අඹ යාලුවෝ

Wednesday, November 17, 2010

හොස්ටල් ලයිෆ් - කොයින් බොක්ස් එක (The Coin Box)

අපේ යාලුවන්ට මතක ඇතිනෙ අපි මීට මාසෙකට දෙකකට කලින් ලියපු "දිලූශා සහ හංසිනී" කියන සීරීස් එක.ඒකෙ කතාව කෙටියෙන් කිව්වොත්, අපේ මාලුකට්ටා දිලූශායි හංසිනීයි කියලා දැරිවියො දෙන්නෙක් එක්ක ෆිට් වෙලා දෙන්නගෙන් එක්කෙනෙක්ව තෝරගන්න බැරුව ඉන්නවා.පස්සෙ මෑන්ස් කොහොමහරි දිලූශාගෙන් යාලුවෙන්න යාලුවෙන්න අහනවා.ඒත් මාලුකට්ටා එක්ක යාලුවෙන්න බලාගෙන ඉදලා තියෙන්නෙ හංසිනී හින්දා වැඩේ අප්සට් ගිහින් මෑන්ස්ට අන්තිමට කෙල්ලො දෙන්නම නැතිවෙනවා.ඔන්න කියවලා නැති යාලුවන්ට ගිහින් ටක් ගාලා කියවලා සීරීස් එකම කියවලා එන්න පුලුවන්.

දිලූශා සහ හංසිනී 1
දිලූශා සහ හංසිනී 2
දිලූශා සහ හංසිනී 3

කොහොමහරි ඉතින් ඔය වෙච්ච සිද්දියෙන් පස්සෙ අපේ මාලුකට්ටා අම්බානට අප්සට් එකේ හිටියෙ.අපරාද කේස් එකක් නොවැ වුණේ.මාලුකට්ටාට කැමති හංසිනී කියලා දැනගෙන හිටියනං කෙලින්ම ගිහින් හංසිනීගෙන්ම අහන්න තිබුනනෙ.කොහොමහරි ඔය සිද්දිය ගැන මෑන්ස් ලතවෙවී ඉන්න කාලෙක තමයි වේයන්ගොඩ ඉස්කෝලෙ 11 වසර ට්‍රිප් එක යන්න යෙදුනෙ.දුකින් තැවි තැවී හිටපු මාලුකට්ටත් ඔය ට්‍රිප් එකට සෙට් වෙන්න ට්‍රයි එකක් දුන්නත්, කුරුදුවත්තෙ පෝරිසාදයෙක්ව තමන්ගෙ බස් එකක දාගෙන යන්න වේයන්ගොඩ කොල්ලො සෙට් එක කැමති වුණේ නෑලු.

අන්තිමට ඉතිං මෑන්ස්ට සිද්ද වුණේ දිලූශාගෙයි හංසිනිගෙයි ආරක්ෂාව අපේ වේයන්ගොඩයටයි, චාමරටයි බාරදීලා පැත්තකට වෙලා ඉන්න.මාලුකට්ටා කෙසේවෙතත් පුරුපුරුයි, උපාසකයි, ඤාව්වයිනං බයේ හිටියෙ පොල් අරක්කු බෝතලේ දාලා බියර් ගෙනාපු වේයන්ගොඩයා කෙල්ලො දෙන්නට මොනවා කරයිද කියන එක ගැන.කොහොමහරි ඉතිං නියමිත දවසෙ කට්ටිය ට්‍රිප් එක පිටත් වෙලා තිබුනලු.දැන් සෙනසුරාදා වෙනකං මාලුකට්ටාට ඉවසිල්ලක් නෑ.ට්‍රිප් එකේ සිද්ද වුණේ මොකද්ද? දිලූශායි හංසිනියි පොරව මතක් කළාද නැද්ද? වගේ දැනගන්න දේවල් ගොඩාරියයි.

