අඹ යාලුවෝ

Friday, October 29, 2010

හොස්ටල් ලයිෆ් - සාන්ත කෙල බේරේ St.Cle Brey 3 - ස්ටාර් වෝර්ස් XVI


ඔන්න යාලුවනේ අපි අදින් සාන්ත කෙල බේරේ සීරීස් එක හමාර කරන්නයි යන්නෙ.ඒ වගේම ටික දවසකින් ලිපියක් ලියන්න බැරිවෙච්ච එක ගැන ඔයාලගෙන් සමාව ඉල්ලන්නත් ඕනෙ.හොදයි ඉතින් සාන්තගෙ පිටසක්වල කතාව කියවන්න කලින් කට්ටිය ගිහින් මෑන්ස්ගෙ පරණ කතා ටික කියවලා එන්නකෝ!

සාන්ත කෙල බේරේ 1සාන්ත කෙල බේරේ 2
මේ සිද්දිය වුණේ අපේ පූසො සෙට් එක 11 වසරෙ අන්තිම කාලෙ ඉන්නකොට.ඔය දවස්වල ඕ ලෙවල් විභාගෙත් ‍ගොඩක් කිට්ටු වෙලයි තිබුනෙ.දන්නැද්ද ඉතිං? ඔය කාලෙට කොල්ලන්ගෙ ඔලු වලට එන්නෙ අමුතු අමුතු අයිඩියාස් නොවැ!ඉතිං මේ දවස්වල ලෝඩ් කොක්ගෙ ඔලුවටත් ඔය වගේ අමුතු අයිඩියා පාරක් ඇවිල්ලයි තිබුනෙ.හැබැයි ඉතිං නෝටි අයිඩියා එකක්නං නෙවෙයි, පොඩි ෆිල්ම් එකක් හදන අදහසක්.පොර ඉතිං විභාගෙට පාඩම් කරන වැඩෙත් පොඩ්ඩක් පැත්තකින් තියලා ෆිල්ම් එක හදන වැඩේට අතගැහුවලු.

