අඹ යාලුවෝ

Wednesday, July 20, 2011

දේවගම

දේවගම පවතින කුඹුරු කීපයෙන් එකක්

පුරුපුරු එදා උදේ පූස්ගම බස්ටෑන්ඩ් එකට එනකොට වෙලාව උදේ අටයි. ඤාව්වයි, උපාසකයි, මී කතුරායි තවමත් පේන්න නෑ. එකත් එකටම මුන් දෙන්නා පස්ස පැත්තට ඉර එළිය වැටෙනකං නිදාගන්න ඇති. පුරුපුරු වුණත් ඉතිං මේ වෙලාවට බස්ටෑන්ඩ් එකට ආවෙ ගෙදර ඉඳන් බස්ටෑන්ඩ් එකට තියෙන්නෙ පයින් යන්න පුලුවන් දුරක් නිසා. නැත්තං අපේ යාලුවො කට්ටිය කලින් දවසෙ කතා වෙලා හිටියෙ හතහමාර වෙද්දි බස්ටෑන්ඩ් එකට සෙට් වෙන්න. ඉතිං කොහෙද මේ අපේ පූසො‍ කට්ටිය තකහනියෙ යන්න හදන්නෙ?

පූසො කට්ටිය මේ යන්න හදන්නෙ වෙන කොහෙවත් නෙවෙයි, මාලුකට්ටාගේ ගෙවල් තියෙන දේවගම ප්‍රදේශයට. ඉතිං කතාව තවදුරටත් කියන්න කලින් කට්ටියට දේවගම ගැන ෆුල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන එක තමයි මගෙ වගකීම.

ශ්‍රී ලංකාව බෙදා වෙන්කරන්න දෙන්නෙ නෑ කියලා ගොඩක් කට්ටිය කෑ ගහනවා අපිට ඇහිලා තියෙනවා. ඒත් ඒ අය නොදන්න කාරනාව තමයි ලංකාව ඇතුලේ දැනටමත් රාජ්‍ය දෙකක් තියෙන බව. එකක් තමයි අපි ජීවත්වෙන ශ්‍රී ලංකාව. අනික තමයි දැන් අපේ පූසො යන්න හදන දේවගම.

දේවගම කියන්නෙ කුඩා ස්වාධීන රාජ්‍යයක්. මේ රාජ්‍ය‍ය හතර වටෙන්ම ශ්‍රී ලංකාවෙන් වටවෙලයි තියෙන්නෙ. මේ රටේ වැඩි ජනගහනයකුත් නෑ. ඉන්නෙ මිනිස්සු දෙතුන් සීයයි. ඒ වගේම දේවගම පාලනය කරන්නෙ රජ කෙනෙක් විසින්. ඉතිං රටේ මිනිස්සු හැමෝම ජීවත් වෙන්නෙ රජතුමාට ඕන විදිහටලු. නැතුව අපේ රටේ වගේ සිරා ප්‍රජාතන්ත්‍රවාදයක්නං මේ රටේ නෑ.

දේවගම දැන් ඉන්න රජතුමා තමයි තුන්වෙනි රම්බෝ රජතුමා. එතුමා වෙන කවුරුත් නෙවෙයි, අපේ මාලුකට්ටාගේ ආදරණීය පියතුමා. තවත් විදිහකින් කියනවානං මාලුකට්ටා තමයි දේවගම ඊළඟට රජවෙන්න ඉන්න ඔටුන්න හිමි කුමාරයා සහ වර්තමාන යුවරජතුමා. ඉතිං මාලුකට්ටාතුමා පොඩි කාලෙ ඉඳලාම විදේශ අධ්‍යාපනය ලබන්න ලංකාවට ගිහින් හිටපු හින්දා රටවැසියො පොරව එච්චරම අඳුරන්නෙ නෑ. ඉතිං මෑන්ස් පාරෙ යද්දි වුණත්, මේ එන්නෙ අහවලා කියලා දන්න මිනිස්සු විතරයි මාලුකට්ටාට ගරු බුහුමන් දක්වන්නෙ.

මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය කීපයක් තියෙනවා. ටික දෙනෙක් ගොවිතැන් කළත් ගොඩක් මිනිස්සු කරන්නෙ එක්කො වැලි ගොඩදාන එක, නැත්තං මැණික් ගරන එක. මොකද දේවගම එක පැත්තක් සීමාවෙලා තියෙන්නෙ අපි "කැළණි ගඟ" කියලා කියන "රන් කල්‍යාණි නදියෙන්". දැන් ඉතිං කට්ටිය හිතන්න එපා ඒවා නීති විරෝධී වැඩ නේද කියලා. මොකද අපි කලිනුත් කිව්වනේ මෙහෙ නීති රීති ලංකාවෙ ඒවාට වඩා ගොඩක් වෙනස් කියලා.

දේවගම රටේ 90% ක්ම වැහිලා තියෙන්නෙ ගන කැළෑ වලිනුයි, ලඳු කැළෑ වලිනුයි. ගන කැළෑවල ඇවිදින්නනං අපේ පුරුපුරුලාට රජ පවුලෙන් කවදාවත් පර්මිෂන් හම්බවුණේ නෑ. මොකද ඒ කැළෑවල සත්තුන්ට අටවපු මර උගුල්, මරුවැල් එහෙම තියෙනවලු. ඒත් අපේ පූසො සෙට් එක දේවගම ගියාම අනිවාර්යයෙන් පොඩි පොඩි ළඳු කැළෑවලයි, කල්‍යාණි නදිය පැත්තෙයි ඇවිදින්න අමතක කළේ නෑලු.

********************************************************************************

කොහොමහරි උපාසකයි, ඤාව්වායි බස්ටෑන්ඩ් එකට එද්දි වෙලාව අටයි කාලයි. ඒත් තවමත් මී කතුරා පේන්න නෑ. කොටින්ම වෙලාව අටයි විසිපහ විතර වෙද්දිවත් මෑන්ස් ඇවිත් හිටියෙ නෑලු. දැන්නං අපේ පූසො ටිකට අම්බානට ෆ්ලවර් ජම්ප් වෙලා. මොකද පූස්ගම ඉඳලා දේවගමට යන්න බස් තියෙන්නෙ පැයකට පාරයි. උදේ පාන්දරයි, රෑ වෙලයි එහෙමවත් බස් නෑ. ඉතිං දැන් කට්ටියට අටහමාරෙ බස් එකේ යන්න බැරි වුණොත් ආපහු යන්න වෙන්නෙ නවයහමාරෙ බස් එකේ.

මේ වෙද්දිත් බස් එකේ වාඩිවෙලා යන්න සීට් තිබුනෙ නෑ. ඇත්තටම ලංකාවෙ ඉඳන් බස් එකේ යන්න පුලුවන් සහ වීසා නැතුව යන්න පුලුවන් එකම රට තමයි දේවගම. කොහොමහරි බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා අපේ මී කතුරාත් එතනට සැපත් වුණාලු. ඊටපස්සෙ කට්ටිය කළේ ඉක්මනට දුවලා ගිහින් අද්දන බස් එකට නැග්ග එක.

ඇත්තටම දේවගම ප්‍රවාහනයත් හරිම ඉන්ටරස්ටින් ටොපික් එකක්. දේවගම බස්ටෑන්ඩ් එකක් නෑ. ඉතිං බස් එකේ ගමනාන්තය තමයි පාර ගිහින් ඉවරවෙන තැන. ඒ කියන්නෙ ගඟ අයිනෙ. ක්ලාස් තියෙන දවස්වලට වෙලාවට ගම්පහට යන්න අපේ මාලුකට්ටා උදේ පාන්දර ගෙදරින් පිටත්වෙන්න ඕනෙ. ඉතිං මෑන්ස් කරන්නෙ උදේ පාන්දර නැගිටලා, ලෑස්තිවෙලා ගඟ ළඟට ගිහින් බස් එකේ ඩ්‍රයිවර්ට නැගිට්ටවන එක. ඊට පස්සෙ මෑන්ස්ට ලෑස්තිවෙන්න යන පැය කාලක වගේ වෙලාවෙදි මාලුකට්ටා කරන්නෙ බස් එක ඇතුලෙ නිදියගන්න එක. දේවගමින් පිටත්වෙලා කිලෝමීටරයක් විතර යනකං බස් එකට වෙන කවුරුවත් නගින්නෙ නෑ.

එකපාරක් බස් ඩ්‍රයිවර්ට කලින් දවසෙ රාජකීය බූට් එකක් වැදිලලු.