ඉතිං සෙනසුරාදා ලිට් ක්ලාස් එකේ සෙට් වුණාම අපේ යාලුවා මුලින්ම කළේ වේයන්ගොඩයව අල්ලගෙන ට්‍රිප් එක ගැන ඉන්ෆො ගත්තු එක.ඒත් වේයන්ගොඩයානං ට්‍රිප් එකේ සිද්ද වුණ දේවල් ගැන කියන්න වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ.අන්තිමට පූසො කට්ටිය මෑන්ස්ගෙ කනෙං ඇදලා ඇහුවට පස්සෙ තමයි වේයන්ගොඩයා ට්‍රිප් එකේ සිද්ද වුණ දේ ගැන කිව්වෙ.

බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.ඔය දිලූශායි හංසිනීයි කියන්නෙ සාමාන්‍යයෙන් ඉස්කෝලෙ අනිත් ළමයින්ට ලොකු එක දීගෙන ඉන්න ඩයල් දෙකක්ලු.ඉතිං ඉස්කෝලෙ කොල්ලො සෙට් එකට කාලෙක ඉදලා ලොකු අවශ්‍යතාවයක් තිබිලා තියෙනවා මේ දෙන්නට ගේමක් දෙන්න.විශේෂයෙන්ම මාලුකට්ටා ට්‍රිප් එකේදි ගෑනු ළමයි දෙන්නව බලාගන්න කියපු චාමරයි, වේයන්ගොඩයයිත් මේ දෙන්නා එක්ක අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා තමයි ඉදලා තියෙන්නෙ.ඉතිං ට්‍රිප් එක වෙලාවෙ වේයන්ගොඩයාට මේ දෙන්නට ගේමක් දෙන්න මරු අයිඩියා එකක් පහළ වෙලා.

සාමාන්‍යයෙන් ඉතිං කවුරු වුණත් ට්‍රිප් එකක් යද්දි අත් දෙක වන වනා එන්නෙ නෑ නොවැ! දිලූශායි හංසිනීයිත් ඉතිං ඔය ට්‍රිප් එකේදි බොන්න කියලා කොකාකෝලා බෝතලයක් ගෙනල්ලා.ඕක දැක්ක වේයන්ගොඩයා කරලා තියෙන්නෙ කෙල්ලො දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට වෙනකං ඉදලා බෝතලේ උස්සපු එක.හැබැයි මෑන්ස් බෝතලේ අරගෙන නිකං ඉදලා නැහැ.බෝතලේ තිබුන කෝක් වලින් කාලක් විතර බීපු වේයන්ගොඩයා කරලා තියෙන්නෙ, ට්‍රිප් එකේදි අනුමත වෙන්න කොල්ලො ගෙනාපු අරක්කු බෝතලේකින් ටිකක් කෝක් බෝතලේට පුරවලා, ආපහු තිබුන තැනින්ම තියපු එක.ඇත්තටම මත්පැන් කලවම් කිරීම සම්බන්දෙන් මෑන්ස්ට තියෙන අත්දැකීම් සහ ඉතිහාසය බැලුවම කවදාහරි පොර නතර වෙන්නෙ හොර අරක්කු මුදලාලි කෙනෙක් වෙලා තමයි.

කොහොමහරි ඊටපස්සෙ තමයි හොදම හරිය වෙලා තියෙන්නෙ.වටේ පිටේ හිටපු කෙල්ලන්ටත් පොඩ්ඩ පොඩ්ඩ දුන්නට පස්සෙ දිලූශායි හංසිනීයි තමයි කෝක් බෝතලේ වැඩි හරියකට වග කියලා තියෙන්නෙ.අලුතින් මාකට් එකට එන කෝක් පරණ එව්වාට වඩා රහයි කියලත් දෙන්නගෙන් එක්කෙනෙක් කිව්වලු.ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ ගෑනු ළමයි දෙන්නටම හොද පදමට ගණංලු.වේයන්ගොඩයා කියපු හැටියට ඊට පස්සෙ වෙලා තියෙන්නෙ දිලූශා, හංසිනීගෙ යම් කිසි ශරීර ප්‍රදේශයක් අනවශ්‍ය විදිහට ස්පර්ශ කරපු එක.අපේ ටැබූගෙ භාෂාවෙන් කියනවනං පොඩි සමරිසි පාර්ට් එකක් දාලා.පොඩි පාර්ට් එකක් වුණත් ඉතිං අපේ අයියලාට ඕකත් ඇති නොවැ!

