අඹ යාලුවෝ

Friday, June 18, 2010

ලකී 2 (පුරුපුරුගේ ප්‍රතිචාරය)

එදා පුරු පුරුගේ ආදර කතාව(ලකී) ගැන ලියපු පෝස්ට් එක කියවපු ඔයාලා අහලා තිබුනනෙ අන්තිමට පුරුපුරුගේ ප්‍රතිචාරය වුණේ මොකද්ද කියලා...... පුරුපුරු අවංක පුසෙක්නෙ ඉතිං. ලකීගෙයි එයාගෙ කොල්ලගෙයි ආදරේ‍ට ඇණයක් නොවී හිත හදාගන්න පුරුපුරු තීරණය කලා.....

හැබැයි එහෙම හිතාගත්තත් ඒක ඒච්චරම ලේසි වැඩක් වුණේ නැහැ. ස්කූල් වෑන් එකේ වීදුරුවෙන් එලිය‍ බලාගෙන වාහන ගණන් කීරීම...., පන්තියෙ සිංහල පොතේ ඉංග්‍රීසි සින්දු කෑලී ලීවිම...., අහස කඩන් වැටෙයි කියලා බයේ වගේ හැමතිස්සේම උඩ බලාගෙන ඉන්න එක වගේ සුපුරුදු දින චරියාවන් කීපයක් එක්ක තමයි පුරුපුරු ඊළග සති දෙකම ගෙව්වේ. :(

ලකී එයා‍ගෙ බෝයි ‍ෆ්‍රෙන්ඩ් එක්ක බස් එකක අන්තිම සීට් එකේ තුරුලු වෙලා හිටිය කියන ආරංචිය මාලුකට්ටා ඇවිත් කිව්ව දවසෙනම් අපේ පුරු පුරු ලයිමෝල් බෝතලයකුත් බිව්ව දුක වැඩි කමටම..
(මාලු කට්ටත් ගෙනාවොත් ගේන්නෙ ‍ඔහොම අසුබ ආරංචිම තමයි..) ඒ ‍විතරක් නෙවෙයි, මේ දවස්වල පුරුපුරු ‍වැඩිය ලකී එක්ක කතාවට ගියෙත් නැහැ. හැබැයි පුරුපුරුගෙ වුණ මේ කිසිම වෙනසක් ලකී දැක්කේ නෑ. ඒ එයාගේ හිත අලුත්ම සතුටකින් පිරිලා තිබුන නිසා වෙන්න ඇති. හැබැයි ඊලග සිකුරාදා වාර නිවාඩු දෙන දවසෙනම් ලකීට මේක මීටර් වෙලා තිබ්බා. ඒ මෙහෙමයි...

මේ පාසල් වෑන් වල සිරිතක් තියෙනවා, හැම වාරයක් අවසානේදිම අන්තිම දවසෙ වෑන් එකේ පාටියක් දානවා. තව හොද පිට්ටනියක් ළග නවත්තලා හවස් වෙනකල් ක්‍රිකට් ගහනවා. ඉතින් මේ පාරත් වෙනද වගේම වෑන් එකේ කට්ටිය ක්‍රිකට් මැච් එකක් ගැහුවලු. අපේ පුරුපුරුත් ඉස්තරම් වර්ගයේ ක්‍රිකට් පිස්සෙක්. එක එක ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අම්ම තාත්තගෙ විස්තර පවා පුරුපුරු දන්නවා. ක්‍රිකට් පිස්සෙක් විතරක්‍ම නෙවෙයි, පුරුපුරු හොද දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක්ලු. ඒ බව වෑන් එකේ අයත් දන්නවා. හැබැයි කොච්චර දක්ෂ වුනත් එදා මැච් එකේදිනං පුරුපුරු බෝල ගැහුවේ හරියට නිදාගෙන වගේ. ලකුණු දෙක තුනක් අරං අවුට් වුනා. ෆීල්ඩින් කිරිල්ලත් එච්චරමයි. බෝලෙට තුවාල වෙයි කියලා බයේ වගේ අතට ආපු කැච් එකකුත් අත ඇරියා.

ඉතිං මෙන්න මෙතනදි තමයි ලකීට මේ ගැන ක්ලික් වෙලා තියන්නෙ. මොකද ලකීට මතක්වෙලා තියෙනවා කලින් වාරෙ ලාස්ට් ඩේ එකේදි වුණ සිද්ධියක්.....

කලින් වාරෙ ලාස්ට් ඩේ එක දවසේ ක්‍රිකට් ගහද්දි වෙන ස්කූල් වෑන් එකක කොල්ලෝ ටිකක් ඇවිත් පුරුපුරුලගේ වෑන් එකට චැලේන්ජ් කළාලු මැච් එකක් ගහන්න එන්න කියලා. ඒ වෑන් එකේ ගිය ළමයි කොළඹ ප්‍රධානම බොදු පාසලක 12,13 වසරේ අයලු. පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය හැමෝම වගේ 10/11 වසරවල කට්ටිය. එත් බෑ කිව්වොත් කෙල්ලො ඉස්සරහ කාඩ් කුඩු වෙන හින්දා අපේ යාලුවො කට්ටිය චැලේන්ජ් එක බාර අරන්. හැබැයි මැච් එක ගහද්දි තමයි ක‍ට්ටියටම තරු පෙනිල තියෙන්නෙ.