මුලින්ම ලෝඩ් කොක්ට තිබුන අභියෝගය වුණේ ෆිල්ම් එක හදන්න වීඩියෝ කැමරාවක් හොයාගන්න එක.හැබැයි වාසනාවට ඒ වැඩේ එච්චර මහන්සි නොවී කරගන්න මෑන්ස්ට පුලුවන් වුණාලු.මොකද ඒ දවස්වල තාරබාසු ළග අලුතින්ම ගත්තු විඩියෝ කැම් එකක් තිබුනා.ඉතිං ලෝඩ් පොඩි බටර් පාරක් ගෑවට පස්සෙ ෆිල්ම් එක වීඩියෝ කරන්න තමන්ගෙ කැම් එක දෙන්න තාරබාසු කැමති වුණාලු.ෆිල්ම් එකේ සහාය අධ්‍යක්ෂක වුණේ ඉතිං වෙනිං කවුරුවත් නෙවෙයි, අපේ පුරුපුරු.දැන් ලෝඩ්ටයි පුරුපුරුටයි ඊළගට තිබුනෙ ෆිල්ම් එකට ඕනෙ නළුවො ටික තෝරගන්න එක.
ඊට කලින් ෆිල්ම් එකේ කතාව කියලා ඉන්න එපායැ! කෙටියෙන් කිව්වොත් මේ ෆිල්ම් එකේ තියෙන්නෙ පෘථිවියට එල්ලවෙන ඒලියන් ඇටෑක් එකක්, එක්තරා වීරයෙක් මැදිහත් වෙලා නවත්තන හැටි.ෆිල්ම් එකේ නම තමයි "ස්ටාර් වෝර්ස් XVI".ඉතිං මුලින්ම තිබුනෙ පෘථිවිය බේරගන්න වීරයගෙ කැරැක්ටර් එකට නළු බට්ටෙක් තෝරගන්න එක.මේ කැරැක්ටර් එකට සුදුසුයි කියලා හැමෝගෙම ඒකමතික තීරණය වුණේ වෙන කවුරුත් නෙවෙයි, අපේ සාන්ත කෙල බේරේ.මොකද පිටපතේ හැටියට වීරයාට සක්වලයො විස්සක් විසිපහක් එක්ක තනියම ෆයිට් කරන්න වෙනවා.මේ ෆිල්ම් එකේ තිබුන විශේෂත්වය තමයි, ෆිල්ම් එක ඉවර වෙනකං අවසානය මොකද්ද කියලා කවුරුත් දැනගෙන නොහිටිය එක.
අපි ඉතිං කලින් කතාවලත් කිව්වා වගේ සාන්ත කියන්නෙ එච්චර දුරදිග හිතලා වැඩ කටයුතු කරන මෑන්ස් කෙනෙක් නෙවෙයි නොවැ!තමන්ව ෆිල්ම් එකක මේන් කැරැක්ටර් එකකට යෝජනා වෙලා කියලා දැනගත්ත ගමන්ම මෑන්ස් කළේ බොහොම සතුටෙන්, උඩ පැනලා කැරැක්ටර් එක බාරගත්ත එක.ඊට පස්සෙ ඉතිං පිටසක්වලයන්ගෙ චරිත වලට කට්ටිය තෝරගන්නයි තිබුනෙ.එක සක්වල සෙට් එකකට පුරුපුරු ඇතුලු රාත්‍රී ප්‍රහාරක බලකායත්, තවත් සෙට් එකකට පොන්ටින් ඇතුලු වෙන කට්ටියකුත් විදිහට පිටසක්වල සෙට් දෙකක් රගපාන්න අන්තිමේදි තීරණය කෙරුණලු.
පිටසක්වලයන්ගෙ ආයුධ විදිහට තෝරගත්තෙ හොස්ටල් එකේ ජාතික ආයුදේ වෙච්චි කොට්ටෙලු. පුරුපුරුලගෙ සක්වල සෙට් එක නයිට්වරු වගේ බෙල්ලෙ ටවල් ගැටගහගෙන, දිග කලිසමට උඩින් ජොකා ඇදගෙන පිටිපස්ස ජනේලෙන් පෘථිවියට එන්න තමයි තීරණය වුණේ.පොන්ටින්ලගෙ කට්ටිය ඔලුවට ජොක්කු දාගෙන, ටවල් ඇදගෙන ඉස්සරහ දොරෙන් පෘථිවියට එන්න තීරණය වුණාලු.ෆිල්ම් එක ෂූට් කරන්න නියමිත වෙලාව වුණේ කොටියා සර් නිදාගත්තට පස්සෙ මහ රෑ.ඒ වගේම තාක්ෂණයෙ හිගකම හින්දා, ෆිල්ම් එකට ඕනෙ කරන බැක්ග්‍රවුන්ඩ් මියුසික් යොදන්න වුණේ කටින් එක එක සද්ද දාන්න දක්ෂයෙක් වුණ හොංකොංට.
දැන් ඉතිං "ස්ටාර් වෝර්ස් XVI" චිත්‍රපටිය හදන්න ඕනෙ කරන හැමදේම ලෑස්තියිලු.ඉතිං ෆිල්ම් එක හදන්න කලින් පොඩි රියසල් පාරක් දාන්න පිටසක්වල නළුවන්ට ඕනෙ වුණාලු.අර කලින් කිව්වා වගේ පිටසක්වලයො විස්සක් විතර දොරෙනුයි ජනේලෙනුයි පෘථිවිය(ඩෝම් එක) ඇතුලට ඇවිල්ලා, පෘථිවියේ වීරයාට ලොවෙත් නැතිවෙන ඇටෑක් එකක් දුන්නට පස්සෙ තමයි වීරයාට තේරුණේ බාරගත්ත චරිතෙ තියෙන ගැඹුරු බව.
ඉතිං සාන්තට ඕනෙ වුණාලු චරිතෙන් ඉල්ලා අස්වෙන්න.ඒත් ඉතිං අවාසනාවට ඒ වෙද්දි වීරයාගෙ කැරැක්ටර් එකට ඉදිරිපත් වෙන්න තරං වෙන කවුරුත් නිර්භීත තත්ත්වෙක හිටියෙ නෑලු.ඒ හින්දා අන්තිමට අකමැත්තෙන් වුණත් සාන්තටම තමයි කැරැක්ටර් එක බාරගන්න වුණේ.ඉතිං චිත්‍රපටිය වෙනුවෙන් වීරයාගෙ එකම ඉල්ලීම වුණේ
"පෘථිවියට හෙන ගැහුවත් කමක් නෑ, මට වැඩිය නෙලන්න එපා"
කියන එක.අන්තිමේදි ලෝඩ් කොක් සාන්තගෙ ඉල්ලීම් වලට එකග වුණාට පස්සෙ එදා රෑ ෆිල්ම් එක ෂූට් කරන්න කට්ටිය තීරණ‍ය කළාලු.
*********************************************************************************************
කොහොම හරි ඉතිං එදා රෑ කාලෙත් උදාවුනයි කියමුකො.දැන් අපේ යාලුවන්ගෙ සූදානම "ස්ටාර් වෝර්ස් XVI" ෆිල්ම් එක ෂූට් කරන්න.කැමරාකරු තාරබාසු "ඇක්ෂන්" කියලා සිග්නල් එක දුන්න ගමන් ෂූටින් වැඩේ පටන් ගත්තලු.මේක ඉතිං ෆිල්ම් එකක් කිව්වට පොඩි ඩොකියුමෙන්ටරි එකක් වගේ එකක්.

