අඹ යාලුවෝ

Sunday, September 5, 2010

හොස්ටල් ලයිෆ් - පීරියඩ් කට් කිරීම



ඉතිං යාලුවනේ ටික දවසකට පස්සෙ ඔන්න ආපහු බ්ලොග්අවකාශෙ පැත්තෙ එන්න අවස්ථාව ලැබුනා.මේ දවස්වල පූසන්ට ටිකක් බිසී.ඒක හින්දා මේ පැත්තෙ එන්න චාන්ස් එකක් හොයාගන්නෙත් හරිම අමාරුවෙන්.ඉතිං හැම කොමෙන්ට් එකකටම උත්තර දෙන්න බැරිවීම ගැන අපිට සමාවෙන්න හොදේ........

මේ දවස්වල අවකාශෙ නැගල යන්නෙ ඉස්කෝලෙ කට් කරන කතා නොවැ! අපේ අභීත සහෝදරයත් ඒ ගැන ලියලා තිබුනා.ඉතිං අපිටත් හිතුනා ඒ ගැන කතාවක් ලියන්න.

ඔය ඉස්කෝලෙන් පනින එකේ මූලික අරමුණ කොහෙහරි ගිහින් විනෝද වෙන එකනෙ.ඒ වුණාට කොහෙවත් යන්න ඕනෙ නැති, ඒත් තමන් අකමැති පීරියඩ් එකක පන්තියෙ ඉන්නත් බැරි ළමයෙකුට තියෙන හොදම විසදුම තමයි පීරියඩ් කට් කරන එක.ඉතිං ඕ ලෙවල් කාලෙ වෙද්දි පූසන්ගෙත් ෆේවරිට් අංගය වෙලා තිබුනෙ ස්කූල් කට් කිරීමට වඩා, පීරියඩ් කට් කිරීමලු.ඒ කියන්නෙ අකමැති පීරියඩ් එකේදි පන්තියෙන් පැනලා ඒක ඉවර වුණාට පස්සෙ ආපහු පන්තියට එන එක.

හැබැයි පීරියඩ් කට් කරනකොට ඉස්කෝලෙ ඇතුලෙම රැදෙන්න වෙන හින්දා, මුලින්ම කාලෙ ගෙවන්න සුදුසු තැනක් තෝරගන්න ඕනෙ.ඉතිං ඔය අවශ්‍යතාවය අතින්නම් හොස්ටල් එකේ ළමයි හිටියෙ සෑහෙන්න වාසනාවන්ත පරිසරයකලු.මොකද සමහර ඉස්කෝලවල වගේ නෙවෙයි, කුරුදුවත්ත හොස්ටල් එක පිහිටලා තිබුනෙ ඉස්කෝලෙ ඇතුලෙමයි.ඉතිං පීරියඩ් කට් කරන ළමයි හොරෙන් හොස්ටල් එක ඇතුලට රිංගගත්තට පස්සෙ, එලාම් එකක් තියාගෙන සැපට නිදියගෙන ඉන්නයි තිබුනෙ.අපේ පුරුපුරුත් ඒ දවස්වල ඔය වැඩේට සෑහෙන්න ඇබ්බැහි වෙලා හිටියලු.

ඒ වුණාට ඔය වැඩේ කොහොමටවත් හිතන තරම්ම ලේසි පාසු වැඩක් වුණේ නෑ.මොකද තමන්ගෙ ඕෆ් පීරියඩ් වල කොටියා සර් හිටියෙත් හොස්ටල් එක ඇතුලෙමයි.ඉතිං හොස්ටල් එකට යන්න කලින් මුලින්ම ෆුල් සර්ච් පාරක් දාන්න ඕනෙ "කොටි පුසුඹ" හොස්ටල් එක ඇතුලෙන් එනවද කියලා.මොකද ඉස්කෝලෙ වෙලාවෙ (ඉන්ටර්වල් එක ඇර) හොස්ටල් එකට එන එක බරපතල වැරැද්දක්.

