අඹ යාලුවෝ

Saturday, November 13, 2010

කලුකුමාරි RELOADED - මාලුකට්ටේය අභිමානය


ඔන්න යාලුවනේ සතියකින් පස්සෙ අපි ආපහු ආවා.අපි එදා කිව්වෙ තට්ටයා ඤාව්වට ගහපු නිසා පුරුපුරු ගිහින් මෑන්ස් එක්ක වලියක් දාගත්ත හැටියි, පස්සෙ රෝහණදීරට පූසො වෙනුවෙන් වලියට බහින්න බැහැයි කියපු නිසා පුරුපුරු අසරණ වෙච්ච හැටියි ගැනනෙ.ඉතිං කලුකුමාරි ගැන ලියවුණු අපේ පරණ ලිපි කියවපු නැති යාලුවො මෙතනින් ගිහින් බලලා එන්නකෝ.

කොහොමහරි ඉතිං පුරුපුරු ගිහිං අනිත් පුසන්ට මේ සිද්දිය කිව්වම මුලු පූසො සෙට් එකම හෝදලා ගියා.කට්ටිය දැන් එක එක අතවල් බලාගෙන ඔහේ කල්පනා කර කර ඉන්නවා.තට්ටයා වගේ නමගිය මැර ඩයල් එකක් එක්ක වලියක් දාගෙන ලේසියෙන් ෂේප් වෙන්න බැහැ.එහෙම ෂේප් වෙන්න හරි ගහන්න හරි ඕනෙනං රෝහණදීර වගේ ඊටත් වඩා ලොකු මැරයෙක්ව කන්ටෑක්ට් කරන්න ඕනෙ.ඒත් ඉතිං රෝහණදීරත් බෑ කිව්වට පස්සෙ පූසො කියල මක් කොරන්නද හැබෑට?

අන්තිමට පුරුපුරුගෙයි උපාසකගෙයි අයිඩියා එක වුණේ ඊළග සතියෙ පුස්ගම ටවුන් එකට යන්නෙ නැතුව වෙන ෂෝට් කට් එකකින් ගෙදර යන්න.හැබැයි ඉතිං තට්ටයාට චැලේන්ජ් කරලා, ඊට පස්සෙ වලියට යන්නෙ නැතුව, ඊටත් පස්සෙ ඒ පැත්තෙ කොල්ලො ටික සිද්දිය දැනගත්තම පූසන්ගෙ සායමේ අන්තිම බිංදුවත් හෝදල යන එක නවත්තන්න කාටවත් බෑ.ඒත් ඉතිං එහෙමයි කියලා කාටද අම්බානට ගුටිකන්න පුලුවන්?ඉතිං සතියම ප්ලෑන් කළත් වෙන හොද ඔප්ෂන් එකක් හොයාගන්න අපේ පූසො සෙට් එකට බැරිවුණාලු.රැවුලයි කැදයි දෙකම බේරගන්න බෑ නොවැ!

හැබැයි උපාසකයි පුරුපුරුයි මොනවා කිව්වත් මාලුකට්ටගෙනං කිසිම අයිඩියා එකක් තිබුනෙ නෑ සතුරා හමුවේ පසුබහින්න.මෑන්ස් කිව්වෙම ගුටිකෑවත් කමක් නෑ, පූසො ටික තට්ටයා එක්ක වලියට යන්න ඕනෙමයි කියලා.තමන්ගෙ පරම්පරාවෙ කවුරුවත් කවදාවත් කාටවත් බයේ පැනලා ගිහිල්ලා නෑ කියලා තමයි මාලුකට්ටා පොරටෝක්ස් දුන්නෙ.අන්තිමට මෑන්ස් තීරණ‍ය කළේ අනිත් පූසෝ ආවෙ නැතත් තමන් තනියෙන් හරි මේ ගමන යනවයි කියලා.

කොහොමහරි මාලුකට්ටගෙ කරදරෙන් බේරෙන්නම බැරි තැන අනිත් පූසන්ටත් ඊළග සෙනසුරාදා තට්ටයාගෙන් ගුටිකන්න යන ගමනට යන්න එකග වෙන්න සිද්දවුණාලු.අනිත් පූසො මාලුකට්ටාට දාපු එකම කොන්දේසිය තමයි අර ඇටබෝල තුවක්කුව මේ වලියට ගේන්න බැරි වග.

