අඹ යාලුවෝ

Friday, June 4, 2010

මචං


ඔන්න ටික දවසකට පස්සෙ බ්ලොග් ගඩොල් ආපහු බ්ලොග් අවකාශෙට ආවා.අද අපි කියන්න යන්නෙ අපේ පුරුපුරුට 9 වසරෙදි සිද්ද වෙච්ච කතාවක්.ඒ කියන්නෙ 2001 අවුරුද්දෙ.
ගොඩදෙනෙක් අහනවා ඇයි බ්ලොග් ගඩොල් මේ 8,9,10 වසර වල වෙච්ච ඒවා විතරක් ලියන්නෙ කියලා.අපි ඉතින් තාම බ්ලොග් කෙරුවාව පටන් ගත්ත විතරයි නොවැ!ඇත්තටම සිරාම සිද්දි වුණේ ඊට පස්සෙ.හොද හොද සෙල්ලං එළිවෙන ජාමෙටලුනෙ නේද?.... :)

මේ දවස්වල පුරුපුරු ගියා ගණන් පන්තියකට.තිබුණෙ ගම්පහ.ඉගැන්නුවෙ ඇල්වින් කියලා සර් කෙනෙක්.ටිකක් විතර වසවර්තිය වුණත් ඇල්වින් සර් තමයි ඔය දවස්වල ගම්පහ හිටපු හොදම ගණන් සර්.දැන් නම් පන්ති කරනවද දන්නෑ.පුරුපුරුත් ඉතිං මේ පන්තියෙ හිටපු හොද ගණන්කාරයෙක්ලු.ඒ කිව්වෙ හොද මැත්ස් ඩයල් එකක් කියලා.

ඔන්න ඉතිං දවසක් සුපුරුදු විදිහට පුරුපුරු ගණන් පන්ති ගියාලු.හැබැයි මෑන්ස් එදා ටිකක් කම්මැලිකමෙන් තමයි ක්ලාස් ගෑටුවෙ.ඒකට හේතුව වුණේ එදා ලංකාව සහභාගි වෙන ක්‍රිකට් මැච් එකක් තිබුන එක.පුරුපුරු කොහොමත් මැච් බැලිල්ල ගැන ආචාර්ය උපාධියක් ගන්න තරම් ටැලෙන්ටඩ් පොරක්.දැන් වුණත් මැච් එකක් තිබුණොත් අනිවා ලෙක්චර්ස් කට් කරලා ඒක බලනවා.ඒත් ඉතිං ක්ලාස් නාවොත් ලැබෙන ඇල්වින් සර්ගෙ වාග් ප්‍රහාර මතක් වුණ පූසා අන්තිමේදි ක්ලාස් එකට යන්න තීරණය කරාලු.

කොහොම හරි දැන් පන්තියෙ පැය දෙකත් ගෙවුණලු.පුරුපුරු ක්ලාස් යන්න කම්මැලි කළාට මොකද,ඇල්වින් සර් උගන්නනකොට වෙලාව යනවා තේරෙන්නෙත් නැහැ.පන්තිය ඉවර වෙනවත් එක්කම තමයි මාර අප්සට් සිද්ධියක් වුණේ.මෙච්චර වෙලා හොදට තිබුණ අහස ටැප් එක ඇරිය වගේ වෙලා වැස්ස වලාහක දෙයියො දෙන්න ගත්තලු පොළොවට රිදෙන්ඩ ගේම.කුඩ ගෙනත් තිබුන එවුන් නම් ඉතිං දෙන්න දෙන්න අමාරුවෙන් හරි ක්ලාස් එකෙන් යන්න ගියාලු.අන්තිමට ඉතුරු වුණේ තිබුන කුඩවල යන්න ඉඩ මදිවුණු පුරුපුරු වගේ අනාථයො කීප දෙනෙක් විතරයි.

දැන් පුරුපුරුට ගෙදර යන්න විදිහක් නැහැලු.මහ අනෝරා වැස්ස.මෑන්ස් ඉතිං කවදාවත් කුඩයක් එහෙම අරගෙන තැනකට යන කෙනෙකුත් නෙවෙයිනෙ.ඒ මදිවට ඉක්මණට ගෙදර ගියෙ නැත්තං මැච් එකේ අන්තිම හරිය බලන්න වෙන්නෙත් නෑ.අපේ යාලුව දැන් දහඅතේ කල්පනා කර කර ඉන්නවලු.එතකොට තමයි මෑන්ස්ගෙ දෑස් වලට රසදුනක් හම්බවුණේ.මෙන්න බොලේ කවුද ඩයල් එකක් මහ වැස්සෙ තනියම තඩි කුඩයක් ඉහළගෙන යනවලු.වැස්ස තද හින්ද යන කොල්ල කවුද කියල අදුරගන්නත් අමාරුයිලු.

