අඹ යාලුවෝ

Saturday, November 6, 2010

කලුකුමාරි RELOADED - තට්ටයාගේ හෝරාව


ඔන්න යාලුවනේ හා හා පුරා කියලා නොවැම්බර් මාසෙ බ්ලොග් කටයුතු පටන්ගන්නයි යන්නෙ.තව දවසක් දෙකක් පරක්කු වෙලා ලියන්න හිතුවත් ටැබූ ගොයියා වගේ බ්ලොග්අවකාශෙ පතාක යෝධයෙක්ගෙන් රෙකමදාරුවක් ලැබුනට පස්සෙ අදම මේ ලිපිය ලියන්න ඕනෙයි කියලා හිතුනා.හික් හික්!!හැබැයි ඉතිං වැඩිපුරම සතුටු හිතුනෙ මෑන්ස් මාව "යොවුන්" කියන කැටගරියට ඔබලා තියනවා දැක්කට පස්සෙ.

පහුගිය දවස්වල ගොඩක් හොස්ටල් කතා ලිව්ව හින්දා අපේ උපාසකයි ඤාව්වයි ගැන වැඩිය ලියන්න බැරිවුණා.මොකද පූසන්ගෙන් හොස්ටල් එකේ හිටියෙ පුරුපුරුයි මාලුකට්ටයි විතරයි නොවැ!ඉතිං අද අපි ලියන්නෙ පූසො සෙට් එකේ ආතල් කතාවක්.

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි කලුකුමාරි ගැන ලියපු සීරීස් එක? කියවපු නැති අය කැමතිනං ගිහිං කියවලා එන්නකෝ.අපේ අවසරයක් නැතුව එළකිරි අඩවියෙත් පළවෙච්ච සීරීස් එකක් තමයි ඔය

කලුකුමාරි 1
කලුකුමාරි 2
කලුකුමාරි 3
කලුකුමාරි 4

ඉතිං මේ සිද්දිය වුණෙත් ඔය කලුකුමාරිගෙ කේස් එක වෙලා ටික දවසකට පස්සෙ.කලුකුමාරි වෙනුවෙන් සෙට් එකක් එක්ක ඇවිත් ඤාව්වාට සද්ද දාලා, පුරුපුරුට ගහපු දිගා ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොලුවෙක් නොවැ!ඉතිං මෑන්ස් ඊට පස්සෙ රෝහණදීරගෙන් ගුටිකෑවටම ඒ ඉස්කෝලෙ කොල්ලන්ගෙ හිත් සෑහෙන්න රිදුනා.ඒත් එහෙම කියලා රෝහණදීරට තඩිබාන්නයැ!ඉතිං පූස්ගම හිටපු ගම්පහ පිරිමි ඉස්කෝලෙට ගිය කොල්ලො සෙට් එක ඇගිලි ගැන ගැන හිටියෙ පූසන්ට ගේමක් දෙන්නෙ කොහොමද, කවදද කියලා.ඔහොම සති දෙක තුනක් ගියත් කාගෙන්වත් පූසන්ට කිසිම තර්ජනයක් එල්ල වුණේ නෑ.ඉතිං අපේ පූසො සෙට් එකත් හිතාගත්තලු දෙයියන්ගෙ පිහිටෙන් ඒ සිද්දියත් එතනින් ඉවරයි කියලා.

කියන්න ලැජ්ජ වුණත් ඒ දවස්වල ඕ ලෙවල් කිට්ටු නිසා ඤාව්වයි මාලුකට්ටයි සිංහල පන්තියකට ගියා.ඒ පන්තියත් අර කලුකුමාරි කතාවෙ සමාජ අධ්‍යයනය පන්තිය වගේම බොහොම පොඩි ක්ලාස් එකක්.ඉතිං ඔය පන්තියට ගම්පහ පිරිමි ඉස්කෝලෙ ළමයි කීප දෙනෙකුත් ආවලු.ගොඩක් වෙලාවට ඔය කොල්ලො සෙට් එක පන්තියට එන්නෙ හොදට අනුමත වුණාට පස්සෙලු.සර්රුත් එච්චර අවුලක් නැති නිසා බීමත්ව අධ්‍යාපනයේ යෙදීම ගැන කිසිම ප්‍රශ්නයක් ඒ අයට ඇතිවුණේ නෑ.මේ සෙට් එක ලීඩ් කළේ "තට්ටයා" කියලා හදුන්වපු කොන්ඩෙ කොටටම කපපු කොල්ලෙක්.

