අඹ යාලුවෝ

Friday, April 30, 2010

පූසො බියර් බීපු හැටි - 2 !!


අද බලමුකො අපේ යාළුවො ටික බියර් බීපු හැටි! දැන් කට්ටිය වට පිට බල බලා හොර පූසො ටික වගේ බෝතලේට කිට්ටු වෙනවා. ඒත් එක්කෙනෙක්වත් වැඩේ පටන් ගන්න පාටක් පේන්න නැහැලු. බැරිම තැන බෝතලේ අතේ තියාගෙන හිටපු රෙජීට සුබ මොහොතින් මේ මහා සද්කාර්යය කරන්ඩ කියල පුරුපුරුගෙන් ආරාධනා ලැබුනා. එතන ඇති වුණේ මේ වගේ කතාබහක්!!

රෙජී - මචං, මට අද හවස ගණන් පංති තියනවා. පරක්කුත් වෙනව බං! උඹල බීපං, එළකිරි ආ.. අවුලක් නෑනෙ? මම යනව මචං.......

මෙහෙම කියපු රෙජී පටස් ගාල එතනින් ඌර්ධවපාතනය වුණා. දැන් ඉතුරු හතර දෙනයි! ඒ තමයි ඤාව්වා, මාළු කට්ටා, පුරු පුරු සහ වේයන්ගොඩයා.

ඔන්න ඉතිං හතර දෙනාම සූරයෝ කියල ආපහු වැඩේ පටන් ගත්තලු. දැන් බෝතලේ තියෙන්නෙ මාළු කට්ට ළඟ!

මාළු කට්ටා - මමනං මචං හැමදාම බොනවනෙ! අද උඹල බීපං
(එහෙම කිව්වට අපේ යාළුව එතිල් ඇල්කොහොල් තියන බෝතලයක් ඇල්ලුවෙත් එදාම කියලා තමයි ආරංචිය)

ඔන්න ඔහොමයි මාළු කට්ට වැඩෙන් ශේප් උනේ. දැන් ඉතුරු තුන් දෙනයි! ඒ තමයි ඤාව්වා, පුරු පුරු සහ වේයන්ගොඩයා. ඒත් බලනකොට පේන්න හිටියෙ දෙන්නයිලු! බැලින්නං වේයන්ගොඩයත් හොරෙන්ම පැනල ගිහිං සළකුණක්වත් නැතුව! ආයි ඉතිං ෂර්ලොක් හෝම්ස් ආවත් හොයන්න බෑ. ඊටපස්සෙ ඉතිං ඤාව්වයි පුරු පුරුයි වැඩේට සෙට් වුණාලු. ඤාව්වත් උගුරු දෙකක් බීල ශේප් වුණාලු. අන්තිමට පුරු පුරුට බෝතලෙන් 90%ක් විතර තනියම බොන්න වුණාලු.

ප.ලි. - මේ කතාව සිද්ද වුනේ අපේ කට්ටිය 10 වසරෙ ඉන්නකොට බව කරුණාවෙන් සලකන්න. දැන්නං සමහරු වර්ල්ඩ් ක්ලාස් බෙබාලා වී සිටිති!!!!


නමුත් පුරු පුරු නම් අමද්‍යපයි. එයා යාළු වුනෙත් ඉස්කෝලෙ අමද්‍යප සංගමයෙ සභාපති තනතුර දරපු ගෑනු ළමයෙක් එක්ක නොවැ! ඒ කතා පස්සෙ දවසක.........

23 comments:

  1. හරි ලොකු වැඩක් කළා කියලා හිතලා වෙන්න ඇති පෝස්ට් එකක් දැම්මේ.. කාලකන්නි....

    ReplyDelete
  2. උඩ තියෙන කොමෙන්ට් එක නමක් ගමක් ඇතුව කලනම් වටිනවනී.. ස්කොලේ කාලෙ ආතල් එකක් ෆන් එකක් ගත්තෙ නැති උනහම ඔහොම කියනව තමයි...


    ඔව ගනන් ගන්න එප.. ඒ කාලේ වැඩ පට්ට ආතල් තමයි නේ මචන්.

    ReplyDelete
  3. මම නම් 10දි බියර් බොන්න හිතලවත් නෑ. ඒ ලෙවල් කාලෙ ඉඳන් තමයි සැරටම ගියෙ. ඒ කාලෙ අපේ සමහර උන් ෆිට් ෆිට් බොමු කියලා එනවා. ඇවිත් සෙට් වෙන්න කලින් බඩට මොනව හරි දාගමු කියල කාල මාරු වෙනවා. හෙහෙ.

    දිගටම ලියමු එහෙනම් රසවත් මතක සටහන්.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හිහ්.... :D
    හොඳ වෙලාවට කවුරුවත් නැති තැනක ඕක කරන්න හිතුනේ.....