හුහ්...මූට එහෙම තනියම යන්ඩ දෙන්න පුලුවන්ද පුරුපුරුව එක්ක යන්නෙ නැතුව??
පුරුපුරුත් මහ වැස්සෙම අඩියට දෙකට කුඩේ යටට දුවගෙන ගියාලු.

දැන් දෙන්න කුඩේ යටින් යනවා.පුරුපුරු අරූගෙ කර උඩින් අතකුත් දාගෙන.වැස්ස කොච්චර තදද කියනවනං අර ලොකු කුඩේ යටින් ගියත් වැස්සෙන් බේරෙන්නනං බැහැයිලු.

පුරුපුරු :- මාර වැස්ස නේද මචං?

මචං :- ...............................

පුරුපුරු :- අද මැච් එක ගහගත්තොත්නං ෆයිනල් එකට යන්ඩ චාන්ස් එකක් තියනව නේද මචං?

මචං :- ...............................

දැන් පුරුපුරු එකසිය ගානට ටෝකලු.ඒ වුණාට අරූ නෙවෙයිලු කටක්වත් හොල්ලන්නෙ.මේ වෙනකොට අපේ මෑන්ස් කුඩේ යටට ගිහිං තත්පර 20-30ක් විතර වෙනවලු.බැරිම තැන පුරුපුරු වැස්ස මැද්දෙම හොදට ඇහැ ඇරලා තමන්ගෙ අම්බ්‍රෙල්ලා මේට් දිහා බැලුවලු.

මළ කෙලියයි........මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පින් කිව්වලු........................

බැලින්නං පුරුපුරු මෙච්චර වෙලා එකසිය ගානට කියෝ කියෝ කුඩේ යටින් ගිහිං තියෙන්නෙ ක්ලාස් එකේ ඉන්න කෙල්ලෙක් එක්කලු.මේ කෙල්ල කොල්ලෙක් වගේ කොටට කොන්ඩෙ කපලා තිබුන නිසා මෑන්ස්ට එයාව පිටිපස්සෙන් දැක්කම අදුරගන්න බැරිවෙලා!කොන්ඩෙ කැපුවට මොකද කෙල්ලනං ඉටි රූපෙ වගේ ලස්සනයි.

කෙල්ලට කතා කරගන්නත් බැරිලු, නිකං ෂොක් එක වගේ හැදිලා.ඇස් දෙක ලොකු කරගෙන පුරුපුරු දිහා කන්න වගේ බලාගෙන ඉන්නවලු.එකපාරටම නන්නාදුනන කොල්ලෙක් කුඩේ යටට ඇවිල්ලා, කර උඩින් අතකුත් දාගෙන විකාර කියවද්දි මොන කෙල්ලටද ෂොක් වෙන්නෙ නැත්තෙ??කෙල්ලව දැකපු පුරුපුරුට ඊටත් වඩා ෂොක් එකලු.

"දැන් මේකිට පියවි සිහිය ආවොත් මොනව කරයිද? මට බනියිද?මට ගහයිද? නැත්තං ඒකි කෑ ගහයිද? ඒකිට ට්‍රයි කරන කොල්ලෙක්වත් දැක්කොත් එහෙම? වන විනාසයක් වෙන්නෙ!"

මෙහෙම කල්පනා කරපු පුරුපුරු වැස්සෙ තෙමි තෙමීම එතනින් දිව්වලු.ඔය කාලෙ ඉතිං කෙල්ලෙක් එක්ක කුඩේ යටින් යනවයි කියන්නෙ පට්ට පාපකර්මයක්‍ නොවැ!ඊට පස්සෙ මෑන්ස් නෙවෙයි ඒ කෙල්ලගෙ අහලකින්වත් ගියෙ.

24 comments:

  1. ''ඊට පස්සෙ මෑන්ස් නෙවෙයි ඒ කෙල්ලගෙ අහලකින්වත් ගියෙ.''

    අපරාදෙනේ, කෙල්ල ඉටිරූපෙ වගේ නම් දාගන්න නේ තිබ්බේ....

    ReplyDelete
  2. මගේ යාළුවෙක්ටත් කොන්ඩේ හෙම කපල කොල්ල වගේ නිසා උන සිද්දියක් මතක් උනා..........

    පුරු පුරුව පවු මොනව උනත්. කෙල්ල දැක්ක පාර කොල්ල ශොක් වෙලා වගෙයි මට නම් හිතුනේ.