ඔන්න එක දවසක් පන්තිය පටන් අරන් පැය බාගයක් විතර ගියාට පස්සෙ මේ කොල්ලො සෙට් එක පන්තියට ආවලු.බැලින්නං යාලුවො සෙට් එක කන් පාත් වෙන්න බීලා.ඉතිං ටිකක් වෙලා ගිහිං ක්ලාස් එකේ ඉන්ටර්වල් එකත් දුන්නලු.දැන් කට්ටිය වතුර බොන්න ටැප් එක පැත්තට යන වෙලාව.අපේ ගම්පහ කොල්ලො සෙට් එකත් පූසො දෙන්නත් එක්ක වැනි වැනී ඒ පැත්තට යනවලු.ඔය වෙලාවෙ තමයි තට්ටයයි ඤාව්වයි අතරෙ මෙහෙම කතාවක් ඇතිවුණේ

තට්ටයා :- අඩෝ ඤාව්වා, ඉස්සරහ කඩේට ගිහිං අපිට ටොපි අරන් වරෙන්.......

ඤාව්වට තේරුණා තට්ටයා එන්නෙ හොදකට නෙවෙයි කියලා.තට්ටයා ඒ දවස්වල ඒ පැත්තෙ ප්‍රසිද්ද මැර ඩයල් එකක්.ඒ හින්දා මෑන්ස් එක්ක පැටලෙන්න යන එක කොහෙත්ම නුවණට හුරු නෑ.රෝහණදීරට හැමතිස්සෙම වලි වලට කතා කරන්නත් බෑ නොවැ!අනික එතන පූසන්ට හිටියෙ ඤාව්වයි මාලුකට්ටයි විතරයි.ඉතිං ඒ කොල්ලොත් එක්ක ගහගන්න එකයි, මාලුකට්ටාව පරිස්සං කරන එකයි ඤාව්වට එකට කරන්න පුලුවන්යැ.ඇරත් බීල සිහි විකල් වෙලා ඉන්න තට්ට සෙට් එක මොනවගේ දෙයක් කරයිද කවුද දන්නෙ?ඒක හින්දා පොඩ්ඩක් ෂේප් එකේ උත්තර දෙන්න ඤාව්වා තීරණය කළාලු.

ඤාව්වා :- මම වතුර බොන්න යනවා මචං.උඹලම ගිහි අරං වරෙං වෙරි හිදෙන්නත් එක්ක

ඒත් ඉතිං කොක්කක් දාගන්න උවමනාව තියනවනං ඇවිත් තමන්ට වැන්දත් ඒ ටික ඇති නොවැ!ඒ නිසා ඤාව්වා තමන්ට කියපු දේ වලියක් දාගන්න ඕනෑවටත් වඩා වැඩියි කියලා තට්ටයා හිතුවලු.

තට්ටයා :- අඩෝ! උඹ හිතුවෙ රෝහණදීර අයියා ලව්ව දිගාට ගැස්සුවාම උඹ හෙන පොරක් කියලද? උඹ දැනගනිං මට තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ තට්ටයා කියන්නෙ.උඹ මට අපහාස කරල බේරිලා යන්නද හිතන් ඉන්නෙ?

මෙහෙම කියපු තට්ටයා ඇතුලු සෙට් එක වෙන පැත්තකට ගියාලු.කොහොමහරි එදා පන්තියෙ ඉතුරු වෙලාව ඤාව්වයි මාලුකට්ටයි ගතකළේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව.පුරුපුරුටයි උපාසකටයි සිද්දිය කියන්න විදිහකුත් නෑ.මොකද ඒ දවස්වල මොබයිල් ෆෝන් එකක් කියන්නෙ ලේසියෙන් දැකගන්න ලැබෙන වස්තුවක් නෙවෙයිනෙ.කොහොමහරි පන්තිය ඉවරවෙලා ටික දුරක් ඇවිදගෙන යද්දි ඤාව්වව වට කරගත්තු තට්ට සෙට් එක මෑන්ස්ට අම්බානට නෙලුවලු.ඇති යාන්තම් මාලුකට්ටාට මොනවත් කරලා තිබුනෙ නෑ.මොකද ඒ දවස්වල මාලුකට්ටා, නිකං රුවන්ඩාවෙන් ගෙනාපු බෝංචි කරල වගේ හොද පෘෂ්ටිමත් පූසෙක්.