ලෝඩ් කොක් :-

"ඔව් මිත්‍රවරුනි, අපි අද ඔබ වෙත ගෙනඑන්නේ තාරකා යුද්ධ‍ය, එහෙමත් නැත්තං ස්ටාර් වෝර්ස් XVIයි.බලන්න මිත්‍රවරුනි, පෘථිවිය කොයිතරම් අර්බුධයකට ලක් වෙලාද? පිටසක්වල ජීවින් පෘථිවිය ආක්‍රමණය කරන්න ඔන්න මෙන්න.දැන් මුලු ලෝකයේම ඉරණම රැදී ඇත්තේ එක් පුද්ගලයෙක් මතයි.ඔහු සාන්ත කෙල බේරේ................................." ‍චිත්‍රපටය
දැන් ඉතිං ෆිල්ම් එක නැගලා යනවලු.සාන්ත කෙල බේරේ සිනාමුසු මුහුණෙන් බලාගෙන ඉන්නෙ පිටසක්වලයො ඇටෑක් එකට එනකං.ඉතිං ටිකකින් වැස්ස පායලා මෙරු මතුවෙනවා වගේ ජනේලෙනුයි, දොරෙනුයි අමුතු ඇදුම් ඇදගත්තු පිටසක්වලයො එකා දෙන්නා මතුවෙන්න පටන් ගත්තලු.ටික වෙලාවක් යනකොට සක්වලයො ටික ඔක්කොම පෘථිවියේ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේව වට කරගෙනලු.එක පාරටම දරුණු පිටසක්වලයො ටික සාන්ත කෙල බේරේට අනුකම්පා විරහිත ඇටෑක් එකක් දෙන්න පටන් ගත්තලු.
ලෝඩ් කොක්:-

