඔව් වෙනම බ්ලොග් එකක් ලියන්න පුළුවන් සර් ගේ කතා දාල.. මම ගම්පහ ක්ලාස් ව්තරක් නෙමෙයි ඉගෙන ගත්තෙත් කුරුදුවත්ත විද්‍යාලෙට i think i knw u guys :)

    ReplyDelete
  32. නියම සර් කෙනෙක් හි හි හී

    ReplyDelete
  33. ෆිසික්ස් කියන්නේ මගේ ආසම විශයක් බන්. කිව්වට විශ්වාස කරපන් මට ඒ එකක් තිබ්බ නොවැ. හික් හික්...

    අලුත් ඇඳුම මරු. උබ පෝස්ට් විදලනෙ බන් මේ ඩිංගට දැන් ඉතින් කොනක සිට බලමුකො...

    ReplyDelete
  34. පට්ට සර් කෙනෙක්....ගුරුඋතුමෙක් කිව්වොත් නිවැරදියි....

    ReplyDelete
  35. ඇඳුම ලස්සනයි..

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???