අනිත් වෑන් එකේ කට්ටිය මුලින්ම බැට් කරලා ලොකු ලකුණු ගානක් අරගෙන. ඊළගට ඉතිං පුරුපුරුලගෙ වාරේ. අර ලොකු ලමයි දාන බෝල වලට පුරුපුරුලගෙ වෑන් එකේ හිටිය පොඩි බට්ටෝ පෝළිමට අවුට් වෙවී යනවලු. ඤාව්වත් ලකුණු දෙක තුනක් අරන් අවුට් ‍වෙලා ගියාලු.එදා දවසට විතරක් ඔය වෑන් එකේ එක්කගෙන ආපු උපාසකටත් ආව ගමන් ආපහු යන්න වෙලා.

ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි අපේ පුරුපුරුගෙ චාන්ස් එකත් ආවලු. පලවෙනි ඕවරේටම කොල්ලට එක ලකුණක්වත් ගන්න බැරි වෙලා.මාර ලැජ්ජාව!! (ඇයි පුරුපුරුත් හොද ප්ලේයර් කෙනෙක් කියලා නමක් දිනාගත්ත කොල්ලෙක්නෙ ඉතින්..) කොහොම හරි ඊලග ඕවරේදි හොදට දෙන්නම් කියලා හිතාගත්තත් එකේදිත් එච්චරමලු.බෝල 5ක්ම කාලා අන්තිම බෝලෙට විතරක් යන්තං එක ලකුණක් දාගත්තාලු. ඉතින් ඊලග ඕවරේ පුරුපුරු බැට් කරන තැනට ඇවිත් බිමට තට්ටුවක් දාලා එහෙම පටන් ගන්නකොටම.....

කමෝන්!! කමෝන් පුරුපුරූ!!!

ගෑණු ළමයෙක්ගේ දඩ චියර් පාරක් එනවලු. පුරුපුරු බැලුවලු සද්දෙ ආපු පැත්ත.....

"දෙයියනේ ලකී!!!"


ලකී අත් දෙක වන වන කෑගහනවා.... දැන් ඉතින් පුරුපුරුට මල් හතයිලු!!!. කොහේදෝ පා වෙවී තිබුන පූස් ශක්තියක් එක පාරටම පුරුපුරු
ගෙ ඇගට ආවලු. ඊලග ඔවරේදි හයේ පාරවල් තුනකිනුයි හතරේ පාරවල් දෙකකිනුයි ප්‍රතිවාදීන්ට සංග්‍රහ කරල දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනය "රොක්" කරපු පුරුපුරු, නොදැවී විකට් එකේ ඉදලා තමන්ගෙ කණ්ඩායමට දිනුම අරන් දුන්නලු.

ඉතින් මේ පාර මැච් එකේ
පුරුපුරු ගහපු හැටි දකිද්දි, පුරුපුරු කලින් ටර්ම් එකේ මැච් එකේ ගහපු හැටිත් මතක් වුනාම තමයි ලකීට දැනිල තියෙන්නෙ මොකක් හරි අවුලක් තියන වග. පුරුපුරුගෙ පහුගිය සති දෙකේ හැසිරීමත් මතක් වුනාම තමයි සීන් එක හරියටම තේරිලා තියෙන්නේ. එත් ඉතින් මොනවා කරන්නද,

ලකීත් සද්ද නැතිව හිටියලු.....


ප.ලි : ලකී පස්සෙ කාලෙක ඒ ලෙවල් හොදට පාස් වෙලා ජපුරෙ කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට තේරුණා.දැන් ලකී වැඩ කරන්නෙ ලංකාවෙ තියෙන ලොකුම බැංකුවෙ.

එදා ලකීට හිතුන දෙවල් පූසො ටිකට දැන ගන්න ලැබුනෙ මේ ලගදි.

අදටත් ලකී, ලකී ‍යාලු වුන කොල්ලා(රංග),
පුරුපුරු, උපාසක සහ ඤාව්වා හොද යාලුවෝ. ලකීගෙ ආදර සම්බන්ධයටත් දැන් අවුරුදු 8ක් වෙනවා....

24 comments:

  1. පුරු පුරුගේ energy drink = ලකී :D

    ReplyDelete
  2. මොනවද එදා ලකීට හිතිල තිබුනෙ. අපිටත් කියන්නකො.

    ReplyDelete
  3. "එදා ලකීට හිතුන දෙවල් පූසො ටිකට දැන ගන්න ලැබුනෙ මේ ලගදි."