බැරිවෙලා හරි සර් හොස්ටල් එක ඇතුලෙ ඉන්නවා කියලා තේරුනොත් කට්ටිය කරන්නෙ පැවිලියන් එක පැත්තට ගිහින් වෙලාව ගතකරන එක.එතකොට හැබැයි නිදාගන්න වෙන්නෙ නෑ.ඒ වුණාට අවේලාවෙ හොස්ටල් එකට ඇවිත් කොටියා සර්ගෙන් ගුටි කනවට වඩා කවුරුත් කැමති වුණේ ඒ ක්‍රමයටලු.මොකද පීරියඩ් කට් කරලා අහුවුණාම ඒ ළමයට දරුණු විදිහට වේවැල් කසාය දෙන්න කොටියා සර් ආයි දෙපාරක් හිත හිතා හිටියෙ නෑ.

සර් කරන්නෙ හොස්ටල් එකට ආපු ගමන් 10, 11 ඩෝම් වල ළමයි ඉන්නවද කියලා චෙක් කරලා බලන එක.අසනීප ළමයෙක්ටනං සර්ගෙන් විශේෂ අවසරයක් අරගෙන ඩෝම් එකේ ඉන්න පුලුවන්.එහෙම නැති ළමයෙක් දැක්කොත් තමයි සර්ගෙ සැගවුණු කොටියා කරළියට එන්නෙ.

ඉතිං එක දවසක් ඇග්‍රිකචල් පීරියඩ් එකේදි පුරුපුරුට හිතුනලු හොස්ටල් එකට ගිහින් ටිකක් රෙස්ට් කළානං හොදයි කියලා.මොකද පුරුපුරුලා ඇග්‍රි රූම් එකට යද්දි, ඒ වෙනකොටත් මිස් උගන්නන්න ඇවිල්ලා තිබුනෙ නෑ. එතකොට ඉතිං කම්මැලි හිතෙනවා නොවැ! මෑන්ස් කළේ තමන්ගෙ අදහස ඇග්‍රි කරපු අනිත් හොස්ටල් යාලුවන්ටත් දැනුම් දුන්න එක.බැලින්නං කට්ටිය ඒ වෙනකොටත් තීරණය කරලා ඉවරයි හොස්ටල් එකට යන්න.ඉතිං ඔය වැඩේට එකතු වුණේ පුරුපුරු, ජුවාන්, සකයා සහ සංජු.

දැන් අපේ යාලුවො කට්ටිය 10 වසර බිල්ඩින් එකේ තිබුන ඇග්‍රි රූම් එකෙන් පිටත් වෙලා සියඹලා ගහ, පිට්ටනිය හරහා හොස්ටල් එකට යනවලු.ඉතිං හොස්ටල් ගේට්ටුව ළගදි තමයි පිටිපස්ස බලපු ජුවාන් අතිශය විනාශකාරී දර්ශනයක් දැකලා තියෙන්නෙ.බැලින්නං පිට්ටනියෙ එහා කෙළවරින් කොටි ඡායාවක් මතුවෙනවලු.ඉතිං අපේ යාලුවො කළේ කකුල් දෙකට පින් දීලා, උසේන් බෝල්ට් ලොක්කත් පරද්දන වේගෙන් ඩෝම් එක ඇතුලට යනකම්ම දුවපු එක.

දැන් කට්ටියට ෂුවර් සර් මේ සිද්දිය දැක්කයි කියලා.ඉතිං වෙනිං විකල්පයක් නැති නිසා අපේ යාලුවො කට්ටිය තීරණය කළාලු හැංගෙන්න.සංජු හැංගුනේ ලයිමෝල්ගෙ කබඩ් එක පිටිපස්සෙ.පුරුපුරුයි ජුවානුයි හැංගුනේ ඇදන් දෙකක් යට.හැබැයි සකයට විතරයි එතනදි ක්‍රියේටිව් අයිඩියා එකක් පහළ වුණේ.