"ඔව් මිත්‍රවරුනි, අපගේ පෘථිවිය අනාතයි.අපේ ලෝකයේ ගැලවුම්කරු සාන්ත කෙල බේරේට පිටසක්වලයෝ ඉතා දරුණු ප්‍රහාරයක් දියත් කරනවා.නමුත් සාන්ත කෙල බේරේ පෘථිවිය වෙනුවෙන් අවසන් මොහොත දක්වා සටන් කරනවා.ඔව්! ඔව්!! මේ මොහොතේ සාන්ත කෙල බේරේ පිටසක්වල පුහාර හමුවේ බිම ඇදක් උඩට ඇද වැටුනා.ඇද වැටුණු සාන්ත කෙල බේරේව පිටසක්වලයන් විසින් තමන්ගේ ලෝකයට අරන් යන ආකාරයයි මේ දිස්වෙන්නේ"
අන්තිමට ඉතිං අම්බානක කොට්ට පාරවල් කාපු සාන්තව, කට්ටිය ඩෝම් එකෙන් එළියට උස්සගෙන ගිය එක ගැන තමයි ලෝඩ් එහෙම විස්තර කළේ.ෆිල්ම් එකේ අන්තිමට ඉතිං පෘථිවියට ඇටෑක් කරපු පිටසක්වලයො, මේ ලෝකෙ වීරයා වෙච්ච සාන්ත කෙල බේරේවත් කිඩ්නැප් කරගෙන ගිය එක තමයි සිද්ද වුණේ.හරිම සාම්ප්‍රදායික නොවන අවසානයක් නේද?
ප.ලි - ස්ටාර් වෝර්ස් XVI ෆිල්ම් එක විනාඩි 15ක විතර වීඩියෝ එකක්.අවාසනාවට දැන් මේක පූසන්ගෙ දත්ත ගබඩාවෙන් මැකිලා ගිහින්.ඉතිං මේ ලිපිය කියවන හොස්ටල් යාලුවෙක් ළග වීඩියෝ එක තියනවනෙං අපිට ලැබෙන්න සලස්වන්න හොදේ!
ඒ වගේම අපි සාන්ත ගැනත් වැඩි විස්තර නොකියා ඉන්නං.මොකද මෑන්ස් ඉස්සරහට රටේ ජනප්‍රිය ක්‍රීඩකයෙක් වෙයි කියලා ලක්ෂණ පේන්න තියනවා.

24 comments:

  1. athi yanthan macho api me maga balagena hitiye mokada kattiyata wela tiyenne kiyala,
    thwath maxxa kathwak lagadima kiyawanna labei kiyala hithwna.
    hamadama wage me post ekath uparimai :D

    ReplyDelete
  2. අහා.... :q :q :q (තින්ක් බිෆෝ ජම්ප් කියන්නේ ඕකටනේ... :P)
    අළුත් අවුරුදු ක්‍රීඩාවක් ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ...:r
    වැඩියෙනම කොට්ටෙන් ගුටි කෑමේ තරඟයට වෙන්න ඇති සාන්ත කොළුව යන්ට හදන්නේ....:r
    මොනා වුනත් අපේ රට නියෝජනය කරනවනම් ඉතිං අපේ බොක්කෙන් සහ හදවතින්ම සුභ පතමු....:m :t
    ඇත්ත ඇත්ත මිනිහට මඩ ගහල පස්සේ මිනිහා ජනප්‍රිය ක්‍රීඩකයෙක් වුනාම කවුරු හරි කිව්වොත් අන්න බ්ලොග් ගඩොල් එකේ සාන්ත කෙල බේරේ ඉන්නවා කියලා‍.මල චාටර් නේ..... :r :q :q :q

    ReplyDelete
  3. Ah...!!!!!! thats so nice to see another story. I was waiting. Thanks.
    ( By the way who is that...????? :j )

    ReplyDelete
  4. ඇති යංතං පූසො ටික ආයෙත් මතුවෙලා තියෙන්නෙ. :e
    කිඩ්නැප් එකෙන් පස්සෙ සාන්තව X-Files උනේ නැද්ද? :h

    ReplyDelete
  5. පුසො කොහෙඩ මෙච්චර කල් ගිහින් හිටියෙ ඇත්තට

    ReplyDelete
  6. පිටසක්වල ජීවින්ගේ ඇඳුම නම් මරුවට තියෙන්ට ඇති... :e
    කතාව නියමයි මචං....:t

    ReplyDelete
  7. @ බුද්ධික
    හසියා
    හිරු ප්‍රභා
    Praසන්ன
    AmilaArt
    පුතා

    ගොඩක් ස්තුතියි යාලුවනේ.