කොහොමහරි ඉතිං වේයන්ගොඩයාගෙ මිෂන් එක නියමෙට එකම්ප්ලිෂ් වුණා.හැබැයි මේ සිද්දියෙන් මාලුකට්ටගෙ හිත රිදෙනවා නේද කියලා මෑන්ස්ට මතක් වුණේ සිද්දිය වෙලා ඉවර වුණාට පස්සෙ.ඉතිං සිද්දිය අහපු මාලුකට්ටා වෙයන්ගොඩයාව පණපිටින් අනුභව කළේ නැති ටික විතරයි.කොහොමහරි අන්තිමට වුණේ මාලුකට්ටාගෙ හිතේ දිලූශා ගැන තිබුන ආදරේ වෛරයකට හැරුණ එක.දැන් මෑන්ස් උදේ හවස ප්ලෑන් කරන්නෙ දිලූශාට ගේමක් දෙන හැටිලු.ඔය සිද්දිය වෙරි වෙලා හිටපු වෙලාවක සිද්දවුණ පොඩි දෙයක්නෙ කියලා මාලුකට්ටාගෙ හිත හදන්න අනිත් පූසො ට්‍රයි කළත් දවසින් දවස මෑන්ස්ගෙ තරහා වැඩි මිසක් අඩු වුණේ නෑ.

අන්තිමට මාලුකට්ටා තීරණය කළේ දිලූශාට කෝල් එකක් දීලා ඇනෝනිමස් විදිහට බනින්න.ඉතිං පූසන්ගෙ කටහඩවල් දිලූශා අදුනන නිසයි, වැඩේට සුදුසු බෙස්ට් පුද්ගලයා තාරබාසු නිසයි, කෝල් කිරීම තාරබාසුටම පවරන්න මාලුකට්ටා තීරණය කළා.වැඩේට තෝරගත්තෙ පිං කොයින් බොක්ස් එක."පිං" කිව්වෙ පිනට කෝල් කරන්න දුන්න නිසානං නෙවෙයි, ප්‍රින්සිපල් සර්ගෙ ඔෆිස් එක ළග බොක්ස් එක තිබුන නිසා.ඉතිං හවස් වරුවෙ තාරබාසුට හොදට කන්න බොන්න අරන් දුන්න පුරුපුරුයි මාලුකට්ටයි, ඩිනර් එකෙන් පස්සෙ මෑන්ස්ව ඇදගෙන කොයින් බොක්ස් එක ලගට ගියාලු.

ඒ දවස්වල ඉතිං වැඩිපුර මොබයිල් ෆෝන් තිබුනෙ නෑ නොවැ! තිබුනනං දිලූශාට කෙලින්ම කතා කරලා බනින්න තිබුනා.ඉතිං දිලූශාම ඇවිත් කතා කරයි කියන බලාපොරොත්තුවෙන්, අකමැත්තෙන් වුණත් කතා කරන්න සිද්ද වුණේ දිලූශාගෙ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට.අපේ යාලුවොත් ඉතිං පහේ කාසි තුනක් දාලා, නම්බර් එක ඩයල් කරලා වැඩේ පටන් ගත්තා.දැන් තාරබාසු අතේ තමයි රිසීවර් එක තියෙන්නෙ.කීප පාරක් රිංග්ස් ගියාට පස්සෙ අවාසනාවට වගේ එහා පැත්තෙන් කතා කළේ පිරිමියෙක්.ගොරෝසු වොයිස් එකෙන් ඒ කතා කරන්නෙ ඊයෙ පෙරේදා රට ඉදලා ආපු දිලූශාගෙ තාත්තා කියල හිතාගන්න පූසන්ට අමාරු වුණේ නෑ.

තාරබාසු :- හෙලෝ, දිලූශා ඉන්නවද?

දිලූශාගෙ තාත්තා :- May I know who's speaking there?