මාලුකට්ටා :- අයියෙ, අයියෙ නැගිටින්න, නැගිටින්න. මට පරක්කු වෙලා තියෙන්නෙ.

ඩ්‍රයිවර් :- අනේ මට නිදාගන්න දෙන්න මල්ලි. මට මේ හැමදේම එපාවෙලා තියෙන්නෙ. මම යාලුවෙලා හිටපු ගෑනු ළමයා මට ඊයෙ බූට් එක තිබ්බා.

මාලුකට්ටා :- මේ පිස්සු කියවන්න එපා අයියේ! මට අද පන්ති යන්නම ඕනෙ.

ඩ්‍රයිවර් :- නෑ නෑ!! මම අද බස් එක දුවන්නෙම නෑ. මල්ලිට ඕනෙනං වෙන වාහනයක් කතා කරගෙන පන්තියට යන්න.

අන්තිමට කොහොමහරි රජතුමා එතනට සැපත් වෙලා ඩ්‍රයිවර් මෑන්ස්ට ෆුල් සද්දයක් දැම්මට පස්සෙ තමයි ඇසිස්ටන්ට් කිංට ක්ලාස් යන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

ඇත්තටම දේවගම මිනිස්සු පිටින් තමන්ගෙ රටට එන අමුත්තො දිහා බලන්නෙ ටිකක් වපර ඇහින්. අපේ පූසො වුණත් නිතරම එහෙ ආවෙ ගියෙ යුව රජතුමා තමන්ගෙ සෙට් එකේ පූසෙක් වෙච්ච හින්දා. මොකද වැදගත් වැඩකට නෙවෙයිනං සාමාන්‍යයෙන් ලංකාවෙ ඉන්න කිසිම මනුස්පයෙක් දේවගම පැත්තෙ ආවෙ නෑ. ගොඩක් ශ්‍රී ලන්කන්ස්ලා දේවගමට ආවනං ආවේ එක්කෝ වෙදකම් කරගන්න, දෙවියන්ගෙන් ආශිර්වාද ගන්න, තෙප්පිලියො අල්ලන්න, නැත්තං ගඟේ නාන්න වගේ වැඩ වලට. මොකද ඔය වන දුර්ග, ගිරි දුර්ග, ජල දුර්ග තරණය කරලා දේවගමට එන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ වුණත් සමහර නිර්භීත පූසොනං මේ බාධක නොතකා මේ ලස්සන රටට ආවලු.

ඉතිං වෙන වෙන කතාවලින් අපි මේ ලිපියෙ කියන්න යන ප්‍රධාන කතාව හරියට කියන්න බැරිවුණා නොවැ! ඇත්තටම මේ දේවගම කතාව සීරීස් එකක් වෙන ලක්ෂණ තමයි පේන්න තියෙන්නෙ. ඉතිං අපි මේ සීරීස් එකේ දෙවෙනි කොටස ඊළග ලිපියෙන් බලමු නේද? (2 කොටස ඉක්මනට දානවා හොඳේ).

ප.ලි :- ස්ටීවන් ස්පිල්බර්ග් ලොක්කා තමන්ගෙ ජීවිතේ වැරදිච්ච අවස්ථාවක් විදිහට "ජුරාසික් පාර්ක්" ෆිල්ම් සීරීස් එක දේවගමදි ෂූට් කරන්න බැරිවෙච්ච එක දකිනවා කියලා අපිට ළඟදි ආරංචි වුණා. ඒත් අපේ ලෝකල් ස්පිල්බර්ග් කෙනෙක් ඒකටත් හරියන්න දේවගමදි ජුරාසික් පාක් සීරීස් එකේ ෆිල්ම් එකක් ගහනවලු.

සැ.යු :- මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ.

43 comments:

  1. මෙන්න තවත් සීරීස් එකක්ක්ක්ක්.......

    ReplyDelete
  2. අති භයානක ත්‍රාසජනක කතාවක ආරම්භයද? :D

    ReplyDelete
  3. මෙගා එකක් වුනාට කමක් නෑ... හැබැයි සතියෙ දවස් පහේම යන්න ඕන...

    ReplyDelete
  4. ඇත්තටම ඔය දේවගම කියන්නේ කොහෙද? ගම්පහ පැත්තේ නම් කැළණි නදිය අයිනේ නම් අපිත් දන්න කියන පළාතක් වෙන්න ඕනේ, අපිත් ඉන්නේ කැලැණි මිටියාවතේ තමා..