ඒ දවස්වල ඩෝම් එකේ තිබුනා මැර සතියෙදි ගෙදර ගිය අයියලා දාලා ගිය කබඩ් කීපයක්.ඒ අතරින් එක කබඩ් එකක් යකඩින් හදපු උස කබඩ් එකක්.ඒක ඇතුලෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.ඉතිං සකයා කළේ ඔය කබඩ් එක ඇතුලට වැදිලා දොර වහගත්ත එක.දැන් කට්ටිය ගැහි ගැහී ඉන්නවා.

ඉතිං ටික වෙලාවකින් බලාපොරොත්තු වෙච්ච විදිහටම කොටියා සර් ඩෝම් එක ඇතුලට ආවලු.බැලින්නං සර් ඇවිත් තියෙන්නෙ නිල නිවාසෙටත් ගිහිං තඩි වේවැල් දෙකක්ම අරගෙන.ඔය විදිහට ටික වෙලාවක් ඩෝම් එක ඇතුලෙ සර්ච් කරපු කොටියා සර්ට පුරුපුරුවයි, ජුවාන්වයි, සංජුවයි හොයාගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.සර් ඊටපස්සෙ කළේ මේ තුන්දෙනාව ඩෝම් එකේ දොර ළග පේළියට හිටවපු එක.

කොටියා සර් :- තමුන් දන්නවද මේ වෙලාවෙ අනවසරයෙන් හොස්ටල් එකේ ඉදීම වරදක් කියලා?

ළමයි :- ඔ...ඔව්..සර්......

කොටියා සර් :- කෝ තමුන්ලත් එක්ක දුවගෙන ආපු අනිත් ළමයා? ඒ සකයා නේද??

ළමයි :- නෑ..සර්..අපි තුන්දෙනා විතරයි ආවෙ....

කොටියා සර් :- ආ..දැන් වැරදි කළා මදිවට බොරුත් කියනවද?

චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...චටාස්... පටාස්...

මෙහෙමෙ කියපු කොටියා සර් අපේ යාලුවො තුන් දෙනාට නියම වේවැල් කසායක් දෙන්න පටන් ගත්තලු.ඒත් ඉතිං ගුටි කෑවයි කියලා සකයාව පාවල දෙන්නත් බෑ නොවැ! ඉතිං කට්ටිය මීයො තුන්දෙනා වගේ සද්ද නැතුව ගුටි කාගෙන හිටියලු.අන්තිමට ගුටි‍කෑම නැවතුනේ වේවැල් දෙකම පොඩි පොඩි කෑලි වලට කැඩිලා ගියාට පස්සෙ.මේ වෙද්දි අපේ යාලුවන්ට හොද ගණන්ලු.

ඉතිං කොටියා සර් කළේ තුන්දෙනාව අතඇරලා ගිහින් ඩෝම් එක පුරාම සකයාව හොයපු එක.හැබැයි ගොඩක් වෙලා හෙව්වත් සර්ට මෑන්ස්ව හොයාගන්න ලැබුනෙ නෑ.කවුද හිතන්නෙ කොල්ලෙක්ට කබඩ් එකක් ඇතුලෙ හැංගෙන්න පුලුවන් කියලා.ඉතිං සකයා බොගේ හැංගිලා ඇති කියලා උපකල්පන‍ය කරපු කොටියා සර් මෑන්ස්ව හොයන්න ඒ පැත්තට ගියාලු.ඒ අවසරෙන් සකයා කළේ කබඩ් එකෙන් එළියට ඇවිත්, ඩෝම් එකේ ජනේලෙන් එළියට පැනලා, ඩෝම් එකේ පිටිපස්සෙන් ඉස්කෝලෙට දුවපු එක.මොකද මෑන්ස් දන්නවා මේ වෙලාවෙ සර්ට අහුවුණොත් පොරව කෝටුමස් කරලා තමයි නවතින්නෙ කියලා.