මහරෑ දෙගොඩහරියෙ තමන්ගෙ දුවට කෝල් කරන්නෙ මොකෙක් හරි නසරාණියෙක් වෙන්න ඇති කියලා දිලූශාගෙ තාත්තාට තේරුණාලු.පුරුපුරුගෙ අයිඩියා එක වුණේනං තාත්තා එක්ක කතාවට යන්නෙ නැතුව එතනින් ෂේප් වෙලා යන එක හොදයි කියලා.ඒ වුණාට රාජකාරියට අවංක තාරබාසු වගේ ඩයල් එකක්, බාරගත්ත ජොබ් එක ඉවර කරලා මිසක් පස්ස බලන්නෙ නෑ.ඉතිං මෑන්සුත් දන්න කියන කඩු වචන ටික දාලා ටෝකට එන්ටර් වුණාලු.

තාරබාසු :- I want to speak with Dilusha, right now

දිලූශාගෙ තාත්තා :- You bastard, who the hell do you think you are? @$#@%#$&*(*()^#@@!$~^*Q@$#@^#$

මෙහෙම පටන් ගත්ත අංකල්ගෙ කඩු කුණුහරුප ප්‍රහාරය හමුවේ සිද්ද වුණේ තාරබාසු ඇඹරිලා ගිය එක.ඒත් පටන් ගත්තු වැඩේ ඉවර කරලා ඉන්නත් එපායැ!

තාරබාසු :- f--- you, suck my d---

දැන් තාරබාසුත් තමන් දන්න කියන ඉංගිරිසි කුණුහරුප ටික කට පාඩමෙන් වගේ කියාගෙන යනවලු.ඒත් ඒ කියවිල්ලෙ කිසි ගෝ එකක් නෑ.අංකල්ගෙ ප්‍රහාරය සැර වැඩියි.තාරබාසු එකක් කියනකොට අංකල් කාරයා දහයක් විතර කියනවා.මාලුකට්ටයි පුරුපුරුයි මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නවා.ඔහොම ගිහින් ගිහින් අන්තිමේදි අපේ තාරබාසුගෙත් ඉවසීමේ රතුකට්ට පැන්නලු.අංකල්ට කන් දෙකේ ඇගිලි ගහගන්න වෙන තරං හයියෙන් කෑ ගහලා මෑන්ස් කිව්වෙ මෙන්න මෙහෙම

I say, tell your daughter not to hit hoppers..........!!!

මේ කතාව කිව්වා විතරයි, එ‍හාපැත්තෙන් "දඩස්" ගාලා ෆෝන් එක තියනවා ඇහුනා. ඒ වගේම මාලුකට්ටාගෙ හිතේ තිබුන ආවේගයත් එවලෙම නැතිවෙලා ගියා.කොහොමහරි එදා ඉදන් අද දක්වාම දිලූශායි හංසිනීයි පූසො එක්ක කිසි ගනුදෙනුවක් නැහැලු.

ප.ලි - පස්සෙ පුස්ගම කෙල්ලො කොල්ලො අතරෙ ආරංචිය පැතිරුණේ පුරුපුරු කියන පෝරිසාදයා හොස්ටල් එකේ ඉදන් දිලූශාගෙ තාත්තාට කුණුහරුපෙන් බැනලා කෝල් කරලයි කියලා.ඒ මදිවට පුරුපුරු, අහිංසක මාලුකට්ටාවත් මේකට පටළවගෙන කියලා දූෂමාණ ආරංචියක් ගියාලු.

28 comments:

  1. පූසන්ටත් කඩු හරබ පුලුවන් නොවැ.
    ඔයින් ගිය මදැයි, ලේ කපා කොටා ගන්නෙ නැතිව

    ReplyDelete
  2. සිනාහ සාගරයයි ......

    ඔෆිසියෙන් පන්නනවා මොනිටර් දිහා බලන් හිනා වෙලා :D

    ReplyDelete
  3. කතාව නං මාරයි. :e
    ඔය ඉංග්‍රීසියෙන් කුණුහරුප කියනකොට සිංහල ඒව කියවුනේ නැද්ද.

    ReplyDelete
  4. මයි ගුඩ්නස් ........ අයි කාන්ට් බිලීව් දිස් ...............:q

    ReplyDelete
  5. මොනව උනත් මරු කඩ්ඩ ඈ.. ඔය වගේ කෝල් කීපයක් ගන්න බැරිද ඉන්න තැනකින් තාරබාසුව සෙට් කරලා දෙන්න..