    ReplyDelete
  5. කිව්වත් වගේ මෙගාවේ ඉතුරු කොටස ලඟදිම ලියන්න ඕනේ හරිද ?
    දේවගම කියලා කියන්නේ දෙවිවරු ඉන්න හන්දද ? :)

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. ගම්පහ කොහෙද බොලව් කදු. ඊටත් හපන් මැණික් ගරනවයැ ගම්පහ. මේක මේ කියන්නේ රත්නපුර පැත්තේ ගමක වෙන්ටැ

    ReplyDelete
  8. වෙදගම වෙන්ඩ ඇති...

    ReplyDelete
  9. නොදකින් අර වල නදුනා (අනුරාධපුර සොහොනා) ඇවිත් මේකෙත් රීලා ගිහින් නේද? බ්ලොග් ලියන මචන්ස්ලා, අපි කට්ටියවත් සල්ලි එකතු කරලා ඒ පොන් නයාට කක්කුස්සියක් හදල දෙමුද රෙන්න. නැත්නම් අපේ බ්ලොග් ඉවරයි එකා රීලා

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. ඒ පාර තඩි මෙගා එකක් දෙන්න වගේ...

    ReplyDelete
  12. මාලු කට්ටත් එසේ මෙසේ පූසෙක් නෙමෙයි...පූස් කුමාරයෙක්?

    ReplyDelete
  13. @ තාරක
    @ පූසා
    @ සාතන්

    මේක සහෝලා එච්චර දිග මෙගා නාටකයක් නෙවෙයි. හැමදාම ලිපිය ගානෙ ලියන්න ෆුල් ට්‍රයි එක දෙන්නං. හික් හික්!! ත්‍රාසය කොහොමද කියලා සීරීස් එක ඉවර වෙද්දි බලමුකෝ.

    @ චතුර - එහෙනං මචෝ ඔබතුමා මේ පැත්ත දන්නවා ඇති. මූණුපොතෙන් සම්බන්ධ වුණොත් අපිට මේ ගැන කතා කරන්න පුලුවන්

    http://www.facebook.com/home.php#!/profile.php?id=100001156986448

    ReplyDelete
  14. @ මධුරංග - හරියට හරි. හැබැයි එක දෙවි කෙනයි.

    @ ඇනෝ 1 - ඔබතුමාගෙ කොමෙන්ට් මකන්න වුණා ඒකෙ කුණුහරුප අන්තර්ගතවෙලා තිබුන නිසා. ඔය ටිකම ඔයා කුණුහරුප කියලා සම්මත වචන පාවිච්චි කරන්නෙ නැතුව කිව්වනං කොමෙන්ට් මකන්නෙ නෑ. ඕනම කෙනෙකුට තමන්ගෙ ඕනම අදහසක් ප්‍රකාශ කරන්න බ්ලොග් ගඩොල් විවෘතයි. හැබැයි කුණුහරුප වචන නැතුව.

    @ ඇනෝ 2 - ඔබතුමා ගම්පහ දිස්ත්‍රික්කෙ ගැන හරියට දන්නෙ නැති පාටයි.

    @ ගීතික - සෑහෙන කිට්ටුවට ඇවිත් සහෝ!

    ReplyDelete
  15. පස්යාල පැත්තේ වගේද?

    ReplyDelete
  16. @ ඇනෝ 3 - ඒ එයාමයි කියන්න අපිට සාක්ෂි නෑනෙ නේද?

    @ මාතලන් - හික් හික්!! තඩි නෙවෙයි, පොඩි එකක්.

    @ නිර්මල - නැතුව? යුවරජතුමානෙ. උඹ මචං කොළඹ කැම්පස් නේද? මොකද්ද ෆැකල්ටිය?

    ReplyDelete
  17. ශා මරු තවත් කතා සෙට් එකක් පුස් අයියලගේන්..එල එල..

    ReplyDelete
  18. එල එල ලියහං ඉක්මනට.... මොකද්ද මේ අමුතු අධිරාජය කියලා බලාගන්න මාත් මේ ඉන්නේ...

    ReplyDelete
  19. මං නං ඉතිං දේවගම උදේ හවා කරක් ගහපු එකා..පුස්ට කියන්න දෙයක් නැහැනේ..
    ඒත් මං මේ කල්පනා කොලේ..මේ මාළු කට්ටා වැලි ඔස්මන් ගේ කවරුහරිද කියලයි..?