අන්තිමට වුණේ සකයව හොයාගන්න බැරිවෙච්ච කොටියා සර්ගෙන් අපේ යාලුවො තවත් හොදට බැනුම් අහපු එක.ඒ වගේම එදා හවස 11 ඩෝම් එක ඉස්සරහා තණකොළ ගලවන්නත් කට්ටියට නියම වුණාලු.ඒ විතරක්නම් මදෑ, ඇයි මීටපස්සෙ පීරියඩ් කට් කරන්නෙ නැතෙයි කියලා දුන්න "දිවුරුම් ප්‍රකාශය".

කොහොම හරි ඉතිං අපේ යාලුවො ටික ආපහු ඉබි ගමනින් ඉස්කෝලෙ පැත්තට ඇදුනෙ ෆුල් හන්ටර් වෙලා.හැබැයි පූරුවෙ පිනකටද කොහෙද, එදායින් පස්සෙනං පුරුපුරු පීරියඩ් කට් කළත් කොටියා සර්ට මාට්ටු වුණේ නෑලු.....


ප.ලි - ඔය ගෑනු ඉස්කෝලවලනං හොස්ටල් ළමයින්ට පීරියඩ් කට් කළත් කිසිම ප්‍රශ්නයක් නෑලු. මේට්‍රන් ඇවිත් හේතුව අහද්දි දෙන්න පුලුවන් හොද උත්තරයක් තියනවනෙ.ටියුබ් ලයිට් නැත්තං ඔයාලටත් හිතාගන්න පුලුවන් උත්තරේ. බයෝ කරපු ඈයින්ටනං නතින්.හික්ස්.......

30 comments:

  1. හේහේහේ එල එල....අපරාදේ වේවැල් දෙක.... :e :e :e

    කෝමේ ගෑණුලමයි.... :a :a :a මේ ඇත්තටම මක්කැයි දෙන උත්තරේ.... :j :j :j අපි දන්නේ නෑ නේ.... :f :f :f :f

    ReplyDelete
  2. ‍කොටියා සර් මරුනේ......

    සකය‍ගේ මො‍ලේ තමා ‍මො‍ලේ........

    ReplyDelete
  3. හි හී කස්ටිය ඉස්කෝලේ ඇරිලා ඇවිත් තෙල් ගෑවාද දන්නෑ ගුටිකාපු තරමට :t

    @ හසියා - මක්කැයි ගෑණු ළමයි හොයන්නේ.. :r කසාදයක්වත් කරගන්නද? :m

    ReplyDelete
  4. @ හසී....

    කසාද කොරගන්න නෙවේ හසී නගේ.... :h :h :h අර ප.ලි. කොටසේ තියෙන එක හරියටම දැනගන්න...දැන්නෑනොවැ...අපිට ඉතිං කෙල්ලෙක්වත් නෑනේ ඕවා අහගන්න..... :s :s :s :s

    ReplyDelete
  5. කොටියා sir ට අහුවෙලා ඔයින් බේරුනා ඇති....අපිත් දැකල තියනවා කොටියා sir ගෙන් කොල්ලෝ ගුටි කන හැටි....
    ...

    ReplyDelete
  6. ඕන්න ඉතින් මට තව කතා මතක් වෙනවා....... එලකිරි කොල්ලො ටිකක් නොවැ.. ඉස්කෝලෙ ගිහින් ගුටි නොකා එලියට එන එකා තරම් කරුමක්කාරයෙක්.... හප්පා... මතක් වෙනකොටත් අප්පිරියයි අයියෝ..... හිකිස්...

    ReplyDelete
  7. හික් හික් මරු කතාව.
    පලි කතාව නම් සහතික ඇත්ත :c

    ReplyDelete
  8. හික් හික්.. ඔන්න බොලේ කතන්දර..!

    ReplyDelete
  9. ගුටි කෑවත් පාවා නොදෙන නියමම කොල්ලෝ....
    එලකිරිනේ....