ඉතිං තීරණාත්මක සෙනසුරාදා දවස උදා වුණේ ඇහිපිය ගහන වේගෙන්.එදා උදේ අර පූසො බියර් බීපු ලිට් ක්ලාස් එක ඉවර වෙලා අපේ පූසො සෙට් එක එළියට බැස්සෙ ගැහි ගැහි වාගෙ.දැන් ඉතිං තට්ටයාගෙ හෝරාව උදා වෙලයි තියෙන්නෙ.ඉතිං අපේ යාලුවො කට්ටිය හිමින් සීරුවෙ පූස්ගම ටවුන් එක පැත්තට ඇදුනලු.ගිහින් බැලින්නං තට්ටයා පේන්න නෑ.මේකා බැරිවෙලාවත් පුසන්ට බයේ ටවුන් එකට ඇවිත් නැද්ද? අපේ මාලුකට්ටගෙ අදහස වුණේනං ඒකයි.ඉතිං අපේ පූසන්ගෙ බයත් පොඩ්ඩ පොඩ්ඩ ඇරිල යන්න පටන් ගත්තලු.

කට්ටිය ටවුන් එකට වෙලා හිනා වෙවී ඉන්න අතරෙ පුරුපුරු දැක්කා ඤාව්වගෙ හිනා මූණ එකපාරටම විකෘති වෙලා යන හැටි.ඤාව්වා බලාගෙන හිටපු පැත්ත දිහා බලපු පුරුපුරුගෙ මූණත් ඒ වගේම විකෘති වුණාලු.බැලින්නං බස්ටෑන්ඩ් එකේ ඈත කොනකින් තට්ටයාගෙ තට්ට ඔලුව මතුවෙලා.ටික ටික මෑන්ස්ගෙ ඔලුව පිටිපස්සෙන් තව තව ඔලු මතුවෙන්න පටන් ගත්තලු.මෙන්න බොලේ තට්ටයා පූසන්ට පහර දෙන්න පනහක විතර සෙට් එකක් අරන් ඇවිල්ලා.මෑන්ස්ගෙ පස්සෙන් මෙරු මතුවෙනවා වගේ තමයි ගම්පහ පිරිමි ඉස්කෝලෙ කොල්ලො සෙට් එකක් මතුවුණේ.දැන් ඉතිං පූසො හතරදෙනා ෆුල් නස්තාර්.කට්ටියගෙම ඇස් ඉබේම හැරුණෙ වීර මාලුකට්ටා හිටපු පැත්තට.

මෙන්න බොලේ අපේ මාලුකට්ටා තට්ටයාව දැකලා කට කට ගාලා ගැහෙනවා.මූණත් රතුවෙලා.

මාලුකට්ටා:- මචං, අදනං ගහගන්න බෑ වගේ.අපි ලබන සතියෙ මුන්ට ඇටෑක් එකක් දෙමු

මෙහෙම කියපු අපේ පූසා අනිත් යාලුවන්ගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් අනිත් පැත්ත හැරිලා දුවන්න පටන් ගත්තලු.එතකොටම තමයි බස්ටෑන්ඩ් එකට ආපු බස් එකක් නිසා තට්ටයාට පූසන්ගෙ දර්ශන පථය ඇහිරුණේ.දැන් පුරුපුරුටයි, උපාසකටයි, ඤාව්වටයි උදාවෙලා තියෙන්නෙ "නව් ඕර් නෙවෙර්" ආකාරයෙ අවස්ථාවක්.කරන දෙයක් දැන්ම තීරණේ කරන්න ඕනෙ.නැත්තං බස් එක එතනින් ගිය හැටියෙ තට්ට සෙට් එක ඇවිත් පූසන්ට අම්බානට නෙලනවා.

ඤාව්වා:- මචං, මාලුකට්ටා කියපු හින්දනෙ අපි මෙතෙන්ට ආවෙ.දැන් ඌත් දුවපු එකේ අපිත් දුවලා බේරේමු

මෙහෙම කියපු ඤාව්වත් ආපහු හැරිලා දුවන්න ගත්තලු.මාලුකට්ටයි ඤාව්වයි දුවනවා බලන් හිටපු පුරුපුරුයි උපාසකයි කළේ හිත හිතා ඉන්නෙ නැතුන යාලුවො දෙන්නා පස්සෙන් දුවපු එක.කොහොමහරි බස්එක එතනින් අහකට ගන්නකොට පූසො කවුරුවත් එතන හිටියෙ නෑ.පස්සෙ ආරංචි වෙච්ච හැටියට තට්ටයා ඇතුලු සෙට් එක පැය කාලක් විතර පූසො හොය හොයා ඒරියා එකම සර්ච් කරලා, පස්සෙ හොයාගන්න බැරිවුණ තැන ආපහු යන්න ගිහින්.

අන්තිමට ඉතිං ඔයින් මෙයින් සිද්දවුණේ අපේ පුසන්ට ටික දවසක් යනකං කලිසම් ඇදගෙන එළියට බහින්න බැරි තත්ත්වයක් උද්ගත වුණ එකයි, වීර මාලුකට්ටාගෙ පරම්පරාවෙ සාමාජිකයෙක් "මුලින්ම" බයේ දුවපු එකයි විතරයි.පස්සෙ ටික දවසක් යනකං පූසන්ව හොයපු තට්ටයා අන්තිමට වැඩේ අතඇරලා දැම්මලු.