ඤාව්වා ගුටිකෑවයි කියලා පුරුපුරුටයි උපාසකටයි ආරංචි වුණේ පහුවදා උදේලු.දෙයියන්ගෙ පිහිටෙන් ඤාව්වාට ගුටිකාලා ලොකු අමාරුවක් වෙලා තිබුනෙ නෑ.ඉතිං දැන් අපේ පූසො කට්ටිය ප්ලෑන් කරනවා මොකද්ද ඊළගට කරන්න ඕනෙ කියලා.ඤාව්වා ගුටි කාපු නිසා අනිවා රිටර්න් එකක් දෙන්නම ඕනෙ.ඔය තට්ටයා කියන්නෙ එච්චරම උස මහත කොල්ලෙක් නෙවෙයි.අනික මෑන්ස් ගැන අපේ පූසො එච්චර විස්තර දැනගෙන හිටියෙත් නෑ.පුරුපුරුනං මෑන්ස්ව දැකලවත් තිබුනෙ නෑ.ඒක නිසා තට්ටයා ගැන වහාම හොයලා බලන්නයි, මේ සිද්දිය ගැන රෝහණදීරට දැනුම් දෙන්නයි කට්ටිය අන්තිමට තීරණය කළාලු.

ඉතිං පහුවදා හවස පුරුපුරු ගියාලු රෝහණදීරව හම්බවෙන්න.මෑන්ස් නිතරම ඉන්න කඩේ ළගට යනකොට, අතරමගදි මෙන්න බොලේ කො‍ල්ලො සෙට් එකක් පුරුපුරු දිහා බලන් ඉන්නවා කින්ඩියට හිනාවකුත් දාගෙන.කට්ටිය ස්කූල් යුනිෆෝම් එකත් ඇදගෙන තමයි හිටියේ.යුනිෆෝම් එකේ තිබුන ගම්පහ පිරිමි ඉස්කෝලෙ බැජ් එකෙනුයි, කොටටම කපලා තිබුන කොන්ඩෙනුයි, එතන ඩයල් එක වගේ හිටපු කොල්ලා තට්ටයා වෙන්න ඇති කියලා හිතාගන්න පුරුපුරුට අමාරු වුණේ නෑ.

"චික් විතරක්!රෝහණදීරයා දැන් මෙතන හිටියනං මුං සෙට් එකටම නෙලන්න තිබුනනෙ.කමක් නෑ, දැන් මුන්ට සද්දයක් දාලා ගිහින් රෝහණදීරව එක්කගෙන ඇවිත් තව ටිකකින් මුන්ට නෙලනවා"

පුරුපුරු හිතුවලු.ඉතිං අපේ පූසා කළේ වහාම හිනාව දාපු කොල්ලො සෙට් එක ළගට ගිය එක

පුරුපුරු :- උඹ නේද තට්ටයා කියන්නෙ?

තට්ටයා :- ඔව්! මමනං දන්නවා උඹ පුරුපුරු කියලා.කොහොමද උඹලගෙ ඤාව්වා සනීපෙන් ඉන්නවද?

පුරුපුරු :- ඔව් ඔව්!! උඹටත් අපි ඒ සනීපෙම දෙන්නංකො.ටිකක් ඉවසලා හිටපං

තට්ටයා :- උඹ කුරුදුවත්තෙ ඉස්කෝලෙ ගියා කියලා හෙන පොර කියලද හිතන් ඉන්නෙ? උඹට අපි දැන් ගහන්නෙ නෑ.ලබන සෙනසුරාදා ගුටිකන්න බලාගෙන පූස්ගම ටවුන් එකට වරෙන්