    ReplyDelete
  6. වට වොන්ඩා.. පූසොන්ගේ ගේම....!! හික් හික්.. "I say, tell your daughter not to hit hoppers..........!!!" හික් හික් :q :q

    ReplyDelete
  7. මේ ඔන්න මේ පූසා ඔය සෙට් එකේ එකෙක් නෙමෙයි වෙනම එකෙක් :e කතාවනම් පට්ට :d

    ReplyDelete
  8. හික් හික්!!! දැන්නං තාරබාසු ඔය වැඩ වලින් රිටයර් වෙලා මම හිතන්නෙ

    :q:q:q:q:q

    ReplyDelete
  9. මෙන්න බොලේ පූසෙක්!!! එළකිරි නොවැ!!!!! පූසන්ගේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා...ඤාව් ඤාව් :b:b:b

    ReplyDelete
  10. :b ඤාව් ඤාව් ඤාව් ඤාව් :q

    ReplyDelete
  11. එල කතාව මචන්.. පව් බන් පුරු පුරුවා....

    ReplyDelete
  12. මැක්සා පූස් කඩ්ඩක් නේ බාරතාසුට තීල තීන්නේ.

    ReplyDelete
  13. නරකම නැහැ වැඩේ... කොහොම හරි කොලුව දිනුම්...

    ReplyDelete
  14. අනේ උඹලත් කොරන වැඩ. අපිත් කරානේ ඕවා... ආයෙ මොනාද ඉතිං fun තමා... නැද්ද පූසෝ...

    ReplyDelete
  15. වැප් කිව්වා වගේ හිනා සාගරයයි. එළ එළ දිගටම ලියන්න.

    ReplyDelete
  16. මොනා නැතත් මරු කෙටිල්ල :t

    ReplyDelete
  17. ඒකෙනුත් කෙලවුණේ අහිංසකයෙක්ටමයි. පවු අනේ...

    ReplyDelete
  18. පට්ට පට්ට...හිනා කාලා මැරෙනවා තව පොඩ්ඩෙන්.....
    :q :q :q :q :q :q :q :q
    තාරබාසුත් මරු පොර නෙවැ.....
    :o :o :o :o :o :o :o :o

    ReplyDelete
  19. තරබාසු කියන්න තියන හොම දේ කියල තියනවනේ......
    :o :o :o

    ReplyDelete
  20. අරක්කු බොන කෙල්ලො හපොයි බොලත් කරන වැඩ... හිනා කාල නහිනවා. හොපර්ස් හික් හික්

    ReplyDelete
  21. පූසෝ ටික කරන්න පුලුවන් හැම දහ ජරා වැඩක්ම කරලා තියෙනවානේ. ලොකු වෙලා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ වගේ............ :r

    ReplyDelete
  22. පට්ට බන් ..........
    පව් බන් මාලු කට්ටා ......
    හොප්පර්ස් තමා.....

    ReplyDelete
  23. උඹල ලිව්වොත් ඉතින් සුපිරිම තමා.. එල එල.. ඔහොම යං..

    ReplyDelete
  24. අඩෝ නියම කතා සෙට් එකක් නෙව මෙහේ දුවන්නේ මම කලින් ආවේ නෑනේ ..අපරාදේ !

    අවුලක් නෑ අදින් පසු අලුත් කතාවක් දැම්මද මම එතන ඇති ....

    තරබාරුව අදහන්න වටිනවා !

    ජයවේවා !!

    ReplyDelete
  25. @AmilaArt
    @වැප්
    @Praසන්ன
    @Ashen
    @sameerausa
    @ළමයා
    @පූසා
    @අභීත
    @ගයාන් තාරක
    @wath
    @හසී
    @prasanna86k
    @කසුන් නදීශන
    @කොඩී
    @Jeew
    @හසියා
    @priyantha
    @පිස්සා
    @Hasitha
    @වැම්පයර්
    @හිස් අහස

    බොහොම ස්තුතියි යාලුවනේ අදහස් වලට.දිගටම අපිත් එක්ක ඉන්න

    :g:g:g:g:g:g:g

    ReplyDelete
  26. හිකිස්..........එල එල...රජ කඩුව...........

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???