    ReplyDelete
  6. හෆ්ෆේ මේ වගේ ලිස්සලා යන යාලුවෝ දෙතුන් දෙනේක් මටත් හිටියා ඔන්න... හැබැයි දැන් උන් සෙට් වෙනකොට මම ලිස්සලා යනවා... හිහ් හිහ්

    එළකිරි මචෝ. දිගටම ලියමු එහෙනම්..

    ReplyDelete
  7. @ Anonymous - මට නං හිතෙන්නෙ උඹ අපෘෂ්ඨවංශිකයෙක් කියල යාලු!!

    @ පිස්සා - බොහොම ස්තුතියි යාලු, මේ බ්ලොග් එක හැදුවෙ උඹල වගෙ අයට කියවන්න තමයි

    ReplyDelete
  8. @ Raven
    @ හා පැටික්කි (MS)
    @ ළමයා

    බොහොම ස්තුතියි යාලුවනෙ! දිගටම අපිත් එක්ක ඉන්න

    ReplyDelete
  9. අනේ කට්ටිය...!පුරු පුරු හරි හැදුනනෙ.. හික්.. මමත් නම් පොඩ්ඩක්වත් අනුමත කරන්නෙ නෑ ඔය බොන එක. ඒත් කතාව නම් මරු.

    ReplyDelete
  10. අර පලවෙනි කමෙන්ට් එක දාපු ඔටුවව ගනන් ගන්න එපා. ඉස්කෝලේ කලේ කරපු වැඩ මතක් වෙනකොට තාමත් හිනා.

    ReplyDelete
  11. පාසල් කාලෙ හරිම සුන්දරයි! මට මතක‍යි අපේ අයියත් දවසක් ඔහොම වැඩක් කරල ඇවිත් හොදට ගුටි කෑවා... :D :D

    ReplyDelete
  12. @ විහඟි
    @ Bebe
    @ Heshani
    බොහොම ස්තුතියි යාලුවනෙ! දිගටම අපිත් එක්ක ඉන්න

    ReplyDelete
  13. හි හි මරු මරු... දිගටම රසවත් ලිපි ලියන්න සහෝ..... අපි කියවනවා අනිවාර්යෙන්.... :)

    ReplyDelete
  14. මරු... දිගටම ලියන්න..
    :D

    ReplyDelete
  15. කැගැස්සෙනවා... ඔය පුරු පුරු වා නියම යහලුවෙක්.

    ReplyDelete
  16. @ රවා - සිරාම කතා ටික තවම හිත ඇතුලෙ!! :)

    ReplyDelete
  17. සංගමේට අපේ ඉස්කෝලෙ එකෙක් හිටිය එකනම් අමුත්තක් නෑ.ඒත් මලයෝ ඌ මාරු උනා කියන එකයි පුදුමෙ...
    සමහර විට ඌ යන්න ඇත්තෙ "ඝ"නන් පන්තියකටද දන්නෙ නෑ... ;-)

    මලයලට ඕව ලියන්න හරි පුලුවන් අපෙ කාලෙ කොහෙද ඔව්ව ලියන්ට තැන් ?
    ( මද පමන පිලිබදව )
    නියම බ්ලොග් ගඩොල් ටික.
    සුබ පැතුම්

    ReplyDelete
  18. @ නිපුන චාමින්ද - හික් හික්!! කියන්න බෑ හැබැයි.:)

    මාරුවුණේ නං අයියෙ පුංචි සන්දියෙ හින්ද බය හිතෙන්න ඇති.දැන්නං ඌ එහෙම නෑලු!

    ReplyDelete
  19. මල්ලියේ, මමත් ඔය ලොකු ඉස්කෝලෙ නෙවැසියේ ඉඳපු කොල්ලෙක්.
    දිගටම ලියපං.. අපේ හොස්ටල් ජීවිතේ මතක් කරල දුන්නට ගොඩක් පිං..

    ReplyDelete
  20. @ onerchguy - අනිවා අයියේ! තව හොස්ටල් කතා ගොඩක් තියෙනවා.....:b:b

    ReplyDelete
  21. හික්zzzzzzzzzzz ඌර්ධවපාතනය......
    :b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b:b

    ReplyDelete
  22. ඒ කියන්නේ පුරු පුරුට තහනම් ගෙඩියේ රහ හොදට දැනිල තියෙනවා නේද???? :d

    ReplyDelete
  23. hodi ban mamanam 10 wasara sigath gahanawa... eka nam thama thiyanawa.. e kala fun gaththa wagema anithwa aniwa shape eka karagena yanna ona... jeewith mehamai ban,,, hamadam aluth deyak igena gannawa,, aluth prasnayak.,, aluth lokayakk.... kattiyatama suba gamanak... P.D

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???