පුරුපුරු :-උඹත් ගුටිකන්න බලාගෙනම ටවුන් එකට වරෙන්

පුරුපුරු කිව්වා.ටවුන් එක මැද්දෙ හිටපු නිසා එතන වලියක් දාගන්න තට්ට සෙට් එක කරමති වුණේ නෑ.අනික් අතට පුරුපුරුව එතනින් එහාට අරගෙන යන්න තරං හැකියාවක් එතන හිටපු කට්ටියට තිබුනෙ නෑ.ඒක හින්දා ඒ වෙලාවෙ ගුටිකන්නෙ නැතුව බේරෙන්න පුරුපුරුට පුලුවන් වුණාලු.මෑන්ස් ඊට පස්සෙ වහාම ගියෙ රෝහණදීරව හම්බවෙන්න.ලබන සෙනසුරාදා රෝහණදීර ලව්ව තට්ටයාගෙ තට්ටෙ පලන්න පුරුපුරුට තිබුනෙ ලොකු අධිෂ්ඨානයක්.පුරුපුරු යනකොට රෝහණදීර ඉන්නවා ප්ලේන්ටියක් බිබී කඩේ ඇතුලෙ.

රෝහණදීර :- ආ...පුරුපුරු මල්ලි, එන්න එන්න, මොකෝ මේ හදිස්සියෙ අපිව මතක්වෙලා තියෙන්නෙ? ඤාව්වා ගුටිකාපු එක කියන්නද?

හතර විලි ලැජ්ජාවයි.මේ යකා ගුටිකාපු එක මුලු පූස්ගමම දන්නවද කොහෙද? ඒත් රෝහණදීර මේ බවක් දැනගෙනත් නිකමටවත් කලින් අහල බැලුවෙ නෑ නොවැ! සාමාන්‍යයෙන්නං මෑන්ස්ට වලියක් ගැන කියන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ.රෝහණදීර කියන්නෙ වලි හොයාගෙන එන ජාතියෙ බුවෙක්.මේ වෙච්ච සිද්දියෙන් තක්බිරිෆයිඩ් වුණ පූසා රෝහණදීරගෙන් මෙහෙම ඇහුවලු

පුරුපුරු :- ඇයි අයියා සිද්දිය දන්නවද?

රෝහණදීර :- හික් හික්...අපි නොදන්න වලියක් මේ පූස්ගම කියනවද මල්ලි?ඒත් මේ කේස් එකටනං මට අතදාන්න බෑ.මොකද තට්ටයා කියන්නෙ මගෙ නෑදෑ මල්ලි කෙනෙක්.උඹලට මම ගහන්නෙ නැතිව ඉන්න එක තමයි මේ සිද්දියෙදි මට කරන්න පුලුවන් ලොකුම උදව්ව.වෙන ඕන කේස් එකක් කියපං, දන්නවනෙ ඉතිං මම අනිවා එතන!

මළ කෙලියයි! මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු.බැලින්නං තට්ටයා කියන්නෙ රෝහණදීරගෙ නැන්දා කෙනෙක්ගෙ පුත්තරයෙක්.දැන් ඉතිං ලබන සෙනසුරාදා අරුන් තිස්පහක් හතලිහක් විතර එක්ක, දහ පහළොස් දෙනෙක් අරන් ගිහින් තමයි ගහගන්න වෙන්නෙ.පුරුපුරුත් පත්වුණේ බැට් එක නැතිවෙච්ච මාලිංගගෙ තත්ත්වෙට.

ලබන සෙනසුරාදා මොකද වුණේ කියලා ඊළග ලිපියෙන් බලමු නේද?
(මෙගා නාට්‍යයක් නෙවෙයි.ඊලග කොටසින් කතාව ඉවරයි)

29 comments:

  1. සංගක්කාර වගේ මාරු වුණානම් ඔය මාලිංගට වෙච්ච දේ වෙන්නෙ නෑනෙ. ඒක නෙවෙයි මාලිංගට බැට් එක හම්බ වුණාද ?

    ReplyDelete
  2. පුරු පුරුටත් වෙන්නේ මාර කේස් තමයි

    ReplyDelete
  3. "නොවැම්බර් මාසෙ බ්ලොග් කටයුතු පටන්ගන්නයි යන්නෙ"

    ඕක කියන්න ඕනෙ පට්ටාටාං.........ගන්නයි යන්නෙ කියල. පිස්සු පූස්ල කියන්නෙ ඒ විදිහට

    ReplyDelete
  4. හරි.. පූසෝ ටිකට අඹ සරණයි වගේ... හිකිස්.. :q :n

    ReplyDelete
  5. puusoo guti kai da:j tattaya guti kai da:j

    ReplyDelete
  6. අම්මට **** නේ පුරුපුරුටත් වෙන වැඩ... අද දවසම ඉල නැතුව හිටියේ මාලියගෙ බැට් එක නැතිවෙච්ච කේස් එක බලලම...