    @ හසියා..
    මල්ලෝ.. මම හිතන විදිහට ප.ලි. ට උත්‍තරේ 'පෝය'...

    ReplyDelete
  10. අප්පේ මේක කියෙවුවට පස්සෙ මතක් වෙච්ච දේවල්.නියම පාවා නොදෙන කොල්ලො ටික ආහ්

    ReplyDelete
  11. අන්න කොල්ලො. හි හි.

    ඔක්කොමත් හරි ඔය දිවුරුම් ප්‍රකාශ හපොයි.... ඒව නම් මලාට ලියන්න හොඳ නැහ.

    මොකක් කිව්වා ප/ලි එකේ... පිස්ස මැත්ස් නොවැ කලේ... දන්නෙ නැහ මයෙ හිතේ... හි හි හි.

    ReplyDelete
  12. ya ya .. guti kawath pawala nam denne na

    ReplyDelete
  13. අපොයි පූසො ටික ගුටිකාල ඉන්න හැටි මැවිල පේනව...

    ReplyDelete
  14. අපි නම් Officially පීරියඩ් කට් කරපු අය ලු.. :f :b

    ReplyDelete
  15. අපිත් කරේ ඔය වගේ වැඩ තමා. එත් අපි හොස්ටල් හිටියේ නම් නෑ. අපෙත් හොස්ටල් තිබුනේ ඉස්කොලේ ඇතුලෙමයි. ඉතින් අපි පීරියඩ් කට් කරන්න ඕකට ගිහින් තියනවා හොස්ටල් පොරවල් එක්ක. අපිත් ඔය වගේ ගුටි කන වෙලාවට පාවලා නම් දුන්නේ නෑ. මතක් වෙනකොට ආපසු ඉස්කොලෙ යනවා වගේ දැනෙනවා.
    ප/ලි
    හික්ස්.....
    උත්තරේ ඇවිත්ලු

    ReplyDelete
  16. ඒ කාලේ මතක් වෙනවා ආයෙත්...

    අර කිව්වත් වගේ මමත් මැත්ස් කරපු නිසා මටත් මීටර් නෑ හේතුව මොකද්ද කියල.. :d

    කොහෙද අනුකලනය අවකලනය මැද්දට ඔය වගේ එකක් වත් දාලා තිබ්බ නම් අපි පංති කට් කරනවයැ.. :p

    ReplyDelete
  17. අපි ඒ කාලෙ පීරියඩ් එකක් කට් කරන්න ඕන උනාම් යන්නේ prefect room එකට. ප්‍රින්සිපල් ආවත් "මොකද කරන්නෙ" කියල අහනව මිසක් වැඩි ප්‍රශ්ණ නෑ. බැජ් එකෙන් හම්බවුන අතුරු ලාභ තමා :b

    ReplyDelete
  18. ලයි‍ෆ් එක පිරෙන්න රස කතා එමටයි. මටත් මතකයි දවසක් අපි කෙල්ලො සෙට් එකක් බෝරින් පීරියඩ් එකක් කට් කලා යන්න තැනක් නැතුව ටොයිලට් එකේ. අප්පා අපායට ටුවර් එකක් ගිහින් ආවා වගේ. ඊට හොඳයි කියලා හිතුනා අමාරුවෙන් හරි පන්තියෙ හිටියනම්. අන්තිම හරියෙ උත්තරේ හැමෝම හොඳට දන්න පාටයි. හිකිස්.
    මම මේ අල්ලපන්ල්ලේ BLOGගඩොල් වලට ගොඩ වැදුන අලුත් හිතවතියක්.

    ReplyDelete
  19. :C නියමයි කතාවනම්..කට්ටිය නියම කොල්ලෝ ටිකක්නේ.අපි නම් පීරියඩ් කට් කරලා කොරිඩෝවේ දණ ගහගෙන හිටියා.මතක් වෙනකොටත් හිනායනවා.. :b

    ReplyDelete
  20. හි...හී, නියම කථාව.