    හික් හික්!! සාන්තව ආපහු මේ ලෝකෙට ගෙන්න ගත්තෙ මෝල්ඩර් ගොයියා ලව්ව නොවැ!:q:q:q

    හසියා කිව්වා වගේ සාන්ත ගැන එළිකරන එක මෑන්ස්ට ටිකක් හරි මදි නේද?:m:m:m

    පූසන්ට කොච්චර වැඩ පැටවුනත් බ්ලොග් යාලුවො දාලා යන්නෙ නැතෝ..............:g:g:g

    ෂික්! මේ වීඩියෝ එක අපි ළග තිබුනනං බ්ලොග් අවකාශෙම සතියක් විතර හිනස්සන්න තිබුනා.පිටසක්වල ඇදුම් මතක් වෙද්දිත් හිනා යනවා

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. කිව්වත් වගේ ෆිල්ම් එක බැළුවා නම් සුපිරි ෆන් එකක් ගන්න තිබ්බා :f

    ReplyDelete
  10. යාලුවනේ, කරුණාකරලා සාන්තගේ ඇත්ත නම හෙළි කිරීමෙන් වලකින්න හොදේ!

    ReplyDelete
  11. හික්ස් :c අපරාදේ ඒ විඩියෝ එක තිබ්බානම් වසරේ හොඳම ෆිල්ම් එකට දෙන සම්මානයක් ගන්න තිබ්බා.. :e :b

    ReplyDelete
  12. naughty seen 1k dapan. umbala maru fun thamai aran thiyenne.ela ela :c

    ReplyDelete
  13. හප්පොච්චියේ 2012 දි පෘතුවියට වෙන්න තියෙන දේ නේද මේ. අනේ පෘතුවිය බේරා ගන්න කවුරුත් නැද්දෝ ?

    ReplyDelete
  14. හිනා වෙලා පණ යනෝ......................

    ReplyDelete
  15. නියම කතාව මචෝ !!!! අපිත් සමහර දවස්වල හොස්ටල් එකේ ඉන්නකොට ඔහොම attack කරනවා !!!

    ReplyDelete
  16. සිරා.... මරු ෆන් සෙට් එකක් නේ...!! අර වීඩියෝ එක හොයා ගන්න විදියක් ඇත්තෙම නැද්ද??

    :e :e

    ReplyDelete
  17. කාලෙකින් ගොඩ වැදුනට මොකෝ උබත් ඇවිත් නැහ නොවැ... ලිපියයි තියෙන්නේ අලුතින් හි හි. ඒක හොඳයි හික් හික්....

    අපොයි ඔය වීඩියෝව හොයා ගනින්. ඔව්වා මිල කල නොහැකි මතක මලේ

    ReplyDelete
  18. @ nidhahasa
    @ Hasitha
    @ මකරා
    @ Anonymous
    @ Shenya
    @ හිඟන්නා
    @ priyantha
    @ පිණිබිඳු
    @ මධුරංග
    @ මහසෝණා
    @ පිස්සා

    බොහොම ස්තුතියි යාලුවනේ! අපි තවම වීඩියෝ එක හොයනවා.හම්බවුණොත් කියන්නං
    :g:g:g:g:g

    ReplyDelete
  19. මම හිතන විදියටනම් වීඩියෝ එක "Lucas Arts" එකෙන් cease කරලා වෙන්න ඕන. ඒකයි හොයා ගන්න බැරි.
    -AD

    ReplyDelete

ඔයාල මොකද හිතන්නෙ ඒ ගැන???