    ReplyDelete
  7. සාම ගිවිසුමක්වත් ගහ ගන්න නෝර්වේකාරයෙක් හිටියෙ නැද්ද?

    ReplyDelete
  8. කාපං පුතා.. බීපු කිරි වමාරන්ඩම....

    ReplyDelete
  9. දැන්නං පූසො ටික ගුටිකන හැටි මැවිල පේනව. :n

    ReplyDelete
  10. ඔයාල මේ" එලවලු ඉස්කෝලෙ "ගැන තරහකින්ද ඉන්නෙ?හැම වෙලේම එයාලට මඩ ගහනවා!;)
    කොහොම වුනත් ඉතින් කුරුඳුවත්තෙ ඉස්කෝලෙ කට්ටියට එයාලගෙන් ගුටි කන්න වුණ එක දුකක්.අත දිග ඇරලා නෙලන්න තිබුනනෙ.ආයෙ එහෙම ඔහොම කරදරයක් වුණොත් අපිට කියන්න.අපේ කස්ටිය එවන්න
    :k
    : :t :t :t :t

    ReplyDelete
  11. පුසෝ ටික කයි වගේ හොඳ කෑමක් මේ පාර :n

    ReplyDelete
  12. සිරාවටම මාලිංගට බැට් එක හම්බවුනාද දන්නෑ නේද?
    කතාවේ ඉතුරු ටිකත් ඉක්මනට දාන්න.........

    ReplyDelete
  13. ඊලග සැරෙ කයි වගේ හොදට පුසො ටික..... දුකේ බැ... අතපය බෙරන් එන්න කියලා ප්‍රාර්තනා කරනවා... :q :q

    ReplyDelete
  14. පූසන්ට සාජන් මහත්තයාගෙම පිහිටයි......

    (මම බ්ලොග් ලියද්දී පූසන්ගේ වාග් මාලාවේ වචන කීපයක් යොදා ගත්තට අවුලක් නැද්ද?)

    ReplyDelete
  15. @ makuluwa

    kisi awlak ne machan. ona tharam ganin

    ReplyDelete
  16. මේ පුසෝ ටික අන්ඩපාල පුසෝ ටිකක්නේ, අනිවා මුන් ගුටි නොකා බේරෙන්න ඈති.

    ReplyDelete
  17. පූසන්ට මගෙ සුබ පෑතුම් සම්මනයට පාත්‍ර වීම නිමිත්තෙන්.

    දෑන් මක් කොරන්නද මාලු කට්ටගෙ පිස්තොලෙ වත් ප්‍රයොජනයට ගන්න තමා වෙන්නෙ.

    ReplyDelete
  18. ඉතුරු ටිකත් බලලම ඉමුකො මොනව හරි ලියන්න....

    ReplyDelete
  19. "පුරුපුරුත් පත්වුණේ බැට් එක නැතිවෙච්ච මාලිංගගෙ තත්ත්වෙට"
    mama nam asama me tikata :D

    ReplyDelete
  20. පූසන්ට සදා සොත්ති වෙන්න වැදුණාවත්ද ?

    ReplyDelete
  21. ඊට පස්සෙ මොකද උනේ කියනවද මෙයා..

    ReplyDelete
  22. kiyannam kiyannam yaaluwane senasuradata!:g:g:g

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. කෑමක් තමයි.... ලිස්සා යෑමේ න්‍යාය දාගන්න එක තමයි කරන්න තියෙන නුවණක්කාරම වැඩේ.... යාළුවගෙ පිස්තෝලෙ ගැන ඇත්ත සීන් එක රෝහනධීර නොදැන හිටියනම් නැන්දගෙ පුතා නෙමෙයි රෝහනධීරත් පූස් මලයලට අත උස්සන්න හිතන්නෙ නෑ...

    කුරුඳුවත්තෙ ඉස්කෝලෙ හින්ද ටිකක් කෑවත් කමක් නෑ...

    ReplyDelete
  25. අවසාන කොටසත් දැම්මට පස්සේ ඔක්කෝම එක පාරම කියවනවා. නැත්නම් කිසි ගතියක් නෑ වගේ . . හික්ස්

    ReplyDelete
  26. හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ අදහස් පළකළාට

    :g:g:g:g:g:g:g:g:g:g:g

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???