    කියාගෙන යන්... ඔය දේවගම කතා මං ගාවත් ලොට් එකක්ම තියේ... ඉඩ තියෙන වෙලාවක ලියන්න බැරියැයි...

    ReplyDelete
  20. බලමු දේව ගම කතා මාලාව කොතනින් නතර වේවිද කියලා .. දේව උදහසට ලක්වේවිද මන්දා ..

    මෙගා වුණත් අවුලක් නෑ පට්ට කතා මාලාවක් දියල්ලා ..

    ReplyDelete
  21. ඔහොම යන් ඔහොම යන් :)

    ReplyDelete
  22. උබලත් එසේ මෙසේ පූසෝ නෙමේනේ කුමාරයෙක්ගේ යාලුවෝ නේ,,

    ReplyDelete
  23. පූසො ටික කිං රම්බෝව ෆිට් කරගත්තෙ නැද්ද?

    ඊගාව එකත් ලියමු.

    ReplyDelete
  24. "මෙම කතාවේ අඩංගු ඇතැම් කරුණු සාවද්‍ය වේ" දෙවෙනි කොටස ඉක්මනට දානවා කියපු එකද සාවද්‍ය?

    ReplyDelete
  25. ඊගාව එක ඉක්මනට දාන්නෝ..................

    ReplyDelete
  26. හොඳා හොඳා පුස් මලේ අපිත් ඔය ලඟ පාතනේ ....සියනැ කොරලේට ජය..

    ReplyDelete
  27. මාලුකට්ටාJuly 22, 2011 at 12:16 PM

    හොඳ ආරම්භයක් සහෝ.. වීඩියෝ එක දාන්න එපා කිව්වට අවුලක් ගන්ඩ එපා හොඳේ කට්ටියගේ මූනවල් ටික දැනගත්තහම කතාවේ රහ අඩු වෙනවා.
    ඔය ටොපික් එකේ හොඳ කතා සෙට් එකක් තියනවා.. මතකද මැතිවරණ ප්‍රතිඵල අහපු දවස එහෙම? මහ කැලේ ගිය හැටි... අමුතුවෙන් මතක්කරන්න ඔනෙ නෑනෙ.

    ඇනෝ 2 : මෙහෙ නම් තවමත් යස අගේට මැණික් ගරනවා.. පහල ලින්ක් එකෙන් පෙන්නන්නෙ ඔය කියන පළාත. රතු පාටට පෙන්නන්නෙ මාලුකට්ටගෙ ගෙදරලු.

    http://imageshack.us/photo/my-images/88/unled2kmv.jpg/

    ReplyDelete
  28. මැණික් ගරනව නං දේවගම පැත්තෙත් ගෙවල් ලනු වලින් ගැටගහලද තියෙන්නෙ මුදුං මුල් බැහැපු ලොකු ගස් වලට . . . .????

    ReplyDelete
  29. sorry friends, my dongle has had a technical problem so that I cannot come online these days. Meet u as soon as possible with part 2.

    ReplyDelete
  30. ම මේක දැක්කෙත් දවස් දෙකකට පස්සෙ.. පූසගෙ ඩොන්ගලේට කෙලවෙලා කියන්නෙ... අයියෝ.. ඕක හදාගනින් මස්සිනේ ඉක්මනට

    ReplyDelete
  31. විස්තර කරපු හැටියට දේවගම පැත්තේ වන්දනා ගමනක් යන්න හිතෙනවා. දේවගම මීයෝ ඉන්නවද ?

    ReplyDelete
  32. අඩේ කාලෙකින් ඔන්න ආව උබලව බලන්න්න. විබාග කටයුතු ඉවරද මචෝ.. ජය වෙවා....

    ReplyDelete
  33. අනේ මදෑ ඉතින් කියෙව්වා මඟ හැරුන ටික පණදාන්.......

    මං නම් ඔය ගම් බිම් දන්නෑ ඕන්.

    ReplyDelete
  34. නිකං හුරු පුරුදුයි වගේ දේවගම විස්තරය කියෙව්වම. දැන් බලාන ගියාම හැම තැනම රජ්ජුරුවොයි යුව රජ්ජුරුවොයි නේ.