ප.ලි - පස්සෙ ඒ ලෙවල් කාලෙ දවසක පුරුපුරු ටවුන් එක මැදින් යනකොට මෙන්න බොලේ තට්ටයයි ඤාව්වයි කඩේකට වෙලා ප්ලේන්ටි බිබී ඉන්නවා.ඔන්න ඔහෙමයි මිනිස්සු වෙනස් වෙන්නෙ.හික් හික්!!

24 comments:

  1. :e තට්ටයගෙ නංගි කෙනෙක් වත් හිටියද දන්නේ නෑ ඤාව්වා එච්චර ආදරෙන් ප්ලේන් ටී බොන්න ගියේ...... මොනා උනත් පුසො සෙට් එක නියම පූස් පාට් දාලා තියෙනවා...... !!!

    ReplyDelete
  2. හික් හික් ඔන්න ඕකටයි ලෝකෙ කැරකෙනවා කියන්නේ.. මරු කතා සෙට් එක.. ඉස්කෝලේ කාලේ සිහි වෙනවා..

    ReplyDelete
  3. හික්ස්ස්.... :c :c වෙලාවට දුවලා බෙරිල තියෙන්නෙ... :b

    ReplyDelete
  4. හු හු චණ්ඩි පුසෝ..... :p : p :p
    ඔය කිව්වට මට ගහන්න ආවත් මම ඔක්කොටම ඉස්සෙල්ල කරන්නේ කකුල් දෙකට පිං දීලා දුවන එක තමා‍.... :a

    ReplyDelete
  5. හිකිස් ඌ තමයි දවසකටවත් පූසා.. :b :t

    ReplyDelete
  6. ඇති යාන්තං, පූසො ටික අද ජීවත්වෙලා හිටියෙ නැතිනම් මේ කතා අහන්නවත් අපිට වෙන්නෙ නෑනෙ. ඒක නිසා ඒ දුවන්න ගත්ත තීරණය මම දකින විදිහට ඉතාම ඥානාන්විත තීරණයක් !!!

    ReplyDelete
  7. dhuwala beruna eka honndha bola. nAththam atha paya hanndhen thama geinna wenne. ara kiwwa wagei hunngak wali dhaaganna un dhenna passe maara fit wenawa. api wagei sahaya naluwo tharahayi thaama.

    ReplyDelete
  8. හප්‍පේ පූසො ටික කාඩ් කුඩුකරගෙන තියෙන්නෙ.
    එහෙම හරි ජීවිතේ බේරගත්ත එක ලොකු දෙයක්.

    ReplyDelete
  9. හපොයි... පූසෝ රෙදි ගලවගෙනනෙ... :I
    මොනව වුනත් මාලුකට්ටගෙ තීරණෙත් වැරැද්දක් කියන්ට බෑ... මොකද අවස්ථානූකූලව පසුබැසීමත් යුධ උපක්‍රමයක් කියනවලුනේ....

    ReplyDelete
  10. සටන් උපක්‍රමයක් විදියට පූසෝ සැට් එක පොඩ්ඩක් පසු බැහැලා.... නැතිව බයේ දිව්වේ නෑලු.... තට්ට‍යා ඒකැ වැරදියට තේරුම් අරන්ලු.. පූසෝ බයේ දිව්වා කියලා.. හික් හික්.. :k :k :q

    ReplyDelete
  11. පට්ට සීන් එක ...... :b :b

    ReplyDelete
  12. අපෙත් ඉස්සර ප්‍රතිපත්තිය ගුටි කෑවත් දුවන්නෙ නෑ කියන එක තමයි. පස්සෙ තමයි තේරුනේ ඒක එච්චර ඇඟට ගුණ නෑ කියල :f

    ReplyDelete
  13. අසික්කිත අවසානයක්... හැබෑට අරුං දෙන්නා කොහොම ෆිට් වෙන්න ඇද්ද? මොකක් හරි හොරයක් තියෙනවා.

    ReplyDelete
  14. පූසන්ට එකතු වෙලා තට්ටයගෙ තට්ටෙ පලන්න තිබුනෙ

    ReplyDelete
  15. අදහස් දැක්විම ගැන හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ!!!

    :g:g:g:g:g:g:g:g:g:g:g

    ReplyDelete
  16. ප්ලේන්ටිය බීපු හේතුව ඊලග episode එක විදියට දැම්මොත් මොකෝ :D

    ReplyDelete
  17. ඤාව්වගෙන් අහලා බලන්න ඕනෙ මචෝ! :i

    ReplyDelete
  18. මාලුකට්ටා තමයි දවසකටවත් මිනිහා.. :q

    ReplyDelete
  19. එහෙනම් පූසන්ටත් වැරදුනා...............

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???