    ReplyDelete
  3. අර සමීර ශාකුන්තලට උනේ ඕකෙ අනිත් එක - කොණ්ඩෙ වවං ඉන්න කාලෙ.

    http://blog.shaakunthala.com/2009/11/blog-post.html

    ReplyDelete
  4. අන්තිමට පුරු පුරුට කෙල්ලව සෙට් කරගන්න තිබ්බ චාන්ස් එක නැතිව ගියා.

    මම මුලින් හිතුවේ පුරු පුරු ගියේ ගණන් පංතියේ ඇල්වින් සර්ත් එක්ක කියලා :)

    ReplyDelete
  5. @ කොඩී - හික් හික්..කොහෙද? කෙල්ලව දැක්ක ගමං අප්සට් ෆීලින් එකක් නොවැ එන්නෙ!

    @ හා පැටික්කි - ඒකත් අමූලික ඇත්ත.නංගිට පාඩම් කරලා මහන්සිද?:)

    ReplyDelete
  6. @ කසූ - එළ එළ! තැන්ක්යූ වේවා! සිරා පෝස්ට් එකක්...මේ කෙල්ලටනං දිගින් දිගටම එහෙම වෙන්න නැතුව ඇති.වැස්ස වෙලාවට විතරයි අදුනගන්න බැරි :)

    @ Hasitha - ඒකනෙ මල්ලි! හැබැයි ඊට වඩා හොද කෙල්ලො ඔය පන්තියෙ හිටියා.ඒ කතා අපි පස්සෙ දාන්නංකො! :)

    ReplyDelete
  7. ඔය පලවෙනි අත්දැකීමද ? මම අහන්නෙ කුඩයක් යටින් කරට අත දාගෙන ගිය ...

    ReplyDelete
  8. @ මහසෙන් - කෙල්ලෙක් එක්කනං පළවෙනි වතාව තමයි :)
    මට ඒ බව පෝස්ට් එකේ දාන්න අමතක වුණා නොවැ!

    ReplyDelete
  9. ඒ කාළේ පුරු පුරුගේ දකුණු මොළේ වැඩ කරන්නේ නෑහැලු..

    ඔව් ... ඔව්....

    ReplyDelete
  10. මරු පෝස්ට් එක.....කෙල්ලට මොනව හිතුනද දන්නෙ නෑ........lolz

    ReplyDelete
  11. එල පෝස්ට් එක..... කොහොමහරි කෙල්ලට පියවි සිහිය එන්න කලින් මාරු උන එක හොඳයි.

    ReplyDelete
  12. හපොයි හපොයි කොලුවො... උබට තිබ්බෙ සමාව භාජනයක දාල දීල යාලු වෙන්න නෙ කෙල්ල එක්ක... හික් හික්... ඒ කාලේ එවා නැහනේ නේ බන්

    ReplyDelete
  13. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  14. @ මාතලන් - දකුණු මොලෙන් මොනවද වෙන්නෙ සහෝ??අපේ ඔය සම්බන්ධ දැනුම නිල්

    @ nuwan darshana & Praසන්ன - බොහොම ස්තුතියි මචං දිරිමත් කළාට!

    @ පිස්සා - ඒකනෙ මචෝ!ඔය කාලෙ එච්චර ඇක්ස්පීරියන්ස් නෑ නොවැ!!

    ReplyDelete
  15. kauda danne naa oya kella.. lol! mamat hitiye oya puru puruge ganan panthiyema thamai..

    ReplyDelete
  16. @ Tzoner - නම දන්නෑ බං! සුදු කණ්ණාඩි දාපු කෙල්ලෙක්

    ReplyDelete
  17. මට අහන්න තියෙන්නෙ එක ප්‍රශ්ණයයි... ඔය සිද්දිය දැන් උනානම් පුරුපුරුව මොනව කරාවිද?

    ReplyDelete
  18. @ අභීත - හික්..හික්!! දැන්නං දුවයි පුරුපුරු :D

    ReplyDelete
  19. මට පේන්නෙ ඔක්කොමලගේ වයර් මාරු වෙන්න ගන්නේ අටේදි නවයෙදි තමා :). 12ට 13ට එනකොට බඩුම තමා. ලියන්න...ලියන්න...අපි බලාගෙන ඉන්නවා :)

    ReplyDelete
  20. @ ඉබ්බා - බොහොම ස්තුතියි සහෝ!සහතික ඇත්ත!!:)

    ReplyDelete
  21. හරියටම කිවුවොත් 7 තමා ! ඔය පන්තියෙදි තමා ඉතින් මෝර කලන්තේ හැදෙන්නෙ.. අත්දැකීමෙන් කියන්නේ!

    ReplyDelete
  22. @ වැම්පයර් - 7-9 වසර වල කියල කිව්වම හැමෝම ෂේප්!:)

    ReplyDelete
  23. mare maru... :D me blog eka nam niyama blog ekak.. jaya wewa!!

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???