    ඉතින් ඒ ටිකත් දාමුකො...

    ReplyDelete
  4. @ Meeya - බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි! :)

    @ isimbuwa & 'සුළඟ' - අයියෝ වැඩි දෙයක් නෙවෙයි යාලුවනේ!පුරුපුරුත් එයාට ට්‍රයි කොරා නේද කියල තමයි හිතිල තියෙන්නෙ!! :)

    ReplyDelete
  5. මොනා උනත් හොඳ පූසෙක් නේ....

    ReplyDelete
  6. එදා පටන් ගත්ත එෆෙයාර් එක තාම තියෙනවානේ ලකීගේ :d

    ReplyDelete
  7. මල්ලි බොහොම සියුම් හැගීම් ප්‍රවාහයක් ගලාගෙන යන කතාවක්. සිනහාව එබුවට ඔයා මෙකෙ ඇතුලෙ හරිම ලස්සන කතාවක් තියන්නෙ.. ලකීට හිතුන දෙ ගැන සතුට, සියුම් පසුතැවිල්ලක් එක්ක හින් දුකක් මුසු වුණ හැගීමක් ඔතන යනවා, තමුන්ගෙ කෙල්ල චියර් කරද්දි කොල්ලා ගෙ ඔලුවට බාධක කියලා දෙයක් නැහැ.. එකත් එක ලොක දහමක්.

    :e :e :e :e :e :e

    ReplyDelete
  8. ලකී දැන ගත්තම පුරු පුරු අයියට ලැජ්ජ හිතුන්නැද්ද.......???? :r :r

    ReplyDelete
  9. @ ‍කොඩි & Anonymous - බොහොම ස්තුතියි සහෝ!:c

    @ Hasitha - ඔව් ඔව්!!:b

    @ රවා - පැහැදිලි කිරීමට ගොඩක් ස්තුතියි අයියේ!:e:e:e

    @ හා පැටික්කි - හික් හික්!!පුරුපුරුට කොහෙද නංගි ලැජ්ජාවක් කියල එකක්?:q

    ReplyDelete
  10. 'එයාගෙ කොල්ලගෙයි ආදරේ‍ට ඇණයක් නොවී හිත හදාගන්න පුරුපුරු තීරණය කලා.....'
    අනේ අහින්සක පුරු.

    ReplyDelete
  11. මට නම් හිතෙන්නෙම මේ ගඩොල් බඳින බාස් ම තමයි පුරු පුරු :i

    ReplyDelete
  12. @ හසී - :e

    @ Praසන්ன - ස්තුතියි සහෝ!:i

    @ RanDil - අනේ නෑ සහෝදරී! පුරුපුරු,ඤාව්වා,උපාසක තුන්දෙනාම එකතුවෙලා තමයි මේ බිත්තිය බදින්නෙ.මේ ගඩොල් කැටේ තිබ්බෙනං උපාසකයා :d

    ReplyDelete
  13. :t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t:t

    ReplyDelete
  14. Thanx for sharing Puru's reaction.

    "@ හා පැටික්කි - හික් හික්!!පුරුපුරුට කොහෙද නංගි ලැජ්ජාවක් කියල එකක්?" - LOL

    "මට නම් හිතෙන්නෙම මේ ගඩොල් බඳින බාස් ම තමයි පුරු පුරු" - Why else do we see stories of him more often? :r

    -AD

    ReplyDelete
  15. @ ano 1 - :b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b

    @ ano 2 - hiks! It seems like we have got Mr.Sherlock Holmes here:d

    ඇත්තටම මචෝ පුරුපුරු,ඤාව්වා,උපාසක තුන්කට්ටුවම තමයි මේ බ්ලොග් එක ලියන්නෙ!
    :e

    ReplyDelete
  16. මරු! මෙතෙක් වෙනකන් බ්ලොග් එක මුල ඉඳල කියෙව්ව! :)

    ReplyDelete
  17. බොහොම ස්තුතියි මලයො! ඉතුරු ටිකත් නිවාඩු පාඩුවෙ කියවන්න...:b:b

    ReplyDelete
  18. එල එල.....ලකී ලකී............

    ReplyDelete
  19. Mama me blog eke katha godak eka dawasata kiyewwa. weldone mallila.....

    ReplyDelete
  20. මම මේ කතාව මීට මාස 4කට කලිනුත් කියෙව්ව,
    වෙන බ්ලොග් එකක මීට සමාන කතාවක් දැක්ක අද.
    ඒ නිසා ආයෙත් කියවන්න හිතුන...
    දුක හිතෙනව බන්,
    මේ වගෙ සිද්ධි ගොඩක් කොල්ලන්ගෙ ජීවිත වල තියෙනව..........

    ReplyDelete
  21. mmm aththa! mmm mee wage siddi godak wela thiyanawa! issrahatat wenawa! ooka thamai life 1! mmm :) lassana kathawa'''

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???