    ReplyDelete
  35. ම්ම් මම මේ දවස් ටිකේම කලේ blog ගඩොල් කියවපු එක. ලිපි 111(2010+2011)ක් කියවන එකත් ලේසි වැඩක් නෙවෙයිනේ. නමුත් මම හරිම ආසාවෙන් එක කියෙව්වේ. හරිම ලස්සනට ලියලා තියෙනවා අයියේ.ඉස්සරහටත් ලස්සනට ලියන්න කියලා අයියලට සුභ පතනවා!!

    ReplyDelete
  36. @ තාරක - නෑ නෑ සහෝ! මූණුපොතෙන් සෙට් වෙන්නකෝ කියන්න.

    @ නිම්ශා - ගොඩක් ස්තුතියි සහෝදරී

    @ ගෝල්ඩ් ෆිෂ් - හික් හික්!! ගිහිල්ලම බලන්න වටින එකක්

    @ මාරයා - හපොයි! වැලි ඔස්මන් කියලා ඩයල් එකක් ගැනනං දන්නෙ නෑ. පොර මැරයෙක්ද? ඔන්න එහෙනං මාරයියාගෙනුත් දේවගම සීරීස් එකක් ඕනෙ හොඳේ!

    ReplyDelete
  37. @ සඳරු - හික් හික්!! කියන්න බෑ බං. එහෙ දේව අනුහස් එහෙම තියෙන පැත්තක්ලු.

    @ කොඩී - තෑන්ක්ස් සහෝ වෙරි මච්!

    @ ඩිලාන් - නැතුව! කුමාරයෙක් විතරක් නෙවෙයි බං, මෑන්ස් යුව රජ්ජුරුවොත් එක්ක.

    @ ප්‍රසන්න - කිං රම්බෝ පූසන්ට හරි ආදරෙයි සහෝ

    ReplyDelete
  38. @ පිණි - හික්ස්! අන්තිමට ඒ වැඩේ වුණා නොවැ!

    @ ලයන් - අද කොහොමහරි දානවා මචෝ

    @ රාජ් - ජයවේවා! කෝ ඉතිං අයියා කොහෙද කියලා හරියට කිව්වෙ නෑනෙ!

    @ ඕනයා - හික්ස්! ගඟේ බැහැගෙනනෙ සහෝ මැණික් ගරන්නෙ

    ReplyDelete
  39. @ පොඩි මෑන් - තාම නැ සහෝ! දැනුත් යාලුවෙක්ගෙ කොනෙක්ෂන් එකකින් නෙට් ආවෙ.

    @ දුමී - හික් හික්!! මීයෝ ඉන්නවා. හැබැයි උන් පූසන්ටත් වඩා ලොකුයි. වෙලාවක ඒ පැත්තෙ යමු අයියා.

    @ ගයාන් - තාම නෑ බං. මේ ස්ට්‍රයික් එකක් හින්දා ඔක්කොම අවුල් ගිහින් තියෙන්නෙ.

    @ හාවි - අම්මෝ දැක්ක කල්! කෝ අපිට පාටි හාවියෙ?

    ReplyDelete
  40. @ සමීර - හික් හික්!! ඒ කතාවටනං කටේ මසුරන් දාන්න ඕනෙ සහෝ

    @ මැණික් - ගොඩක් ස්තුතියි වගේම බ්ලොග් ගඩොල් වලට සාදරයෙන් පිළිගන්නවා නංගි. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.

    ReplyDelete
  41. මාලු කට්ටා - පිස්සුද බං? කිසි අවුලක් නෑ. ඇත්තටම වීඩියෝ එක දැම්මනං ටිකක් අවුල් තමයි. දේවගම වර්තමාන තත්ත්වය පැහැදිලි කළාට තෑන්ක්ස්.

    ReplyDelete
  42. Puru puru oyata mathakada ape class eke lamai dewagama giya ape malu katta yuwarajathuma balanna.... ara payakata warak yana bus eke zig zag embroider wela giya hati thama mathakai....... mathakada api maalu kattata sammanayak denna katha una... :-)

    ReplyDelete
  43. නැතුව නැතුව...හික් හික්!! ඉස්සරහට කියවලා බලපං. මම ඒ ගැනත් ලියලා තියෙනවා. අර මෝස්ට් ඩෙඩිකේටඩ් ස්ටුඩන්ට් සම්මානේ ගැන. බොහොම ස්තුතියි මචෝ කොමෙන්ට් කළාට.

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???