    අපි නං අ‍ැස් දෙක අ‍‍ැර ගෙන නිදාගන්න පුරැදු උනා, period cut කරනවා වෙනුවට......වැඩෙ‍ වැරදුනෙ‍් නැහැ.....

    ReplyDelete
  21. හකේ හකේ හක් කිව්වලු... උඹලාගේ ඉස්කෝලෙත් හිටිය‍‍ද බං කොටියෙක්. අපේ එකෙත් හිටියා. ම‍ට මතකයි අපේ කස්ටියත් එක පාරක් දිවුරුම් ප්‍රකාශයත් අත්සන් කරා. හැබැයි පීරියඩ් කට් කරන්නේ නෑ කියලා නෙමෙයි, අයේ වැල බලන්නේ නෑ කියලා :0

    හකේ හකේ හක්...

    ReplyDelete
  22. මේක බලලා මටත් මතක් වුනා මරුම කතා ටිකක්.ඉස්කෝලෙ මගෙ අතිජාත මිත්‍ර රත්නෙට (X)කවදාවත් බොරුවක් කියන්න බෑ.ලැජ්ජ නැති මම පීරියඩ්ස් කට් කරන හැම වතාවකම ඉන්න ස්ථානය ගැන මෙයාට ඔත්තුව දීලයි යන්නෙ.බොහෝ වෙලාවට මේන් හෝල් එකේ.හෙහ්!අපරාදෙ කියන්න බෑ.මිස් රෙජිස්ටර් 1 මාර්ක් කරද්දි X ගෙන් ඇහුවම මම කෝ කියල දිනපතා නොවරදවා,

    "මිස් !
    වීතරාගිද ?
    එයා.....???
    ආහ්! මේන් හෝල් එකේ"

    ReplyDelete
  23. ඉස්කෝල කට් කරපුවා පංති කට් කරපුවා කියන්න ගියොත් ඉතිං පොතකුත් ලියලා තව ටිකක් ඉතුරුත් වෙනවා.. ඒ නිසා කටවහගෙනම ඉන්නං.. :)

    @Naදී,
    මොකක්ද අප්පා පංති කට් කරලා ටොයිලට් එකකට රිංගුවෙ..?? වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද..??

    ReplyDelete
  24. @෴ හසියා ෴
    @හා පැටික්කි
    @හසී
    @ගයියා
    @අභීත
    @කොඩී
    @වැම්පයර් @Jeew
    @පුබුදුවා
    @පිස්සා
    @Ashen
    @Praසන්ன
    @ගයන්ත
    @priyantha
    @sameerausa
    @ආදර කතාව
    @Naදී
    @Hansi
    @Dil
    @Niroshan
    @කුෂාන්
    @වීතරාගී
    @Buratheno

    හැම දෙනාටම ගොඩක් ස්තුතියි යාලුවනේ.:g:g:g:g:g

    මේ දවස්වල පූසො ඉන්නෙ මහමෙරක් උස්සගෙන වගේ වැඩ කන්දරාවක් කරේ තියාගෙන.ඉතිං හැමෝටම වෙනම ස්තුති කරන්න චාන්ස් එකක් නෑ.ඒත් හැමෝම වෙනදා වගේම කොමෙන්ට් කරයි කියලා බලාපොරොත්තු වෙනවා.:b:b:b

    අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ අපේ ජීව් සහෝදරයා දීලා තියනවා.

    :g:g:g:g:g

    ReplyDelete
  25. ganu lamai ithin period cut karanne period haduna dawas walata ne !! hehe :n :n :b

    ReplyDelete
  26. හිහිහ්..ගෑනු ලමයි ලෑසියෙන් පිරියඩ් කට් කරන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නෙ හී හී

      Delete
  27. මේ දවස්වල හුස්ම ගන්නත් වෙලාව නැහැ...
    ඒක නිසා එන්න ලැබුනේ නැහැ....
    එල කතාව....

    ReplyDelete
  28. Pa/li.
    Poyata lu neh.
    Hikz.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???